Monday, August 25, 2014

මිහිරි මතකයන් හා “මිහිර“ මතකයන්!! (Memories of 'Mihira' and days when life was so much sweeter)

මෑත කාලයේදී මා බොහෝ බ්ලොග් සටහන් කියෙව්වත්, (සම හරක් නං කියන්නේ මං කියවන්නේ නැතිය කියලයි. හැක්..) ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියැවෙන දේවල් නං කියවන්නේ අඩුවෙන්. ඒ කියවන අතලොස්ස අතරින් උනත්, මට ඉංග්‍රීසි කියවන්න ආසාව වඩවන්නේ එකම එක කෙනෙක්ගේ සටහන් පමණයි. ඒ “ද නේෂන්“ පුවත්පතේ කතෘ මලින්ද සෙනෙවිරත්න මහතාගේ Malinda Words බ්ලොග් අඩවියයි. ඔහුගේ ඉංග්‍රීසි බස හැසිරවීම ඇත්තටම සුපර් පවර් ස්ටියරින් තියෙන ලක්ෂරි සෙඩාන් එකක් එළවනවා වගෙයි. බහුබූත වචන වලින් තොරව ඔහු කරන ආමන්ත්‍රණය ගැන මට දැනෙන විදිය ගැන මම මුණුපොතේ දාපු ස්ටේටස් එකේදී (“මිහිර“ දාන්න කලින්) මෙන්න මේ වගේ දෙයක් මම කිව්වා. “ඒවා කියවන කොට මට දැනේන්නේ සිනිදු වෙල්වට් එකක් උඩ ලස්සන ලෝකයක් බල බල ඇවිදිනවා කියලයි.“

ඔය අතරේ අපි පුංචි කාලේ ඉතා ආසාවෙන් කියවපු, ගෙැනැත් දෙනකං නාහෙන් අඬපු “මිහිර“ පත්තරේ ගැන, එහි රන් ජුබිලි සැමරුම වෙලාවේ මනරම් සටහනක් එක් කර තිබුනා. එය කියැවීමෙන් මගේ ශරීරයේ සමහර ඉන්ද්‍රියන් අඩපණ වෙන්න ගත්තා. ඒ තරම්ම හැගීම් දනවන සුළුයි. මටත් “මිහිර“ ගැන ලියන්න උවමනාව තිබුනත්, මම ඒ ගැන ලියන එක මලින්දගේ වචනත් එක්ක බැලුවම මහ විකාරයක් වගේ පෙනුන නිසා, මම මලින්දගේ සටහන දහ වතාවක්වත් අඩුම ගානේ කියෙව්වා. රස වින්දා. පස්සේ තියෙන අමාරුවටම හොරෙන්ම ඒක සිංහලට අනුවර්තයක් විදියට කරල මලින්දට යැව්වා. හොදයි කියල කිව්වා. ඒක නිසා වෙන්ටැති ඔහු ඒක මලින්ද වර්ඩ්ස් අඩවියේ පල කරල තිබුනේ. පොඩි පොඩි වෙනස් කම් කිහිපයක් සමඟ නැවත එම සටහන මේ සමඟ පළ කරමි.

මලින්දගේ සටහන මුලින්ම ඉදිරිපත් කොට ඇත. මා සාර්ථක නොවුනත් මලින්ද කී දේ මට දැනුන අයුරින් මා සටහන් කොට ඇත. මලින්ද, ඔබට බෙහෙවින්ම ස්තුතියි. සුන්දර ළමා කාලයේ මතකයන් වෙත කාලාවතරණය කිරීමට අවකාශ ලබා දීම පිළිබඳව. 

ලස්සන ඉංගිරිසි ටිකක් කියවන්න ආස නං ඔන්න මලින්දගේ අඩවියට යන්න. 

Memories of 'Mihira' and days when life was so much sweeter

The cover page of the maiden copy of 'Mihiri'
Some years ago someone made a suggestion: ‘write about your first love’.  That’s a hard one.  It’s not because writing about love or lovers is difficult.  It’s the ‘first’ part that’s difficult to figure out.  I concluded around that time that the ‘last love’ is also the first.  But I responded to the request. I wrote about my favorite Montessori teacher. 

But there’s love and love.  People and things.  We use the term love loosely and therefore we are always in love with a multiplicity – people, places, things.  Looking back now if there was one relationship that shaped thinking, feeling, life and living from the early days of exploration, it is themihira paththare

‘Mihira’, literally ‘sweetness’, was a weekly newspaper for children.  Mihira celebrated its 50thanniversary a week ago.  We (i.e. Mihira and I) are roughly of the same age.  There’s a difference though.  I grew up with Mihira but Mihira remained a child.  I lost childhood and child, Mihira didn’t.  It took me decades to understand the wisdom of not growing up and it’s quite a struggle to recover child once that happens, but Mihira didn’t have that problem.  Mihira was allowed to be a child.  Indeed Mihira was not required to ‘grow up’.  No one said ‘It’s time you grew up!’  No one said ‘Grow up and be a man (or woman)’. 

Mihira was not a best friend or rather was never seen as ‘friend’.  However, while ‘best friends’ came and went, Mihira stayed.  Didn’t utter a single word but communicated so much.  Mihiraeducated me, showed me places I’ve never visited, introduced me to people I had never met and most importantly, entertained me in ways that no adult could.

'Mihira' at 50
It all happened in the early 70s.  I would have been 6 or 7.  It is hard to pin down the true ‘age’ of that kind of newspaper.  At times Mihira seemed to be about 5 years old, at times 12 or 13 and sometimes even older.  Mihira came to me during holidays.  ‘Holidays’ back then was synonymous with ‘Kurunegala’ and my maternal grandparents’ house.  

My grandfather bought the ‘Daily News’ and ‘Observer’.  He was old and his eyesight was poor.  He would get one of his grandchildren to read out the headlines.  If anything sounded interesting it would have to be read out in full.  Once he was through, we got the chance to read what we liked.  The only thing that really interested me was sports.  Sure, I was intrigued, I remember about the Arab-Israel conflict and I remember reading about ‘Munich’.  There were other things too, but nothing like sports.  Anyway, this is how mornings went.  Slow.  Not drudgery by any means, but not too exciting either.  Once that was done, it was the outdoors with a break for lunch until nightfall. 

Mondays were different.  I was conscious of Mondays.  Monday was Mihira Day.  I am not sure if my siblings were as conscious, but I remember watching out for the newspaper delivery man on Mondays.  I wanted the first read.  The first Monday of January was special.  Mihira came with a beautifully decorated school time table.  It was all about who remembered.  Some years, I won and in others my brother did. 

But Mihira was more than all that.  It was about the fascinating cartoon story, Boo Baba Saha Thulsi.  Mihira gave us Batakolaachchi. There was also the crossword puzzle.  Then there were the features.  I’ve never seen schools being featured as comprehensively.  I got to read about events and personalities.  Places and place names were dissected in wonderful ways. 

Someone described Mihira thus: apita kiyavana pissuwa purudu karapu paththare (the newspaper that got us started on this insanity that is reading).  Perfect description.  After encountering Mihira, few would not be fascinated about words, phrases and stories.  It was the beginning of a lifelong love affair, one might say. 

My friend Nilooka Dissanayake said that she used to wait for the newspaper man and used to hum to herself something like the following: ‘pera davase mawetha gena mihira hetath gena aa yuthu ve’ (the mihira that came to me on an earlier day must come to me tomorrow as well).  Again, perfect.

Mihira was a friend. A teacher too. A loku aiya. A memory cherished by so many across several generations that I am persuaded to believe that if there is a community of readers in this country, a collective that loves stories, a group that writes, they are ‘one’ because they all lived in a fascinating world made especially for them by a single newspaper.  Mihira.  If success in life is about recovering innocence and if innocence-recovery is about rediscovering childhood, then all we need to do is revisit our individual Mihira-days.  We are lucky.   

M.S.


මිහිරි මතකයන් හා “මිහිර“ මතකයන්!! 

අවුරුදු කීපෙකට කලින් මට කව්රු හරි මෙහෙම යෝජනාවක් ගෙනාවා.  “ලියන්නකෝ ඔයාගේ ප්‍රථම ප්‍රේමය ගැන“. අපොයි ඒක මහ අමාරු වැඩක්. ඒක ආදරය ගැනවත් ආදරවන්තයින් ගැනවත් ලියන්න තියෙන අපහසුවක් නොවෙයි. “ප්‍රථම“ කොටස කොතනින් කියල පටන් ගන්නවද කියන එකයි ප්‍රශ්නය. අවසාන ආදරයත් ප්‍රථම ආදරය ම වෙනවා කියලයි මම හිතාගෙන උන්නේ. ඒත් ඒ යෝජනාව මං පිළිගත්තා. ඒක නිසා මම මගේ මුල්ම මොන්ටිසෝරි ගුරුතුමිය ගැන ලිව්වා.

හැමතැනම ආදරය තිබුනා. මිනිසුන්ට හා යම් යම් දේ කෙරෙහි අපි ආදරය කළා. ඒත්, අපි ආදරය කියන වචනය හරි සැහැල්ලුවෙන් ගත්තේ, ඉතිං අපි එක එක දේවල් වලට, මිනිස්සුන්ට, එක එක තැන් වලට ආදරය කරන්න ගත්තා. කොහොම උනත් මේ සියළු දේ අතරින්, මට එකම එක ආදර සම්බන්ධයක් තිබුනා, මගේ මනස දියුණු කළ, නොයෙක් හැගීම් ගෙනැත් දුන්න හා නොයෙක් දේ පීරා බලන කුඩා කාලයේදි ඒවා සොයා යන්න අවස්ථාව සලසා දීපු. ඒ වෙන කව්රුවත් නෙමෙයි “මිහිර“ පත්තරේ.

“මිහිර“ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති මිහිරක්. එය ළමුන් සදහා වූ සතිපතා පුවත්පතක්. “මිහිර“ තම රන් ජුබිලිය (50 වැනි සංවත්සරය) සැමරුවේ ගිය සතියෙදීයි. අපි (මම සහ “මිහිර“) ඒ කාලේ එකම වයසේ වගේ. එහෙම උනත් පොඩි වෙනසක් තිබුනා. මම ලොකු වෙද්දි මාත් එක්ක “මිහිිර“ හිටියා. ඒත් මං ලොකු වෙද්දිත් “මිහිර“ ළමයෙක් වගේම හිටියා. කාලය ගෙවෙද්දී මට මගේ ළමා කාලය හා ළමයා කියන දේ සම්පුර්ණයෙන්ම වෙනස් වුනත් කිසිම ප්‍රශ්නයක් නැතිව “මිහිර“ යස අගේට එයාගේ ළමා කාලයේම හිිටියා. ළමයෙකුගේ ඌණවර්ධනය මොන වගේද කියල තේරුම් ගන්න මට නම් දශක ගණනක් වැය උනා. ඇත්තටම එහෙම සිදු වීම ලොකු ප්‍රශ්නයක්. ඒත් “මිහිර“ට ඒ ලොකු ප්‍රශ්නය කවදාවත් බලපෑවේ නැහැ. “මිහිර“ ලොකු වෙන්න ඕන, “ලොකු මිනිහෙක් වෙන්න ඕන“ කියල එයාට කිසිම උවමානාවක් තිබුනේ නැහැ. එහෙම නැත්නං “දැන් ඉතිං ටිකක් ලොකු මහත් වෙන්න වත් බලනවා“ එහෙම නැත්නං අඩුගානේ “ටිකක් ලොකු මිනිහෙක් වත් වෙනවකෝ“ කියල කියන්න කාටවත් උවමනාවක් තිබුනේ නෑ. “මිහිර“ තම ළමා කාලය තුල දිගටම රැදී සිටියා.

මට, “මිහිර“ කවදාවත් හොදම යාළුවෙක්, අඩු ගානේ නිකං යාළුවෙක් කියලවත් දැනුනේ නැහැ. ඒත් මට එක එක අඹ යහලුවන් ලැබෙද්දී, වෙන් වෙද්දී මා ගාව “මිහිර“ සිටියා. එකදු වචනක්වත් නොකියා හුගක් දේ කියන්න එයාට පුළුවන් උනා. “මිහිර“ මට ඉගැන්නුවා. මම කවමදාකවත් නොගියපු ලස්සන, සුන්දර තැන් මට පෙන්නුවා. එක එක ජාතියේ මිනිසුන් මට මුණ ගැස්සුවා. වඩාත්ම වැදගත් දේ, කිසිම වැඩිහිටියෙකුට බැරි උන විදියට “මිහිර“ මාව මිහිරට පත් කලා.

මේ හැම දෙයක්ම සිද්ධ උනේ හැත්තෑව දශකයේ මුල් බාගයේදීයි. මට එතකොට වයස අවුරුදු හයක් - හතක් විතර ඇති. මේ වගේ පත්තරේකට හරි වයසක් කියන එක කොච්චර අමාරු දෙයක්ද? සමහර වෙලාවට “මිහිර“ අවුරුදු පහක පොඩි කොල්ලෙක් වගේ. තවත් සමහර වෙලාවට අවුරුදු 12 - 13 කොලු ගැටයෙක් වගේ. සමහර වෙලාවට ඊට ටිකක් වැඩිමල් කොල්ලෙක් වෙන්නත් ඇති. පාසැල් නිවාඩු කාලයේදී තමයි මට “මිහිර“ ලැබුනේ. ඒ දවස් වල මම මගේ නිවාඩු කාලය වැඩිපුරම ගත කලේ කුරුණෑගල තිබුණු අපේ අම්මාගේ මහ ගෙදර තමා.

අපේ සීයා “Daily News" එකයි "Observer" එකයි ගේනවා. සීයාගේ වයස නිසා එයා දුර්වලයි. ඉතිං ඒක නිසා සීයගේ ඇස් පෙනීමත් බොහොම දුර්වලයි. මේ හේතුව නිසා සීයා ගේන පත්තර වල හෙඩ්ලයින් කියවන්න වෙන්නෙත් අපි කව්රු හරි මුණුබුරෙකුට තමා. සීයා ඒ කාට හරි අඩගහගන්නවා. ඔන්න මොකක් හරි හෙඩ්ලයින් එකක් කියවන කොට ඒක සීයාට අල්ලල යන විදියක් දැක්කොත්, අනේ ඉතිං අර මුළු ආටිකල් එකම ඉවර වෙනකං කියවන්න වෙනවා. සීයාගේ රාජකාරි ඉවර වෙලා එහාට මෙහාට වෙච්චි ගමන්ම, අපි ආස කරන දේවල් කියවන්න අපිට චාන්ස් ලැබනවා. මම නං වැඩියෙන්ම කැමති උනේ “ක්‍රීඩා“ අතිරේකයට. ඇත්තටම කිව්වොත් “ක්‍රිඩා“ වලට මම පිස්සු වැටිලයි හිටියේ. ඕවයේ තිබ්බ, ආරබි - ඊශ්‍රායල අර්බුදය, “මියුනිච්“ සිද්ධිය ගැන හෙම මට මතකයි, මම කියෙව්වා. තවත් කොච්චර දේවල් පත්තරේ තිබුනත් “ක්‍රීඩා“ තමා මට ඕනෑ උනේ. ඉතිං කෝම හරි අපේ උදේ කාලය ඔහොමයි අහවර උනේ. හරි හෙමින්.  අපිට උදේ වරුවේ වැඩක් තිබුනෙත් නෑ නැත්තෙමත් නෑ. ඉතිං දවල්ට කෑම කාලා ඉවර උනාම අපි කරන්නේ එකම දෙයයි. හොදටම කළුවර වැටෙනකම් මිදුලේ සෙල්ලං කරනවා.

හැබැයි සඳුදා නං වෙනස් දවසක්. සඳුදා ලබද්දිම මොකක්ද කලබලයක් මගේ හිතට එනවා. මොකද “මිහිර“ පත්තරේ එන්නේ සඳුදට නෙව. මට තරං ගායක් මගේ සහෝදරයට තිබුනද කියල නං මම දන්නෑ. ඒත් සඳුදාට පත්තර මාමා එනකං, මම ඇගිලි ගැන ගැන හිටපු හැටි මට හොදට මතකයි. මට තමයි පත්තරේ ඉස් ඉස්සෙල්ලම අලේ කරන්න ඕන උනේ. ජනවාරි මාසේ පළවෙනි සඳුදා කියන්නේ මම ආසාවෙන්ම බලා ඉන්න දවස. ඇස් කඩල යන පාට තියෙන පින්තූරයක් පාසැල් කාල සටහනක් අපිට එදාට පත්තරෙත් එක්ක ලැබෙනවා. හැමෝටම ඕන උනේ ඒක අයිති කරගන්න. ඒ අයිතිය සමහර අවුරුදු වල මට ලැබුනට, අනිත් අවුරුදු වලදී ඒකේ අයිතිකාරයා උනේ මගේ සහෝදරයයි.

“මිහිර“ සුවිශේෂයි. ඒකේ “බූ බබා සහ තුල්සි“ කියල හරි ලස්සන කාටුන් කතාවක් තිබුනා. ඇයි “බටකොල ආච්චි“. ඒකත් මිහිර පත්තරේ ගියා. තව හරස් පද ප්‍රහේළිකා එහෙමත් තිබුනා. තව එක එක විශේෂාංග තිබුනා. හැබැයි මම කවදාවත් ඔය විශේෂාංග වල, යම් පාසැලක් මහ ඉහලින් වර්ණනා කරපු අවස්ථා නං දැකල නැහැ. ඒ වෙනුවට අපිට එක එක උත්සව, වැදගත් පුද්ගලයන් ගැන ලොකු විස්තර කියවන්න ලැබුනා. අපි ආස කරන විවිධ සුන්දර ස්ථාන සහ ඒවයේ නම් හරි අපුරු විදියට තමා පත්තරෙන් අපිට පෙන්නල දුන්නේ. 

සමහර අයට අනුව “මිහිර“ කියන්නේ “අපිට කියවන පිස්සුව පුරුදු කරපු පත්තරේ“. ඒක හරියටම හරි. “මිහිර“ මුණ ගැහුනම ඒකේ  තියෙන වචන ගැන, වාක්‍ය ගැන, කතන්දර ගැන ටික දෙනෙක් ආසා වෙන්ටැති. ඒත් තව කාට හරි කියන්න පුළුවන් “මිහිර“ තමා ජීවිත කාලයක්ම පවතින ආදර සම්බන්ධයක ඇරඹුම කියලා.

මගේ මිත්‍රයා නිලුක දිසානායක නං කියන්නේ, එයා පත්තර මාමා “මිහිර“ පත්තරේ අතට ගෙනැත් දෙනකම්ම “පෙර දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ“ කියන මන්තරේ මතුර මතුර හිටියා කියලයි. ඒක නං නියමයි.

“මිිහිර“ මට යාළුවෙක්. මට ගුරුවරයෙක්. මට ලොකු අයියා කෙනෙක්. දශක කීපයක් පුරා මගේ මතකය ගලාගෙන යද්දි මට හිතනෙවා, මං විශ්වාස කරනවා රට පුරාම කියවන්නෝ බිහිවෙන්න, කතන්දර වලට ආදරය කරන අය බිහි වෙන්න, එහෙම නැත්නං කතන්දර ලියන්න, පරම්පරා ගානක්ම ශක්තිය, ධෛර්යය ඒ අයට දුන්නේ එකම එක අයෙක් කියලයි. ඒ තමා “මිහිර“ පත්තරේ. ජීවිතය සාර්ථක වෙන්න ළමා කාලය වැදගත් නං එහෙම නැත්නං ආයෙත් ළමා කාලය මොන වගේද කියල බලන්න ඕන නං අපිට කරන්න තියෙන එකම එක දෙයයි. ඒ අපේ මිහිරිම “මිහිර“ දවස් මතකයට නගා ගැනීමයි. ඒ අතින් අපි හරිම වාසනාවන්නයි.

මලින්ද සෙනෙවිරත්ත

125 comments:

  1. මේක කියවද්දී මට මතක් වෙන්නේ මගේ අන්ද පල්ලේ පෙට්ටියක තියෙන විජය පත්තර ගොඩ, ඉඳලා හිටලා නිව්මෝනියාවක් එහෙම හදා ගන්න ඕන උනාම එකක් දෙකක් අරන් කියවනවා, එකෙන් ලබා ගත්ත දැනුමත් එක්ක මම මටත් හොරාම වැදිලා ලොකු එකෙක් වෙද්දී නිකන්ම විජයව මගෙන් ඈතට තලු උනාට ඒ පරණ පත්තර ගොඩට අදටත් මන් ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. අඩෝ මම එක වෙලාද? එළනේ :D

      Delete
    2. යෙන්නා අප්පා අන්ද පල්ලේ

      Delete
    3. යෙකනේ යෙප්පා, ටයිප් කොරනවා මෙලෝ රෙහක් නෙයි නේ :D

      Delete
    4. කොච්චර හොදද බං..

      Delete
  2. පස්සෙ කියවන්නම්. අනිවා.. මට තියන ප්‍රශ්ණෙ මේකයි. එස්.ඒ දිසානායකට වයස කීයක් විතර ඇත්ද ? එතකොට විජය පත්තරේ පියල් උදය සමරවීරට ? ඔය මිනිස්සු ළඟ වයසට නොයන්න බොන මොකක් නමුත් පෙත්තක් තියෙන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. මාවල් කොමික්ස් වල ස්ටැන් ලී ට දැන් අවු 92 යි

      Delete
    2. ස්තූතියි ප්‍රා.. මේ දැන් දැනගන්න ලැබුන විදිහට එස්. ඒ. ට 82යිලු දැන්..

      Delete
    3. ඔයාලට මතක ඇතිනේ. එස්.ඒ. මගේ චිත්‍ර සර්.

      Delete
    4. @Pra Jay: මාවල් කොමික්ස් ස්ටෑන් ලී මේ ලඟදි The Big Bang Theory ටෙලි සීරීස් එකට ඇවිත් හිටියා. ෂෙල්ඩන් පිස්සු වැටිලා හිටියේ. පොර එකක නෙවෙයි එපිසෝඩ් දෙකක විතර හිටියා.

      Delete
    5. පියල් එස් ඒ ට වඩා පරම්පරාවක් බාලයි. මට හිතෙන විදියට නම් දැන් 50-60ක් වගේ වෙනවා ඇති, මොකද 80-85 කාලෙ පොර හොඳටම තරුණ නිසා. විජය පත්තරේ දයා රාජපක්ෂ වික්‍රම වගේ අයට මාමා කියද්දි පියල් ට කිව්වෙ අය්යා කියල. ඒ කාලෙ හීන්දෑරි කොන්ඩෙ බොකුටු පොරක්.

      Delete
    6. සුදීක, මම ඒක දැනන් හිටියේ නෑ එහෙම නැත්නම් මට දැන් මතක නෑ. සුදීකලා හරි වාසනාවන්තයිනෙ එහෙනම්...

      ඇනෝ, මම පියල් උදය සමරවීරව දැකලා නොතිබුනාට මටත් එහෙම හිතිලා තිබුනා.. මම හිතන්නෙ ඒ ඉඟිය ආවෙ නමෙන්..

      Delete
    7. මං ගාව පරණ පත්තර වගයක් තිබුණ...
      ඒවයින් තමා මාත් විජය ගන්න ඕන කියල හිතුවෙ...
      ගත්ත ගමසන් ඉස්සරෝම බලන්නෙ මල් මාම කාටුන් එක...
      හිහි..
      අදත් මල් මාමවම පට්ට ගහනව නෙව

      Delete
    8. පියල් උදය සමරවීරගේ "මල් මාම"මටත් හොඳට මතකයි.
      අර නහයේ මල් ඇටයක් හිර වෙලා මලක් පිපුණු කතාව.ඒ චිත්‍ර මැවිලා පේනවා වගේ.

      Delete
    9. මකාගෙ යලක් නේ බං.. බිම බුදියං පත්‍තරේ උඩ නැගගෙන කියෙව්වෙ ඇටය කාලෙ :D

      Delete
    10. සුන්දරයි සුන්දරයි.. සුදීකගේ පෝස්කටුව මම බැලුවා..

      Delete
  3. මම මිහිර පත්තරේ ගත්තෙ නැති උනත් අපේ කඩේට එන පරණ පත්තර මිටි වලින් කියවල අර කියල තියෙන චිත්‍ර කතා දෙකේ නම් හොඳට මතකයි. ඇත්තටම මිහිර සහ විජය කියන්නෙ ඒ කාලෙ ඉඳල තිබ්බ හොඳම පත්තර හැටියට තමයි මම දකින්නෙ.

    ReplyDelete
    Replies
    1. අද පලවෙන ළදරු සීන් එක්ක බැලුවම මිහිර විජය දෙකේම මාර ගැඹුරු කන්ටෙන්ට් තිබුනා. එහෙම වුනත් විජය පත්තරේ මිහිර පත්තරේ දෙකෙත් ලොකු වෙනසක් තිබුනා. මළ සිරුරු පිරික්සුම, වන්නියේ සත්‍ය කතා වගෙ අද කාලෙ ජාතික පත්තරේකවත් යන්නෙ නැති තරම් බර ලිපි ගියා ඒ කාලෙ මිහිරෙ. (මම කියන්නෙ 80ට කලින්, මම කියවන්න පුරුදු වුනේ ගෙදර මිටි ගහලා තිබුනු පරන මිහිර පත්තර වලින්)

      Delete
    2. බලපං කෝ ඉතිං.. අන්තර්ජාල මේ ජාල අර ජාල නැති ඒ කාලේ අපට තිබුන එකම ජංජාලේ ඔය පත්තරේ නේ බං..

      Delete
  4. මිහිර මට හොදට මතකයි. ඒත් මිහිරට වඩා මට සමීප වුණේ විජය පත්තරේ.කොහොම වුණත් මේ පරණ මතකයන් ඇවිස්සිම නම් ආනන්දජනකයි .මට මතකයි මේ ළගකදි නාලක ගුණවර්ධන රාවයට ලියලා තිබුණා මිහිර පත්තරේ ගැන ලිපියක්. බූ බබා බටකොළ ආච්චි වගේ කතා හොඳට මතකයි. ඒවා විජේසෝමගේද-අර සුප්‍රකට කාටූන් ශිල්පියා?

    ReplyDelete
    Replies
    1. එස්. ඒ දිසානායක ගෙ රතු..

      Delete
    2. http://static.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_0204.jpg

      Delete
    3. ඉස්සර අපි සර්ට වැඩ කරනවා පුංචිතාව ඇඳලා පෙන්වන්න කියලා. කිසිම දවසක අඳින්නේ නෑ. රාජකාරි වෙලාවේ ඒවා කලේම නෑ.

      Delete
    4. වැඩ නෙවෙයි වද

      Delete
    5. හරි සෙන්නා බොට උත්තරේ දුන්නා නේද??

      Delete
  5. මිහිරි මතක ගොඩක් එක්ක ආයෙම පුන්චි කාලෙට ගියා.දැන් උනත් මිහිර අතට ලැබුනොත් නොකියවා ඉන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මට “මිහිර“ කියන අකුරු තුන හදවතේ ගැඹුරටම කොටල තියේන්නේ..

      Delete
  6. අයියෝ කලින් දාපු වෙලේ උණු උණුවෙම කියෙව්වා. දැනුයි දැක්කෙ ඒ ලිපිය යටින් "පරිවර්තනය : දේශකයා" කියල තියෙනවා ! වයසට යනකොට බස්සොන්ගෙ ඇස් පෙනීම හොරයි නෙව.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඕවා මොනාද මෙයා..

      Delete
  7. බොහොම ස්තූතියි දේශා මග පෙන්වීමට. මමත් අද ඉඳලා ඒ පැත්තේ යනවා.

    ReplyDelete
    Replies
    1. මට සන්තෝස අන්න ඒකටයි සුදීක..

      Delete
  8. හපොයි හරියට ප්‍රේමවන්තයෙක් ගැන කියනවා වගේ. හරිම මිහිරියි දේශකයෝ...:D

    ReplyDelete
    Replies
    1. කොච්චර මිහිරට මලින්ද ඒක ලියල තියේද නේද??

      Delete
  9. මිහිර පත්තරේ ඒකාලේ ඉදන් තිබ්බ වැදගත් පුවත්පතක්.. අතීතයේනං වරද්දන් නැතුව අරගත්තා.. ඒ වගේම සිනිඳු පරිවර්ථනයක්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විදානේ..

      Delete
  10. මිහිරි මතකයන් මතකයේ රැඳෙ .....හපොයි මිහිර නොකියවපු දෑස් මක්කටෙයි ....

    දේශකයෝ මෙන්න මේ සුවදත් ඒ වගේ නේද ? හැක් හැක් ...

    වෙරළු මල් පිපිලා........
    වෙරළු මල් පිපිලා
    රේණු වසිනවා වරුසාාවයි
    මැද මිදුල උඩින් අඩිය තියා
    යන්නට ලෝබයි
    මල් සිඹින්න ආසයි
    මල් සිඹින්න ආසයි
    මල් සිඹින්න ආසයි....

    මහ නිලමෙ ගියේ
    තිරික්කළෙන් රාජකාරි නම්
    හීන් නිලමෙටවත් මේ හීතල
    නැතිවද තේරුම්
    සඳ වතුර මලින් සිරි සිරි ගා
    පොද වැටෙන තරම්
    පොද වැටෙන තරම්
    පොද වැටෙන තරම්.....

    එක සීනු නාද සිරි යහනේ
    කොයින්ද මායිම්
    ගම්මැද්දේ මට රැජින වගේ
    යන්නට පුළුවන්
    මං එහෙම තමයි මගෙ නිලමෙලාට
    ආඩම්බර නම්
    ආඩම්බර නම්
    ආඩම්බර නම්......

    පද - රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය - අසේල බණ්ඩාර
    ගායනය - කුමාරි මුණසිංහ

    ReplyDelete
    Replies
    1. වෙරළු මල් සහ දේශකය අතර සෑහෙන අතිජාත සම්බන්ධයක් තියෙනව.

      Delete
    2. මං හිතුවා උඹ මේ දැනගෙනම දාපු සිංදුවක් කියලා.. හැක්..

      Delete
  11. පොඩි මෙන්ඩියාටත් මිහිර කියවන්න පුරැදු කරන්න ඔිනේ. (තවම ඌ කියවන්නේ බිලිදු, චුටි බබා ඒකත් අපි කියලා දෙන්න ඔිනේ)

    ReplyDelete
    Replies
    1. කමක් නෑ. මිහිරත් අරන් දීහං..

      Delete
  12. හරි සතු‍ටු හිතුනා මේ පෝස්ට් එක කියවලා. මිහිර පත්තරේ තාම තියෙනවා කියලා දැනගත්ත එකත් ලොකු දෙයක්. අපේ පොඩි කාලයත් ගෙවුනේ පඬිතුමා, යෝධයා, බූ, බබා, තුල්සී, බටකොල ආච්චි හෙම එක්කනේ.

    අනිත් චිත්‍ර ශිල්පියා හරිප්‍රිය එයාගේ අත්සන ගහන විදියට අපිත් බොරු අත්සන් ගහනවා.

    ReplyDelete
    Replies
    1. පඬිතුමාගෙයි යෝධයාගෙයි කතාවෙ සීගිරිය ගැන අලුත්ම නිර්මාණයක් කරලතිබුන හැටි මතකද ඩූඩ්..!

      Delete
    2. මට ඒක මතක නෑ වීයා. නමුත් මට මතකයි බූටයි බබාටයි තුල්සිටයි අර දිය යටයි ගොඩබිමයි අහසෙයි හැමතැනම යන්න හැකි යාත්‍රාව තියෙන කාලේ, ලංකාවට දකුණෙන් මුහුද ගොඩ කරලා ලංකාවේ හැඩේටම යෝධ මහාද්වීපයක් හදන කතාවක්. දැනට තියෙන ලංකාව එතකොට හරියටම යාපනේ තියෙන ආකාරයට මුදුනේ ඉතුරු වෙනවා.

      මොකක්ද සීගිරි සීන් එක? උඹ කිව්වොත් සමහර විට මතක් වෙයි.

      Delete
    3. මට නිවැරදිව ගලපලා මතක් වෙන්නෑ ඩූඩ්...! ඒත් සීගිරි(ඒවගේම ගලක්)ගලේ චිත්‍ර ඇඳල...පහල පෙනෙන පැත්තෙ වැටක් ගහල තියෙන ඒ දිගේ පඬි තුමා චිත්‍ර ගැන වර්ණනා කරමින් යනහැටි..යෝදයා ඒවට හූමිටි තියමින් යනහැටි.සීගිරි චිත්‍ර ගලේ ඇඳල තිබුන හැටි..!

      Delete
    4. තැන්කුයි ඩුඩ්.

      Delete
  13. මම මේ කමෙන්ට් එක මලින්දගේ බ්ලොග් පෝස්ට් එකේ දාන්න ගියා. මොන. ඒක ලේසි නෑ. දහසක් වැටකඩොලු. Word Verification නම් කමක් නෑ කියමු. ඒ බොක්ස් එක හිස්. පස්සෙ බැරිම තැන ඒ කමෙන්ට් එක මෙතන දානවා.

    Well, I use Firefox and here I am. (This is because Bassi has said about a loading problem and Malinda suggest Google Chrome)

    Well, I read this in Deshakaya's blog first. And he is the one who gave directions.
    A very nostalgic post about Mihira, Malinda. Really enjoyed it.

    BTW, why is this awkward format of commenting? Hope there is no word verification here when I hit the publish button.

    Oops, there is. Malinda please remove it. It's very annoying and scares the people away.

    ReplyDelete
    Replies
    1. ෂහ්.. අපරාදේ බොට ඒක දාන්න තිබුනේ බං..

      Delete
  14. Replies
    1. දැක්කා දැක්කා ස්තුතියි..

      Delete
  15. මං මිහිර කියවන්න ගත්තේ තුනේ පන්තියේ දී යි. කලින් කමෙන්ටුවේ මා ලින්ක් කළ නාලක ගුණවර්වර්ධන ගේ ලිපියේ කියවෙන ආකාරයටම මාත් ඉස්සෙල්ලාම ලියපු කවිය මිහිර පත්තරේට යැව්වා ගෙදරටත් හොරෙන්.

    මෙන්න ඒ ගැන කතන්දරේ.
    http://kathandara.blogspot.com.au/2009/11/blog-post_08.html

    මිහිරෙන් තමයි මං පොත්, පත්තර කියවන්න පටන් ගත්තේ, එතැනින් සිළුමිණට පැන්නා. එතැනින් ගුණදාස ලියනගේ ගේ මුළු හදින් මම ඇයට පෙම් කොට නවකතාව කියෙව්වා.

    මිහිරෙන් මිහිරට පත්වුණා!
    http://kathandara.blogspot.com/2013/07/four-eyed-monster.html


    ReplyDelete
    Replies
    1. ඉතා මිහිරියි කකා..

      Delete
  16. /* It was about the fascinating cartoon story, Boo Baba Saha Thulsi. Mihira gave us Batakolaachchi. */

    /* ඒකේ “බූ බබා සහ තුල්සි“ කියල හරි ලස්සන කාටුන් කතාවක් තිබුනා. ඇයි “බටකොල ආච්චි“. ඒකත් මිහිර පත්තරේ ගියා. */
    =============================

    ඒ චිත්‍ර කතාවේ නම "බබා" කියලයි මට මතක. ඒකේ පොඩි අලිපැටියෙක් හිටියා. ඒ අලිපැටියා කතා කළේ බූ කියන වචනය විතරයි. එනිසා බබා අලි පැටියාට කීවේ බූ කියලයි. ඉතිං කතාව බූ බබා කියලයි අප අතර හැඳින්වුනේ.

    ඊට පස්සෙයි ඕකට තුලසි කියන පොඩි ගෑල්ළමයා ආවේ.

    බටකොළ ආච්චී කියන්නේ වෙනම චිත්‍රකතාවක් නොවෙයි. එයා බූ-බබා කතාවේ හිටිය නපුරු මන්තරකාරී ගේ චරිතයයි.

    ReplyDelete
    Replies
    1. කකාගෙ කතාව හරියට හරි.ඔක්කොම බූ බබා කියල කිව්වට ඒ දෙන්නෙක්, බූ කිව්වෙ අලි පැටියට බබා ළමයා.

      Delete
    2. කකා ඒ කතාවේ නම ඔන්න බබෝ.

      කොහොමද බටකොල ආච්චිගේ නිකට?

      Delete
    3. 'පඬිතුමා'ත් කාලයක් නවයුගයේ ඉඳලා මිහිරට ආවා වගේ මතකයි.

      Delete
    4. මට මතක බටකොළ ආච්චි වෙන කතාවක් වගේ නේ කකා.. ස්තුතියි දැනුවත් කිරීමට.. මෙතැනදි මමත් වැඩිය නොහිත කියල තියෙන විත්තිය මට දැන් පේනවා.. මලින්දටත් ඒකම වෙලා නේද?? (නැතිනං මං වැරදියට තේරුම් අරන්ද?)

      Delete
  17. මිහිර මාත් පොඩි කාලෙදි ආසාවෙන් කියවපු පත්තර දෙකෙන් එකක්!! මිහිර නොකියවපු කෙනෙක් හිඳීවිද කියන එක සැකයි!

    ReplyDelete
    Replies
    1. අනේ බං උඹ දැං වැඩිය පේන්න නැත්තෙ ඇයි?

      Delete
  18. අපි නම් "විජය " දරුවෝ..

    ඉඳල හිටලා තමයි මිහිර කියෙව්වේ...

    මොනවා වුනත් පත්තර දෙකටම නම් තාමත් මම ආසයි බොලවූ...

    ReplyDelete
    Replies
    1. ඒක කොච්චර දෙයක්ද බං..

      Delete
  19. මිහිරට වඩා මම කියෙව්වේ විජය .... කොහොමත් ළමා පත්තෙයක් නමින් තිබ්බ එකම ප්‍රකාශන ආයතනය විජය .... ඒ නිසා මම වැඩිය කැමති විජයට

    ReplyDelete
    Replies
    1. විජය කියල දැම්මේ “විජය“ පත්තරේ නිසාමද බං..

      Delete
  20. මිහිර විජය කියන පත්තර දෙක එ කාලෙ මාර ආසාවෙන් කියෙවුවෙ.එකෙනුත් මිහිර ටිකක් ඇඩ්වන්ස්.එකෙ තිබුන පුන්චිත්තා එහෙම සැහෙන දැනුමක් දුන්න

    ReplyDelete
    Replies
    1. ඔව්.. මිහිරේ ඇඩ්වාන්ස් ගතියක් තිබුනා තමා...

      Delete
  21. Ei, Malhamimamage Kathamandapaya,Kamalakagen Ahanna,kiyana wisheshanga?(Ranjan)

    ReplyDelete
    Replies
    1. හ්ම්.. මලින්දට ඒවා අමතක වෙලා නේ රන්ජන්.. ස්තුතියි..

      Delete
  22. මාත් විජය පත්තරේ තමා පොඩි කාලෙ කියෙවුවෙ. මිහිර නම් එච්චර නැහැ. ඔය ඉස්කෝලෙ පුස්තකාලෙදි තමා අපිට පුංචි පන්තිවලදි මිස් අරන් එනව පන්තියට ඒක.

    දැන් අවුරුදු ගානකින් විජය පත්තරේ එහෙම දැක්කෙ නැහැ. ආසයි

    ReplyDelete
    Replies
    1. මට නං කඩේ ගියාම ඔය පත්තර පේනවා. ඒත් මං දැං ලොකු ලමයෙක් නිසා ඒ පොඩි ළමයා ගැන සැලකිල්ලක් නෑ..

      Delete
  23. මිහිර පත්තරේ පටන් ගන්න කාලේ මම හිටියේ 6 - 7 වගේ පන්තිවල කියලයි මතකය. මිහිරෙන් ලැබූ මිහිර අදටත් මිහිරි මතකයක්.

    ReplyDelete
    Replies
    1. වසස කියන්නද එහෙනං.. හැක්..

      සන්තෝසයි විචා..

      Delete
  24. 1983 මම ගත්ත පත්තරයක මුල් පිටුව තිබුනා පොත්ගොඩක් අස්සෙ මම තියාගත්තු. රුපියල1.00යි පත්තරේ. මමත් මිහිර පිස්සෙක්.අදටත් මම අපේ අම්මට බනිනවා මම එකතු කරපු පත්තර ටික මම කොලඹ ඉන්න කාලෙ විනාසකරල දැම්මට.

    ReplyDelete
    Replies
    1. මතකද බං ඒවයේ තිබුන ඔය රෝමේ හරේ මෙහේ තැන් ගැන තියෙන පාට පිටුව.. මම නං කට ඇරන් ඒවා බැලුවේ බං

      Delete
  25. ඇත්තම්යි දේශා.. ඔබ කිව්ව හරියටම හරි. ඔහුගේ ඉංග්‍රීසි බස කියවීම ඔබේ උපමාවට කදිමෙටම ගැලපෙනවා. ඒ වගේම මගේ සොඳුරු පත්තර ලෝකෙට ඔබ මාව අරන් ගියා. මං මිහිර පත්තරේට වැඩි සමීපබවක් දැක්වුවේ නෑ. ඒ උනත් සමතා, හපනා, ජගතා, උගතා තම්යි මගේ මුල් කාලීන පත්තර මිතුරො උනේ. ඒ පිළිවෙලින් 4,5,6 හා 7 ශ්‍රේණි වලදි. ඊළඟට විජය පත්තරේ. ඊටත් පස්සෙ විදුසර. සතිපතා පත්තරේ ගන්නෙක, ඒක මුල ඊන්දන් අගට කියවන එක මටනම් තාම නතරකරගන්න බෑ. විදුසරෙන් පස්සෙ මේ වන තුරුම තරුණයා පුවත් පත. ඒක වෙනම සංස්කෘතියක්. කලාවක්. පත්තරේ කියවලා ලබාගන්න ඒ තෘප්තිය, සයිබර් ලෝකෙන් මටනම් කවදාවත් ලබාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ.. බොරු විච්චුරණ නැති ඇගට වදින ඉංගිරිසි ඒවා..

      Delete
  26. සුරතලා, පුංචි, හපනා, විජය... මේ පත්තරවල සුවඳ තවමත් දැනෙන තරං..

    ReplyDelete
    Replies
    1. ඒ පත්තරවල තිබුණු කවි, කතන්දර තාමත් මට මතකයි..

      "තාක්ක තකදොං තේක්ක නැන්දගෙ ඉහේ මලක් පිපිලා.. කොහේද රටකින් තේක්ක නැන්දට පටකුඩයක් ලැබිලා.."

      "තරු නැන්දේ තරු නැන්දේ හඳ මාමා කොයි
      චූටි දුවේ හඳ මාමා ගමනක් ගිය තෙයි"

      Delete
    2. මටත් මතක් උනා...

      Delete
  27. I enjoyed this paper by reading in mid 70's.used to fill the cross word puzzle & sent it by post.post card was 10 cents. once I was chosen as a winner. with a prize of Rs.10/-,which is not received yet.this happened somewhere in 1975.
    Deva-.greetings from Doha.

    ReplyDelete
  28. මිහිර විජය පත්තර දෙකම මම කියෙවුවා.. හෆ්ෆේ ඒ කාලේ..

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ නේද බං..

      Delete
  29. මිහිරයි විජයයි අනිවා ගත්ත කාලයක් තිබ්බ...
    ඒත් වයසින් වැඩෙන කොට ඉහළ පංති වලට යනකොට ඒව ගන්න එක ඉබේම අතෑරිල ගියා...
    ඒ වෙනුවට තරුණයා වගෙල් පත්තර තමා එළියට ආවෙ...
    හිහි

    ReplyDelete
    Replies
    1. දැං කාලේත් එහෙම නේ බං.. වෙනසක් නෑ.

      Delete
  30. පරිවර්ථනයත් පළමු ළිපියටත් වඩා ඉදිරියෙන් තියෙනවා. කොහොමත් දේශා කියන්නේ සිංහළ බ්ලොග් කලාවට ආළෝකයක්. උඹේ කෙටි කතා ජාතික තලයටත් එහා තියෙන්නේ.

    මිහිර පත්තරේ එක්ක මට තරහක් තිබුනත්, "තරුණයා" ට ඇබ්බැහි වෙනකන් "මිහිර" අපේ ජීවිතවලට මිහිරක්ම ගෙන ආවා. අනෙක නවයුගය. ආච්චි නිසා "බුදුසරණ" ත් කියෙව්වා.

    අද පොඩි උන්ට ඒවා නෑ නේ. උන් ටැලිවිසොන් එකේ "ගිණි අවි සහ ගිණෛකෙළි" බලනවා..

    ReplyDelete
    Replies
    1. සිරාවටම... අපේ නංගිලා මල්ලිලාට වත් ඒ වාසනාව නෑ.. උන්ට පත්තර, පොත් කියන්න ඇලජික්.

      Delete
    2. //""කොහොමත් දේශා කියන්නේ සිංහළ බ්ලොග් කලාවට ආළෝකයක්. උඹේ කෙටි කතා ජාතික තලයටත් එහා තියෙන්නේ.""// සහතික ඇත්ත

      Delete
    3. එකෙන්ම බොසා.. සමහර වෙලාවට ලොකූ කතාවක් කියනවා බොහොම කෙටියෙන් රූපක භාවිතයෙන්. මට දේශගෙ අල්ලම යන්නෙ ආං ඒක !! ඕ යේස්

      Delete
    4. දැන් උන්ට අකුරු දෙකක් කියවන්න කිව්වත් ඒක කියවන්නේ පැයක් විතර ටැලිවිසොන් එක බලල..

      Delete
  31. මිහිර සහ විජය දෙකම මගෙත් පොඩි කාලේ තිබුණා. "මකාගේ යලක්" තමයි මට හොඳටම මතක කතාව. හැබැ‍යි නහයේ මලට අන්තිමට මොකද උණේ කියලා මතක නෑ.

    තාත්තා ගේන මුතුහර, මනහර, ක්‍රීඩා පත්තර නිසා මම වැඩි කලක් මිහිර, විජය කියෙව්වේ නැති බව මතකයි.

    ReplyDelete
    Replies
    1. නහයේ මලට මුකුත් වුනේ නෑ මට මතක් විදිහටත් ,තාම ඒ මල තියෙනවද කොහෙද ?

      Delete
    2. තාම ඒ මල එසේමය.

      Delete
    3. මකාගේ යලක් නං මැරෙන කං අමතක වෙන්නෑ බං..

      Delete
  32. හැඟීම් බරයි.. අයෙත් ඒ පත්තර ගොඩ අදාල ගන්න ඕනෑ.. තාම ඒවා පෙට්ටියක ගොඩ ගහලා.. අපේ අම්ම වුනත් අනිත් පත්තර වෙන ප්‍රයෝජන වලට ගත්තට වික්කට.. කවදාවත් ඒ මිහිර පත්තර ටිකට අත තිබ්බේ නෑ..

    ReplyDelete
    Replies
    1. තවම තියෙන එකම කොච්චර ලොකු දෙයක්ද??

      Delete
  33. මාරම මිහිරි මතකයක්...
    ඇයි අනිත් එක විජය..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් විජයත් ඒ වගේමයි..

      Delete
  34. මම පටන් ගත්තේ කියවීම පුංචි,බින්දු දෙකෙන්.පස්සේ "විජය"හැම අඟහරුවාදා දවසකම ගත්තා මතකයි.කිලෝ ගාණක් බරට ඒ පත්තර ගෙදර ගොඩ ගහලා තිබ්බා."මුතුහර"ත් ඒ වගේම තමයි.ඊට පස්සේ කාලෙක ලංකාදීප වගේ පත්තර වලට ඒ තැන ලැබුනා.
    මිහිර ගැන නම් ඒවැනි මතකයක් නැහැ.මිහිර කොහේදී දැක්කොත් කියව්වා මිසක් සල්ලි දීලා අරගෙන කියවපු බවක් මතක නැහැ.

    ReplyDelete
    Replies
    1. මිහිරෙන් මිහිරක් ගත් අය බෝමයි මනෝ..

      Delete
  35. දේශක, ඔබ අපූරුවට එය පරිවර්ථනය කර තිබෙනවා. මට මතකයි කෑම ගැනවත් නොතකා විජය පත්තරේ කතන්දර ටිකයි, නිර්මාණ පිටුවයි, ප්‍රෙහේලිකාවයි පුරවපු හැටි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මටත් මතකයි මම ඔය ප්‍ර හේලිකාව අරන් රට වටේ දුවපු හැටි නොද්න්න ඒවා අහගන්න..

      Delete
  36. මිහිර ගැන මටත් තියෙන්නේ මිහිරි මතක් , ඒ වගේමයි විජය ... දැන් නම් කියවන්නේ චූටි බබා :P

    ReplyDelete
    Replies
    1. අපිත් දැං කියවන්නේ චුටි බබා ඇතුලේ දාපු ලොකු බබාව...

      Delete
  37. දේශකගේ පරිවර්තනය බොහොම අපූරුයි. මමත් නොදන්න යෙදුම් ඉගෙන ගත්තා.
    මගේ පුංචිකාලේ මට තනියට හිටියෙ "හුරතලා" ඊට පස්සෙ තමයි "මිහිර". මිහිරට පස්සෙ විජය. ඒ එක්කම විදුසර.

    ReplyDelete
    Replies
    1. මොකක් හරි ඉගෙන ගත්තා නං හරිම සන්තෝසයි තෙවා.. කාලෙකින් දැක්කේ..

      Delete
    2. ඔව් දේශක, මේ මාසෙම සෑහෙන්න වැඩ අධිකයි. අනික අපේ අක්කලත් නිවාඩුවට ලංකාවට ගිහින් නිසා මං තනියම උයා පිහා ගන්නත් එපැයි.

      Delete
    3. yela yela'' එහෙනං අහල පහල සත්තු මේ දවස් වල බොට බැන බැන ඇති..

      Delete
  38. පරිවර්තනය අනර්ඝයි.

    මං ආසම තැන,

    මම ලොකු වෙද්දි මාත් එක්ක “මිහිිර“ හිටියා. ඒත් මං ලොකු වෙද්දිත් “මිහිර“ ළමයෙක් වගේම හිටියා. කාලය ගෙවෙද්දී මට මගේ ළමා කාලය හා ළමයා කියන දේ සම්පුර්ණයෙන්ම වෙනස් වුනත් කිසිම ප්‍රශ්නයක් නැතිව “මිහිර“ යස අගේට එයාගේ ළමා කාලයේම හිිටියා.

    ReplyDelete
    Replies
    1. ඒ ටික තව ලස්සනට ලියන්න තිබුනා කියල මට හිතෙනවා බං.. උඹට අහුවේචිච් ටික තමා මගේ හදවත නතර කරපු තැන.. ඒතැනයි මේ පරිවර්තනයේ ආරම්භය.. ස්තුතියි..

      Delete
  39. මට මතක්වෙන්නේ විජය පත්තරේ මල්ලමාමා කතාව තාමත් ඒක තියෙනවලු
    ඕක එකතැනක ඉඳන් කියවන්න ක්‍රමයක් කාවුරුහරි හදනවානම් හොඳයි

    ReplyDelete
    Replies
    1. ඒක පොඩ්ඩක් හොයන්න ඕන.. මල් මාමා කතාව තාම යන විත්තිය නං මාත් දැනගෙන හිටියේ.. ස්තුතියි සහ සාදරයෙන් පිළිගන්නවා ජගත්ව.

      Delete
  40. පොස්ට් එක කියෙව්වහම එකතු කරලා තියාගෙන ඉන්න මිහිර පත්තර ටික අපහු බලන්න ඕනේ කියලා හිතුනා.. මිහිර විජය පත්තර ඒ කාලේ අපිට කොයිතරම් නම් සමීප වෙලා හිටියද ..

    ReplyDelete
    Replies
    1. කොයිතරංද කියන්නේ අපට වෙන කව්රුවත් සමිප වෙන්න හිටියෙත් නෑනේ තුෂානි..

      Delete
  41. මිහිරි මතකයක් ඇවිස්සුනා ලස්සන ලියවිල්ලක් සහ පරිවර්තනයක් . බොහොම ස්තුතියි දෙන්නටම

    ReplyDelete
    Replies
    1. ලියවිල්ල තමා ලස්සන තිලකේ..

      Delete
  42. ලේන් පැට්ටා කියලා චිත්‍ර කතාවක් ගියා. ලේනෙක් කෙල්ලෙක්ට ගෙනත් දීපු පෑනකින් අදින (සංඥක දියන්න ඈෑෑ) චිත්‍ර සේරම පියවි රෑප බවට පත්වෙනවා. අනේ ඒ කාලේ එහෙම පෑනක් ඉල්ලලා අම්මලට දුන්නු වදයක්.
    මතකය අවදි කරවලා තියෙනවා තිතට. ඔහුගේ භාෂාව ඔබේ භාෂාවට හැරවීම අපූරැයි.
    ස්වස්ථි සිද්ධම්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වී.. සඤඤක ගැසීමට දකුණු ඇල්ටර් කී එක සමඟ අදාළ අකුරු ඔබන්න

      Delete
    2. අම්මාප බොලේ... DL, FM Font වලනම් අපි Alt එක්ක කෝඩ් ගහනවනෙ. ඒක මේකට හරිගියෙ නැති හිංද අමුවෙන්ම කෙටුවෙ. අනේක වාරයක් පිං... හොඳේඳේඳේ
      ඟඳඬ... ඈෑෑ... බබබබ

      Delete
    3. ඕක මොකක්ද මෙයා.. හැක්..

      Delete
  43. කාට හරි මතකද එස් ඒ දිසානයකම මිහිර පත්තරේට ඇඳපු "ඕලු" කියන චිත්‍රකතාව?

    මේකේ තිබුණේ ඇඟිල්ලෙන් අතගාලා ලෙඩ සුව කරන්න හැකි ගුප්ත බලයක් තිබුණු කුඩා ගෑණු ළමයෙකු ගේ කතාවක්.

    ReplyDelete
    Replies
    1. මටත් මතක නෑ කකා. මේ ළගදි ඕලු කියල ටෙලියක් නං ගියා. එයා සනීප කරන්නේ කොල්ලෝ.. හැක්..

      Delete
    2. බෙහෙවින්ම ස්තුතියි කකා. ඔබගේ උනන්දුවට.. මම හරි ආසාවෙන් ඒක කියෙව්වා.. සමහර අමතක දේ මතක් උනා..

      Delete
  44. කාලෙකිං මේ පැත්තෙ ආවේ.විජය පත්තරෙයි මිහිර පත්තරෙයි කියන්නෙ දැනුම ගබඩා.පස්සෙ පස්සෙ විජය බැලිල්ල මග ඇරුනා.ඒත් මිහිර පත්තරේ බැලුවා ඒලෙවල් වගේ වෙනකං.මතක් වෙනකොටත් අමුතුම හැගීමකින් හිත පිරිලා යනවා.හරියට නිකං දන්න අදුනන කෙනෙක් දුර ඈත ගියා වගේ

    ReplyDelete