Wednesday, August 29, 2012

මහරජ ගැමුණු


මහරජ ගැමුණු


අපේ පුතිභාපූර්ණ ජයන්ත චන්දුසිරි මහත්තයා මීට අවුරුද්දකට ඉස්සර ලියපු මහරජ ගැමුණු නවකතාව මං හිතන්නේ තාමත් අලුත් පොතක් කියලා. ඒකේ පෙළගැසීම, පාරිභාෂිතය, ඉතිහාසය උකහාගැනීම හා නාට්‍යානුසාරය තවමත් මා අමන්දානන්දයට පත් කරනවා. දැනට කීප විටක්ම (අඩුම ගානේ පස් පාරක්වත්) බැලුවත් එහි තිබෙන නැවුම් බව තවමත් අත් විදිනවා. අපේ ඉතිහාසය තුල පුභලම පෞරුෂය නිර්මාණය කර ඇත්තේ ගැමුණු රජතුමා වෙනුවෙනු‍යි. මහා වංශයේදි එතුමා දුෂ්ඨ ගාමිණි වුවත් එතුමාගේ වීරත්වය පිළිබද හොද අවබෝධයක් මේ පොත සපයනවා. මෙම පොත ඇත්තටම තිර රචනයක් වෙනවා. මම තවමත් දුක්වෙන්නේ ඇයි ජයන්ත මහත්තයට මේක තාම තිරයකට දාගන්න බැරි උනේ කියලා. පොත හොයාගෙන කියවලාම ඒකේ රසය විදගන්න. ජයන්ත මහත්තයට එහි චිත්‍රපටය නිර්මාණය සදහා අවශ්‍ය ශක්තිය ලැබේවායි පතමි.

Thursday, August 23, 2012

Review on Scam Money making systems

සෙල්ලං සල්ලි?

පෘථිවිය මත ලෝක කිහිපයක්ම තිබුනත් ඒ හැම ලෝකයේම ජීවත් වන මිනිසුන් හට ඇති මුදල් අවශ්‍යතාවය අසීමිතය. ඒ දවස් වල පරිමිඩ් ක්‍රම හරහා මිනිසුන් සෙල්ලං සල්ලි හොයාගන්න උත්සාහ ගත්තා. ඒ මදිවට දඩුවම්ලා, සක්විතිලා අහිංසක මිනිස්සු‍න්ගේ විතරක් නෙමෙයි ලොකු කොම්පැනි කාරයන්ගේ මිලියන ගණනක් මුදල් වලිනුත් සෙල්ලං කලා. ඔය එක තැනකදී වත් වියදං කරපු ගාන තියා දීපු සල්ලි ටිකවත් ගන්න බැරි වෙලා තියෙන්නේ.


මේ දවස් වල රාජකීය හෙන්රි කොලුවෝ ලාස් වේලාස් වල හෙලුවෙන් දැගලුවත් ඇමරිකාවෙත් ජීවත් වෙන්න අමාරු කාලයක් තමා තියෙන්නේ. එහෙම උනත් මෙම අන්තර්ජංජාලය භාවිතා කරල මිනිස්සුන්ගෙන් සල්ලි ගරන ක්‍රම පටන් ගත්තේ සෑහෙන කාලයකට ඉස්සර වෙලා. මේ වනතුරුත් එක එක ක්‍රම වලින් මිනිස්සු අමාරුවේ දාන්නා හදාගත්ත ක්‍රම අනන්තවත් තියෙනවා.. හෙටත් හැදෙනවා.


අපිට ඒ දවස් මතක අපේ ඊමේල් එකට එවන මේල් එකකින් කියන්නේ "ඔයාට සුභපැතුම්! ඔන්න ඩොලර් 10000 ක ලොතරැයියක් ඇදිලා තියෙන්නේ ඉතිං ඒ සල්ලි නැවේ එවන්න ඩො‍ලර් 50 ක් එවන්න" කියලා. ඉතිං ඕකට අහුවෙලා හොරෙන් හොරෙන් බැංකු විස්තර දුන්න අයියලත් උන්නා. එක් දවසක් මගේ යාලුවෙක්  ඇවිල්ලා කියනවා මචං කාටවත් කියන්න එපා මට ලොකු ගාණක් ඇදිලය කියලා මේල් එකක් ආවය. ඒ සල්ලි නැවට දාන්න අච්චර ගානක් යවන්න ඕනය කියලා. ඉතිං ඇදිච්ච ගාන එක්ක බැලුවම නැවට දාන්න යන ගාන මුහුදට දාපු ‍පොල්ලෙල්ලක තරම නිසා මං ඌ‍ට කිව්වා ඒ ගාන අඩු කරගෙන ඉතුරු ටික එවන්නට කියාපං කියලා. මෑන්ස් එහෙම කියාල මේල් කලා නොවැ. ඒ පාර කියනවලු ඒ වගේ වැඩ කරන්න බැරිය කියලා. ඉතිං කොහොම හරි මම මේ යකාට තේරුම් කරල දුන්න ඒක ‍බොරුවක් කියලා. ඒ දවස් වල අපිත් ප්‍රාථමික මට්ටමින් තමා ඔය ගැන දන්නේ. නමුත් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරනව නම් ඒවට අහුවෙන්න සිදු වන එකක් නෑ. 


අන්තර්ජාලයේ තියෙන විදියට සතියට ඩොලර් 500 - 600 ලේසියෙන්ම හොයන්න පුලුවන්. ඒකට වැඩිය මහන්සි වෙන්න ඕනත් නෑ. ඉතිං මේවට‍ අහුවෙලා අතේ තියෙන පිචිචියත් නැති කර ගන්න යන්න එපා. ගොඩක් වෙලාවට ඒ වගේ ‍ලොකු සල්ලි හොයාගත්තය කියලා නම දාල තියෙන අය ලෝකේ පුරා දහසකුත් එකක් නගර වල ගෙදරට වෙලා ඉන්නවා. ඒත් මේ තියෙන Targeted advertising නිසා අපිට එහෙම තිබුනට සත්‍ය ලෙසම ඒකත් වංචාකාර විදියට හදපු වීඩියෝ, පුවත්පත් සාකච්ඡා, ලිපි වලින් මිනිසුන් ගොනාට අන්දනවා වගේමයි.


ඔය කියන හැම තැනම බොරුව තමා තියෙන්නේ.


මේ දවස් වල ඇමරිකාව පුරාම දුවන කෙලී රිචඩ්ස් නංගි ගෙදරට වෙලා සල්ලි හොයන තැන ගැනයි ඒකේ තියෙන් බොරුව ගැන බ්ලොග් එකක ලියපු ලිපියයි වෙත යන්න තියෙන් ලින්කටු දෙකක් පහතින් ඇත. (අර ලිපියේ කමෙන්කටු බලල මේවා ගැන ලොකු දැනුමක් ලබාගන්න පුලුවන්.


සුභ ගමන්


Tuesday, August 21, 2012

FUCK (ෆක්) වචනය වල්ද?

FUCK


ෆක් කියන ඉංගිරිසි වචනය සුද්දන්ටත් වඩා අනෙක් ජාතිකයන් වැඩිපුරම භාවිතා කරන වචනය බව ඔබ දන්නවාද? අපි හිතන තරම් මේක වල්ද? කොහාමද ෆක් උනේ කියලා හිතෙනවා නේද? ඉතිං ඒකට ඕන තරම් අටුවා ටීකා ටිප්පනි (අන්තර්ජංජාලය පුරාම) ඇති පදම් හොයාගන්න පුලුවනි. ඉතිං මේකේ ආරම්භය සනිටුහන් වෙන්නේ කොහොමද කියලා බැලුවම ඉතාම පෞරාණික ජනශ්‍රැති දෙකක් ඉදිරියෙන්ම ඉන්නවා.


1. 15 වැනි සත වර්ෂයේදි පමණ එංගලන්තයේ ජීවත් වූ ඕනෑම අයෙකුට තම මෛතථුනික කාර්යය කර ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා රජතුමාගේ අනුමැතිය ලබාගන්නට ඕනෑවූ බවත් රජතුමා විසින් එලෙස අනුමැතිය ලබාදුන් කාඩ්පතක් ගෙදර දොරේ එල්ලා එම කාර්යය ඉටු කළ යුතුවූ බවත් සදහන් වෙනවා. ඒ අනුව රාජානුමැතිය කාඩ්පතේ සදහන් වී ඇත්තේ Fornication Under Consent of the King ලෙසයි. පසුව එය කෙටි කර සදහන් කිරීමෙන් F.U.C.K. ලෙසත් භාවිතාවේදී එය FUCK ලෙසත් වෙනස් වී ඇති බව අදාළ ජනශ්‍රැති සාක්ෂි දරයි.


2. අනෙක් ප්‍රධාන ජනශ්‍රැතිය නම් 15 වන සියවස කාලයේදි එංගලන්තයේ සිදු වු කාම අපරාධ, ගණිකා සේවය ආදිය සදහා පුද්ගලයන්ට දඩුවම් ලබාදීමෙදි හා ඒ සදහා භාවිතා කල භාණ්ඩ (අපොයි ඒවා නෙමෙයි. ඇද වගේ දේවල් වෙන්න ඇති) අත්අඩංගුවට ගැනීමේදි නිලධාරීන් විසින් ඒවා වර්ගීකරණය කරන ලද්දේ නීතිවිරෝධි මෛථුනික දැනුම (For Unlawful Carnal Knowledge) ලෙසයි. ඒ කාලයේ සිටි කම්මැලි නිලධාරීන් මෙය ඉහත ආකාරයෙන්ම කැත අකුරෙන් සදහන් කිරීම නිසා මෙය වචනයක් ලෙස භාවිතා වූ බව සදහන් වෙයි.


ඒකට හොදම උදාහරණයක් ලංකාවෙන්ම දෙන්නම්
ඔන්න නඩුවක් අහන වෙලාවේ නීතිඥයා චූදිතයන් වෙනුවෙන් පෙනී ඉන්න කොට නඩු කාර උන්නාන්සෙට පේනවා පළමුවැනි චුදිතයා නිවරැදිකරුවෙක් බව. ඉතින් නඩුකාර උන්නාන්සේ ඝෝෂකයාට කියනවා එයාව නිදහස් කරන්න කියලා. ඉතිං අපේ කම්මැලි එතුමා කෑ ගහනවා චූ එක එළියට දාන්න කියලා. පළමුවැනි චූදිතයා ලැජ්ජාවෙන් අහනවා දැන්ම කරන්න ඕනද කියලා.. ඕක දිගටම යනවා. නඩුකාර උන්නාන්සෙට තරහ ගිහිං යාන්තං නිතීඥයාට කියලා අහිංසකයව එළියට දානවා. (ඒ කිව්වේ චූ එක නෙමෙයි පළමුවැනි චූදිතයව)

ඒක පැත්තකින් තියලා ආයත් මාතෘකාවට එමු.


මෙහෙම අලුතින් ඇති වූ වචනය රේඛියව කාමුක සංතර්පනය කෙරෙහි බලපාන ආකාරයට සකස් වීම හේතුවෙන් එය සමාජය තුල ව්‍යාප්ත වන්නේ සංසර්ගය සදහා භාවිතා වන වචනයක් ලෙසයි.


මෙම වචනය ඉතා වටිනා ආකාරයට භාවිතා කරන සුද්දන්ගේ වාක්‍ය ටිකක් හොයා ගන්නා පුලුවන් උනා. ටිකක් පාඩම් කරගන්න එක හොදයි වගේ මේ ‍බ්ලොග් වල යන දේවල් වලට කමෙන්ටයන් කරන්න.

ඉතිං භය වෙන්න කාරියක් නෑ ඕගොල්ලෝ ඉංග්‍රීසි ටිකක් නෙලන කොට මේකත් ටිකක් ඔබන්න ගත්තොත් ආඩම්බරයෙන් හොද සුද්දෙක් වගේ කතා කරන්න පුලුවන්.


FUCK YOU

Greetings
"How the fuck are you?"
Fraud
"I was fucked by the McDonalds Drive Through."
Dismay
"Oh, fuck it."
Trouble
"Well, I guess I'm fucked again."
Aggression
"Fuck you!!!"
Disgust
"Fuck me!!!"
Confusion, Curiosity or Disbelief
"What the fuck....?"
Difficulty
"I don't understand this fucking thing."
Despair
"Fucked again."
Good Job
"Congratufuckinglations."
Desperation
"Fuckityfuckfuckfuck."
Incompetence
"He fucks up everything."
Disappointment
"This fucking fucker is fucked."
Intelligence
"He's a fucking genius."
Dismissal
"Why don't you go outside and play hide-and-go-fuck-yourself?"
Displeasure
"What the fuck is going on?"
Lost
"Where the fuck are we?"
Disbelief
"Unbefuckinglievable!!!"
Retaliation
"Up your fucking ass!!!"
Laziness
"He's just a fuck-off."
Pain
"Fuck ! that hurt."
Pleasure
"Oooooooh Fuuuuuuck"
Love
"Do ya Fuck on first dates?"
Starting a relationship
"Let's fuck now!"
Surprise
"Fucking hell what was that?"
Admiration
"Nice fucking tits!"
Stupid person
"Dumbfuck!"
Hate
"You Fuck!"
Condemnation
"Fuck that shit!"
Disappointment
"That's not fucking fair."
A poker hand
"A Royal Fuck."
Ignorant person
"Fuckstick."
Denial
"I didn't fucking do it."
Perplexity
"I know fuck all about it."
Apathy
"Who gives a fuck" or "I don't give a fuck".
Confusion
"What the fuck just happened?"
Resignation
"Oh fuck it."
Suspicion
"Who the fuck are you?"
Panic
"Let's get the fuck out of here!"
Directions
"Fuck off."
Sex
"Let's fuck."
Maternal
"Motherfucker."
Incestuous
"Motherfucker."
Ambiguity
"I'm not so fucking sure."
Agreement
"Absofuckinglutely."
Questioning Authority
"Who the fuck do you think you are?"
Hypocrisy
"Don't you dare fucking swear at me you fucking fucker."
Praising the Lord
"Jesus Fucking Christ."
I have a headache
"Go fuck yourself."
Refusal
"Oh you can fuck right off."
Pissed off
"Fuck the fucking fuckers!"
Be quiet
"Shut the fuck up."
You're right
"Fucking oath." (Australianism)
Ostentation
"He's just bought a big, fuck-off Mercedes."
Sensuousness
"She was wearing a pair of red leather, fuck-me boots."
Confidence
"Fuckin' A."
Rage
"Motherfucking fuckers!"
Impressed
"That was fucking amazing."
Oral sex after 30 years of marriage
"Fuck you!" (while passing each other in the hall)
Bewilderment or Ignorance
"Fucked if I know."
Enraged
"I'm gonna fuck you up!"
Annoyance
"Fuck off, fucker."
Annoyance
"For fuck's sake."
Pissed off
"Fuck you, you fucking fuck."
Tardiness
"It's ten-fucking-thirty already?"
Broken down motorcycle
"Sir, the fucking fucker has fucked up on me.
Professional appraisal of mechanical failure
"It's fucked."
Calling someone
"Oy, fuck face!"
Minors
"Fucklings."
Morons
"Fucktards."
Completely naked
Butthefucknaked
Low intelligence
Fuckwit
A name for the penis
Fuckstick (as in "I'm going to jam my fuckstick right up you")
Very good
Fan-fucking-tastic
Thanks
"Fuck you very much."
Exhaustion
I'm fucked!


 වටිනා වාක්‍ය ටික ගත්තේ  http://justin.justnet.com.au/rudestuff/uses-of-the-word-fuck.html තැනිං


Monday, August 20, 2012

බෙහෙත් නැති රෝහල

Medicineless Hospital in China


වසර 25ක් පමණ තිස්සේ විද්‍යාව, ආධ්‍යාත්මිකතාවය හා භෞතික ලෝකය අතර ඇති සම්බන්ධතාවය පිළිබදව ලෝකය පුරා කදුකර ප්‍රදේශ, දුරස්ථ ග්‍රාමයන් වල සැගවුන් රහස් ‍සොයා යමින් ඒවා එකතු කරගෙන ලිපි පළකල පුරෝගාමියෙකු ලෙස ග්‍රෙග් බ්‍රේඩන් මහතා (www.greggbraden.com)හැදින්විය හැක.

පරිගණක ක්ෂේත්‍රයේ ඉහල බුද්ධිමතකු වන මොහු කාලයක් ඇමරිකානු ආරක්ෂක ඇකඩමියේ උපදේශකයකු ලෙසද සේවය කරන ලදි.

ලොව පුරා සංචාරය කරමින් සැගවී ඇති ආධ්‍යාත්මික රහස් පිළිබද සොයා බලමින් විශිෂ්ඨ එළිදරවු කිරීම් කල බ්‍රේඩන් මහතා ‍ගේ මා දුටු විශ්මිතම එළිදරවුව නම් චීනයේ ක්විහුග්‍ඩා‍ඕ පළාතේ පිහිටුවා ඇති බෙහෙත් නැති රෝහලේ දී සිදු කරන ලද පිළිකා ප්‍රතිකාරයයි. එහිදි කරනු ලබන්නේ රෝගියා මානසික ඒකාග්‍රතාවයකට ගෙන ඒම සදහා හොදින් පුහුණු වූ වෘත්තිකයන් තිදෙනෙකු විසින් ආධ්‍යාත්මික බලපෑමක් ඇති කිරීමයි. එමගින් කිසිදු බෙහෙතක් නොමැතිව විනාඩි ගණනක් තුල පිළිකාව සුව කරන ආකාරය දැක්වෙන් වීඩියෝවක්ද බ්‍රේඩන් මහතාගේ දේශනාවට අදාළ වීඩියෝවේ දැක්වේ.

අප විශ්වාස කළද නොකළද මෙම ලෝකය තුල ආධ්‍යාත්මික ශක්තිය තැන්පත් ව ඇති බවත් එය නිසි පරිදි ප්‍රයෝජනයට ගන්නේ නම් මෙවැනි විශ්වකර්ම වැඩ කිරීම අපහසු නොවන බවත් පෙනී යයි.

වීඩියෝව සදහා http://www.youtube.com/watch?v=GUbEgg6GklU

බ්‍රේඩන් මහතා විසින් ලියා ඇති පොත් පත් http://www.hayhouse.com/authorbio.php?id=99

Useful HTML codes for your blog


ඔබගේ බ්ලොගය අධි ක්‍රියාකරි මටිටමක පවත්වාගැනීම සදහා අනිවාර්යයයෙන්ම භාවිතා කළ යුතු HTML Tags පිළිබද ලිපියක ලින්කනයක් ඉදිරිපත් කරමි. හොදින් කියවා බැලීම අවශ්‍ය වන අතර ප්‍රායෝගික භාවිතය පිළිබදව නිසි තක්සේරුවක් හා පරිචයක් ලබාගැනීම වඩා වැදගත් වේ.


http://lorelleteaches.wordpress.com/2012/01/06/the-10-html-tags-you-must-know-to-blog/

How to get more hits on your blog?

How to get more hits on your blog?

ඔබගේ බ්ලොග් එකට වැඩි පුර අනින අය ගන්නේ කොහොමද?

මේ පිළිබදව බොහෝ දෙනෙකුට (මටත්) පැහැදිලි දැක්මක් නොමැති බව ‍ලංකාවේ ජනප්‍රිය වී ඇති බ්ලොග් ප්‍රමාණයෙන්ම තේරුම් ගත හැකියි. මටත් අවශ්‍ය උනා මේ ගැන විස්තර හොයාගන්න. ජාලය සැරිසරා සොයාගත් විස්තර වලින් වැදගත්ම තොරතුරු ඉදිරිපත් වූ ලින්කයක් සොයා ගැනීමට හැකි වූ අතර එහි සාමාන්‍ය සිංහල පරිවර්තනයක් ඉදිරිපත් කරමි.

මුලාශුය - http://www.dr-sandy.net/2008/02/how-to-get-more-hits-on-your-blog.html

බ්ලොගයක් බලන හා පැමිණෙන පුමාණය (Web Traffic) මත එම බ්ලොගයේ සාර්ථකත්වය පිළිබිඹු වෙයි. එය බ්ලොගයේ ක්‍රියාකාරිත්වයේ මිනුම් දණ්ඩක් ලෙස භාවිතා වේ.

ඔබගේ බ්ලොගයට පැමිණෙන අමුත්තන් වර්ග දෙකකි.
  • පළමු අවස්ථවේ පැමිණෙන්නන් (New Visitors)
  • නැවන නැවන පැමිණෙන්නන් (Revisitors)

එකම ස්ථානයකට පැමිණියද මෙම ආකාර දෙක වෙනස් ප්‍රභේදයන් වන අතර එක් එක් ප්‍රභේදය ආකර්ෂණය කිරීම සදහා ගත යුතු පියවර වෙනස් වේ.

පළමු අවස්ථවේ පැමිණෙන්නන් (New Visitors)
ඔබගේ බ්ලොගය සදහා අලුතින් සාමාජිකයන් එවනු ලබන මුලාශ්‍ර හදුනාගැනීම මෙම කාර්යය සාර්ථක කර ගැනීමට පිටුවහලක් වේ. හදුනාගත් එවැනි මුලාශ්‍ර 4 ක් පවතී.

  1. සෙවුම් පිටු (Search Engines such as Google, Yahoo, Babylon)
  2. වෙනත් බ්ලොග් සටහන් හා පෝරම (Other Blogs and Forums)
  3. සමාජ ජාල වෙබ් අඩවි (Social Media sites such as Facebook)
  4. ක‍‍ටින් කට පැතිරවීම (Word of Mouth)

මෙම ආකාර සතර නිසි පරිදි අධ්‍යයනය කිරීමෙන් ඔබගේ බ්ලොගය සදහා විශාල පිරිසක් ගෙන්වාගැනීමට හැකි වනු ඇත.

සෙවුම් පිටු වල මුල් තැනට පැමිණීම සදහා අවශ්‍ය වනුයේ ඔබ විසින් ඉදිරිපත් කරන කරුණු නිසි පරිදි ගොනු කර තිබීම, වචනගත සෙවීම් සදහා ප්‍රතිචාර දැක්විය හැකි ප්‍රභල වචන එකතු කිරීම, බ්ලොග් පෝස්ට් වල ලින්කනයක් ඉදිරිපත් කිරීම, HTML Tags භාවිතා කිරීම ආදියෙහි කෙල පැමිණිමයි.

ජනප්‍රිය බ්ලොගයන් තුල ප්‍රභල, දැඩි ආකර්ෂණයකින් යුත් කොමන්ටයන් දැමීම ඉතා විශාල අමුත්තන් ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට ඉවහල් වේ.

වෙනත් බ්ලොගයක් සදහා ආරාධිත පෝස්ටයන් දැමීමෙන්ද ඔබේ බ්ලොගය සදහා වඩා විශාල අමුත්තන් ප්‍රමාණයක් ගෙන්වා ගත හැකිය.
පෝරම (Forum) සදහා ලිපි සැපයීම, ප්‍රශ්න සදහා ඉතා වටිනා පිළිතුරු ලබාදීම ආදිය හේතුවෙන්ද ඔබ‍ට ආකාර්ෂණයක් ලබාගත හැකිය. නමුත් මෙය වෙළද උපායක් ලෙස නොව සැබෑ ලෙසම උදවු කිරීමක් ලෙස පෙනෙන පරිදි කටයුතු කිරීමට වග බලා ගත යුතුය.

ඉතා විශාල කරුණු කාරණා තිබුනද, මෙම ලිපිය නීරස ‍වන හෙයින් තවදුරටත් කරැණු ඉදිරිපත් නොකරමි.

ඔබට‍ අවශ්‍ය නම් ඉහත ලින්කනයෙන් මූලාශ්‍රය පරිශීලනය කල හැක.





චූං පාං

චූං පාං



ලංකාවේ විවෘත ආර්ථිකය පටන්ගත්තට පස්සේ එක එක දෙවල් වෙනස් උනානේ. සමස්ථයක් හැටිය‍ට අපි කන බොන අදින පලදින දේ හිටං වෙනස් වුනා. කොටින්ම කිව්වොත් ඉස්සර කක්කුස්සිය‍ට ගිය අපි දැං යන්නේ බාත් රූම් වලට නොවැ. ඒකටත් එක්ක කොමඩ් එකක් තියෙන්නම ඕන. ගිය දේ ගියාවේ. මං මේ කියන්න යන්නේ අලුත්ම විවෘත ආර්ථික සංකල්පය වන චූං පාං ගැන.

උදේට බලන්න 5.00 ඉදලා 8, 9 වෙනකං චූංපාං කොල්ලෝ කීදෙනෙක් යනවද? අපේ ගෙවල් පැත්තේ නං උදේට වාහන 5 ක් විතර යනවා. සාමන්‍යයෙන් මිනිස්සු හිත‍න්නේ මේ ගොල්ල බේකරි දාගෙන බොහොම අමාරුවෙන් වැඩේ කර ගෙන යනවා කියල‍. ඇත්ත තත්වය නං කොහේ හරි තියන බේකරියකින් මේ වාහන ඔක්කොම බඩු ගන්න එකයි. හැම බේකරියම මේ ගොල්ලට බඩු දෙන්නෙ නෑ. ඒකට හරියන බර අඩු, ප්‍රමිතිය අඩු භාණ්ඩ සපයන බේකරි තමයි වැඩේට අල්ලන් තියෙන්නේ. ‍ඒ ‍බේකරියටත් කියන්නේ චූංපාං බේකරිය කියලා.. ඇයි.. උදේ හවස වාහන 10 ක් 15 ක් විතර එතනට එනවානේ.

අනිත් එක් මේ වාහන අයිති වැඩිම උනොත් දෙන්නෙකුට විතර. අපි හිතමු මම පාං ගන්න එකේ පාං නැතිනං මිනිහා කියනවා "මහත්තයා. අපි ගාව ඉවරයි. එනගමන් අපේ අනිත් එකෙන් අරගෙන එන්නම්" කියලා.

තවත් එකක් සහෝදරයෝ වගේ ඉන්න මේ අය ටර්න් එක වැරදුනාම අනෙක් එක්කෙනාට පහර දෙන වෙලාවල් එහෙමත් තියෙනවා. අපේ ප්‍රයිවට් බස් ක්‍රමය ව‍ගේමයි.

අඩුවට බඩු දුන්නට එ‍්කේ ලාභයක් නෑ. අපි ගන්න පාං ගෙඩියක සාමාන්‍යයෙන් ග්‍රෑම් 370 ක් වත් නෑ. අනිත් ඒවත් එහෙම තමයි. කමක් නෑ ළගටම ගෙනැත් දෙනවනේ නේද?

ලංකාව වටේ ට්‍රිප් එකක් යන්න (Sri Lankan Trips)

ට්‍රිප් එකක් යනකොට විස්තර දැනගන්න විදියක් නැද්ද?

අපි හුගක් වෙලාවට ට්‍රිප් එකක් යන්න හිතුවට යන්න වෙන්නෙ නෑ නේද?

ඒකට හේතු ගොඩාක් තියෙනවා. අපේ කාල සටහන හරස්වීම, නිසි පරිදි සංවිධානය කරගැනීමට නොහැකි වීම, ට්‍රිප් එ‍කේදි බලන්න ඕන දේවල් හරිය‍ට පෙලගස්වා ගන්න නොහැකිවීම ආදි හේතු. (සල්ලි මදියි කියල නං කියන්න එපා)

මම එක පාරක් උඩවලවෙ ට්‍රිප් එකක් යන්න හිතල ඒකට තොරතුරු යාලුවන්ගෙන් එකතු කරත්තම වැඩේ මංඡං වෙලා ඒක බ්‍රේක් උනා. පස්සේ මං කරපු වැඩේ අන්තර්ජාලයට ඔලුව දාලා විස්තර ඩිංගක් හොයාගන්න බලපු එක. ඒ වෙලාවේ කොච්චර විස්තර තිබුනත් මෙන්න මේ සුපර් සයි‍ට් එකෙන් ඇති තරං විස්තර දැනගන්න පුලුවන් උනා. තව ඕනෙනං මට ඕන දේවල් ගැන ලියල තිවුවම ඒකේ අයියලා ඇති පදමට විස්තර දෙන්න බැදිල ඉන්නවා.

ඔන්න ඔයාලටත් ඉඩ තියෙනවනම් ගිහිල්ලම බලන්න. නියම තැත.

http://trips.lakdasun.org/

ලක්දසුන් පිරිවරට තව තවත් ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

Joe Vitale

ආචාර්ය ජෝ වයිටාලේ,



ඇමෙරිකාවේ ඉපිද දැඩි කරදර වලින් ගහන වූ ජිවිතයක් ගත කල (කන්න නැති වූ කලි හොරෙන් කෑම පවා කෑ) ජෝ වයිටාලේ විසින් ප්‍රමුද්දීපනය (inspire) යොදා ගනිමින් තම ජීවිතය ජය ගත් හැටි හා ඒ පිළිබදව ලෝකවාසි ජනතාව ධනාත්මක ලෙස හිතන්තට හා ක්‍රියාත්මක වීම සදහා අවශ්‍ය උපදෙස් හා දේශන පවත්වමින් විශ්වීය ශක්තිය පිළිබද නව නිර්ණායකයන් ඉදිරිපත් කරමින් කටයුතු කරන සුපිරි පුද්ගලයෙකි. අවාසනාවකට මෙම දේශන පිළිබද ලාංකීය සමාජය තුල කතිකාවතක් ඇති නොවීමට ප්‍රධානතම හේතුව මෙම දේශන සම්පූර්ණයෙන්ම ඉංග්‍රිසි බසින් යුක්ත වීමයි. ලංකාවේ සිටින මහා ප්‍රාඥයන් බව පවසන කිසිදු ආචාර්ය මහාචාර්ය විද්වතෙකු මෙම ‍ක්ෂේත්‍රය ආවරණය කිරීමට අඩු තරමේ හෝ ලංසුවක් තබා නොමැති වීම මතම ඉතා දියුණු වූත් සිත්ගන්නා සුලු වූත් විෂයයක් සමා‍ජයෙන් ඈත් කර තබා ඇත.

ඇමරිකානු ජනතාවගේ ක්‍රියාකලාපයන් හා ඔවුන් ගැටලුවකදී ක්‍රියාකරනු ලබන විශිෂ්ඨ ආකාරයන් සදහා වූ මුලික අඩිතාලම වැටී ඇත්තේ මෙවැන් ධනාත්මක කරුණු පදනම් කර ගෙනය.

ජෝ වයි‍ටාලේ සම්බන්ධ වීඩියෝ සදහා පහත ලින්කනයන් භාවිත කරන්න.

http://www.youtube.com/watch?v=SlEeZdzfPmw

http://www.youtube.com/watch?v=iI7RIH7iGkc

මොහුගේ එක් දේශකයක් හෝ සිංහලට පරිවර්තනය කිරීමට කටයුතු කරන්නෙමි.


Friday, August 17, 2012

ප්‍රථම ආමන්ත්‍රණය

සිංහල බ්ලොග් කරුවෙකු වන්නට හිතට සවිය දුන් සියලුම බ්ලොග් කරුවන් වෙත මාගේ ප්‍රණාමය!

ඔබ දන්නවාද මේ ‍ලෝකයේ මිනිසුන් වර්ග 10 ක් සිටින බව... ඒ ද්විමය (Binary) ගැන දන්නා අය හා ඒ ගැන නොදන්නා අයයි.
....

.....

.........

ඔබ නොදන්නවානම් බලන්න 1 හා 0 එයට හැකි උපරිමයයි. එකතුව උපරිම 2 කි.