Friday, November 30, 2012

ඒකපාර්ශ්වික ප්‍රේමය??????

Unilateral Love

ටික දවසක් ගියා. 

ඒත් මට හිතෙන්නේ මේ දවස්  ටිකම මහ කම්මැලි විදියට ගෙවිල ගියපු බවක්. කිසිම දේකට ලොකු උනන්දුවක්වත් වැඩිම උනොත් ආසාවක් වත් නැතිව සීතල හොරෙක් වගේ හිටිය ඇතිය කියල මටම හිතුනේ ඊයේ දේශකයාගේ ඒකපාර්ශ්වික ප්‍රේමයේ උරුමකරුවෙක් හදිසියේම වගේ දකින්න ලැබුන හින්දා. 



එයත් මගේම වයසේ.. අපි ගියේ එකම ටියුෂන් වලට. ඒ වගේම අපේ ගෙවල් වලට බොහොම කිට්ටුවෙන් තමා එයත් හිටියේ. සිරාවටම කිව්වොත් ඉතිං ඒ වෙනකොටත් මුළු සමාජයේම එයා ගැන තිබුනේ “එළ කෑල්ලක්“ කියන තත්වෙ තමා. 

කොටින්ම කිව්වොත් ඉතිං හැම කොල්ලගෙම බල්ලගෙම ඇහැ දුවන්නේ ඒකි දිහාවට තමා. ඒකිගේ දගකාර වැඩ වලට, කිංකිණි නාදේ දෙන පැතිරෙන හිනාවට කොල්ලෝ සලිත වෙනවා. 

අනිවාර්යයෙන් බයිසිකල් කටු වල නැගපු කොල්ලෝ දුසිං ගානක් ඒකි ඉස්කෝලේ ඇරිල ගෙදර යනකොට එහෙන් මෙහෙන් සෙල්ලං දමමින් පොඩි හරි තල්ලුවක් හම්බ වේවි කියල හිතල පැදකුණු කරනවා.

මට නං ඒක කරන්න අවශ්‍යතාවයක් තිබුනේ නෑ.. එහෙම කිව්වොත් වැරදියි. මේ තරං කොල්ලෝ පස්සෙන් පන්නන තරමට මට ඒකිගේ පස්සෙන් යන්න කම්මැලි කමක් තිබුනේ. ඒත් දෙයියනේ කියල හැන්දාවට ඒ පැත්තේ මගේ බයිසිකල් කටුව අරගෙන පැදකුණු කරන්න මං පුරුදු උනේ ඔය එක කොල්ලෙක්වත් නොහිතන වෙලාවක තමා, ඒකිගේ අම්මා ගෙයි ඉස්සරහට වෙලා, මල් වැටුන රතු පාට චීත්ත ගව්ම් විතරක් ගෙදරට අදින මේකි ගේ ඔළුව බිමට එබෙන සයිස් එකටම පාත් කරල උකුණෝ බලන්නේ. ඔය වෙලාවට දෙතුන් පාරක් ඒකිගේ ගේ ඉස්සරහින් ගියත් ඒකි මාව නොදකින හින්දා හිතේ සතුටෙන් ඇස් දෙකට ඕන දෙයක් කරගන්න කියල මාත් යනවා. 


පස්සේ පස්සේ කොල්ලො කොච්චර වැඩ දැම්මත් මේකි නෙමෙයි කවදාවත් කොල්ලෝ මායිං කරන්නේ... ආ... මට කියන්න අමතක උනා. එයාගේ නම ජයන්තිමාලා.. නම වගේම තමා බෙල්ල ගාවට විතරක් දිග තියෙන බොකුටු කොණ්ඩෙයි කන්දෙකේ දාපු සුට්ටක් විතර එල්ලෙන කරාබු දෙකයි ඇරෙන්න අනෙක් හැම දෙයක්ම දිනපතා වෙනස් වෙනවා. ටිකක් විතර කෙට්ටු උනාට මුනේ තියෙන අමුතුම සිරියාව නං මේ වෙනකං වෙන කිසිම ගෑනියෙක් ගෙන් දැකල නෑ. ඒ වගේම ඒකිගෙ කොමල කතාවයි, ටිං ටිං හිනාවයි මට හැමදාම මැවිල පේනවා. හවසට ගෙදර ගිහිල්ල ඇදට වෙලා පපුව අත ගගා ඒකි ගැන හිත හිතා හිටියට කවදාවත් මට ඕන උනේ නෑ ඒකිට ආදරෙයි කියල කියන්න. හම්බ වෙන හැම තැනකදීම ඒකි දිහා හොරෙන් බලලා ඒකි සතුටු වෙන කතා වෙන විදිය දිහා බලල මමත් නිරාමිස සුවයක් වින්ද ඒකපාර්ශ්වික පෙම්වතෙක් විදියට. තව එකක් කියන්න ඕන ඉස්සර අපි ඔය ලව් කිය එකට අර රතු පාට හාට් එක නෙව බාවිතා කොරේ. මේකි ගැන මගේ උනන්දුව කොච්චරද කියනවනං මගේ සාක්කුවේ ඒකිගේ නම ලියාපු පොඩි කොල කෑල්ලක් නිතරම තිබුනා. ඒ වගේම මං ඒක දිහා බලාගෙන හිටියේ හරියට කෙල්ල මගේ අල්ල උඩ ඉන්න ගානට.

I ©Jayanthimala


ඔය විදියට මේකිට ආදරේ කලාට ඒ දවස් වල මගේ සිහින කුමරිය සබීතා තමයි. ඒ කාලේ දැං වගේ නෙමෙයි නේ. ඔය සනත් අයියා එක්ක ඩිංගක් විතර රවුම් ගහන කාලේ, අපි ඒවා නොදන්නවත් එක්ක නෙව. ඒකි හරිම කෙට්ටුයි. මං ගාව තිබුන 1990 විතර ඩේ කාඩ් එකක්. රැලි වැටිච්චි මල් ගවුමක් ඇදල ගවුම අත් දෙකෙන් අල්ලගෙන අර රැලි දිග ඇරල තියෙන විදියට ඉන්නේ. සුදට සුදේ හිනාව දාලා කොණ්ඩ කරල් දෙක ගැට ගහලා ඒ කරල් දෙක පපුව උඩින් දාගෙන ඉන්න වගේ පින්තුරයක් තමා තිබුනේ. මේ පින්තුරෙට මං කොයි තරං ආදරේද කිව්වොත් වෙන සබීතගේ එක පින්තූරෙකටවත් මට කිසිම ආසාවක් තිබුනේ නෑ. එහෙමයි කියල ඒකිගේ එක පින්තූරයක් වත් බලන්න ඕන උනේ නෑ. ඔය සනත් අයියා එක්ක කොමල පාන විත්තිය ඉතිං පිචෑර් හෝල් එක ඉස්සරහින් යන කොට ලොකුවට පෙනුනට ඒකේන් මගේ හිතේ පොඩි කහටක් වත් ඉතුරු කරන්න පුළුවන් උනේ නෑ. ඔය පින්තූරේ වගේ ගැටිස්සියකට ඉන්නේ සබීතම විතරෙයි කියල හිතාපු මං මුළු හිතින්ම ආදරේ කරා. එතකොට සබීතත් මගේ ඒකපාර්ශ්වික ප්‍රේමයේ උරුමකරුවෙක්. 

හැබැයි හදිස්සියෙන්ම වගේ දවසක් අර පින්තූරේ හිටිය වගේම කොණ්ඩ කරල් දෙක ගැට ගහල මල් ගවුමක් ඇදගෙන පාරේ ගියපු කෙල්ලෙක් දැකල වහ වැටුනු මං ටියුෂන් අතෑරලා ඒකි ගැන හිත හිත විතරක් ඉන්නේ නැතිව, සබ්බ ලෝකේම පයිත්තියං කොරල ඒකිගේ උප්පැන්නේ ඉදල, උදේ නැගිට්ට වෙලාවේ ඉදල කොරන කියන දේවල් සහසුද්දෙන්ම දැන කියාගෙන උදේ 6.00 ඉදලා හැන්දා වෙනකං ම ඒ ඒ නියමිත වෙලාවන් වලට මේකි මුලිච්චි වෙන්ට යනවා. ඒකි ඉස්කෝලේ යන්නේ කෝච්චියේ හින්ද හරි වෙලාවටම රේල් ගේට්ටුව ගාවදි මගේ බයිසිකල් කටුවෙන් ගිහිල්ල ගුඩ් මෝනිං කියන තත්වෙට ඇවිල්ල, පස්සේ හෙමින් හෙමින් කෝච්චියේ ගිහිල්ල, අම්මා අමාරුවෙන් මාව දාපු ටියුෂන් පන්ති වලිනුත් අයින් වෙලා ඒකි යන පන්ති ගානෙත් ගිහිල්ල කොහොම කොහොම හරි ලියුං කියුං දෙන්න වෙන ගානටම ලව ඔළුවටම බැස්සට පස්සේ ලියුම දෙන්න ගිහිං වෙච්චි කෙංගෙඩිය මගේ ඩිවෝස් බයිස් පෝස්ට්කටුවෙත් දැම්ම. හැබැයි ඉතිං මොනව උනත් ඒකි තමා මගේ ප්‍රථම ආදරවන්තිය උනේ. ඒත් වැඩි කාලයක් තිබුනේ නෑ.. 

හර්මන් මං තෝව මරන්න හිටියේ අහුඋනානං .. මගේ කෙල්ලට සීනි බෝල දීල රවට්ටල, යාළුවා වෙච්චි මාවත් ආයේ පරණ තත්වෙටම ඇදල දැම්මට. 

හැක්.. හැක්.. මම දන්නේ නෑ. අනිත් අය ගැන. ඒත් සහසුද්දෙන්ම කියන්න පුළුවන්. මම නං හිතෙනුත් ලව් කරපු එකෙක් විත්තිය.. හැක් හැක්...

Wednesday, November 21, 2012

පිරිමි කියන්නේ දුර්වල ජාතියක්!!!

ලෝක ජනගහනයෙන් වැඩිම පිරිසක් පිරිමින් නොවුවාට ලෝක ජනගහනයෙන් වැඩිම පිරිසක් ඉන්නේ බියගුල්ලන්ය. අපේ හිහි නංගිගේ දෙවැනි පෝස්ට්කටුවේ තිබුන පිරිමි කියන්නේ හරිම හිත දුර්වල ජාතියක්...." කියලා.

මේ කතාව එයා ඇත්තටම ජීවිතේදි අත්දැකපු දෙයින්  කියු නිසා ඇත්තක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි උනත් ඔබ දන්නවද ඒක සම්පූර්ණ  ඇත්තක් කියලා.

පිරිමියා කියන්නේ අවංකව ගැහැණියට වඩා බියගුළු, ඒ වගේම දුර්වල මනසින් යුක්ත පුද්ගලයෙක්. ඒ වගේම ලිංගික සංසර්ගයේදි උනත් පිරිමියා කියන්නේ දුර්වලයෙක්. 

ඇයි එහෙම කියන්නේ... මේ ගැන ඇත්තටම මා පිරිමියෙක් ලෙස ගැහැණියක් දෙස බලන විදියත්, ගැහැණියක් පිරිමියෙක් දෙස බලන විදියත් වෙනත් කෝණ දෙකක්. එහෙත් එයින් ඇත්තටම යථාවබෝධය කියන දේ ලැබෙන්නේ නෑ වගේම පිරිමියා හෝ ගැහැණිය ගැන නියම අර්ථකතනය ලැබෙන්නෙත් නෑ. 

අපි සාමාන්‍යයෙන් දන්නවනේ පිරිමියා කියන්නේ හැඩි දැඩි ගති ලක්ෂණ වලින් හෙබි අයෙක් කියලා. ඒත් පිරිමියාගේ මේ හැඩි දැඩි බව එක් තැනෙක කේන්ද්‍රගතව පවතින්නේ. ඒක බිද දාන්න ඕනම ගැහැණියෙකුට සැනෙකින් පුළුවන්. එහෙම බැලුවම ගැහැණියට වඩා ඉක්මනින් පිරිමියා වැටෙනවා. ඒ කියන්නේ එයා බොහොම දුර්වල කෙනෙක් තමා.

අනික් කාරණය, ඔය මාතලං පවා සුරතාත්තය ගැන කතා කළාට ඒ ගැන සාපේක්ෂ අදහසක් විතරයි එන්නේ. 

පිරිමියාගේ සුරතාන්තය මොකක්ද? පිරිමියාගේ ලිංගික ආසාවේ අවසානය කොතැනද?

අවාසනාවට අපිට ඒ ගැන ගොඩක් දුර හිතන්න වෙන්නේ නෑ. පිරිමියාගේ දැඩි බව වගේම සුරතාත්නයත් එක් ස්ථානයකට කොටු වෙලා තියෙන්නේ. එයාගේ ලිංගය තුල පමණයි. අදාළ කාර්යය අවසන් වූ වහාම පිරිමියාගේ ලිංගික ආසාව අවසන් වෙනවා. ඊට පස්සේ ආයෙත් ලිංගික උද්දීපනයක් ඇතිවෙන්න නම් පිරිමියාට තමාගේ ලිංගය ප්‍රාණවත් කර ගන්න සිදුවෙනවා. පැහැදිලියි නේ.. පිරිමියාට තියෙන්නේ එක් සුරතාන්තයක් පමණයි. 

ගැහැණියට???

ඔව් ගැහැණියට පිරිමියාට වගේ නෙමෙයි සුරතාන්ත කිහිපයක්ම තියෙනවා. ලිංගිකත්වය කියන දේ ගැහැණියකගේ මුළු ශරිරය පුරාම දුවනවා. ගැහැණියට චුම්බනයේ සිට, ස්පර්ශය, බදා ගැනීම හා ලිංගික සංසර්ගය දක්වා වෙන වෙනම සුරතාත්න ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

නමුත් ඇත්තටම පිරිමියා ගැහැණියගේ සුරතාන්ත ඒ විදියටම ලබා දෙනවාද? නැහැ. 

පිරිමියා හරිම  හදිස්සියි ඒ වගේම මුරන්ඩුයි. ඔහුට තමාගේ සුරතාන්තය ලබා ගන්න කං ඉවසිල්ලක් නෑ. නමුත් ඔහු සෙමෙන් අදාළ අවසන් කාර්යය කරා එළබෙනවා නම් ගැහැණියට උනත් අවම වශයෙන් සුරතාන්ත දෙකක් ලබා ගන්න පුළුවන්. ඒත් මේ එක් සුරතාන්නයකට හිරවී ඉන්න පිරිමියාට ඒක නිසි පරිදි ගැහැණියට ලබා දෙන්න බෑ. ඔහු සුරතාන්තය ලබා ගෙන අවසන් වූ වහාම අනිත් පැත්තට හැරිල නිදාගන්නවා. වැඩේ අවසන් වුනත් තාමත් (ඒ කියන්නේ කිසිදාක) සුරතාන්නය ලබා නොගත් ගැහැණිය ඇදේ මුල්ලට වෙලා හූල්ලනවා. එයාට අවශ්‍ය දේ ලැබුනේ නැති නිසා. පිරිමියා ඉන් සතුටු වෙනවා ඇයි එයා තමාගේ සතුට ලබා ගෙන අවසන් නිසා. එතනින් එහාට පිරිමියාට ගැහැණීය ගැන හිතන්න අවශ්‍ය නෑ. පිරිමියා තමාගේ සුරතාන්තය ප්‍රමාද වී ලබා ගන්නා තරමට ගැහැණියට ලිංගික සංසර්ගයේ රසය විදිමේ හැකියාව ලැබෙනවා.

දැං තේරුනනේ.. මම පිරිමියෙක් උනත් මමත් ගැහැණියට වඩා දුර්වල අයෙක්...

මේ ලියපු දේවල් වලින් තුනෙන් දෙකක්ම පොතක තිබුන දේවල්. අනිත් තුනෙන් එක විතරයි මට අයිති. ඒත් මට ඕන උනේ මේ ගැන පොඩි හරි දැනුමක් ඔබට ලබා දෙන්න. මේ සියළු කාරණා ඇතුලත් වන්නේ අප Osho ලෙස කෙටියෙන් හදුන්වන Bhagwan Shree Rajneesh ගේ "The Book of Woman" පොතෙන්. අවංකව කියනවනං පොත බලල මට මීට වැඩිය ලස්සනට ලියන්න තිබුනා. ඒත් මම ධාරණය කරගත් ටිකක් පමණයි පෙල ගස්වල තියෙන්නේ..


උඩ පින්තූරේ ඉන්නේ ඕෂෝ


Monday, November 12, 2012

කෑම, බීම හා සදාකාලික නිදහස

ලෝකේම ඉන්න ධනවතුන්ගේ ධනය සමව බෙදන්ට හැකිද?? එහෙම බෙදුවත් වැඩක් වෙනවද? මම අර කිව්ව  ජෝ වයිටාලේ මහත්තයා වරක් එයාගේ දේශනයකදී කියල තිබුන  “හරි.. හැමෝටම ලෝකේ සල්ලි ටික සමසමව බෙදල දීල ටික දවසක් ගිහිල්ල බලන්න මොකද වෙන්නේ කියල, එතකොටත් අර ධනවතුන් ගාවටම ඒ සල්ලි ටික ආයෙ ගිහිල්ල ඇති“ කියල. ඒත් දෙයියනේ මේ ලෝකය පුරාම ඉන්න අසරණයන් ගැන හිතන්නේ කවුද? 


අද හිරුත් පිංතූර කතාව, ලියන්නත් ඒකම කරා. මමත් දානව පිංතූරයක්. හොදට බලන්න. අදහස් කියන්න. මම මේ ගැන වෛවාරණ කතා කියන එකත් අපරාධයක්!



තව එකක් කියන්න ඕන මේ පින්තූරෙ මට දුන්නේ මිත්තරයෙක් .. එහෙමත් නෑ බොසා.

Saturday, November 10, 2012

ප්‍රේමය (ආදරය(සෙනෙහස))



පවනට සැලී විසිරෙන

රොන් සුනු මල් පෙති අතර
සෙනෙහසක් සොයන්නෙම්ද කෙළෙසින්....


සවනට නැගී සැගවෙන

සුමට තනුවක් අතර
ආදර ගීය මුමුනම්ද කෙළෙසින්....


දියඹට නැගී ඉල්පෙන

සුදු පෙන කැටියක් අතර
ප්‍රේමය සගවන්නෙම්ද කෙළෙසින්....


සුවදට වැට බදින

පීදෙන කුසුමන් අතර
ආදරය රදවන්නෙම්ද කෙළෙසින්....

Wednesday, November 7, 2012

ඔබාමා දිනුං


ජය වේවා!

අපේ බරක් හුසේන් ඔබාමා මහතා ඇමරිකානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගෙන ඇත.

ඒ අනුව ඡන්දය දුන් සැමට ස්තුතිය පිරිනමන අතර වැඩි පුර බදු පනවනු ලැබේ.

මීට අමතරව ඡන්දය නොදුන් තක්කඩියන්ට නියම පාඩමක් උගන්නනු ලැබේ. (මිටි රොමෙනි ට කඩේ ගිය මාරයාද, ජොන්සන්ට ඡන්දය දුන් සපිරෝ නෝනාටද වෙන වෙනම සලකනු ලැබේ)

අපි දැන් දිනුම්. මින් ඉදිරියට ඔබාමාගේ වැඩ පටන්ගන්නවා ඇත. පළමුවද මව්බිමය. දෙවනුවද ඒ මගුලමය. තෙවනුවද ඕකමය.

අපි දැන් රට ගොඩ නගමු. ඔබ සැමට සුභ අනාගතයක්!!!!

Tuesday, November 6, 2012

ලෝ පෑන්ගේ වීර ක්‍රියා


දුරකතනය නාද වෙනවා. රාමනායක මහත්තයා බලාපොරොත්තුවෙන් ඉදපු ඇමතුමක් ආපු විදියට උනන්දුවෙන් ඒකට උත්තර දෙනවා.

“හලෝ...“

“මිස්ටර් රාමනායක.. අපි දැං ගොඩක් කිට්ටුව ඉන්නේ. කෙහොමද ගෙදරට එන විදිය කියන්න පුළුවන්ද?“

“ආ.. මම හිතුවේ මහත්තයෙක් එනවා කියල. ඇයි මට කිව්වේ එහෙම නේ.. නෑ කමක් නෑ. ඕගොල්ල ගාලු පාර ගාව ටවුන් එක පහුඋනාම හම්බවෙන පළවෙනි පාළම පහුකරල එන්න. මං එතන ඉන්නං“

“එහෙනං අපි තව විනාඩි 10 ක් යනකොට එතනට එනවා. හරිනේ“

රාමනායක මහත්තයා කියන්නේ ඉතාමත් වැදගත් නිවිච්ච පවුලක එකම දරුවා. ඒත් අවාසනාවට තාත්තා ඒගොල්ල දාලා ගිහිල්ල. නෑ. මිය ගිහිල්ලා දැනට වසර ගාණකට කලින්. අම්මා ටත් හුගක් වයසයි. රාමනායක ලංකාවේ කොම්පැනි කිහිපයකම වැඩ කරල පළපුරුද්ද තියෙන, විදුලි කාර්මික ශිල්පය සෑහෙන්ට ඉහලින් දන්න ඒ වගේම වැඩ කරපු තැන් වල නමක් දිනා ගත්ත පුද්ගලයෙක්. ඒ වගේම සමාජීය දැනුම, විප්ලවීය අදහස් නැවුම් අදහස් වලින් පිරිච්චි ඉතා නිහතමානි අනුන්ට උදව් කරන පුද්ගලයෙක්. මෑතකදි ඒ කියන්නේ වසර තුනක් විතර ලංකාවේ නෙමෙයි මාල දිවයිනේ පිහිටි පුමුඛ හෝටලයට වැඩ කරල තමා ඔය ලංකාවට ඇවිල්ල ඉන්නේ. ආයෙත් යන්න බලාගෙන නෙමෙයි. ඒත් එයාට කරන්න වැඩ හුගක් තියෙනවා කියලයි කියන්නේ.

ඉතිං මේකත් එයාට කරන්න තියෙන ලොකු වැඩක් වෙන්ට ඇති.


රාමනායක මහත්තතයා මෝටර් සයිකලයෙන් ඉදිරියෙන් එනවා. එයාගේ පිටිපස්සෙන් හෙවනැල්ල වගේ තමා අළුත්ම ටොයොටා පාං වෑන් එක එන්නේ. (පාං වෑන් කිව්වට පාං ගේනවා නෙමෙයි අර කේඩීඑච් 200 මොඩල් එකේ නිව් ෆේස් වෑන්)

පාං වෑන් එකේ රියදුරු මහත්තයා ඉන්නවා. ඒ වගේම තවත් මහත්තයෙක් ඉස්සරහ ආසනේ ඉන්නවා.ඒත් ඒ දෙන්නට කලින් පිටුපස දොර ඇරගෙන දුඹුරු පාට හැන්ඩ්බෑග් එකක් උරේ ගස්සල උඩටම දාගන්න ගමන් අඩියක විතර දිග පළල තියෙන පෙට්ටියක් අතට ගත්ත නෝනා කෙනෙක් බිමට බැස්සා. නෝනා කිව්වට ටිකක් කෙලි වයස තියෙන, වැඩිය ගෙවිලා නැති කෙලින්ම කිව්වොත් ඉතිං පොෂ් කෑල්ලක්. ඇදල ඉන්න නිල් පාට ඩෙනිම් කලිසමට රතු සුදු මිශ්‍ර වෙච්චි මොනවද අකුරු වගයක් ගහල තියෙන ටීෂර්ට් එක හෙන ගතියක් ගේනවා. රාමනායකට නෙමෙයි මට නං පොඩි ආකර්ශනයක් ඇති උනා.

“ගුඩ් මෝර්නිං මිස්. අනේ සොරි ඇත්තටම මං හිතාගෙන හිටියේ මහත්තුරු දෙන්නෙක් එනවා කියලනේ“

“ආ.. ඒකට කමක් නෑ.. අද මේක සර් භාරදුන්නේ මට කරන්න කියලා.. තනියම එන්න ටිකක් බය හින්දා හස්බන්ඩ්වත් දාගෙන ආවේ.“ (හත් ඉලව්වයි. සර්ගේ ඩ්‍රැයිවර්ට බයේද? වාහනේ එන්න බයටද? රාමනායකට බයටද කියල මට හිතාගන්න බැරි උනා වගේම ඔළුවත් ටිකක් පැද්දිල වගේ ගිහිං තමයි හස්බන්ඩ් දිහා බැලුවේ. එතකොට... එතකොට එයාගේ සර් එක්ක වත් තනියම යන්නේ නැතිව ඇති මේ දැරිවි. හොදා හොදා. අනේ අම්මප මෙහෙම දෙයක්)

“එන්න මිස් ගෙට.. මිස් මොනවත් බීල ඉන්නවද බඩගිනිත් ඇතිනේ“

“අනේ එපා. නැන්ක්යූ. අපි මගදි උදේට කෑම කෑවා. එහෙනං අපි වැඩේ පටන් ගනිමුද?“

“කමක් නෑ එහෙනං.“

“මිස්ටර් රාමනායක.. මට ඔයාගේ අවසරය ඕන වෙනවා මේ ගෙදර මට අවශ්‍ය ඕනම තැනක යන්න.“

“ආ.. ඒක ප්‍රශ්නයක් නෑ“

“තැන්ක්ස්.. “

එහෙම කිව්ව බයෙං ආපු මිසී ගෙදර දිහා ඇස් කරකවල බලල, අර අතේ තියාගෙන ආපු පෙට්ටිය අරිනවා. ඒකේ තිබිල මොකද්ද තැටියක් වගේ එකක් අතට ගත්තා. මොනව හරි මට හිතේන්නේ මැෂින් එකක් වගේ කියලා. ආ.. හරි.. මේ ලෝ පෑන් නේ.. අප්පච්චියේ මේ අර සර් නිතරම තෙපරබාන විස්මිත ලෝපෑන් ගොයියා නෙව.

ඉතිං ඒක අතට ගත්ත මිසී දැං ඒක දිහා බලාගෙන රාමනායක මහත්තයගේ ගෙදර ප්‍රධාන දොරටුවෙන් ගෙට ඇතුල් වෙන්නයි සුදානම. 

මිසීගේ පස්සෙන් රාමනායක. ඊට පස්සේ මම. ආ.. මිසී ගෙට එන දිහා බලාගෙන ගේ ඇතුලේ ඉදගෙන රාමනායකගේ අම්මා අහිංසක විදියට මිසී එක්ක හිනා උනා.

ඒ වගේ අහිංසක හිනාවක් මේ කාලේ දකින්න ඇත්තටම අමාරු දෙයක්. ඒ වගේ දෙයක් මේ කාලේ දකින්න ඕන නං ඔන්න අවුරුදු දෙකක විතර පොඩි දරුවෙක් හිනා වෙන විදිය බලන්න. 

දරුවා හිනාවෙන්නේ අවංකව නේ. ඒ වෙලාවේ දරුවගේ මනසේ සතුටක් නැත්නං එහෙම හිනාවෙන්න බෑ. ඒත් දැං කාලේ උන්දැලට නං ඒකේ අනිත් පැත්ත. හිතේ ලෝදිය අනික් අයට වක් කරකර පට්ට යන්න හිනාවෙන්න පුළුවන් නේ.


“රාමේ ඕක බං කොම්පාස් එකක්ද“

“ඔව් බං. මේක මේ නිකං කොම්පාස් එකක් නෙමෙයි සුපිරි එකක්“

දැං මිසී තැටිය අල්ලං සාලේ වටේ කරක් ගහනවා. පහත් වෙනවා. හැරෙනවා. පස්සෙන් පස්සට යනවා. ඇඹරෙනවා. බිත්තියට හේත්තු වෙනවා. කොටින්ම කිව්වොත් සාලේ නටනවා. සාලේ නටල ඉවර වෙලා මිසී ඉස්සරහම තියෙන රාමෙගේ කාමරේට යනවා. එතැනත් අර ඩාන්ස් එකම තමයි. ඒ වගේ අම්ම ඉන්න කාමරය, කුස්සිය, බාත්රූම් එක, ස්ටෝරු කාමරය, පිට තියෙන ටොයිලට් එක වගේ හැම තැනම මිසී නටනවා. ඒ මදි වෙලා මිදුලෙත්, පිළිකන්නෙත්, අගුවෙත් නටනවා. අපිත් තාලේ අල්ල අල්ල පස්සෙන් යනවා. එහෙම බැලුවම මිසීගේ හස්බන්ඩ වාසනාවන්තයි. ඒකා පොල් ගෙඩි බල බල පොල් ගස් වටේ එයාට හිතෙන හිතෙන විදියට ඇවිදිනවා. ඩ්‍රැයිවර් මහත්තයනං මහන්සියටම කඩා දාගෙන දොයි. (ආසනේ)

“මිස්ටර් රාමනායක අපි පොඩ්ඩක් වාඩි වෙමුද... අම්මටත් එන්න කියන්න“

සාලේ තියෙන පරණ සැටියේ ගේ පැත්තට වෙන්න තියෙන තනි පුටුවේ වාඩි වෙච්චි මිසී අර තැටිය ස්ටූල් එක උඩින් තියල නැමිල ඒක දිහා බලාගෙන ඉන්නවා. රාමේ මිසිට දකුණු පැත්තේ පුටුවෙත් රාමෙගේ අම්මයි මමයි ලොකු සැටි පුටුවෙත් වාඩි උනා. මිසී නැමීගෙන ඉන්ට විදියට මට තව ඉස්සිල බලන්න හිතුනත් ඒකත් වැඩක් නැතෙය කියල ඒ ගමන්ම හිතුනා. රාමෙට මගේ හිත තේරුම් ගිහිල්ලද මන්ද කටට අත තියල දගලන්නේ නැතිව ඉදපං කියල සංඥා කළා.

දැං අපිට කතා කරන්න චෙන්නේ නෑ කියල මිසී වාඩි වෙලා ඉන්න විදියට මම කියන්න ඕන නෑ නෙව.

“ඔයාගේ ගෙදර පිහිටීම, වයස, ඉතිහාසය වගේම ස්ථානගත වීම් ගැනත් වෙනත් වැදගත් දේ ගැනත් මම මේ ලෝ පෑන් මාලිමාවෙන් පරික්ෂා කරල බැලුවා. ඔයා මේ ගැන හොදින්ම දන්න, ගොඩාක් කාලයක් තිස්සේ අපේ සර් කියන දේවල් පිළිගත්ත කෙනෙක් හින්ද මම හුගක් සැලකිල්ලලෙන් තමා පරික්ෂණය කළේ.“

“ඔයා දන්නවනේ මේ මාලිමාව ඉතාම පැරණි, ඒවගේම විශ්මිත හැකියාවක් තියෙන එකක්. සාමාන්‍යෙන් මේ එකක මිල රුපියල් ලක්ෂයක් විතර වෙනවා අඩුම ගණනේ. මේ ගැන විස්තර ඇත්තටම කාගෙන්වත් දැනගන්න බෑ. ඒ වගේම කොහේවත් සදහන් කරලත් නෑ. අපි මේ ශාස්ත්‍රය කාටවත් කියල දෙන්නෙත් නෑ. මම මැලෙසියවේ මේ පුහුණාවට සර් යැව්ව. මාස තුනත් ඒකේ මාස්ටර් කරල, තව සර් පුරුදු කරල දැන් නං මේ ලෝපෑන් මාලිමාවෙන් පරික්ෂණ කරන්න ඉගෙන ගෙන තියෙන්නේ.“ (ආයෙත් හත් ඉලව්වයි කියන්ට වෙනවට සමාවෙන්න ඕන.. මම අහල තියෙන්නේ ඔය අටමගලේ චීනේ සෙල්ලං දාන්න තියෙන එකක් කියල. ඒ වගේම ඔය අදීන ශාස්ත්‍රය තියෙන්නෙත් චීනේ කියලයි මම හිතුවේ. දැං බැලුවම ඒකත් බලය බෙදීමට ලක් කරලද මන්ද මැලේසියාවේලු පුහුණු කරන්නේ.. අට්ටෝ මෙහෙමත් පිස්සෝ)

“හරි දැං අපි බලමු.. මේ ගෙදර ජීවිත කාලය 2024 වෙනකං තියෙනවා මේකට අනුව. “ (මක්කැයි... මම දන්න විදියට මේ ගේ හදල අවුරුදු 50 ක් විතර වෙනවා. රාමේ මාලේ ඉදල එවපු සල්ලි වලින් ගේ ටිකක් හැදුවට මං දන්නවනේ මේ බිත්ති ගන්න දෙයක් නැතිය කියලා.. අම්මේ එතකොට ශත වරුසයක් විතර මේ ගේ ජීවිත කාලය තියෙනවා.. හම්මේ. මගේ කට.. ඒකා නලියනවා. )

“ඔයා දන්නේ නැති උනාට මේකට මේ ගේ තියෙන් ස්පිරිට්ස් එහෙම හොදට අහු වෙනවා. එහෙම බැලුවම ඔයාට හරි යන ස්පිරිට් එක තියෙන්නේ දැං හරියටම ඔයා ඉන්න තැනට අඩි දෙකක් විතර එළිය පැත්තට වෙන්න“ (ආ.. ඒකනං හරි. මූ ගෙදර ඉන්නවට වැඩිය පිට ඉන්න එකා නිසා.. හරි. මුගේ ගෙදර ස්පිරිට් එක එළිය පැත්තටම තමා යන්න ඕන. අම්මපා මට දැං හිතෙනවා මේක ඇත්තද කියල)

“අම්මගේ ස්පිරිට් එක තියෙන්නේ අර ටී වී එක තියෙන බිත්තිය ගාව. ඒක නිසා එතනට හොද පුටුවක් තියල අම්ම ටිකක් වැඩි පුර එතන වාඩි වෙලා ඉන්නවනං සුභයි..“ (කට.. කට... සහතික ඇත්ත. ලෝ පෑන් බොරු කියන්නෑ එතකොට. මම දන්න දවසේ ඉදල අම්ම ඔතන තමා වාඩි වෙන්නේ අර කෑම කෑල්ල පැත්තේ තියන ලී පුටුව අරගෙන ඇවිල්ල දවස පුරා ටීවී බලන්න.. එතකොට ඒකත් හරි.. ටීවී බලන එක සුභයි කියල හැමෝම තේරුම් ගන්න ඕන)

“වැදගත්ම දේ. මේ ගෙදර ධන ස්ථානය තියෙන්නේ... ඇත්තටම ඒක වෙනස් කරන්න ඕන නෑ. ලිප් බොක්ක ඇතුලෙමයි. ඒක නිසා එතැන කෑම උයන එක නතර කරන්න වෙනවා. හොදට කළු වෙච්චි තැන් සුදු හුණූ ගාල පිරිසිදු කරල මම දෙන ස්ටිකර් එක එතන අලවන්න. හැබැයි එතැනට නිතරම යන්න පුළුවන් වෙන්න ඉඩ තියාගන්න“ (????????????????????????)

“ඊට පස්සේ.. ඔයාගේ වයිෆ්ගේ ස්පිරිට් එක තියෙන්නේ හරියටම ගෑස් කුකර් එක තියෙන තැන. ඒක කොහොමත් සුදුසු නෑ. වයිෆ්ගේ ස්පිරිට් එක තියෙන ස්ථානයේ ගින්දර තියන එක අසුභයි. උයන තැන පොඩ්ඩක් වෙනස් කරගන්න එතකොට අසුබගතිය ඇරිල යාවි. “

“මේ ගෙදර මට අහුඋන විශාලම අඩුපාඩුව තමා ප්‍රධාන දොර මේකට අනුව වැරදි තැනක පිහිටල තියෙන්නේ. හරියට නං ප්‍රධාන දොර එන්න ඕන බාත්රූම් එක තියෙන තැන දොර ගාවට. ඒ වගේම එළියේ තියෙන ටොයිලට් එකත් අසුභයි. ඒකනං කඩල අයින් කරල දාන්නම වෙනවා. මම දෙනවා තව පොඩි සළකුණු තියෙන බෝඩ් තුනක් මේවා එක දිගට සාලේ (අත දික්කර) අතනින් අලවන්න. එතකොට අර ස්පිරිට්ස් අල්ලගන්න පුළුවන්“

“දැං ප්‍රධාන දොර තියන්න ඕන විදියට බැලුවොත් බාත් රූම් එක ප්‍රධාන දොර ගාව තියෙන එක සුදුසු නෑ. ඒක හරි විදියට ඔයාගේ කාමරේ එළීය පැත්තට එන්න ඕන. ඒ වගේම කුස්සිය ප්‍රධාන දොරට මුහුණු දාන්න හොද නෑ. ඒක නිසා ඒක එන්න ඕන සාලේ මේ අපි ඉන්න තැනට. කාමර දෙක.. ඇ අම්මගේ ස්පිරිට් තියෙන බිත්තිය කඩන්නේ නැතිව අම්ම නිතරම ගැවසෙන විදියට හදාගන්න පුළුවන් නං හොදයි. ඇත්තටම ගෙදර හුගක් ජීවය තියෙනවා. තව මුකුත් දැන ගන්න තියෙනවද මිස්ටර් රාමනායක?“

“ආ.. නෑ මිස්.. බොහොම ස්තූතියි. හුගක් දේවල් දැනගත්තා මේකෙන් ඇත්තටම මං ගෙවපු රු. 18000 කිසිම පාඩුවක් නෑ. ඒ ගානට වඩා මේ සේවය වටිනවා“

“එහෙනං මිස්ටර් රාමනායක අපි යන්නං. අවශ්‍යතාවක් වුනොත් ඉති ඔයා ගාව අපේ සර්ගේ නම්බර් එක තියෙනවානේ. අදනං සර්ට මහරගම ලොකු සම්මන්ත්‍රණයක්. දෙදාහකට වැඩිය සීට් බුක් කරගෙන කියල මට ඊයේ කිව්වා.. අපි යන්නං එහෙනං“

සියළු සමාචාර නිමවා සර්ගේ පාං වෑන් එක ගියා.

මම, රාමේ සමග ආයිත් සාලේ, වෙනසකට තියෙන්නේ මං වාඩි උනේ මිසී වාඩි වෙච්චි තැන.

“දැංවත් උඹ පිළිගන්නද මේවා ඇත්ත කියලා“ රාමේ මගෙන් අහයි.

“ඔව් බං. පට්ට ඇත්ත නේ කිව්වේ“

“මං ලබන මාසේ ආයිත් කොහොම හරි ලොක්ක කන්ටැක්ට් කරල මාලේ ජොබ් එක හදාගන්නව බං“

“ඒක හොදයි බං. මෙහෙම නිකං ඉන්නවට වඩා“




Saturday, November 3, 2012

මූට පිස්සු


මා දැන සිටි, මාගේ ප්‍රතිවර්තය සිතූ කලට බට අසනි මහ වරුසාවක් සේ, සැවොම පෙළා, දුකට පත් කොට ඇද වැටී ඇත. මා ආත්මය තුල මුණු මුණු හඩින් හදවත තුල දෝංකාර දෙන ඒ ශබ්දය මහා මේඝයක් සේ දසත අදුර විහිදුවා පැතිරි ඇත.

කුමන අන්දමින් විමසුම් කළත් විකාර සිතුවිල්ලක්, සිතුවිලි සමූහයක් හැර වෙන යම් කිසිවක් නොමැත. වහළ මතට වැටෙන සිරි පොදක අසිරියක් හෝ කුසුමක සුසුදු බවක් හෝ ඒ තුල ගැබ් වී නොමැත. මනංකල්පිත වූ ශබ්දයක් ගැඹුරු උච්ච ස්වරයෙන් මෙන්, ඒ තුලම දෝංකාර දී සංකීර්ණ වූ හඩ සමුහයක් මවා ඇත.

ඒ තුල සටන් වැද තවදුරටත් හිමින් සීරුවේ විදදරා ගත නොහැකි වූ සැනෙක, දඩබ්බර වූ රුදුරු සිතුවිලි වාං දමන්නට පටන් ගෙන ඇත. හදවත තුල වූ යක්ෂයා පාලනය කළ නොහැකි සුළි සුළගක් සේ ඇස ගැටෙන හැමතැන කළඹා, සුනු විසුනු කර හමා පලා යයි.

මා කවාරෙක්දැයි නැවතත් මා සිතමි. මගේ හැගීම් කුමන ආකාරයේ දැයි පරණ පුරුදු ඇසින්ම විමර්ශනය කළෙමි. මා තුල සත්‍යය, සාධාරණය මිස එහි අවැඩක් මට නොපෙනේ.

පෙළන ලද හැගීම් මගේම නොවෙද? එය අයිති මටම මිසක වෙන කවරෙක්ටද? තවත් කෙනෙකු දුකට, වියවුලට පත් කරන්නට වෙහෙස වන්නා වූ රුදු සිතුවිල්ලෙනි, නුඹලා මා පාගා දමා ඉදිරියට යන්නට මං පෙත් සෙව්වේ ඇයි? ඒ තුල ගිලුනු මා පීඩිතයෙකු කරන්නට නුඹලා වෙහෙසුනේ මන්ද?

හැම මොහොතකම, හැම නිමේෂයකම පල් ගොහොරුවක ගිලී සිටි මා පමණක් නොව, තවෙකෙකු වෙලී සිටි වේදනාවකට තවත් වේදනාවක් එකතු කරන්නට වෙහෙස වූ අධම වූ සිතුවිල්ලෙනි, මා පමණක් රදවා ඔවුන් නිදහස් කරනු....

සදාතනික වූ සිතුවිල්ලක් ඇත
ඇස ගැටෙන වේදනාවක් මත
දඩුවම් ලබමි

Friday, November 2, 2012

බස් ගැන කතාබස්

මේ බස් කතාව ලියන්නට හිටියත් කරුමෙට අපේ ගංගානාත් දිසානායක මහත්තයා එයාගේ පැණි වළලු කොලමේ සති දෙකක්ම බස් ගැන කතා බස් කර කර හිටිය නිසා උවමනාවෙන්ම ප්‍රමාද කර දැම්මා. කියවපු නැති කස්ටිය ඉන්නවනං කියවල බලන්න පහුගිය සතිදෙකේ ඉරිදා ලංකාදීපේ පැණි වළලු තියෙන්නේ ජපනගේ බස් කෙරුවාව හා ලංකාවේ බස් කෙරුවාව ගැන. මේකත් ලංකාවේ බස් කෙරුවාව ගැන කතාවක්. අවසානයේදි පුදුම වෙන්ට එපා. මේක සත්‍ය අත් විදි දෙයක්.

ආ තව එකක් කියන්ට ඕන මාරයා මාතර කතන්දරය ඇද්ද හින්ද නෙමෙයි මේක ලියන්නේ. හරිය..

දේශකයා දුරබැහැර ඉදල ඇවිල්ල, අත්‍යාව්‍ය රාජකාරි කරුණක් සදහා මාතර සිට දැං තංගල්ලේ යන්ට හදන්නේ. වැස්ස... නෑ.. ඒ දවස් වල වැස්ස තිබුනේ නෑ. ගිනි ගහන අව්ව. උදේටත් ඒ වගේ. වෙලාව උදේ 9.00 ට මාතර තියෙන අවමංගල තුමා හැදුවය කියන බස් තොටුපලේ ඉදල වයිකින් බසයක් තංගල්ලට යන්ට සුදානං වෙනවා. කියන්න ඕන නෑනේ.. බලෙන් අහන්න සලස්වන සිංදු ටික මදිවට ඒකේ තව ටීවී කෑල්ලකුත් ඉස්සරහින් සුදු යකඩ රාමු දාලා හයි කරල තියෙනවා. අප්පේ ඒකත් වැඩ කරනවා. බස් එකේ ගහල තියෙන නම කියන්න ඕන නැහැ.... තංගල්ල පැත්තේ උන්දැලනං මේ නම තියෙන බස් හැට හුටාමාරක් දුවනව දැකල ඇති. අයිතිකාරයා හාඩ්වෙයාර් එකක් තමා කරන්නේ කියලා බස් එකේ පිටුපස්සටම වෙන්න දොර ගාවටත් පොඩ්ඩක් එහායින් හීනියට ලියල තියෙනවා.

දැං වෙලාව හරියටම 9.00 යි. බස් ටික්කෝ බලං ඉන්නවා. පිටි පස්සේ බස් එකත් මීක් නැතිව ඇවිල්ල බදාගන්න වගේ පස්සෙන් බලන් ඉන්නවා. ඒත් අප්පේ වැඩි රැස්පොට් එකක් පෙන්නන්නේ නැතිය. දන්නවනේ නළාව ගහනව නෙව නැතිනං තත්පරේ පහුවෙන කොට පපුව පැලෙන ගානටම. කොහොම හරි විනාඩි දෙක තුනක ප්‍රමාදයෙන් බස් රථය ආරම්භ කරා තමන්ගේ ගමන යන්ට. ඉස්සරහින් කොන්දොස්තර ඉන්නව ටිකට් මැසිම කරේ දාගෙන. මිනිහත් ටිකක් විතර ඇග පත තියෙන ඊටත් වඩා කට ප්‍රාණවත් කියල කියන්න පුළුවන් එකෙක්. ඒ වගේම රියදුරු හොද දෙකේ හතර මිනිහෙක් කියල පේන්න අර රියදුරු අසුනට  පිටුපස තියෙන වීදුරු කවුලුව වැහෙන සාක්ෂියම පුමාණවත්. කොණ්ඩෙ බොකුටු උනාට පස්සෙන් ටිකක් වැවිල තියෙන්නේ. 

වැඩි දුරක් යන්න උනේ නෑ. කොන්දා මලයා දැං ඉදිරිපස ඉදල ආසන තුනක් විතර ඇවිත් ටිකට් කඩනවා.  මිනිහගේ සෙලා මලයට ආපු කෝල් එකට උත්තර දී එසැනින්ම තමාගේ ශබ්ද විකාශන යන්තරය රියදුරුට දැම්මා. 

“ඒයි කොළඹ එකා ඔන්න ඉස්සරහ කොටනව.. යමං“

ඒක කියන්න විතරයි උනේ. නයිට් රයිඩර් කාරය පරාද වෙන විදියට ත්වරණය කල බස් රථය දැං හැටට හැටේ ඇදෙනවා, ඇඹරෙනවා, වෛවාරණ නළා හඩ පැතිරෙනවා, රියදුරු සුමියුරු බස් තෙපලනවා ඉඩ නොදෙන වාහන වලට.


කි. මී. 178 හෝ 179 කණුව පහු කරල ටික දුරක් යන කොට ආපු වේගෙටත් වැඩි වේගෙකින් බසයේ තිරිංග ක්‍රියාත්මක උනා. දෙපාරක් විතර ඉස්සරහ සීට් එකට උම්ම එකක් දීලා අතුරු ආන්තරාවක් නොවී මගේ කොන්ද බේර ගන්ට මම සමත් උනා. දැං බැලුවා.. රියදුරු දඩි බිඩි ගාලා බහිනවා. දොර වැහුවේ දෙකට කැඩෙන වේගෙන්. කුණුහරුප කියනව ඇහෙනවා සින්දු කරච්චලේ අස්සෙම. අප්පේ වංගුවක්. හරියටම මගේ ආසනේ ගාව බිම ට්‍රැෆික් පොලිස් මහත්තුරු දෙන්නෙක් ඉන්නවා.

අපේ රියදුරු මහත්තයා එනවා. මං කිව්වේ මිනිහා හොද ෆිට් පොරක් කියලා. දැං මිනිහගේ අත් ලෙල දෙනවා. මට මේ ටික ඇහෙනවා.. ඊට පස්සේ බස් එක යනවා හොදේ.

“යකෝ... අම්... හු... ද හදන්නේ. තොපි ඔය වංගු වල හැංගිල අත දාන කොට නවත්තන්නේ ප... න්ද යකෝ. යට කරල දානව ආයිත් මට අහු උනොත් එහෙම. බල්ලෝ...“

ප.ලි. - හාඩ්වෙයාර් කාරයා මහරජතුමාගේ අතිශය සමීපයෙකු කියලයි මගේ පිටුපස්සේ ආසනේ අය කතා උනේ.