මේ... මේක කියවන්නකෝ
ඔන්න එකෝමත් එක රටක පුංචි ගමක් තිබුනා. ඒ ගමේම, පාර අද්දරට වෙන්න තිබ්බ පුංචි ගෙයක්. දැකල තියෙනවා නේ ඔය වගේ ගම්බද ගෙවල්. ගෙදර ඉස්සරහම තිබුනා තීන්ත ගාපු අපුරු ලී වැටක්. වැටට මෙහායින් ඉඩම. මුළු ඉඩම පුරාම සාරෙට කොළ පාටට තණකොල වැවිලා. නිල්තණකොළ පිට්ටනිය පාර අයිනේ කානුව ගාවට යනකම්ම එක යායට දිලිසෙනවා අව්ව වැටිලා. හරියටම ඒ තණකොල බිස්සේ මැදටම වෙන්න පුංචි ඩේසියා මලක් පිපුනා. වත්තේ පිපුනු අනිත් මල් වලටත් ඉර එළිය හොදට සංග්‍රහ කරනව වගේම මේ පුංචි ඩේසියා මලටත් වෙනසක් නැතිව ඒ විදියටම ඉර සංග්‍රහය ලැබුනා. ඒකේ පිහිටෙන් මේ පුංචි ඩේසියා මල හරි ඉක්මනට ලොකු උනා.
අර දීප්තිමත්ව බැබලෙන ඉරේ මැද තියෙන සුදු පාට දීප්තිමත් කිරණ වගේ මනරම්ව - එක දවසක් උදේ, තම වැඩුනු පෙති විදහාගෙන ඩේසියා මල විකසිත උනා. ඒක හරිම ලස්සනයි. ඒත් ඒත්.. වත්තේ අනිත් මල් ගොන්නත් එක්ක බැලුවම, මේ තණකොළ බිස්සේ හැංගිච්ච පුංචි ඩේසියා මල හිතුවේ, “අනේ මාව නං කිසිම කෙනෙක් දකින එකක් නැහැ“ කියලයි. පව් අහිංසක පොඩි එකී. ඒත් අනේ එයා දුක් උනේ නෑ. පුංචි ඩේසියා සන්තෝසෙන් පිම්බිලා හිටියේ, එයාගේ ලස්සන ගැන. ආඩම්බරෙන් ඉර දිහාවට මුණ හරවගෙන ඈත අහසේ සීනුවක් වගේ කිචි බිචි ගාන පුංචි කුරුල්ලා දිහා පුංචි ඩේසියා ආසාවෙන් බලාන හිටියා.
පුංචි ඩේසියා මල ඇත්තටම හොද නිවාඩුවක් හමු වෙලා වගේ හරිම සන්තෝසෙන් හිටියට එදා සදුදා දවසක්. ඔක්කෝම ළමයි ඉස්කෝලෙට වෙලා තමන්ගේ මේසේ ගාව පුටුවේ ඉදගෙන නොයෙක් දේ ඉගෙනගන්නවා. ඒ වගේම අපේ පුංචි ඩේසියාත් තණකොල බිස්සේ ඉදගෙන එක එක දේ ඉගෙනගන්නවා. එයා සුදු පාටට බබලන ඉර දිහා බලල ඉගෙනගත්තා. වටේ පිටේ තියෙන දේවල් දිහා බලල ඉගෙනගත්තා. එයා දැක්කා මේ හැම කෙනෙක්ම අර ලස්සනට සින්දු කියල අහසේ පාවේලා නිදහසේ යන චූටි කුරුල්ලගේ සංගීතෙ රස විදිනව කියලා. ඒ හැගීම හින්දම පුංචි ඩේසියා මල සින්දු කිය කිය පියාඹන්න හැකි මේ සෙල්ලක්කාර කුරුල්ල දිහා ආදරෙන් වගේ බැලුවා. හැබැයි ඔයා හිතුවද පුංචි ඩේසියා එයාට පියාඹන්නවත් සින්දු කියන්නවත් බැරි නිසා දුකෙන් බැලුවයි කියල.. අනේ නැහැ. අඩු ගානේ මට එයාව දකින්නයි අහන්නයි පුළුවන්නේ කියල පුංචි ඩේසියා හිතුවා. කිසිම ඉරිසියාවක් වත් දුකක් වත් නෑ. මුළු පරිසරයම එයාට ආදරෙයි කියල හිතාගෙන පුංචි ඩේසියා සන්තෝසෙන් කුල්මත් වෙලා හිටියා.
ඒ වත්තේ ගොඩාක් මල් තිබුනා. ඒවයේ සුවද අඩු උනත් ඒගොල්ල හිතං හිටියේ මාර සුවදයි කියලයි. එක එක පාට ලස්සන මල් පිපිලා රෝස මල් වලට වඩා ලස්සන වෙන්න හැදුවා. ඒත් ඉතිං රෝස මලේ ලස්සනත් එක්ක ඒවට හැරෙන්නවත් බෑනේ. ටියුලිප් මල් වලට තමා ලස්සනම පාට තැවරිලා තිබුනේ. ඒක දැනං උන්න ටියුලිප් මල් හොදට කෙලින් වෙලා හිටගෙන හිටියා හැමෝටම පේන විදියට ආඩම්බරෙන්. මේ ආඩම්බරකාර මල් පුංචි ඩේසියාව දැක්කේ නැති උනත් පුංචි ඩේසියා ඒගොල්ල දිහා බලන් හිටියේ සතුටෙන්. “අනේ ඒගොල්ල කොච්චර ලස්සනද? හරිම පුදුම පාට ඒවා. පුංචි කුරුල්ලෝ ඒගොල්ල බලන්නත් එනවා නිතරම. අනේ කොච්චර දෙයක්ද මම මේ ලස්සන අයගේ කිට්ටුවෙන් හරි ඉන්න එක. අඩු ගානේ මට මේ දිහා බලාන ඉන්නවත් පුළුවන්නේ“ කියල හිතමින්. එහෙම හිතන කොටම “ක්ව්වීක්“ ගාගෙන අර පුංචි කුරුල්ලා උයනට පාත් උනා. හැබැයි ඒ ආවේ ටියුලිප් මල් වලටවත් අනිත් මල් බලන්නවත් නෙමෙයි. කුරුල්ලා ඇවිත් නතර උනා තණකොල බිස්සේ ලස්සන පුංචි ඩේසියා මල ඉන්න තැන. මේක දැකපු අපේ පුංචි ඩේසියා මල මොනවක්වත්ම කියාගන්න බැරිව සතුටින් පිම්ඹුනා.
පුංචි කුරුල්ල ඩේසියා මල වටේම උඩ පැන පැන සින්දුවක් කිව්වා.
ඕහ්.. සියුමැලියි මේ මේ තණපත්
ආහ්. අන්න අන්න....
ඉගසුග රන් වන්
පුංචි පෙති රිදී වන්
සුපිපුණු හැඩ ඇති ඩේසියා මල
ඩේසියා මලේ කහපාට මධ්‍යය හරියට රත්තරන් තවරල වගේ පෙනුනා. ඒ වගේම ඩේසියා මලේ දීප්තිමත් සුදු පෙති හරියට දිලිසෙන රිදී වගේ පෙනුනා.
කාටවත් හිතාගන්න බැරි තරමටම පුංචි ඩේසියා මල සතුටු උනා මේකෙන්. ඩේසියා මලට ආසා උන පුංචි කුරුල්ලා එයාගේ පුංචි හොටයෙන් මල සිපගත්තා හැබැයි ඒත් අර සිංදු කියන ගමන්මයි. ඊට පස්සේ එක පාරටම නිල් අහසට පැනල එයා පියඹා ගියා. පැය කාලක් විතර ගත උනා ඒත් ඒ වෙලාව අර පුංචි ඩේසියා මලට ඇති වෙච්චි ඉමිහිරි මතකය අමතක කරන්න තරං කාලයක් උනේ නැහැ. කුරුල්ලාගේ ආදරය විඳපු ඩේසියා හිත ඇතුලෙන් සන්තෝසය මුසපත්ව ඇකිලෙමින් ඒ ගැන හිතමින්ම උන්නා හරියට පළමු හාදුව විදපු පෙම්වතියක් වගේ විළියෙන්. පුංචි ඩේසියා ලැජ්ජාව වහගෙන ඔළුව උස්සලා අනිත් මල් මේ සිද්ධිය දැක්කද කියල බැලුවා. ඇත්තටම ඒ ගොල්ල මේක දැක්කා. ඒ වගේම කෙනෙකුගේ හැගීම් තේරුම් ගන්න පුළුවන් හොද මට්ටමක ඒ ගොල්ල හිටියා. ඔව් ඉතිං පුරුදු කාරයෝ උනත් පළමු හාදුවේ සන්තෝසය මොන වගේ එකක්ද කියල තේරුං ගන්නම ඕන. හැබැයි සමහරක් කට්ටිය හිටියා මේක දැකල ඔළුව අප්සෙට් වෙච්චි.
අර ඔළුව කෙලින් කරං හිටපු ටියුලිප් මල් තවත් අහංකාර විදියට කොන්ද කෙලින් කරගෙන හිටියා වගේ දෙගුණයක් ආඩම්බරෙන් බලං හිටියා. ඒගොල්ලගේ මුණූ රතු වෙලා. හරිම අප්‍රසන්න විදියට තමන් දිහා බලපු විත්තිය පුංචි ඩේසියා දැක්කා. අර ඔළුව ඉදිමුනු එක එක පාට මල් පවා තරහෙන් හිටියේ. හැබැයි ඉතිං, වාසනාවට වගේ ඒ අයට කතා කරන්න බෑ නැත්නං අහිංසක ඩේසියාට හොද බැනුං ටිකක් නං අහගන්න වෙනවමයි. පුංචි ඩේසියා දැක්ක මේ අයගේ ඉරිසියාවන්ත කම. ඇත්තටම ඒගොල්ල මෙලෝ රහක් නැති උදවිය විදියටත් එයාට පෙනුනේ.
මෙන්න මේ වෙලාවෙම පුංචි පිහියක් අතට ගත්ත ගෑනු ළමයෙක් වත්තට ආවා. කිසිම කතාවක් නෑ කෙලින්ම ගියා ටියුලිප් මල් ලගට, පිහිය අරං හැම ටියුලිප් මලම බෙල්ල ගාවින් කපල අතට ගත්තා. “ඕහ්“ පුංචි ඩේසියා දුකෙන් කෑගැහුවා. “අයියෝ මොන අපරාධයක්ද? දැං ඉතිං එයාලා ඉවරයි අනේ“. ගෑනු ළමයා ටියුලිප් මල් ටිකත් අරන් යන්න ගියා. පුංචි ඩේසියා මල වැඩකට නැති තණකොල බිස්සේ කව්රුවත් නැති අහිංසකයෙක් වගේ හිටියා. එයා කවදත් ඒ විදියට ඉන්න කැමතියි. එයා දන්නවා ඒක, ඒ කිව්වේ කාත් කව්රුවත් නැති පුංචි මලක් විතරයි කියන එක. හවසට ඉර බැහැගෙන යද්දි එයා තමන්ගේ පෙති ටික අකුලගෙන නින්දට ගියා. මොන.... මුළු රෑ කාලේ පුරාම සුදු පාටට දිලිසෙන ඉරයි, අර එයාව ආදරෙන් සිප ගත්ත පුංචි කුරුල්ලයි ගැන ඇති තරම් හීන දැක දැක හිටියා විතරයි. පව් මෙයා..
පහු වෙනිදා උදේම නැගිටල ඈලි මෑලි කඩමින් හරියට අත පය හිරි අරිමින් වගේ එයාගේ සුදු පාට මල් පෙති දිග අරිමින් හිටිය පුංචි ඩේසියා අර පුංචි කුරුල්ලගේ සිංදුව එකපාරටම අදුරගත්තා. ඒත් ඒත්.. එයා අද සින්දු කියන්නේ හරිම දුකෙන් ඇයි ඒ. ඔව් පුංචි කුරුල්ලට මේච්චර දුක් වෙන්න හේතුවක් තිබුනා. එයාව අල්ලගෙන, පව් ඒ මදිවට ජනේලේ ගාව එල්ලල තිබුන කූඩුවකට දාලා. අයියෝ බලන්නකෝ සතුටෙන්, නිදහසේ කොළපාටෙන් දිලිසෙන තිරිගු යායවල් වල සිංදු කියපු පුංචි කුරුල්ලට වෙච්ච දේ. එයා දැං හිරකාරයෙක් එයාගේ ඔක්කෝම ශක්තිය නැති වෙලා. එයා අසරණ වෙලා.
පුංචි ඩේසියා මල හදවතින්ම කුරුල්ලට උදව් කරන්න සැදී පැහැදි හිටියා. ඒත් එයා කියල මොනව කරන්නද එයාට කිසිම දෙයක් කරන්න පුළුවන් තත්වෙක නෙමෙයි නේ එයා හිටියේ. පුංචි මලට මුළු ලෝකෙම අමතක උනා, එයාගේ ලස්සනම ලස්සන රිදී පාටින් දිලිසෙන පෙති, එයා ආසම උණුසුම් හිරු ගේ ආදරය, වටපිටාවේ සෝබනත්වය මේ හැම දේම. “අනේ පව්“ එයාට හිතන්න පුළුවන් උන එකම දේ - හිරගත උන කුරුල්ල ගැනයි, කිසිම දෙයක් කරගන්න බැරි තමන් ගැනයි විතරමයි.
ටික වෙලාවකින් පොඩි පිරිමි ළමයි දෙන්නෙක් වත්තට ආවා. එක්කෙනෙක් අතේ පුංචි පිහියක් තිබුනා. පුංචි පිහියක්.. ඔව් ඒ ටියුලිප් මල් කපන්න අර ගෑනු ළමයා අරන් ආපු පිහිය නේද? ඔව් ඒක තමා. ඒ දෙන්න කෙලින්ම පුංචි ඩේසියා ළගට ගියා එයාට කිසිම දෙයක් හිතාගන්නවත් වෙලාවක් නොතියම.
“අපි මෙතැනින් පොඩි තණ පිඩැල්ලක් කපමු අර කුරුල්ලට ළගින්න ඇහැකි වෙන විදියේ“ අනිත් පිරිමි ළමයා කිව්වා. ඊට පස්සේ ඔහු පිහිය අරන් අර ඩේසියා පැලේ වට කරල පුංචි තණ පිඩැල්ලක් කපලා ගත්තා අතට. බය වෙන්න එපා පුංචි ඩේසියාට කිසිම කරදරයක් නැහැ එයා අර තණ පිඩැල්ලේ පරණ පුරුදු විදියටම හිටියා.
“ඔය මල කපල දාමු“ අනිත් පිරිමි ළමයා කියන කොට අහිංසක මුව පොව්වෙක් වගේ පුංචි ඩේසියා බයෙන් වේවලන්න ගත්තා. පුංචි ඩේසියාට තමන්ගේ ජීවිතේ ගැන ආසාවක් ඇති උනා. අනේ ඇයි මට ජීවත් වෙන්නම ඕන වෙලාවේ මාව මරන්න හදන්නේ, ඇයි ඉතිං තමන්ව මැරුනත් පුංචි කුරුල්ලාට උදව් කරන්න යන්න හිතහදාගෙන යන්න හිටි එක්කෙනා නෙ මේ.
“ඕන්නෑ. ඒක තිබ්බම ලස්සනයි.“ ඉතිං එයා බේරුනා. තණ පිඩැල්ල කුරුල්ල හිටිය දැල් කූඩුවට දැම්මා. තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය එනම් නිදහස නැති වීම ගැන පුංචි කුරුල්ල කුඩුවේ දැල් වල තමන්ගේ අත්තටු වද්දමින් මාරාන්තික උද්ඝෝෂණයක්. හරියට විප්ලවකාරයෙක් වගේ. මේ හේතුව නිසා පුංචි ඩේසියාට එයත් එක්ක කතා කරන්න විදියක් නැහැ. විප්ලවාකාරයා අරගලයක ඉතින් මොකද කරන්නේ. එයා බලං හිටියේ හිත සනසවන්න එක වචනයක් වත් කියාගන්න පුළුවන් වෙනකං. හරියට ඊයේ උදේ පුංචි කුරුල්ලා ඩේසියාට කිව්ව වගේ. ඒත් ඒ හිතුවිල්ල උදේ වරුවම ඉවර උනත් ඉෂ්ඨ උනේ නැහැ.
“අඩු ගානේ වතුර ඩිංගක් වත් නෑ“ හිරබත් කන පුංචි කුරුල්ලා තරහෙන් කිව්වා. “උං ඔක්කෝම මකබෑවිලා. කොහේද මන්ද මගේ උගුරකට ඔක්කෝම වේලිලා හරියට පිච්චෙනව වගේ. මට බොන්න වතුර ඩිංගක් වත් තියන්න බැරි මහ නරුමයෝ. මට ඉන්න බෑ හරියට අයිස් කටට දාලා මාව ගින්දරට අල්ලල වගේ. මට හුස්ම ගන්නත් බෑ. අනේ මාව මැරෙයි. අනේ මට ඉතිං ලස්සන කෙත්වතු, ඉර එළිය කොටින්ම දෙයියෝ මවපු හැම ලස්සන දෙයක්ම දාලා යන්න වෙනවා. මට මැරෙන්න බෑ“ අහිංසක කුරුල්ල මොරසන් දෙනවා. ඊට පස්සේ හොට එළියට දාලා අමරුවෙන් හුස්ම ඩිංගක් ගන්න කොටම එයා දැක්ක පුංචි ඩේසියාව. “අයියෝ එහෙනං ඔයාටත් මෙතැනම මැරෙන්නයි වෙන්නේ. මුං මම ආස මේ මගේ මුළු ලෝකෙන් ම, ඔයා ඉන්න පුංචි තණකොල පිඩැලි කෑල්ලක් විතරක් මට බලන්න ගෙනැල්ලා. ඔයා දන්නවා නේ මේ මුළු ලෝකෙම මගේ. ඔයා ඒකේ පොඩිම පොඩි දෙයක් විතරයි. හැම තණකොලයක්ම මට ලොකු ගහක් වගේ. ඔයා ගේ මේ පුංචි එක මල් පෙත්තක් මට ලොකු මලක් වගේ. ඔයාට තේරෙනවා නේ මම හැම දෙයක්ම විනාස වෙලා ගිය කාලකන්නියෙක්“
“අනේ මට ඩිංගක් හරි එයාට සහනයක් වෙන්න පුළුවන් නං“ පුංචි ඩේසියා හිතුවා. ඒ සිතුවිල්ලෙන් එයාගේ එකම මල් පෙත්තකවත් කොළයක් වත් නොසොල්වා අමරුවෙන් ගල් ගැහිල වගේ හිටියා, ඒකෙන් හරි කුරුල්ලට සහනයක් ලැබෙයි කියල හිතල. හැබැයි ඩේසියා මලින් හමනවට වැඩිය ඉමිහිරි කඩාගෙන යන සුවදක් ඩේසියා ගහේ කොළ වලින් හමනවා. පුංචි කුරුල්ලට ඒක දැනුනා හරියට නහය කඩාගෙන යන මහ එපා කරපු ගදක් වගේ. එයා හිතුවා ඒකෙන් එයා කලන්තේ දාවි කියලම. ඒ අමාරුව නිසාම තණපිඩැල්ලේ තිබ්බ ඔක්කෝම තණපත් ටික එයා ගලවල දැම්ම ඒත් පුංචි ඩේසියාට නම් මොනම හිරිහැරයක්වත් කරේ නැහැ.
හැන්දෑවත් ආවා ඒත් සාපිපාසාවෙන් ඉන්න පුංචි කුරුල්ලට වතුර බිංදුවක් වත් නෑ. කරන්න දෙයක් නැති තැන, එයාගේ අත් තටු දෙක හොදට දිග ඇරලා, පිස්සෙක් වගේ පට පට ගාලා ගහන්න ගත්තා, මරණයේ විලාපය තියමින්ම. ඒක හරියට සෝක ගීතයක් වගේ. අපහසුවෙන් හිටි කුරුල්ල එයාගේ ඔළුව පුංචි ඩේසියා ගාව බිම ඔබාගෙන හිටියේ හරියට මරණාසන්න කෙනෙක් තමන්ගේ අවසන් හුස්ම පොද ගන්න ලැහැස්ති උනා වගේ. ඔක්කෝම බලාපොරොත්තු ඉවරයි. පුංචි ඩේසියාට තමන්ගේ එක පෙත්තක් වත් හොලවන්න බෑ. හරියට එයා ඊයේ හෙමීට ආදරෙන් හොටයෙන් සිපගත්ත වගේම, දැනුත් හොටය මල් පෙත්ත උඩ තියාගෙන, වේදනාවෙන් ඇඹරෙමින් ටිකින් ටික මරණය කරා ළගා වෙමින් හිටියා.
පහුවෙනිදා උදේ වෙනකම්ම අර පුංචි නරුමයෝ දෙන්න ආවේ නැහැ. උදේ ඇවිල්ල බලන කොට පුංචි කුරුල්ල මැරිල. ඒක දැක්ක විතරයි පොඩි උන් දෙන්න එක ලෙසටම බෑගිරිගහමින්, කදුළු වගුරමින් අඩන්න ගත්තා. පස්සේ මේ අය පුංචි වළක් කැපුවා. ඊට පස්සේ ඩේසියා මලේ රිදි පාටට දිලිසෙන පෙති වලින් කුරුල්ල සරසලා දේහය පුංචි රතු පාට පෙට්ටියක තැන්පත් කරා. අනේ පව්. අහිංසක කුරුල්ලා.. අන්තිමේ එයාගේ අවසන් කටයුතු ටිකවත් ලස්සනට කෙරුනා. පව්....අහිංසක කුරුල්ල ජීවත් වෙලා ඉන්නකං, එයාගේ සින්දු අහෙන කං මේගොල්ලන්ට එයාට සම්පුරුණයෙන්ම අමතක උනා. චික් විතරක් මේ වගේ අය. තමන් විදි නිදහස ඉල්ල වේදනාවෙන් අඩපු කුරුල්ලව කූඩුවේ හිර කරල තිබ්බා. ඒත් එයා මැරිලා ගියා. මැරුනට පස්සෙ මෙන්න ලස්සනට සරසනවා ඒ මදිවට කෑගහ ගහ කදුළු එනකං අඩනවා. පුදුමාකාර කනගාටුදායක අවස්ථාවක් ඒක.
කූඩුවේ තිබ්බ මැලවෙචිචි තණ පිඩැල්ල ඒගොල්ල ගෙයි ඉස්සරහ තියෙන මහ පාරට විසී කරා. ඒ තණ පිඩැල්ලේ වාඩි වෙලා දුකින් හිටිය අපේ පුංචි ඩේසියා මල මතකයි නේ. එයාගේ ලස්සන පෙති ටිකත් කුරුල්ලා සරසන්න දුන්නේ. අර නිරපරාදේ මැරිල ගිය අහිංසක ලස්සන, මුළු ලෝකෙම සන්තෝස කරපු පුංචි කුරුල්ලා ගැන තමන්ගේ මුළු හදවතින්ම ආදරය කරපු, ඒ වෙනුවෙන් මැරෙන්න උනත් සුදානං උන, එක වචනයකින් හරි පුංචි කුරුල්ලට සහනයක් වෙන්න බලා හිටිය, ලස්සන රිදී පාටට දිලිසුන පුංචි ඩේසියා මල ගැන මේ කව්රුවත් කල්පනා කරේ නැහැ.
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්
Hans Christian Andersen - The Daisy
// ඕහ්.. සියුමැලියි මේ මේ තණපත්
ReplyDeleteආහ්. අන්න අන්න....
ඉගසුග රන් වන්
පුංචි පෙති රිදී වන්
සුපිපුණු හැඩ ඇති ඩේසියා මල//
අපි නොදකින නෙහිතන පැත්තක් ගැන හිතන්න සලස්වන දේශනයක්.
මේක බං පරිවර්තනයක්.. Hans Christian Andersen මහත්තයාගේ කතාවක් ඔය..ස්තුතියි අදහසට. කතාවේ සින්දුවක් කිබ්බේ නැහැ. අදහස විතරයි තිබුනේ.. මම ඉතිං පොඩි කවියකින් ඒක දැම්මා. බලපං උඹට ඒකම නේ අහු වෙලා තියෙන්නේ..
Deleteලේඛකයින්ට ගායකයින්ට මහත්තයා කියනවා දකින කොට මට නං අපුලයි වගේ!
Deleteමේ ලඟදී කවුදෝ බුකියේ ලියලා තිබුණා ටෝල්ස්ටෝයි මහතා කියලාත්.
හැබැයි ඉතිං මහත්තයා කෑල්ල නොදැම්මනං සෙන්නා තාම හිතං ඉන්නේ ඇන්ඩර්සන් නෝනා කියල නෙව...
Deleteකතාවේ පරස්පරතා ඇතත් සමස්තය හා එකඟයි . . හෙහ් හෙහෙ හෙහ් ...
ReplyDeleteපරස්පරතා ටික කියහං මට ආයේ හදලා දාන්න...
Deleteහෙහෙ හෙහෙ ඇදෙ මට ඕන උනේ කිසිම අදාලත්වයක් නැති කොමෙන්ට් එකක්. කතාව නියමයි.උබ කියවල උබේ වචනෙන් ලියල මයේ හිතේ ,. , ,
Deleteඒකනං එහෙම තමා බං.. මම කවදත් මට හිතෙන විදියට ලියන එකා නෙව..
Deleteකිසිම අඩුවක් නැත . . ඈස් යුශුවල් , ,
ReplyDeleteසෙද්ද.. තැන්කුයි.. මේක සුරංගනා කතාවක් පොඩි එකෙක් වගේ කියවපං රස විදින්න ඕන නං...
Deleteපොඩි අඩල්ට් කෑල්ලක් නෑ ????
Deleteමොකක්ද බොල නැත්තේ.. හැක්... ???
Deleteමේ මේ සෙකස් කැල්ලක් ,. . . අර කුරුල්ලා ඉබල ගියාට පස්සේ මොනා හරි . . මේ මේ . . උබ දන්නත්ද බන් , ,
Deleteහා හා නවත්තපන්. උඹ හදන්නේ මේකත් චැට් බොක්ස්කටුවක් කරන්න.. හැක්..
Deleteමේ බ්ලොග් එකෙක් @ ගහල වෙන එකෙක් මෙතනට ගෙන්න ගන්න ක්‍රමේ කියකෝ බන් . . කුවෙනිව ගෙන්න ගන්න
Deleteකුවේණි ගල් වෙලා ටක ටක ගාලා අයිස් වැටිලා. අන්න කිටි කිටි ගා ගැහි ගැහි ඊ-ජර්නලිස්ට් එකේ වස්තරයක් දාලා තිබුවා. අනිවා දැං හොදට බොනවා ඇති හීතල නිසා..
Deleteඉඩහන් බලන්න පෙට්රෝල් ටිකක් දාල ගිනි තියන්න එකෙක් නැහැනේ ඕකිට
Deleteඅන්න වඩු මඩුවට රිංගල හිටියා අල්ලගන්..
Deleteකුවේණි මට බන්නනේ බන් අකුරු වැරදි කියල / /
Deleteඉතිං උඹ ඇඩුවා.. අනේ මෙහෙම මෝඩ කොල්ලෝ.
Deleteහිතින් ළමා කාලයට ගිහින් කියෙව්වා. සරල සුන්දර කතාවක්.
ReplyDeleteස්තුතියි දිළිනි.. එහෙම උනා නං මට සතුටුයි.. ඔයා දන්නවද මේ සුරංගනා කතා අතරේ අපිට නොපෙනුනාට සමාජය ගැනම තමා කතා කරන්නේ.. මනුෂ්‍යත්වය පෙන්වන කතා තමා හාන්ස්ගේ හුගක් ඒවා.. ඇත්තම කිව්වොත් මම අද අවුලෙං හිටියේ පිස්සු වැටිලා වගේ. මේක පරිවතර්තනය කරල තමා හිත හදාගත්තේ.. හැක්.. හැක්..
Deleteබොක්කටම ලියලා තියෙනවා...
ReplyDeleteහැබෑටම එහෙම උනා. කැන්ඩියන් මිත්‍රයා. ස්තුතියි.. ඔබගේ ආගමනයට..
Deleteස්වාභාවික පරිසරයෙ තියෙනකොට ඒව දිහා බලල සතුටක් ලබන්න බැරිනං ඒව තමංගෙ රෙද්ද අස්සෙ දාගෙන කොහොමවත් සතුටක් විඳින්න බෑ වගේම වෙන අයගෙ සතුට, නිදහසත් නැතිවෙනව.
ReplyDeleteනියමයි දේශකයො.
ඔබ ඉතා ශුරයි මා ප්‍රිය ප්‍රසන්නයෙනි, අගෙයි ඔබගේ මනරම් අදහස් ප්‍රිය මිත්‍රය. එය මා ආහ්ලාදයට පත් කර ඇත. ඔබ දුක් වන්නට කාරි නැ.. මා ඔබ එන තුරු පුල පුලා බලා සිටිමි.. (දැං පේන්න නෑ නේද බං?????)
Deleteතැන්ක්ස් ප්‍රසා..
ඔයාගේ දරුවා හම්බුනාම මේ වගේ කතන්දර එයාට කියාදෙන්න ප්‍රසන්න :)
Deleteඒකා කුනුහරුප විතරක් කියන ඇම්බැට්ටයෙක් වේවි.. අනිවා
Deleteහරිම ලස්සණ සුරංගනා කතාවක්. ඒත් කතාව යටින් තියෙන්නේ ලොකු තේරුමක්. හ්ම්ම්, කොච්චර ලස්සණ මල් තිබුණත් මම නං ඩේසි මල්වලට ආස යි. අමුතු ලස්සණක් තියෙනවා. මගේ යාළුවෙක් හිටියා මේ ඩේසි මල වගේ :) හිටියා නෙමෙයි තාමත් ඉන්නවෝ.
ReplyDeleteස්තුතියි ධාරා.. ඔව් ඔබ කිව්ව වගේ යටින් තියෙනවා ලොකු අරුතක්. අහිංසක මිනිස්සු ගැන, ආඩම්බර කාර මිනිස්සු ගැන. හිත් පිත් නැති මිනිසුන් ගැන. අපි කරන ලෝකෙට පරකාසේ මළගෙවල් ගැන.. කොටින්ම ලෝක ස්වභාවය ගැන හොද අදහසක් තියෙනවා මේ කතාවේ. ඔයාගේ ඩේසියා මල දකින්නත් ආසයි.. හැක්
Deleteවීකි නසේ උසත් ගෙටේ.. :3
Deleteකුනුහරුප නොකියව සමිය...
Deleteස්තූතියි මෙවැනි පරිවර්තන කරන එකට ..... පරිවර්තකයාගේ නමත් සිංහලෙන් ලියන්න... ගූගල් එකට අහු වෙන්නේ එතකොට .......( සිංහලෙන් හෙව්වොත් ) නියමයි .............
ReplyDeleteතැන්කුයි සහන්.. පරිවතර්තකයා කබ්බෙක් නිසා නම වැඩක් නැහැ.. එළස්..
Deleteපරිවර්තකයා නෙවේ... මට වැරදුනා ...මම කිවවේ මුල් කතෘ තුමා ගැන .. හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් මහත්තයා ගැන ..................
Deleteහොදයි එහෙම කරන්නං.. ස්තුතියි.. සහන්
Deleteපරිවර්තකයා ඉතින් හිම පියලි අස්සෙන් එන පිණි මුවෙක් නෙව .......
Deleteකටමැත දොඩාවන සිංහයෙක් නෙමෙයිද???
Deleteලොකු වැරද්දක් උනා උතුමාණෙනි ... ඔබ තුමා සිංහයෙක් සිංහයෙක් ..... අනේ මේ හා පැටියට සමාවෙන්න .....
DeleteI O I A E A N I Q A
Deleteඅයි ඕ අයි යේ ඊ ඒ එන් අයි කිව් ඒ
(අනුග්‍රහය - අහස සේ ශානි)
සුරංගනා කතා ටිකම ලියපං එහෙනං
ReplyDeleteහා හා උඹ කියනවනං එහෙම කරන්නංකෝ.. හැක්.. ඇත්තට හැලපයියා කැමති නැද්ද?? මට කියන්නකෝ අනේ ඒක..
Deleteකතාව නම් ෆට්ට. ආයෙ කතා දෙකක් නෑ. උඹ නියමෙට පරිවර්තනය කරලා තේරෙන සිංහලෙන් දැම්මට තෑන්ක්ස්.
ReplyDeleteමටත් ආස හිතුනා ඩේසියා මලක් වෙලා බලන්න.
ස්තුතියි ප්‍රියා. උමට ඕනමද ඩේසියා මලක් වෙන්න.. හ්ම් එහෙනං කමක් නෑ මම උඹව හයිවේ එකට විසික් කරන්නං..
Deleteහම්මෝ බං හරි භයානයිනෙ. මගෙ ඇගේ හිරි ගඩුත් පිපුනා.
Deleteඑක්කො ඕන්නෑ මම ඉන්න පාඩුවෙ ඉන්නම්.
හැක් හැක්.. අන්න හොදා...
Deleteනියමයි නෙ බන්.. ලස්සනයි, දුකයි..... පවු අහින්සක කුරුල්ලයි, ඩේසියා මලයි.. මේ කූර ලෝකේ උන්ව විනාශ කළා....
ReplyDeleteමේ හැන්ස් ක්‍රිස්ටියන් කියන්නෙ මහත්තයෙක්ද බන් ? මම මේ දැන් වෙනකම් හිතන් හිටියෙ නෝනෙක් කියලා. සත්තයි..
හැබෑටම දුක කතාවක් සෙන්නෝ..
Deleteඅඩේ උඹ හාන්ස් ගැන දැනං හිටියේ නැද්ද
හාන්ස් කියන්නේ ඩෙන්මාර්කය උපන් රට කරගත්ත මට කාල වකවානු මතක නැහැ මහත්මයෙක්. එයා සුරංගනා කතා ලියන්නෙක් කවියෙක්. දේශාටානකයෙක්.. හැබැයි ලෝකේ බිහි වෙචිච හොදම සුරංගනා කතා කරුවා කියන එකනං බය නැතිව කියන්න පුළුවන්. උඹට මතකද අර සීතාම්බර සළුව ඇන්ද රජතුමාගේ කතාව. ඒකත් අපේ වර්ෂන් තිබුනට හාන්ස්ගේ කතාවක්.. උඹට ඕන නං ලින්ක්කටුවක් දෙන්න ඇහැකි කතා සැට් එකටම..
එපා ලින්ක් දෙන්න එපා.. එතකොට වෙන්නේ ඔහේ උඩින් පල්ලෙන් බලලා රස මරා ගැනීම .....ඊට වඩා හොඳයි උඹ මේ යන ක්‍රමය.........
Deleteඋඹට කියන්න දේශා සුදෝ සුදු එකත් ඒ වගේම හෑන්ස් මහත්තයාගේ එකක් .... මවගේ ඇකයේ මියෙන දරුවා කියලා මම ලිව්වෙ ඒක ... ඔරිජිනල් එක කියවලා ඉවර වෙද්දී ඇහැට කඳුළු එනවා... තමන්ගේ උකුලේ කෙනෙක් මැරිලා තියෙනවද ජීවිතේ කවදා හරි ...? ඒ යන කෙනා යන්නේ අපේ ආත්මයත් අරන් ......
හොදා හෙදා උඹ කියනවනං නොදී ඉන්නංකෝ..
Deleteමට ඒ ඔරිජිනල් එකේ නම දීපං මම ඒක කියෙව්ව වගේ මතකයි ඒත් හරියටම මතක නෑ බොල...මගේ උකුලේ මැරිල තියෙනව එක බුවෙක් හැබැයි මම අදුරන එකෙක් නෙමෙයි...
හාන්ස් මහත්තයාගේ මේ කතාව ඊයේ,අදට වගේම හෙටටත් නියමෙටම ගැලපෙනවා බං.අගෙයි උඹේ පරිවර්තනය තමන්ටම අවේනික විදියට.
ReplyDeleteමම කතාව වින්ද විදියට ලියන්නයි උත්සාහ ගන්නේ. ඒකෙදි අප්‍රබංස අයින් කරල ලියනවා බං.. තැන්කුස්..
Deleteමං ආස කරපු සුරංගනා කතාවක් ,, පුංචි අපි වෙනුවෙන් මෙවැනි ලිපි පළකරන්වාට ස්තුති දේශක තුමණි
ReplyDeleteහද්ද නාකි කෙල්ලො පුංචියි කියන අපූරුව බලාපල්ලකො :D
Deleteහනේ සන්සාරෙ .
Delete.
වයසින් පුංචි උනාට කොටන අකුරු නම් මහා පඬි වචන නිසා පේන්නෙ හරි ලොකුවට.
Delete@ ඔමා
Deleteආ තියාගන්නකේ එහෙනං පුංචි ඔයාට දේශ සීයගෙන් තෑග්ගක් විදියට..
@ ෂසින්දුවා
Deleteඋඹ එතකොට කොල්ලද?? හැක්
@ මගියා
Deleteමෙන්න රියල් නාකි උන්...
@ කෙන්ජි
Deleteඋඹ කියන කතාව නං ඇත්ත. මේකිගේ වයසට වැඩිය හැට පැනලා...
ලස්සන කථාවක්, දේශකය අපූරුවට පරිවර්තනය කරලා තියෙනවා...
ReplyDeleteස්තුතියි චාම්ස්. ඔබ දැකීම සතුටක්...
Deleteදීර්ඝ පරිවර්තන කාර්යයක්. සෑහෙන වෙහෙසක්. බොහොම ස්තුතියි මේ ඉදිරිපත් කිරීමට.
ReplyDeleteස්තුතියි විචාරක මහත්තයෝ.. මේකට වඩා දිග ඒවා පරිවතර්නය ඇත්තට අමාරුයි. එතනදි අපේ රස වින්දනයට බාධා වෙන කොටස් කතාව නොමර අයින් කරන්නත් වෙන්න පුළුවන්. ඒක නිසා සෑහෙන්න තෝරාබේරගෙන තමා පරිවර්තනය කරන්න වෙන්නේ.. මම හාන්ස්ගේ කතාවක් මරනවා නං මම කරන්නේ පාපයක්...
Deleteලස්සන කතාව දේශක තුමෝ හිත පුංචිකාලෙට ගියා වගේ... :)
ReplyDeleteඅපි හිත් වලින් තාමත් පුංචි ලෝකෙට යන්න ආසයි බං.. ඒකයි මේ කතා සදාකාලික... ස්තුතියි
Deleteමම මේ කථාව කියවලා තිබුනේ නෑ. ඒත් සමහර පරිවර්ථන කියවන්න පටං ගන්න කොටම පරිවර්ථනයක් කියලා තේරෙනවා. ඒත් උඹ මේක ස්වතන්ත්‍ර නිර්මාණයක් වගේ ලියපු එකනම් පංකාදුයි මචං! උඹට ජය සහ සතුට!!!
ReplyDeleteබොහොම ස්තුතියි ගුණේ මල්යා... මේකේ හාන්ස් ඇන්ඩර්සන් කියන ටැබ් එකේ තව කතා දෙකක් පරිවර්තනය කරල ඇති. ඒකත් බලහං වෙලාවක් තිබුනොත්.. ජය වේවා...
Deleteපට්ට යකෝ...මම කොල්ලවත් චුච්චන් කාලෙට ගෙනිච්ච බං.
ReplyDeleteඑල මචෝ,,...
හෙඩිම දැක්කම මම හිතුව පිච්ච මල් වගේ තව කුප්ප කතාවක් කියල.
හැක් හැක්.. වල් හිත වල් හිත.. මම දන්නවා කෙන්ජා පන්ඩිතයා උනාට තාම පොඩි එකා වගේ කියලා.. හැක්
Deleteනියමයි දේශා ,කොහොමත් වෙරළු මල් වලට වඩා ඩේසියා මල් හොඳයි
ReplyDeleteඅඩෝව්..... ඉවාන් මල්ලියා............
Deleteඅන්න බලපං ඉවාන්... වෙරළු මල් සුවද ඇති වෙලා තැනි වෙලා කුජීත වෙලා යන එකක නෙහ්.. තැන්කුයි..
Delete@ කෙන්ජා
Deleteහා හා උඹ කලබල වෙන්න එපා ඉවාන් මලයා දැං මගේ පැත්තේ.. වෙරළු මල් පැත්තට ආයුබෝවන් කිව්වා...
මුලින්ම කියන්න ඕනෙ..උඹේ බොගට නිතර එන්න නොලැබීම ගැන තණගගාටු වෙනව..උඹ ලියන දේවල් ලියන ආරට මම බොහොම කැමතියි...මම පොඩිකාලෙ ඉදන් පරිරවත්නයක් දැක්කාම ලොකු කෑදරකමකින් තමයි කියවන්නෙ...රහ තියාගෙන ලියන එකෙක් දැක්කාම..ඒක නිකම්ම දැනෙනව..පරිවරත්නයක් කියවද්දි චිත්ත රෑප මැවීම අඩාල වුනොත් පරිවරත්කය අසාර්ථකයි..උඹ බොහොම හොදට කරල තියෙනව..පුලුවන් හැම වෙලාවකම උඹෞ බොගට හොට දානව..ජය!
ReplyDeleteආහ් ඒකනං ඒ තරං අවුලක් ඇති දෙයක් නෙමෙයි බං.. අමරුවෙන් හරි එනඑකට අප්‍රමාණව සන්තෝසයි.. දිරිමත් කිරීමට ත් ස්තුතියි. හාන්ස් ගැන නැවත කියවන්න පොඩි වෑයමක් මේ..
Deleteදේශා.....උඹේ මේ ළමා කතා පරිවර්තන නියමයි බං...නාකි අපිවත් ළමයි කරවනවා. ඒක තමයි දක්ෂකම.
ReplyDeleteමට දැනිච්ච දේම බොටත් දැනිල නෙරංජ......
Delete@ අරූ
Deleteබෝම ස්තුතියි අරූ.. මාත් පුංචි එකෙක් වගේ හිතෙන් සියළු දුක් අමතක කරල තමා මේක කරේ. මොකද මාත් විදගන්න අමරු තරං මානසිකව වැටිල හිටිය වෙලාවක ඒ ඔක්කෝම අමතක කරල කැලේ අස්සේ මල් අස්සේ පුංචි කුරුල්ලෙක් වගේ රිංගලා ඒ හැගීම් අමතක කරල දැම්මා. ඒ සතුට බොලාටත් ගේන්නයි හැදුවේ..
@ කෙන්ජා
Deleteඕක උඹ උඩිනුත් කිව්ව නේවද?? ස්තුතියි හිතවත් කෙන්ජෝ...
නිවාඩු දවසක නිවී හැනහිල්ලේ අර නිල් තණගොල්ලේ වැතිරිලා, පුංචි දේසියා මල දිහා බලාගෙනම කියවන්ට පුලුවන් ලිපියක්. ඒ එක්කම දෙන ආදර්ශෙත් හරිම ලස්සණයි.
ReplyDeleteදේශකයා මේ වගේ ලිපි පෙලක්ම පරිවර්තනය කරලා තියෙනවද?
*ඩේසියා...:D
Deleteහ්ම්.. එහෙනං... පුංචි කුරුල්ලත් එක්ක යන්න හොදේ.. ඔව් පොඩ්ඩි මම හාන්ස්ගේ කතා තුනක් දැනට දැම්මා.. ඉදිරියටත් ඉතිං බොලා කැමතිනං මාත් කැමතියි තව කිහිපයක් දෙන්න.. මොකෝ කියන්නේ..???
Delete“ඩ“ යන්න වෙනුවට වැරදිලා හරි “ව“ යන්න ගහන්න එපා සුදෝ...
Deleteහරිම ලස්සනයි. පොඩිකාලෙට ගියා වගේ ආසාවෙන් කියෙව්වා. ස්වභාවධර්මයේ නියාය. බලවතා නැගී සිටිනවා, දුර්වලයා පරාද වෙනවා.කුරුළු පැටියාටත් ඩේසියා මලටත් ඒක එකයි නෙ දේශක තුමා.
ReplyDeleteඅම්මෝ අපේ චන්දි නෑනා පෝයට විතරක් කල එළි බහින්න පටන් අරන්. දැක්ක කල්.. ස්තුතියි ඈ කියවනවට අමරුවෙන් හරි.. ඔබ කිව් එක හරි.. දුරුවලයා පමණක් නොවෙයි අවංක ආදරය කොයිං තරං ප්‍රභලද කියන කාරණය පුංචි ඩේසියා මල පෙන්නුවා..
Deleteපරිසරයේ ලස්සන පරිසරය තුලදීම විදින්න :)
ReplyDeleteඅද දවසට කියෝපු උබේ හතරවෙනි පෝස්ට් එක >_<
ඔව් මම දැක්කා උඹ සෙවල හලාගෙන කියවල තියෙනවා. බොක්කෙන්ම තැන්කුයි ඈ..
Deleteපොඩි කාලේ කෑදර කමට බදාගෙන කියවද්දී දැනුණු රසය ඒ ව්දියටම දැනුනා
ReplyDeleteඅන්න එහෙමනං මටත් සන්තෝසයි යකෝ.. (ආදරේට නේ යකෝ කියන්නේ) වෙල්කම් යක්ෂයා..
Deleteහරිම සාර්ථක පරිවර්තනයක් ... කතාවෙ රස ඒ විදියටම වින්දා...
ReplyDeleteස්තුතියි තුෂානි. තවත් පරිවතර්නය කරන්න හිතෙනවා මේවා ඇහුවම...
Deleteහාන්ස්ගේ කතා ටික ඔක්කොම පරිවර්ථනය කරන්න වගේ දේශකයගේ ලෑස්තිය.. හැබැයි එහෙම වුනත් අපි නම් කැමතී..
ReplyDeleteඅපොයි බං ඔක්කෝම නං කරන්න බෑ අවංකව. අඩු ගානේ අපිට කියවන්න නොලැබුන කතා කිහිපයක් හරි පරිවතර්නය කරන්න හිතාන ඉන්නවා... ස්තුතියි අදහසට දිනේෂ් මලයා..
Deleteමාත් ආසයි මේ කතා කියවන්න. ඒ දවස්වල රූපවාහිනියෙත් මේ කතා සිංහලයට හඬකවලා ගියා..
ReplyDeleteඉතුරු කතා ටිකත් පරිවර්තනේ කරමු දෑ ??
කතා නං තියෙනවා බර ගානක්. එච්චර කරන්න මට අමාරුයි තියෙන සීමිත දැනුමත් එක්ක.. ප්‍රංශ කොටස් තියෙනවා ඒවා මට කොහොමත් බැහැ තේරුං ගන්න.. තේරුං ගත්තත් ඒ ටික විදින්න බැරිනං වැඩේ කරන්න බැ. මම රූපවාහිනියේ මේ කතා ගියපු බව දන්නෑ නේ බං. පොඩි විස්තරයක් දියං ආයි දාන්න කියල කියන්න ඕන.. අනිවා විස්තරේ දීයං..
Deleteපරිවර්තනය උඹේ ඉට්ටැයිල් එකෙන් ලිවීම ලොකු දක්ෂකමක්... කතාවේ හරය අහු වුණාම තමයි එහෙම කොරන්න පුළුවන් වෙන්නේ...
ReplyDeleteඅනිවා තිසර. කතාවේ හරය අහු නොවී පරිවර්තනය කරල වැඩක් නැහැ. ඒක නිකම්ම වචන ගොඩක් විතරයි. මේ කතාව කියවල මාත් රස වින්දා ඒක නිසා මට හිතුවා මම තරමක් සාර්ථක ඇති කියලා.. තැන්කුයි තිසරයා..
Deleteමාර විදියට ෆීල් උණා.. සුපිරි.. හරි ආසාවෙන් කියෙව්වේ. දුකක් තියෙනවා. නිමාඩුව හිතන්න ඕනේ ඒ ඇයි කියලා :/
ReplyDeleteඇත්ත දුකක් හිතෙනවා මේ කතාවේ අන්න එහෙමනං උඹටත් කතාව අහු වෙලා තියේය. තැන්ක්ස්.. බොරේ...ඉදුවරේ...
Deleteමං බැලුව මේ තරං සියුමැලි හිතක් තියෙන්නෙ කාටද කියල..
ReplyDeleteස්වතන්ත්‍ර නිර්මාණයක් වගෙයි දැනුණේ..
හහ් හහ් හා. කළු ගල් කවද්ද අනේ සියුමැලි උනේ.. ඒ හාන්ස්.. ස්තුතියි පැමිණීම ගැන සන්තෝසයි...
Deleteකථාව කියවන්න එන්න ටිකක් පරක්කු උනා...සුරංගනා කථාවක් උනත් හිතන්න ලොකු ගැඹුරක් තියෙනවා නේද...අපි හිතන්නෙ නැති පොඩි දෙයකින් තව කෙනෙක්ව සතුටු කරන්න පුලුවන් බවකුයි මට වැටහුනේ...
ReplyDeleteකාලයක ඉස්සර හිසරදයක් වෙච්ච මල් සින්දු අතීතයත් මතක් වුනා....
අනිවා උඹ හරි සිරා.. හාන්ස්ගේ කතා වලට සුරංගනා කතා, ළමා කතා කිව්වට ඒවයේ යටි පෙල ප්‍රභල සමාජීය කාරණා ඉස්මත් කරනවා. ඒකයි මේවා සාර්ථක වන්නේ.. ඔහුගේ හුගක් කතා වල සපත්තු හදන්නෙක් ඉන්නවා. මොකද හාන්ස්ගේ තාත්තා ෂූමේකර් කෙනෙක්.. ඒ වගේ හාන්ස් පොඩි කාලේ දුටු දේවල් හුගක් ලස්සනට හිතල ලියනවා. අනික හාන්ස්ගේ ඇස් අති ප්‍රභල විනිවිද දකින් සුළු ඇස්.. හුලක් ඈතින් තියෙන ඇල්පෙන්ති තුඩක වෙනසත් කුරුළු හොටක වෙනසත් ඔහුට අදුරගන්න පුළුවන් තරම්ම ඒවා තික්ෂණයි.. ඒකෙන් තමා මේ දේවල් හාන්ස් දකින්නේ. ඒ මතින් ඔහු සුරංගනා ලෝකෙකට යනවා. ඈතින් යන කුහුඹු රෑනක් උනත් යන දිහා බලාගෙන ඒකෙන් සුරංගනා කතා ලියපු කෙනෙක් හාන්ස්...
Deleteඅනේ බං මට මේක කියවන්න කම්මැලියි.. මොකද මන්ද... උඩින් පල්ලෙන් කියෙව්වෙ... එක්කො මම මේ කතාව කලින් කියෝලා හරි කාටූන් එකක දැකලා හරි ඇති... නැත්තං මෙච්චර කම්මැලි හිතෙන්නෙ නෑ....
ReplyDeleteකමක් නැහැ බං.. හැබැයි මේක මම කොතනවත් කාටුන් එකක වත් දැකල නැති එකක්...
Deleteකතාව යටින් දෙන අරුත නියමයි....
ReplyDeleteඕන කාලේ අහක බලන් ඉඳලා නැති කාලෙක හැපි හැපි අඬන එක ගොඩක් දෙනාගෙ පුරුද්දක් නෙව
බොහොම ස්තුතියි රෙහානි.. කියෙව්වට..
Deleteහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ලෝකයේ ජනප්‍රිය සුරංගනා කතාවලින් නේ. ඒවා ඉධහිටහෝ නැවත කියවිම බාල, වැඩිහිටි, මහලු කාටත් හොඳයි. ඉගෙන ගන්න දේ බොහොමයි.
ReplyDeleteලද දෙයින් සතුටුවිමත් පමණටවඩා උඬඟු විමත් පිළිබද ආනිසංස කියා දෙන කතාවක්.
ස්තුතියි දයා.. ඉන්ටකෝ තව කිහිපයක් දෙනවා අනිවා...
Delete