Wednesday, August 27, 2014

කෝල් හොරා..!!

ඉස්ඉස්සෙල්ලම ජොබක් කරන්න කියලා මම ගියා ආණ්ඩුවේ නිකං කන කන්තෝරුවකට. ඒකේ වැඩ ටිකක් තිබුනත් භාණ්ඩාගාරේ සල්ලි ගිලින එක තමා වැඩි පුරම කරේ. අපි අළුත් නිසා අපි පඩිය විතරයි ගිල්ලේ. 

ඔය දවස් වල (1999) හැන්ඩ් පෝං එකක්වත් මට නැහැ. ඉතිං දේශිකා එක්ක යාළු කාලේ නෙව. කතා කරන්න විදියක් නැහැ. මම කොළඹ තනිවෙලා. ඔය වැඩ කර කර ඉන්න ගමන් ඉන්ටර්කොම් පෝං එකේ කතා කලාට, ටැලිකොම් ලයින් එකට අතවත් තියන්නෑ. කොහේ අත තියන්නද ඒක ලොක් කරල ලොක්කා යතුර සාක්කුවේ ඔබාගෙනමයි ඉන්නේ. 

දවසක් මම කෝ එකක් අරන් කතා කර ඉද්දි, ඉන්ටර්කොම් පෝං එක නැවතුනා. ඒ පාර අර සුට්ටි කෑල්ල, ෆ්ලිප් එක මම දෙතුන් පාරක් ටක ටක ගාලා එබුවා. මෙන්න ඒ පාර රිංස් යනවා. “හලෝ“ කියල ගැඹුරු කටහඩක් ආවම මං ඒත් බය උනා. මම කිව්වා අනේ කෝල් එක කට් උනානේ බං කියලා. “කව්ද ඔය කතා කරන්නේ“ ආයිමත් ගැඹුරු කටහඩ. මං බය උනා. යකඩෝ විගණන අංසේ ලොක්කා නෙව ඒ කතා කරල තියෙන්නේ. 

මං මොකකද කරේ කියල මට තේරුනේ නැහැ. ඒත් අර ටක ටක ගාල දෙතුන් පාර ගැහුවම 112 කියන එක්ටෙන්ෂන් එක ඇක්ටිව් වෙලා කියල මට තේරුනා. 

කෝකටත් ආයිමත් ගහල බැලුවා.. හරි ගියේ නැහැ. පැයක් විතර ට්‍රයි කරන කොට එක එක තැන් වලට කෝල් දෙක තුනක් වැරදිල ගියා. ඒත් ටක ටකේට ගැලපනෙ නම්මර නෙමෙයි. ඕක ගැන මම හිතල හිතල හිතිල... ඇති උනා. නෑ ඇති උනේ නැහැ. මේක මොකක්ද කියල හොයාගන්න උනමනාව තිබුනා. මං අළුත් එකා නේ. ගොරෝසු රැවුල් තියෙන පරණ අයියලගෙන් මේවා අහන්න ඇහැක. ඉතිං මම ට්‍රයි කරා. යන්තං හොයාගත්තා. එක පාරක් ටක.. එකයි. ටක් ටක්.. දෙකයි. ටක් ටක් ටක් තුනයි.. ටක් දහයක් බිංදුවයි. ඔන්න චක්කරේ.. හැක්.. එකසිය දහ තුන අංකේ ඩයල් වෙන්නේ මෙහෙමයි.

රිසිවර් එක ඉස්සුවා. ෆ්ලිප් එකට අත තිබ්බා.

ටක්......... ටක්.................ටක් ටක් ටක්

ඔන්න යස අගේට රිං යනවා. හරි නියම තැනින් ආන්සර් කරා. වැඩේ ගොඩ නේ.. මම ඔය ක්‍රමය හොදට ප්‍රගුණ කරා. ඒ දවස් වල අංක හයක් හරි හතක් හරි නේ ටෙලිකොම් අංකෙකට තිබුනේ. වැඩ ඇරුනම මට යන්න තැනක් නැහැ. ඔය මොකක් හරි ගේමක් ගහගෙන ඉදල හය හතට විතර බෝඩිමට යන එක තමා මං කරන්නේ. කව්රුත් වගේ පහ වෙද්දි යනවා. එතකොට ඒක මගේ තනි රාජ්ජේ. 

දවසක් මම අර ටැප් සිස්ටම් එක ප්‍රථම වරට අත්හදා බලන්න හිතුවා. ඉස්සෙල්ලාම දේශිකාගේ ගෙදර නම්මරේ ගැහුවා.. පොඩි වැරදීමක් නිසා වැඩේ අවුල් උනත් දෙවැනි පාර මං ගොඩ ගියා. රිසිවර් එක තිබ්බේ පැයකට විතර පස්සේ. ඔය වගේ මාස එකහමාරයක් විතර හවසට අඩු ගානේ පැයේ දෙකේ මල් කෝල් මහා භාණ්ඩාගාරය අනුග්‍රහයෙන්.

ඒත් ටෙලිපොන් බිල ආවම ලොක්කට මල. වෙනදා රුපියල් දාහය විතර බේරෙන බිල දැං පන්දාහත් පැනලා. මේකා රට වටේම ගිහිල්ල මොකද උනේ කියල බලන්න. මගේ වාසනාවට ඒ දවස් වල ඩීටේල් බිල් එක හිතු ගමන් ගන්න බැහැ. අද ඉල්ලුවොත් ඩේටා ලැබෙන්නේ ලබන මාසේ ඉදල. ඔන්න ඕක නිසා අහිංසක මං ගොඩ ගියා. ලොක්කගේ ඇලෝකේෂන් එක රු. 1500 ක් නිසා වැඩිපුර තිබ්බ ටෙලිපෝන් බිල් එක මිනිහා අතින් ගෙව්වා. මටත් දුකයි. ඒත් කියන්නයැ. පස්සේ මං පරිස්සං උනා.. වැඩිම උනොත් මාසෙකට බිල රුපියල් 2500 නොපන්නන්න. ඒත් ඕක වැඩිය කියල ඩිටේල් බිල් එකට රික්වෙස්ට් කරයි කියල දැනගත්ත දාම මම මල් වට්ටිය විසි කරල දැම්මා. මම ටෙලිපෝන් කරපු සිස්ටම් එක දේශිකා දැනගෙන එයා මට කිව්වා. “ඔයා නං මාර මොළකාරයෙක් දේශා“ කියලා.

මාස අටක්ද කොහේද වැඩ කරල මම ඒකේ හාදයොත් එක්ක ෆිට් උනා. එකෙක් නං බොක්කටම වැදුන නිසා මම මේ සිද්ධිය පොරට කිව්වා. 

“අනේ තෝ වගේ මෝඩ මුසලයෙක්.. ඔච්චර අමාරුවෙන් ගහන්න ඕන නැහැ යකෝ..“

“එහෙම නැතිව කෝමද කරන්නේ“

“ඉන්ටර්කෝම් පෝන් එකේ ඩයල් ටෝන් එක pulse නෙමෙයි tone සිලෙක්ට් කරල ඒකේ හෙඩ්ෆෝන් කෑල්ල ටෙලිකෝම් පෝන් රිසිවර් එකේ මයික් එකට තියහං. හොදට තද වෙන්න. ඊට පස්සේ ඉන්ටර්කොම් එකේ බොට ඕන නම්මරේ ගහපං.. එළකිරි වගේ ඩයල් වෙනවා“

මේ මොන විකාරයක්ද කියල මම කිව්වම මිනිහා ඒක මට කරල පෙන්නුවා. අප්පට සිරි මරු..නේ.. ඒක හෙන ලේසියි. අර බටොන් එක ප්‍රෙස් කරාම එක එක අංකෙට යන ටෝන් එක වෙනස්. ඒකෙන් තම රිසිවර් එක අංකේ හදුනගන්නේ. ඉතිං වලාමයි නේ.. ඕන අංකයක් ගහන්න පුළුවන්. මම මුල්න්ම හැන්ඩ් පෝං එකක් ගන්න කොට ඒවයේ තිබුනා කීපෑඩ් ටෝර්න් එක.. බීප් හරි ටෝන් හරි දාන්න. බීප් නොදා ටෝන් දැම්මමොත් නම්මර් බටොන් ඔබන කොට අර ටෙලිපොන් එකේ ප්‍රෙස් කරන විදියටම ටෝන් එක එනවා. ඊට පස්සේ හැන්ඩ් පෝන් එකේ කනේ ගහන තැන, ටෙලිකොම් පෝන් එකේ රිසිවර් එකේ මයික් එකට තද කරල නම්මරේ ගැහුවම යස අගේට පෝන් එක නම්මරේ ඩයල් කරනවා. ඕන ලොක් කරල තියෙන පෝං එකකින් කෝල් ගන්න පුළුවන්. ඔය ක්‍රමය මම ඊට පස්සේත් අවුරුදු ගානක්ම භාවිතා කරා. කව්රුවත් දැනගත්තෙත් නැහැ. මම කිව්වෙත් නැහැ. බලං ගියාම හොර වැඩ වලට නං මම හරිම “දස්සයෙන්“ නේ.

Monday, August 25, 2014

මිහිරි මතකයන් හා “මිහිර“ මතකයන්!! (Memories of 'Mihira' and days when life was so much sweeter)

මෑත කාලයේදී මා බොහෝ බ්ලොග් සටහන් කියෙව්වත්, (සම හරක් නං කියන්නේ මං කියවන්නේ නැතිය කියලයි. හැක්..) ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියැවෙන දේවල් නං කියවන්නේ අඩුවෙන්. ඒ කියවන අතලොස්ස අතරින් උනත්, මට ඉංග්‍රීසි කියවන්න ආසාව වඩවන්නේ එකම එක කෙනෙක්ගේ සටහන් පමණයි. ඒ “ද නේෂන්“ පුවත්පතේ කතෘ මලින්ද සෙනෙවිරත්න මහතාගේ Malinda Words බ්ලොග් අඩවියයි. ඔහුගේ ඉංග්‍රීසි බස හැසිරවීම ඇත්තටම සුපර් පවර් ස්ටියරින් තියෙන ලක්ෂරි සෙඩාන් එකක් එළවනවා වගෙයි. බහුබූත වචන වලින් තොරව ඔහු කරන ආමන්ත්‍රණය ගැන මට දැනෙන විදිය ගැන මම මුණුපොතේ දාපු ස්ටේටස් එකේදී (“මිහිර“ දාන්න කලින්) මෙන්න මේ වගේ දෙයක් මම කිව්වා. “ඒවා කියවන කොට මට දැනේන්නේ සිනිදු වෙල්වට් එකක් උඩ ලස්සන ලෝකයක් බල බල ඇවිදිනවා කියලයි.“

ඔය අතරේ අපි පුංචි කාලේ ඉතා ආසාවෙන් කියවපු, ගෙැනැත් දෙනකං නාහෙන් අඬපු “මිහිර“ පත්තරේ ගැන, එහි රන් ජුබිලි සැමරුම වෙලාවේ මනරම් සටහනක් එක් කර තිබුනා. එය කියැවීමෙන් මගේ ශරීරයේ සමහර ඉන්ද්‍රියන් අඩපණ වෙන්න ගත්තා. ඒ තරම්ම හැගීම් දනවන සුළුයි. මටත් “මිහිර“ ගැන ලියන්න උවමනාව තිබුනත්, මම ඒ ගැන ලියන එක මලින්දගේ වචනත් එක්ක බැලුවම මහ විකාරයක් වගේ පෙනුන නිසා, මම මලින්දගේ සටහන දහ වතාවක්වත් අඩුම ගානේ කියෙව්වා. රස වින්දා. පස්සේ තියෙන අමාරුවටම හොරෙන්ම ඒක සිංහලට අනුවර්තයක් විදියට කරල මලින්දට යැව්වා. හොදයි කියල කිව්වා. ඒක නිසා වෙන්ටැති ඔහු ඒක මලින්ද වර්ඩ්ස් අඩවියේ පල කරල තිබුනේ. පොඩි පොඩි වෙනස් කම් කිහිපයක් සමඟ නැවත එම සටහන මේ සමඟ පළ කරමි.

මලින්දගේ සටහන මුලින්ම ඉදිරිපත් කොට ඇත. මා සාර්ථක නොවුනත් මලින්ද කී දේ මට දැනුන අයුරින් මා සටහන් කොට ඇත. මලින්ද, ඔබට බෙහෙවින්ම ස්තුතියි. සුන්දර ළමා කාලයේ මතකයන් වෙත කාලාවතරණය කිරීමට අවකාශ ලබා දීම පිළිබඳව. 

ලස්සන ඉංගිරිසි ටිකක් කියවන්න ආස නං ඔන්න මලින්දගේ අඩවියට යන්න. 

Memories of 'Mihira' and days when life was so much sweeter

The cover page of the maiden copy of 'Mihiri'
Some years ago someone made a suggestion: ‘write about your first love’.  That’s a hard one.  It’s not because writing about love or lovers is difficult.  It’s the ‘first’ part that’s difficult to figure out.  I concluded around that time that the ‘last love’ is also the first.  But I responded to the request. I wrote about my favorite Montessori teacher. 

But there’s love and love.  People and things.  We use the term love loosely and therefore we are always in love with a multiplicity – people, places, things.  Looking back now if there was one relationship that shaped thinking, feeling, life and living from the early days of exploration, it is themihira paththare

‘Mihira’, literally ‘sweetness’, was a weekly newspaper for children.  Mihira celebrated its 50thanniversary a week ago.  We (i.e. Mihira and I) are roughly of the same age.  There’s a difference though.  I grew up with Mihira but Mihira remained a child.  I lost childhood and child, Mihira didn’t.  It took me decades to understand the wisdom of not growing up and it’s quite a struggle to recover child once that happens, but Mihira didn’t have that problem.  Mihira was allowed to be a child.  Indeed Mihira was not required to ‘grow up’.  No one said ‘It’s time you grew up!’  No one said ‘Grow up and be a man (or woman)’. 

Mihira was not a best friend or rather was never seen as ‘friend’.  However, while ‘best friends’ came and went, Mihira stayed.  Didn’t utter a single word but communicated so much.  Mihiraeducated me, showed me places I’ve never visited, introduced me to people I had never met and most importantly, entertained me in ways that no adult could.

'Mihira' at 50
It all happened in the early 70s.  I would have been 6 or 7.  It is hard to pin down the true ‘age’ of that kind of newspaper.  At times Mihira seemed to be about 5 years old, at times 12 or 13 and sometimes even older.  Mihira came to me during holidays.  ‘Holidays’ back then was synonymous with ‘Kurunegala’ and my maternal grandparents’ house.  

My grandfather bought the ‘Daily News’ and ‘Observer’.  He was old and his eyesight was poor.  He would get one of his grandchildren to read out the headlines.  If anything sounded interesting it would have to be read out in full.  Once he was through, we got the chance to read what we liked.  The only thing that really interested me was sports.  Sure, I was intrigued, I remember about the Arab-Israel conflict and I remember reading about ‘Munich’.  There were other things too, but nothing like sports.  Anyway, this is how mornings went.  Slow.  Not drudgery by any means, but not too exciting either.  Once that was done, it was the outdoors with a break for lunch until nightfall. 

Mondays were different.  I was conscious of Mondays.  Monday was Mihira Day.  I am not sure if my siblings were as conscious, but I remember watching out for the newspaper delivery man on Mondays.  I wanted the first read.  The first Monday of January was special.  Mihira came with a beautifully decorated school time table.  It was all about who remembered.  Some years, I won and in others my brother did. 

But Mihira was more than all that.  It was about the fascinating cartoon story, Boo Baba Saha Thulsi.  Mihira gave us Batakolaachchi. There was also the crossword puzzle.  Then there were the features.  I’ve never seen schools being featured as comprehensively.  I got to read about events and personalities.  Places and place names were dissected in wonderful ways. 

Someone described Mihira thus: apita kiyavana pissuwa purudu karapu paththare (the newspaper that got us started on this insanity that is reading).  Perfect description.  After encountering Mihira, few would not be fascinated about words, phrases and stories.  It was the beginning of a lifelong love affair, one might say. 

My friend Nilooka Dissanayake said that she used to wait for the newspaper man and used to hum to herself something like the following: ‘pera davase mawetha gena mihira hetath gena aa yuthu ve’ (the mihira that came to me on an earlier day must come to me tomorrow as well).  Again, perfect.

Mihira was a friend. A teacher too. A loku aiya. A memory cherished by so many across several generations that I am persuaded to believe that if there is a community of readers in this country, a collective that loves stories, a group that writes, they are ‘one’ because they all lived in a fascinating world made especially for them by a single newspaper.  Mihira.  If success in life is about recovering innocence and if innocence-recovery is about rediscovering childhood, then all we need to do is revisit our individual Mihira-days.  We are lucky.   

M.S.


මිහිරි මතකයන් හා “මිහිර“ මතකයන්!! 

අවුරුදු කීපෙකට කලින් මට කව්රු හරි මෙහෙම යෝජනාවක් ගෙනාවා.  “ලියන්නකෝ ඔයාගේ ප්‍රථම ප්‍රේමය ගැන“. අපොයි ඒක මහ අමාරු වැඩක්. ඒක ආදරය ගැනවත් ආදරවන්තයින් ගැනවත් ලියන්න තියෙන අපහසුවක් නොවෙයි. “ප්‍රථම“ කොටස කොතනින් කියල පටන් ගන්නවද කියන එකයි ප්‍රශ්නය. අවසාන ආදරයත් ප්‍රථම ආදරය ම වෙනවා කියලයි මම හිතාගෙන උන්නේ. ඒත් ඒ යෝජනාව මං පිළිගත්තා. ඒක නිසා මම මගේ මුල්ම මොන්ටිසෝරි ගුරුතුමිය ගැන ලිව්වා.

හැමතැනම ආදරය තිබුනා. මිනිසුන්ට හා යම් යම් දේ කෙරෙහි අපි ආදරය කළා. ඒත්, අපි ආදරය කියන වචනය හරි සැහැල්ලුවෙන් ගත්තේ, ඉතිං අපි එක එක දේවල් වලට, මිනිස්සුන්ට, එක එක තැන් වලට ආදරය කරන්න ගත්තා. කොහොම උනත් මේ සියළු දේ අතරින්, මට එකම එක ආදර සම්බන්ධයක් තිබුනා, මගේ මනස දියුණු කළ, නොයෙක් හැගීම් ගෙනැත් දුන්න හා නොයෙක් දේ පීරා බලන කුඩා කාලයේදි ඒවා සොයා යන්න අවස්ථාව සලසා දීපු. ඒ වෙන කව්රුවත් නෙමෙයි “මිහිර“ පත්තරේ.

“මිහිර“ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති මිහිරක්. එය ළමුන් සදහා වූ සතිපතා පුවත්පතක්. “මිහිර“ තම රන් ජුබිලිය (50 වැනි සංවත්සරය) සැමරුවේ ගිය සතියෙදීයි. අපි (මම සහ “මිහිර“) ඒ කාලේ එකම වයසේ වගේ. එහෙම උනත් පොඩි වෙනසක් තිබුනා. මම ලොකු වෙද්දි මාත් එක්ක “මිහිිර“ හිටියා. ඒත් මං ලොකු වෙද්දිත් “මිහිර“ ළමයෙක් වගේම හිටියා. කාලය ගෙවෙද්දී මට මගේ ළමා කාලය හා ළමයා කියන දේ සම්පුර්ණයෙන්ම වෙනස් වුනත් කිසිම ප්‍රශ්නයක් නැතිව “මිහිර“ යස අගේට එයාගේ ළමා කාලයේම හිිටියා. ළමයෙකුගේ ඌණවර්ධනය මොන වගේද කියල තේරුම් ගන්න මට නම් දශක ගණනක් වැය උනා. ඇත්තටම එහෙම සිදු වීම ලොකු ප්‍රශ්නයක්. ඒත් “මිහිර“ට ඒ ලොකු ප්‍රශ්නය කවදාවත් බලපෑවේ නැහැ. “මිහිර“ ලොකු වෙන්න ඕන, “ලොකු මිනිහෙක් වෙන්න ඕන“ කියල එයාට කිසිම උවමානාවක් තිබුනේ නැහැ. එහෙම නැත්නං “දැන් ඉතිං ටිකක් ලොකු මහත් වෙන්න වත් බලනවා“ එහෙම නැත්නං අඩුගානේ “ටිකක් ලොකු මිනිහෙක් වත් වෙනවකෝ“ කියල කියන්න කාටවත් උවමනාවක් තිබුනේ නෑ. “මිහිර“ තම ළමා කාලය තුල දිගටම රැදී සිටියා.

මට, “මිහිර“ කවදාවත් හොදම යාළුවෙක්, අඩු ගානේ නිකං යාළුවෙක් කියලවත් දැනුනේ නැහැ. ඒත් මට එක එක අඹ යහලුවන් ලැබෙද්දී, වෙන් වෙද්දී මා ගාව “මිහිර“ සිටියා. එකදු වචනක්වත් නොකියා හුගක් දේ කියන්න එයාට පුළුවන් උනා. “මිහිර“ මට ඉගැන්නුවා. මම කවමදාකවත් නොගියපු ලස්සන, සුන්දර තැන් මට පෙන්නුවා. එක එක ජාතියේ මිනිසුන් මට මුණ ගැස්සුවා. වඩාත්ම වැදගත් දේ, කිසිම වැඩිහිටියෙකුට බැරි උන විදියට “මිහිර“ මාව මිහිරට පත් කලා.

මේ හැම දෙයක්ම සිද්ධ උනේ හැත්තෑව දශකයේ මුල් බාගයේදීයි. මට එතකොට වයස අවුරුදු හයක් - හතක් විතර ඇති. මේ වගේ පත්තරේකට හරි වයසක් කියන එක කොච්චර අමාරු දෙයක්ද? සමහර වෙලාවට “මිහිර“ අවුරුදු පහක පොඩි කොල්ලෙක් වගේ. තවත් සමහර වෙලාවට අවුරුදු 12 - 13 කොලු ගැටයෙක් වගේ. සමහර වෙලාවට ඊට ටිකක් වැඩිමල් කොල්ලෙක් වෙන්නත් ඇති. පාසැල් නිවාඩු කාලයේදී තමයි මට “මිහිර“ ලැබුනේ. ඒ දවස් වල මම මගේ නිවාඩු කාලය වැඩිපුරම ගත කලේ කුරුණෑගල තිබුණු අපේ අම්මාගේ මහ ගෙදර තමා.

අපේ සීයා “Daily News" එකයි "Observer" එකයි ගේනවා. සීයාගේ වයස නිසා එයා දුර්වලයි. ඉතිං ඒක නිසා සීයගේ ඇස් පෙනීමත් බොහොම දුර්වලයි. මේ හේතුව නිසා සීයා ගේන පත්තර වල හෙඩ්ලයින් කියවන්න වෙන්නෙත් අපි කව්රු හරි මුණුබුරෙකුට තමා. සීයා ඒ කාට හරි අඩගහගන්නවා. ඔන්න මොකක් හරි හෙඩ්ලයින් එකක් කියවන කොට ඒක සීයාට අල්ලල යන විදියක් දැක්කොත්, අනේ ඉතිං අර මුළු ආටිකල් එකම ඉවර වෙනකං කියවන්න වෙනවා. සීයාගේ රාජකාරි ඉවර වෙලා එහාට මෙහාට වෙච්චි ගමන්ම, අපි ආස කරන දේවල් කියවන්න අපිට චාන්ස් ලැබනවා. මම නං වැඩියෙන්ම කැමති උනේ “ක්‍රීඩා“ අතිරේකයට. ඇත්තටම කිව්වොත් “ක්‍රිඩා“ වලට මම පිස්සු වැටිලයි හිටියේ. ඕවයේ තිබ්බ, ආරබි - ඊශ්‍රායල අර්බුදය, “මියුනිච්“ සිද්ධිය ගැන හෙම මට මතකයි, මම කියෙව්වා. තවත් කොච්චර දේවල් පත්තරේ තිබුනත් “ක්‍රීඩා“ තමා මට ඕනෑ උනේ. ඉතිං කෝම හරි අපේ උදේ කාලය ඔහොමයි අහවර උනේ. හරි හෙමින්.  අපිට උදේ වරුවේ වැඩක් තිබුනෙත් නෑ නැත්තෙමත් නෑ. ඉතිං දවල්ට කෑම කාලා ඉවර උනාම අපි කරන්නේ එකම දෙයයි. හොදටම කළුවර වැටෙනකම් මිදුලේ සෙල්ලං කරනවා.

හැබැයි සඳුදා නං වෙනස් දවසක්. සඳුදා ලබද්දිම මොකක්ද කලබලයක් මගේ හිතට එනවා. මොකද “මිහිර“ පත්තරේ එන්නේ සඳුදට නෙව. මට තරං ගායක් මගේ සහෝදරයට තිබුනද කියල නං මම දන්නෑ. ඒත් සඳුදාට පත්තර මාමා එනකං, මම ඇගිලි ගැන ගැන හිටපු හැටි මට හොදට මතකයි. මට තමයි පත්තරේ ඉස් ඉස්සෙල්ලම අලේ කරන්න ඕන උනේ. ජනවාරි මාසේ පළවෙනි සඳුදා කියන්නේ මම ආසාවෙන්ම බලා ඉන්න දවස. ඇස් කඩල යන පාට තියෙන පින්තූරයක් පාසැල් කාල සටහනක් අපිට එදාට පත්තරෙත් එක්ක ලැබෙනවා. හැමෝටම ඕන උනේ ඒක අයිති කරගන්න. ඒ අයිතිය සමහර අවුරුදු වල මට ලැබුනට, අනිත් අවුරුදු වලදී ඒකේ අයිතිකාරයා උනේ මගේ සහෝදරයයි.

“මිහිර“ සුවිශේෂයි. ඒකේ “බූ බබා සහ තුල්සි“ කියල හරි ලස්සන කාටුන් කතාවක් තිබුනා. ඇයි “බටකොල ආච්චි“. ඒකත් මිහිර පත්තරේ ගියා. තව හරස් පද ප්‍රහේළිකා එහෙමත් තිබුනා. තව එක එක විශේෂාංග තිබුනා. හැබැයි මම කවදාවත් ඔය විශේෂාංග වල, යම් පාසැලක් මහ ඉහලින් වර්ණනා කරපු අවස්ථා නං දැකල නැහැ. ඒ වෙනුවට අපිට එක එක උත්සව, වැදගත් පුද්ගලයන් ගැන ලොකු විස්තර කියවන්න ලැබුනා. අපි ආස කරන විවිධ සුන්දර ස්ථාන සහ ඒවයේ නම් හරි අපුරු විදියට තමා පත්තරෙන් අපිට පෙන්නල දුන්නේ. 

සමහර අයට අනුව “මිහිර“ කියන්නේ “අපිට කියවන පිස්සුව පුරුදු කරපු පත්තරේ“. ඒක හරියටම හරි. “මිහිර“ මුණ ගැහුනම ඒකේ  තියෙන වචන ගැන, වාක්‍ය ගැන, කතන්දර ගැන ටික දෙනෙක් ආසා වෙන්ටැති. ඒත් තව කාට හරි කියන්න පුළුවන් “මිහිර“ තමා ජීවිත කාලයක්ම පවතින ආදර සම්බන්ධයක ඇරඹුම කියලා.

මගේ මිත්‍රයා නිලුක දිසානායක නං කියන්නේ, එයා පත්තර මාමා “මිහිර“ පත්තරේ අතට ගෙනැත් දෙනකම්ම “පෙර දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ“ කියන මන්තරේ මතුර මතුර හිටියා කියලයි. ඒක නං නියමයි.

“මිිහිර“ මට යාළුවෙක්. මට ගුරුවරයෙක්. මට ලොකු අයියා කෙනෙක්. දශක කීපයක් පුරා මගේ මතකය ගලාගෙන යද්දි මට හිතනෙවා, මං විශ්වාස කරනවා රට පුරාම කියවන්නෝ බිහිවෙන්න, කතන්දර වලට ආදරය කරන අය බිහි වෙන්න, එහෙම නැත්නං කතන්දර ලියන්න, පරම්පරා ගානක්ම ශක්තිය, ධෛර්යය ඒ අයට දුන්නේ එකම එක අයෙක් කියලයි. ඒ තමා “මිහිර“ පත්තරේ. ජීවිතය සාර්ථක වෙන්න ළමා කාලය වැදගත් නං එහෙම නැත්නං ආයෙත් ළමා කාලය මොන වගේද කියල බලන්න ඕන නං අපිට කරන්න තියෙන එකම එක දෙයයි. ඒ අපේ මිහිරිම “මිහිර“ දවස් මතකයට නගා ගැනීමයි. ඒ අතින් අපි හරිම වාසනාවන්නයි.

මලින්ද සෙනෙවිරත්ත

Monday, August 18, 2014

jsldr l;d!! (වැරදීමක් නෙමෙයි!!)

fmdvs wmaiega tlla' tpapr .Kx .kak tmd''

wfma ;rq wrK ,shk ;rqf.a fmdaialgqjl oelal wus,hf.a lfukalgqj ksid ys;qk fohla'' yela yela






Wednesday, August 13, 2014

යක්ෂයා සැඟවීම හා V හැඩය !!

නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගය දෙසට වැටෙන නගරාසන්න අතුරු මාර්ගයේ ඇති කඩ පේළියකි. එහි ඇඳුම් කඩයක්ද, ෆාමසියක්ද, ටේලර් සාප්පුවක්ද අවසාන වශයෙන් බෑග්, සපත්තු මහන සාප්පුවක්ද වේ. ඇඳුම් කඩය හා ෆාමසිය සදහා වැඩි ඉඩක් වෙන් කර ඇති හෙයින් පසුව සදහන් කළ කඩ දෙක සදහා ඇත්තේ ඉතා කුඩා ඉඩකඩකි. කුමන ඉඩකඩ ප්‍රමාණයක් ලැබුනද සැමෙකෙකුම සිදු කලේ තම ජීවන අරගලයේ ඉදිරියට යාමට එම ඉඩකඩ භාවිතා කිරීමය.

සුමිත් ගේ ටේලර් සාප්පුව අඩි අටකට වඩා දික් නොවුත් පළල් නොවුත් සිර කුටියකි. එහි ඉදිරිපස ආවරණය කර ඇත්තේ වීදුරු ආවරණ දෙකක් හා වීදුරු දොරකිනි. වම් පස වීදුරු ආවරණය මත රතු පැහැති “සුමිත් ටේලර්ස්“ යන ස්ටිකරය පේලි දෙකකට වීදුරුව පුරාම අලවා ඇති අතර, වීදුරුව යටින් අදුරු පැහැති කුඩා හතරැස් කොටු හැඩැති ස්ටිකර් කොටස් ඉතා ළගින් ළගින් අලවා ඇත. බිම සිට අඩි දෙකක් පමණ උසට සකසා ඇති කොටු මෝස්තරය දාම් ලෑල්ලක සිරි පෙන්වයි. දකුණු පස වීදුරුවේ ළමා ඇඳුම් මැසීම, කාන්තා ඇඳුම් මැසීම, කලිසන් මැසීම, පාසැල් නිල ඇඳුම් මැෂිම වශයෙන් පේලියට නිල් පාටින් යුතු අකුරින් ස්ටිකර් අලවා ඇති අතර වම් පස වීදුරුවේ ඇති පරිදිම දාම් ලැල්ලක්ද අලවා ඇත. ඇතුල් පැත්තට විවෘත වන දෙරෙහි ඇති අඟුලට ආසන්නව “වසා ඇත“ යනුවෙන් සදහන් රතු පැහැති පුවරුවක් එල්ලා ඇත්තේ කුනූ ගෑවි මඩ පැහැ ගැන්වී ඇති රෙදි පටියකිනි. දොරෙහි යට අර්ධය සුදු පැහැති තහඩුවකින් ආවරණය කර අැතත්, උඩ අර්ධය අඳුරු පැහැ වීදුරුවක් යොදා ආවරණය කර ඇත. වීදුරුවේ උඩින්ම “මෙම කඩයට බුදු සරණයි“ ලෙස සදහන් වෛවර්ණ ස්ටිකර් පටියේ කොන් හතරම කුඩා ප්‍රමාණයකින් ගැලවී ඇති අතර, ගැලවී ඇති ස්ටිකරයේ මැලියම් වැසෙන ලෙසම කළු පැහැති දුහුවිලි තට්ටුවක් ඇලවී ඇත.

සුමිත් දිනපතා කඩයට පැමිණෙන්නේ වේලාසනින්මය. තම දරුවා පාසැලට ඇරලවා ඔහු තම පාපැදියෙන් පැමිණ කඩය විවෘත කරන විට පෙරවරු අට පසු වන්නේම නැත. කඩය ඇරීමට ප්‍රථම ඔහු තම බයිසිකලය කඩයට මදක් ඈතින් තරන කොට ඒ මතම සිට ඉතා උනන්දුවෙන් කඩයෙහි වීදුරු ආවරණය දෙසට මොහොතක් තම ඇස් දුවවයි. ඇස් වලින් දකිනා විපරීත යමක් නැත්තේ නම් ඔහු බයිසිකලයෙන් බැස එය තල්ලු කරගෙන පැමිණ කඩය අසල ඇති ෆාමසියේ නාම පුවරුව සවි කර ඇති යකඩ බටයට සීරුවෙන් හේත්තු කොට බයිසිකලය යතුරු දමා එම යතුරද තම කලිසම් සාක්කුවට දමා ගනී. ඉන් අනතුරුව දෙපැත්තට ගොස් වීදුරු ආවරණ අතගා බලන ඔහු පසුව දොර අගුලට දමා ඇති කොන්ඩි පට්ටම හා ඉබ්බාද හොදින් පරික්ෂා කරයි. සැක සහිත කිසිවක් නොවේනම් ඔහු හෙමින් සීරුවේ යතුරු ගෙන ඉබ්බාද ඇර එය කොන්ඩි පට්ටමේම රඳවා අනතුරුව දොරඟුල හැර කඩයට ඇතුල් වෙයි. මෙම විනාඩි කිහිපය ඔහුගේ ජීවිතයේ වඩාත් බැරෑරුම් අවස්ථාව ලෙස සලකා කටයුතු කරන ඔහුගේ ක්‍රියා කලාපය රහස් පරික්ෂකයෙකුගේ ක්‍රියා කලාපය හා සම වෙතැයි සිතේ.

අනතුරුව කඩයේ වැඩ සිටින බුදු පිළිමයට මල් පහන් සුවඳ දුන් තබා වැද නමස්කාර කොට ගෙදරින් සකස් කරගෙන ආ කහ දියර බෝතලය, කඩය තුලද, පිටද ඉස ඔහු තම වැඩ කටයුතු පටන් ගන්නේ වැහැරුණු රෙද්දෙන් වසා ඇති පැරණි මැෂිම විවෘත කිරීමෙනි. විදුලි මෝටරයක් සවි කර ඇති හෙයින් එහි පේනුව බිත්ති සැපයුමට සවි කර පරික්ෂා කිරීම ඔහුගේ පළමු රාජකාරියයි. දිනපතා සිදු කරන මෙම පරික්ෂාවෙන් සෑහීමකට පත් වන ඔහු ඉන් පසු තම වැඩ කටයුතු කිරීම ආරම්භ කරයි. හිස එසවූ එම නිමේෂයේ කලබලකාරි හැසීරීමක් සහිත යුවතියකගේ පැමිණීම දොරකඩ අසල නතර වූ සැටි දකින විට ඇයගේ නෙත් වල ඇති තෙත් වූ ස්වභාවය ඔහුට මවිතයක් ගෙන එයි. උදේ පාන්දරම අනෙක් සියළු කඩයන් හි “වසා ඇත“ පුවරුව ඉවත් නොවී ඇති විටෙක ඔහුගේ කඩයට පවා කිසිවෙකු මෙවන් විටක් පැමිණෙන්නේ නම් ඒද ඉතා දුර්ලභ සංසිද්ධියකි.

“අනේ අයියේ... මට පොඩි කරදරයක්... උදව්වක් ඉල්ලගන්නයි ආවේ“

“ආ.. ඇයි ඇයි.. ඇතුලට එන්න.. මොකක් හරි මහගන්නද?“

තරමක් වික්ෂිප්ත වූ අයුරකින් ඇය ටේලර් කාමරය පුරා තම ඇස් විහිදුවමින් යමක් සොයන අයුරක් පෙනේ. ඇයගේ නෙත් මානයට ඇය බලාපොරොත්තු වූ කිසිවක් නොලැබීමේ සේයා වැටීමෙන් ඇයගේ ඇස් අතරමං වී ඇති සැටියකි. සුමිත් ගේ දෑස ඇයගේ වත පුරා දුවන්නේ “මේ මොන විජුජුම්බරයක්දැයි“ කියන්නාක් මෙනි.

වයස විසි පහක් වත් නොයික්මවූ තරුණියගේ ඇඟ ගල්වා ඇති සුවඳ විලවුන් අංශු විටින් විට පැමිණ සුමිත්ගේ නහය කිති කවන්නට විය. ඇය හැද සිටි පියකරු සාරිය අනුව නම් මේ යම් කිසි හෝ විශේෂ අවස්ථාවක් එනම් මංගලෝත්ස්වයක් සදහා හෝ සහභාගී වීමට යන්නා වූ කෙනෙකි. මුහුණ පුරා තවරා ඇති රෝස පැහැති පවුඩර් හේතුවෙන් ඇයගේ වත කමල ඉතා පියකරුය. තොල් පෙති මත ගැල්වූ ලා දම් පැහැ තොල් ආලේපනය මනා ලෙස ගල්වා ඇති බැවින් එයින් ඇයගේ මුහුණට මනරම් බවක් ගෙන දේ. කන් වල එල්ලෙන සුදු පැහැති ගල් ඇල්ලූ දිගැටි තෝඩු හා කර බැඳි එවැනිම ගල් වලින් යුත් මාලයත්, අත් දෙකෙහිම පැළදි රිදී පැහැති වළලු සමුහයත් ඇයව සුරූපිණියක් බවට පත් කොට ඇත. උරිස්ස මතට වැටෙන සේ දමා ඇති ඇයගේ තරමක් තෙත කැරලි සහිත කොණ්ඩය මනස්කාන්ත බවක් ඇයට එක් කොට ඇත. ඇය වත සරසා සිටින තද දම් පැහැ සාරියෙහි තැනින් තැන රිදී පැහැති විශාල මල් මෝස්තරයන් නොමැත්තේ නම් ඉතා දුහුල් දම් පැහැ සළුවක් ඇය වත සරසන බව නොරහසකි. සාරියෙහි වත වට කොටස දම් පැහැ වුවද, සාරි පට සදහා වෙන් වූ කොටසෙහි ඇත්තේ වෙනම වර්ණයකි. එය සුදු හා රීදී පැහැයෙන් කළ කුඩා කොටු සහිත දැලක් මෙන් දිස් වේ. විනිවිද දැකිය හැකි එතුලින් ඇය හැද සිටි රිදී මල් මැසූ දම් පැහැති සාරි ජැකට්ටුව පැහැදිලිව පෙනෙන අතර, එය නම් යම් අනුරාගි දර්ශනයකි.

මේ මොහොතේදී ඇය තම සාරි පට දෙවතාවක් පමණ බෙල්ල වටේ ඔතන්නට කරදර විදියි. කඩා වැටෙන අයුරින් සකසා ඇති එම දැල් පටෙහි ඇදීමට ලක්ව වම් පියවුරුව අසලින් සාරි පට, ජැකට්ටුවෙන් මෙපිටට තල්ලු වීමෙන් දම් පැහැ ජැකට්ටුව නිරුවත් වී ඇත. බොහෝ අවස්ථා වල කාන්තාවන් එවැනි විටෙක සාරි පට ඇද නැවත සකස් කිරීමට කටයුතු කළද මේ යුවතිය එසේ කිරීමට වඩා තම සාරි පට බෙල්ල වටා එතීමට මුල් තැන දුන්නාය. සුමිත්ගේ පියවි සිහිය පලා යන අයුරින්ම කටයුතු කරන ඇය දෙස බලා සිටි තත්පර කිහිපය ඉක්මනින් අවසන් නොවනු ඇතැයි සුමිත් සිතා සිටියේය.

“මාර වැඩේ අයියේ උනේ... මගේ ජැකට් එක පිටිපස්ස ඉරිලා ගියා නේ.. මොකක් කරන්නද කියල මට තේරෙන්නෑ.. “

“අප්පා.. මාර අවුලක් නේ. ජැකට් එක පිටිපස්ස ඉරෙන්නේ මොකක් හරි එකක් ඇමුණුනාද?“

“නෑ අනේ.. සපත්තුව ගැලවිල මං පහත් වෙලා ඒක හදන කොට පට පට ගාල මැහුං ගැලවිල එතැන පැලුනා නේ.. ෂික්.. අපරාදේ මං වී ෂේප් එකට මැහුවේ.. ඒකෙන් තමා මේක උනේ... දැං මොකද කරන්නේ අයියේ..“

“ම... මම මොකක් කරන්නද?? මම මෙහෙම කරන්නං.. ඔයාට ඕක මහගන්න පුළුවන් නං... කමක් නෑ. එතකං මං එළියට වෙලා ඉන්නං..“

“අනේ අයියෝ.. මම මහන්න දන්නෑනේ... මාර අප්සට් එක...“

“ඒකත් එහෙමද.. මටත් හිතාගන්න බෑ.. ට්‍රයිෂෝ එකක් අල්ලල දෙන්නද ගෙදර යන්න“

“පිස්සුද අයියේ.. මම බස් එකේ ආවේ... හුගක් දුර ඉදල.. ඇරීනා හෝල් එකේ වෙඩින් එකකට යන්න“

“දැං ඉතිං මොකද කරන්නේ.. මං මොකක්ද කරන්න ඕන...“

“ඒක තමා අයියේ ප්‍රශ්නේ.. ෂික්.. මටමයි වෙන්නේ“

කලබලකාරි යුවතියගේ කලබලකාරි කටහඩ සුමිත්ගේ මනස පුරා රැව් පිළි රැව් දෙන්නට විය. “මේකි නං මහ විස කොඩිච්චියක්ද කොහේද“ සුමිත්ට සිතුනේ එසේය. මෙවැනි කරදරයකට පත් නොවුයේ නම් ඇය නිදහසේ කිචි බිචි ගාන කිරිල්ලයක් තරමටම දඟකාර යැයි ඔහුට සිතුනේය. ඇයගේ නෙත් වල දීප්තියත්, විටින් විට හතර අත දුවන තද කළු පැහැ ඇස් බෝලත්, මිණිකිංකිණි කටහඩත්, ඇය භාවිතා කරන සමහර වචනත් හේතුවෙන් සුමිත්ට ඇය පෙනුනේ කරදරකාර නව යෞවනියක ලෙසිනි. කුමක් හෝ හේතුවකින් ඇයගේ සාරි හැට්ටයේ පිටු පස පැලීමෙන් ඇය කරදරයට පත්ව සිටින්නීය. එය කෙසේ පැලෙන්නට ඇත්දැයි සිතන විට එය කෙසේ පැලී ඇත්තැයි බැලීමට ඔහුට සිත් විය. එහෙත් කෙසේ එදෙස බලන්නද? ඇය ඔහුට මුහුණ හරවා සිටින්නේ දැල් පටවල් දෙකකින් ඇයගේ පිට ප්‍රෙද්ශය ආවරණය කරගනිමිනි. නාභියට වඩා අගල් දෙකක් පමණ පහත සිට ජැකට්ටුවේ යට දාරය දක්වා වන කොටසෙහි දිස් වන ඇයගේ හැඩැති අග පසගින් විහිදෙන අනුරාගි රැස් කදම්භය සුමිත් විසින් අවශෝෂණය කරගත්තේ ඉමහත් කැමැත්තෙනි. වචන කිහිපයක් කතා කිරීමෙන් අනතුරුව තදින් හුස්ම ගන්නා ඇයගේ පපු පෙදෙසත් අඩ නිරුවත් උදර පෙදෙසත් ඉපිලෙන අයුරු දකින වාරයක් පාසා සුමිත්ගේ කටෙහි කෙළ සිදී, ඇග පත සීතල වී යන්නේය. වාසනාවට හෝ අවාසනාවට මෙවන් රුවක් ඔහු දකින්නේ කාලාන්තරයට පසුවය. එහෙයිනි ඔහුගේ සියොළගම සීතල වී යන්නේ.

“අනේ අය්යේ.. මොකක් හරි කරන්න වෙනවා. මට මෙහෙම යන්න බෑනේ“

“එහෙනං මෙහෙම කරමු.. මං එළියේ ඉන්නං. ඔයා ඕක ගලවල දෙන්න.. මම ටක් ගාලා මහන්නං“

“කමක් නැද්ද...ආ..“

“හරි මම මේ රෙදි දෙක තුන වීදුරු වැහෙන්න දාලා එළියට යන්නං“

“අනේ තැන්ක්ස් අයියේ.. ඔයා නං හොද කෙනෙක්“

දඩිබිඩියේ මැෂිම වසා තිබු පරණ කඩ මාල්ලත්, කුඩා ළමුන්ගේ පාසැල් කලිසං මැසීමට ගෙනැවිත් තිබූ රෙදි කැබලි දෙකකුත් ගත් ඔහු ප්ලාස්ටික් පුටුව තබා කර්ටන් බාර් එකෙහි ඒවා එල්ලා වැටෙන පරිදි රඳවා හැරී බැලීමකින් තොරවම එළියට ගොස් දොර වසා දැම්මේය. හවස් වන තුරු තමා එන තෙක් බලා සිටින බයිසිකලය දෙස ඔහු වෙනදා නුදුටු අනුරාගී නෙතකින් බලා සිටියේය. ඔහුගේ සිතුවිලි අතරමං වී ඇති සේය. හදිසියේ කඩා පාත් වූ සුන්දරත්වය ඔහුගේ පැරණි මතකයන් දෙස ආපසු හැරී බලන්නට ඔහුව කුප්පවාලීය.

තමා කසාද බදින්නට පෙර එක් දිනයකදී මල් මල් රෙදි කැබැල්ලක් රැගෙන ගවුමක් මසා ගැනීමට තනිවම පැමිණි කුඩා යුවතිය ඔහුට සිහිවිය. චීත්ත වැනි රෙද්දකින් මැසූ ඇගටම සිරවූ ඇයගේ පාට පාට ගවුමෙහි ගල්වා තිබූ සුගන්දය ඔහුට අද මෙන් මතකය. රෙදි කැබැල්ල දිග හැර, එය මැන, ඉන් පසුව මිනුම් ගැනීම සදහා ඇයගේ ශරීරය යම්තම් ස්පර්ශ කරන්නට හැකි වූ ඒ සුන්දර අවස්ථාවේ ඔහුගේ ඇගිලි සීතල වී, ඇගිලි දහදියෙන් තෙත් වී යම්තමින් වෙව්ලන්නට වූ අයුරු ඔහුට සිහිපත් විය. පපු පෙදෙසෙහි මිනුම් ගැනීමේදී උවමානාවෙන්ව ඔහුගේ පහපටැගිල්ලෙහි කොනක් ඇයගේ ඇදුමටම සිර වූ පියවුරෙහි වැදීමෙන් ඇති වූ මිහිරි ආශ්වාදජනක නිමේෂය, ජීවිතයේ අහම්බෙන් මෙන් පළමු වර ස්වයං වින්දනය ලබා ගත හිරි වැටුනු අයුරින්ම දැනෙන්ට වීමෙන් ඇති වූ කම්පනය කිසි දිනෙක ඔහුගේ මතකයෙන් ගිලිහි නොගියේය.

“අයියේ.. .අයියේ..“

සුමිත්ගේ සිහින ලෝකය බිද දමමින් මදක් ඇරුණ වීදුරු දොරෙන් ආ කට හඩින් ඔහු මොහොතකට අන්දුන් කුන්දුන් විය. දැන් කුමක් වේදැයි ඔහුටම නිනව්වක් නොමැත්තේය.

“අනේ අයියේ.. ආයිත් අවුලක් නේ... පොඩි උදව්වක් ඕන..“

“මොකක්ද.. කියන්න“

“මේ මේ.. අම්මා ගහපු යතුරු කටුව මට ගලවගන්න බෑනේ.. අනේ ඔයාට බැරිද ඒක ගලවල දෙන්න.. මට කෙහොමටවත් ඒක ගලවගන්න බෑ.. දගගල දගලල අනිත් ටිකත් ඉරුනා ජැකට් එකේ..“

“ම්.. මම.. ආ... “

“කමක් නෑ අයියේ.. වෙලාවේ හැටියට නේ.. ප්ලීස්.. මට ඒක ගලවල දීලා යන්න“

නිල් පැහැ රැළි නඟන විශාල ජලාශයක් ඔහු ඉදිරියේ දිස් වන්නට විය. හිරු එළියෙන් දිළිසෙන ජල තැටිය මත සෙමින් නැගෙන සුදු පෙණ කැටි වන් රළ නිරතුරු ගමන් කරමින් ඉව්රේ වැදී ආපසු යන්නේය. සුනිල්වන් දිය කෙතෙහි දැල්වෙන මිණි පළිගු මෙන් හිරු එළිය දිස්නය දෙන්නේය. තවත් කුමටද?? ස්නානය සදහා ආරාධානා කරන්නාක් මෙන් වූ ජල තලය සිඹ කිමිදෙන්නට ඔහුට සිත් නොවුයේ නම් පුදුමයකි.

සෙමින් හා ගැහෙන සිතින් යුතුව ඔහු තමාගේම ආගන්තුක ටේලර් කාමරයට පිවිසුනේය. ඇය කබල් මැෂිමට පිටුවා ඔහු දෙසම බලාන උන්නාය. ඇයගේ මිරිකී ඇති දෑස් අග ප්‍රශ්නාර්ථයක් සටහන්ව අැති බව දුටු සුමිත්ගේ සීතල හිරිගඩු “හරි“ ගියේය. තමාගෙන් යම් හෝ කරදරයක් වේදෝයි ඇයට සැකයක් පවතින බව ඔහුට ප්‍රත්‍යක්ෂයය. තමාගේ බිරිදගේ සාරියට කටුවක් ඔහු ගැසුවේ මීට අවුරුද්දකට පමණ කලින් වූ දිනයකදී බව ඔහුට අහම්බෙන් මෙන් සිහි විය. කොපමණ සාරිය ඇන්දද, නොඇන්දද තමාගේ සාරියට තමාටම කටුව ගසා ගත නොහැකි කාන්තාවන් කොපමණ සිටිත්දැයි සුමිත් දැනගත්තේ අසල්වැසි කඩ සාමාජිකයන් හා වූ අල්ලාප සල්ලාපයන්හිදීය. ආසාව මැඩගනිමින් තරුණියට විශ්වාසය ගෙන දිය යුතු බව ඔහුට සිහි විය. කරදරයට පත් ඇය තවත් කරදරයක් අභිමුව තිරස්චින නොවූ ගැහෙන හදවතින් බලා සිටින්නීය. මේ මොහොතේදී තමාගේ සිත පිනවන ඇයගේ දසුන කෙසේ වෙතත්, පිනවීමෙන් පලක් නැති සිත පලවා, ටේලර් ගේ සිත නැවත ගෙන්වාගත යුතු බව ඔහු පිළිගත්තේය.

“මම.. අපේ වයිෆ්ගේ සාරි කටුවත් ගහනවා. ඒක නිසා මට පුරුදුයි“

“අනේ ඇත්තද?? එහෙනං අයියේ ඔයාට අවුලක් නැතිව ගලවන්න පුළුවන් වෙයි.“

“මම පරිස්සමින් ගලවන්නං.. බය වෙන්න එපා“

සිර කුටිය තුල ඔහුත් ඇයත් පමණකි.. ඉදිරිපසද ගඩොල් බැමි බැද ඇති ලෙසට ආවරණය සකසයි. යක්ෂෙයකු සමඟ පොර බඳින ඔහුගේ දෑස් මත ගොඳුරක් ඉල්පී බලා සිටී. අසලක කිසිවෙකුත් නොමැත්තේය. මුවැත්තිය අතරමං කළද වනයේ දුර ඈත ඔහුට සැගවිය හැකිය. තමා වැනි අහිංසක මිනිහෙක් කිසිම දිනෙක ගොඳුරු ඩැහැගන්නා බව මිනිසුන් විශ්වාස නොකරනු ඇත. වේලාව පැමිණ ඇත. ජය සක් හඩ පිඹිනු ඇසේ. යක්ෂයාගේ කෑගෑමෙන් මුසපත් වූ සුමිත්ගේ විශ්වාසවන්තම සගයා පිබිදෙමින් සිටින බව ඔහුට දැනේ. කුමක් කරන්නද? තමා ඉදිරියට පැමිණි ඇය පසුපස හැරී ඔහුට තම පිටුපස පෙන්වන්නීය. රිදී පාට දැල අැයගේ අත මතින් ගිහිලී නැවත කර මතින් බිමට නැඹුරුව ඇත. නිදහස් වූ සැනින් දුටු දෙයින් ඔහු වික්ෂිප්ත විය. නැත. සැබවින්ම ඔහු අසරණ විය. කුමක් කරම් දැයි නොදත් ඔහු මොහොතක් පාෂාණීභූත විය. සාරි හැට්ටයේ හරි මැදින් ඉරී ගොසින් ඇත. ඉරුන දෙපැත්තේ නුල් කැබිලි ඉල්පී බලා ඉන්නේ කුඩා සුළං රැල්ලකට වුව සෙලවෙන අයුරිනි. 

ගොටුවක හැඩයට, ඔහු වඩාත්ම දන්නා වී හැඩයට මැසූ හැට්ටයේ පසු පස කොටස දැන් මෝයකටක් නොමැති ගංගාවෙන් මෙන් ගලා යන්නේය. ගංගාව මත රැළි නොගසා විසිතුරු කුඩා රිදී අංශු තැන් පත් වී බිත්තියේ එල්ලා ඇති විදුලි බුබුලේ ආනුභාවයෙන් දිස්නය දෙයි. පැතලි සුමට පෘෂ්ඨයට හරි මැදින් තබා ඇති කෙසෙල් පිත්තක ඇතුල් අග්‍රය මෙන් දිස් වන ගැඹුරු දාරය මෙතරම් සමීපව ඔහු කෙදිනවත් පියවි ඇසින් බලා නැත. ගලා යන ගංගාවේ හරි මැදින් ලා දම් පැහැති කුඩා පාලමක් තිරස්ව බැද ඇති අතර, පාලම සම්බන්ධ කර ඇත්තේ රිදී පැහැති හාක්ක දෙකකිනි. මේ විශ්මය කුමක් වුවද, තව දුරටත් හංගා ගත නොහැකි මහා ජල කදක් මත අපහසුවෙන් හුස්ම ගන්නා තමාගේ ජීවය කුමන මොහොතක නිසල වනු ඇත්දැයි බය බිරාන්තව ඔහු දරා සිටියේය. පාලමෙන් මෙපිටත් එපිටත් දිව යන ඔහුගේ රැදුරු ඇස් රකුසා තම ගොඳුර ගිලීමට පෙර එහි රසය නෙතගින් විඳින්නේය. 

ඒ මොහොතේම පිට මතට වැටී ඇති රැලි ගසන තෙත කොණ්ඩය වම් අතින් පටලා ගත් ඇය එය ගොනු කොට තම වම් උරයෙන් ඉරිපසට කැඳවා ගත්තාය. එහෙයින් මුළු ගංගාවම කිසිදු බාධාවකින් තොරව ගලන්නට ඇය ඉඩ දුන්නාය. මේ එ් මොහොතැයි ඔහුගේ රකුසු ඇස් වටහාගෙන තම රකුසු දත් විලිස්සා ගොඳුර ඩැහැගන්නට වූ මොහොතේම ටේලර් පැමිණ යක්ෂයා මදකට පලවා නොහරින්නට අහිංසක මුවැත්තියක් රසැති බොඳුනක් බවට පත් වන්නේය. ටිකින් ටික සුමිත්ගේ ටේලර් මනස ක්‍රියාත්මක වී යක්ෂයා පිටු පස සගවා ලීය.

වේවලන සීතල තෙත් ඇගිලි තුඩගින් සෙමින් ඇයගේ වම් උරපත්ත මතට බලයෙන් මෙන් ගෙන ආ අත, හැට්ටයට ගසා ඇති යතුරු කටුව සොයන්නේ ඉතා පරිස්සමිනි. ඇයගේ හැට්ට රෙද්ද මත ඉතා සිහින් ස්පර්ශයක් මෙන් පතිත වූ ඔහුගේ ඇගිලි වල අයිස් බැදි සීතල ඇයට දැනේවි යැයි ඔහු බිය විය. අහෝ.. යතුරු කටුව ගසා ඇත්තේ ඇතුල් පැත්තෙනි. දැන්නම් තම අත ගංගාවේ ජල තලය ස්පර්ශ කළ යුතුවම ඇතැයි සිතද්දී සුමිත් කලබල විය.

“අයියෝ. මේ කටුව ඇතුල් පැත්තෙන් නේ ගහල තියෙන්නේ“

“ඔව් අනේ.. අම්මා බ්‍රා පටියත් අහු වෙන්නමයි ඒක ගැහුවේ.. නැත්නං පට අවුල් යනවා නේ“

“ඉතිං මං කෝමද ඒක ගලවන්නේ..“

“කමක් නෑ අනේ.. ඕක ඉක්මනට ගලවල දෙන්න.. මම ගැලෙව්වොත් හැට්ටේ නැතිව තමා සාරිය ඇදන් යන්න වෙන්නේ“

ඇයගේ දගකාර කටවචනයට සුමිත්ට කටපුරා සිනහ ගලන්නට විය. “මේකි නං මහ අමාරු කාරියක්.. හැක් හැක්“ ලෙස ඔහු සිතද්දී යක්ෂයා තව තවත් පිටුපසට වී හැංගෙන්නට පටන් ගත්තේය. ඔහු ඉතා පරිස්සමින් ඇයගේ උරපටිය අල්ලා නොපිටට හරවා කටුව ගලවද්දී, තම සීතල වූ අත්ල වැදී ඇයගේ පිට පුරා හිරිගඩු පිපෙන ආකාරය ඔහු දුටුවේය. කිසියම් තරංගයක් එයින් තමාගේ සිත තුලටද කිමිදෙන බව ඔහුට දැනෙන්ට විය. මේ වියරු තරංගය කිසි ලෙසකින් වත් යක්ෂයා ඇස ගැසෙන මානයට නොයවන්නට තරම් ඔහු පරික්ෂාකාරී විය.

“හපොයි.. මේක කටුවක් නමෙයි අලි කටුවක්..“

“හි හි.. එහෙම තමා... ලොකුම කට්ට අම්මා ඉතුරු කරන්නේ ඔතතට ගහන්න නේ.. හි හි“

“දැං හරි... එහෙනං දැං හැට්ට පලු දෙක මැසිම උඩින් තියන්න. මැසිම උඩ නිල් පාට රෙදි කෑල්ලක් ඇති.. මං එළියට යන්නං“

“ඕන නෑ අයියේ.. අයියා ඉන්නකෝ.. මං ඉක්මනට ඒක ගලවල දෙන්නං“

දැන් එළඹෙන්නේ තමාව පරික්ෂා කරන මොහොතද විශ්වාස කරන මොහොතැයි සුමිත්ට නිනව්වක් නැත. තමා කිසි දිනෙකත් දැක නොමැති දම් වර්ණ තණපටියක් හැද සිටින ඇයගේ නීලකාන්ත වත මතින් නික්මෙන “කාමයේ දෙවඟන“ තමාව ගිලගනු ඇතැයි දැන් නම් ඔහුට ප්‍රත්‍යක්ෂ වී ඇත. සුමිත් තම පුටුවට ගොස් මැෂිම ඉදිරියේ වාඩි විය. ඒ මොහොතේම තණපට පමණක් හැදි කත, පලු දෙකට වෙන්වූ දම් පැහැ කාමුක දෙවඟන මැසිම මතට විසි කළාය. ඒ මොහෝතේය ඔහුට සිහි එලවා ගත නොහැකි වූයේ. සංචාරක පුරවරයක් වූ මෙම පෙදෙසෙහි තණපට හා බිකිණිය පමණක් හැද පාරේ ගමන් ගන්නා සුද්දියන් දකිදිදී කිසිදාක ඔහුට මෙවැනි හැගීම් පහල වී නැත. වරක් දෙවරක් ආසාවෙන් බැලුවද එහි ඇති අරුමක් ඔහුට පසක් නොවීය. එහෙත් ඉදහිට පාර දෙස බලා සිටින ඔහුට විච්චුරණ ඇදුම් කෑලි හැද ගමන් බිමන් යන නගරයේ ලපටි ලදුන් දුටු විට ඇති වන අසීමිත වූ හැගීම් හා සුද්දියගේ දකින බිකිණිය කිසිසේත්ම සම කළ නොහැක. සුද්දියක නිරුවතින් පාරේ සිටියත්, නාගරික ලපටි කෙල්ලක නාභියට යටින් පදාසයක් පෙන්වා සිටියත් තමාට ඇති වන්නේ එකම කුප්‍රකට හැගීම බව ඔහු දත්තේය. එසේ හෙයින් මේ මොහොතේ තත්පර දෙක තුනක් තුල තණ පට හැදි කත ගේ දේහය ඔහුට දිව්‍යාංගනාවන් දහසකගේ නිරුවත දුටුවාට වඩා පිනවීමක් විය. ඇයගේ කෙළිලොල් පියවුරු, තණපට මත කිමිදී සැගවී සිටින්නේ දගකාරයින් ගාල් කර ඇති සෙයිනි. 

තවත් මොාහොතකින් ඔහු මැසිම මත තිබූ නිල් කලිසන් රෙද්ද ඇය දෙසට විසි කලාය. එය විසි වී අවුත් ඇයගේ පියවුරු මත වැදී නාභිය දෙසට ගමන් කරද්දි, දක්ෂ පන්දු රකින්නෙකු මෙන් එය ඩැහැගෙන පපු පෙදෙස වසා ගන්නට ඇය සමත් වූවාය. එවිටම ඇගේ කට කොනකින් නැගුනු කුඩා සිනහව,  ඇය දඟකාර රැවැත්තියක්ම බව ඔහුට පසක් කලේය. 

සීරුවට ප්ලාස්ටික් පුටුව මත පැත්තකට වන්නට වාඩි වූ ඇයගේ නොයිඳුල් සිරුරේ ස්පර්ශය තවමත් සුමිත්ගේ මනස තුල ඔඩු දුවන්නේය. එනමුදු තව දුරටත් ඔහුට සටන් කිරීමට උවමනා නැත. තම පරණ මැෂිම මත ඇති දම් පැහැ රෙදි කැබලි දෙක එකතු කර ගත් ඔහු පළපුරුදු ටේලර් කෙනෙකු මෙන් යම් හැඩයක් මතු වන ලෙස කැබලි දෙක පුරුද්දන්නට විය. මෙලෙස හැට්ටය පැලීමට හේතුව ඔහුට පැහැදිලිය. කිසිම වැඩක් හරියට කරන්නට නොදන්නා මෝඩ ඇදුම් මහන්නෙකු බරපතල උල් හැඩයක් මතු වන පරිදි හැට්ටයේ හැඩය සකසා ඇති නමුත්, එය ඉරීමට ලක් නොවන ලෙස අවම වශයෙන් මැහුම් පොටවල් දෙක තුනක් වත් යවා නොමැති බව ඔහු දුටුවේය.

“මහ මෝඩයෙක් නේ මේක මහල තියෙන්නේ“

“ඒ කිව්වේ“

“මෙහෙම උල් හැඩේ ගත්තට කමක් නෑ. ඒක ඉරෙන්නෙ නැති වෙන්න මැහුං දෙක තුනක් වත් දාන්න ඕන.. මම නං කරන්නේ අන්තිම තැනිං උල් හැඩේ හරියෙන් මැහුං පහක් හයක් ගහල එතන හයියට තියන එක.. මේක මහපු කෙනා නං මෝඩයෙක්.. මේක කොහොමත් ඉරෙන්න තිබුන එකක්“

“මාත් මේ යාළුවෙක් කිව්ව නිසයි එතැනින් මේක මැහුවේ.. එයාමයි කිව්වේ වී ෂේප් එක දැං ට්‍රෙන්ඩ් එක කියලා. දැක්කනේ. ට්‍රෙන්ඩ් එක නිසා මට අළුත් ට්‍රෙන්ඩ් එකක් ඇදගෙන තමා තව ටිකෙන් යන්න වෙන්නේ.. ඔයා වගේ හොද කෙනෙක් හමු වෙච්චි නිසා හොදයි.. නැත්නං මං මාර විදියට අසරණ වෙන්නේ.. ඇත්තමයි හි හි“

මේ කටහඩ, වචන ඔහුව සාමාන්‍ය මනුස්ස වේශයට ගෙන එන බව දැන් දැන් ඔහුට පැහැදිලි වන්නේය. තමා දගකාර ළදුන්ගේ කෙළිකවට කම් දිහා තරුණ වියේදි කොතරම් ආහ්ලාදයෙන් බලා සිටියේදැයි පසක් වන විට තමා ඔවුන්ට ඇලුම් කළ බව ඔහුට දැනෙන්නට විය. එයින් ප්‍රීතියක් ලබා “පිස්සු කෙල්ලො රැලක්“ යනුවෙන් තමාටම පවසා සිනහව රදවා එතැනින් නික්ම යන්නට තරම් ඔහුට හැකියාව තිබුනේ අනෙකුත් තරුණයන් අසාධාරණ ලෙස කවටකම් කරද්දීය. 

“ඔන්න මං අළුත් පැෂන් එකක් වගේ මේක පුට්ටු කරා.. කිසිම අවුලක් පේන එකක් නෑ.. ආ මෙන්න“

ඔහු දම් පැහැය නැවත ඇය දෙසට විසි කලේය. පියොවුරු මත තිබු ඇයගේ අත් දම්පැහැය දැරීමට තැත් කරද්දී, තණපට හැදි කත නැවත ඔහුට දිස් විය. එහෙත් මෙවර නං ඔහු බලා සිටියේ ඇය තමා කළ කාර්යය කෙරෙහි කුමන විදියේ ප්‍රතිචාරයක් ලබා දේද යන මනසිනි. ඇයටද නිල්පැහය අමතක වී දම්පැහැයටම සිත යොමු විය. එහෙයින් කිසිවෙකුගේ සැළකිල්ලට ලක් නොවුන තණපට හැදි කත නිදහසේ හුස්ම ගන්නට විය. 

සුමිත් සිටියදීම වගේ වගක් නැතිව ජැකට්ටුව හැදි ඇය, එහි හාක්ක දැමුවේ තම පපු පෙදෙස තෙරපමින් දගකාරයන් තව දුරටත් කූඩු කරමිනි. ඉන් පසුව තම සාරි පට ගෙන උරිස්සෙහි එක් කටුවක් ගසා අනෙක් කටුව ගසන්නට, තම දිගු දෙනෙතින් හා කටුව තම අත මත තබා ඉදිරියට දිගු කොට සුමිත්ට ආරාධනා කලාය. මෙවර කිසිදු පැකිලීමකින් තොරව නැගිට ඇය වෙත ආ සුමිත්, තම උණුසුම් අත් වලින් ලහි ලහියේ ඇයගේ සාරියේ කටුව අමුණන්නට විය. 

“ෂහ්.. දැං තිබුනට වැඩිය හොදයි වගේ.. ඔයා නං දෙයියෙක් හොදේ.. ලව් යූ“

“හා හා.. වැඩේ හරි නං එච්චරයි.. ආයිත් ඔය වී කරක් මහණවනං එයාටම දෙන්න“

“හි හි.. ඔව් ඔව්.. හදාගන්න ආයි මෙහාටම ගෙනැත් දෙන්නංකෝ..“

“හැක් හැක්.. “

“හුගක් ස්තුතියි අයියේ..මං ඉස්සෙල්ලම හරි බයෙන් ආවේ... දන්නව නේ දැං මිනිස්සුන්ගේ හැටි. ගෑනියෙක්ට පොඩි කරදරයක් උනත් උදව් කරන්න ඇවිත් තියෙන ලොකුම උදව්ව කරන්න නේ බලන් ඉන්නේ. ඒ අතින් ඔයා ග්‍රේට්. මගේ මෙහෙ ඉන්න යාළුවෝ හැමෝටම මං ඔයා ගැන කියනවා.. මං යන්නද එහෙනං“

“හොදයි හොදයි. එහෙනං ගිහින් එන්නකෝ..“

“අයියේ අද මම නේ කඩේ ඉස්සෙල්ලම අලේ කරේ. සල්ලි වලට නෙමෙයි ඒක නිසා මං කීයක් හරි දෙන්නම ඕන නේද?“

“අපොයි ඕන නෑ.. මං කරේ පොඩි උදව්වක් විතරයි නේ.. සල්ලි එපා“

“එහෙම හරි නෑ.. මේක තියාගන්න..“

“එපා එපා.. මට එපා“

“නැ නෑ... නැතිනං අද බිස්නස් නැති උනොත් මට හවස් වෙද්දි හච්චිං යාවි කෝචිචිය වගේ.. හි හි.. අනේ තියාගන්නකෝ.. බැරිද..මං එහෙනං තියල යනවා හොදේ.. ආයි එන්නං.. මං යනෝ..“

තම මැසිම මත ඇය විසින් ගුලි කර දැමු නෝට්ටුව දෙස ඔහු බැලුවේ ඇයගේ අන්තිම ඡායා මාත්‍රයද දුරස් වූ පසුවය. ගුලි කර තිබූ සියයේ නෝට්ටුව නැවත හැඩය එන ලෙස නමා කමිස සාක්කුවේ දමාගත් ඔහුගේ මන්දස්තමිය පැයක් දෙකක් යන තුරුම මුව මත දිදුලන අයුරු දැක ගත හැකි විය.

ප.ලි. - අඩේ අමතක උනා.. මං ඊයේ මේකට පුර්ව ප්‍රචාරයක් විදියට මෙන්න මේ විදියේ බලි කයියක් මුණුපොතේ දැම්මා..
එන්න ඇතුලට..
ගලවන්න ඔබේ ඇදුම්..
මේ පුංචි කාමරයේ..
දෙන්නකෙුට ඇති ඉඩ..
උනා දමන්න.. පිරිසිදු වන්නට..
යන්න බැහැ නෙව පාරේ ඔහොම..
මගේ නැහැ කැත හිතක්...සත්තමයි..


ප.ප.ලි. - අන්තිමට කතාව අැදුෙන් බ්‍රා වලට නිසා ඔන්න නිසි පරිදි බ්‍රා ඒකක් ෙතා්රාගන්නා අාකාරය පිළිබදව වූ බ්ෙලාග් සටහනක්.. 

http://watinpitin.blogspot.com/2011/02/blog-post_1044.html

Monday, August 4, 2014

රිදී කාසිය!! (The Silver Shilling)

එක රිදී කාසියක් තිබුනා. අලුත් කාසි මැෂිමෙන් ඒ රිදී කාසිය ලස්සනට ලස්සනේ දිලිහි දිලිහි එළියට පැන්නා. ඒ එන ගමන් එයා මහ හයියෙන් සද්දෙට මෙහෙම කිව්වා. “අම්මෝ.. ඇති යාන්තං.. දැං ඉතිං මට ලෝකේ වටේම යන්න ඇහැකි“. ඒ කිව්වත් වගේ අපේ රිදී කාසිය ලෝකේ වටේම යන්න පටන් ගත්තා.

කුඩා ළමයෙකු එයාගේ සිනිඳු සියුමැලි ඇගිලි වලින්, මහ පෙරේත මිනිහෙක් එයාගේ තද, සීතල, තෙත් උනු ඇගිලි වලින් රිදී කාසිය අල්ලගෙන හිටියා. කාසිය අතේ තිබුන මහළු මිනිහා ඒක ආයිත් දෙන්න කලින් කීප වතාවක්ම කාසිය පෙරල පෙරල බැලුවේ නිකං දුකෙන් වගෙයි. රිදී කාසිය අතේ තිබුන තරුණයා නං කිසි කතාවක් නෑ ඉක්මනටම කාසිය දීල දැම්මා.  මේ කාසිය රිදී වලින් හැදුවට බෝම ඩිංගක් තඹ වලින් හදලා තිබුනා. ඉතිං අපේ රිදී කාසිය අවුරුද්දක්ම ඒක හදපු රට වටේ කරක් ගහමින් තමයි හිටියේ.

ඒත් එක දවසට මේ රිදී කාසිය විදේශ සංචාර සදහා ගමන් ආරම්භ කළා. විදේශගත වන දේශිය සංචාරකයෙකුගේ පසුම්බිය තුල ඉතිරි උන එකම දේශීය කාසිය විදියට මේ රිදී කාසිය පත් කරලයි තිබුනේ. ඒත් මේ සංචාරකයා ඔය රිදී කාසිය තමන්ගේ අතට එනකම්ම දැනගෙන හිටියේ නෑ තමන්ගේ පසුම්බියේ එක කාසියක් ඉතිරි වෙලා තිබුන බව.

“කොහොමද අපේ රටේ කාසියක් මගේ පර්ස් එකට ආවේ.. කමක් නෑ.. මාත් එක්කම ගියාවේ එහෙනං“ කියල ඔහු කිව්වා. ඉතිං කාසිය පසුම්බියට දාපු ගමන්ම අපේ රිදී කාසිය බෝම සන්තෝසෙන් උඩ පැන්නා. ඉතිං විදේශීය මිතුරන් එක්ක මෙයාටත් ඉන්න උනා. ඒත් මේ විදේශීය මිතුරන් අනිත් අයට ඉඩ දෙමින් නිතරම ආවා ගියා. ඒත් මේ තමන්ගේ රටේ කාසිය මොන වෙලේත් පසුම්බියෙන් එළියට යවන්න ඔහු කටයුතු කරේ නැහැ. ඒක නිකං හරියට ගෞරව නාමයක් දුන්න වගේ.

සතී කීපයක් ගත උනා. අපේ රිදී කාසිය ලෝකේ බොහොම දුරක් ගමන් කලා. ඒත් තමන් ඉන්නේ කොහේද කියලවත් රිදී කාසියට දැනගන්න විදියක් නැහැ. මොකක් උනත් අනිත් කාසි කියන කතා නං එයාට ඇහුනා. ඒ අය ප්‍රංස, ඉතාලි අය බවයි කතාවෙන් තේරුනේ. සමහර අය තමන් ආපු නගරය මොකක්ද කියලත් කියනව අපේ රිදී කාසිය අහගෙන හිටියා. තවත් සමහර අය එක එක තැන් වල නම් හිටන් කිව්වා. ඒත් අපේ දුප්පත් රිදී කාසියට මේවා ගැන කිසිම වැටහීමක් නැහැ නෙව. කව්රු හරි ගෝනියක් ඔළුවට දාගෙන හිටියොත් එයාට මොනවද පේන්නේ.. මොනවත්ම නෑ.. ඔන්න ඔය සන්තෑසියම තමා අපේ දුප්පත් රිදී කාසියටත් වෙලා තියෙන්නේ.

ඔය විදියට හැංගිල ඉන්න කොට එක දවසක් එයා දැක්කා පසුම්බිය බාගෙට ඇරිල තියෙන විත්තිය. ඉතිං මෙයා හොරා වගේ හෙමින් හෙමින් උඩට ආවා. කොහොම උනත් එයා ඒක නොකරන්නයි තිබුනේ. එයාට තිබුන ආසාව, කුතුහලය නිසාමයි මේ දේ කලේ. මෙහෙම කරන හුගක් අයට ඒකෙන් විදවන්න වෙනවා.

උඩට ආවට පස්සේ එයා හෙමින් සීරුවේ කලිසම් සාක්කුවට පැන්නා. ඔක්කෝම ඇදුම් ටික රාක්කයේ එල්ලුවට පස්සේ මෙයා බිමට වැටුනා. ඒත් ඒක කිසිම කෙනෙක් දැක්කෙවත් නෑ.. මෙයා වැටෙන සද්දේ කාටවත් ඇහුගෙනවත් නෑ.

පහු වෙනිදා උදේ ඇදුම් ටික ආයිත් ඇදගෙන සංචාරකයා ආයිත් ඇවිදින්න ගියා. රිදී කාසිය තනියම පාලුවේ සාක්කුවට වෙලා හිටියා. ඒත් එයාව හමු උනා. දැං එයාගේ රාජකාරි වේලාව. ඔව් අපේ දුප්පත් රිදී කාසිය තවත් කාසි තුනක් එක්ක එළියට ගියා.

“මගේ ලෝකය මොන වගේද කියල දැකගන්න මං හරිම ආසයි“ රිදී කාසිය හිතුවා. “දැං ඉතිං මට පුළුවන් එක එක ජාතියේ මිනිස්සු, දේවල් දැක බලාගන්න.“ එතකොටම එයාට ඇහුනා කෙනෙක් මෙහෙම බෙරිහන් දෙනවා. 

“මේ මොන දහජරා කාසියක්ද?.... මේක හොද කාසියක් නෙමෙයි හොර එකක්. කිසි වැඩකට නැති එකක්“

ඔන්න ඉතිං කාසියේ නියම කතාව දැන් තමා පටන් ගන්නේ එයා කියපු විදියටම.

“හොර එකක්. කිසි කමකට නැහැ.“ මේ වචන නිසා දුක හිතුන රිදී කාසිය කියවන්න ගත්තා.

“අයියෝ මට නං දුකේ බෑ මේවා ඇහෙන කොට. මං හොද රිදී කාසියක්.. මාව හදල තියෙන්නේ හොදම රිදී වලින්. මගේ වටේම හොද රාමුවක් දාල නියම වටිනාකම ලස්සනට ගහල තියෙද්දී නේ මේ මිනිස්සු මට බනින්නේ. ඒ ගොල්ල මාව අදුරන්නේ නැහැ. නෑ. ඒ අය මාව අදුරගත්තා වෙන්නැති. මට තමා කිව්වේ වැඩකට නැති හොර කාසියක් කියලා.“

“මේ දහදුරා කාසිය කළුවරේ කාට හරි දීලා දාන්න ඕන“ මගේ අයිතිකාරයා කියනවා මට ඇහුනා. ඉතිං මාව එදා රෑම මාරු කලා. ආයිත් දවල් කාලේදි මට ඒ වචනම ඇහුනා.

“හොර එකක්. කිසි කමකට නැහැ.. ඉක්මනට මේ ගොං කාසිය කාට හරි දෙන්න ඕන“

“අනේ මං මොන තරං කාලකන්නි මිනිහෙක්ද? මගේ රිදී ටිකෙන් ඇති වැඩේ මොකක්ද? අඩු ගානේ මගේ ගානෙන් වත්... මගේ ගහල තියෙන ගානෙන් වත්.. වැඩක් නෑ ඉතිං මේ මොකක්වත් ඒගොල්ල සලකන්නේ නැතිනං..“ සමාජය ඔබට යම් වටිනාකමක් දෙන්නේ ඔවුන් එය තෝරාගන්න විදියටයි. ඇත්තටම දුෂ්ඨ හෘද සාක්ෂියක් ඇතිව ජීවත් වීම බොහොම බියකරු අත්දැකීමක්. ඒක හරියට අපායේ පාර දිගේ යනවා වගේ. මං කොයි තරං අහිංසකද? මට මාව දැක්කම හිතෙනවා මං කාලකන්නියෙක්මයි කියලා..“

“හැම වෙලාවෙම හැම කෙනාම මාව අතට ගත්තම මම බයෙන් තමා ඒ අයගේ ඇස් දිහා බලන්නේ. මොකද මම දන්නවා ඒ අය මොන වෙලාවේ හරි මාව බොරු කාරයෙක්, වංචාකාරයෙක් කියල කවුනටරේට විසි කරල දානව කියලා.

“එක පාරක් මම දුප්පත් ගෑනු කෙනෙකු ගාව හිටියා. එයාට මාව හමු උනේ දවසක්ම මහන්සි වෙලා දාඩිය දාගෙන වැඩ කරාට පස්සෙදියි. ඒ ගෑනු කෙනාට මාව දාලා යන්න බැරි උනා. කව්ද ඉතිං මාව බාරගන්නේ. අන්තිමේ ඒ ඇත්තිට මං මහා දුකක් තමා දුන්නේ.“

“කොහොම හරි කාගේ හරි ඇගේ මේ කාසිය ගහන්න ඕන“ කියල ඒ ගෑනු කෙනා කිව්වා. “මං කොහොමද මේ වැඩකට නැති කාසිය තියාගන්නේ. මං මේක අපේ බේකරි කාරයට දීල පාං ගන්නවා. මිනිහ වගේ පෝසතෙකුට ඉතිං ඔය පාඩුව ඉවසගන්න බැරියැ.. මං වගේ නෙමෙයි නේ. මං දන්නවා මේක හොද වැඩක් නෙමෙයි කියලා. ඒත් මං මොනව කරන්නද“ දුප්පත් ගෑනු කෙනා කිව්වා.

“අයියෝ මේ මනුස්සයට මං කොයි තරං බරක් වෙලාද?“ රිදී කාසිය සුසුම් හෙලමින් සිතන්නට උනා. “මම ඇත්තටම දැං වෙනස් වෙලාද? මම පරණ කෙනා නෙමෙයිද?“

දුප්පත් ගෑනු කෙනා බේකරියට ගිහින් මාව දීලා පාං ගන්නයි හැදුවේ. ඒත් කට්ට බේකරි අයිතිකාරයා එක පාරටම මාව අදුරගත්තා. මිනිහට පුළුවන් ඕනම කාසියක් සුටුස් ගාලා අදුරගන්න. ඉතිං මාව අරගෙන අර දුප්පත් මන්ස්සයගේ මූණටම දමල ගැහුව නේ. මට බැරි උනා ඇයට පාන් අරන් දෙන්න. මට පුදුම කළකිරීමක් ඇති උනේ හැමෝටම මම බරක් වෙච්චි එක ගැන. මම තරුණ කාලේ මම ගැන කොයි තරං ආඩම්බර උනාද? දිලිසෙන පාටින් මාව කොච්චර ලස්සනට පෙනුනද? කව්රුවත් බාර නොගන්න දුක්ඛිත තත්වෙකට මාව පත් උනේ කොහොමද? ඒත් අර දුප්පත් ගෑනු කෙනා මාව ගෙදර අරන් ගියා. එයා මං දිහා හරිම අනුකම්පාවෙන් වගේම අවංකවම මිත්‍රශිලීව බැලුවා. ඊට පස්සේ මෙහෙම කිව්වා. 

“නෑ මං මේක දීල තව කාටවත් පාඩුවක් කරන්නෑ. මං මේක මැදින් සිදුරක් විදිනව. අන්න එතකොට හැමෝම දකිනවා මේක වැඩකට නැති එකක් කියලා. ඒත් මට හිතෙන්නේ මේක හරිම වාසනාවන්ත කාසියක් කියලා. ඔව් මට එහෙම විශ්වාසයක් තියෙනවා. මට පුදුම විදියට නේ ඒක දැනෙන්නෙ.. මම මේකේ සිදුරක් විදල, ඒකට නූලක් දාලා අල්ලපු ගෙදර පුංචි එකාගේ කරේ දානවා.. හරියට වාසනාවන්ත කාසි මාලයක් වගේ.“

“ඉතිං එයා මගේ හරි මැදින්ම සිදුරක් විද්දා. මගේ ඇඟ තුලින් සිදුරක් විදින එක සතුටක් නෙමෙයි. ඒත් හොද අරමුණකින් කරන දේකට කොහොම හරි සහයෝගය දෙන්න අපිට සිද්ධ වෙනවා. සිදුර මැද්දෙන් නූලක් දාලා මාව අර දරුවගේ කරේ එල්ලුවා. එතකොට හරියට පදක්කමක් පැලදගෙන ඉන්නව වගේයි මාව පෙනුනේ. ඒ දරුවා මගේ දිහා බලල හිනා වෙලා මාව ඉම්ඹා. ඉතිං මං ඒ දරුවගේ උණුහුම් පුංචි පපුව උඩ මුලු රෑම නිදාගත්තා.“

“පහුවෙනිදා උදේ අර දරුවගේ අම්මා ඇවිත් මාව අතට ගත්තා. එයාට නං මං ගැන වෙන මොකක් හරි හිතිල වගේයි. කතුරක් ගෙනැල්ල නූල කපල මාව අතට ගත්ත නේ ඉතිං“

“මේක නං වාසනාවන්ත කාසියක්.. අපි බලමුකෝ.“ දරුවගේ අම්මා එහෙම කිව්වා.

“පස්සේ එයා මාව විනාකිරි වල පෙගෙන්න තිබ්බා. ටික වෙලාවක් යද්දි මං කොළ පාටට හැරුනා. පොටි ටිකක් දාලා සිදුරත් වැහුවා. ඊට පස්සේ මාව ටිකක් අතුල්ල දාලා එදාම හවස ලොතරැයි කූඩුවට මාව අරන් ගියා. මාව දීල ලොතරැයියක් ගත්තම එයාට වාසනාව ලැබෙයි කියලයි එයා හිතුවේ“

“මට ඇති වෙච්චි දුක කියන්න තේරෙන්නෙ නෑ. මගේ ඇතුලේ පුරවපු ඒවා නිසා මාව දෙකට කැඩෙයි කියලයි මට හිතුනේ. මං දැනගෙන හිටියා මාව වැඩකට නැති මෝඩයෙක් ගානට අනිත් අය (කාසි) ඉස්රහම එළවල දාන විත්තිය. ඒත් මේ වෙලාවේ මං බේරුනා. මොකද ඔපිසියේ හිටපු අයට වැඩ වැඩි වෙලා හුස්ම ගන්න බැරි තරමට. ඉතිං මාව අනිත් කාසි තිබුන පෙට්ටියටම දැම්මා. මාව දීල ගත්ත ලොතරැයිය ඇදනද නැද්ද කියල මං දන්නේ නැති උනත්, පහු වෙනිදා උදේට නං මට අර පුරුදු සන්තෑසියම වෙනවා කියල නං මං හොදට දන්නවා. හොද කෙනෙකුට මේ වගේ දේවල් වෙන එක ඇත්තටම දුකක්. ඒත් කාටවත් ඒක වලක්වන්න බෑ.“

“ඉතිං මේ විදියට මං අවුරුදු ගානක් ගෙයක් ගෙයක් ගානේ, අතින් අතට මාරු උනා. ඒ හැම වෙලාවෙම මං වැඩකට නැති කෙනෙක් විදියයි හංවඩු ගැහුවේ. කව්රුවත් මාව පිළිගත්තේ නැහැ. කව්රුවත් මාව විශ්වාස කරේ නෑ. ඉතිං අන්තිමේ මට සසර කළ කිරුනා. ජීවිතේ අමරුම කාලය තමයි ඒක. එක දවසක් ආපු සංචාරකයෙකුගේ අතට පුරුදු විදියටම මාව දීල දැම්මා. එයා මාව හොද කෙනෙක් විදියට බාර ගත්තා. ඒත් එයා මාව තව කාට හරි දෙන්න හදනකොට ආයිත් අර වේදනාකාරි කතාව මට ඇහුනා. 

“හොර එකක්. කිසි කමකට නැහැ“

“ඉතිං මං මේක නියම කාසියක් විදියට නේ බාර ගත්තේ.“ සංචාරකයා කියන්න උනා. ඒ ගමන්ම එයා මාව කිට්ටුවට අරගෙන බැලුවා. ඊට පස්සේ එයා කට පුරෝල හිනා උනා. කවදාවත් මාව හොදට ලං කරල බලපු කිසිම කෙනෙක් මේ වගේ හිනා වෙලා නැති නිසා මං පුදුම උනා.

“ඇයි ඇයි.. මොකද?“ අනිත් කෙනා කිව්වම සංචාරකයා මෙහෙම කිව්වා.

“අයියෝ මේ මගේ රටේ කාසියක් නේ.. බලන්නකෝ අපේ රටෙන් ආපු නියම කාසියක් මේක.. ඒත් කව්රු හරි මේකේ සිදුරක් විදල නේ.. ඒකනේ වැඩකට නැති එකක් වෙලා තියෙන්නේ. මේක නං මහ පුදුම ලැබීමක් නේ.. කමක් නෑ මං මේක තියාගන්නං. මං මේක මගේ රටට අරගෙන යනවා.“

“මාව සතුටින් වෙව්ලල ගියා ඒක ඇහුනම. මං හොද කාසියක් කියල නේ කිව්වෙ. ඇති යන්තං දැං මට ගෙදර යන්න ඇහැකි. ඔව් ඕනම කෙනෙක්ට මාව අදුරගන්න පුළුවන් තැනට මං ආයිත් යනවා. මට දැනුනේ සන්තෝසෙ නිසා මගේන් ගිනි පිට වෙනවා වගෙයි. ඒත් ගිනි පුලිඟු එන්නේ යකඩ වලින් මිසක් රිදී වලින් නෙමෙයි නේ“

“මාව පිරිසිදුු සුදු කඩදාසියකට ලස්සනට එතුවා. ඊට පස්සේ අනිත් අයත් එක්ක මුහු නොවෙන්නත් නැති නොවෙන්නත් මාව තිබ්බා. ඔන්න මගේ රටේම කට්ටිය එකතු වෙන සමහර දවස් වලට එයා සීරුවට මාව එළියට අරගෙන හැමෝටම පෙන්නනවා. ඒ අය හැමෝම මං ගැන හොද කියනවා එතකොට. ඒ අය හිතුවේ මං බෝහොම අගේ ඇති කෙනෙක් කියලයි. ඒක මට නං හරිම පුදුමයි.. එක වචනයක්වත් කතා නොකර කොහොමද මම අගේ ඇති කෙනෙක් වෙන්නේ“

“ඔන්න ඉතිං අන්තිමේ මම ගෙදර ආවා. ඔක්කෝම කරදර ටික ඉවර උනා. මම දැන් ඇත්තටම සතුටින් ඉන්නේ. මං දන්නවා මාව හදල තියෙන්නේ හොදම රිදී වලින් කියල, ඒ වගේම මගේ පපුවේ මං කොච්චර වටිනවද කියලත් ලස්සනට ගහල තියෙනවා නේ. මගේ ඇග මැදින් සිදුරක් ගහල තියෙනව නං තමා. ඒත් ඒක ඒ තරං දෙයක් නෙමෙයි. කිසිම ප්‍රශ්නයක් නැහැ ඇත්තටම අවංක කෙනෙක් කියල දන්නව නං. පොඩ්ඩක් අන්තිම වෙනක් බලන් ඉන්න. හැමදෙයක්ම ටක්කෙටම හරි යාවි. මම ඒක තදින්ම විශ්වාස කරන දෙයක්“ රිදී කාසිය කිව්වා.

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

Hans Christian Andersen - The Silver Shilling