කව්ද මේ ටෙස්ලා!! (Nikola Tesla - The childhood)
ගෙදරදි ඉගෙන ගත්ත දේවල් මදි වෙච්චි නිසා, තාත්තා, ටෙස්ලව යවනවා කාර්ල්ස්ටැඩ් වල පිහිටි Higher Real Gymnasium කියන උසස් අධ්‍යාපන ආයතනයට. ඔහුගේ ගම් පළාතට දුරින් පිිහිටි මේ ඉස්කොලේ යන්න, ටෙස්ලා නවතින්නේ ඔහුගේ ඥාතියෙකු වේචිච නැන්ද කෙනෙකුගේ ගෙදර. මේ ගෙදර ඉදගෙන ඉස්කොලේ යන ටෙස්ලා අවුරුදු හතරක් වේචිච පාඨමාලාව අවුරුදු තුනකින්ම අහවර කරල දාන්න තරං සුරුවිරුකම් ඇත්තෙක් උනා. ඉස්කෝලේ උගන්නපු මාටින් කියල ගුරුවරයෙක් තමා ටෙස්ලට ගණිත ශාස්ත්‍රයයි, භෞතික විද්‍යාවයි කියල දෙන්නේ. ඒ ගුරුවරයත් ටෙස්ලගේ හැකියාවන් පිළිබඳව වටහාගන්නවා උනත්, සමහර ගුරුවරු නං, ටෙස්ලා මනෝමයෙන් හදන විශාල පුුර්ණ සංඛ්‍යා එකතු කිරීම් විශාල පුදුමයක් උනා. බොහෝ විට ඒ අය කිව්වේ මේ ටෙස්ලා බොරුවක් කරනවා කියලයි. ඔය කාලෙදි ඉස්කොලේ තිබුන පින්තුරෙක නයගරා ඇල්ල ඇදහැලෙනවා දැක්ක ටෙස්ලා, “කවදාහරි මම ඇමරිකාවට ගිහිල්ලා මේ ඇල්ලේ තියෙන ශක්තිය අල්ලගන්නවා“ කියලා ගෙදර මාමාට කියල තියෙනවා. ඔයින් මෙයින් ටෙස්ලට තමන්ගේ ගමන් මාර්ගයේ ඉලක්කය මොකක්ද කියන එක පළිගුවක් වගේම පැහැදිලව පේන්න ගන්නවා. ඒත් ඉතිං කලින් කිව්වත් වගේ ටෙස්ලට ඕන පාරේ යන්න තාත්තගෙන් අවසර නැති නිසා, අවුරුදු හතරේ උපාධියත් අරගෙන ආයි ගං දොර බලා ආපු ටෙස්ලට පහුගිය පොස්ට් එක ඉවර කරපු වෙලාවේ හැදුන කොලරාව හැදිල ඕන කරන වැඩේ කරගන්න පුලුවන් වෙනවා. සෙල්ලං නෙමෙයි මාස නමයක්ම බරපතල විදියට ලෙඩ වෙලා ඇඳටම වෙලා හිටිය ටෙස්ලට තමන්ගේ මාර්ගය පැහැදිලි වෙන්නේ ඊට පස්සේ තමා.
උත්සාහ වන්තයා ජයගන්නවයි කියනවා වගේ, ටෙස්ලා තමන්ට විරුද්ධ වෙච්චි තාත්තගේ පිහිටෙන්ම ග්‍රැස් (Graz) නගරයේ පිහිටි ඔස්ටියාන්‍ර පොලිටෙක්නික් කොලිජියේ ඉංජිනේරු විද්‍යාව හදාරන්න ශිෂ්‍යත්වයක් දිනාගන්නවා. ඉතිං ඒකට ඇතුලත්වෙනවා. හහ් හහ්.. එහෙම කොහොමද වෙන්නේ තව වැඩ තියෙනවා.
ඒ කාලේ ඕනම තරුණ කෙනෙකුට අවුරුදු 3 ක අනිවාර්ය හමුදා සේවයක් නියම වෙලා තිබුනා. කොළරාව හැදිල මැරෙන්න ඔන්න මෙන්න හිටපු ටෙස්ලා ඒකෙන් බේරෙන්න ඕන කමට වෙන පළාතකට පැනල ගියා. එහෙම ගිහිල්ලා පොත් “කඳු“ අරන් කඳු අස්සේ හැංගි හැංගි කාලේ ගත කරපු විත්තියක් තමා දැනගන්න ලැබුනේ. ඔය 1874 වගේ කාලේ. ඒ කිව්වේ ටෙස්ලට අවුරුදු 18 ක් විතර නේ. කොහොම උනත් ටෙස්ලා පසුව ප්‍රකාශ කරල තිබුනා එයාගේ ශාරීරික හා මානසික ශක්තිය ප්‍රභලව වැඩිමට ඒ කාලය තුල පරිසරයත් එක්ක දැඩි ලෙස ගැටීම ඉවහල් උනාය කියලා.
කොහොම හරි ටෙස්ලා තරුණයා පොලිටෙක්නික් එකට ඇතුල් උනා. ඊට පස්සේ පළවෙනි අවුරුද්ද එකම දේශනයක් වත් අත නොහැර හොදට ඉගෙන ගෙන ඒ අවුරුද්දේ හොදම ප්‍රථිපලත් ගත්තා. ඔය අවුරුද්දෙම සර්බියානු සංස්කෘතික සංගමයක් පිහිටවපු ටෙස්ලා ඒකෙත් හොදට වැඩ කරා. ටෙස්ලා පතපොත පරිශිලනය කරපු කෙනෙක් නිසා, ඔහු තුල කවියෙකුත් ජීවත්ව සිට තියෙනවා.
දෙවෙනි අවුරුද්දේ අලකලංචියක් ඇති උනා. භෞතික විද්‍යා පාඩමේදි ටෙස්ලගේ පන්තියටම අලුතෙන් හදාපු ඩයිනමෝ එකක් පෙන්නපු මහාචාරය වරයා, ඒකට විදුලිය සැපයුවාම එක් පැත්තට කරකැව්වොත් ඒක මෝටරයක් විදියටත්, අනෙක් පැත්තට කරකැව්වොත් ඒක ජෙනරේටර් එකක් විදියටත් භාවිතා කරන්න ඇහැක කියල පෙන්නල දුන්නා. ඔන්න ඔයි ඩයිනමෝව දිහා හොදට ඇහැ ගහගෙන හිටපු ටෙස්ලා මහාචාරයවරයත් එක්ක මත ගැටුමක් ඇති උනා. ඩයිනමෝ එකක් කියන්නේ යම් බලයක් සපයලා ඒකේ යාන්‍රික ශක්තියෙන් කොයිල් එකක්, චුම්බක ක්ෂෙත්‍රයක් ඇතුලේ කරකවලා විදුලි බලය උපදවාගන්නා එකක් නෙව. ඉතිං ඕකේ අර පැත්ත මාරු කරන්න කොමියුටේටර් කියල ගැජට් එකක් තියෙනවා සපයන බලය ප්‍රතිමාරු කිරීමට. ඒ කාලේ ඩයිනමෝ, මෝටර් වල ඔය කොමියුටේටර් කියන පරිවර්තකය අනිවාර්යයෙන් ම තියෙනවා. තමන්ගේ දැනුමේ තරම පෙන්නන්න ටෙස්ලා කිව්වේ කමියුටේටර් නැතිව මේ ඩයිනමෝව වැඩ කරවන්න පුලුවන් කියලා. ඔන්න ඔය කතන්දරේ ඒ කාලේ හැටියට කොහොමත් පිළිගන්න බැරි නිසාත්, ගුරුවරුන් තමන්ගේ දැනුම සීමාවක ඉන්න නිසාත් අන්තිමේ උනේ මුළු සභාව ඉස්සරහම ටෙස්ලාව ලැජ්ජාවට පත් කිරීමයි. ගුරුවරයා කිව්වේ “මේ ටෙස්ලා හදන්න යන්නේ කවදාවත්ම හදන්න බැරි සදාකාලිකවම දුවන ඩයිනමෝවක්ය කියලා.“ කෝම හරි කැම්පස් එකේ දෙවැනි අවුරුද්ද ඉවර වෙන කොට ටෙස්ලට ලැබිච්චි ශිෂයත්වෙත් නොලැබී ගියා. මේ හේතුව නිසා අසීමිතව සුදු කෙලින්න ගියපු විත්තියත්, තාත්තා කීප වතාවක්ම ඒකට දෝස්මුර දාපු විත්තියත් ටෙස්ලම කියනවා. තාත්තා මොනවා කරත්, අන්තම වතාවට කියල අම්මා සල්ලි වගයක් හොයල දීල “ෆන්“ එකක් අරන් වරෙන් කිව්ව දවසේ ටෙස්ලා සුදු ගහලා එදාම ඒ සුදුව නවත්තල දැම්මා. තුන්වෙනි අවුරුද්ද වෙන කොට උපාධිය හබක් කියල ආයි කියන්න ඕන නෑනේ.
ඔන්න ඔහොමයි ටෙස්ලා ගැන තියෙන වෙබ්සයිට් බෝමයක තියෙන්නේ. නමුත් ටෙස්ලාංගේ ස්වයං චරිතාපදානයට අනුව නම් ටෙස්ලා පොලිටෙක්නික් එකේ අධයාපන කටයුතු හමාර කළ බව සදහන් වෙනවා.
//After finishing the studies at the Polytechnic Institute and University I had a complete nervous breakdown and while the malady lasted I observed many phenomena strange and unbelievable.//
ආෆ්ටර් ෆිනිෂින් කියන්නේ කම්ප්ලිටිංද කියන ප්‍රශ්නය ඇති උනත් අපි ඔය ගැන වැඩිදුර හොයන එකේ වැදගත් කමක් නෑ කියලයි මට හිතෙන්නේ.
තමන්ගේ රටින් පිට වෙන ටෙස්ලාගේ පළමු ගමනාත්තය වෙන්නේ ස්ලෝවේනියාව. මැරිබෝර් නගරයේ ඉංජිනේරු ආයතනයක Draftsman තනතුරක සේවයට එක් වෙන ටෙස්ලා, ඔහුගේ පියා විසින් නැවත ගම්බිම් කරා එන්නැයි කරන ඉල්ලීමටත් ඇහුංකං දෙන්නෙ නැහැ. තාත්තා කියපු දේ ඇහුව නැති ටෙස්ලට තවත් අලකලංචියක්. නිත්‍යානුකූල පුරවැසිබාවය නොතිබුන නිසා පොලෝසියට අල්ලගෙන ගිහිල්ල පොලිස් පරික්ෂණ කරල අවසානයේ, පොලිසිය විසින්ම ටෙස්ලව ආයිත් ගමට පිටුවහල් කරනවා. ඔය 1879 අවුරුද්ද මාර්තු. 1878 මාර්තු වලදි තමා ටෙස්ලගේ තාත්තා ආවේ කුදලං යන්න. ඒක නිසා මේක නං කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි මට හිතුන දෙයක්. ටෙස්ලව ගෙදර ට ගෙන්නගන්න තාත්තම ටිප් එකක් දුන්නද කියන සැකේ මට ආවා. මොකද ටෙස්ලගේ තාත්තත් එක විදියට අයෙක් නෙව. ටෙස්ලා පිටුවහල් කරන්නේ 1879 මාර්තු 24. ටෙස්ලගේ තාත්තා හදුනානොගත් රෝගයක් නිසා අප්‍රෙල් 17 මිය යනවා. අවමගුල් දේව මෙහෙයෙදි ටෙස්ලගේ පියාව ශාන්තුවරයෙක් ලෙස උසස් කරනු ලබනවා. එතකොට හිතාගත්තැකි නේද ටෙස්ලගේ තාත්තා යම් ආගමක ඉහලම ආත්මාර්ථයේ හිටියා කියන එක. හරියට නාට්ටියක් වගෙයි නේ.
ටික කාලයක් ගුරුවරයෙක් ලෙස වැඩ කරන ටෙස්ලා, ඊට පස්සේ තමන්ගේ මාමාගේ පිහිටෙන් සල්ලි හොයාගෙන ප්‍රාග් වල තියෙන කාර්ල් ෆර්ඩිනැන්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න යනවා. හොදටම පරක්කුයි. ටෙස්ලාට ඇතුල් වෙන්න බැරි වෙනවා. අන්තිමට ටෙස්ලගේ ඉරණම් මග එළිකර දෙන, හංගේරියාවේ බුඩාපේස්ට් වල තියෙන දුරකතන සමාගමක ප්‍රධාන විදුලි කාර්මික ලෙස වැඩ කරනවා. එතනදි දුරකතන පද්ධතිය සදහා අලුත් උපාංග හඳුන්වාදීමටත් කටයුතු කරනවා. හවසක ඇවිදින්න යන ටෙස්ලා බැහැගෙන යන ඉර දිහා බලාගෙන මුමුණපු කවියක් නිසා ඉන්ඩක්ෂන් මෝටර් එකේ Rotating Magnetic Field කියන සංකල්පය හිතට ආවා කියලයි සදහන් වන්නේ. ඔය 1882 අවුරුද්ද. ගොතේ ගේ කවියකින් තමා ක්ෂණයකින් ටෙස්ලට මේ අදහස පහල වෙන්නේ. කාලයක් තිස්සේ ජීව්තේ කළකිිරෙන ගානට ඒසී මෝටර් ගැන හිතපු ටෙස්ලගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්නේ ඔය විදියටයි. ඒ මොහොතෙම ඉන්ඩන්ෂන් මෝටර් එකේ දළ සැලැස්ම, කෝටුවකින් වැල්ලේ ඇන්දා කියලයි සදහන් වෙන්නේ.
ගොතේ කවියාගේ නාට්ටියක තිබුන කවියක් තමා භෞතික විද්‍යාවේ විශිෂ්ඨතම සිද්ධාන්තයක් එළියට එන්න මුලික උනේ එහෙනං. ඔන්න කවිය.
"She moves and yields, the day of toil now done,
there she hurries and explores new fields of life.
Ah, that no wing can lift me from the ground
to closely follow her and soar!
A beautiful dream! Though now the glories fade.
Alas, the wings which lift the mind so lightly
can find no bodily counterpart!"
Johann Wolfgang von Goethe “Faust Parts I & II“
මක්කද මේ ඉන්ඩක්සොං මෝටර් කියල ඊළග කොටසෙං බලමු.