2015.03.26 පෙරවරු 11.00
“එහෙනං ඔක්කෝම හරිනේ.. ඔයා ලොකු එකාව ගන්න 1.00 ට.. ත්‍රයිෂෝ එකක් අරගෙන යන්න. මිනිහට ඇවිදින එක මහන්සියි ඔච්චර දුර.“
“හා මම හරියට 1 ට යන්නං. පොඩි ගේට්ටුව ගාව නේහ්.. මට මතකත් නෑ කාලෙකින් ගියෙත් නෑ නේ. ඇත්තට දැං මේන් ගේට් එකෙන්ද කොල්ලා යන්නේ“
“නෑ තාම ප්‍රයිමරි නිසා පොඩි ගේට්ටුටවෙන් යන්නේ. කියන එක අහගෙන ඉන්නවා විකාර කියවන්නේ නැතිව..#$%%%@$%@% හැක්“
“එතකොට පොඩි එකාව ඩේකෙයාර් එකෙන් ගන්න එක තමා අවුල“
“අයියෝ මනුස්සයෝ.. අඩි සීයක්වත් දුර නෑනේ. මිනිහවත් අරගෙන තුන්දෙනා එක්ක බස් එකේ එන්න. බැහැල ආයි වීල් එකක් අරන් ගියාම හරිනේ“
“මේ බඩු මලු දහයක් විතර උස්සගෙන මම පාරෙ යන කොට මිනිස්සු බලාවි මේ මොකෙක්ද කියලා.. වෙන ක්‍රමයක් නැද්ද අනේ ඕකට.. හරි වදයක් තමා පොඩි එකාව මට්ටු කරන එක. ඌ එක අඩියක් තියල අඩි දහයක් වටේ දුවනවා නෙව..“
“ඕන මගුලක් කරගන්නවා. එක්ක යන්න බැරි නං බම්බු ගහගන්නවා. මට කරන්න දෙයක් නෑ. මං එනකොට රෑ වෙයි ටිකක්. “
“කීය විතර වෙයිද එනකොට“
“වෙලාවක් කියන්න බෑ“
“නෑ නිකං ගෙස් කරල කියන්න වෙලාවක්“
“මේ... මං නැකැත් දන්නෑ.. එන වෙලාවට එනවා එච්චරයි“
“ඉතිං මං කීය වෙනකං බයෙන් ඉන්නද?“
“අැයි මං නැතිවෙනකං මිනිස්සු බලං ඉන්නවද තමුසේ උස්සං යන්න. නිකං බබා නොවී ඉන්නවා හිටං. පොඩි උන් දෙන්නා ඔයිට වැඩිය හොදයි“
“හා කමක් නෑ. මං ඉතිං අමරුවෙන් හරි ඉන්නං“
“මං තියනවා එහෙනං“
මගේ අම්මෝ ඔය මං හිතන්නේ ලව් කරන කාලෙ මල් කැඩුවට පස්සේ පවුලත් එක්ක ලොකු ටෙලිපොන් කොන්වර්සේසන් එකක් ගියාමයි මයි හිතේ. මේ ගෑනුන්ට එක විනාඩියක් සුවාමියා නැතිව ඉන්න බැරි හැටි. පුදුම සුවාමිබත්තියක් තමා තියෙන්නේ. බම්බුව.. හැක්
පෙරවරු 11.38
“හලෝ“
“දේශා.. ඔයා කොහේද“
“මං බස් එකට නගින්න ඉන්නේ“
“අනේ තරහ නොවී මේක අහගන්න“
“මොකක්ද“
“ඉස්කොලේ ටීචර් කෝල් කරා. ලොකු පුතාට හොදටම උණලු. පැනඩෝලුත් දුන්නලු. හිස කකියනවයි කිව්ව නිසා“
“අප්පට සිරි. මිනිහටත් එහෙනං අර උණ බෝවෙලා.. සැහ්.. දැං මොකද කරන්නේ“
“බේත් ගන්න ඕන.. දැං යන්න ඕන. ඔයි ගමන පස්සේ යන්න බැරියැ“
“බම්බුවක් කතා කරනවද? තමුසේ යනවා ඉස්කොලේට ගිහිල්ල කොල්ල අරන් ගිහින් බේත් අරන් දෙනවා“
“අයියෝ.. පිස්සු කියවන්න එපා.. මට බයයි උණ වැඩි උනොත් හෙම.. බෑ බෑ.. අද ඉන්න“
“මේ ගෑනුත් එක්ක මොකක්වත් කරන්න විදියක් නෑනේ.. මගුල“
“දැං ඕක අමතක කරල යං බේත් ගන්න. දන්නවා නේ ඔය උණ අමාරුයි හැදුනම“
“සික්.. හරි මං විනාඩි දහයෙන් එනවා ඔතනට. ලැහැස්ති වෙලා ඉන්න“
“හරි.. මං දැං එළියට එනවා එහෙනං. ඉක්මනට එන්න“
වැඩේ ජෝන්බාස්ටම ගියා නෙව. අපේ පොඩි එකාට සති දෙකකට කලින් හැදුනා උනක්. යකෝ 102 විතර උණ නගිනවා. මේකා ගැහෙනවා. දවස් දෙකක්ම නිදියගන්නැතිව ගේම ගැහුවේ. ඒ යකාට හො උනා විතරයි ලොකු එකාට බෝ උනා. මිනිහට හොද වෙච්චි ගමන් ආයි පොඩි එකාට බෝ උනා. මිනිහට හොද වෙලා දවසයි මේං ආයි ලොකු එකාට බෝ වෙලා.. බම්බුව. කියන එක ලේසියි. පොඩි උන්ට ඕක ඉවසන එක තමා ටිකක් අමාරු. කරන්න දෙයක් නෑ බේත් අරන් දීල කොල්ලත් එක්ක ගෙදර ඉන්නවා.
එතකොට නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල - 2014.... ඒකට බම්බු ගහගන්න කියනවා. හැක්