හෙඩ්න් එකේ කිව්ව වගේම මේ වෛද්‍යවරයා කොයි වගේදැයි දැන ගැනීමට අපට අවස්තාවක් උදා වී ඇත. බ්ලොගයක් අටවාගෙන ඒ කව්දැයි අපට කියාදෙන්නට මුල් පියවර තැබූ මේ නිරාගමිකයා බ්ලොගයෙන් බැහැරව බුකියට සමවැදී නොයෙකුත් පෙළහර පාන්නට විය. සීමිත වූ පාඨකයන් සිටිනා බ්ලොගය අතහැර ඔහුට නියම ස්ථානය වූ බුකිය තෝරා ගැනීම නිසා අසීමිත වු සමුහයක් ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ඔහුට ලැබිණි. ඉතා රසවත්ව සහ සත්ගන්නාසුළු අයුරින් සත්‍යයම පවසන මේ හිටපු නාවුක නිලධාරියා අවසන බොහෝ ප්‍රමාදවී හෝ (මේ නියම වෙලාවම වේ) තම කතාව ලෝකයටම කියන්නට සැරසේ.
අද හවස 3 ට උණවටුන කොමරන් බීච් ක්ලබ් හිදි පැවැත්වෙන "මම කොයි වගේද" කෘතිය ජනගත කිරීමේ අවස්තාවට මාගේ බ්ලොග් හිතවතාට උණුසුම් සුභ පැතුම් එක් කරමි.
මෙලොව උපන් සියලුදෙනාටම කියන්නට කතාවක් තිබේ. මේ මගේ ජිවිතයේ සිදූවූ දේ වලින් කොටසකි. ජිවිතේ අවසන්භාගය රසවිඳිමින් සිටින මම...ලිවිය හැකිදේ පමණක් ලියා තබන්නට සිතුවෙමි. අම්බලන්ගොඩ දේවානන්දයේ සහ ධර්මාශෝකයේ ශිෂ්‍යයකු වශයෙන්ද, ලියාපදිංචි වෛද්‍යවරයකු වශයෙන්ද...ඊලාම් යුධ සමයේ නාවික හමුදා පර්යේෂණ අංශයේ නිලධාරීවරයකු වශයෙන්ද මාලැබූ අත්දැකීම් මේම පොතෙහි අඩංගු වෙයි...අනෙකුත් දේ...මගේ ෆේස්බුක් පිටුවේ මා ලියූ දේවල්ය. මෙය නවකතාවක් හෝ ජිවිත කතාවක් නොවේ...
මම හැකිතරම් දුරට අනුනට කරදරයක් නොවී...අවශ්‍ය කෙනෙකුට උදව්කරමින්...මට උවමනා හැටියට ජිවත්වුනෙමි. මම කළේ...
මම ලිව්වේ මට හරියයි සිතෙන දේවල්ය. ඔබගේ මතය වෙනස්විය හැකිය...ඔබගේ සිතීමේ නිදහසට මම ගරුකරමි...
පොත පාඨකයන් වෙත පිරිනැමීම...
19 වෙනිදා සවස 3 ට උණවටුන කොමරන් බීච් ක්ලබ්හිදී...
ඒ සඳහා මගේ ෆේස්බුක් මිතුරු මිතුරියන්ට...
සෙනෙහසින් විවෘත ආරාධනා...
පොත් ප්‍රදර්ශණයෙන්ද (සයුර ප්‍රකාශකයෝ H233 කුටිය) ලබාදීමට අදහස් කරමි.
කෙලවෙන්නම රිප්‍රින්ට් වදීවා යන්න මාගේ එකම පැතුමයි!
සුබ පැතුම් !
ReplyDeleteපැතුම සඵල වේවා!
ReplyDeleteසුබ පැතුම්!
ReplyDelete//බ්ලොගය අතහැර ඔහුට නියම ස්ථානය වූ බුකිය තෝරා ගැනීම//
ඔක්කොම කරන්නෙ ඒකනේ දැන්...
වහාම බුකිය අතහැර බ්ලොගයට එනු
ReplyDeleteනෑනෑ නෑ දෙකේම ලියනු
සුබ පැතුම් Doc
ReplyDeleteරාළහාමි ආසා නැද්ද ෂරත් මාත්තයා එක්ක තම්බිගේ කඩේට ගිහිං ශුප්පෙක්ක උණු උණු රෝස් පාන් කන්න.
ReplyDeleteගමේ රටේ හිටියනම් අනිවාර්‍යෙන් සහභාගි වෙනවා. දේශකයාවත් දකින්න ආසයි මං හිතන්නෙ අවුරුදු පහලොවකින් විතර දේශකයාව දැකල නෑ.. දැන් බොලා දත් හැලිලා කෙස් ඉදිලා නාකි වෙලා අති නේහ්හ්...😂
ReplyDeleteඅපි කොළඹ ඉන්නකොට ගමේ පොත් එළිදැකීම්.. ගමේ ආවොත් ඔක්කොම කොළඹ.. සුභ පැතුම් සරත්!
ReplyDeleteපොර block කරලාග කරන්න හේතුවව වත් මම දන්නේ නැහැ
Deleteසුබ පැතුම්!
ReplyDeleteප්‍රමාද වී හෝ සුබපැතුම් එක් කරමි.
ReplyDeleteමමත් මෙයාගේ ෆෙස්බුක් එකේ මිතුරෙක්.....උත්සහයට සුභ පැතුම්
ReplyDeleteගන්ට ඕන..! නිරාගමිකයා...මම කෑමතිය් ඒ නමට
ReplyDeleteඔය පොත් කුටියෙ පෙරේත තටුවකුත් තියෙනවයි කියල ආරංචියක් ආවෙ නැද්ද?
ReplyDeleteසුබ පැතුම් ඩොක්ටර්.
ප්‍රමාද වී හෝ සුබපැතුම් එක් කරමි
ReplyDeleteපොත අත්සන් කරලම ගත්ත කුටියෙන් . නැවේ එනවා පොත තවම. පොත ආවහම මොනවහරි ලියන්න ඉන්නේ
ReplyDeleteපුක නොදී පල කැරි පොන්නයා...
Delete