Thursday, April 30, 2015

ඇණය (The Nail)!!

එක වෙළෙන්දෙක් තමන්ගේ බඩු ටික පොළට අරන් ගිහින් හොද වෙළදාමක් කරගත්තා. ඉතිං දැං මෙයාට හැරෙන තැපෑලෙන් ගෙදර යන්නමයි උවමනාව. හැන්දෑ වෙන්න කලින් ගෙදරයට යාගන්න ඕන නිසා මෙයා ඉක්මනින්ම තමන්ගේ පෙට්ටියට වෙළදාමෙන් හොයාගත්ත රන්, රිදී කාසි ටික ඔක්කෝම අඩුක්කරගෙන ඒ පෙට්ටිය අශ්වයගේ පිටේ තියල හොදට ගැට ගහල ගෙදර යන්න පිටත් උනා.

දවල් කෑමට මේ වෙළෙන්දා එක නගරෙක හෝටලේකට ගියා. අශ්වයාටත් කන්න දීලා ආපහු එන්න හදන කොට, හෝටලේ ඉස්තාලේ හිටියා කොල්ලා දුවං ඇවිත් වෙළෙන්දගේ අශ්වයා එයාට දීල මෙහෙම කිව්වා.

“සෑර්. සර්ගෙ අස්පයගේ ඉස්සරහ වං කකුලේ ලාඩමේ ඇනයක් හැලිලා.“

“ඒක හැලිච්චාවේ බං. මට තව හැතැප්ම හයයි යන්න තියෙන්නේ. එතකං ඔය ලදරං ලාඩම කීයටවත් ගැලවෙන්නෑ“ කියලා වෙළෙන්දා ආයිත් ගමනට පිටත් උනා.

හවස් වෙද්දි මේ වෙළෙන්දා තවත් නගරෙක නැවතුනා තේ බොන්න. තේ බීලා, අශ්වයාටත් කන්න දීල එන්න හදන කොට එතන හිටිය ඉස්තාලේ කොල්ලා දුවං ඇවිත් මෙහෙම කිව්වා.

“සෑර්. සර්ගේ අස්පයගේ ඉස්සරහ වං කකුලේ ලාඩමක් හැලිලා. මං ඒක හරිගස්සගන්න කම්මලට යවන්නද අස්පයව“

“කම්මල මකබෑවියං කොල්ලෝ. මට දැං හදිසියි. ඒක නිසා ඉක්මනටම යන්න ඕන. ඔය ලාඩම නැතිව උනත් මේ හාදයට ඉතිරි හැතැප්ම දෙක යාගන්න පුලුවන්“ කියල වෙළෙන්දා ආයිත් ගමන පටන් ගත්තා.

ටික දුරක් යද්දිම අශ්වයා කුර ගහන්න පටන් ගත්තා. කුර ගහ ගහ වැඩි දුරක් යන්න කලින් ඒකා නොන්ඩි ගහන්න ගත්තා. වැඩි දුරක් නොන්ඩි ගහන්න කලින්ම මේ සතා බිම වැටිල කකුල කඩාගත්තා. අයියෝ ඉතිං අපේ අසරණ වෙළෙන්දට සිද්ධ උනා තමන්ගේ පෙට්ටිය අශ්වයගේ පිටෙන් බාගන්න. ඒ මදිවට කකුල කැඩිච්චි අශ්වයා එක්ක යන්න ඇහැකැ. ඉතිං එ් සතාව එතැනම දාලා අර තඩි පෙට්ටිය මුට්ට කරගනෙ හද්ද අමාරුවෙන් පයින්ම ගෙරදට ගාටන්න සිද්ධ උනා. කෝම හරි අන්තිමට අපේ වෙළෙන්දා ගෙදර යන කොට මහ රෑ ජාමෙට විතර ඇති.

ගෙදර ගිහිල්ල මහන්සි පිටින්ම ඉද්දී වෙළෙන්දට මෙහෙම හිතුනා.

“අර කාළකන්නි ඇනේ.. ඕක තමා මේ හැමදේටම වගකියන්න ඕන“

ඉක්මන් කොටයි.


The Nail - Brothers Grimm