Tuesday, January 14, 2020

රුසියාවේ රොකට් පියා! (සර්ගේයි පාව්ලොවිච් කොරොලෙව්)

දැන් වේලාව හරියටම 2020.01.14 දින උදේ 6.23(රුසි්යානු වේලාව)


1950 දශකයේ ඇරඹි අභ්‍යවකාශය ජය ගැනීමේ යුද්ධය එහෙමත් නැත්නං “පළවැනියා“ වීමේ තරඟය පැවතුනේ සෝවියට් දේශය සහ ඇමරිකාව අතරය. නමුත් සත්‍ය ලෙසම තරඟය පැවතුනේ රටවල් වල නම් වලට මුවා වී සිටි අති විශේෂ පුද්ගලයන් හේතුවෙනි.

දෙවැනි ලෝක යුද්ධය පැවති වකවානුවේ අවසාන භාගයේදී ජර්මානුවන් විසින් ඝණ ඉන්ධන වලින් ක්‍රියාත්මක වන මිසයිල තාක්ෂණය වැඩි දියුණු කර ඒවායින් එංගලන්තයට පහර දුන් විට සියළු මිත්‍ර පාර්ශව රටවල් භිතියට පත් විය. මෙවැනි තාක්ෂණයක් අත පොවන මානයේවත් නොසිටි සෝවියට් දේශය, ඇමරිකාව හට මිසයිල තාක්ෂණය ජර්මානුවන්ගෙන් අත්පත් කර ගැනීමේ අති විශාල උවමනාවක් තිබූනි.

එහිදි වඩාත් සාර්ථක රහසිගත මෙහෙයුමක් සිදු කරන ලද්දේ ඇමරිකාව විසිනි. ඇමරිකාව විසින් රහසිගත ලෙස ක්‍රියාත්මක කරන ලද Operation Paperclip නම් මෙහෙයුමක් මඟින් ජර්මනියේ ඒ වන විටත් රැඳි සිටි, යටත් වී සිටි හෝ පලා යමින් සිටි ජර්මානු විද්‍යාඥයන් අති විශාල ප්‍රමාණයක් ඇමරිකාවට රැගෙන යාමට සමත් විය. එය ගණනින් තුන් හාරසියයකි. ඒ අනුව ඇමරිකාවට අවශ්‍යම මිසයිල් තාක්ෂණය සම්බන්ධ විදයාඥයින්, රසායන විද්‍යාඥයින් ඇතුලු විවිධ ක්ෂේත්‍ර වල කාර්මිකයන් ඇතුලු වෘත්තිකයන් මේ අතර විය.


පසුව ඇමරිකාවේදි මෙම නාසීන් ගේ සියළු පාපයන් සෝදා හැර ඇමරිකානු අවශයතා වෙනුවෙන් වැඩ කිරීම සඳහා කටයුතු යොදන ලදි. ඇමරිකාවට වඩාත් අවශ්‍ය වූයේ මිසයිල තාක්ෂණය අත් පත් කර ගැනීමයි. ඒ අනුව ජර්මානු මිසයිල ව්‍යාපෘතියේ පියා ලෙස සැලකෙන වර්නර් වොන් බ්‍රෝන් ඇතුලු මිසයිල් ව්‍යාපෘති කණ්ඩායමක්ම ඇමරිකාව සතු විය.

ඇමරිකාව එසේ ජර්මානු විශේෂඥයින් තම රටට කුදලාගෙන යද්දී සෝවියට් දේශයද එපරිද්දෙන්ම තමන්ට අවශය වූ ඉතිරි වී සිටි ජර්මානු විශෙෂඥයින් යම් ප්‍රමාණයක් රුසියාවට රැගෙන යන ලදි. ඒ අනුව ඇමරිකාවට මෙන්ම සෝවියට් දේශයටද අවශ්‍ය වූ මිසයිල තාක්ෂණය අත්පත් කර ගැනීමේ වැඩ පිළිවෙල 1950 වන විට ආරම්භ වී තිබුනි. මේ සියළු කරුණු අනුව බලන කල මිසයිල තාක්ෂණයේ ආරම්භය ජර්මනිය බව නොකියාම බැරිය.

මා ආරම්භයේදීම සඳහන් කර පරිදි ඇමරිකාවට හා රුසියාවට මුවා වී මෙම අභ්‍යවකාශ තරඟය පවත්වන ලද්දේ අති විහේෂ පුද්ගලයන් දෙදෙනෙකුට මුවා වී සිටි කණ්ඩායම් මඟිනි. ඇමරිකාව තම රොකට් ව්‍යාපෘති වල ප්‍රධානියා ජර්මානුවෙකු වන වර්නර් වොන් බ්‍රෝන් ලෙස සඳහන් කර සිටියද, රුසියානු අන්තයේ වොන් බ්‍රෝන් කව්රුන්දැයි යන්න 1994 වන තෙක්ම හරියාකාරව එළීයට නොපැමිණි රාජ්‍ය රහසක් විය.

දැන් අපි බලමු රුසියානු රොකට් පියා කව්ද කියලා.



1994 දී චරිතාපදායක් ලියා දක්වමින් රුසියානු රොකට් තාක්ෂණයේ පියා සර්ගේයි පාව්ලොව්චි කොරෙල්‍යෙව් ලෙස හඳුන්වා දී තිබුනි. එතෙක් අප නොදැන සිටි සීත යුධ සමයේ ඇමරිකාවේ රොකට් පතාක යෝධයන් දෙදෙනා වොන් බ්‍රෝන් සහ කොරොලෙව් ලෙස සඳහන් කල හැකිය.


1907 ජනවාරි 12 වැනි දින යුක්රේනයේදී උපත ලද කොරොලෙව් කුඩා කල පටන්ම අභ්‍යවකාශ කටයුතු කෙරෙහි දැඩි උනන්දුවකින් යුක්ත විය. කොරලෙව් ඉපිදෙන විට රයිට් සහෝදරයන් ගුවන් යානාව නිපදවා වසර පහක් වත් ගත නොවී තිබුන වට පිටාවක් තුල අභ්‍යවකාශ තාක්ෂණය, රොකට් තාක්ෂණය සම්පූර්ණයෙන්ම සංකල්පයක් පමණකි. අභ්‍යවකාශ විද්‍යාෙව් පියා ලෙස සලකන කොන්ස්තන්තීන් ට්සිලොව්ස්කි ඒ පිළිබඳ අදහස් පල කර තිබුනේ ද 1903 වැනි කාලයකදීය.

වසර 17 දී තම ප්‍රථම සැහැල්ලු ගුවන් යානාව තැනීමට තරුණ කොරොලෙව් සමත් වූ බව සඳහන් වේ. ඉන් අනුතුරුව මොස්කව් හි කීව් ආයතනයෙන් මූලික අධ්‍යාපනය ලැබු කොරොලෙව් ඒ වන විටත් න්‍යායාත්මක සංකල්පයක් වූ අභ්යවකාශ තාක්ෂණය පිළිබඳව ඉගෙනීමටවිශ්වවිද්‍යාලයට ඇතුලත් විය. ‍

1931 දී ප්‍රතික්‍රීයක චලිතය සම්බන්ධ විමර්ශනය සඳහා කණ්ඩායමක් ආරම්භ කල කොරොලෙව් ප්‍රථම රුසියානු දුව ඉන්ධන රොකට් එන්ජින් නිර්මාණය කරන ලදි.



ස්ටාර්ලින් ගේ කාලයේදී සිදු වූ විරුද්ධවාදින් මර්ධනය කිරීමේ මහා ව්‍යාපාරය හේතුවෙන් කොරොලෙව්ට වසර කිහිපයක් සිරබත් කැමට සිදු වූ නමුත් රුසියාවට දිනා ගැනීමට අවශ්‍ය වූ මිසයිල තාක්ෂණය ගැන කොරොලෙව් දැන සිටි හෙයින් පසු සෝවියට් මිසයිල් හා රොකට් තාක්ෂණ ව්‍යාපෘතිය සඳහා කොරොලෙව් බඳවා ගන්නා ලදි.


රුසියාව, ඇමරිකානු තරඟයේ අතරමඟදී කොරලෙව්ට බාරදූර නියෝගයක් ලැබේ. ඒ ජර්මානු V2 මිසයිලය ආකාරයේ ආකෘතියක් සඳහා වන යෝජාවක් දින තුනක් තුල ඉදිිපත් කරන ලෙසයි. දක්ෂ ලෙස අභියෝගය භාරගත් කොරොලෙව් V2 මිසයිලයෙන් 1/4 ක බලයක් ඇති මිසයිලයක් සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජර්මානු රහස් දැනගැනීම සඳහා කොරොලෙව් ජර්මනියට යවන ලදි. සියළු විස්තර, දක්ෂයන් ඇමරිකාව විසින් ඩැහැගෙන තිබු වටපිටාවක කොරාලෙව්ට ජර්මනියෙන් ලබා ගත හැකි වූයේ ජර්මානු තාක්ෂණ රොඩු පමණකි. ඒ කෙසේ වෙතත් බුද්ධිමතෙකු, විශිෂ්ට නිර්මාණකරුවෙකු බ්‍රභල පරිපාලකයෙකු වූ කොරොලෙව් රුසියානු අභ්‍යවකාශ ව්‍යාපෘතියේ ප්‍රධානියා කිරීමෙන් අනතුරුව ජර්මානු V2 මිසයිලයට සමාන රුසියානු R1 රොකට්ටුව සෑදීම සදහා අඩිතාලම දමන ලදි.

1953 දී කොරොලෙව් විසින් ලොව ප්‍රථම අන්තර්මහද්වීපික මිසයිලය නිපදවන තෙක් මෙම R1 රොකට්ටුව වැඩි දියුණු කරමින් අතිවිශාල පරික්ෂණ ගණනාවක් සිදු කරන ලදි. එහි ප්‍රතිපලයක් ලෙස R1 හි වැඩිදියුණූ කිරීමක් ලෙස 1957 දී R7 රොකට්ටුව සාර්ථක ලෙස අලුත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් වූ “බයිකෝනුර් කොස්මෝඩමයෙන්“ ගුවන් ගත කරන ලදි.

නියම අභ්‍යවකාශ තරඟය පටන් ගන්නේ මෙතැනනි. ජර්මානු V2 මිසයිලයේ මුලාකෘතියක් ලෙස R7 රොකට්ටුව රුසියානුවන් නිපදවත්දී ඇමරිකාව V2 මොඩලයට සමානව නිපදවන ලද්දේ Saturn නම් රොකට්ටුවයි. මේ රොකට් තුනම එකම ආකාරය් වීම මත රැසියානු හා ඇමරිකානු වැඩසටහන් වලට ජර්මානු බලපෑම කේසේ වී දැයි දැක ගත හැකිය.

‍"සෙම්යෝර්කා" නාමයෙන් හදුන්වනු ලැබූමෙම R7 රොකටටුව එතැන් පටන් ලෝකයේ පළමුවෙනියා වීමට පටන් ගති.



1957 දී ලොව ප්‍රථම චන්ද්‍රිකාව ස්පුට්නික් 1
1957 දීම ලැයිකා බැල්ල සහිත ස්පුට්නික් 2
1958 දී සඳට යැව් ප්‍රථම යානාව Luna 1
සිකුරු හා අඟහරු වෙත ප්‍රථම යානා යැවීම
1961 දී යුරි ගගාරින් අභ්‍යවකාශයට යාම

‍මෙපරිද්දෙන් තරඟය ප්‍රභලව පැවතෙද්දී ඇමරිකාවද ඊට දෙවෙනි වෙමින් කටයුතු කරන්නට වීම මත කොරොලෙව් සඳ තරණය සඳහා තවත් පියවරක් තබමින් N1 නම් අති ප්‍රඵභල රොකට්ටුව නිර්මාණයට අත ගැසීය.

නමුත් 1966 අද වැනි දිනකදී පිළිකාව සමඟ සටන් කරමින් ආසර්ථක ශල්‍යකර්මයක් හේතුවේන කොරෙලෙව් මිය යාමත් සමඟ සඳ ගමනේදී ප්‍රථමයා වීමේ රුසියානු සිහිනි බිඳ වැටිනි.

එහෙත් අද දක්වාම ඔහු ගේ මරණයෙන් වසර 54 ක් ගෙවුන් තැනදීත් රුසියාව තම ආදරනීය කොරලෛව්ගේ තාක්ෂණය භාවිතා කරමින් ලොව මෙතෙක් වැඩිම රොකට් ප්‍රමාණයක් ගුවන් ගත කර රජ්‍යය බවට පත්ව සිටී.


‍කොරාලෙව් ඔබ සෑබෑ දක්යෙෂකි.


සිංහලෙන් “සර්ගේයි කොරොලෙව්“ යනුවෙන් ලියා ඇති එකඳු වදනක් ගුගල් කර සොයා ගැනීමට මට නොහැකි විය.

10 comments:

  1. [සිංහලෙන් “සර්ගේයි කොරොලෙව්“ යනුවෙන් ලියා ඇති එකඳු වදනක් ගුගල් කර සොයා ගැනීමට මට නොහැකි විය.]

    මේ තියෙන්නේ දැන් සම්පුර්න ලිපියක් ම ..

    වටිනව මේවා ලියල තැබීම. මම දැනගෙන හිටියේ නැහැ මේ සර්ගේයි කොරොලෙව් ගැන .

    ReplyDelete
  2. රුහුණු පුතා 2 බහුදින ධිවර යාත්‍රාවෙන් අද හවස මාතර වාරයේ සිට මුහුදු ගොස් මේ වනවිට දකුණු ලග ගොඩබිමේ කෙලවර සිට සැතප්ම 8 ක් ඈතින් ගැඹුරු මුහුදේ හිරු එෆ්එම් අහගෙන, කුණාටු සයුර මැද්දේ,යාත්‍රාව දෙදරවන රළ පහර මද්දයේ ධිවර කර්මාන්තයේ යෙදෙනා නාවුකයන්ට සාන්ත අන්තෝනි මුණිතුමාගේ පිහිට,ආරක්ෂාව ලැබේවා.

    ReplyDelete
  3. අඳුරු සාගර ගැඹරේ සැඟවී ඇති රහස් සමහරක් ගොඩට ගෙනෙනවා වගෙයි නේද අතීතයෙන් තොරතුරු අරන් එන එකත්? විශේෂයෙන් අපේ වගේ බසක් වහරන අයට..... ජය!

    ReplyDelete
  4. අගනා ලිපියක්. තව රුසියානු අභ්‍යවකාශ තරණය ගැන විස්තර ලැබුණොත් ලියන්න

    ReplyDelete
  5. රුසියාවේ තාක්ෂණය සහ විද්‍යාඥයන් ගැන හොයාගන්න තියන සිංහල සටහන් හරි අඩුයි. පොතුත් අඩුයි. සමහර විට ලංකාවේ ධනවාදී නැඹුරුව නිසා වෙන්නත් ඇති (සඳ තරණය ගැන ඒ කාලේ පළවුණු පත්තර වල මම දැකල තියනවා චීනය සහ යම් තරමකට රුසියාව උපහාසයට සහ අපහාසයට ලක් කරලා තියනවා) ඒ කාලේ සමාජවාදී වෙච්ච රුසියාව ගැන සිංහල සටහන් දැන් හොයාගන්න අමාරුයි.
    ඒ වගේම රුසියාව තමන්ගේ තාක්ෂණික රහස් රකින්න සෑහෙන දුරක් යනවා. ඒකෙ සෝචනීය කතාන්දරත් නැතුවම නෙවෙයි.
    ජර්මනිය බැරි වෙලා වත් ලෝක යුද්ධය දිනුව නම්, එයාල ඒ වෙනකොට ගමන් කරමින් තිබුන තාක්ෂණික දියුණුවේ සීඝ්‍ර ගමනත් එක්ක, මම නම් හිතන්නේ මේ වෙද්දී අපි හඳට නෙවේ අල්ලපු චක්‍රාවාටයට උනත් ගිහිං ඉන්න තිබ්බා. අදටත් හෙළි නොවුන, පැහැදිලි කරගන්න බැරි ජර්මානු තාක්ෂණික නිපැයුම් තියනවා දෙවෙනි ලෝක යුද්ධය කාලේ හදපුවා. නිකම් බලන්නකෝ රිපල්සීන් කියල සර්ච් කරලා.
    කොහොමින් කොහොම හරි, මම දන්න තරමින්, මුලින්ම අභ්‍යවකාශයට ගිය යානයත් ඔය ජර්මානු V2 රොකට්ටුවක්.

    ReplyDelete
  6. මේ ලිපිය නියමයි

    ReplyDelete
  7. අනේ ඔය රොකට් හදන වෙලාවේ දුප්පත් මිනිස්සුන්ට කක්කුස්සි ටිකක් හැදවනම් හෙන ගහනවද?

    ReplyDelete
  8. "...ඉන් අනුතුරුව මොස්කව් හි කීව් ආයතනයෙන් මූලික අධ්‍යාපනය ලැබු ..."

    - මොස්කව් හි කීව් ආයතනය - යන්නක් නොපැවැති බවයි මම හිතන්නෙ .
    ඇත්තටම කොරලෙව් මොස්කව් (Russia) වල සහ කීව් (Ukraine ) වල වෙන වෙනම ඉගෙනගත්ත කෙනෙක්. මුලින් කීයෙව් පොලිටෙක්නික් ආයතනයෙත් , පසුව මොස්කව් වල බෞමාන් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙත් ඉගෙනගත් බවයි කියවෙන්නේ.

    අලුත් මාතෘකාවක් ගැන ලියැවුණු වැදගත් ලිපියක්. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. බුකියේ මුලින්ම ලියුම හදන කොට වෙච්චි වැරුද්දක් මේකෙත් වෙලා තියෙනවා. ගෘප් එකට දාපු ලියුමේ ඒක හරියට හදල තිබුනා. ස්තුතියි.

      Delete
  9. https://www.theguardian.com/science/2014/oct/29/russian-rocket-crash-virginia

    ReplyDelete