පරිගණක තිරයේ එළිය මිසක කාමරයේ දැල් වූ විදුලි ලාම්පුවක් නොමැත. අතරින් පතර පාරේ ගමන් කරන වාහනයක ශබ්දයත්, නළා හඩත් සඳුන් ට ඇසේ. තව තවත් ඇහුන්කන් දෙන විට තරමක් ඈතින් විවිධ කුරුල්ලන් ශබ්ද නගනු ඔහුට ඇසුන නමත්, එම කුරුලු නාද තමාට මේතාක් ඇසුනේ නොමැති බව පසක්ව සඳුන් තරමක් වික්ෂිප්ත විය. යමක් දෙස උවමනාවෙන් බැලුවහොත්, නිරික්ෂණය කළහොත් කොයි තරම් දේ දැකිය හැකිද? එසේ නැත්නම් අවට පරිසරයට හොඳින් ඇහුන්කන් දෙන්නෙ නම් වෛවාරණ ශබ්ද පරිසරය තුල තිබේද හා කනට හා මනසට සංවේදනය වන්නේ ඉන් කොතරම් සුළු ප්‍රමාණයක්ද යන්න ගැන සඳුන් කල්පනා කරන්නට විය. නිවෙස තුල වෙනත් ශබ්ද ඇතිදැයි සඳුන් හොදින් අැහුන්කන් දුන්නද එසේ විශේෂ ශබ්දයක් ඔහුට ඇසුනේ නැත. එරන්දි නාන කාමරයේ නම් වතුර වැටෙන සිරිසිරිය ඇසිය යුතුයැයි ඔහු කල්පනා කළද, වසා ඇති දොරකින් මෙපිටට පැන දඩි බිඩිගා කාමරයට පැමිණීමට තරම් එම දුර්වල ශබ්දය සමත් නොවන බවට සඳුන් පසක් කරගත්තේය. නිල්පාට තිරයේ හරි මැදින් තමාගේ කාර්යය නිමා කොට නික්ම යාමට කොතරම් වෙලාවක් ගත වේදැයි දළ අදහසක් ඔහු තුල තිබුනේය. තවමත් ප්‍රතිශතය සියයට තිස් තුනක් වන අතර, සියයට තිස් හතර ලැබීමට තත්පර කීයක් ගත වේදැයි ඔහු අත රැදි ඔර්ලෝසුව හා සංසන්ධනය කර බැලීය. ඉන් අනතුරුව සියයට තිස් හතර හා තිස් පහ අතර කාලය ඔහු මැන්නේය. එම කිසිම අංකයක් සමාන කාල පරාසයන් නොගත් බව සිතමින් ඔහු ඉන්නා විට එක් වරම කර්ණ සංවේදනයන් රතු එළියක් දල්වන්නට විය.
“ඩිග් ඩිග් ඩිග්“ යමෙකු දොරකට වැරෙන් හා වේගයෙන් පහර දෙන අයුරු ඔහුට ඇසුනේය. එහෙත් එය ලී දොරකට නොවන තඩිබෑමක් බව කල්පනා වූවද, මදක් නැගිට ප්‍රධාන දොර දෙසට ඔහු නෙත් හෙලීය. කිසිදු වෙනසක් නැතිව දොර එලෙසම විවෘතව පවතී.
“ඩිග් ඩිග් ඩිග් ඩිග්... අම්මා... අම්මා“
මෙවර නම් ඊටත් වඩා දැඩිව ඇසුන තඩි බෑමේ ශබ්දයත් සමග ගැහැණු කෑගැමක්ද ඇසීමෙන් භීතියට පත් සඳුන් පුටුව මත එලෙසම ගල් විය. මෙතරම් සැරෙන් බෙරිහන් දෙන්නේ කව්රුන්දැයි සිතත්ම, නිසැකවම එය එරන්දිගේ කටහඩ බව සිහිවී ඔහු ඉද්ද ගැසුවාක් මෙන් පුටුවෙන් නැගිට්ටුනේය.
“ඩිග් ඩිග් ඩිග්.. අයියෝ අම්මා“
යම කලබැගෑනියක සේයාවක් එරන්දිගේ වේව්ලන ස්වරයේ තිබුනද, මේ පිස්සු කෙල්ල නාන්නට ඕනැ වන සබන් කෑල්ල ඉවර වී මෙලෙස බෙරිහන් දෙන බව සඳුන්ට පසක් විය. කුඩා කාර්යයකට අතගැසුවද අමතක වූ යමක් වේ නම් එය රැගෙන එන තුරු නාහෙන් අඩන කාර්යාලයේ සිටින එරන්දි ඔහුට සිහි විය. මුලු ලෝකයම කඩා වැටුනාක් මෙන් කුඩා දේවල් පසු පස හඹා යමින්, සියලු වැඩයන් නතර කොට එය රැගෙන එන තුරු හතර අතට දුරකතන ඇමතුම් දෙමින්, එකිනෙකාට පින්සෙන්ඩු වෙමින්, අඩමින්, ලතැවෙමින් සිටිනා අසරණ එරන්දිගේ මුහුණ සිහිවී නැගුන මන්දස්තමිය ද රැගෙන සඳුන් කාමරයෙන් පිට වී කොරිඩෝව දිගේ කෙළවරටම ගොස් වමට හැරී එතැනින් කුස්සිය පසු කොට නානකාමරයේ දොර අසලට සේන්දු විය. මේ අතර වාරයේදීද දෙතුන් වරක් එරන්දිගේ බෙරිහන් දීම ඇසුනද නිශ්ශබ්දව හා කලබලයකින් තොරව ඔහු දොර අසලට කිට්ටු විය.
“එරන්දි.. මොකද ඕයි.. බෙරිහන් දෙන්නේ.. අම්මා තාම ආවේ නෑ“
“අනේ අනේ.. සඳුන්. සඳුන්.. මාව බේරගන්න.. අයියෝ. ඉක්මනට ඔය දොර අරින්නකෝ..“
“පිස්සුද ඕයි තමුසේ නානවා බලන්න මට බෑ“
“මං මැරෙයි සඳුන්.. ඉක්මනට ඉක්මනට.. මට දොර අරින්න බෑ ලොක් වෙලා“
“බෑ බෑ.. තමුසෙට ඕන නං එනවා“
“අනේ සඳුන්... කොමඩ් එක ගාව පොළගෙක්.. දොර කඩල හරි මාව ගන්න.. මට බයයි.. අනේ.. අනේ.. අයියෝ... ඌ වැටුනා ටයිල් එක උඩට... අනේ ඉක්මනට“
මෙවර නම් සඳුන්ගේ ඇග සීතල වී ගොස් ඔලුව කැරකෙන්නට තරම් ලේ ගමනාගමනය වැඩිවිය. ඔහුගේ ගෙර නානකාමරයේ ඇති ප්ල්සිටික් දොරෙහි අගුලද සමහර විට ඇතුලතින් අගුල් වැටෙන බවත්, නැවත දොර ඇරීමට නම් එළියේ ඇති යතුරෙන් එය විවෘත කළ යුතු බවත් ඔහුට සැනෙකින් කල්පනා විය. ඊටත් වඩා, සර්පයන්, කැරපොත්තත්, හූනන් අරඹයා එරන්දිගේ ඇති දැඩි භීතිය සිහිවී සඳුන්ගේ පියවි සිහිය විකල් විය. දිනෙක කාර්යාලයේ මිදුලේ විශාල ගැරඩියකු බඩ ගාමින්, කාර්යාලය දෙසට ආ බව ආරංචි වී පුටුව මතට නැගී හූ කියමින්, අඩමින් සිටි අසරණ එරන්දිව සිහිව සඳුන් නැවත සිහිය එලවාගත්තේය. සැනෙකින් දොර ළගට පිවිසි ඔහු බාල ඇලුමිනියම් වලින් සකස් කර ඇති බෝල අගුලේ මධ්‍යෙය් තිබූ යතුර කරකවන්නට විය. යතුර යන්තමින් කැරෙකෙද්දී එරන්දිගේ අත දොර මත තිබු බවට කළු පැහැති තද ගතියෙන් ඔහු තේරුම් ගත්තේය. දොර යන්තමින් විවර වූ සැනින් “බුදු අම්මෝ“ කියමින් එළියට පිනූ එරංගි සඳුන්ට මුවා වී පිටුපසට පැන්නාය. ඇය වැරෙන් ඔහුගේ බාහු දෙකින් අල්ලාගෙන ඔහුගේ පිටුපසට වී සැගවුනද, දොර අැරුන මොහොතේ පටන්, නාන කාමරයේ දැල්වුන විදුලි බුබුලේ ආලෝකය සඳුන්ගේ ඇසට පැමිණි නිමේෂය සේව වේගයෙන්, දොරෙන් එළියට පිනූ එරන්දි දැක සිහි එලවාගැනීමටත් පෙර ඇය ඔහුගේ පිටුපස සැගවුන මොහොතේ ඔහු බයෙන් ත්‍රස්ත වී ගියේය. අති විශාල ගිනි කන්දක් තමා දෙසට කඩා පාත් වු සෙයක්ය ඔහුට හැගුනේ. නැවතත් කුමක් කරම් දැයි සිතන තත්පරය තුල පිටුපස සැගවී සිටින ඇය තමාගේ බාහු දෙක දැඩිව ග්‍රහණය කර සිටින බවත්, ඇය යමක් පවසනුත් සිහිනෙන් මෙන් ඔහුට ඇසුනේය. ඒ සැනෙකින්ම නාන කාමරය දෙස නෙත් හෙලු ඔහුට කොමඩය අසල ටයිල් පොලවේ වකුටු වී දගලන දිලිසෙන සර්පයා දැක ගැනීමට හැකි විය. සර්පයා පොළගෙකු බව ඔහු පසක් කරගත්තේය. එහෙත් සර්පයා එලවීමට ප්‍රථම කළ යුතු යම් දෙයක් ඇති බව ඔහුගේ කල්පනාවට ආවේය.
“එරන්දි.. එරන්දි.. තමුසෙට පිස්සද ඕයි.. ඉක්මනට ටවල් එක වත් ඇදගන්නවා. තමුසේ අමු හෙලුවෙන්“
“අනේ අනේ.. අන්න... ඒයි ස...ඳු..න්.. ඌ එනවා මේ පැත්තට. මට බෑ දුවමු දුවමු.."
‘මේ.. ඕයි. කව්රු හරි අවොත් ඉවරයි තමුසේ.. ඉන්නවා ටවල් එක අරන් දෙන්න. අතඅරිනවා මාව“
“අනේ බෑ.. අනේ මට ඉන්න දෙන්නකෝ.. මට කලන්තේ වගේ..අයියෝ“
“තමුසේ පොඩි ලමයෙක් වෙන්න හදනවා.. ඕයි.. ආච්චිට හාල් ගරන්නද හදන්නේ.. මං කියන දේ අහනවා“
“අන්නෝ.. අයියෝ .ඌ මෙහාට එනවා.. ඒයි.. මාව බේරගන්ඩෝ.. බුදු අම්මෝ.. මට බයයි..“
“මොකද මොකද ලමයෝ මේ බෙරිහන් දෙන්නේ.. දූ.. කොහේද?“
මුලු ලෝකයම එක් වරම තම භ්‍රමනය නතර කොට විරුද්ධ පැත්තට භ්‍රමනය කිරීමට ආරම්භ වූවා වැනිය. වේගයෙන් කැරකෙන පෘතිවිය තමා වටා කැරකෙන වේගය එක් වරම බිංදුවට ගෙන පෙර පැවති වේගයටම අනිත් පැත්තට භ්‍රමණය වන්නට පටන් ගන්නා නිමේෂයේ මේ ලෝකයට කුමක් වේද? එවන් හැගීමක් සදුන් හා මේ දැං නිවසට පැමිණි එරන්දිගේ අම්මා දැකීමෙන් ඇති විය. එසේ නොමැති නම් වේගයෙන් ගමන් ගත් රථයක් එක් වරම පිටුපසට ධාවනය කරන ගියරය මාරු කරහොත් ඇති වන තත්වය කුමක් වේද? ක්ෂණික හා මහා භයානක කීරි ගෑමක්...
“එරංගි.. උඹ පර බැල්ලි.. තෝ මේකයි එහෙනං මට කොලේ වහල කරේ.. පර බල්ලා.. මම තෝව මරනවා අද“
එළවලු මල්ල සීසීකඩ යන සේ බිම දැමු ඇය එක පිම්මට එරන්දි වෙත කඩා පැන්නාය. ඒ හා සමගව වැරෙන් ඉවතට ඇදගත් එරන්දි තමා අසල සිටියදී, ගැහැණියකට එල්ල කළ හැකි උපරිම පහරක් සඳුන්ගේ පිට හරහා එල්ල කරෙන් ඔහු ඉදිරියට විසි වී ගියේය. නාන කාමරයේ දොර තුලින් එක් වරම නාන කාමරයට විසි වේයැයි යන අනියත බිය හේතුවෙන් සඳුන්ගෙ අත් දෙකම බිත්තිය අල්ලා ගත් හෙයින් ඔහු නොවැටී බේරුනේය. ඒ සමගම චට චටාස් හඩින් එරන්දිගේ කම්මුල් පැලී යන තරමේ පහර කිහිපයක් අම්මා එල්ල කර බව සඳුන්ට ඇසුනේය. ඔහු මළ මිනියක් සේ බිත්ති දෙක අල්ලාගෙන සිටි අතර, සිතල වී තිබු සිරුර හා මනස ඔහු තව දුරටත් ප්‍රාණියෙකු නොවන බව සනිටුහන් කලේය.
“තොට ලැජ්ජ නැද්ද. මේ වගේ දෙයක් කරන්න. ඔක්කෝම විනාසයි.. පර බල්ලා... තෝ අදින් පස්සේ ඉදල ඉවරයි. ඔව්.. උඹ ඉදල ඉවරයි. උඹ මැරුං කන්නේ මේ අහිංසක ගැනිගෙන්. උඹ මගේ දරුවා විනාස කරා. ඇයි දෙයියනේ මම තොපිට ඉඩ දුන්නේ.. මාව මරපං. එරන්දි. උඹට ඉන්න ඕන නං මාව මරපං. නැන්තං තොපි දෙන්නවම මං මරණවා.. අනේ දෙයියනේ. මොකක්ද මේ උනේ“ එසේ කියමින් කොතන හෝ අසලක තිබු පැරණි චිත්ත රෙද්දක් ගෙන එරන්දිගේ සිරුර වසා දැම්මාය. එසේ නොව සිරුරට අලාවා තැබුවාය.
“අනේ.. අම්මේ.. මොකක්ද මේ කියන්නේ..“
“තෝ කතා කරන්න එපා බැල්ලි.. “ චට චටාස් හඩින් නැවතත් පහර පිට පහර වැදෙද්දී සඳුන් තවමත් බිත්තිය අල්ලාගෙන නාන කාමරය දෙසම බලා සිටියේය.
“අම්මේ... මං කියන එක අහන්න.. මං නාද්දි“
“පලයං යන්න බැල්ලි. තෝ දැං සාක්කි කියන්න එනවද“ නැවත එරන්දිගේ කම්මුල් මත ලේ පහර වැකිණි.
“අම්මේ.. අම්මේ. බාත්රූම් එකේ පොළගෙක්.. මං බය උනා.. දොර ලොක් උනා“
“තෝ බොරු කියන්නේ.. තෝ බොරු කියන්නේ. ඉදපං බලන්න“ අම්මා නැවතත් දැඩි පහරක් එල්ල කොට නාන කාමරයේ දොර ආවරණය කර ගෙන සිටි සඳුන්ව වම් පසට තල්ලු කර දැමීය. එසේ තල්ලු කර දමා ඇය නාන කාමරය පුරාම ඇස් යොමා සෝදිසි කර බැලුවාය.
පැයකට ආසන්න කාලයකට පසුව එරන්දිගේ හා සඳුන්ගේ ඇස් එකිනෙක හමු විය. එහෙත් ඒ ඇස් දෙස එක එල්ලේ බැලීමේ තරමක දුෂ්කරතාවයක් සදුන්ගේ සිත තුල තිබුනේ තවමත් ඔහුගේ කරදර ආරම්භ නොවු බව සිහි වීමෙනි.
“මොන සර්පයෝද??? මාව රවට්ටන්න එපා එරන්දි. උඹටයි ඒ පාපේ..කෝ මේ බල්ලා.. තෝ මගේ දරුවා විනාස කරා... මගෙන් බේරිල්ලක් නෑ.. යමං පොලිසි.. නවනිංගිරාව බල්ලට ගිය දෙන්. තෝ වගේ මදාවියෙක් ගෙට දාගත්ත මටයි ගහන්න ඕන.. වල් බල්ලා“ අම්මා දැඩි ලෙස සඳුන්ගේ බෙල්ලෙන් අල්ලා ගනිමින් ඔහුට පහර පිට පහර දෙන්නට විය. කටේ කෙල පවා සිදී කුමක් වන්නේ දැයි නිනව් නැතිව මමියක් සේ සිටින සඳුන්ගේ සුළු හෝ චලනයක් නොමැති විය. පහර පිට පහර එල්ල කරමින් සාලය කරා අම්මා ඔහුව ඇදගෙන යමින් සිටියාය. සඳුන්ගේ දෙපා ඉදිරියට යාම ප්‍රතික්ෂේප කරමින් අයිස් කුට්ටියක් සේ සිටීම නිසා හරකෙකු ඇදගෙන යන්නාක් මෙන් පහර පිට පහර දෙමින් ඇය ඔහුව දක්කන්නට විය. මේ මොහොතෙහි තත්පර කිහිපයකට අතුරුදන් වූ එරන්දි දම් පැහැති බ්ලව්සයක් හා කළු පැහැති සායක් අදිමින් හනික දිව එද්දී, අම්මා දක්කන් යන සදුන්ව අල්ලා ගත්තාය. දැඩි ආවේගයෙන් යුතුව දකුණතින් එරන්දිව තල්ලු කර “පල බැල්ලි අහකට“ ලෙස අම්මා බැන වැදුනාය. තල්ලු කිරීමෙන් අඩපන වු එරන්දි විසී වී ගොස් අඩි කිහිපයක් එහායින් බිම වැටුන නමුදු, ඒ ක්ෂණයකින්ම නැවත නැගිට විත් අම්මා අල්ලා ගත්තාය.
“අම්මා.. සඳුන් වැරදි නෑ. සඳුන්ට මොකක් හරි කරොත් මං දැම්ම ලිදට පැනල මැරෙනවා. “ එසේ කියමින් ඇය පිටු පසට හැරී කුස්සිය දෙසට දිව යන්නට විය. මේ සිදු වන්නේ කිසිසේත්ම සිදු විය නොහැකි දෙයක් බව අම්මාට ඉවෙන් මෙන් තේරුම් යන්නට විය. පිටුපස ඇති බඹ ගණනක් ගැඹුරු ලිදට ප්‍රවේශ විය හැකි ආසන්නතම ස්ථානය කුස්සියයි. එයින් පිටට පැන අඩි පහළොවක් ගිය තැන ලිද පිහිටා ඇත. එසේ සිතත්ද්දීම එරන්දි කුස්සියටද ඇතුලු විය. වහාම සඳුන්ව අතැර දැමු අම්මා සිතා ගත නොහී වේගයකින් ඇය හඹා යන්නට විය.
සිදු වීමට යන්නේ කුමක්දැයි නිනව්වක් නැතිව සිටි සඳුන්ටද එරන්දි ලිදට පැන මැරෙන්නට යන්නේ යැයි සංවේදනයක් ඇති විය. ඔහුද සැනෙකින් ඇයව හඹා යන්නට විය. අම්මා කුස්සියට ඇතුලු වෙද්දී, එරන්දි ලිද අසලට දිව ගොස් ලිං ගැට්ටෙන් බිමට පනින්නට ඇවැසි කාල වේලාව ලබා ගෙන ඇති බව ඇයට හොදින්ම දැනිනි.
“අයියෝ මගෙ දරුවෝ. දුවන්න එපා ඔහොම හිටිං.. අනේ රත්තරනේ.. එපා එපා“ බෙරිහන් දෙමින් අම්මා කුස්සිය පසු කල නොහැකිව දැඩි සෝකයෙන් යුතුව වේගය බාල කර සිටියාය. තව තත්පරෙන් සියයෙන් එකක ඇතුලත “ජබොක්“ ශබ්දය ඇසෙන බවත් ඒ තත්පරෙන් පංගුව ඇයට ආවරණය කළ නොහැකි බවත් අම්මාට සිහි වී ගතින් දාඩිය වැගිරෙනමින්, ඒ හා සමානවම කඳුළු ඇස් දෙකෙන් වගුරවමින් සිටියාය. එහෙත් අම්මා කුස්සි දොරෙන් අඩි කිහිපයක් එහාට, එළියට පැන ලිද දෙසට ඇස් යොමු කර සිටියාය. එහෙත් එරන්දි එතැන නැත.
“අනේ මගේ දරුවා.. අයියෝ මගේ දරුවා“ අම්මා එතැනම වැටි මරහඩ දෙන්නට වූයේන්, මෙතෙක් වේලා නිවසේ ඇසුණු ශබ්දය පිටතින් ඇසීමත්, යම් මාරාන්තික දෙයක් සිදු වන්නේ යැයි උපකල්පනය කරමින් දිව යාමට දැඩි සුදානමකින් පසු වූ අසල් වැසියන් මීමැස්සන් සේ රොක් වී තාප්ප වලින් එබී බලන්නට විය. කුස්සි දොර අසල සිටගෙන සිටි සඳුන්, අම්මා වැලපෙමින් සිටින ආකාරය දුටුවාය. එහෙත් ලිද දෙස බලද්දී ඒ අසල එරන්දි නොමැති නමුත් ඊට අඩි කිහිපයක් මෙහායින් නාන කාමරයේ ෆෑන් ලයිට් එක සවි කොට ඇති බිත්තිය අසල යමෙකු වැටී සිටින බව දුටුවේය. දම් පැහැති බ්ලවුසය සම්පුරුණයෙන්ම අනෙක් බිත්තියෙන් වැසී තිබුන අතර, කළු පැහැති සාය ඇයගේ කලවා නිරාවරණය කරමින් එසවී තිබිනි. සඳුන් දිව යන්නට විය. සඳුන් දිව යන ශබ්දය ඇසීමෙන් හා පොළවෙහි දෙදරීම දැනීමෙන්, කඳුලු අතරින් ඇස් ඔසවා බැලු අම්මාද එරන්දි වැටී සිටින අයුරු දුටුවාය. ඒ හා සමගම නැගී සිටි ඇය සඳුන් හඹා යන්නට විය.
යම් අන්ධකාරයක් පරිසරය තුල මෝදුවෙමින් පවතින බවක් සඳුන්ට හැගිනි. එය කුමන අයුරකින් වේදැයි, වළාකුලු අන්ධකාර වී දැයි ඔහු නොදත්තේ වුවද, නාන කාමරයේ දිලිසෙමින් කුරු ගැහි සිටි පොළගා එරන්දිගේ වම් කකුල යටින්, නාන කාමරයේ බිත්තිය දෙසට ගමන් කරනු ඔහු දුටුවේය. ඒ වෙලාවෙහිම එතැනට පැමිණි අම්මද පොළගා දැකීමෙන් බයෙන් ත්‍රස්ත වී ගියෙන්, ඇය එක් වරම සඳුන්ගේ පිටුපසට වී ඔහුගේ බාහු දෙක අල්ලා ගත්තාය.
නිමි නිමි.. තව නෑ.. හැක් හැක්..