Monday, August 4, 2014

රිදී කාසිය!! (The Silver Shilling)

එක රිදී කාසියක් තිබුනා. අලුත් කාසි මැෂිමෙන් ඒ රිදී කාසිය ලස්සනට ලස්සනේ දිලිහි දිලිහි එළියට පැන්නා. ඒ එන ගමන් එයා මහ හයියෙන් සද්දෙට මෙහෙම කිව්වා. “අම්මෝ.. ඇති යාන්තං.. දැං ඉතිං මට ලෝකේ වටේම යන්න ඇහැකි“. ඒ කිව්වත් වගේ අපේ රිදී කාසිය ලෝකේ වටේම යන්න පටන් ගත්තා.

කුඩා ළමයෙකු එයාගේ සිනිඳු සියුමැලි ඇගිලි වලින්, මහ පෙරේත මිනිහෙක් එයාගේ තද, සීතල, තෙත් උනු ඇගිලි වලින් රිදී කාසිය අල්ලගෙන හිටියා. කාසිය අතේ තිබුන මහළු මිනිහා ඒක ආයිත් දෙන්න කලින් කීප වතාවක්ම කාසිය පෙරල පෙරල බැලුවේ නිකං දුකෙන් වගෙයි. රිදී කාසිය අතේ තිබුන තරුණයා නං කිසි කතාවක් නෑ ඉක්මනටම කාසිය දීල දැම්මා.  මේ කාසිය රිදී වලින් හැදුවට බෝම ඩිංගක් තඹ වලින් හදලා තිබුනා. ඉතිං අපේ රිදී කාසිය අවුරුද්දක්ම ඒක හදපු රට වටේ කරක් ගහමින් තමයි හිටියේ.

ඒත් එක දවසට මේ රිදී කාසිය විදේශ සංචාර සදහා ගමන් ආරම්භ කළා. විදේශගත වන දේශිය සංචාරකයෙකුගේ පසුම්බිය තුල ඉතිරි උන එකම දේශීය කාසිය විදියට මේ රිදී කාසිය පත් කරලයි තිබුනේ. ඒත් මේ සංචාරකයා ඔය රිදී කාසිය තමන්ගේ අතට එනකම්ම දැනගෙන හිටියේ නෑ තමන්ගේ පසුම්බියේ එක කාසියක් ඉතිරි වෙලා තිබුන බව.

“කොහොමද අපේ රටේ කාසියක් මගේ පර්ස් එකට ආවේ.. කමක් නෑ.. මාත් එක්කම ගියාවේ එහෙනං“ කියල ඔහු කිව්වා. ඉතිං කාසිය පසුම්බියට දාපු ගමන්ම අපේ රිදී කාසිය බෝම සන්තෝසෙන් උඩ පැන්නා. ඉතිං විදේශීය මිතුරන් එක්ක මෙයාටත් ඉන්න උනා. ඒත් මේ විදේශීය මිතුරන් අනිත් අයට ඉඩ දෙමින් නිතරම ආවා ගියා. ඒත් මේ තමන්ගේ රටේ කාසිය මොන වෙලේත් පසුම්බියෙන් එළියට යවන්න ඔහු කටයුතු කරේ නැහැ. ඒක නිකං හරියට ගෞරව නාමයක් දුන්න වගේ.

සතී කීපයක් ගත උනා. අපේ රිදී කාසිය ලෝකේ බොහොම දුරක් ගමන් කලා. ඒත් තමන් ඉන්නේ කොහේද කියලවත් රිදී කාසියට දැනගන්න විදියක් නැහැ. මොකක් උනත් අනිත් කාසි කියන කතා නං එයාට ඇහුනා. ඒ අය ප්‍රංස, ඉතාලි අය බවයි කතාවෙන් තේරුනේ. සමහර අය තමන් ආපු නගරය මොකක්ද කියලත් කියනව අපේ රිදී කාසිය අහගෙන හිටියා. තවත් සමහර අය එක එක තැන් වල නම් හිටන් කිව්වා. ඒත් අපේ දුප්පත් රිදී කාසියට මේවා ගැන කිසිම වැටහීමක් නැහැ නෙව. කව්රු හරි ගෝනියක් ඔළුවට දාගෙන හිටියොත් එයාට මොනවද පේන්නේ.. මොනවත්ම නෑ.. ඔන්න ඔය සන්තෑසියම තමා අපේ දුප්පත් රිදී කාසියටත් වෙලා තියෙන්නේ.

ඔය විදියට හැංගිල ඉන්න කොට එක දවසක් එයා දැක්කා පසුම්බිය බාගෙට ඇරිල තියෙන විත්තිය. ඉතිං මෙයා හොරා වගේ හෙමින් හෙමින් උඩට ආවා. කොහොම උනත් එයා ඒක නොකරන්නයි තිබුනේ. එයාට තිබුන ආසාව, කුතුහලය නිසාමයි මේ දේ කලේ. මෙහෙම කරන හුගක් අයට ඒකෙන් විදවන්න වෙනවා.

උඩට ආවට පස්සේ එයා හෙමින් සීරුවේ කලිසම් සාක්කුවට පැන්නා. ඔක්කෝම ඇදුම් ටික රාක්කයේ එල්ලුවට පස්සේ මෙයා බිමට වැටුනා. ඒත් ඒක කිසිම කෙනෙක් දැක්කෙවත් නෑ.. මෙයා වැටෙන සද්දේ කාටවත් ඇහුගෙනවත් නෑ.

පහු වෙනිදා උදේ ඇදුම් ටික ආයිත් ඇදගෙන සංචාරකයා ආයිත් ඇවිදින්න ගියා. රිදී කාසිය තනියම පාලුවේ සාක්කුවට වෙලා හිටියා. ඒත් එයාව හමු උනා. දැං එයාගේ රාජකාරි වේලාව. ඔව් අපේ දුප්පත් රිදී කාසිය තවත් කාසි තුනක් එක්ක එළියට ගියා.

“මගේ ලෝකය මොන වගේද කියල දැකගන්න මං හරිම ආසයි“ රිදී කාසිය හිතුවා. “දැං ඉතිං මට පුළුවන් එක එක ජාතියේ මිනිස්සු, දේවල් දැක බලාගන්න.“ එතකොටම එයාට ඇහුනා කෙනෙක් මෙහෙම බෙරිහන් දෙනවා. 

“මේ මොන දහජරා කාසියක්ද?.... මේක හොද කාසියක් නෙමෙයි හොර එකක්. කිසි වැඩකට නැති එකක්“

ඔන්න ඉතිං කාසියේ නියම කතාව දැන් තමා පටන් ගන්නේ එයා කියපු විදියටම.

“හොර එකක්. කිසි කමකට නැහැ.“ මේ වචන නිසා දුක හිතුන රිදී කාසිය කියවන්න ගත්තා.

“අයියෝ මට නං දුකේ බෑ මේවා ඇහෙන කොට. මං හොද රිදී කාසියක්.. මාව හදල තියෙන්නේ හොදම රිදී වලින්. මගේ වටේම හොද රාමුවක් දාල නියම වටිනාකම ලස්සනට ගහල තියෙද්දී නේ මේ මිනිස්සු මට බනින්නේ. ඒ ගොල්ල මාව අදුරන්නේ නැහැ. නෑ. ඒ අය මාව අදුරගත්තා වෙන්නැති. මට තමා කිව්වේ වැඩකට නැති හොර කාසියක් කියලා.“

“මේ දහදුරා කාසිය කළුවරේ කාට හරි දීලා දාන්න ඕන“ මගේ අයිතිකාරයා කියනවා මට ඇහුනා. ඉතිං මාව එදා රෑම මාරු කලා. ආයිත් දවල් කාලේදි මට ඒ වචනම ඇහුනා.

“හොර එකක්. කිසි කමකට නැහැ.. ඉක්මනට මේ ගොං කාසිය කාට හරි දෙන්න ඕන“

“අනේ මං මොන තරං කාලකන්නි මිනිහෙක්ද? මගේ රිදී ටිකෙන් ඇති වැඩේ මොකක්ද? අඩු ගානේ මගේ ගානෙන් වත්... මගේ ගහල තියෙන ගානෙන් වත්.. වැඩක් නෑ ඉතිං මේ මොකක්වත් ඒගොල්ල සලකන්නේ නැතිනං..“ සමාජය ඔබට යම් වටිනාකමක් දෙන්නේ ඔවුන් එය තෝරාගන්න විදියටයි. ඇත්තටම දුෂ්ඨ හෘද සාක්ෂියක් ඇතිව ජීවත් වීම බොහොම බියකරු අත්දැකීමක්. ඒක හරියට අපායේ පාර දිගේ යනවා වගේ. මං කොයි තරං අහිංසකද? මට මාව දැක්කම හිතෙනවා මං කාලකන්නියෙක්මයි කියලා..“

“හැම වෙලාවෙම හැම කෙනාම මාව අතට ගත්තම මම බයෙන් තමා ඒ අයගේ ඇස් දිහා බලන්නේ. මොකද මම දන්නවා ඒ අය මොන වෙලාවේ හරි මාව බොරු කාරයෙක්, වංචාකාරයෙක් කියල කවුනටරේට විසි කරල දානව කියලා.

“එක පාරක් මම දුප්පත් ගෑනු කෙනෙකු ගාව හිටියා. එයාට මාව හමු උනේ දවසක්ම මහන්සි වෙලා දාඩිය දාගෙන වැඩ කරාට පස්සෙදියි. ඒ ගෑනු කෙනාට මාව දාලා යන්න බැරි උනා. කව්ද ඉතිං මාව බාරගන්නේ. අන්තිමේ ඒ ඇත්තිට මං මහා දුකක් තමා දුන්නේ.“

“කොහොම හරි කාගේ හරි ඇගේ මේ කාසිය ගහන්න ඕන“ කියල ඒ ගෑනු කෙනා කිව්වා. “මං කොහොමද මේ වැඩකට නැති කාසිය තියාගන්නේ. මං මේක අපේ බේකරි කාරයට දීල පාං ගන්නවා. මිනිහ වගේ පෝසතෙකුට ඉතිං ඔය පාඩුව ඉවසගන්න බැරියැ.. මං වගේ නෙමෙයි නේ. මං දන්නවා මේක හොද වැඩක් නෙමෙයි කියලා. ඒත් මං මොනව කරන්නද“ දුප්පත් ගෑනු කෙනා කිව්වා.

“අයියෝ මේ මනුස්සයට මං කොයි තරං බරක් වෙලාද?“ රිදී කාසිය සුසුම් හෙලමින් සිතන්නට උනා. “මම ඇත්තටම දැං වෙනස් වෙලාද? මම පරණ කෙනා නෙමෙයිද?“

දුප්පත් ගෑනු කෙනා බේකරියට ගිහින් මාව දීලා පාං ගන්නයි හැදුවේ. ඒත් කට්ට බේකරි අයිතිකාරයා එක පාරටම මාව අදුරගත්තා. මිනිහට පුළුවන් ඕනම කාසියක් සුටුස් ගාලා අදුරගන්න. ඉතිං මාව අරගෙන අර දුප්පත් මන්ස්සයගේ මූණටම දමල ගැහුව නේ. මට බැරි උනා ඇයට පාන් අරන් දෙන්න. මට පුදුම කළකිරීමක් ඇති උනේ හැමෝටම මම බරක් වෙච්චි එක ගැන. මම තරුණ කාලේ මම ගැන කොයි තරං ආඩම්බර උනාද? දිලිසෙන පාටින් මාව කොච්චර ලස්සනට පෙනුනද? කව්රුවත් බාර නොගන්න දුක්ඛිත තත්වෙකට මාව පත් උනේ කොහොමද? ඒත් අර දුප්පත් ගෑනු කෙනා මාව ගෙදර අරන් ගියා. එයා මං දිහා හරිම අනුකම්පාවෙන් වගේම අවංකවම මිත්‍රශිලීව බැලුවා. ඊට පස්සේ මෙහෙම කිව්වා. 

“නෑ මං මේක දීල තව කාටවත් පාඩුවක් කරන්නෑ. මං මේක මැදින් සිදුරක් විදිනව. අන්න එතකොට හැමෝම දකිනවා මේක වැඩකට නැති එකක් කියලා. ඒත් මට හිතෙන්නේ මේක හරිම වාසනාවන්ත කාසියක් කියලා. ඔව් මට එහෙම විශ්වාසයක් තියෙනවා. මට පුදුම විදියට නේ ඒක දැනෙන්නෙ.. මම මේකේ සිදුරක් විදල, ඒකට නූලක් දාලා අල්ලපු ගෙදර පුංචි එකාගේ කරේ දානවා.. හරියට වාසනාවන්ත කාසි මාලයක් වගේ.“

“ඉතිං එයා මගේ හරි මැදින්ම සිදුරක් විද්දා. මගේ ඇඟ තුලින් සිදුරක් විදින එක සතුටක් නෙමෙයි. ඒත් හොද අරමුණකින් කරන දේකට කොහොම හරි සහයෝගය දෙන්න අපිට සිද්ධ වෙනවා. සිදුර මැද්දෙන් නූලක් දාලා මාව අර දරුවගේ කරේ එල්ලුවා. එතකොට හරියට පදක්කමක් පැලදගෙන ඉන්නව වගේයි මාව පෙනුනේ. ඒ දරුවා මගේ දිහා බලල හිනා වෙලා මාව ඉම්ඹා. ඉතිං මං ඒ දරුවගේ උණුහුම් පුංචි පපුව උඩ මුලු රෑම නිදාගත්තා.“

“පහුවෙනිදා උදේ අර දරුවගේ අම්මා ඇවිත් මාව අතට ගත්තා. එයාට නං මං ගැන වෙන මොකක් හරි හිතිල වගේයි. කතුරක් ගෙනැල්ල නූල කපල මාව අතට ගත්ත නේ ඉතිං“

“මේක නං වාසනාවන්ත කාසියක්.. අපි බලමුකෝ.“ දරුවගේ අම්මා එහෙම කිව්වා.

“පස්සේ එයා මාව විනාකිරි වල පෙගෙන්න තිබ්බා. ටික වෙලාවක් යද්දි මං කොළ පාටට හැරුනා. පොටි ටිකක් දාලා සිදුරත් වැහුවා. ඊට පස්සේ මාව ටිකක් අතුල්ල දාලා එදාම හවස ලොතරැයි කූඩුවට මාව අරන් ගියා. මාව දීල ලොතරැයියක් ගත්තම එයාට වාසනාව ලැබෙයි කියලයි එයා හිතුවේ“

“මට ඇති වෙච්චි දුක කියන්න තේරෙන්නෙ නෑ. මගේ ඇතුලේ පුරවපු ඒවා නිසා මාව දෙකට කැඩෙයි කියලයි මට හිතුනේ. මං දැනගෙන හිටියා මාව වැඩකට නැති මෝඩයෙක් ගානට අනිත් අය (කාසි) ඉස්රහම එළවල දාන විත්තිය. ඒත් මේ වෙලාවේ මං බේරුනා. මොකද ඔපිසියේ හිටපු අයට වැඩ වැඩි වෙලා හුස්ම ගන්න බැරි තරමට. ඉතිං මාව අනිත් කාසි තිබුන පෙට්ටියටම දැම්මා. මාව දීල ගත්ත ලොතරැයිය ඇදනද නැද්ද කියල මං දන්නේ නැති උනත්, පහු වෙනිදා උදේට නං මට අර පුරුදු සන්තෑසියම වෙනවා කියල නං මං හොදට දන්නවා. හොද කෙනෙකුට මේ වගේ දේවල් වෙන එක ඇත්තටම දුකක්. ඒත් කාටවත් ඒක වලක්වන්න බෑ.“

“ඉතිං මේ විදියට මං අවුරුදු ගානක් ගෙයක් ගෙයක් ගානේ, අතින් අතට මාරු උනා. ඒ හැම වෙලාවෙම මං වැඩකට නැති කෙනෙක් විදියයි හංවඩු ගැහුවේ. කව්රුවත් මාව පිළිගත්තේ නැහැ. කව්රුවත් මාව විශ්වාස කරේ නෑ. ඉතිං අන්තිමේ මට සසර කළ කිරුනා. ජීවිතේ අමරුම කාලය තමයි ඒක. එක දවසක් ආපු සංචාරකයෙකුගේ අතට පුරුදු විදියටම මාව දීල දැම්මා. එයා මාව හොද කෙනෙක් විදියට බාර ගත්තා. ඒත් එයා මාව තව කාට හරි දෙන්න හදනකොට ආයිත් අර වේදනාකාරි කතාව මට ඇහුනා. 

“හොර එකක්. කිසි කමකට නැහැ“

“ඉතිං මං මේක නියම කාසියක් විදියට නේ බාර ගත්තේ.“ සංචාරකයා කියන්න උනා. ඒ ගමන්ම එයා මාව කිට්ටුවට අරගෙන බැලුවා. ඊට පස්සේ එයා කට පුරෝල හිනා උනා. කවදාවත් මාව හොදට ලං කරල බලපු කිසිම කෙනෙක් මේ වගේ හිනා වෙලා නැති නිසා මං පුදුම උනා.

“ඇයි ඇයි.. මොකද?“ අනිත් කෙනා කිව්වම සංචාරකයා මෙහෙම කිව්වා.

“අයියෝ මේ මගේ රටේ කාසියක් නේ.. බලන්නකෝ අපේ රටෙන් ආපු නියම කාසියක් මේක.. ඒත් කව්රු හරි මේකේ සිදුරක් විදල නේ.. ඒකනේ වැඩකට නැති එකක් වෙලා තියෙන්නේ. මේක නං මහ පුදුම ලැබීමක් නේ.. කමක් නෑ මං මේක තියාගන්නං. මං මේක මගේ රටට අරගෙන යනවා.“

“මාව සතුටින් වෙව්ලල ගියා ඒක ඇහුනම. මං හොද කාසියක් කියල නේ කිව්වෙ. ඇති යන්තං දැං මට ගෙදර යන්න ඇහැකි. ඔව් ඕනම කෙනෙක්ට මාව අදුරගන්න පුළුවන් තැනට මං ආයිත් යනවා. මට දැනුනේ සන්තෝසෙ නිසා මගේන් ගිනි පිට වෙනවා වගෙයි. ඒත් ගිනි පුලිඟු එන්නේ යකඩ වලින් මිසක් රිදී වලින් නෙමෙයි නේ“

“මාව පිරිසිදුු සුදු කඩදාසියකට ලස්සනට එතුවා. ඊට පස්සේ අනිත් අයත් එක්ක මුහු නොවෙන්නත් නැති නොවෙන්නත් මාව තිබ්බා. ඔන්න මගේ රටේම කට්ටිය එකතු වෙන සමහර දවස් වලට එයා සීරුවට මාව එළියට අරගෙන හැමෝටම පෙන්නනවා. ඒ අය හැමෝම මං ගැන හොද කියනවා එතකොට. ඒ අය හිතුවේ මං බෝහොම අගේ ඇති කෙනෙක් කියලයි. ඒක මට නං හරිම පුදුමයි.. එක වචනයක්වත් කතා නොකර කොහොමද මම අගේ ඇති කෙනෙක් වෙන්නේ“

“ඔන්න ඉතිං අන්තිමේ මම ගෙදර ආවා. ඔක්කෝම කරදර ටික ඉවර උනා. මම දැන් ඇත්තටම සතුටින් ඉන්නේ. මං දන්නවා මාව හදල තියෙන්නේ හොදම රිදී වලින් කියල, ඒ වගේම මගේ පපුවේ මං කොච්චර වටිනවද කියලත් ලස්සනට ගහල තියෙනවා නේ. මගේ ඇග මැදින් සිදුරක් ගහල තියෙනව නං තමා. ඒත් ඒක ඒ තරං දෙයක් නෙමෙයි. කිසිම ප්‍රශ්නයක් නැහැ ඇත්තටම අවංක කෙනෙක් කියල දන්නව නං. පොඩ්ඩක් අන්තිම වෙනක් බලන් ඉන්න. හැමදෙයක්ම ටක්කෙටම හරි යාවි. මම ඒක තදින්ම විශ්වාස කරන දෙයක්“ රිදී කාසිය කිව්වා.

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

Hans Christian Andersen - The Silver Shilling

132 comments:

  1. //ඉතාලි අය බවයි කතාවෙන් තේරුනේ//
    ඉටැලික් වෙන්න ඇති කතා කරන්න ඇත්තෙ?

    ReplyDelete
    Replies
    1. Italic කතා කරන්නේ ඉතාලි අය බව මං කිව්ව නේ.. හැක්..

      Delete
  2. හරිම ලස්සණයි දේශකයෝ...කාසියක් ගිය දුරනේ. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි.. සන්තෝසයි.. කාසියට දාන්න මාව... ඊට පස්සේ හිතන්න.. හැක්..

      Delete
    2. //කාසියට දාන්න මාව//

      කවුද හිල් කලේ?

      Delete
    3. ප්‍රා,

      අන්න ප්‍රශ්නෙ +++++++++++

      Delete
    4. ඒක වැඩක් නෑ ප්‍රා.. හැක්...

      Delete
    5. abheethayada?

      Delete
    6. හැක්. ඒකත් සුවර් නෑ...

      Delete
  3. කෙනෙකුට නොවටින දෙයක් තවත් කෙනෙකුට කොච්චර වටිනවා වෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ සාපේක්ෂතාවාදය කියන්නේ...

      Delete
    2. සමාවෙන්න.. සාපේක්ෂතාව කියන්නයි ගියේ..

      Delete
  4. තුන්වෙනි පාර්ශ්වේකින් කතාව පටන් අරං, තමන්ම කියන විදියට ඉවර උනා. ඒතරම්ම කතාවට ඇලිලා. මේ හාන්ස් ක්‍රිස්ටියන්ගෙ කතාවල තියෙනවා මහා පුදුමාකාර සිත්ගන්නාසුලු ගුප්ත බවක්. ගොඩක් ස්තූතියි දේශකට මේ කතාව අරගෙන ආවට.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි බං.. හාන්ස් කියාගෙන ආපු විදිය මම වෙනස් කරේ නැහැ...

      Delete
    2. කතාව අතිසාර්ථක උනාම එහෙම වෙනව බං. කතාවෙ චරිතෙ තමන්ටම ආරෝපණය වෙනවා.

      Delete
    3. ඔව්. මටත් කියවන කොට (හාන්ස් ගේ කතාව) පුදුම විදියට ඒ හැගීම් ආරෝපණය උනා බං..

      Delete
  5. ඉන්දියාවෙ බුද්ධගයාවෙ පිං පෙට්ටිවල අවුරුදු ගනන් හිරකාරයෝ වෙච්ච අපේ රටේ කාසි කොච්චරනම් අඬනවා ඇත්ද.

    ReplyDelete
    Replies
    1. හපොයි බං ඔය ගැන මං සෑහෙන්න කාලෙකට කලින් නෙව කිව්වේ...

      Delete
    2. උඹ මාත් එක්ක අමනාපෙන්ද බං?

      Delete
    3. ඇයි ඒ..මං මොකටද බං කව්රුවත් එක්ක තේරුමක් නැතිව තරහ වෙන්නේ..

      Delete
    4. නෑ උඹ ඒ පැත්තෙ පේන්ඩ නැති නිසයි ඇහුවෙ බං. නොදැන හරි අත් වැරදීමක්, කට වැරදීමක්වත් උනාදෝ කියල..

      Delete
    5. අයියෝ නැහැ බං මේ සති දෙකටම හරියකට පෝස්ට්කටුවක් කියෙව්වෙ නැහැ. ඔන්න ඊයේ නං ඔක්ක‍ෝම වග‍ේ දාපු ව බැලුවා. ඒ්ත් ආයිත් සතියක් විතර මොකව්ත්ම කරගන්න විදියක් නැහැ බං. තැනිව පර්පෝස්ලි නෑවිත් හිටියා නෙමෙයි..

      Delete
    6. මනෝ මම ඌව යාලු කරලා දෙන්නම් ගල් බෝතලයක් දිපන්.

      Delete
    7. මෙන්න අල්ලස් ඉල්ලනවෝ... දේශකයෝ බේරගනියෝ...

      Delete
    8. උඹ සංජීවට ගල් බාගයක් දීපන්. වැඩේ ගොඩ.. හැක්..

      Delete
  6. බලාපංකෝ කාසියකට ගිය කල. ඒක තමයි මම දැං අවලංගු කාසියක් ගානයි කියලා කියමනක් තියෙන්නේ. පිට රට ගිය කාසියක් ඉතින් අවලංගු කාසියක් තමයි. තමන්ගේ ටෙරිටරියේ ඉන්නකල් තමයි ඔක්කොම සෙල්ලං.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ රටේ ඕන එකක්. අනුන්ගේ රටකට ගියාම.. උඹ දන්නවනේ ඉතිං... ඒක නෙමෙයි බං.. බොලාගේ ෆොරීන් එම්ප්ලෝයිමන්ට් පොලිසි එක වෙනස් උනාද??

      Delete
    2. ඇයි බං ෆොරීන් එම්ප්ලෝයිමන්ට් පොලිසි එක වෙනස් වුනාද කියලා ඇහුවේ? මට ඒක තේරුණේ නෑ.

      Delete
    3. නෑ බං අපේ හාදයෙක් හිිටිය රෙසෝට් එකෙන් ඌව එලවල.. මොකද ඌ සිකුරිටි මැනේජර් කෙනෙක්.. ලෝකල් අයට ඉඩ දෙන්න ඕන කියල සියළුම ෆොරීන් අය සිකුරිටි ෆීල්ඩ් එකෙන් අයින් කරලා.. ඒකයි ඇහුවේ. හැබැයි ඉතිං උඹ කරන ජොබ නං කුඩ්ඩෙකුට ලේසියෙන්ම කරන්න හැකිි.... හැක්.. හැක්..

      Delete
  7. අපිත් කාසි වගේ, අපේ ජීවිතත් කාසි වගේ.

    නියමයි දේශො, ගොඩක් පැතිවලට හරවලා විදලා බලන්න පුළුවන් කතාවක්. පට්ටයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතිියි ප්‍රිියා මොකද දැං වැඩිය පේන්නැත්තේ...

      Delete
  8. ඔය රිදී කාසිය වගේමයි සමහර මිනිස්සුත්.

    ReplyDelete
    Replies
    1. පිස්සුවෙන් වගේ ඇවිදිනවද? අතින් අතට යනවද??

      Delete
  9. නියම කතාව දේශක...එක දිගටම කියවගෙන ගියා..හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ එකක් කියලනම් දැනගෙන හිටියේ නැහැ. එත් වැඩේ නම් සුපිරි..

    ජය වේ..ආයුබෝ..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මම දෙන්නේ ඒ සෛලයෙන් තමා.. පොඩ්ඩක් බලහන් හාන්ස් ක්‍රි්ස්ටියන් ඇන්ඩර්සන් කියන ලේබලේ තියෙන ඒවා...

      Delete
  10. මරු දේශකයො..නියමෙට පරිවර්තනය කරල තියේ..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි.. සංචා...

      Delete
  11. පොඩ්ඩක් ඉඳහන් මම බන්ධුල සෑර්ගෙන් සුපියලේ රිදී කාසියේ වටිනාකම අහලා එනකන්. සුපියල් 10 රිදී කාසියේ වටිනාකම එතකොට හොයා ගන්න පුළුවන්. තව ටික දවසකින් සුපියල් 10000 නෝට්ටුවත් ගහයි. ඒ උනාට පොහොසත් කියන ඇමරිකාවේ ළොකුම නෝට්ටුව 100. කව්ද දියුණු උන්ද අපිද?

    ReplyDelete
    Replies
    1. //කව්ද දියුණු උන්ද අපිද?//

      නිර්මාණශීලිත්වය අතින් නම්.......... කබ්රාල්

      Delete
    2. බන්දුල පනින්න කලින් කිව්වෙ "මේ ආන්ඩුව යන විදියට හෙටානිද්ද දෙහාහෙ කොලත් ගහ්න්න වෙනව ෂුවර්" කියල. පැනල අවයින් පස්සෙ යසට 5000ත් ගැහුව. ආයි රනිය ආවම 10,000 ගහල දායි ඔය කට්ටියම.

      Delete
    3. අපි ඉතිං සිම්බාබ්වේ පරපුරේ අයනේ ආයුබෝන්ඩ...

      Delete
    4. එහෙනම් අපිටත් ඩොලර්ස් වලින් පඩි ගන්න පුළුවන් වේවි නේද බන්ස් ?

      Delete
    5. ආයි අහල යුරෝ වලින් ගෙවන්නද?? හැක්.

      Delete
  12. Replies
    1. //මගේ ඇග මැදින් සිදුරක් ගහල තියෙනව නං තමා. ඒත් ඒක ඒ තරං දෙයක් නෙමෙයි. කිසිම ප්‍රශ්නයක් නැහැ ඇත්තටම අවංක කෙනෙක් කියල දන්නව නං. පොඩ්ඩක් අන්තිම වෙනක් බලන් ඉන්න. හැමදෙයක්ම ටක්කෙටම හරි යාවි. මම ඒක තදින්ම විශ්වාස කරන දෙයක්//

      මේ ටික හිතට හොඳට දැනුණා ...වෙනදා වගේම පරිවර්තනය උපරිමයි.. ස්තුති වේවා! කලින් ඇවිත් කියවන්න වෙලා මදිව ගියා

      Delete
    2. හා.හ්.. ඒකද ඒ කට මුට්ටු වෙලා ගියේ... හොදා හොදා. මටත් රහොනිගේ (??) නිසල විලේ පීනන්න බැරි උනා ක‍ාලෙකින්ම.. එන්නංකෝ මේ ටි එකලාසයක් කරලම.. හොදේ..

      Delete
  13. මිනිසුන්ටත් ඔය කාසියට වගේ විවිධ කාල ලබනවා.
    කාසිය වගේ ලොහොම හරි හොද යනවා කියල එලියට පනින එක තමයි දක්ෂතාව.

    ReplyDelete
    Replies
    1. ඉවසන් ඉන්න එක තමා දක්ෂකම ජීවනයෝ...

      Delete
  14. ඔය දඹදිව, එහෙම කොටි ගානක් වටින, හැබැයි කිසි වැඩකට ගන්න බැරි, ලංකාවේ කොච්චර තියනවද නේ...

    ජ ය වේ වා @!!!! ලස්සනයි කථාව

    ReplyDelete
    Replies
    1. තැන්කුයි විදානේ.. ඇයි බං බොටත් මතක නැද්ද මං කෝ කොයින් කියල ඇහුවා... කලින්..
      http://deshakaya.blogspot.com/2013/09/blog-post_6.html

      Delete
  15. හරි ආසාවෙන් කියෙව්ව කතාවක් :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හංසි.. හුග දවසකින් දැක්කේ..

      Delete
  16. තමන්ට ගැලපෙන්නෙ නැති තැනකට ගියාම හැමෝටම වෙන්නෙ ඔය ටිකම තමයි. පාච්චල් වෙනවා කෙලවරක් නෑ...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ.. හැම එකාගෙම ගෙම්බර් බලන්න එපායැ.. පරි... දැක්කමත් සන්තෝසයි..

      Delete
  17. දෙයක් වටින්නේ තියන තැන අනුව තමා

    ReplyDelete
    Replies
    1. හැමදේකටම ඊට සුදුසු තැනක් ඇත...

      Delete
  18. Replies
    1. හා හා.. කාසිය ගෙනාවැයි..

      Delete
  19. බොලේ කාසිය ගිය දුරක්.. මං ලගත් තියෙනවා පුංචි සුපියල් පහක් අමතක වෙලා ආව.. ඒකටත් මෙහෙම දෙයක් කරන්න බැරිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මොකෝ බැරි... ඩ්‍රිිල් එකක් ගනිං විදල නූලක් දාලා බෙල්ලේ එල්ලගනිං.. හැක්.

      Delete
  20. අඩේ මරු ඈ...
    මාර ගති කතාවක්....
    කාසියක් සාක්කුවක පොකැට් එක්ක ගිය දුරක්...
    හිහික්

    ReplyDelete
    Replies
    1. ගති නං ඇති.. එච්චරයි.. තැන්කුයි මයියා..

      Delete
  21. මේකත් ඔයාගෙ අනිත් පරිවර්තන වගේම සුපිරියි දේශා. මම මේ කතාව කියවලා නැහැ මීට කලින්. ඔයා පරිවර්තනයට තෝර ගන්නෙත් හාන්ස්ගේ මේ විදියෙ වෙනස්ම කතාවල් නෙ. මුල ඉඳන් අග දක්වාම මම කතාව ඇතුලෙ ජීවත් උනේ.

    ReplyDelete
    Replies
    1. කොච්චර සන්තෝසද මේවගේ රන්කිරි කටකින් ටින්කිරි කතා කියන කොට.. තැන්කුයි බක්සියා.. හරිම සන්තෝසයි කතාව රස වින්දට...

      Delete
  22. ලස්සන කතාවක් දේශා හිතන්න දේවල් ගොඩක් තියෙනවා.නියමයි .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ටිකක් හිතන්න නං ඕන තමා.. තැන්කුයි දිලිනි..

      Delete
  23. පරිවර්තන හැකියාව ඉහලයි දේශා එක හුස්මට කියෙව්වා

    ReplyDelete
  24. අපි ඉන්න ඕන අපිට නියම වටිනාකම තියන තැන! හැබෑව

    ReplyDelete
    Replies
    1. ඕ යේස්. කෝ බං පත්තරයා..

      Delete
    2. ලගදිම පත්තරෙ අනුරාධපුර ප්‍රන්තේට බහි ඌට වටිනාමක් තියෙන්නේ අපේ උරැමේ තියෙන්නේ එහේ.

      Delete
    3. ඇයි බං ඌ රාවණාගේ හෙලිකොට්ටරේ වත් උස්සලාද?

      Delete
  25. ඉස්සර ඕන්නැති අවලංගුවෙචි කාසි ගත්ත මිනිස්සුන්ගෙ සිරුරෙ අනවශ්‍ය දෙයක් අයින් කරන්න. මතකද බොට?

    ReplyDelete
    Replies
    1. හ්ම්. හ්ම්.. කතා බතා එපා.. ඉර පායන්න කලින් සද්ද නැතිව කහ ඩිංගක් කාසියේ තවරල අයින් කරගනිං.. මට මතකයි..

      Delete
  26. රැපියල් කොටි ගණනක අපේ කාසි තියනවා ඉන්දියාවේ පිං කැටවල...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මමත් ඒක කිව්වා..

      Delete
  27. දෙයක හරි කෙනෙකුගේ හරි වටිනාකම එන්නේ ඒ ඒ දෙයට හරි පුද්ගලයට හරි ගැලපෙන තැනදී කියලද මන්ද තේරුනේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඕනම කෙනෙකුගේ වටිනාකම තියෙන තැනක් තියෙනවා. ඒ මොහොත එනකං ඉවසන්නයි ඕන..

      Delete
  28. ඒ කියන්නෙ මොන ලබ්බක් උනත් ඉවසපිය කියල නේහ් ? ආ.... ඔව්නෙ අර පරස්තා පිලුරක් තියෙන්නෙ "ඉවසන දනා රුපු යුද්දෙට නැති කඩුව ඉහල ගියත් එකය.. පහල ගියත් එකය" කියල. ඕං දං තමයි ඒක තේරුනේ. හෙහ්..හෙහ්...

    පොට්ට කාසි......

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. එස්පෝටර්ට තේරුන තරම මදෑ.. පොට්ට කාසි කියන්නේ අර එම්බෝස් එක මැකිච්ච ඒවට නෙව. අපි ඒ කාලේ කාසි තලාගන්නවා ටොප් එකට රේල් පීල්ට තියල ගම් ගාලා අලවල.. නිකං තිබ්බොත් සමහර වෙලාවට කාසිය හොයාගන්නවත් බැරි වෙන්වා.. සෙලෝටේප් හිටං ඇලෙව්වා ඕක විසි වෙන එක නවත්තන්න..

      Delete
  29. මෙන්න සල්ලි ගැන සෝක් සින්දු එකක්.පිරභූ දේවගෙයි කමල හසං ගෙයි සෝක් ඩාංස් එකකුත් තියේ... හෙහ්...හෙහ්....

    http://www.youtube.com/watch?v=iMu_QWzjoW4

    ReplyDelete
    Replies
    1. හිටහංකෝ.. වීඩියෝ එක පසුව තමා බලන්න වෙන්නේ... තැන්කුයි

      Delete
  30. උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ? එහෙම නේද.

    බොහොම ස්තුතියි මේ ලස්සන කතාව අපිට පෙන්නුවාට.

    ReplyDelete
    Replies
    1. සෑර් මේං කීතය

      http://www.youtube.com/watch?v=qODTYS5JQaM

      Delete
    2. ඒකනං ඒ විදියයි විචා.. තමන්ව පාච්චල් කරපු රටකින් එළියට බැහැල තමන්ගේ රටට ආවම තමා සනීපේ දැනේන්නේ.. ස්තුතුියි. දැං හිස් ටැංකි හදල ඉවරද/ එන්නත් බැරි උනා හුග දවසකින්...

      Delete
  31. ඔය වටින්නේ නැති කාසී එහෙම තියෙනවනම් එකතු කරලා තියා ගනිල්ලා මම හෙට අනිද්දා ලංකාවට එන්න ඉන්නේ

    ReplyDelete
    Replies
    1. හප්පොච්චියේ ඕං කෙල්ලො ගෙට ගං....

      Delete
    2. අනේ අයියන්ඞි උඔ මට $ 100 කොල 5යි, $500 කොල 10ක් විතරයි අරෙන් වරෙන් මම උඔට රැපියලේ කාසි 10යි, සත 50 කාසි 10යි, සත 25 කාසි 10කුයි දෙනම්.

      Delete
    3. හි...... හි....... හි......

      Delete
    4. සිදුර තියෙන කාසියක් නේද බොට ඕන.. හරි දෙන්නං.. හැක්..

      Delete
  32. Replies
    1. සාදරයෙන් පිළිගනිමි..

      Delete
  33. බොටත් කවද හරි ඕකවෙනව දෙශො.

    ReplyDelete
    Replies
    1. හිස් ටින් එකක්ද?? හැක්...

      Delete
  34. හරිම ලස්සන කථාවක් දේශකයා...කථාව පටන්ගනිද්දිම මම දැනගත්තා මෙය පරිවර්ථනයක් කියලා. මේ වගේ රස කථා අපට ගෙනත් දෙන්නෙ ඉතිං බොලයි හෙන්රි අයියයි තමයි. බොහොම අගය කරනවා බොලාගෙ වෑයම. ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා. තවත් මොකක් හරි ලියන්න ඒක ධෛර්යක් මට..

      Delete
  35. Replies
    1. ස්තුතිියි බොට දම්පහලෝ.

      Delete
  36. //ඉතිං මං ඒ දරුවගේ උණුහුම් පුංචි පපුව උඩ මුලු රෑම නිදාගත්තා.//

    අද දවසට දැකපු සුන්දරම උණුසුම්ම වචන ටික

    :)

    ReplyDelete
    Replies
    1. අපි හරිම සංවේදි අය හරිය... සයිරි.. හැක්..

      Delete
  37. නැතිවුවොත් බැරි වෙන කාසි

    ReplyDelete
    Replies
    1. ඇතිවත් නැති කාසි බං..

      Delete
  38. උඔ නම් දෙයියෙක් නෙමෙයි දේවාල ගෙනාපු නැවක් ...හුරේ අද රෑට පොඞි මෙන්ඞියාට කියලා දෙන්න කතන්දරයක් තියනවා.

    ReplyDelete
    Replies
    1. අපොයි බං පොඩි මෙන්ඩට හොද කතා නං තියෙනවා.. මං වෙලාවක පොඩි දෙක තුනක් හදල දෙන්නං.. මට තැපැල් ලිපිනය කියහං විද්‍යු්ත් එක හොදේ..

      Delete
    2. රායිට් අද දානවා... ටැංකියු

      Delete
    3. උඔ පිලිගන්නවද ඊයේ රෑ මම පොඞ්ඞට කථාව කියලා දුන්නා උදෙත් නැගිටලා කාසිය ගැන ප්‍රශ්න අහනවා.

      Delete
    4. මෙිලක් දැම්මා ලැබුනද?
      පොඞි මෙන්ඞියා කඞෙට ගියාම අහනවලු ඔයා ලග සිදුරක් විදපු කාසියක් තියනවද කියලා?
      ඌ මේ දවස්වල සිදුර විදපු කාසිය හොයනවා.

      Delete
    5. මේල ලැබුනේ නැහැ බං.. මුණුපොතෙන් එවහං එකක්...

      Delete
  39. මේ අයියේ කතාව පට්ට.
    එක නෙමේ මේ බ්ලොග් කියවනවාට,කමෙන්ට් කරනවාට,ලියනවාට කාසි දෙන්නේ නැතිද?

    ReplyDelete
    Replies
    1. වරෙන් බොලෝගර්ස්ලා සෙට් වෙන තැනකට Blog වල කමන්ට් කරන කෙනෙකුට තියන පිලිගැනිම ආදරය බොක්ක කෝටියකට වත් ගන්න බෑ බං. විදුරැව අතට දෙනවා හතර පස් දෙනෙක් විදුරැව පුරවන්න දගලනවා බයිට් පිගන් දික් කරනවා, මල්ලි සිගරට් එකක් බොනවද අහනවා (ඒ නලින් අයියන්ඞි). මේ අරෑ බං අපේ හොද කමන්ටර් කෙනෙක් තමයි කියලා අනිත් අයට අදුන්නලා දෙනවා (ගෙදර ගැනිගෙන්වත් නෑ බං එහම ආදරයක් පිලිගැනිමක්).

      Delete
    2. පොවන්නේ ආදරේටද බං ?ඉක්මනට මරා ගන්නනේ..:D

      Delete
    3. උඹල බීපල්ලා. එළද බ්‍රා... හැක්..

      Delete
  40. කාසි යන දුර.අවසානෙ වෙනකල් වැඩේ අත්අරින්න නරකයි.කතාවනම් සුපිරියි දේශක තුමා

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි මේකේ පනිවිඩය. නරක කාලයන් හොද කාලයක් ලබද්දි නොසැලී ඉන්න ඕන පිළිතුරක් ලැබෙන කල්..

      Delete
  41. ෂා...දේශකයගෙ නියම කතාවක්... (Y)

    ReplyDelete
    Replies
    1. මගේ නෙමෙයි අනේ.. හාන්ස් ගේ..

      Delete
  42. පරිවර්තනය හරිම සාර්ථකයි.. එක හුස්මෙට කියවගෙන ගියා ...

    ReplyDelete
    Replies
    1. මං දන්නවා තුෂානි හැමදාව වගේ ආසාවෙන් කියවන්න ඇති කියලා.. ඒක තමා මට තියෙන සන්තෝසය..

      Delete
  43. මොනවා කියන්නද දේශා...මසුරං..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ.. උම අර තිලකේගේ පොත ගත්කා නං ඒක පීඩීඑෆ් කරල බ්ලොග් එකේ දාහං.. හැක්...

      Delete
  44. මේව සුරංගනා කතා වුනත් ගතයුතු හරයක් තියෙනවා . මේහි ඇති ආදර්ශය සුරගනාකතාවෙන් මිදෙන්නෙ ඒ නිසා

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ දයා වටින්නේ.. පරිකල්පනෙයේ නැවුම් බවක් ගේනවා මේ කතා වලින්.. තැන්කුය..

      Delete
  45. කොච්චර කථා කියෙව්වත් තාමත් වැඩිපුර ආස හිතෙන්නේ සුරංගනා කථා වලටමයි.

    ReplyDelete
    Replies
    1. සුරංගනා කතාවක් රස විදින්න බැරි නං වැඩක් නෑ..

      Delete
  46. හරිම ලස්සනයි. මට මතක් වෙන්නෙ කොහේ හරි ගිහාම අපිත් කාසි එකතු කරනවා ඒවත් මේ වාගෙ හිරවෙලා ඉන්න බව. කොහොමත් සුරංගනා කථාවලට කවදත් ආසයි.

    ReplyDelete
    Replies
    1. හාන්ස්ගේ ලස්සන කතා ගොඩාක් තියෙනවා නේ බින්දි. මේකත් මං කැමති එකක්. තැන්කුයි..

      Delete
  47. හොඳ වෙලාවට ඕක ඩොලර් එකක් නොවී ලංකාවට නාවේ.. එහෙම වුනා නං ඉතිං සොරි ම තමා. :)

    ReplyDelete
    Replies
    1. එහෙනං හිල තිබුනත් වටිනවා. නැද්ද මං අහන්නේ..

      Delete
  48. මරු කතාව දේසෝ. . .මම පොඩු එකාටත් කියෙව්ව ශෝර්ට් වර්සන් එක. එල කිරි නියමයි

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මගියා... කාලෙකින් දැක්කේ..

      Delete