රාත්තිරියේ ඇද හැලුනු මුරුගසං වරුසාවෙන් හෙම්බත් වූ වහලය තුලින් හා පරිසරයෙන් නැගෙන සුසුම්, සිහින් සීතලක් මෙන් මාධවීගේ ගත වෙලා ගනිද්දි, ඇය පොරවනය නැවත සොයා පොරවාගෙන අනිත් ඇලයට හැරී නිදන්නට විය. ඇඳ ඉහත්තාවේ ඇති වීදුරු ජනේලය තුලින් විටින් විට මතුවන ආලෝක කදම්බයන් සුදු පැහැති බිත්තියේ වැදෙන නිමේෂයේ මාධවී ගේ සිරුරේ උස් පහත් තැන් විමසමින් අයෙකු කාමරයේ දොරකඩ අසල නතරව සිටී.
සීතල සුළගට සෙමින් පැද්දෙන ජනෙල් රෙද්ද සීරුවට පාද තබන භට කන්ඩයක් සේ වරෙක එක් පසකටද, වරෙක් අනෙක් පසටද සෙමින් පැද්දෙන අයුරු ඔහු උවමනාවෙන් බලා සිටී. ජනේලය තුලින් පෙරී එන විදුලි ආලෝකය තත්පරයක් දෙකක් ඔහු නැවත මාධවීගේ හැඩරුව විමසීමට, පිරික්සීමට යොදා ගනී.
ඇඳ වට කොට ඇති නිල් පැහැති මදුරු දැළද ආලෝකයෙන් සුදු පැහැයෙන් දිස් වන අතර, තවත් මොහොතකින් එය කළු පැහැයෙන් දිස් වේ. එමෙන්ම ඔහුගේ සිත තුලද වරින් වර සුදු, කළු වර්ණ ඇති වෙමින් නැති වෙමින් යද්දී කාමරය සිසිරා සීරුවේ කැරළි ගසන සිහිල් සුළං ධාරාව ඔහු මොහොතකට කුල්මත් කර ඇති සේය. ඉඳින් තව දුරටත් බලා නොසිටි ඔහු සෙමෙන් සෙමෙන් තම පය ඉදිරියට තබන්නට විය. ඇඳ වට කොට යට කර ඇති මදුරු දැළෙන් ස්වල්පයක් එළියට ගත් ඔහු ඒ තුලින් තම දකුණත සීතල ජලාශයක් ස්පර්ශ කරන්නට මෙන් සෙමින් සීරුවේ ඉදිරියට යොමු කරන්නට විය.
තම පිටුපස ඔහු වෙත යොමු කොට බිත්තිය දිහාවට මුහුණ හරවා අත් දෙකෙම තම කලවා අතර සගවා ගෙන සිටින්නී හෙළන හුස්ම පොදෙහි උණූසුම ඔහුට නොදැනුනද, ආශ්වාස ප්‍රාශ්වාසයෙහි තරම මැනවින් පෙනේ. තවත් මොහොතකින් බිත්තියෙන් පෙරී මතු වූ විදුලි එළියෙන් මාධවීගේ නිරුවත් උරපත්ත ඔහුට පැහැදිලිව පෙනෙන්නට විය. ජලාශය තෙක් රැගෙන ගිය තම අතැගිලි මොහොතකින් සීතල පෘෂ්ඨයකට ස්පර්ශ වෙද්දී ඔහු සෙමෙන් එය පිරි මදින්නට විය. තම අතැගිලි මාධවීගේ උරපත්තේ සුසිනිදු බව සොයද්දී වුවද මාධවී සුව නින්දේ පසු වෙයි.
නින්දට බාධාවක් නොවු තැන ඔහු තම අතැගිලි උරපත්තේ සිට ඉහලින් මාධවීගේ පපු ප්‍රෙද්ශය ආක්‍රමණය කරද්දී දැඩි ප්‍රාශ්වාසයක් නැගූ ඇය නිසොල්මන් වූවාය. සැනෙකින් තම අතැගිලි වල චලනය නැවැත්වූ ඔහු තවත් මොහොතකින් එය ආරම්භ කළේය. තත්පරෙන් පංගුවක් තුල ඇඳ මත කෙලින් වාඩි වූ මාධවී තිගැස්මෙන් යුතුව කට අයා සිටින අයුරුත් ඇයගේ හඩ පිට නොවෙන අයුරුත් ඔහු දුටුවේය. සෙමින් සෙමින් තම අත ඉවතට ගෙන එම අත නැවත මාධවීගේ උකුලත මත තබා සෙමින් තට්ටුවක් දැමු ඔහු තම හඩ අවදි කරන්නට විය.
“මාධවී.. මාධවී බය වෙන්න එපා.. මේ මම“ ඔහු මිමිණිමක් ලෙසින් පැවසු දෙයද තේරුම් ගත නොහැකිව දැඩිව රෝමෝද්ගමනය වූ තම කය ගැහෙනා අයුරින්ම ඇය බලා සිටියාය. කිසිවක් කර ගත නොහැකි ඇයට ඔහුගේ අත තම කලවා මත තැබීමෙන් ඇති වූ අමුතුම කායික පීඩාව තව දුරටත් විද දරා ගත නොහැකි විය. මේ මහා රාත්තිරියේ තමන්ට කුමක් වේදොයි නොදැන ඇය බලා සිටියාය. කිසිදා විද නොමැති හිරියක් ඇයගේ ශරීරය පුරා දෝංකාර දෙන්නට විය. රාත්‍රි ඇදුමේ ගුලි ගැසුනු පයෝධරයන් රෝමෝද්ගමනයෙන් උද්දීපනය වීමෙන් සිරුරට සමාන්තරව නැගී සිටියි. එහෙත් තමා මේ දකින්නේ සිහිනයක් නොවන බවට සැක හැර දැන ගැනීමට ඇය තම අත, උකුල කරා ගෙන ගිය විටදී, හැබැහින්ම ගොරෝසු අතක ස්පර්ශය ලැබීමෙන් ඇය සිහඑළවා ගත්තාය.
නිවසේ සිටින්නේ තමන්ගේ වැඩිමල් සහෝදරියත්, අම්මාත්, තාත්තාත්, සහෝදරියගේ ස්වාමි පුරුෂයාත් වන හෙයින්, ඉත්තේරුවට ඇයට වැටහී ගියේ තම නම කියා කතා කරන ඔහු තම මස්සිනා ම වන බවය.
***************************************************
මොහොතකින් ඇය දහවල් අහසේ සිරස්ව හිරු පායා ඇති මාවතක් අසල සිටියි. ඇය අසළ ගැවසෙන ඇයගේ සොහොයුරිය කිසියම් කරුණක් අරභයා තැති ගෙන සිටින අයුරු දුටුවෙන් ඇය එය විමසා සිටියාය.
“අක්කේ මොකෝ අප්සට් එක.. “
“මොකුත් නෑ“
“එහෙනං මොකටද ඔය තක්බීර් වෙලා වගේ ඉන්නේ.. කියනවා කියනවා“
“බලනවා හෙමින්.. ඕයි එක පාරට නෙමෙයි. නොදැනෙන්න.. දකුණු අත පැත්තේ කඩේ ඉන්න පොර.. නිල් පාට ටී ෂර්ට් එක ඇදල ඉන්නේ.. අපි දිහා බලන් ඉන්නවා.. ඌ අපිව කන්න හදනවද මන්දා අච්චර ඇස් ලොකු කරන් ඉන්නෙ.. පොඩ්ඩක් හිටින්.. එක පාර බලන්න එපා“
“අප්පෝ.. ඔයා ඔය හාදයව අදද දැක්කේ.. මම නං හැමදාම දකිනවා පොර කඩේ ඉදන් අපි යනකොට හැමදාම රබර් ඇහැ දානවා.. ලයින් එකක් වගේ.. මං හිතන්නේ අක්කට.. හිහි“
“විකාර.. මට පේන්නේ මිනිහා තමුසෙට බැල්ම දානව වගේයි“
“අනේ මේ.. මිනිහා මට නෙමෙයි තමුසෙට බැල්ම දාන්නේ.. හිටුකෝ.. මං අහල එන්න කඩේට ගිහින්“
“පිස්සද නංගි.. විකාර නොකර ඉදින්“
අක්කාගේ පළමු ඇස ඔහු කෙරේ යොමු වන්නට පෙර ඒ ඇස් තමන් වෙත යොමු වී ඇති බව මාධවී දැන සිටියාය. එහෙත් ඒ ඇස් කොතැනක නතර වන්නේ දැයි නිනව්වක් ඇය තුල නොතිබූ හෙයින් නොකර කතා සිටි ඇයට, අක්කාගේ වදන් වලින් තව දුරටත් එය වහංගු කල නොහැක. මාධවීගේ සිත තුල කුකුසක් තිබුනේ ඔහු තමා දෙස එක එල්ලේ බලා සිටින බවයි. ඒ හැගීමෙන් කුල්මත් වූ ඇය සතියක් දෙකක් පමණ නින්දේදී ද කිසිදු විශේෂ හේතුවක් නොමැතිව ඔහුගේ හැඩහුරුකම් මනසින් රස වින්දාය. වසර විසි හතරක් වූ තරුණියකගේ සිත තුල, ආගන්තුක තරුණයෙකුගේ ආකර්ශනය යොමු වීම පිළිබද සිතුවිලි කෙසේ වේදැයි විස්තර කිරීම අපහසුය. එය සමහර විට ආගන්තුක සිතුවිලි හෝ කිරා මැන බලා ගත් යම් කිසි පුර්ව නිගමනයකට ආගමනයක් වීමට පුළුවන. මාධවී කඩයේ සිටි තරුණයා පිළිබදව මනසින් විමසා බැලුවාය. ඔහුගේ උස් වූ ශරීරය, එයටම ඔබින ලෙස වූ පෘෂ්ඨිමත් බව හා නෙත් සඟලින් දිස් වූ දීප්තිමත් බව ඇය මං මුලා කොට ඇත්තේය.
එහෙත් කාලය තව දුරටත් ඇය ඉදිරියේ සිය හැගීම් වර්ධනය වීමට ඉඩ නොතිබුනේය. අක්කා ගෙදර පැමිණි විටකදී කියු දෙයකින් ඇය තම සිහින ලෝකය හමස් පෙට්ටිය තුලම සගවා ගත්තාය.
“ඒයි.. මාර වැඩේ හලෝ උනේ.. අර හාදයා... “
“මොන හාදයද. අර කඩේ බතල කොටාද“
“සික්.. ඔව්.. මිනිහා තමා.. මාත් එක්ක අද කතා කරා නේ.. මාව හම්බ වෙන්නලු හිටියේ..“
“ඉතිං ඉතිං..“
“මම කිව්ව ඉතිං දැං හම්බ උනානේ ඉතිං මොකද කියලා“
“හි හි.. ඉතිං ඉතිං“ මාධවී තම අක්කාගේ අත දැඩිව අල්ලා ගත්තාය.
“හෙට උදේට සුපර් මාර්කට් එකට එන්න පුළුවන්ද ඇහුවා තනියම“
“ඉතිං තමුසේ කැමති උනා“
“නෑ.. නෑ. මං කිව්වා බෑ කියලා“
“අනේ යනවා හලෝ යන්න.. බොරු නොකිය“
“මං කීවේ ඇත්ත. ඒත් බේරෙන්න බැරි උනා... මං කිව්ව නං තමා එන්නං කියල ඉතිං“
“ආව් ආව්.. ඔන්න මුනේ සෙවල බේරෙනවා.. හරි හරි.. සුභ පැතුම් ආ.. කොල්ලෙක් සෙට් උනාට“
පළමු හමුවෙන් ඉක්බිති මාස කිහිපයක ඇවැමෙන් මාධවීගේ සහෝදරිය සහ ඔහු අතර වූ පෙම් පලහිලව්ව අතු ඉති ලා වැඩෙන්නට විය. දවස ගානේ ලැබෙන වාර්තා මාධවී අකුරක් නෑර දැන සිටියාය. හමස් පෙට්ටියේ වූ සිතුවිලි වලට බාධාවක් නොවන පරිදි ඇයද තම සොහොයුරියට උපරිම සහයෝගය ලබා දුන් අතර, අවස්ථා කිහිපයකදී මුහුදු වෙරලේදී ඔවුන් හා දොඩමළු වෙන්නටද මාධවීට හැකි විය.
“මාධවී නංගි.. අක්කා ටිකක් සැරයි නේ.“
“එයා කෝමත් එහෙම තමා අයියේ. සෙනසුරු නැකතේ නේ“
“හයියෝ.. ඕවා කියන්න එපා.. මං සෙනසුරා මට්ටු කරල ආපු කෙනෙක් මෙහෙම හිටියට. හැක් හැක්“
“අයියේ.. ඔයා කඩේ හරියට කරන් යනවද?“
“ඇයි නංගි එහෙම අහන්නේ“
“නෑ ඉතිං ඔයාගේ වැඩේ පාරට රබර් ඇහැ දාන එකම නේ“
“හැක්.. රබර් ඇහැ නැත්නං කෝමද මේ වගේ මාර දූතියෙක් අල්ල ගන්නේ.. තව බලනවා මීට වඩා හොද තැනක ඇහැ නතර උනොත් එහෙම මොනව වෙයිද“ දීප්තිමත් දෑස තමා වෙත එල්ල කරමින් ඔහු පැවසූ දෙය මාධවී ගනනකටවත් නොගත්තාය. එහෙත් අක්කා ඔහුගේ උරපත්තට සෙමින් කළ පහර දීමට, විරෝධයක් ලෙස ඔහු අක්කාගේ පපු ප්‍රෙද්ශයට කරන ලද තට්ටුව මාධවී නොදැක්කා සේ සිටි අතර, එම විරෝධය දිගින් දිගටම යද්දී, ඇය ඔවුන්ගෙන් ඉවතට ගියාය. කිසිදා නින්දක් නොලැබ රැළි මවමින් ආපසු ඇදෙන මුහුද දිහා බලා සිටිය ඇයට, “මේකා නං මහ පිස්සු පොරක්“ කියා සිතෙන විට කට කොනකට සිනහවක් නැගී ආ හෙයින්, මාධවී නැවත විරෝධයේ යෙදී සිටින දෙදෙනා දිහා ඇස් කොනින් බැලුවාය. විරෝධය අවසන් වී යම් සමථයකට පත් අයුරින් ඔහුගේ උර මත අක්කාගේ මුහුණ ඔබා සිටින අයුරු ඇය දුටුවාය. තමා බලනු දුටු ඔහු තම අත් දෙකම විදහා පැවසුයේ, “ඔන්න දැක්ක නේ.. හෙනහුරා මට්ටු කරා. කෙහොමද වැඩේ“ ලෙසින් වන්නට ඇතැයි මාධවීද තම සිනහව පිට කරමින් සිතුවාය. ඔහු “මහ පිස්සු කොල්ලෙක්“ ලෙස මාධවීගේ සිත තුල ප්‍රතිරූපයක් ගොඩ නගා ගත්තේය.
*************************************************
අක්කාගේ කසාදයේදී වැඩි බරක් ඇදීමට සිදු වූයේ මාධවීට හෙයින්, ඇයට විටින් විට ඔහු සමග ත්‍රී රෝද රථයෙන් නොයෙක් ගමන් බිමන් වල යෙදීමට සිදු විය. ඒ සියළු අවස්ථාවන් හිදි ඇය තුල වූ ඔහුගේ ප්‍රතිරූපය තව දුරටත් ප්‍රත්‍යක්ෂ විය. වාහනයේ සිට විටෙක ගීත ඛණ්ඩයක් ගායනා කරන ඔහු, තවත් විටෙක කිසිදු හේතුවක් නොමැතිව බුම්මා ගෙන යයි. තවත් විටෙක යම් කිසි පදයක් කියා එහි අරුත ද්විත්ව තේරුම් සහිතව තේරුම් කර දෙයි. විටෙක යක්ෂයෙකු මෙන් කෝප වන ඔහු, ඒ සැනෙකින් යක්ෂයා පලවා හරියි. මේ සියළු මුහුණත් වලින් යුත් ඔහු කෙරේ මාධවී තුල තිබූ නොපහන් වූ ආකර්ශනය වැඩෙන්නට විය. එහෙත් කිසිදු අයුරකින් එය එළි නොකිරීමට ඇය සමත් කම් දැක්වූවාය. දීප්තිමත් ඇස් එකිනෙක ගැටීමේදි එහි දීප්තිය යම් යම් අදහස් හුවමාරු කරන බව දෙදෙනාම දැන නොසිටින්ට ඇත.
මාධවී ගේ ඇස් මායිමෙන් හා ඇය අසළ ගැවසීමෙන් ඔහු සිත තුල යම් චලනයක් සිදු වේ. අවස්ථා කිිහිපයකදී තම අත ඇයගේ ශරිරයේ හෝ අතෙහි ස්පර්ශ වෙද්දී ඔහුගේ සිත තුල අමුතු චුම්බක බලයක් ක්‍රියාත්මක වන බව ඔහුට දැනුනේය. එහෙත් එය කුමක් දැයි පවසන්නට ඔහු අපොහොසත් විය. මාධවී හා දොඩමළු වන විට හෝ ඇය අසල සිටින විට තම සිත පෘෂ්ඨිමත් වන බව ඔහු දැන ගත්තේය. එය හැගීමක් පමණක් විනා අන් කිසිවක් නොවන බවත්, නොයිදුල් තරුණියක ඇසුරේ සිටිද්දී එවැනි හැගීම් ඔහුට පහළ වී ඇති වාර ගණන අනුව බලද්දීද මෙය අමුත්තක් නොවන බව ඔහු දැන සිටියේය.
************************************************
කාලය ගෙවී යද්දී මාධවීගේ සහෝදරිය විවාහ කර ගත් ඔහු, තම බිරිදගේ බලවත් ඉල්ලීම මත බිරිදගේ නිසහෙිම රැදෙන්නට පක්ෂ විය. කුමන අයුරින් බැලුවත් එය තරමක් පහසුවක් වන්නේ පැය දෙකක පමණ දුරින් වූ තම නිවසේ සිට ව්‍යාපාරික ස්ථානය කරා ගමන් කිරීමට සිදු වීම ඉන් හරි අඩකටත් වඩා කාලයකින් අඩු වීමය. නිවසේ රැදෙද්දී, මාධවීගේ කාමරය වෙත ඔහු කෙදිනවත් පා තබා නොතිබුනේය. එහෙත් විසිත්ත කාමරයේ හෝ වෙනත් ස්ථානයකදී මාධවී හමු වීම සුලභ සිද්ධියක් විය. උදෑසන කෑම පිසන විට මාධවී හා තම බිරිය එකතු වී එම කටයුතු කරන අයුරු ඔහු අනන්ත දැක ඇත්තේය. රාත්‍රි ඇදුමට උඩින් හව්ස් කෝට් එක ගවසා සිටියද, මාධවීගේ සිරුරෙන් නික්මෙන් ආකර්ශනය බැහැර කරන්නට ඔහුට හැකි වූයේ නැත.
කාලයක් තිස්සේ සිත තුල පිළිසිද ගත් කලල වර්ධනය වන්නට විය. මාධවී දැක්මෙන් උද්දීපනය වූ එම හැගීම්, නිසි පෝෂණය ලද කලලයන් මෙන් වැඩෙන්නට විය. තව දුරටත් ඔහු සිත තුල හොර රහසේ පැන නැගී මාධවී ඔහුගේ සිත කොනිත්තන්නට විය. වේලෙන්ට දමා ඇති ඇදුම් අතර මාධවීගේ ඇදුම් සොයා ඔහුගේ ඇස් දිව යන්නට විය. නිවස තුලදී වන මාධවීගේ ක්‍රියාකාරකම් දෙස උවමනාවෙන් බලා සිටින ඔහු සිත මාධවී පිළිබද රාගයෙන් උත්සන්න විය. හේතුවක් රහිතව වුවද මාධවී පිළිබද සිතුවිලි, එළෙසින්ම තමා පිළිබදව මාධවී තුලද පවත්වා බවට ඔහු සිතා සිටියේය.
***************************************************
හිරිගඩු පිපෙන සීතල ගැවසෙන මුරුගසං වරුසාවේ, අැද මත සිටි ඔහුගේ සිත තුලද එළියේ මෙන් විදිලියක් කොටන්නය විය. එය එන්න එන්නම දැඩි ලෙස සිත තුල ඝට්ඨනය වද්දී, තව දුරටත් පාලනයක් නොමැති ඔහු තම ඇද හැරපියා සෙමින් සීරුවේ මාධවීගේ කාමරය වෙත ගමන් කරන්නට විය.
තම ස්පර්ශයෙන් කැළඹුන මාධවී ඇද මත වාඩි වී සිටියදී, ඔහු සෙමින් ඇද පාමුල පහත් වී “මාධවී මාධවී බය වෙන්න එපා..මේ මම“ පැවසුවේය. ඇස් පිය ගැසු ඇය කිසිත් පවසාගත නොහැකිව සිටියදී ඔහු තව දුරටත් තම අතින් ඇයගේ කලවා මිරිකන්නට විය.
“අනේ එපා අයියේ.. ඔයා යන්න“
“බෑ බෑ.. මට ඔයත් එක්ක ටිකක් ඉන්න ඕන“
“මං කෑ ගහනවා.. අක්කා ඒවි එතකොට“
“පිස්සුද මාධවී.. මං යන්නං එහෙනං“
එහෙත් ඔහු තව දුරටත් තම අත මෙහෙයවමින් මාධවීගේ කලවා මිරිකන්නට විය. දුහුල් රාත්‍රි ඇදුමෙහි සෞම්‍ය ගතිය ඒ අයුරින්ම මාධවීගේ කලවා මත වන බව ඔහු අත් වින්දේය. එයට පිටුපා යෑමෙහි හැකියාවක් ඔහුට නොවීය.
“අනේ අයියේ. දැං යන්නකෝ..අක්කා ආවොත් එහෙම“
“අක්කා එන්නෑ. එයා නිදි හොද එකෙන්ම“
“මට මොකක්ද මේ උනේ.. අයියා යන්න අයියේ... අනේ“
“මට බෑ. මට ඔයත් එක්ක ටිකක් ඉන්න ඕන“
“අක්කා මේක දැනගත්තොත් මටයි මැරෙන්න වෙන්නේ“
“නෑ නෑ එහෙම නැහැ.. මං ඒක බලාගන්නං.. පොඩ්ඩක් ඉන්නකෝ මාධවී“ ඔහු තම දෙඅත් ඇයගේ දැඩි වූ පියොවුරු මතට ගෙන එද්දී එය වළකන්නට තම අත් දෙකින්ම ඔහුගේ අත් දෙක තද කර ගත්තාය. පසුව එම අත් ඉවතට තල්ලු කළ ඇය, තම අත් නිදහස් කරගන්නට උත්සාහ කළද එසේ කළ නොහැකි විය. ඔහු මාධවීගේ අත් දැඩිව අල්ලා ගෙන සිටියේය. නැවත සෙමින් සීරුවේ ඇයගේ අත් එකතු කොට තමා වෙතට කිට්ටු කරගත් ඔහු ඒවා සිඹින්නට විය. එයින් කුල්මත් වූ මාධවී ඇඳ මත විලියෙන් ඇඹරෙන්නට විය.
“ඔයා හරිම නරකයි. අක්කට දෝහි කං කරනවා නේද?“
“ඉතිං මොකෝ..?“
“මට තමා මැරෙන්න වෙන්නේ.. මේ වේදනාවෙන්“
“ඕන නෑ මං ඔයාව මරන්නං.. හැක්“
“ඔව් ඒකනං කරාවි තමා“
“මොකකද් කිව්වේ“ බොරු තරහක් මවමින් ඔහු තම දෙඅත් ඇයගේ බෙල්ල හරහා තබා මිරිකන්නට මෙන් තද කරද්දී, බියෙන් සලිත වූ මාධවී තම අත් ඔහුගේ අත් මත තබා ගැලවෙන්නට උත්සාහ කළාය. එහෙත් පලක් නොවීය. සිරුරේ නොගෑවු ඔහුගේ බාහු සෙමින් මාධවීගේ පියොවුරු පෙදෙස තෙරපන්නට වූයෙන් ඇය තැති ගත්තාය. සෙමින් ඇරඹුන ඒ තෙරපුම බාහු දෙක දෙපැත්තට ගෙන යමින් ඔහු සිදු කළ කාර්යය මාධවී වෙනත් ලෝකයකට ගෙන යාමට සමත් විය. කෙදිනක හෝ නොවිදි සුවයකින් මුසපත් වූ ඇය සියළු විරෝධයන් ඉවත් කොට නිසොල්මනේ සිටියාය. සිත තුලද, ගත තුලද විටින් විට විදිලිය දුවද්දී එය නොනවත්වා සිදු වන්නේ නම් මැනවැයි ඇයට සිතුණි.
රාත්‍රි කාලය පුරාම තිබූ විදිලි කෙටීම් වල අඩුවක් නොමැති විය. මාධවීගේ සහෝදරිය සිටින කාමරයේ ජනේල අතරින් පෙරී බිත්ති මත පතිත වූ විදිලියම, මාධවී හා ඔහු සිටි කාමරයේ ජනේල් අතරින්ද රිංගා බිත්ති මත පතිත විය.