Friday, February 8, 2019

සියක් සිදුරු අයිඑස්එස් එකේ (Impacts on Columbus Module)

මහා විශාල විශ්වයත් එක්ක බැලුවම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (ISS) කියන්නෙ හින්නි කිතර සයිස් එකක්. ඒත් අපේ පෘථිවියට ඇති වායු ගෝලීය ආරක්ෂවා නිසා අභයාවකාශයේ ඉතා වේගයෙන් සැරි සරන කුඩා ග්‍රාහක කැබිලි පොළව හා ඝඨ්ටනය වීමේ සම්බාවිතාවය ඉතා අඩුයි. නමුත් රික්තයක ඇති, වායුගෝලීය ආරක්ෂාවක් නැති, කොස්මික් කිරණ වලට නිරාවරණය වූ අන්තර්ජාතික අභයාවකාශ මධයස්ථානයට මොකද වෙන්නේ එතකොට. අපි නොදන්නවා උනාට කොයි තරං කුඩා ග්‍රාහක කැබලි වේගයෙන් එහා මෙහා යනවාද එහෙමත් නැත්නං අයිඑස්එස් ආසන්නයෙන් යනවාද එහෙමත් නැත්නං ඒකේ වදිනවාද?

මේ අයිඑස්එස් එකේ ඇති සියළු කොටස් චීනයට, ජපානයට, කැනඩාවට, රුසියාවට, ඇමරිකාවට හා යුරෝපා අභයාවකාශ ඒජන්සියට අයත් කොටස්. මේ සියළු මොඩියුල කොටස් ග්‍රාහක ඝඨ්ඨනයකට ඔරොත්තු දෙන ආකාරයට ආරක්ෂක ආවරණයක් සහිතවයි ස්ථානගත කරල තියෙන්නේ. අයිඑස්එස් එක සෑම විනාඩි 90 කට වරක්ම පෘථිවිය වටා භ්‍රමණය වන අතර එහි වේගය දල වශයෙන් පැයට කිලෝමීටර් 26000 ක්. ඒ එක්ක බලන කොට කුඩා ග්‍රාහක පවා පැයට කිලෝමීටර් දාස් ගාණක වේගයකින් තමා ගමන් කරන්නේ.

යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය විසින් අයිඑස්එස් එකට 2008 පෙබරවාරි මාසයේ සම්බන්ධ කරන ලද කොලොම්බස් මොඩුයුලයේ ග්‍රාගක ගැටීම සම්බන්ධ පරීක්ෂාවක් අවුරුදු දහකට විතර පස්සේදි 2018 සැප්තැම්බර් මාසයේදි සිදු කරා. එය සිදු කරේ අයිඑස්එස් එකේ ඇති කැනඩාම් 2 කියන රොබෝ අත විසින්. දන්නවනේ ඔය කෑම අරන් එන ඩ්‍රැගන් එක එහෙම අල්ලල අයිඑස්එස් එකට ගැට ගහන්නේ කැනඩාර්ම් එකෙන්. ඒක කියන කොට මතක් උනේ අයිඑස්එස් එකට කෑම අරන් ගියපු තවත් කැප්සියුලයක් වන Cygnus කැප්සියුලය අද කැනඩාර්ම් එක විසින් අයිඑස්එස් එකෙන් මුදා හැරීම සිදු කරනවා.

ඒ පරීක්ෂාවේදි තහවුරු වී තියෙනවා කොලොම්බස් මොඩුයලයට සියයකට අධික කුඩා ග්‍රාහක හෝ අභ්‍යාවකාශයානා අබලි කොටස් වැදී ඇති බව. මිලීමීටරයකට අඩු මෙම කුඩා ග්‍රාකක වැදීම නිසා මතුව ඇති කුඩා පැල්ලම් පැහැදිලිව දැක ගන්න පුලුවන් පින්තුරයක් පහතින් ඇති. ඒ වගේම ඔයිට වඩා විශාල ප්‍රමාණයේ ග්‍රහක කොටස් වැදුනොත් සමාර විට හානියක් වෙන්නත් පුලුවන්. නොසලකා හැරිය හැකි තරමේ ග්‍රාහක කොටසක් 2016 දී මෙහි ඇති කියුබෝලා මොඩියුලයේ වීදුරුවක් මත වැදීම නිසා මිලිමීටර් 7 ක විතර පැල්මක් ඇති කරල තියෙනවා.

ඒ අනුව බලන කොට ග්‍රාහක ඝට්ඨන ආරක්ෂක පලිහ ඉතා සාර්ථකව ඒවාට මුහුණ දෙනවා. මේ ආරක්ෂක විධිවිධාන එක එක ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ගමන් කරන වේගය අනුව මොඩියුල පිහිටා ඇති අකාරය, යමක් මොඩුයිලයක වැදුන විට එය පුපුරා කුඩා කොටස් වලට කැඩී යා හැකි ආකාරයට ආරක්ෂක ආවරණය සකස් කර තිබීම වගේ නොයෙකුත් ආරක්ෂක විධිවිධාන මේ ග්‍රාහක වැදිම නිසා සිදු වන හානිය වලක්වන්නට යොදල තියෙනවා. අයිඑස්එස් එකේ රැදී සිටින ගගනගාමීන්ගේ හා මධ්‍යස්ථානයේ අාරක්ෂාව සම්බන්ධව ඉංජිනේරුවන්ට තව දුරටත් කරුණ විශ්ලේෂණය කරන්න මේ හොද අවස්ථාවක්.
https://www.facebook.com/deshaka.ya.75/posts/249154892661833

 Cupola Module
 International Space Station (ISS)
 7mm crack on the glass of Kupola Module
 Small craters
Time-lapse video of Canadarm 2 undergo checkings on Colombus Module

Saturday, February 2, 2019

නාසා විනාසාස් (NASA Disasters)

අභ්‍යාවකාශය ජය ගැනීමට දරණ ලද ප්‍රයත්නයේදී අහිමි වූ තම විරුවන් සමරමින් නාසා ආයතනය සෑම වසරකම අවසන් බ්‍රහස්පතින්දා දිනයේදී සැමරුම් උත්සවයක් පැවැත්වුවත් මේ වසරේදී එය පෙබරවාරි 7 දක්වා කල් ගියේ ට්‍රම්පච්චිගේ හිතුවක්කාර වැඩ හින්දයි.


‍මෙම සැමරුමේදී ප්‍රධාන වශයෙන් සිහිපත් කෙරෙන අවස්ථා තුනක් තියෙනවා. ඇමරිකානු ඉතිහාසයේ නාසා විනාශයන් සිදුව ඇති දිනයන් ගැන පොඩි ඉඟියක් මෙයින් ලැබෙනවා.


අැපලෝ 1 මෙහෙයුම

ඇමරිකානුවකු සඳ මතට ගොඩබැසීම සඳහා ලහි ලහියේ වැඩ කටයුතු කරද්දි රුසියාවත් ඊට නොදෙවෙනි ලෙස රුසියානුවෙකු මුලින්ම සඳට පා තැබීමට අවශ්‍ය කටයුතු කරමින් හිටියා. මේ තරඟය ඉතා අමිහිරි වේදනාත්මක් තරඟයක්. ඇමරිකාවට වඩා රුසියාව ඒකෙන් වේදනාවට පත් උනත් සමහර සිද්ධි, ජීවිත හානි තවමත් ලෝකයෙන් වහන් වෙලා තියේ කියල හිතෙනවා.

ඒ අනුව ඇමරිකානු පළමු ගගනගාමීන් කණ්ඩායම සඳට රැගෙන යාමේ මෙහෙයුම Apollo 1 මෙහෙයුමයි. ඊට අදාළ පෙරහුරු පරීක්ෂණයට මුහුණ දී සිටි ගගනගාමීන් තිදෙනා කැප්සියුලය ඇතුලේ විදුලි පරිපථ වල හටගත් දෝෂයක් හේතුවෙන් මතු වූ ගිනිපුලිගු හේතුවෙන් ඇතුලත ගිනි ගැනීමෙන් මිය ගියා. ඔක්සිජන් පමණක් තිබු කුටීරය තුල ක්ෂණයකින් ගින්න පැතිරී යාම නිසා සීල් කරන ලද කව්ලු විවෘත කිරීමට ප්‍රථම ඔවුන් පිලිස්සී මිය ගොසින් තිබුනා. එසේ මිය ගියේ Virgil(Gus) Grism, Edward White II සහ Roger Chaffee යන ගගනගාමීන් තිදෙනායි. නිල වශයෙන් චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමට මාසයක් ඉතිරිව තිබියදීයි මේ සිද්ධිය උනේ. අන්න ඒ හේතුව නිසා තමා නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕලඩ්‍රින්ට මුලින්ම සඳ මත පා තබන්න අවස්ථාව ලැබුනේ. ඒ සිද්ධීය රයන් ගොස්ලින් රඟපාන First Man ෆිල්ම් එකේ ලස්සනට නිරූපණය වෙලා තියෙනවා. 


ගිනි ගැනීමට ලක් වූ කැප්සියුලය 

ගස් ග්‍රිස්ම්, එඩ්වඩ් වයිට් සහ රොජර් චෆී

මේ විනාශය සිදු උනේ 1967 ජනවාරි 27


චැලෙන්ජර් ඛේදවාචකය


තම දහවෙනි මෙහෙයුම ලෙස චැලෙන්ජර් යානය නාසා ගගනගාමීන් පස් දෙනෙකු, විශේෂඥයකු සහ දහස් ගණනක් අතරින් අභ්‍යාවකාශගත වීමට තෝරා ගත් ප්‍රථම සිවිල් පුද්ලගලයා වශයෙන් ගුරුවරියකද මෙම ගමනට ඇතුලත් උනා. රොකට්ටුව ගුවන් ගත වී තත්පර 73 කදී යානයේ බාහිර ඉන්ධන ටැංකියක සිදු වූ දෝෂයක් හේතුවෙන් යානය පුපුරා ගිය අතර, ඒ වන විටත් හදිසි තත්ත්වයකදී මිනිසුන් බේරාගැනීම සඳහා වැඩ පිළිවෙළක් නාසා ආයතනය සතුව නොතිබීම හෝ ඒ ගැන සැළකිල්ලක් නොදැක්වීම නිසා එහි ගමන්ගත් හත් දෙනාම ජීවිතක්ෂයට පත් උනා. මේ සිද්ධියෙන් පසුව නාසා ආයතනයට විවිධ චෝදනා එල්ල වූ අතර, ඒ හේතුවෙන් ආරක්ෂක විධි විධාන වැඩි දියුණු කිරීමට ඔවුන් පියවර ගත්තා. 

 චැලෙන්ජර් පුපුරායාම

චැලෙන්ජර් යානයේ සිටි ගගනගාමීන්

එය එසේ වුවත් 2003 දී කොලම්බියා ෂටලය නැවත පැමිණීමේදී සිදුවූ විනාශය නිසා නාසා ආයතනය නැවතත් පසුබෑමකට ලක් උනා. ඒ අනුව ඇමරිකානු පොළව මත සිට ගගනගාමියෙකු අභයාවකාශයට යැවීම වසර දහසයක් පමණ සිට සිදු වන්නේ නැහැ. දැනට ස්පේස්එක්ස් සහ බෝයින් යන සමාගම් නාසා ආයතනය සමඟ එක්ව ඒ සඳහා අවශ්‍ය කැප්සියුල් නිර්මාණය කර, ගගනගාමීන් තෝරාගෙන තියෙනවා. විශේෂ සිදුවීමක් සිදු නොවුනොත් පළමු පුහුණු ගමන (ගගනගාමීන් සමඟ) මේ වසර අවසානය වන විට සිදු කිරීමටත් නියමිතයි.


චැලෙන්ජර් අනතුර සිදු වූයේ 1986 ජනවාරි 28

කොලම්බියා ෂටලය විනාශ වීම

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදී සිටි හත් දෙනෙකුගෙන් යුත් නාසා ගගනගාමීන් දින 16 කට පසු නැවත පෘථිවිය වෙත පැමිණිමේදී ගොඩබෑමට විනාඩි 15 ක් ඉතිරිව තිබියදි ෂටලය වායුගෝලය තුලදී දැවී යාම නිසා එම ගගනගාමීන් හත් දෙනාම මිය ගියා. 
 කොලම්බියා යානය වායුගෝලයට ඇතුල් වීමේදි පුපුරා යාම

කොලම්බියා යානයේ සිටි ගගනගාමින්

ඒකට හේතුව විදියට අඳුරගෙන තිබුනේ ගුවන් ගත වීමේදී රොකට්ටුවේ බාහිර ඉන්ධන ටැංකියක තිබූ ෆෝම් කොටසක් කොලම්බියා ෂටලයේ තාප පරිවාරක පෝසිලේන් කොටසක වැදී එහි සිදුරක් ඇති කිරීමත් එය නිසි ලෙස නිරී්ක්ෂණය නොවීමත්. මේ සම්බන්ධව වීඩියෝ අධ්‍යයනය කිරීමේදි ෆෝම් කැබැල්ල ෂටලයේ වදින අයුරු දැක ඒ සම්බන්ධව විවිධ සාකච්ඡා වට තිබීමෙන් අනතුරුව නාසා ආයතනය තීරණය කරනවා ඒ ඝට්ඨනය මඟින් ෂටලයට හානියක් සිදුව නොමැති බව. ඒ අනුවයි නැවත පැමිණීම සඳහා විධානය ලබා දෙන්නේ. නමුත් සියල්ල කනපිට හරවමින් වායුගෝලයට ඇතුල් වීමත් සමඟ ෂටලයේ ඉලෙක්ට්‍රොනික සංවේදක එකින් එක අක්‍රිය වීමට පටන් ගැනීමත් සමඟ යම් අනතුරක් අත ළග පවතින බව නාසා නිලධාරින් දැන සිටියත් එය වැළැක්වීමට කිසිදු අවස්ථාවක් ඔවුන් සතු උනේ නැහැ. ඒ අනුව කාන්දු වූ තාපය හේතුවෙන් ෂටලය විනාශ වී ගගනගාමීන් හත් දෙනාම මිය ගියා. මෙන්න මේ අත්දැකීම් නිසා තමා ඇමරිකාව තවමත් ඇමරිකානු යානයකින් තම ගගනගාමීන් ඇමරිකානු පොළවේ සිට ගුවනට යැවීම ප්‍රමාද කරන්නේ. සියළු පද්ධතින් වල 100% ආරක්ෂාව තහවුරු වන තෙක් ඔවුන් ඒ සම්බන්ධව ඉක්මන් වන්නේ නැහැ.
කොලම්බියා ෂටලය විනාශ උනේ 2003 පෙබරවාරි 1

දින කිහිපය ගැන සලකලා බැලුවා නාසා ආයතනයට අවාසනාවන්තම සතියක කාලය තමා ජනවාරි අන්තිම සතිය.

මීට වඩා දැඩි තීරණ මත ක්‍රියාත්මක වූ රුසියානු අභ්‍යාවකාශ ව්‍යාපෘතින් හිදි මිය ගිය ප්‍රමාණය මතභේදාත්මකයි. සමහර සිද්ධී තවමත් අනාවරණය වී නැහැ. රුසියානු අභයාවකාශ වැඩසටහන යටතේ මිය ගිය ගගනගාමීන් ගැන පසුව කතා කරමු.