එක රටක දුප්පත් කුමාරයෙක් හිටියා. ඔහුට තිබුනේ කුඩා රාජධානියක්. ඔහුට උවමනා උනා කසාදයක් කරගන්න.. කුමාරියෙක් කැන්දන් එන්න. ඔහුට තිබුන දුප්පත් රාජධානියක් උනත් ඒක මේ වැඩේට හොදටම ප්‍රමාණවත්.
“ඔබ මාව කසාද බදිනවද“ කියල කෙලින්ම අහන්න දුප්පත් කුමාරයට හැකියාව තිබුන, තමන්ගේ අධිරාජයාගේ දුවගෙන්. ඒත් ඔහු ඒක කරේ නෑ, ඔහුගේ නම කොයිතරං රටේ ප්‍රසිද්ධව තිබුනත්. මේ අධිරාජ්‍යෙය් ඉන්න කුමාරියන්ගෙන් අඩුගානේ සීයක් වත් ඇති කිව්ව ගමන් මේ කුමාරයට උවමනාවෙන්ම “හා“ කියන. ඒත් ඇය හා කිව්වද කියල අපි බලමු.
කුමරයගේ පියාගේ සොහොන් බිමේ වැවුනා අලංකාර රෝස පඳුරක්. ඇත්තටම ලස්සන රෝස පඳුරක්. ඒකේ මල් පිපෙන්නේ අවුරුදු පහකට වතාවක්. ඒත් එකම එක ලස්සන මලක් විතරයි. ඒත් ඒක හරිම ලස්සන මලක් ඒ ගැන කිසිම කතාවක් නෑ. මේ මලේ සුවඳ විඳින ඕනම කෙනෙක්ට තමන්ගේ සියළු දුක් කරදර දෝමනස්ස සම්පුරුණයෙන්ම අමතක වෙලා යනවා. ඒ වගේම කුමාරයට හිටියා අරුම පුදුම නයිටින්ගේල් කුරුල්ලෙක්. පුදුම කුරුල්ලෙක් කිව්වේ මෙන්න මේකයි. මේ විශ්වයේ තියෙන ඕනම... ඕනම ස්වරයක් ඉමිහිරිව ගායනා කරන්න මෙයාට පුළුවන්. ඔහුට තිබුන මේ එකම වස්තුව ඔහු ලොකු රිදී බාජන දෙකක දාලා අර කුමාරියට යැව්වා.
මාළිගාවට ලැබෙන සියළුම තෑගි අධිරාජයා ඉන්න විශාල ශාලාවට ගේන්න තමා අණ කරල තිබුනේ. මොකද මේ ශාලාවේ තමා කුමාරිය තමන්ගේ පරිවාර කුමාරියන් සමඟ කෙළිදෙලෙන් පසු වෙන්නේ. අර ලොකු රිදී භාජන දෙක දැක්කම කුමාරිය හරිම සන්තෝසෙන් උඩ පැන පැන අත්පුඩි ගැහුවා.
“මේ පුංචි පුස් පැටියෙක්වත්ද? කුමාරිය කිව්වා. නමුත් එතකොට අර ලස්සන රෝස මල තිබුන රෝස පඳුර භාජනයෙක් එළීයට ආවා.
“හානේ.. මේකේ ලස්සන“ ශාලාවේ හිටිය ඔක්කෝම කුමාරියෝ කිව්වා.
“ඒක ලස්සනටත් එහා ගිය දෙයක්. ඒක බොහොම අලංකාරයි“ අධිරාජයා පැවසුවා.
ඒත් කුමාරියට ඒකේ ලොකු තේරුමක් නැහැ. ඇය අඩන්න වගේ ලෑස්ති උනා.
“අනේ!! පපා“ කුමාරිය නාහෙන් අඩන්න ගත්තා.
“අයියෝ මේක බොරු මලක් නෙමෙයි ඇත්තම මලක්. බලන්න..මේ ඇත්තම මලක්“ ශාලාවේ උන්න බවලතුන් ඇයට පෙන්නල දුන්නා.
“හරි හරි. අපි තරහ වෙන්න කලින් අනිත් භාජනේ තියෙන්නේ මොනවද කියල බලමුකෝ“ අධිරාජයා කිව්වම ඒකත් ඇරියා. එතකොටම අර නයිටින්ගෙල් එළියට ඇවිත් ලස්සනට සින්දුවක් කිව්වා. මේ සින්දුවේ ලස්සන අහන් ඉදල කට්ටියටම මොකක් කියන්නද කියල හිතාගන්න බැරිව හිටියා.
“Superbe!! Charmant!" කුමාරියගේ පරිවාර කුමාරියන් එක් වරම තියෙන නරකම ප්‍රංස බාසාවෙන් එහෙම කිව්වා.
“මට මතක් වෙන්නේ අපේ හිටපු අධිරාජයාගේ සංගීත පෙට්ටිය මේ කුරුල්ලගේ සින්දු ඇහුවම“ වයසක රාජපුරුසයෙක් එහෙම කිව්වා.
“ඔව්. හැබෑමයි ඒ සංගීතයම තමා. ඒ හැගීමම තමා එන්නේ. ඔව් ඒක තමයි“ පොඩි දරුවෙක් වගේ කඳුළු පිහිමින් අධිරාජයා පැවසුවා.
“මං නං හිතන්නේ මේ ඇත්ත කුරුල්ලෙක් නෙමෙයි“ කියල කුමාරිය කිව්වම “නෑ මේ ඇත්ත කුරුල්ලෙක්“ අනිත් අය කිව්වා.
“එහෙනං බලමු එයා පියාඹනවද කියලා, ඊට පස්සේ කුරුල්ලා පියාඹලා ගියා. මේ සිද්ධිය නිසා කුමාරිය දන්නෑ තමන් අර කුමාරයට ශාලාව ඇතුලට එන්න ඉඩ කඩ සැලැසුවා කියන එක.
කුමාරයා වෙස් මාරු කරගෙන කිසිම බයක් නැතිව අධිරාජයා ගාවට ආවා. ඔහුගේ මූණ කළු කරල තිබුනේ. ඔහු පැළද සිටි තොප්පිය නිසා කොහොමත් අඳුරගන්න අමාරුයි.
ඔහු ශාලාවේ දොරට තට්ටු කරා.
“සුභ දිනයක් අධිරාජයාණෙනි“ කුමාරයා ආසිරි පැතුවා.
“මට මේ බලකොටුවේ මොකක් හරි රස්සාවක් දෙන්න පුළුවන්ද රජතුමණි“
“පුළුවන්. මේකයි ප්‍රශ්නේ. හුගක් අය එනවා රස්සාවල් ඉල්ලගෙන. කමක් නෑ මං ඔබ ගැන සලකා බලන්නං පුළුවන් විදියට. ඒත් මට දැං මතක් උනා අපේ ඌරෝ බලාගන්න නං කව්රුවත් නෑ කියලා. මොකද කියන්නේ මහා විසාල ඌරු රංචුවක් නේ අපිට ඉන්නේ. ඔබ කැමති නැද්ද ඌරෝ බලාගන්න“ රජතුමා ඇහුවා.
ඉතිං කුමාරයා අධිරාජයාගේ ඌරුපට්ටි පාලක විදියට පත්වීමක් ලබා ගත්තා. ඌරු කොටුවට සමීපයෙන් ඔහුට ඉතා කුඩා කාමරයක් ලැබුනා නවතින්න. ඔහු ඒකේ ඉන්න අකමැති උනත් මුළු දවසම එතන වාඩි වෙලා වැඩ කරා. හවස් වෙද්දී ඔහු ලස්සන මුට්ටියක් හැදුවා. ඒ මුට්ටියේ වටේටම පුංචි සීනු සවි කරල තිබුනේ. ඉතිං මේ මුට්ටිය රත් කරන කොට හරි ලස්සන පරණ සින්දුවක ස්වර අර පුංචි සීනු වලින් ඇහෙනවා.
අයියෝ..අනේ.. !! මගේ ආදර ඕගස්ටයින්
ඔක්කොම ඉවරයි.. ඔක්කෝම ඉවරයි!!
මේ හැමදෙයකම ඉතා අරුම පුදුම සැකැස්මක් තිබුනා. කව්රු හරි මේ මුට්ටිය රත් වෙන කොට ඒකෙන් නගින දුමට ඇගිල්ල අල්ලන් හිටියොත් එයාට එක පාරටම කියන්න පුළුවන් මේ නගරයේ ඕනම ගෙයක මොන කෑම වර්ගයද උයන්නේ කියන එක.
කුමාරිය ඇයගේ පරිවාරිකාවන් සමඟ එළීයට එනකොට අර මිහිරි නාදය ඇයට ඇහුනා. ඇය ගල් හැගිල වගේ නැවතිල ඒක අහගෙන හිටියේ මොකද ඇයටත් මේ ගීතය ලස්සනට පියානෝවේ වාදනය කරන්න පුළුවන් නිසා. හැබැයි ඉතිං ඇයට වාදනය කරන්න පුළුවන් එකම සින්දුවත් ඒකම තමා. ඉතිං ඇයට තනි ඇගිල්ලෙන් උනත් ඒක වාදනය කරන්න පුළුවන්. හරිම දක්ෂයි.
“ඇයි ඒ..මම වාදනය කරන සින්දුව නේ ඒක“ ඇයට කෑගෑවුනා.
“මේ පට්ටිපාලකයා ටික්ක ඉගෙන ගත්ත මිනිහෙක් වෙන්න ඇති. හාර්කි. පල්ලෙහාට ගිහින් අර පට්ටිපාලකයගෙන් අහන් එන්න ඔය සංගීත භාණ්ඩේ විකුණන ගාන“ ඇය තම පරිවාරිකාවකට එසේ අණ කළා.
ඉතිං මඩේ දාන සපත්තු දෙකක් දාගෙන අර පරිවාරිකාව ගියා පට්ටිපාලක හමුවෙන්න.
“තමුසෙට ඔය මුට්ටියට කීයක් ඕනද?“ ඇය ඇහුවා.
“මට කුමාරියගෙන් හාදු දහයක් ඕන මේකට“ පට්ටිපාලක උත්තර දුන්නා. මේකෙන් ඇස් උඩ ගියපු පාර “අනේ දෙයියනේ මොන නවනිංගිරාවක් ද මේ“ පරිවාරිකාවට කියවුනා.
“හැබැයි ඊට අඩුවෙන් නං මං මේක දෙන්නෑ කොහොමත්“ ඔහු ස්ථිර කරලම කිව්වා. ඇය එතැනින් යන්න ගියා.
“මිනිහා මොකක්ද කිව්වේ??“ කුමාරිය ඇසුවම “මං ඒක ඔබතුමියට කියන්න කැමති නෑ කුමරියනි“ කියලා ඇය කිව්වා.
“ඉතිං මට කනට කරල හරි ඒක කියන්න“
“ඌ මහ නපුරෙක්“ කුමාරිය තරහෙන් කෑ ගහගෙනම යන්න ගියා. ඒත් ඇය ටිකක් දුර යද්දිම ආයිත් අර මිහිරි සංගීතය ඇහෙන්න ගත්තා තවත් මිහිරි විදියට.
අයියෝ...අනේ.. !! මගේ ආදර ඕගස්ටයින්
ඔක්කොම ඉවරයි.. ඔක්කෝම ඉවරයි!!
“හාර්කි. ගිහිල්ල උගෙන් අහනවා මගේ මේ පරිවාරිකාවක්ගෙන් හාදු දහයක් අරන් ඒක දෙන්න බැරිද කියලා“ කුමාරිය කිව්වම ඇය ආපසු ගියා පට්ටි පාලක ගාවට.
“පිස්සුද මට බෑ. කුමාරිගෙන් හාදු දහයක් නැත්නං මම මේ මුට්ටිය තියාගන්නවා“ පට්ටිපාලක නැවතත් ස්ථිරවම කිව්වා.
“අනේ මේ වගේ ඌරෙක්.. කමක් නෑ ඕගොල්ලෝ මගේ වටේට ඉන්න අඩුගානේ එතකොට වෙන කාටවත් දකින්නවත් බෑනේ“ කුමාරිය කිව්වම පරිවාරිකාවෝ තමන්ගේ ඇදුම් රැලි දිග ඇරගෙන කුමාරියව මුවා කරද්දි තමන්ගේ ගාස්තුව වෙච්චි හාදු දහයට අර මුට්ටිය කුමරියට විකුණන්න ඔහු සමත් උනා.
අන්න ඊට පස්සේ සතුට උතුරායන්න උනා. මුළු හවස් වරුවම.. නෑ.. මුළු දවසම මුට්ටිය රත් කරන එක තමා උනේ. ඉතිං නගරයේ මොන ගේකවත් උයපු කෑමක් හංගන්න කාටවත්ම බැරි උනා. ඒගොල්ල දැනගත්තා සපත්තු හදන මිනිහගේ ගෙදර ඉදල ඇමතිවරයගේ ගෙදරට යනකං ඉව්වේ මොනවද කියලා. කුමාරියෝ සේරම හිකි හිකි ගගා හිනා වෙවි නැටුවා මේ දිහා බලලා.
“බලන්නකෝ අපි දන්නවා රසම සුප් හදන තැන, ඒ විතරක්ද පෑන් කේක් කොහේද තියෙන්නේ කියලා. අම්මෝ මාරයි නේ.. ඒ විතරයැ පුඩින් තියන තැන, කට්ලට් හදන තැන්. මේක නං නියම භාණ්ඩයක්“
“ෂහ්.. මේක නං මාරයි“ මාලිගාවේ ප්‍රධාන පාලක වරිය පැවසුවාම,
“ඒකට කමක් නෑ මේක හොදට කල්පනාවට ගන්න. මං අධිරාජයාගේ දූ කුමරිය හරිද?“ කුමාරිය පැවුසුවා. අනිත් අය ඒක ඇත්ත තමා කියල ඒක පිළිගත්තා.
ඔව් පට්ටිපාලක. අපි කියන කුමාරයා බව මේ අය කව්රුවත් දැනං හිටියේ නෑ. ඒ අය හිතාන හිටියේ මේත් සාමාන්‍ය උෟරුපට්ටි බලාගන්න අයෙක් විදියට නේ. තව දවසක් ගත වෙන්න කලින් මේ පට්ටිපාලකයා හැදුවා තවත් අරුම පුදුම සංගීත භාන්ඩයක්. ඒක සෙලෙව්ව්වම මේ විශ්වයේ තියෙන ඕනම ජාතියේ නැටුමක් නටන්න පුළුවන්.
“ඒක නං නියමයි“ කුමරිය එය පසු කර යන විට කෑගහල කිව්වා. “එ් වගේ සංගීතයක් මං කවදාවත් අහල නෑ. හාර්කි. ගිහිල්ල අහන්න මේකට කීයක් ඕනද කියලා. හැබැයි ආයිත් නං මං හාදු දෙන්නෑ කියන්න“
“කුමරියනි, හාදු සීයක් ඕනලු ඒක දෙන්න“ පරිවාරිකාව පැමිණ කුමරියට පැවසුවා.
“මේ යකාට ඇත්තටම පිස්සුද?“ කුමරිය පුදුමයෙන් කියමින් යන්න ගියා. ඒත් ඇය ටික් දුරක් ගිහන් නතර උනා.
“අපි කලාව පෝෂණය කරන්න ඕන. මම අධිරාජයාගේ දියණිය. හාර්කි... ගිහින් කියන්න මං හාදු දහයක් දෙන්නං. ඉතිරි ඒවා මගේ පරිවාරිකාවන්ගෙන් ගන්න කියලා“
“අනේ ඒත් අපිනං ඒකට කැමති නෑ“ පරිවාරිකාවො දුකෙන් කිව්වා.
“හප්පා ඒකත් එහෙමද? මට ඒ මිනිහව ඉඹින්න පුළුවන් නං ඇය ඔය අයට බැරි. මතක තියාගන්නව මං තමා ඔහේලට කන්න බොන්න පඩි නඩි ගෙවන්නේ හරිද?“ කුමරිය තරහෙන් කිව්වා. ඉතිං හාර්කිට නැවත යන්න උනා.
“මං කිව්වේ කුමරියගෙන් හාදු සීයයි. නැත්නං මං මේක තියාගන්නං එයාට එයාගේ හාදු ටික තියාගන්න කියන්න. එච්චරයි“ පට්ටිපාලක කිව්වා.
“මගේ වටේට ඉන්න“. එකකොට පරිවාරිකාවෝ ටික කලින් දවසේ වගේම ඇයව වටකරගත්තා.
ඉතිං ඇය ගණූදෙනුව පටන් ගත්තා.
“මොකක්ද අර කට්ටිය ඌරුකොටුව ගාව කරන්නේ“ සඳළුතලයේ හිටිය අධිරාජයා ඇහුවා. ඇස් දෙක පිහිදල තමන්ගේ කණ්නාඩි කූට්ටම දාගෙන අධීරාජයා මේ දිහා හොදට බැලුවා.
“මේ අර පරිවාරක ස්ත්‍රීන් නේද? ඒ නං මොකක් හරි හොර වැඩක්. යන්න ඕන බලන්න“ කියල තමන්ගේ සෙරෙප්පු කූට්ටමත් දාගෙන අධිරාජයා පල්ලෙහාට බැස්සා. මොකද ඒක දැම්මම එයාට ඇගිලි වලින් ඉස්සිලා බලන්න පුළුවන් නේ.
අධිරාජයා නිකං විදුලි වේගෙන් වගේ එතැනට ගියා.
ඔහු මිදුලට බැස්සට පස්සේ හරියට පුසෙන් වගේ. පරිස්සමින් කිට්ටු කළා. ඒ වෙලාවේ පරිවාරිකාවන්ට හොදටම වැඩ. හාදු ගණං කරන්න එපායැ. ඊටත් වඩා මේක ෂෝක් සෙල්ලම නේ. අධිරාජයා ළගට ම ගිහින් තමන්ගේ ඇගිලි වලින් ඉස්සිලා බැලුවා.
“මොකක්ද ඔය ඔතන වෙන්නේ“. ඔහු දැක්කා මොකක්ද එතන උනේ කියලා. තමන්ගේ සෙරෙප්පුවෙන් අධිරාජයා අර දෙන්නටම ඔළුවට ගැහුවා. ඒ වෙලාවේ කුමාරිය තමන්ගේ අසු හය වෙනි හාදුව තමා දෙමින් හිටියේ.
“පලයල්ල අහකට“ අධිරාජයා තරහෙන් කිව්වා. කුමාරියයි, පට්ටිපාලකයි දෙන්නම එළවල දැම්මා මාළිගයෙන්. ඉතිං කුමාරිය එළියට වෙලා අඩමින් උන්නා. වැස්සත් ආවා. ඒ මදිවට පට්ටිපාලකට බනින්නත් ගත්තා.
“අයියෝ මං වගේ අවාසනවාවන්න කුමාරියක්. .. අපරාදේ මං අර ලස්සන කුමාරයටවත් කැමති උනා නං.. දෙයියනේ මං මොන තරං අවාසනාවන්තද“ ඇය අඩන්න ගත්තා
ඊට පස්සේ පට්ටිපාලක ගහක් පිටුපසට ගිහිල්ල කළු ගැහිච්ච ඔහුගේ මූණ පිහිදගෙන රාජකීය ඇදුම් ආයිත්තං වලින් සැරසිලා බොහොම ලස්සනට කුමාරිය ඉදිරිපිටට ආවා. හරිම ලස්සනයි. තමන්ගේ ඉදිරිපිට ඉන්න කුමාරයා දැක්කම කුමාරිය ගෞරව කරන්න ගියාම කලන්තේ දාන්න වගේ උනා.
“මම හිතුවා මේක මෙහෙමයි කියලා. මං ඔබට වෛර කරනවා“ කුමාරයා පැවසුවා.
“ඔබට මොන විදියෙන්වත් අවංක කුමාරයෙක් ලැබෙන්නෑ. ඔබ රෝස මලකවත් නයිටින්ගේල් කුරුල්ලගෙවත් වටිනාකම දන්නේ නෑ. ඒත් කිසිම වැඩක් නැති බහුබූත සෙල්ලං බඩුවකට ඔබ අර ඌරු කොටුවේ එකාව සිපගත්තා. දැං හරිනේ ඔන්න ඔබගේ තෑග්ග ලැබුනා“
කුමාරියගේ මූණ ඉස්සරහ දඩාං ගාලා දොර වහගෙනම කුමාරයා යන්න ගියා ඔහුගේ රාජධානියට.
ඉතිං සමහර විට ඇය තාමත් එළියට වෙලා සින්දු කියනවා ඇති.
අයියෝ.. අනේ.. !! මගේ ආදර ඕගස්ටයින්
ඔක්කොම ඉවරයි.. ඔක්කෝම ඉවරයි!!
The Swineherd - Hans Christian Andersen