Wednesday, April 24, 2019

ආ.ලේ. ගේ. හි. කා.!

තවුසෙල මොන මඟුල් බලනවද මන්දා? පහුගිය දවස් වල ශ්‍රී ලංකාවේ පත්තර වල ගියපු විස්තර බලල නැද්ද? නැත්නං බලාගන්නවා මේවා රියල් නිව්ස්.

සිර්රී ලකඩාදීප

ස්වාධින රාජයයක් වන ශ්‍රී ලංකා දේශ සීමාවට ආසන්නයේ පිහිටා ඇති තවත් ස්වාධීන රාජ්‍යයක් වන සැංග්‍රී-ලා රාජ්‍යයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වේ. මේ ප්‍රහාරය නිසා ර්‍ශ්‍රී ලංකා දේශසීමාව හරහා සැංග්‍රිලා රටට ඇතුලු වූ විදේශිකයන් ඇතුලු විශාල පිරිසක් මිය ගිය බව පැවසේ. තවද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කරමින් ශ්‍රි ලංකා රජය විසින් සැංග්‍රී-ලා රාජයයට අනුග්‍රහය දක්වමින් එම රාජ්‍යෙය් පිපිරිම් වලින් තුවාල ලැබු තුවාලකරුවන් තමා දේශසීමාව තුල පිහිටි ප්‍රධාන රෝහල් වලට ඇතුලත් කර ගැනීමටද කටයුතු කලේය. ශ්‍රි ලංකා රාජ්‍යෙය් ආරක්ෂක ලේකම් විසින් සඳහන් කර සිටියේ අසල්වැසි රාජයයන් හි සෛරීත්වයට අත පෙවිය නොහැකි වුවත් සැංග්‍රි-ලා වැනි සෛරී රාජ්‍ය තම ආරක්ෂාව තමන්ම සලසා ගත යුතු බවයි. එමෙන්ම සිරි ලංකාවේ ආරක්ෂක ඇමතිවරයා පවසා සිටියේ අසල්වැසි ස්වාධින රාජයයන් හි ත්‍රස්ත ක්‍රියා ශ්‍රී ලංකාවට තර්ජයනයක් නොවන බවයි.


රාජපක්ෂාභිවර්ධනා අතිරේඛය

ශ්‍රී ලංකාවට ආසන්න සහ ශ්‍රී ලංකා දේශසිමාට මායිම්ව පවතින ස්වාධින රාජ්‍ය කිහිපයක සිදු වූ ත්‍රස්වාදී බෝම්බ පිපිරීම් හේතුවෙන් පුද්ගලයන් 360 ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ. අසල්වැසි රාජ්‍යයන් අනතුරට හා ආපදාවවට ලක්ව ඇති මේ අවස්ථාවේදී සාමාකාමී රාජයයක් ලෙස ශ්‍රී ලංකාව එම සියලු රාජයයන් හට ආරක්ෂාව, තුවාලකරු වන් සඳහා ප්‍රතිකාර සහ විදේශගත වන්නන් සඳහා තම ගුවන්තොටු පල භාවිතා කිරිමට අවසර දී ඇති බවත් ආරක්ෂක ලේකම් වරයා සඳහන් කරයි. ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වී ඇති ස්වාධින රාජයයන් පිළිබඳ ලැයිස්තුවක් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර ඇත.

1. සැංග්‍රි- ලා සමාජවාදී ජනරජය
2. කිංස්බරි එක්සත් රාජධානීය
3. කොච්චිකඩේ වතිකානු රාජ්‍යය
4. කටුවපිටිය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය
5. මඩකලපුව පලස්තීන රාජ්‍යය
6. සිනමන් ග්‍රෑන්ඩ් සමූහාණ්ඩුව