Thursday, January 31, 2013

දේශා අයියේ කොටු පනින්න ඒත් දුක් දෙන්න එපා

ඔයාට මතකද හරියටම මීට අවුරුදු හතයි මාස තුනයි දවස් දෙකයි පැය දහයයි විනාඩි තුනයි තත්පර (ගණන් කරේ නෑ) ගානකට ඉස්සෙල්ල ඔයා මාව දැක්ක ඒ සුන්දර මොහොත. මටනං ඒ මොහොත කවදාවත් අමතක වෙන්නේ නැත්තේ, මම ඔයා එනකං හුග දවසක් තිස්සේ එතන කැරකි කැරකි හිටිය හින්දයි. හැමෝම මගේ දිහා එක එක විදියට බැලුවට, මම දැනගෙන හිටියා කවදහරි මගේ සුදු දේශා අයියා මාව බලන්න එන විත්තිය. ඒක නිසා කොච්චර දූවිලි මගේ ඇස් කන් වසා ගෙන ගියත්, මොන තරං තෙමුනත් මම හැමදාම වගේ ඔයා එනව කියල හිත හිත හිටියා. කවදාවත් දැකල නැති උනත් මගේ හිතේ මැවිල තිබ්බ එකම රූපය ඒක තමා. අපි හින්දු ධර්මය අනුව විස්වාස කරෙත් ඔයා බුද්ධාගමේ කෙනෙක් හැටියට හිතන විදියටම තමා. ඒ කියන්නේ අපිට ගැලපෙන කෙනා මහා බ්‍රහ්මයා මවල තියෙනව කියන කතාව.

ඉතිං එදාත් මම ඔයා එනකං බලං හිටපු වෙලාවේ තවත් ගෝතයෙක් දෙන්නෙක් උන්ගේ රවුම් ඇස් මගේ දිහා තියල යන්න හැදුවත්, මම මොන විදියෙන්වත් උන්ට පෙන්නුවේ නෑ මගේ කැමැත්තක් තියෙන විත්තිය. උන්ට ඒක තේරුං ගිහිල්ල වෙන්න ඇති වැඩිය මගේ දිහා බලන්න දැගලුවේ නෑ. ඒත් ඈත තියාම ඔයා එකකොට මගේ ස්නායු පද්ධතියම රත් වෙලා තිබුනේ. මොකටනත් නෙමෙයි ඒ වෙලාවේ තිබුන පොඩි අව් කාස්ටකේ හින්දා. මම දැක්කා ඔයා බොහොම අමාරුවෙන් පුට් සයිකලේ පැදගෙන පරඩැලක් වැනෙනවා වගේ ඒකේ නැගල එන හැටි. ඔයාගේ ටී ෂර්ට් එක රතුම රතු පාට නිසා ඕන දුරකදි මට අදුරගන්න පුළුවන්. කොන්ඩෙ පැත්තට පීරල හිටිය වගේ පෙනුනට මං හිතුවේ ඒ ෆුටාර් එකේ එන කොට වදින හුලගට එහෙම වෙන්න ඇති කියල. ඔයා බයිසිකලේ ස්ටෑන්ඩ් එක ගාව සමුපකාරේ ගේට්ටුවට හේත්තු කොරල ඒකේ ලොක් එක වහල යතුර, අර හැමදාම අදින පට්ට ගහපු (ඇත්තටම කියන්න හිටියේ ඒක තවත් හෝදන්න ගියොත් නං කඩදහියක් වෙනවා) නිල් පාට ඩෙනිමේ අර දකුණු පැත්තේ තියෙන හිච්චි සාක්කුවේ ඔබාගෙන කොණ්ඩෙ පොඩ්ඩක් දකුණු අතින් උඩට දානව මම දැක්ක. ඒ මොහොත තමා මම මුළු ජීවිත කාලෙම බලා හිටිය සුන්දරම මොහොත. ඔයා ඔළුව පොඩ්ඩක් පැත්තට ඇල කරගෙන අගලේ බටයක් පාරේ ඇවිදිනව වගේ මම ඉන්න තැනට ඇවිදගෙන එන කොට මගේ මුළු සරුවාංගෙම රත් වෙලා තිබ්බ විත්තිය ඉස්සෙල්ලත් කිව්වත් දැං ඒ රස්නේ ටිකක් විතර වැඩි වෙලා තිබුනා. ඔයා එක පාරටම මං ගාවට එන එක නවත්තල මට පොඩිත්තක් ඉස්සරහින් හිටිය සුකුමාලි දිහා ආසවෙන් බලනවා දකින කොට ඇත්තටම හිතාගන්න බැරි තරං දුකක් හෝස් ගාලා පත්තු උනා. ඒත් එක්කම මගේ හදවත උඩ යට ගිහිල්ල ගින්දර පිට කරගෙන කෑ මොර දෙන්න ගත්තා. ඒ මදිවට කොහෙන් ආපු හරකෙක් ද මන්ද මගේ ඇගේ ගෑවෙන්න කිස්ටු උනා.. මම මොන තරං තරහෙං ඒ වෙලාවේ ඔයා ගැන හිතුවත් ඇත්තටම අර ඌරට මගේ කිට්ටුවටවත් ඇවිල්ල මගේ නොයිදුල් කම නැති කරන්න ඉඩ දුන්නේ නෑ. ඇත්තටම ඌ පිස්සෙක් දේශා අයියේ. ඔයා පරක්කු වෙන ඒ තත්පර ගානට මට හිතන්න ඕන ඔක්කොම ඉතුරු කරල, ඒත් ඔයා අර සක්කරවට්ටම දිහා හැරි හැරි බලනවා.

ඒ මදිවට මම දැක්කා ඔයා ඒ අහල පහල හිටිය ගැටිස්සියෝ දිහාත් හොරෙන් බලනවා. මං හිතන්නේ ඔයා හිතන්න ඇති මම ඒක දැක්කේ නෑ කියලා. කියන්න කනගාටුයි දේශා අයියේ, ඔයාගේ හැම චලනයක්ම මට හොදට තේරෙනවා. ඇයි එහෙම වෙන්නේ කියල හිතන්න මට උවමනාවක් තිබුනේ නැත්තේ, අර බ්‍රහ්මයාගේ කතාවේ හැටියට මම විස්වාස කරපු එකම දේ හින්දා. මම කොහොම හරි ඔයාව අයිති කරගන්නව කියන එක මැවි මැවි පෙනුනා. මේ තරං දුකක් විදගෙන නන්නත්තාර ගහගෙන එක එකා කියන විදියට මට යන්න ඕන උනාට මගේ කන්‍යාභාවය මං කවදාවත් නැති කරගත්තේ නෑ වගේම එකෙකුටවත් මාව පොඩි විදියට හරි පාවිචිචි කරන්නවත් ඉඩක් තිබ්බේ නෑ.. (ඔයා පස්සේ දවසක අර මාත් එක්ක ගියපු වෙලාවේ යාළුවෙක් ගෙන් ඇහුවේ උඹ ගලක් වත් බාගත්තේ නැත්ද කියන එක මට එදා නොතේරුනාට අද හොදට තේරෙනවා.) ඇත්ත අයියේ මම මොකාටවත් ගල බාන්න තියා ගලට ලං වෙන්නවත් ඉඩ තිබ්බේ නෑ. මං එච්චර බය උනා ඔයාට එහෙම දෙයක් පොඩ්ඩෙන් හරි දැනුනොත් මගේ බලාපොරොත්තු ඔක්කොම සුනු විසුනු වෙලා යාවි කියලා.

ආ... මම කිය කිය හිටියේ දේශා අයියේ, මම ඔයාව ඉස්සෙල්ලම දැක්ක දවස ගැනනේ. ඒත් කියන්න ඕන ඒ වෙලාවේ මාව බලාගන්න හිටියේ මං එච්චර අදුරන්නැති ලංකාවේ ගෑනු එක්කෙනෙක්. ඒත් එයා කවදාවත් මාව අමාරුවෙ නොදා ඉන්න හැදුවේ නෑ.. එයා එතනම ඉන්න එයාගේ දූටත් කියනව මට ඇහුනා.. “මේ සක්කරවට්ටම නං ලේසි බඩුවක් නෙමෙයි. මේකිට හුගක් කොල්ලෝ කැමති නෑ. දැක්කම පොඩ්ඩක් කළු හින්දා වෙන්න ඇති. පව්“. ඔයා හිතන්න ඔය වගේ කතා දවසට හත් අට පාරක් අහගෙන මං කොහොමද උන්නේ කියලා. ඒ මදිවට අර කෙල්ල මගේ ඇගේ හරෙන් මෙහෙන් කොනිත්තනවා.. මම ඇදගෙන ඉන්න ඇදුමේ තියෙන පොඩි බටන් තද කරල මට කරදර කරනවා. ඒත් මං ඒ ගැන හිතුවේ නැත්තේ, ඒ ගොල්ල ඇත්තටම මාව පොඩියට හරි බලාගන්න කටයුතු කරපු හින්දයි. මට මේගොල්ලන්ගේ සංස්කෘතියේ දේවල් නොතේරෙන්නේ මගේ සංස්කෘතියේ මේ වගේ දේවල් අඩු නිසා නේද දේශා අයියේ...

ඒත් කමක් නෑ ඔයා මාව දැකපු ඉස්සෙල්ලම දවසේ වැඩි වෙලා නොයිද අමනාපෙන් වගේ පිට වෙලා ගියපු එක ගැන මම පුදුම විදියට දුක් උනා. ඔයාට පුළුවන් උනාද මේ වගේ ජීවිතේ පුරාම ඔයාගේ ආදරේ බිංදුවක් හරි ලබන්න පෙරුම් පුරපු කෙනා ගැන නොහිත ඉන්න. ඔයා නං හරි පුදුමයි දේශා අයියේ.. මම හැමදාම හිතුවේ ඔයා ටිකක් පුදුම ගති තියෙන කෙනෙක් වෙන්න ඕන කියල තමා.. ඒත් ඔයා අර විදියට මට හයිරං පාන කොට මොන හිතටද දුක් නොහිතෙන්නේ..


ඊට පස්සේ ඔයා ආපු දෙවෙනි දවස තමා මට ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවස. එදා ඔයා මාව බලාගත්ත ඇන්ටිට එක පාරටම “මම මෙයාට කැමතියි.. මට මෙයා ඕන“ කියල කිව්ව ඒ මොහොතේ මගේ ඇස් උඩ ගියේ නැති උනත්, ඇත්තටම මම පුදුම උනා ඔයා ඒ තරං ඉක්මනට මාව තේරුං ගත්ත එක ගැන. මම පස්සෙ තමා ඔයා කිව්වම දන්නේ ඔයාට පළවෙනි දවසෙත් මාව හම්බ උනාම, මං ගැන කැමැත්තෙන් හිටිය විත්තිය. ඒක ඔයාගේ හැටි බව මම දැන් දන්නවා. කොච්චර ඕන උනත් පෙන්නන්නෙත් නෑ. ආදරේ කෙලිං කියන්නේත් නෑ.. ඒත් ඔයා මට ආදරේ බව මම දැක්කා. ඒත්. ඒත්. ඒ අපේ සුන්දර ආදරය මොන තරං ඉක්මනට වෙනස් උනාද? මට හිතාගන්න බැරි ඔයා නිසා මම වෙනස් උනාද? නැත්නං මං හින්දා ඔයා වෙනස් උනාද කියන කාරණාව තමා. එතැනදි ඇත්තටම දෙපැත්තක් තියෙන බව මම දන්නවා. මගේ අතිනුත් අඩු පාඩු වෙන්න ඇති. ඒත් කවදාවත් මම ඒ වගේ දෙයක් හිතා මතා කරේ නැති බව, ඔයා පිළිගන්න ඕන. අපිට කරන්න තියෙන්න සමහර දේවල් මගේ දුර්වලතාවයන් හින්දා කරගන්න බැරි උනා කියල ඔයා මම ළග තියාගෙන අනිත් අයත් එක්ක දෝසාරෝපනේ කරන කොට කොහොම ඉවසන්නද? ඒ වෙලාවට මගේ හදවතේ කළුම කළු ලේ බිංදු කදුලු බිංදු බවට පත් වෙලා චරස් ගාලා බිමට වැටුනම ඒක නිකං චූටි පොපි මලක් වගේ පොලවේ ඇදෙන බව මම දන්නවා. ඔයා මම අඩන්න අඩන්න තවත් මගේ ඇඩීම වැඩි කරා මිසක් ඒක අඩු කරන්න උත්සාහ කරේ නෑ. මගේ ඇඩිල්ල හින්දම සමහර වෙලාවට වැදගත්ම කාරණා වලදි ඔයා තරහෙන් පිපිරි පිපිරි මට බැන බැන තනියම යනකොට ගෙයි වැරන්ඩාවේ කණුවකට බර දීගෙන මම ඔහේ බලාගෙන හිටියා. මට මතක නෑ මම කොච්චර දවසක් ඒ වගේ බලාගෙන කොයි තරං වෙලාවක් ඉදල තියෙනවද කියලා. ඒත් කියන්න ඕන, ඔයාට දුක හිතෙනවා මං ඉන්න විදිය දැක්කම, ඒ වෙලාවට ඔයා මාව එක්කං යනවා. ඒත් තරහින් යන විත්තිය කාට නොතේරුනත් මට තේරෙනවා. අපේ සම්බන්දේ මෙච්චර ඉක්මනට ලිහිල් වෙන්න, දුරස් වෙන්න එකම හේතුවත් ඔයාගේ ඔය නොමනා වැඩ පිළිවෙලම තමා. මට සමාවෙන්න මෙහෙම කිව්වට. මම දන්නවා ඔයා මට මොන දේකටවත් සමාව දෙන්න ලෑස්ති නැති විත්තිය.

ඒත් හිතේ වේදනාවෙන් හරි මම ඔයාගෙන් මේ ප්‍රශ්න ටික අහනවා. දේශා අයියේ,

ඇයි ඔයා මාත් එක්ක ඉන්න කොට අගර දගර දාන වෙන සක්කරවට්ටම් දිහා තොල් ලෙව කකා (ඕගොල්ල කියන්නේ සෙවල හලනව කියලනේ) බලන් ඉන්නේ. ඔයාට අමතකද ඔයා ආදරෙන් තුරුල් කරන් හැම සැපක්ම දෙනවා කියල පොරොන්දු වෙලා එක්කං ආපු, ඒත් දැං ඔයා හින්දම දුක් විදල පරඩැලක් වගේ වෙලා ඉන්න මම ඒ වෙලාවෙදි ඔයා ගාව ඉන්න විත්තිය??

අනිත් එක ඔයාගේ යාළුවෝ පවා (ඔයා කියන ඔය බොක්කේ යාළුවෝ.. මට නං උන් අරහං.. තරහ වෙන්න එපා. මහ කුපාඩියෝ උන්. එවුන්ගේ එකීලත් එක්ක එන ගමන් මගේ දිහාත් හොරෙන් කෑදර කමට බැලුව මුල් දවස් වල. ඒ කාලේ මං ටිකක් හරි ලස්සනයි නේ) දැන් ඔයාට දෝස්මුරේ දානවා නේද මං ගැන කියලා, ඇත්තටම එයාලට උනත් දුකයි මට දැන් වෙලා තියෙන දේට.. මම ඒ දවස් වල හිටියා වගේ නෙමේ කේඩෑරි වෙලා. ඒ මදිවට කාලයක් තිස්සේ මම කාටවත් නොකියා හංගන් හිටපු ඔයාගේ අමනුස්ස වැඩ හින්දා, මාව තලා පෙලා දාලා, මගේ ඇගේ සමහර තැන් වල පලු ගිහිල්ල තියෙන විත්තියවත් ඔයා ඇහැක් ඇරල බැලුවද?? නෑ.. අඩු ගානේ මම ගෙදරින් එන කොට දාගෙන ආපු සපත්තු දෙක වෙනුවට ඔයා මේ වෙනකං එක අළුත් සපත්තු දෙකක් අරන් දීල තියෙනවද? හැමදාම ඔය යාළුවන්ට කියල මොකක් හරි පරණ කබලක් ගෙනැල්ල මට දාගන්න කියනවා. ඒ විදියට මොන විදියට වත් මගේ රූපෙට, සංස්කෘතියට ගැලපෙන සපත්තුවක් ඔයා මට ගෙනැත් නොදුන්නේ ඇයි? වෙලාවකට මට හිතෙනවා ඔයා මහ කුම්මැහියෙක් කියලා.. ඒත් ඒක මට විතරයි අදාළ. අනිත් ඕන දේකට ඕන කෙනෙකුට, අඩුම ගානේ අර බීල බීල වමනේ දාගෙන දගලන යාළුවොන්ට කොච්චර සල්ලි වියදං කරනවද? ඒ මදිවට උන් දාපු ඒවා පාගගෙන ඇවිල්ල මම ඔයාගේ වැඩ ටික කරල දෙන්නත් ඕන. මට කොච්චර පවුද? අපේ අම්මල තාත්තල විතරක් නෙමේයි අපේ රටේ ආණ්ඩුව හරි මේ දෙවල්, ඒ කියන්නේ ඔයා මට සලකන විදිය දන්නවනං මාව අරන් ගිහිල්ල මෙලහකට. ඔයාට ඕන්නං වෙන කෙනෙක් ගන්න කියලා.. 

ඇයි මතක නැද්ද යාළුවෝ මං ගැන දුක හිතිල කතා කරන කොට ඔයා කියන දේ. “ඔන්න බලාපං.. මං මේකිව මොන විදියකටවත් වෙනස් කරේ නෑ. ඒකිට ඕන විදියකට ඉන්න දුන්නා. දැං උනත් කියන්න පුළුවන් මෙයා ඉස්සෙල්ලම මෙහාට ආපු විදියමයි කියල“ මතකද? මම ඇත්තටම ලැජ්ජාවේ ඇඹරුනා. ඔයාට අයියේ තේරෙන්නේ නෑ. ඇත්ත ඔයා මගේ කිසිම දෙයක් වෙනස් කරන්න උනන්දු උනෙත් නෑ අඩුම ගානේ හීනෙන්වත් ඒ ගැන හිතුවෙත් නෑ.. හැබැයි මමත් මුලදි සතුටු උනාට ඒගැන පස්සේ දුකක් ඇති උනා. ඔයා මාව ටික ටික හරි මේ සමාජයට ගැලපෙන විදියට වෙනස් කරා නං මට මේ වගේ දුකක් විදින්න වෙන්නේ නැති විත්තිය. 

ඇත්තටම කිව්වොත් ඔයා මහ රාක්ෂයෙක්.. මටත් එපා වෙලා තිබුනේ. ඒත් ඔයා වගේ නෙමෙයි අපේ හිත් හොදයි.. අපේ අම්මල ඒවා ඒ තරං හොදට හදල තියෙන්නේ..ඔයාලට අපේ හිත් එක්ක සෙල්ලං කරල ඕන තරං හිත් රිදවන්න පුළුවන් උනාට, අපේ දෙමව්පියෝ කවදාවත් හිතුවේ නෑ මේ වගේ අලුගුත්තේරුවෙකුට තමන්ගේ දරුව දෙන්න වෙයි කියල. ඇත්තට අපි රැවටුනා ඔයාගේ මූනිච්චාවට. ඔයා මුල් ටිකේ මං ගැන හොයල බලල, උදේ ඉදන් රෑ වෙනකං මම ගැනම විතරක් හිත හිත, ආදරෙන් ළගට වෙලා ගත කරපු කාලේ ඒව දැක්ක අම්මල කිව්වේ ඔයා හොද අයියෙක් කියල. ඒත් ඔයාගේ රාක්ෂ ගති මතු වෙන්න වැඩි කාලයක් ගියේ නෑ.. 

දැං ඉතිං මට කරන්න දෙයක් නෑ.. මම හැමදාම ඔයාගේ රෙජිස්ටර් කරපු එක්කෙනා විදියට ඉන්නවා. මට ඒ හරි සැපයි. ඔයාට ඕන කොටුවක් ඔයා පැනගන්න මගේ හිතේ ඒ ගැන හිතන්න තවත් ඉඩක් නෑ.. මට කියන්න තියෙන්නේ, ඔයා මොන කොටුව පැන්නත් මට වගේ එයාට සලකන්න එපා. හැමදාම හොදට සලකන්න.. කෑවද, බිව්වද, නෑවද කියල හොයල බලන්න. මට වගේ ලෙඩ හැදුනම අහක බලන් ඉන්න එපා. එයාගේ පුංචි ලෙඩේ ගැන උනත් සැලකිල්ලක් දක්වන්න බලන්න. ඔයා මගේ පොඩියට මතු වෙච්චි රෝගී තත්වය ඒ වෙලාවෙදිම දොස්තර මහත්තෙකුට පෙන්නල බෙහෙත් අරන් දුන්න නං මට මේ වගේ කාස රෝගේ හැදෙන්න නැති බව මම හොදාකාරව දන්නවා. දේශා අයියේ ඔයා හොදයි.. ඒත් ඔයාගේ හොද ටික වෙලාවයි. අනේ ප්ලීස් එයාට නං මට දීපු දුක දෙන්න එපා.. මං එච්චරයි ඉල්ලන්නේ මගේ රත්තරං අයියගෙන්.. ඔයාට බුදු සරණයි. 

ඔයා කිව්ව හින්දයි ලිව්වේ. නැත්නං මේක ලියන්නේ නෑ.. ඒත් දැං මට හිතෙනවා.. ඔයා එක කොටුවකට වඩා පනින්න ගත්තොත් කියන සැකේ හින්දම, මගේ පොටෝ දෙක තුනක් දාලා කට්ටියට ඔයා මොන වගේ කෙනෙක්ද කියල පෙන්නන්න.. ඒත් අද බෑ.. මම ඒව වෙන දවසක දෙන්නං.. ඒ කියන්නේ මම ඒ පොටෝත් කාට හරි කියල ගහගන්න එපායැ. ඇයි ඔයා එහෙම එකක් වත් මට කරල දෙන්නේ නෑනේ..

මං කවදත් ඔයාගේ ආදරය. (මට ආදරය කරන්න ඉන්නේ ඔයා විතරයි. ඒත් ඔයාට...)

Monday, January 28, 2013

සෙක්සි මැඩම් (අන්තිම සොමිය)


ටෝච් එක එයා අල්ලනවා.. ඒත් ටෝච් එකත් එක්ක එයාගේ අත පොඩ්ඩ පොඩ්ඩ මගේ ඇග ළගටම කිට්ටු වෙනවා. මොනා උනත් ආසාව තිබුනට දැන්නං මම බය වෙලා ඉන්නේ. ඇග හොදටෝම ගිනියම් වෙලා. මට කරන වැඩෙත් හරියට කරගන්න බෑ. ඒ තරම්ම මොලේ කරපට් වෙලා. ඒත් මොනව කරන්නද කියල බොරුවට අතගගා හිටියේ ඉදිරියෙන් එන කාලය සිරාවටම මහ දරුණූ කාලයක් බව සහසුද්දෙන්ම තේරුම් ගියපු හින්දා. තවත් තත්පර ගාණක පමාවකින් මගේ මූණට බොහොම කිට්ටුවෙන් එයාගේ පොඩි කෙදිරිල්ලක් ඇහෙනවා.. “ඔයාට අමාරු නං පස්සේ කරන්න“ කියලා.. ඒක මට හිතාගන්න බැරි තරං ආරාධනාත්මක විදියක් තිබුනේ. කරගෙන යන වැඩෙත් අමතක උනා ඇත්තටම. ඇග වෙවුලන්න තරං. ඒත් මේක නවත්තන්න බෑ කියල කියන්න හිතාගෙන මම මගේ මූණ පොඩ්ඩක් එයා දිහාට හරවන්න ගත්ත උත්සාහය අංශක දෙක තුනක හැරවීමකින්ම නතර උනා. සීතල වෙච්චි එයාගේ වම් කම්මුල මගේ උණුසුම් වෙච්චි දකුණු කම්මුලේ මහා භූමිකම්පාවක් වගේ හිතට දැනෙන විදියට වැදුනා. ඒත් මම ඒ එක්කම මූන අයිනට ගත්තත් එයාගේ කම්මුල වැදුන දේ හොයාගෙන හෙමින් එන විත්තිය මට දැනෙනවා. මම මූණ නතර කරන් ඉන්න තැනට එයාගේ කම්මුල ගෙනත් ආයේ භූමිකම්පාවක්.. මේ වතාවේ ඒක තත්පර තුනක් වත් තිබුනා. මට හිතාගන්න බෑ. මට මොකක්ද වෙලා.. හරියට ජීවිතේ පළමු වතාවට ස්වයං වින්දනේ යෙදිල හිරි වැටිල හිටිය වගේ. අත පය ඔක්කොම ගල් වෙලා. ඒ සැනින්ම එයාගේ වම් අත වගේ වම් උරහිස උඩින් හෙමින් තියන ගමන් මගේ දකුණු පැත්තේ පිට උඩ එයාගේ වම් තිසරය තියල හෙමින් තද කරනව මට දැනුනා. ඒ වෙලාවේ නං හුස්ම හිරවෙන්නත් ගත්තා. කෙළ ගිලින්න තියා ඇස් පිල්ලං ගහන්නවත් විදියක් නැතිව මම දැං ගල් වෙලාම ගිහිල්ලා. ඔය කෙල්ලො එක්ක පොඩි පොඩි සෙල්ලං දාගත්තට මෙතනදි සිරාවටම මාව අනාථ උනා. කරන්න ඕන දෙයක් වත් හිතාගන්න බෑ. මගේ ඇග දිගේ දුවන කරන්ට් එක එන්න එන්න වැඩි වෙනවා මිස අඩු වෙන්නෙම නෑ. ඒ සැනෙකින්ම මගේ දකුණු කම්මුලේ එයාගේ වම් කම්මුල හේත්තු කරගෙනම එයා කියනවා.. “සුරංග.... ඔයා එනවද...??“..

මට එක පාරටම පොඩි ගටක් ආවා ආසාව වැඩි කමටම. ඒත් එක්කම මමත් මගේ කම්මුල එයගේ කම්මුලට තෙරපන්න ගත්තා. එතකොට එයාගේ තොල් දෙක නලිනන හැටි ඇස් දගලන හැටි මගේ උරහිස උඩ තිබ්බ එයාගේ අත මාව මිරිකන හැටි මට දැනෙන කොට මාත් හීන් සැරේ අනන්තයට යන්න සුදානං වෙලා. ඒ වෙලාවේ මේ ලෝකේ ඉන්නේ එයාත් මාත් විතරයි කියන තත්වෙට මම පත්වෙලා. එතනින් එහාට මම කරන දෙයක්වත් තියෙන දෙයක්වත් කොටින්ම කිව්වොත් ඉන්න තැනවත් අමතක වෙන ගානටම ආසාව ඉස්මතු වෙලා. දැං මොකද කියන්නේ එයා අහනවා එනවද කියලා.. මට තේරෙනවා ඔව් එයා කියනවා අපි යමු කියලා. මෙතනින් යන්න වෙන විත්තිය තේරුන හින්ද මම එයාගේ ඇස් දෙකට එබුනම එයා තත්පර දෙකකින් විතර කියන්න ඕන හැම දේම ඇස් දෙකෙන් කිව්වා. එයා හිමින් මගේ උරේ තිබ්බ අත මාව පාලනය කරන පාලකය බවට පත් කර ගත්තා. උරේ තෙරපන විදිය අනුව මෙන්න මෙහෙමයි වචනයක්වත් නැතිව අපි කාමරේට ගියේ. මම එයා දිහා බැලුවා. දෙන්නම හෙමින් නැගිට්ටා. එයා මගේ පස්සෙන් එයාගේ තිසරයෝ දෙන්න මගේ පිටට තද කරල මාව ඉස්සරහට යවනවා. ඒ කාමරේ දිගට ගියාම තියෙන දොර මම අගුල කරකවල ඇරියා. එතකොට මම දැක්ක පොඩි කොරිඩෝවක් තියෙන විත්තිය තව ඉස්සරහට යන්න. විධානය ලැබුනෙත් ඉදිරියට යන්නම තමා. මමත් අන්ධයා වගේ යනවා. ඒ යන ගමන් දකුණු පැත්තට තියෙන දොරක් ගාව මාව නතර කරවල දොර අරින්න විධානය දුන්නා. ඒ වෙනකොට එයාගේ නිකට මගේ උරේ තියාගෙන තමා හිටියේ. 

එහෙමම දොර ඇරගෙන කාමරේට ගියා. එතන මම දැක්ක එකම දේ.. මට ඕන වෙච්චි එකම දේ.. දම් පාට වූල් බෙඩ්ෂීට් එකක් දාපු පත ඇද. මම හිමින් ගිහිල්ල ඇදගාව හිටගන්න කොටම එයා අත් දෙක මගේ පිටිපස්සෙන් දාල මගේ බුරිය හරියෙන් අත් දෙක එකට තද කරගෙන මාව කිටිකිටියේ තෙරපනවා. කියන්න අමතක උනා අපි ආපු ගමන් දොර ඉබේම වැහුනා.  මමත් බලාන ඉන්නවා. මට බ්ලඩ් ප්‍රෙෂර් නැති උනත් ඒ වෙලාවේ දොස්තරයෙක් හිටියනං හෙම අයිසීයූ එකට දානවා. ඒ තරං හයි බ්ලඩ් ප්‍රෙෂර්. එයාගේ අත් දෙක සීරුවට මගේ බඩ අතගාන කොට එයාගේ කම්මුල මගේ මූන පුරාම අතුල්ලනවා. ඒ දැනෙන සනීපෙ හින්දම මට හෙල්ලෙන්නවත් හිතෙන්නේ නෑ. එහෙමම ඉන්නවා. ඒ අතරේ එයාගේ තොල් දෙකෙන් මගේ දකුණු කන් පෙත්ත හෙමින් හපනවා. ඔන්න ආයේ හිරි වැටෙනවා.. ඒ වගේ නං කවදාවත් හිරි වැටිල නෑ.. එහෙම කන හපන එක නවත්තපු එයා.. විනාඩි ගාණක නිහඩ අනසක අවසන් කරල මට මුමුණනවා. “ඔයා කැමතිද මාත් එක්ක ඉන්න“.. මට ඒකට උත්තර දෙන්න වෙන ක්‍රමයක් හොයාගන්න උනා. හිමින්ම මෙච්චර වෙලා ගල් වෙලා තිබ්බ මගේ අත්දෙක එයාගේ අත් දෙක උඩ තියල හිමින් අත ගාන ගමන්,  මම අනිත් පැත්ත හැරුනා. එතකොට එයා මගේ පිටිපස්සෙන් ඒ විදියට අත් තද කරගෙන මාව බදාගෙන. මට තවත් තද වෙන්න ඉඩ නැතත් මම තද වෙන්න තද වෙන්න එයාගේ තිසරයෝ ඇකිලෙන්න ගත්තා. එයාගේ ඇස් දෙක එක එල්ලේ බලපු මට, බාගෙට ඇරිච්චි තොල් දෙක වෙවුවල විත්තිය පේනවා. මගේ තොල් දෙක වහාම ඒක නතර කරන්න ක්‍රියා කරාම අපි දෙන්න දඩෝං ගාලා ඇද උඩට වැටුනා. 

“බොලාට එතනින් එහාට කියන්න ඕනද යකෝ.. “

“ඉතිං යකෝ තෝ නෝනව දුෂනය කරාද?“

“එයා මාව දුෂනය කරා බං. මට දීපු සැප.. කියල වැඩක් නෑ බං.. ජීවිතේට එහෙම සැපක් දෙන්න දන්න ගෑනියෙක් නං මට හම්බ වෙන එකක් නෑ බං. සුපිරියි.“

“ඉතිං කියපංකෝ ගෑනිට වයස කීයද?“

“මම එදා ඇහුවේ නෑ බං, ඕන්නං පැයක් විතර අපි ඇද උඩම ඉන්න ඇති. ඒ ගමන් එයා කිව්වා 12 වෙන කොට උයන ගෑනි එන හින්දා ඊට කලින් යන්නෙයි කියලා. ඉතිං මමත්... දුක තමා අකුලං ආවා. හැබැයි ඒ වෙන කොටත් ගේම් දෙකක් දීලයි හිටියේ ඩෝ. පස්සේ කිව්වෙ බං අවුරුදු 44 යි ලු“

“උඹට සල්ලි දුන්නේ නැත්ද?“

“මොකෝ නැත්තේ.. රු. 1000 ක් දීලා කිව්වා සුදු කොල්ලෝ හෙට උදේ 8.00 වෙන කොට එන්නෙයි කියලා.. හැක්.. හැක්...“

“ඉතිං තෝ ගියාද?“

“බයිල අහනවද බං.. එදා ඉදල සතියට දවස් දෙක තුනක් අනිවා යනවා. මොන සැපද බං. මිස් කෝල් එක ගහපු ගමන් ගේට්ටුව නිකං අරෙනවා. පැන්ට්‍රියට යන කොට මට ලොකු කිරි වීදුරවක් හදලා, සැන්විච් දාල එයා බලං ඉන්නවා. උදේට කන්න. ඊට පස්සේ ඉතිං එයා මට කවනවා. මං එයාට කවනවා. කිරි මාරු කරගෙන බොනවා. හිනා වෙනවා.. උකුලේ වාඩි වෙනවා. අනිනවා. ෆුල් ෆන්.“

“එයාගේ හබිය ටී එක්ස්පෝට් කම්පැනියක අයිති කාරයා. මිනිහ අවුරුදු 17 ක් වැඩිමල්. බදින කොට මේකිට  අවුරුදු 26 යි ලු. ගෑනි අඹේපුස්ස පැත්තේ. ඒ කාලේ එළකිරි බඩුවක් වෙන්න ඇති. වෙඩිමකදි දැකල මිනිහ ගෙදර ඇවිල්ල අහල තියෙන්නේ.. සල්ලි නිසා බැන්දලු. ඒ උනාට මිනිහට කිසි ආසාවක් නෑලු වැඩේට. අර වැඩේ කොරන්නත් මෙයාලු ඇතුලට දාගන්නේ. ඔන්න එතකොට කොරනවලු. නැත්නං හෙන කම්මැලියලු. කොහොම හරි ඒ ක්‍රෙම්ට ගෑනු ලමයි දෙන්නෙක් ඉන්නවා. දෙන්නම ඉන්ටර්නැෂනල් ස්කූල් යන්නේ.“

“මම ඇහුවම ඇයි මෙහෙම කරන්නේ කියලා. “මට ඕන සැප දෙන්න එයා දන්නේ නෑ. අනික එයා ගේ වයසත් එක්ක ඇග ඔක්කොම රැලි වැටිල මට අප්පිරිය වෙලා තිබුනේ.. පස්සේ මම ඇහුව ඔයා ඇයි මාව අල්ලගත්තේ කියල. එතකොට කියාපි පොඩි කොල්ලෙක්ලු එයාට ඕන. ඔන්න බලාපං මාව හොයාගෙන තියෙන්නේ, මම ඔය වැව පාරේ ජයසුරිය ගොයියගේ ගෙවල් කිට්ටුව නෝනා කෙනෙකුගේ ගෙදර වැඩකට ගියා. මේ ගෑනිත් මට පොඩි කේස් එකක් වෙච්චි ගමන් දිගටම කතා කරනවා ඇවිල්ල හදල දෙන්න කියලා. ඒත් මට මොකවත් පෙන්නුවේ නෑ. ඒකත් ආතල් කෑල්ලක්. අර වගේම විතර වයස. එයාලු කිව්වේ හොද කොල්ලෙක් ඉන්නව කෝල් එකක් දීල ගෙන්න ගන්න කියලා. හැක්... අර නෝනගේ නම වනිගරත්න.. මිසිස් වනිගරත්න. ඒ උනාට දයානි කියන්නේ තමාලි කියලා.. හැක්.. මට කියනවා.“

“සුරං.. ඔයා දන්නවද තමාලිට කොල්ලො දෙන්නෙක් ඉන්නවා.. මාරුවෙන් මාරුවට ගෙදරට ගෙන්නගන්න“

“එතකොට තමා මට තේරුනේ අර ගෑනි මාව බැලුවට මුකුත් කොරගන්න උනන්දු උනේ නැත්තේ ඇයි කියලා. අපරාදේ අප්පා දැන ගෙන හිටියනං මං ඒ වෙන කොටත් ගොඩ බං..“

“හරි හරි දැං කියපං කෝ ආදායම් ගැන“

“මම දවස ගානේ යනකොට මට සල්ලි දෙනවා. අරක ගාන්න මේක ගාන්න. අයේ එනකොට මේ ක්‍රීම් එක ගේන්න. අරක ගෙන්න කියලා. මටත් මොකද ඉතිං, පස්සේ පස්සේ වැඩ ඉවර කරල යන කොට අනිවා පහක් වත් අතට දෙනවා. තව ඕනද කියලත් අහනවා. මට එතකොට තිබ්බා ෆුටාර් එක නේ බං. කොහොම හරි කිව්ව විතරයි කැලිබර් එකට සල්ලි දුන්නා. ඊට පස්සේ මට ඕන විදියට සල්ලි දුන්නා. ඔහොම මාස ගාණක් ගියාම ෂේප් එකේ ඉතුරු වෙච්චි සල්ලි දාලා මදි පාඩුවත් ඉල්ලගෙන කෑෂ් වලට යකෝ කෑෂ් වලට මේක ගත්තේ.. හහ්හහ්හා.“

“උඹ තාම යනවද දයානි නංගි හම්බවෙන්න??“

“නංගි.. යකෝ මේ සීන් එකට කියන්නේ ඇන්ටි පාරක් හොයාගන්නවා කියලා. පස්සේ මට සෙට් උනා ගේම ගහන කොල්ලො දෙතුන් දෙනෙක්ම. උන්නං මසාජ් පාරවල් හිටං දානවලු..දෙයියනේ කියල මට නං එහෙම කරදරයක් නෑ. ඔය කියන විදියට වැඩේ කොරාම ඇති. දැං මම තමාලිගේ ගෙදරත් යනවා. ඒත් දයානි දන්නේ නෑ. තව කේස් එකක් මේ දවස් වල කැරකෙනවා.. නියම ජොබ බං.. ඇන්ටි පාරක් හොයාගත්ත නං. ඔය සල්ලි කදවල් තිබුනට උන්ට සැප නෑ බං. එහෙම පොඩි කොල්ලො අල්ලන් සැප ගන්න ඇන්ටිලා අම්බානට ඉන්නවා බං.. බොලටත් ඕනද එකක්??“
******************************************************
පසු සටහන - දැන් සුරංග ඉතාලියේ (වැනිස් වල) රෙස්ටොරන්ට් එකක් කරනවා. බැදල ඉන්නෙත් ඉතාලි ඉන්න පවුලක කෙල්ලෙක් මයි. මම ඊයේ කතා කරාම ඌ මට බැන්නත් එක්ක, නං නොදා ඕන මගුලක් කර ගනිං කියලා. ආයේ මොකෑ ඌ බලන එකක්යැ. ඔන්න ඇත්ත නං තමා මේවා හරිය. අර හොන්ඩාජුලෝලා එක සීබීආර් එකලු. දැන්නං උපාසකයලු. ඉතාලි ගියපු අළුත දයානි එහේ ආවාලු හබියත් එක්ක. ගමේ එකෙක් විදියට කතා කරල දැන අදුනගත්තා වගේ ඉදල, ඊට පස්සෙන්දා තනියෙං ආවලු උගේ කාමරේට. එදායින් පස්සේ දැක්කේ නැතත් කතා කරනවලු. සල්ලි එහෙම ඕන උනාම බැංකුවට කතා කරනව වගේලු.. හැක්.. ඒත් ඌ දැං ඔය සබ්ජෙක්ට් එක ගැන නොදන්නවා උනාට... කොළඹ සමාජයේ ඔය පැලැන්ති වල මේ වගේ නොසන්නාඩ වැඩ අනත්තවත් වෙනවා.. 

බොලාට උපරිම ආතල් එකක් දෙන්න තිබුනා. ඒත් මොකටද බං නිකං වැල ඇදල උඩ යන්නේ.දුක තමා රංජනී. මේක බොලාට ආතල් ගන්න ලිව්ව එකක් නෙමෙයි.. සමාජයේ පැති කඩක් පෙන්නුම් කිරීමක්..

Sunday, January 27, 2013

සෙක්සි මැඩම් (දෙවන කොටස)

මුල් කොටස මෙතන....

කොහොමත් මැඩම් විනාඩිය කිව්වට හාන්සි පුටුවේ ඇලටය විනාඩි 10 ක් විතර තිබුනා.. ඒ අතරේ මං කල්පනා කරේ ඇයි හත්දෙයියනේ මේ තරං විසාල ගේක එක ගෑනු පරානයක් විතරක් ඉන්නේ කියලා. ඇයි තේරෙන්නේ නැද්ද.. අපේ ගෙදර කාමර දෙකයි තියෙන්නේ ඒත් පහක් ඉන්නවා. තමන්ට ඕන ගාණට ගේ හදාගත්ත නං අඩුම ගානේ පැයකට සැරයක් මූනවත් බලා ගන්න හැකියි අනෙක් එකාට. ඒකටත් එක්ක මේ ගෙදර... මං හිත්න්නේ ගෑනිට මිනිහ හම්බ වෙන්න ඕන උනාම කෝල් එකක් දීල වෙන්ට ඇති ගෙන්න ගන්නේ... ඒකෙන් කාරි නෑ.. ගේ ගැන විස්තර බල බල ඉන්න මට නිකං අමුතු හැගීමක්.. ඒ කියන්නේ කවදාවත් මේ වගේ වැඩ කොරන්න ගියපු ගෙදරකදී ආපු නැති හැගිමක් හිතට ආවා.. මේ පාළු ගෙයි මේ ගෑනු මනුස්සයා කොච්චර පාළුවෛන් ද ඇත්තේ කියලා.. ඒකට හරියන්න දවසම එක්සයිස් කරනව ඇති. පව් අප්පා ඒ වෙලාවේ දන්නවනං සුරුස් ගාලා ඇවිල්ල හදල දීල යනවනේ. 

ගෙදර වටේටම ගහපු අඩි දොලහක් විතර උස තාප්පේ ඉස්සරහින් බරං බරං ගාල වාහන යන සද්දේ තාප්පෙට උඩින් පැනල කනට ඇහුනට පොඩි සිදුරක් වත් නැති තාප්පෙයි ගේට්ටුවයි හින්දා ඩීසල් ත්‍රිවිල් එකක් ඇර වෙන වාහනයක් නං අදුනගන්න බෑ.. මං හිටිය වැරන්ඩා එකම තමා වාහන තියන්න හදල තියෙන්නේ. මම වාඩි වෙච්චි පුටුවත් එක්ක තව පුටු හයක් තිබුනා ඒ පුටු හයට එහායින් සුදු පාට කරීනා කාර් එක දිලිසි දිලිසි තිබුනා. ඊට එහායින් තිබ්බ ඉඩ ආය් දෙකක් නෑ කරිනගේ අයියට තමා..

අමුතු සුවදක් එක පාරටම දැනෙන්න ගත්තා. පුසුබක්.. ඔව්.. දැං තව තව ඒක වැඩි වෙනවා. මට ඉතිං හිතන්න දෙයක් නෑ මැඩම් පුටුව ගාවටම ඇවිල්ල.. (බය වෙන්න එපා යකෝ.. බීපල්ලා තව.. දැම්ම මුකුත් වෙන්නේ නෑ) ඒක දැක්කේ නැති උනාට දැනුනා.. දකුණූ ඇහේ අන්තිම පොට ගාවට කළු බෝලේ ගිහිල්ල ඒක සුවර් උනා. මට හිතුනා විදියට, මගේ මූන මගේ වම් පැත්තට හෙමින් හරවල ඒ සැනින්ම ස්ලෝමෝෂන් දකුණට හරවල මැඩම් දිහා බැලුවා.. මටත් නිකං නුහුරුයි වගේ. කවදාවත් එහෙම වෙලා නෑ අප්පා.. ඉස්සෙල්ල හිටියේ මෙයාමද කියන එක මට ඉස්සෙල්ලම සැක උනා.. ඔව් අනේ.. පොඩි පේෂල් කට්ටකුත් මූනේ දාලා.. දැන්නං වයස පාට නෙමෙයි මොකවත්ම පේන්නේ නෑ. ඒ උනාට ඇදුම පොෂ් වෙලා වැඩි වෙලා සෙක්සි වෙලා. දණ හිස ගාවට අගල් දෙකක් විතර අඩුවෙන් ටයිට් ෂෝට් එක (ඔය බයිසිකල් පදින කොට කොල්ලෝ අදින්නේ) ඒකත් බුරියෙන් බාගයක් විතර වහගන්න බැරුව. ස්පෝට්ස් ෂූස් දෙක දාල කකුල් දෙක සුදට සුදුයි. අම්මප හිතුනා. වහපු ටික කොච්චර සුදුද කියල. ඒක සුදෝ සුදු වෙන්න ඇති. එතකොට උඩට ස්කිනිය. ඒකත් ටයිට්. හැබැයි සුදු පාට ටවල් එක කර වටේ දාගෙන.. මං දිහා හිනාවේගෙනම ළගට එනකොට තමා ඔය සිද්ධිය දැක්කේ.. නලියනවා බං.. වැඩක් නෑ කියලා..

“මිස්ට සුරංග.. යමු එහෙනං අපේ ජිම් රූම් එක තියෙන්නේ එහා පැත්තේ..එතනට යමු“

මමත් හා කියලා පුටු පහක් පහු කරා. කරීනත් පහුකරා. කරීනගේ අයියගේ තැනත් පහුකරල, එතැනින් කොරිඩෝව අංශක අනූවට හැරිල වම් පැත්තට යනවා. එතනං පුටු හයක් තියෙනවා. පුටු හයට එහායින් මවුන්ටන් බයික් දෙකක් තියෙනවා. ඒකත් පහු කරන කොට හොදට පොලිෂ් කරපු දොර තියෙනවා. මැඩම් යතුරු කරකවන්න ගත්තා. එතකොට කිසි සද්දයක් නැතිව දොර ඇරුනා. මම ඇතුලට එනකං එයා දොර අල්ලන් හිටියා. ඊට පස්සේ දොර නිකංම වැහුනා. ඒ වැහෙනවත් එක්කම මැඩම් ලයිට් දැම්මා. ඊට පස්සේ ජනෙල් ඇරියා. ඒවා ජනෙල් කිව්වට දොරවල්. දැන්නං හොදට හුලං පාර එනවා කාමරේට. එතැන පොඩි කුෂන් කරපු බෙන්ච් එකක් තියෙනවා. ඊට එහායින් ටවල් රැක් එකයි.. ඩිකැන්ටර් එකයි. ඊට පස්සේ පොඩි ෆ්රිජ් එක. ඔය ඔක්කෝම බිත්තිය පැත්තට වෙන්න. ජනෙල් පැත්තට වෙන්න ට්‍රෙඩ් මිල් එකයි.. බර උස්සන එකයි තියෙනවා. මම බලං ඉන්නවා. මැඩම් ට්‍රෙඩ් මිල් එක ගාවට ගිහිල්ල මට ඔළුවෙන් අඩගැහුවා එතනට එන්න කියලා.

“මේක තමා ඒ... බලන්න පොඩ්ඩක්“

මම හිමින් සීරුවේ ස්විච් එක දාන්න කලින් වයර් එක ඇදල කරල බැලුවා. ඒකෙනං කිසි කේස් එකක් නෑ. ඊට පස්සේ ස්විච් එක දැම්මා. ඉන්ඩිකේටර් එක වත් නෑ. දැං මොකද කරන්නේ කියලා බලල මම කිව්වා මේක පවර් එනවද කියල ගලවල බලන්න ඕනය කියලා.. එතකොට මැඩම් කියනවා “ප්‍රශ්නයක් නෑ“ කියලා

එහෙම කිව්වම මටත් මොකද කියල බෑග් එක ඇරල ස්කෘ එකයි 10 යතුරුයි අරගෙන වාඩි උනා දෙයියනේ කියල. ඒත් එතකොට මට තේරුනා මට බිම වාඩි වෙන්න අමාරුයි කියලා. එහෙම හිතල මං වට පිට බැලුවෙ මොකක් හරි බංකු කෑල්ලක් තියේද කියලා. නෑ මුකත් නෑ. තියෙන එකම බෙන්ච් එකෙත් මේ නෝනා ඒ ඩිංගට වාඩි වෙලා. කුෂන් එකට තමා සැප.. ඒත් මං එහෙම තැක් ගැහෙන කොට මැඩම් ඇහුවා මොකක්ද ඕන කියලා. මං කිව්වම ඔය වගේ බංකුවක් බැලුවේ කියලා. “ආ මේක ගන්න කියල එයා නැගිට්ට“ මං ඇවිල්ල බෙන්ච් එක තනියෙන් අරන් ගිහිල්ලා කොනකින් වාඩි උනා. 

දැං මං ෆුල් ඩබ් දාලා ඇන ගලවනවා. ඒ අල්ලපනල්ලේ ඉඩ තිබ්බ කොනේ මැඩම් වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාගෙන වාඩි වෙලා ටිකක් පහත් වෙලා මං කොරන වැඩේ බලනවා මම දැක්කා. දැං නං හීන් දාඩිය දානවා. කවදාවත් ඔය වගේ දෙයක් මගේ ඔළුවට ඇවිල්ල නැති හින්දා මගේ හිතේ ගැස්මත් වැඩිවෙලා, ඒ මදිවට අත්දෙකෙන් අල්ලෙත් දාඩිය දානව. ඇග රත්වෙලා.  මොනා කරන්නද කොල්ලා ඒත් වැඩ. දැං උඩ කවරේ ගලවල පැත්තකින් තියල ඒකේ බෙල්ට් එක ගලවන්න ඕන පවර් යුනිට් එකට අත දාන්න. මම හිමින් ඒකත් ගලවල දැං වම් අතින් ඇණ තියෙන තැන් බලන්න දකුණු අත බෙන්ච් එක උඩ තියාගෙන ඉන්නේ. ඒත් අපේ පුරුද්ද නෙව අත දාන කොට හොදට බලාගන්න බැරි දෙයක් නං මූන අහක හරවං අත දාන එක. මාත් පුරුද්දට එහෙම කරා. එතකොට මගේ මූන කෙලින්ම මැඩම්ගේ මූනත් එක්ක සමපාත වෙනවා. සුදු මූන දාගෙන එයා පහත් වෙලා ඉන්නවා. අර කරේ දාං හිටිය ටවල් එකත් බෙන්ච් එකේ. මගේ ඇස් දෙක දුවන කොට මැඩම් ගේ ඇස් දෙකත් දුවන්න ගත්තා මගේ ඇස් දෙක යන තැන හොයාගන්න. ඒත් කියන්න දෙයක් නෑ.. ඒක මේ ළගපාත තිබුන හැම දේම ස්කෑන් කරමින් බලහත්කාරයෙන් යනවා. මට බැරි උනා ඒක වලක්වන්න. මැඩම්ගේ කට පොඩ්ඩක් ඇද වෙලා හීන් හිනාවක් වගේ දෙයක් කැරකෙනවා මට පෙනුනා. මේක තත්පර කියක්ද නොදන්නව උනාට කල්පයක් විතර ගියා කියලයි මට දැනුනේ. ඒත් එක්කම අයේ සාමාන්‍ය තත්වෙට ඇස්දෙක වහාම අරගෙන මුනත් ගෙනත් මැසිම දිහායින් හිටෝල මම ඇන අත ගගා හිටියා. ඒත් මට හරියට එබිල බලන්න අමාරුයි. මම මගේ පොඩි ටෝච් එක දකුනෙන් අල්ලගෙන වැඩේ කොරාට තනි අතින් බෑ. ඒ පාර ඒක කටට තියාගෙන මම ට්‍රයි කොරනවා. එතකොට මැඩම් කියනවා.

“කෝ දෙන්න ටෝච් එක මං අල්ලන්න“ ඒක මහා නියෝගයක් වගේ මට ඇහුනේ. ඒත් හෙන හෙමින් තමා ඇහුවේ.. අයියෝ මටත් කලින් අත ටෝච් එක මැඩම්ට දුන්නම, මැඩම් එහෙමම පස්ස තල්ලු කරගෙන බෙන්ච් එකේ මගේ කිට්ටුවටම ආවා. ඇවිල්ල පරණ පුරුදු විදියටම පහත් වෙලා දැං පන්දම අල්ලනවා.

To be continued...

Saturday, January 26, 2013

සෙක්සි මැඩම් (පළමු කොටස)

මේකත් මේ පැරණි රසාංගයක්.. අද පෝය දවස වෙච්චි හින්දද මන්ද වෙනියට වගේ මොලේ රත්වෙලා පරණ දේවල්ම මතක් වෙන්නේ. වෙනියට නං ඉතිං අද කතා මතක් උනත්... ඔන්න පුතෝ ලියන්නෑ කියල කොටල තියෙන හින්දා පෝය උනාට කමක් නෑ. දාන්න එපා හරිය..මේ මගුල් වෙනියෙක් මතක් වෙලා මොලේ උඩටම ඇවිල්ල තිබ්බ කතා පොජ්ජත් අමතක උනා.... හරි හරි ආවා ආවා..

බෑ බොල.. මේක හරියන්නේ නෑ..  ඇත්තටම කිව්වොත් මගේ ඔළුවට ආපු කතාව මේ වෙන කොට ලියල අහවර කරල මගේ ඩ්‍රාෆ්ට් ලිස්ට් එකේ හත් වැනි අනුමත නොවිච්ච පෝස්ට්කටුව විදියට තියෙනවා.. ඒත් මොකක්ද මන්ද හිතට ලොකු බයක් ආවා.. ඒක දාන්න.. ඒකත් එක්තරා පෙම් කතාවක් උනත්.. බැරිවෙලා හරි දන්න කියන එකෙක් මේක බැලුවොත් මම හද්ද අනාථනාත වෙන හින්දා ඒකත් අමතක කොරල අනිත් ඒවත් හිමින් සීරුවේ බලන කොට තමා මේක මතක් උනේ. 

එක්තරා කාලෙක මට හිටිය හොද යාළුවෝ සෙට් එකක් බොරලැස්ගමුව වැව පාර, පිරිවෙන පාර හා ඔය ඊට ආසන්න ප්‍රදේශ වල. මේ සෙට් එකේ හොද ගොයියෝ වගේම හද්දා සාටර් බඩුත් හිටියා.. ඔතන ඇත්තටම මට හිටියේ එක යාළුවෙක් විතරයි. මිනිහා මගේ හොද යාළුවෙක් වෙලා හිටියේ ඔෆිස් එකේ රාජකාරි, ඊට පරිබාහිර දේවල් හින්දමයි. කොහොම හරි චමියගේ ඉස්කෝලේ ක්ලික් එකේ යාළුවෙක්ට කරුමෙට අපේ ගෙවල් පැත්තෙන් යන්න වෙන තැනකින් තමා (ඒ කිව්වේ තව දුර යන්න ඕන) මගුල් කතා කරල තිබුනේ.. එහෙම තිබ්බ වෙලාවක මුං සෙට් එක පහක් විතර ඩොල්පින් එකක නැගල ආවා නෙව අපේ ගෙවල් පැත්තට. මූ ගමට කිට්ටු කරල මට කෝල් එකක් දුන්නම මමත් ගියා ටවුමට.. මොකෑ කොරන්නේ කියල ඇහුවම “වරෙන් යන්න“ කියපු හින්දා මාත් උන් සෙට් එකත් එක්කම තව තැන් දෙකක විතර කරක් ගහල තව හැන්ද වෙන්න එහෙම ගියා අර බදින්න ඉන්න කෙල්ලගේ ගෙදර. ඒ කෙල්ලගේ ගෙවල් නං ඇත්තටම හෙන ග්‍රාම්‍ය පරිසරයක තිබුනේ.. ඒ වගේම තමා කතා බහ, හැසිරීම, ආගන්තුක සත්කාරය එහෙමත්.. අම්මල තාත්තල මොන විදියට වත් පුටුවක වාඩි වෙලා කතා කරන්නේ නෑ. ඒ තරං මේ කොළඹ මහත්තැන්ලට ගෞරවයෙන් තමා උන්නේ.. ඒ විදියට ලැබුණ කේක් කෑල්ලයි, තේ එකයි බීල බදින්න ඉන්න දෙන්නට ඔන්න ඔහේ කදයක් දාගෙන ඉන්න කියල අපි එළියට බැස්සා.. දැං මේ ටිකටත් මම මුංව අදුරගෙන ඉවරයි. චමියා මගේ යාළුවා. අනිත් උං, සුරංගයා, හසිය, දුමියා අනෙකා පොඩ්ඩා.. මුං එක්ක කතාව සැරට දාගෙන හිටියම තේරුනා අද රෑට නං ගෙදර යාම බොරු කියලා. ඒ තරං සුදානං වෙලා ඇවිල්ල හිටියේ, පස්සේ සීට් එක පුරාම නැටුං තෙල් බෝතල් තිබුනා.. අනේ අනිච්චං කියපු මාත් ඉතිං පහුවදා තමා ගෙදර ගියේ උනුත් එක්කම. 

ඒත් එදා රෑ සුරංගයා කියපු එක කතාවක් මට හොදටම මතක තිබුනා.

“මචං මං කවද හරි හොන්ඩා 350 යක් ගන්නවමයි බං.. මම ඒකට තමා දැං ට්‍රයි කොරන්නේ“

ඇත්තටම බැලුවම මුං ලොකු වත්කමක් තියෙන උනුත් නෙමෙයි. ඒත් මේකා හරි හමං ජොබක් වත් කොරන්නේ නෑ.. ඔය ඉලෙක්ට්‍රිකල් අයිටම් හදන එකයි විශේෂයෙන්ම ෆිට්නස් මැෂින් ගෙවල් වලට ගිහිල්ල හදන එකයි තමා කොරන්නේ.. අනිත් උං කින්ඩි දැම්මට මූ කීයටවත් පිළිගත්තේ නෑ.. එකම මතේ හිටියේ ළගදීම බයික් එක ගන්නවමයි කියලා.. 

ඔහොම අවුරුද්දක් විතර අපේ මිත්‍රත්වය තිබුනා. ඒ අතරේ අර හාදයගේ වෙඩිම තිබුනා. ඒක නිසා ඒ පැත්තේ කරක් ගහන්නත් උනා.. කොහොම හරි චමිය දවසක් හැන්දෑවේ ඇවිල්ල මට කිව්වා උගේ ගෙදර යන්න එන්නය කියලා.. මම ඇයි කියල ඇහුවම තමා මූ කිව්වේ,

“අන්න බං සුරංගයා බයික් එක අරගෙන.. අද පාටියක් බොටත් එන්න කිව්වා“ කියලා

මගේ වැහිල තියෙන ඔක්කොම තැන් ඇරිලා. “නෑ“ කියල කියවුනා. “එතකොට මූ ඒක ගත්තා. කොහොමද බං ගත්තේ“

“ඔය ප්‍රශ්නෙට අද ඌ උත්තර දෙනවයි කිව්වා. ඉතිං වරකෝ යන්න“

ඔය කාලේදි මාව හොයා බලාගන්න කවුරුවත් ඇත්තෙත් නැති හින්දා කිසිම කරදරයක්, වීසා ලබා ගැනීමකින් තොරවම එහේ යන්න ගියා. ඔන්න තෙල් බෙදපු සුරංගයාගේ කතාව..


“හෙලෝ... මිස්ට සුරංග“
“යේස් ස්පීකින් මෑම්“
“ආ... සුරංග මම මේ ඇඹිල්ලවත්තෙන් කතා කරන්නේ.. මගේ ෆිට්නස් මැෂින් එක හදාගන්න“
“ඔව් මැඩම්.. කියන්න“
“ඊයේ උදේ එක්සයිස් කරන කොට ස්ලෝ වෙලා මේක නැවතුනා. දැන්නං වැඩ කරන්නේ නෑ.. අනේ මට මේක ඇවිල්ල ඉක්මනට හදල දෙන්න. ප්ලීස්“
“හරි මැඩම්... දැං උදේ 7.20 යි නේ.. මැඩම් වෙලාවක් කියන්න මම එන්නං“
“වෙරි ගුඩ්.. ම්ම්.. මම හස්බන්ඩ් එක්ක ජිම් එකට ගිහිල්ල 9.00 වෙන කොට ආයේ එනවා. ඔයා එහෙනං ඒ වෙලාවට එන්න“
“රයිට් මැඩම්“

උදේ පාන්දරම ආපු කෝල් එක හින්දා මම වෙනදට වැඩිය වේලාසනින් නැගිටල, හෙමින් හෙමින් ලෑස්ති උනේ, මොකද ඔය ඇඹිල්ලවත්ත කියන්නේ මට විනාඩි 10 ක් වත් යන දුරක් නෙමේ හින්දා. ඇඩ්රස් එක ලියාගත්ත කොලෙත් අරගෙන මම ෆුට් සයිකලෙන් යන්න පටන් ගත්තා ඒ මැඩම් ලගේ ගේ හොයාගෙන. පාර දන්නව උනාට කවදාවත් මේ ගෙවල් තියෙන හැටියක් බලල තියෙන එකක්යැ. නම්මරේ 433. හරි මේ තියෙන්නේ.. අප්පට සිරි මේක මාලිගාවක් නේ... ගේට්ටුවට තට්ටුවක් දානවද??  මොන එහෙකටද ඔය තියෙන්නේ ඔබලා කතා කරපං කිව්වම මම බට්න් එක ඔබලා කතා කරල විස්තරේ කිව්වා. වැඩේ හරි.. ස්ලයිඩින් ගේට්ටුව උඩට නිකංම ඇරුනා.. මම දැං තණකොල තියෙන කොටස පහුකරගෙන මහා විසාල වැරන්ඩාව ගාවට ලං වෙනවා.. ගේ වටේම එකම සුදු පාටයි. ආයේ අහන්න දෙයක් නෑ.. වැරන්ඩාවට දාපු කොන්ක්‍රීට් කනුවත් මං හිත්නේ බර ගානක් වෙනවා ඇති... මම හිමින් වට පිට බලන කොට, අප්පට සිරි මැඩම් කෙල්ලෙක්ද?? පුහ්.. ටයිට් ඩෙනිම ගහල, ඒ මදිවට එළකිරි ටී ෂර්ට් බාගයක් ගහලා,, එනවා මට පේනවා ජනෙල් වීදුරුවෙන්.

මගේ ඉහමොළ පොඩ්ඩක් රත් උනේ බයටම නෙමෙයි.. ගෙදර කව්රුවත් නැතිව වගේ පේන හින්දා. ඔය මොන පයිත්තියං වැඩ කොරත් ඕවට ඩිංගක් හිත බයයි නේ... ඔන්න මැඩම් දොරෙන් එළියට ඇග ගෙනාවම. තමා දැක්කේ. . හිකිස්..පොෂ් ඇදුම විතරයි කියලා.. නෑ නෑ... මැඩම් බියුටිෆුල්.. ඒත් වයසයි මෙයා... අවුරුදු 48 ක් වත්.... අම්මප මේ ගෑනුන්ට පිස්සුද මන්ද වයසට ගිහිල්ලත් බොරුවට කෙල්ලො වෙන්න හදන්නේ... එහෙම හිතාපු මම නිකං හිතට ආපු අමනාපෙත් එක්කම මැඩම්ගේ මූන දිහා බැලුවා නොසැලකිල්ලෙන්..

“ආ.. මිස්ට සුරංග පොඩ්ඩක් ඉන්න.. මම මේ ආවා විතරයි.. මට විනාඩියක් දෙන්න“
“ඉට්ස් ඕකේ“ කියල මම වැරන්ඩාවේ බර පුටුවකට ඇල්ම දැම්මා..

To be continued...


Tuesday, January 22, 2013

අලුගුත්තේරුවෝ (Idiots)

මම ජීවත් වෙන්නේ බයකින්. 

ඒක විස්තර කොර කොර ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. 

ඒත් මේවා නොකියා තිබ්බොත් අන්තිමට වෙන්නේ මැරිච්ච දවසට කිසිම වරදක් නොකර මිනිහෙක් වගේ හාමුදුරුවන්ගේ පාංසුකූල කතාව අහන්න වෙන එක විතරයි. 

ඒත් ඒක මට ඇහෙන්නැති උනාට, අහගෙන ඉන්න මං වටේ හිටිය උං පස්සා පැත්තෙනුත් හිනා වෙලා ඔය ගැන කතා කරන හා හූව පැතිරෙන කොට වලේ හිටියත් ලැජ්ජාවට මූන ඇඹරෙනවා කියල මට හිතෙනවා.. 

මට කියන්න ඕන උනේ මේ අපේ රංජන් රාමනායක මහත්තයා කොහේද රටක මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක් දීල කියල තියෙනවා පාර්ලිමේන්තුවේ මිනිහගේ ළගින් ඉන්න, එකෙක් කුඩු කාරයෙක්ය, අනිකා මිනීමරුවෙක්ය, තව එකෙක් සල්ලාලයෙක්ය කියලා.. හෙහ්.. එතකොට කොහොමෙයි ඔය කතා නායක උන්නාන්සේ කියන උත්තරීතර බව එතැන තියෙන්නේ නේද? 

අන්න වැරදුනා උත්තරීතර වන්නේ ජනතාවයි.. ඒත් මේ අහිංසක ජනතාව එකා එකා අරගෙන වමාරල බැලුවොත් මේ හැම එකාම අඩු වැඩි වශයෙන් අලුගුත්තේරු වැඩ කොරල තියෙයි කියල හිතන්න වෙනවා. 

ඔන්න බබෝ බුදු දහමට අනුව එහෙම අලුගුත්තේරු වැඩ ගැන හිතීමත් පවක්.. ඔව් ඔව් බොලාටත් එක්ක තමා,, කොටට ඇදල උඩට පලපු කෙල්ලෝ දිහා හැරි හැරි බලල ඒකෙන් ආතල් එක ගන්න එකත් පසිදුරන් පිනවීමක් තමා.. ඒ වගේ හොදට ගහල, රෙඩ් බුල් අහන්නෙත් නැති වෙලාවට කට්ට කරුවලේ කුණුහරුප විසීකරන බේබද්දත් ඒ වගේම අලුගුත්තේරුවෙක් තමා. ඒ මදිවට මේ හරක් තමන්ගේ ගෑනිටත් තඩි බාන්න ලෑස්ති වෙනවා. ඉතිං අහිංසක ගෑනු ඒ වද කරුමෙන් බේරෙන්න මහ රෑට, අපි පුංචි කාලේ කරපු හැංගි මුත්තං කොරනවා. ඒත් මේ මිනිහට ඒක උදේට අමතකයි, ඇයි ගෑනිට ඒකිටත් අමතකයි. අපිට.. හුහ්... අපිට අමතක උනත් ඒ රෑ වීසි වෙච්චි සුමිහිරි වචන අපේ දරුවන්ට අමතක වෙන්නේ නෑ.. බොහොම අමාරුවෙන් කටට දෙකක් දීලා තමා ඒවා නවත්තගන්නේ.. එහෙම බැලුවම අර ගෑනිත් අලුගුත්තේරුවෙක් එක්ක ඉදල තවත් අලුගුත්තරාවියක් වෙලා. දෙයියනේ කියල කිසි වරදක් නොකර මගේ පාඩුවේ ඉන්න මමත් දරුවන්ට තඩි බාලා නිකංම අලුගුත්තේරුවෙක් වෙනවා.. හෙහ්..

තව කස්ටියක් ඉන්නවා. ගෙදර ගෑනිට ෆුල් සැප දෙන ගමන්, දරුවන්ටත් හොදට සලකන ගමන් සීල් කඩපු ඒවායේ රස බලන. එක පාරට එකක් නෙමේ දෙක තුනකම රස බලන හරිම ආදරණීය ස්වාමිපුරුෂයෝ ඉන්නවා. මේ හාදයෝ ගෑනිත් එක්ක ටෙලිපෝන් එකෙන් කතා කරත් හෙට බදින්න ඉන්න ගානට තොදොල් වෙලා තමා ටොපිය දෙන්නේ.. ඒත් ඇත්තටම ඌත් මහ අලුගුත්තේරුවෙක්. තමන්ගේ ගෑනිට අලුගුත්තේරුකං කොරනවා. එතකොට අර ගෑනු උනුත් එහෙමම තමා.

තව ඉන්නවා මුං හොරකං කොරනවා. අපි රු. 100 ක් දුන්නම ඌ රු. 10 ක් සාක්කුවේ දාගන්නවා. රජයේ කාර්යාලයකට ගියාම මොකක් හරි වැඩක් කොරගන්න නං ඔය ආතක් පාතක් නැති එකෙක්ට කීයක් හරි දෙන්නම ඕන. ඒ මදිවට ඒවයේ මහත්වරුත් වවුචර් දාගෙන හොරකං කොරනවා. කොමිස් එක පස්සේ එනවා. ඇයි වාහන හදන ඒවා, සැපයුම්, කොන්ත්‍රාත් එකි මෙකී නොකී හැම දෙයින්ම හොරකං කොරනවා. මම දන්න කොන්ත්‍රාත්කාරයෙකුට මිනිහගේ චෙක් එක දක්වා බිලක් හදාගන්න විසි එක් දෙනෙකුට අඩු වැඩි විදියට කුට්ටි දෙන්න ඕන කියල දවසක් කිව්වා. හැබැයි මොකෑ උනත් දවස් දෙකෙන් බඩු අතේ... ඒ කිව්වේ චෙක් එක.. එහෙම නොකරන එකාගේ බිල් එකක් චෙක් එකක් වෙන්න මාස දෙකක් වත් යනවා. ඉතිං අලුගුත්තේරු වැඩ නේ මේවා.. අර මාස දෙකක් චෙක් එකක් ගන්න ඉන්න එකත් සාපේක්ෂව අලුගුත්තේරුවෙක්. ඇයි යකඩෝ තේරෙන්නේ නැද්ද,, මිනිහටත් පොඩි මස් කට්ටක් විසික් කොරානං බඩු ඉක්මනට හම්බවෙනවානේ.

තව උන් ඉන්නවා..සිල් ඇත්තො.. හුහ්.. මුං මුළු පැය විසි හතරෙම සිල් අරගෙන වගේ ඉන්නේ.. තව එකෙකුට ඇහෙන්න කතා කරන්න වත් දන්නේ නෑ. කතා කරත් හරිම මිහිරි ආයාචනාත්මක විදියට තමා. ඒත් ගෙදර ගිහිල්ල බලන්න ඕන.. උන් නිකං යකඩ වලින් හදපු ඒවා කියල හිතල තමා කටවල් පාවිච්චි කොරන්නේ... නිකමට හිතන්නකෝ... ඔය සෝබන සුකුමාර විදියට තොදොල් වෙලා කතා කරන මොන ගෑනිත් ගෙදර ගියාම එකම යකින්නක් වෙනවා. එතකොට අර ලස්සන දේ නෑ. පිටට පේන්න විතරයි. මේ කිව්ව උනුත් ඔක්කෝම අලුගුත්තේරුවො.

තව ඉන්නව... මුං කියනවා මුං තමා මේ ලෝකේ තියෙන ඔක්කොම වැරදි කොරන්නේ කියලා.. එතකොට අර වචනේ කියන්න මම මහන්සි වෙන්නේ මොකටෙයි නේද...

තව ඉන්නවා බ්ලොග් කාරයෝ....



                  ඒ ගැන ලියපු ඒවා මටවත් පේන්නේ නෑ.. මං හිතන්නේ මැසිමේ ලෙඩක් ද කොහේද.. කමක් නෑ.. ඒත් එහෙම තමා...


හහ් හහ්.. හා.. දැං මේ කාන්ඩෙට ඇතුලත් නොවිච්චි කට්ටිය ගැන විස්තර දෙන්ටකෝ බලන්න.. එතකොට නෙව අපි දන්නේ මේ ලෝකේ 100% ක් ම අලුගුත්තේරුවොය ඉන්නේ කියල.. හරි එහෙම නං 100% ක් අලුගුත්තේරුවො ඡන්දෙ දීල පත් කරන උත්තමයෝ ටිකත් පාර්ලිමේන්තු අලුගුත්තේරුවො බව අපේ සත් ගුණවත් රංජන් රාමනායක ගොයියා නොකිව්වත් හොදටම තේරෙනව නෙව... අනේ මංද... 

වර්ගපුර්ණිකාවට අනුව අලුගුත්තේරු නාමයෙන් යෙදෙන නාම පද, ක්‍රියා පද, කිසිලෙසකින් වත් අපහාස කිරීම සදහා භාවිතා නොකරන වචනයක් වේ.

Saturday, January 19, 2013

අනේ මේක විකුණන්නේ නෑ!! (NOT FOR SALE)

කාර් එකක් එහෙම ගන්න ඕනද? ඒකට වාහනයක් හෙම බැලුවේ නැද්ද? 

ඔන්න අපේ කෝරලේ නං බනියගේ තාත්තා කිව්ව විදියටම වාහනයක් ගත්ත නෙව. ඉතිං එහෙම හිතනකොට ඔන්න මතක් උනා අපේ මිත්තරයෝ දෙන්නෙක් කාර් එකක හුටපටයක් හින්දා ටික කාලයක් යනකං අන්දොස් වෙලා හිටිය කේස් එකක්.

අපේ මිත්තරයා, සිරා, මිනිහට ගත්තා වයින් රෙඩ් පාට ස්විෆ්ට් එකක්. ඒක මේ අළුත් කේ නොම්මරේ තියෙන වාහනයක්. සිරා ඉතිං ඕක ගත්තේ මිනිහ පාවිච්චි කොරපු රතු පාටම මරුතිය විකුණල දාලා තමා. දෙයියන්ගේ පිහිටෙන් (වැරදුනා චින්තනේ පිහිටෙන්) ටැක්ස් එක වැඩි කොරාපු වෙලාවේ පට්ට සැපයි කියල සිරා අතට හොද ගානක් තියාගෙන ඒක දුන්නා. ඒක දෙන වෙලාවෙත් ඔය ඇඩ් එහෙම දැම්ම තමා, ඒත් ඔන්න මම නං මිනිහට නෙට් එකේ ඇඩ් එකක් හෙම සෙට් කොරල දීල, සිරාගේ වගේම මගේත් මිත්තරයා වෙච්චි ගෝරියා (ඒ කිව්වේ මූගේ නාමේ ගෝර්ඩන් හින්දා අපි කියන්නේ හරම තමා) ගේ කනේ මේ සින්කෝන් එක තිබ්බා.

ෂැක් බං දේශා, මූ මට කිව්වෙත් නෑ මරුතිය විකුණනවයි කියල, මං ඕකට කිව්වත් එක්ක ඕක දෙනවනං මට කියහං කියලා“ කියාපිකෝ.

පොඩ්ඩක් ඉදපං ගෝරියා, මං දැං සිරාට කෝල් එකක් දීල අහන්නං

එහෙම කියල මම සිරාට කෝල් කරල කිව්වා ගෝරියා කිව්ව කතාව.. එතකොට මූ කියාපි,

ඌත් එක්ක බෑ බං, ඒ යකාගේ ගනං වලට දීලා මට පාඩුයි ඒකයි දෙන්නැත්තේ

කොහොම හරි මේ සිද්ධිය එතැනින්ම ෂේප් කරත් ගෝරිය නං ටිකක් අමනාපෙන් උන්නේ වාහනේ කේස් එක හින්ද. පස්සේ සෙට් වෙච්චි වෙලාවක මං ඌට කිව්ව උඹ ඉතිං වෙන එකක් හොයාපං කියලා..

“වෙන එකක් හොයා ගන්න පුළුවන් බං, ඒ උනාට මූ වගේ කාර් ලෙවකාලා හෝදලා, කොං හතර ඉඹ ඉඹ ඉන්න හාදයෙක් ගේ එකක් ගත්තම සැපයි නේ බං, මාසයක් දෙකක් දුවල ෂේප් එකේ හොද ගානකට දීගන්න පුළුවන්. අනිත් එක උඹ දන්නව නේ මූ කුණා උනාට ඔය වාහනේ පොඩි සද්දයක් ආවත් පැය ගාණක් හොයල කොහොම හරි ඒක හදා ගන්නේ. ඇයි මතක නැත්ද අපි අවිස්සාවේල්ලේ ගියපු වෙලාවේ ඌ කරපු වැඩේ.. හහ් හහ්.. හා“

ඔන්න එතකොට තමා මටත් මතක් උනේ. මමයි, මුං දෙන්නයි අනිත් එකා අපේ රාමයා (මතක නැත්නං බලාපල්ලා අර ලෝ පෑන් කාරයා)යි අනෙකා මාගරට් (ඉස්කෝලෙදි පොඩි කාලේ ඉදලම මාගරට් ටීචර්ට ගොට්ට අල්ලපු හින්දා ඌට ඒ නම රෙජිස්ටර් කොරල තියෙන්නේ) සෙට් එක සිරාගේ මරුතියෙන් එක දවසක් යන්න ගියා අවිස්සාවේල්ලට මේ මළ ගෙදරක යන්න කියලා. එදා සිරා බොහොම පරිස්සමින් ගියේ මොකෝ කියන්නේ ඌ කවදාවත් කාර් එකක හතරක් දාගෙන යන්නේ නැතෙයි කිය කිය නාහෙන් අඩ අඩ. මූව බයිට් එකට ගන්න (මම ඉස්සරහ හිටියේ) පස්සේ හිටපු අරුන් තුන්දෙන මොකක් හරි වැල කතාවක් කිය කිය මීටර් සීයෙන් සීයට සීට් එකේ උඩ පනිනවා. එකනොට කාර් එකට පොඩ්ඩක් දැනෙන්න ගන්නවා. සිරා දෙපාරක් විතර ඔරව ඔරව ගිහිල්ලා බැරිම තැන බොහොම සාන්ත විදියට අයිනෙං නවත්තලා පස්ස හැරිල අරුන්ට මෙන්න මෙහෙම කියනවා.

“අනේ මචං උඹල හිනා වෙලා විතරක් හිටපල්ලකෝ.. සීට් එකේ උඩ පනින්නේ නැතුව.. මට එළවන්නත් අමාරුයි බං එතකොට. අනික වාහනේට හොද නෑ බං. සොක්ස් බහිනවා ගිඩි ගිඩි ගාල“

එතකොට අරුන් කියනවා “ඕක මොකක්ද බං උඹ එහෙනං අර සනියගේ වෑන් එකේ පිටිපස්සේ සීට් එක කඩන් කෑවේ ඒකේ දගලල අපි සිරිපාදේ ගියපු වෙලාවේ“ කියලා. 

හෙහ්.. අපි සිරිපාදේ ගියපු යන වෙලාවක මේකා ෆුල් සූර් වෙලා පස්සේ සීට් එකේ මයිකල් ජැක්සන් වගේ සින්දු කියන්න ගිහිල්ල, හුඩ් එකේ ඔළුව වැදිල හොම්බ සීට් එකේ ඇනිලා, අත ගිහිල්ල කුෂන් එක කැඩිච්චි තැනකින්, ආයේ අත ගන්න කොට අපරාදේ අයියෝ රෙක්සින් (කුෂන් එකේ) පදාසයක් ම ගැලවිලා ආපු එක තමා ඔය කිව්වේ.

මේක අහපු සිරාට ඉහමොළ රත් වෙලා ගොත ගැහෙන්න ගත්තා. අපි දන්නව මූට එහෙම වෙන්නේ නප්පියටම තද උනාම කියල.. එතකොට තව ටිකක් ෆෝම් කරන එක තමා ඉතිං කළ යුතුම දේ. එහෙම නේද?/ හෙහ් ඉතිං තදේ පිටින්ම ආයේ පාරට ගත්තත් වාහනේට තව මීටර් සීයක් යන්න උනේ නෑ.. හුළං බහිනවා. හෙහ්. සැප කනේ නෙව. ඒත් අරුං හිනා වෙනවා.. 

මචං සිරා, බැහැල බලහං පස්සෙන් හුළං බහින්නේ

මූ ඔරවල බැස්සා. ඔව් අප්පා පස්සේ වම හුලං බහිනවා. අපේ ඈයොත් දැං බැහැල බලන් ඉන්නවා. අනේ අපේ සිරා තනියම, තනියම රෝදෙත් මාරු කරනවා. ඔක්කොම කරල යන්න ලෑස්ති වෙලා වාහනේට අරුන් දඩි බිඩි ගාල නැගලත් ඉවරයි.. සිරා නගින්න දොර අරින කොටම ඌ දැක්කා පස්සේ දොරේ චුයිංගම් කෑල්ලක් ඇලිලා. හෙහ්... අනාතයි නෙව. මූ අඩනවා වැලපෙනවා.. බනිනවා.. මේක කරේ අර අළුගුත්තේරු ගෝරියයි කියලම තමා හිතන් ඉන්නේ. දැන්නං ආතල් කැලේ වැඩේ සිරියස් වෙලා කස්ටියම අන්දොස්...  මළ කෙළියයි. අවංකව කිව්වොත් අපි එකෙක් වත් හිතුවේ නෑ මූ මෙච්චර සිරියස් ගනිවි කියලා.. හෙහ්.. (ගෝරියා තමා වැඩේ කොරේ)

“මම යන්නෑ උඹලත් එක්ක කොහේවත්.. මම දැන් ගෙදර යනවා. දේශා උඹ විතරක් නැගපං. උඹව ගිහින් දානවා. තොපි එකෙක් වත් එන්න එපා මේක මගේ කාර් එක..“

කාල වරෙන්කෝ. දැං මොකෑ කොරන්නේ. සමකෝණි ත්‍රිකෝණයක මම හිර උනා.. සිරාත් ඕන.. අරුනුත් ඕන. හිතන්න තත්පර ගානයි තියෙන්නේ.. අරුං බැස්සා මුගේ හයිරං අහන්න බැරි හින්දා.. මමත් බැස්සා.. ඒ පාර මූ කියනවා.

“හැබැයි උඹ මාත් එක්ක එන්නම ඕන.. නැත්නං ආයේ උඹත් එක්කත් මගේ නෑ කිසි කනෙක්ෂන් එකක් කියලා“ මොකා උනත් මූ හොද එකා හින්දා අරුන්වත් ෂේප් කරල යන්තං ගෙදර ආවා. ඔය සිද්ධිය කස්ටිය මාසයක් විතර හිතේ තියාගෙන හිටියත් අනිත් උන් ඒකේ ආතල් එක උපරිම ගත්තා. උනුත් මහන්සි වෙලා බොහොම අමාරුවෙන් තමා සිරාව ආයේ ට්‍රැක් එකට දාගත්තේ..

ඉතිං එහෙම වාහනේට ආදරේ හින්දා ගෝරියා දත කන්නේ සිරාගේ එකම ගන්න...

දැං වැඩේ හරිගියේ නෑ.. සිරා මරුතිය විකිණුවා.. ගෝරියට මල පැන්නා. මට කිව්වා මං මූට හොද ගේමක් දෙනවා කියලා හක හක ගාලා හිනා වෙලා ගියා යන්න..

ඔන්න ඉතිං සිරා කෙහොම හරි දවස් දෙක තුනක් යනකොට ගත්තා උගේ අළුත් වාහනේ ස්විෆ්ට් එක. මමත් ගියා බලන්න ගෝරියත් එක්ක. ෂහ් මරුනේ කියලා එතැනදී ගෝරියත් අත් වැල් ඇල්ලුවා. මම හිතුවේ මූ දැන් නං කොමිටල් කොරන එකක් නෑ කියලා.


සතියකට විතර පස්සේ සිරා එනවා කගවේනා වගේ මාව හොයාගෙන.

“බලපං බං. අරූ මහ දසයා බං“

“කව්ද බං“

“කව්ද ඉතිං කැ* ගෝරියා තමා.“

“ඇයි ඌ මොකක්ද කරේ උඹට“ (මට දැන් හීන් හිනාවකුත් එනවා. අනිවා කොමිටලයක් තමා කියල)

“බලහං බං මම මේක අරගෙන සතිය නේ බං. මං මොකටෙයි මේක දැම්ම විකුණන්නේ. ඒ උනාට ගිය සිකුරාදා හැන්දෑවේ ඉදල කෝල් එනව එකසිය ගානට. කාර් එකේ ඇඩ් එක දැකලයි කතා කරේ. වාහනේ ගාන කීයද අහ අහ, බැරිම තැන මම ෆෝන් එක ඕෆ් කරල දැම්ම“

“ඉතිං“

“ඒත් යකෝ ටවුම කිට්ටුවට යන්නවත් බෑ. ෂික් කියන්නේ වාහනේ අංකෙත් එක්ක මගේ නම්බර් එක දාල නෝටිස් තුන හතරක්ම අලවල තිබුනා. ඒ මදිවට හැම එකාම අහනවා කීයටද විකුනන්නේ කියලා. දස වදයක් බං මම විදින්නේ. එපා වෙලා තියෙන්නේ. එකෙකුට කියාගෙන යනකොට තව එකෙක් අහනවා. ආයේ තව එකෙක්. අප්පිරියයි බං. මං ඒකයි බයිසිකලේ ආවේ දැං අහන අහන එකාට කියන්නේ විකිණුවයි කියල“

හෙහ්... මට හිතා ගත්ත හැකි. ගෝරියා හොද ගේමක් අඹරලා.. සිරාට මල පනින්නම. 

“ඉතිං උඹ කොහොමෙයි දන්නේ ගෝරියයි මේක කරේ කියල“

“අනේ පලයං බං යන්න. මට ඉලෙක්ට්‍රිකල් ෂොප් එකේ විරාජය කිව්වා ගෝරියා තමා කිව්වේ කියල මම වාහනේ අඩුවට දෙනවයි කියල. පස්සේ අපේ දිල්ශි නංගි කිව්වා ගෝරියා ටයිප් සෙටින් කොරල ප්‍රින්ට්අවුට් ගත්තේ එයාගේ ෂොප් එකෙන් කියලා, බලපං බං මූ කරන කැත වැඩ. මම ගියා උගේ ගෙදර. මූ ඉන්නවා. ඒත් ආවේ නෑ එළියට. මහ බලු වැඩ බං කරන්නේ. බලාපංකෝ කාර් එක අරන් ආසාවට රවුමක් යන්න බෑනේ බං ටවුමේ දැං“

හහහ්... හහ්. හා

පලි - ගෝරියා ඇඩ් එකක් ලහිපිටේ දාලා, නෝටිස් පහකුත් ටවුමේ ගහල මුළු ඒරියල් එකටම බස්සල “සිරා කාර් එක හෙන අඩුවට දෙන්න හදනව“යි කියල. 

හයියෝ කියන්න අමතක උනා. සිරාගේ කාර් එක ඒ දවස් වල යන කොට ඒකේ ඉස්සරහයි පස්සෙයි ගහල තියෙනවා.. NOT FOR SALE කියලා.

Friday, January 18, 2013

කෝ කෙල්ල ගොයියෝ??

මට සාමාන්‍ය පෙළ ලියන කොට පෙම් කොරන්න ඕන තරං කෙල්ලෝ හිටියා. සමහර අය ඒකපාර්ශ්වික ප්‍රේමයට අහු වෙච්චි අය, තවත් අය හිටියා උත්සාහ කර කර බැලුවත් ඉගියක් වත් නැති අය, ඒ අතරේ මගේ ප්‍රථම ප්‍රේමයත් තිබුනා. ඉස්කෝලේ කාලේ තිබ්බ ඒක පාර්ශ්වික ප්‍රේමයක් ගැන මම ලියපු එක මෙතැනින් බලන්න.. ඒ වගේම මම ප්‍රථම ප්‍රේමයට ආදරෙයි කියන්න කියල හිතාගෙන කරපු ක්‍රමයෙන් නාගත්ත විදිය මෙතැන ලියල ඇති.. කොහොම උනත් එයා (ඔන්න නලීන් ගේ මේනකා නෙමෙයි මේ වෙන මේනකා කෙනෙක්) ඉතිං මගේ ප්‍රථම ප්‍රේමය උනයි කියන එක මම කලින්ම කියල ඇති, මිත්තරයෙක් පස්සේ මට බෝලේ බස්සල කෙල්ල අල්ලගත්තට. 

ඉතිං ඔය කයි කතන්දර කියන්න ඕන උනේ ඔය ප්‍රේම පලහිලව් කැරකෙද්දී දවසක් පන්සලේදී අම්මත් එක්ක ආපු කෙල්ලෙක් හින්දා හිත ගියපු දුරක් කියන්න ඕන නිසා.. ඒ දවස් වල දැං වගේම තමා පන්සල් යන්නේ වෙන මක්කාටවත් නෙමෙයි, එදා සෑට තමා ඔය අහුමුළු වල හැංගිල ඉන්න නොයෙක් හැඩරුව ඇති, (මං හිතන්නේ අපිට ගැලපෙන ඒවා වෙන්න ඇති) ගැල් ලමයි කල එළි බහින්නේ. අම්මල එක්ක ටිකක් එනවා, ආච්චිල එක්ක තව කස්ටියක් එනවා, ඒ අතරේ යාළුවෝ එක්කත් එන අය ඉන්නවා. කියන්න බෑ අයියෝ,, දුකයි මුං එන්නෙත් කොල්ලෝ හොයන්නද කියල හිතෙන ගානට සැන් පවුඩර් ගාලා නාල කියල හැඩ වෙලා තමා එන්නේ..

එක දවසක් පන්සලට කල එළි බැහැපු චූටි නංගියෙක් හින්දා, ගම වටේ කවදාවත් නොගිය තැන් වල සැට් එකේ කොල්ලෝ තුන් දෙනෙක් එක්ක රෑ වෙනකං කරක් ගහන්න උනා. ඒ මදිවට චූටි නංගියා අම්මත් එක්ක පන්සල් තුනකටම එදා ගියා නෙව. ඒ පන්සල් වලත් හෙවනැල්ල වගේ ට්‍රයි කොර කොර නංගිගේ හිත ගන්න ඇවිද්ද. මේ කෙල්ලත් අපරාදේ කියන්න බෑ.. පොඩි පොඩි සිග්නල් ලබා දෙනවා. ඉතිං හදවතයි මොළෙයි ඇගයි ඔක්කොම සුපිරියට වැඩ කොරනවා මේ සිග්නල් වලට. 

කොහොම කොහොම හරි දැං චූටි නංගියා අම්ම එක්ක ගෙදර යන්න යනවා. අපි සැට් එකත් (මුං මට වදේ ගැහුවත්.. මට තේරුනා උන් දෙන්නෙක් විතර වැඩේට හොදටම ලැයික් කියලා) අඩි තිහ හතලිහක් ඒගොල්ලන්ගේ පස්සෙන් යනවා, පාරවල් කෙලින් කරගෙන, වංගු කර ගෙන කැලේ මැදින්, ගුරු පාරවල් දිගේ. 

අප්පොච්චියෝ මම නං ගමේ හිටියත් ඒ වගේ තැං වල කරක් ගහලත් නෑ. දැනගෙන හිටියෙත් නෑ මේ වගේ කැලෑ තියෙනවයි කියල, ඒ වගේම අර වගේ චූටි කැලෑ මල් තියෙනවයි කියලත්. ඉතිං දෙපයට වැද වැද යන අපි දිහා චුටි නංගියගේ අම්ම නං බයෙන් හිටපු විත්තිය හොදටම තේරුනා. 

අපි නොදන්නවා උනාට දෝණියැන්දා ආරස්සා කොරගන්න අම්ම අපිට උප්පරවැට්ටියක් දාන විත්තිය විලි සංගේ නැති උං විදියට අපිට කොහෙත්ම තේරුනේ නෑ. ඔන්න දැං ගුරු පාරේ යනවා, දෙපැත්තෙන්ම කුරුදු වත්ත, ඒ මදිවට බේතකට කියල තියෙන්නේ හද එළිය විතරයි, ඒකටත් කුරුන්ද ට එහායින් තියෙන විසාල ගස් හයිරං කොරනවා. මේ විදියට ගස් පේළියක් හයිරං කොරපු වෙලාවේ අපිත් ආතක් භුතක් නැතිව කල්පනාව සුන්‍ය වෙලා හිටිය වෙලාවක. 

අප්පට සිරි කියන්නේ ඩබල අන්තරස්දාන උනා නෙව. නෑ කියන්නේ.. ලොවෙත් නැති උනා හොයාගන්න. දැන් නං හීන් දාඩිය දානවා. ඒත් කව්රුවත් නොදන්න පැත්තක මෙහෙම දගලන කොළු රෑනකට බඩු හම්බ වෙන්න ඉඩ කඩ වැඩි විත්තිය ඉවෙන් වගේ තේරුං ගත්ත උනත්, මගේ වදේටම අනිත් උන් පොඩි සපෝට් පාරක් දුන්නා ඩබල හොයාගන්න. ඒත් කියන්න කනගාටුයි මයිල් ගහක් වත් ඉතුරු කොරල නෑ සාක්ෂියට. මොනා කොරන්න ද ඉතිං, අරුංගේ කුණුහරුප ගෝනි ටික මගේ කරේ තියාගෙන චුටි නංගියා හොයාගන්න බැරි වෙචිචි සෝකෙත් එක්ක දෙගොඩ හරිය වෙනකං අපි ගෙදර ගෑටුවා.

ඒත් අනේ පොඩි හරි සාක්ෂිකයක් තිබුනනං උදේට සුට්ටක් හොයා බලන්නවත්.. ඒත් නෑ. එහෙම උනා කියල මම අතෑරියේ නෑ. මට තිබුන එකම කටුව බයිසිකල් කටුව අරන් දෙතුන් දොහක්ම සෝදිසි පාරවල් දැම්මත් රේඩාර් එකට අහු උනේ නෑ. ඒත් උත්සාහය අත්නොහැර තව පෝය දෙක තුනකුත් පන්සලේ තනි රැක්කා. ඒත් නෑ.. මොනා උනත් චුටි නංගියාගේ තිබ්බ කෝමල ගතියට මගේ අනිත් පෙම් පලහිලව් සේරම අමතක වෙලා, අවවාදාත්මක ලිපි පවා නිකුත් වෙලා තිබුනේ. ඒත් අර විස්සෝපය අඩු උනේ නෑ. ගෙදර ඇදට වෙලා පපුව අත ගගා හූල්ල හූල්ල හිටියා. එහෙම ඉදල එක පාරටම ආපු ගටකින් ඔය පල්ලෙහා තියෙන කයි සන්තෑසිය ලියල හමාර වෙලා, හෝස් ගාලා චුටි නංගියව අමතක කරල දැම්මා. පොඩ්ඩක් ඒක ගොබ්බ කවියක් උනත් ඉස්කෝලේ ගියපු දේශකයා ලියාපු එකක් හින්දා අමාරුවෙන් හරි කියවල බලන්න හොදේ.. 

මාල ගොතන්නට මල් පොකුරක් ගෙන
පරඩැල් වැල අග එය අමුනාගෙන
තෙත් වන බිම් තණ නිලි පසු කර ගෙන
සොයා සරමි මට ඉගි කළ තරුණිය

නිල් දිය වැල් මත රැගුමන් පෙන්නා
දිය බුබුලක් සේ එසැනින් දිවයා
මල් ගොමුවක් තුල ඒ රුව සතපා
මට අත වැනුවේ එන ලෙස හඩගා

සියොතුන් සමගින් ඉගිල ගොසින්
සරදම් කරමින් මට සතුටින්
ඇගේ හද මට දෙන බව කියමින්
සැගව ගියා ඇය බිම් මලකින්

Wednesday, January 9, 2013

පපපපපපප්පපනනන්නනහහහහහ

ඔන්න ඉතිං හා පුරා කියල අමාරුවෙන් අටවගත්ත මගේ බලගයේ අනුමත වෙච්චි 50 වැනි පෝස්ට්කටුව මේක තමා. මගේ බ්ලොග් ආගමනය ගැන ආයේ අමුතුවෙන් ලියන්න ඕන නෑ මං හිතන්නේ මොකද ඒ ගැන මම දාපු මොනවද දන්නේ කියන පෝස්ට්කටුවේ සදහන් වෙන නිසා. ඉතිං මෙහෙම වේලි වේලි තිබ්බ මාගේ බ්ලොග් කටුවට පන දෙන්න, අත දෙන්න, දණ ගාන කොට ඇවිදදවන්න, ඇවිදින කොට පාර පෙන්නන්න එකතු වෙච්චි හුගාක් කට්ටිය හිටියා. ඇත්තටම කිව්වොත් මේ බ්ලොග් ලෝකේ ඉතා සුන්දර දෙයක් විදියට තමා මට දැනුනේ. ඒක නිකං පොඩි කාලේ පොත් කියවන්න තිබ්බ ඇබ්බැහිය වගේමයි. ඉඩ හසරක් ලැබෙන හැම වෙලේම මොනා හරි කියවන්න තමා මම පොඩි කාලේ වැය කලේ. දැන් ඉතිං වියපත් වෙලා හිරබත් කන මට බ්ලොග් ලෝකෙට පය තියපු වෙලාවේ ඉදලම ලොකු සැහැල්ලුවක් වගේම සතුටකුත් ආවා. මම ලියන දෙයකට මෙතුවක් කල් කවුරුවත් ප්‍රතිචාර දැක්වුයේ නෑ ඇත්තම කිව්වොත් මම කාගෙවත් ප්‍රතිචාර ගන්න මම ලියපු කිසිම දෙයක් කාටවත් පෙන්නුවෙත් නෑ. දැනට උනත් මගේ මේ බ්ලොග් කෙරුවාව ගැන ඔබලා ඇරුණම පෞද්ගලිකව මගේ එක් මිතුරෙක් හැර වෙන කිසිවෙක් දන්නේ නෑ.. කොටින්ම කිව්වොත් මායියවත් නොදනී. ඒ මම හුරු වෙලා හිටිය විදිය. මම ලියපු දේ හංගන් ඉන්න ක්රමයක් තමා මෙච්චර කාලයක් භාවිතා කලේ. ඒත් මේකට ඇබ්බැහි උනාම මට ඔය ගොල්ලන්ගේ ප්‍රතිචාර නැතිවම බැරිව ගියා. එහෙම කිව්වොත් වැරදියි.. මම ලියපු දේ හරි උනත් වැරදි උනත් නීරස උනත් උඹලා මට ඒ ප්‍රතිචාර හරහා ලියන්න ශක්තියක් දුන්නා. මම කවදාවත් මේ වගේ අත්දැකිමක් විදල නෑ. ඔපීසියේ උන් නං සහසුද්දෙන්ම දන්නවා මම සාපේක්ෂව හොදට ලියන, කියන, බොන කන එකෙක් කියලා. ඒත් හිතවත් වූ ඔබ නිසා මා වෙනම මිනිසෙකු වෙනම ජීවියෙකු උනා. ඒ ගැන තියෙන හැගීම හුගාක් තෘප්තිමත් එකක්. 

ඉතිං ඇත්තටම මම හිට්ස් ගානවත්, කොමෙන්කටු ගානවත් ගැන ලොකු තැකීමක් නෑ. ඒ කිව්වේ ඕන නැ කියල නෙමෙයි. හිට්ස්, ප්‍රතිචාර නොවන්නට මා මිය ගොස් සෑහෙන කල් වෙනවා. ඒත් ඒ පසු පස එළවීමක් නෑ. කවුරුන් හෝ සුහද සිතින් දෙන ප්‍රතිචාරය මා ඉතසිතින්ම භාරගන්නව වගේ ඒ ගැන සතුටු වෙනවා. මම දන්නවා මට අනෙත් හුගක් අයට වගේ ලොකු හැකියාවක් නැති බව මේවා ලියන්න, ඒ වගේම සමහර වෙලාවට හිතෙනවා මම හරිම නොසැලකිළිමත් විදියට හැම දේම දකින නිසා ඒවයින් ගන්න තියෙන දේවල් නොගන්නා බව. (ඔය මාරයා නං නයෙක් ගියත් මොකක් හරි ලියන්නේ) ඒ වගේ මනස නොසැලකිළිමත් නං කවදාවත් ලියන්න දේවල් ලැබෙන්නේ නෑ. පැහැදිලි මනසකින් කූඹියෙක් දිහා බැලුවත් ලියන්න ඕන තරං දේවල් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ පරිකල්පනය හා චින්තනය තමා ඉතාම වැදගත් ලිවිමේදී. මම ලියන දේවල් වලින් පොඩි හරි දැනුමක් කාට හෝ ලැබුනනං, සුළුවෙන් හෝ වින්දනයක් ලැබුනනං ඒ ගැන ඇත්තටම සතුටු වෙනවා. මේක පටන් ගත්තේ ත්‍රිබාසා අයියා වගේ අනිත් අයට කරදර නොකර ඉන්න නොවෙන හින්දා දැං මට මේක කියන්න වෙනවා..

මට පුළුවන් හැටියට තොපිට කරදර කරනවා“ කියලා.

ඔන්න ඉතිං කවිත් ලිව්වා. (කවි අරහං එකියක් ඉන්නවා තමා) දෙන්නෙකුට අම්බානට නෙලුවා. (නං හොයාගන්නවල හොදයි) පිස්සුවෙන් එකක් ලියුවා. හිල ගැනත් එකක් ලිව්වා. අනිත් මොකටවත් නොදාපු කොට්ඨසෙකුත් තියෙනවා. 

ඒවා පැත්තක තියමු මෙයා.. මම හිතන්නේ හිට්ස් ගානට ස්තුති කොරන්ට ඕන උඹලට කියලයි. ඒ උනාට උඹල වගේ දහදුරා ඈයෝ එක්ක මේ වගේ පෝස්ට්කටු පනහක් දාපු මේකාට බොලා ස්තුති කොරපල්ලා. හුහ්.. කොච්චර අමාරුද ඒක. බොලා සීයක් දාන කොට මම බොහොම අමාරුවෙන් තටමල එකක් දානවා. කෙහොමෙයි වැඩේ.

ඉතිං නං ගං කියන්න ඕන නෑ නෙව. බොලා හැමෝම මට එක සමානයි. එකෙකුටවත් කියල වැඩි ආදරයක් නෑ. වැඩි තරහකුත් නෑ. හත්වලාමේ අන්තිමට කම්පීතරේ වැහුවම මොකක්වත් නෑ.. හික්...

හරි එහෙනං උඹල එක්ක මේ බ්ලොග් ලෝකේ වැඩ කරන්න ලැබුනට තියෙන සන්තෝසය උපරිමයි. ඒ වගේම ලොකු සතුටක් විවිධ හැඩ තල සහිත ප්‍රාණින් ගැන දැන ගන්න ලැබුනට ඒ වගේම දැනුම බෙදා ගන්නවට. තව මඩ ගහනවට එහෙමත්.. ඇයි අනේ ඇනෝල.. මට වැඩි කරදරයක් නැති කස්ටියක් අනේ එයාලා.. (හා.. දැං ඉතිං කරදර කොරන්ට පටන් ගන්නව එහෙම නෙමෙයි.) තැන්කුයි කිව්වා. අපි ගියා පනස් එකෙන් ආයේ හමු වෙමු. 

පලි - පදුරු දේශකයාට නෙලන්න, කොටන්න ලැබෙන අවස්ථාවක් හැටියට මේ අවස්ථාව සලකන්නත් පුළුවන්..

Tuesday, January 8, 2013

අවසානය


මා කියවූ පොත් වල
අවසානය..
තිබුණි සළකුණු කොට
තිත් ඉරි කඩකින්

එළෙසින් මගේ ජීවිතයේ
පිරි උතුරා යන
සියළු වේදනා, දුක් දොම්නස්
...
අතීතයත් සමග එක්වී
අනාගතයත්, වර්තමානයත්
සමග මා මුලා කරන
වේදනාකාරි ජීවන සැමරුම්

තිත් ඉරි කඩකින් වෙන් කළ හැකි නම්
අවසානයක් දකින්නට

එම තිත් ඉරි කඩ ගෙන දෙමි
වේදනා විදින, ජීවිතය ගරු කරන

හැගීමෙන් යුතුව සටන් වදින
දහස් ගණන් තවත් මිනිසුන් හට

වේදනාකාරි ජීවිතයේ 
අවසානයක් දකින්නට