Thursday, September 19, 2019

සරත් විමලසූරිය කොයි වගේද??

හෙඩ්න් එකේ කිව්ව වගේම මේ වෛද්‍යවරයා කොයි වගේදැයි දැන ගැනීමට අපට අවස්තාවක් උදා වී ඇත. බ්ලොගයක් අටවාගෙන ඒ කව්දැයි අපට කියාදෙන්නට මුල් පියවර තැබූ මේ නිරාගමිකයා බ්ලොගයෙන් බැහැරව බුකියට සමවැදී නොයෙකුත් පෙළහර පාන්නට විය. සීමිත වූ පාඨකයන් සිටිනා බ්ලොගය අතහැර ඔහුට නියම ස්ථානය වූ බුකිය තෝරා ගැනීම නිසා අසීමිත වු සමුහයක් ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ඔහුට ලැබිණි. ඉතා රසවත්ව සහ සත්ගන්නාසුළු අයුරින් සත්‍යයම පවසන මේ හිටපු නාවුක නිලධාරියා අවසන බොහෝ ප්‍රමාදවී හෝ (මේ නියම වෙලාවම වේ) තම කතාව ලෝකයටම කියන්නට සැරසේ.

අද හවස 3 ට උණවටුන කොමරන් බීච් ක්ලබ් හිදි පැවැත්වෙන "මම කොයි වගේද" කෘතිය ජනගත කිරීමේ අවස්තාවට මාගේ බ්ලොග් හිතවතාට උණුසුම් සුභ පැතුම් එක් කරමි. 


මෙලොව උපන් සියලුදෙනාටම කියන්නට කතාවක් තිබේ. මේ මගේ ජිවිතයේ සිදූවූ දේ වලින් කොටසකි. ජිවිතේ අවසන්භාගය රසවිඳිමින් සිටින මම...ලිවිය හැකිදේ පමණක් ලියා තබන්නට සිතුවෙමි. අම්බලන්ගොඩ දේවානන්දයේ සහ ධර්මාශෝකයේ ශිෂ්‍යයකු වශයෙන්ද,   ලියාපදිංචි වෛද්‍යවරයකු වශයෙන්ද...ඊලාම් යුධ සමයේ  නාවික හමුදා පර්යේෂණ අංශයේ නිලධාරීවරයකු වශයෙන්ද මාලැබූ අත්දැකීම් මේම පොතෙහි අඩංගු වෙයි...අනෙකුත් දේ...මගේ ෆේස්බුක් පිටුවේ මා ලියූ දේවල්ය. මෙය නවකතාවක් හෝ ජිවිත කතාවක් නොවේ...       
මම හැකිතරම් දුරට අනුනට කරදරයක් නොවී...අවශ්‍ය කෙනෙකුට උදව්කරමින්...මට උවමනා හැටියට ජිවත්වුනෙමි. මම කළේ...
මම ලිව්වේ මට හරියයි සිතෙන දේවල්ය. ඔබගේ මතය වෙනස්විය හැකිය...ඔබගේ සිතීමේ නිදහසට මම ගරුකරමි...
පොත පාඨකයන් වෙත පිරිනැමීම...
19 වෙනිදා සවස 3 ට  උණවටුන කොමරන් බීච් ක්ලබ්හිදී...
ඒ සඳහා මගේ ෆේස්බුක් මිතුරු මිතුරියන්ට... 
සෙනෙහසින් විවෘත ආරාධනා...
පොත් ප්‍රදර්ශණයෙන්ද (සයුර ප්‍රකාශකයෝ H233 කුටිය) ලබාදීමට අදහස් කරමි.

කෙලවෙන්නම රිප්‍රින්ට් වදීවා යන්න මාගේ එකම පැතුමයි!