මගේ රත්තරං යාලුවෝ හැමෝට මතක ඇති නේද අර තායිලන්තේ ළමයි බේරගන්න කියල පැය අටෙන් පොඩි පොඩ් එකක් හදාලා ඒකත් අරං තායිලන්තෙට ගොඩ බැහැපු ටෙස්ලා උන්නැහේ. සොරි ඉලොන් මස්ක් උන්නැහේ.
එයාගේ ස්පේස්එක්ස් කියන සමාගම 2018 පෙබරවාරි මාසේ 05 වැනිදා Falcon heavy කියන තඩාර් සයිස් රොකට් එකෙන්, එතෙක් මෙතක් කාලෙකට කව්රුවත් නොකරපු දෙයක් කරා .ඒ තමා එයාටම අයිති ටෙස්ලා කාර් කම්පැනියේ හදපු එයාගෙම Tesla Roaster ඉලෙක්ට්‍රික් කාර් එක රොකට් එකේ පටවල අභ්‍යවකාශෙට යැව්වා අපි ඉන්නකං උඹත් කැරකි කැරකි ඉදහං කියල. කෝම හරි පොඩ්ඩක් ඉස්මිස් වෙලා මේ කාර් එක අභ්‍යවකාශේ එයාට ඕන තැනට නොගියට මේ කාර් එක මාර වේගෙකින් අභයවකාශේ මේ දැනුත් ගමන් කරමින් ඉන්නවා. පැටෝල් ඩිංගක් නැතිව, බැට්රියේ ජූස් ඩිංගක් වත් නැතිව පැයට කිලෝ මීටර් විසි තිස් දාහක වේගෙන් යන කාර් එකක් තියේනං ඉතිං මේ රෝ්ඩ්ස්ටර් එකම විතරයි ෆෙන්.
ඔය කාර් එක යන වේගය, දුර ට්‍රැක් කරන්න හාදයෙක් පොඩි සයිට් කෑල්ලක් අටවන් ඉන්නවා. මං නිකමට වගේ මාසෙකට සැරයක් ඕක ගිහිල්ල බලල එනවා. හැබැයි් මේ සියළු ගණනය කිරීම් කරන්නෙ කාරය අභ්‍යවකාශයට මුදා හැරිය මොහොතේ සිට චලනය වන වේගය හා කක්ෂය අනුවයි. සමාර විද්‍යාඥයින් නං කිව්වේ “මොන විකාරයක්ද? සුර්යාගේ පාරජම්බුල කිරණ වලට අහුඋනාම අභ්‍යාවකාශ ග්‍රාහක වලට අහු උනාම ඔය කාර් එකේ මයිලක් වත් මාසයක් යන කොට හොයන්න බැරි වෙයි“ කියලයි. අපිට එව්ව වගේ පණ්ඩිත කතා ඕන නෑ. අපි උපකල්පනය කරමු කාර් එක බබා වගේ යනවා කියල ස්ටාර්මෑන් එක්කම. ආ අමතක උනා කියන්න ඒ කාර් එකේ ස්පේස්එකස් සමාගම විසින් නිෂ්පාදිත අභයවකාශ ඇදුමක් අන්දවපු ඩමියක් වාඩි කරල තියෙනවා ඩ්‍රයිවින් සීට් එකේ. මිනිහගේ නම තමා ස්ටාර්මෑන්.
එතකොට දැං මේ වෙද්දි කාර් එක අභ්‍යවකාශයට මුදා හැරල මාස පහයි දවස් පහක් වෙනවා. අන්න ඒ වෙනකොට කාර් එක ගොහිල්ලා ඇතෙයි කියල හිතන දුර බලාගන්න ඕන නං යන්ඩ මෙතැනට.