Friday, January 18, 2013

කෝ කෙල්ල ගොයියෝ??

මට සාමාන්‍ය පෙළ ලියන කොට පෙම් කොරන්න ඕන තරං කෙල්ලෝ හිටියා. සමහර අය ඒකපාර්ශ්වික ප්‍රේමයට අහු වෙච්චි අය, තවත් අය හිටියා උත්සාහ කර කර බැලුවත් ඉගියක් වත් නැති අය, ඒ අතරේ මගේ ප්‍රථම ප්‍රේමයත් තිබුනා. ඉස්කෝලේ කාලේ තිබ්බ ඒක පාර්ශ්වික ප්‍රේමයක් ගැන මම ලියපු එක මෙතැනින් බලන්න.. ඒ වගේම මම ප්‍රථම ප්‍රේමයට ආදරෙයි කියන්න කියල හිතාගෙන කරපු ක්‍රමයෙන් නාගත්ත විදිය මෙතැන ලියල ඇති.. කොහොම උනත් එයා (ඔන්න නලීන් ගේ මේනකා නෙමෙයි මේ වෙන මේනකා කෙනෙක්) ඉතිං මගේ ප්‍රථම ප්‍රේමය උනයි කියන එක මම කලින්ම කියල ඇති, මිත්තරයෙක් පස්සේ මට බෝලේ බස්සල කෙල්ල අල්ලගත්තට. 

ඉතිං ඔය කයි කතන්දර කියන්න ඕන උනේ ඔය ප්‍රේම පලහිලව් කැරකෙද්දී දවසක් පන්සලේදී අම්මත් එක්ක ආපු කෙල්ලෙක් හින්දා හිත ගියපු දුරක් කියන්න ඕන නිසා.. ඒ දවස් වල දැං වගේම තමා පන්සල් යන්නේ වෙන මක්කාටවත් නෙමෙයි, එදා සෑට තමා ඔය අහුමුළු වල හැංගිල ඉන්න නොයෙක් හැඩරුව ඇති, (මං හිතන්නේ අපිට ගැලපෙන ඒවා වෙන්න ඇති) ගැල් ලමයි කල එළි බහින්නේ. අම්මල එක්ක ටිකක් එනවා, ආච්චිල එක්ක තව කස්ටියක් එනවා, ඒ අතරේ යාළුවෝ එක්කත් එන අය ඉන්නවා. කියන්න බෑ අයියෝ,, දුකයි මුං එන්නෙත් කොල්ලෝ හොයන්නද කියල හිතෙන ගානට සැන් පවුඩර් ගාලා නාල කියල හැඩ වෙලා තමා එන්නේ..

එක දවසක් පන්සලට කල එළි බැහැපු චූටි නංගියෙක් හින්දා, ගම වටේ කවදාවත් නොගිය තැන් වල සැට් එකේ කොල්ලෝ තුන් දෙනෙක් එක්ක රෑ වෙනකං කරක් ගහන්න උනා. ඒ මදිවට චූටි නංගියා අම්මත් එක්ක පන්සල් තුනකටම එදා ගියා නෙව. ඒ පන්සල් වලත් හෙවනැල්ල වගේ ට්‍රයි කොර කොර නංගිගේ හිත ගන්න ඇවිද්ද. මේ කෙල්ලත් අපරාදේ කියන්න බෑ.. පොඩි පොඩි සිග්නල් ලබා දෙනවා. ඉතිං හදවතයි මොළෙයි ඇගයි ඔක්කොම සුපිරියට වැඩ කොරනවා මේ සිග්නල් වලට. 

කොහොම කොහොම හරි දැං චූටි නංගියා අම්ම එක්ක ගෙදර යන්න යනවා. අපි සැට් එකත් (මුං මට වදේ ගැහුවත්.. මට තේරුනා උන් දෙන්නෙක් විතර වැඩේට හොදටම ලැයික් කියලා) අඩි තිහ හතලිහක් ඒගොල්ලන්ගේ පස්සෙන් යනවා, පාරවල් කෙලින් කරගෙන, වංගු කර ගෙන කැලේ මැදින්, ගුරු පාරවල් දිගේ. 

අප්පොච්චියෝ මම නං ගමේ හිටියත් ඒ වගේ තැං වල කරක් ගහලත් නෑ. දැනගෙන හිටියෙත් නෑ මේ වගේ කැලෑ තියෙනවයි කියල, ඒ වගේම අර වගේ චූටි කැලෑ මල් තියෙනවයි කියලත්. ඉතිං දෙපයට වැද වැද යන අපි දිහා චුටි නංගියගේ අම්ම නං බයෙන් හිටපු විත්තිය හොදටම තේරුනා. 

අපි නොදන්නවා උනාට දෝණියැන්දා ආරස්සා කොරගන්න අම්ම අපිට උප්පරවැට්ටියක් දාන විත්තිය විලි සංගේ නැති උං විදියට අපිට කොහෙත්ම තේරුනේ නෑ. ඔන්න දැං ගුරු පාරේ යනවා, දෙපැත්තෙන්ම කුරුදු වත්ත, ඒ මදිවට බේතකට කියල තියෙන්නේ හද එළිය විතරයි, ඒකටත් කුරුන්ද ට එහායින් තියෙන විසාල ගස් හයිරං කොරනවා. මේ විදියට ගස් පේළියක් හයිරං කොරපු වෙලාවේ අපිත් ආතක් භුතක් නැතිව කල්පනාව සුන්‍ය වෙලා හිටිය වෙලාවක. 

අප්පට සිරි කියන්නේ ඩබල අන්තරස්දාන උනා නෙව. නෑ කියන්නේ.. ලොවෙත් නැති උනා හොයාගන්න. දැන් නං හීන් දාඩිය දානවා. ඒත් කව්රුවත් නොදන්න පැත්තක මෙහෙම දගලන කොළු රෑනකට බඩු හම්බ වෙන්න ඉඩ කඩ වැඩි විත්තිය ඉවෙන් වගේ තේරුං ගත්ත උනත්, මගේ වදේටම අනිත් උන් පොඩි සපෝට් පාරක් දුන්නා ඩබල හොයාගන්න. ඒත් කියන්න කනගාටුයි මයිල් ගහක් වත් ඉතුරු කොරල නෑ සාක්ෂියට. මොනා කොරන්න ද ඉතිං, අරුංගේ කුණුහරුප ගෝනි ටික මගේ කරේ තියාගෙන චුටි නංගියා හොයාගන්න බැරි වෙචිචි සෝකෙත් එක්ක දෙගොඩ හරිය වෙනකං අපි ගෙදර ගෑටුවා.

ඒත් අනේ පොඩි හරි සාක්ෂිකයක් තිබුනනං උදේට සුට්ටක් හොයා බලන්නවත්.. ඒත් නෑ. එහෙම උනා කියල මම අතෑරියේ නෑ. මට තිබුන එකම කටුව බයිසිකල් කටුව අරන් දෙතුන් දොහක්ම සෝදිසි පාරවල් දැම්මත් රේඩාර් එකට අහු උනේ නෑ. ඒත් උත්සාහය අත්නොහැර තව පෝය දෙක තුනකුත් පන්සලේ තනි රැක්කා. ඒත් නෑ.. මොනා උනත් චුටි නංගියාගේ තිබ්බ කෝමල ගතියට මගේ අනිත් පෙම් පලහිලව් සේරම අමතක වෙලා, අවවාදාත්මක ලිපි පවා නිකුත් වෙලා තිබුනේ. ඒත් අර විස්සෝපය අඩු උනේ නෑ. ගෙදර ඇදට වෙලා පපුව අත ගගා හූල්ල හූල්ල හිටියා. එහෙම ඉදල එක පාරටම ආපු ගටකින් ඔය පල්ලෙහා තියෙන කයි සන්තෑසිය ලියල හමාර වෙලා, හෝස් ගාලා චුටි නංගියව අමතක කරල දැම්මා. පොඩ්ඩක් ඒක ගොබ්බ කවියක් උනත් ඉස්කෝලේ ගියපු දේශකයා ලියාපු එකක් හින්දා අමාරුවෙන් හරි කියවල බලන්න හොදේ.. 

මාල ගොතන්නට මල් පොකුරක් ගෙන
පරඩැල් වැල අග එය අමුනාගෙන
තෙත් වන බිම් තණ නිලි පසු කර ගෙන
සොයා සරමි මට ඉගි කළ තරුණිය

නිල් දිය වැල් මත රැගුමන් පෙන්නා
දිය බුබුලක් සේ එසැනින් දිවයා
මල් ගොමුවක් තුල ඒ රුව සතපා
මට අත වැනුවේ එන ලෙස හඩගා

සියොතුන් සමගින් ඉගිල ගොසින්
සරදම් කරමින් මට සතුටින්
ඇගේ හද මට දෙන බව කියමින්
සැගව ගියා ඇය බිම් මලකින්

68 comments:

  1. යකෝ දේශකය හොල්මනක් පස්සෙද කොහෙද ගිහිං තියෙන්නෙ.
    ඔහොම බේරුනා මදැයි.

    ReplyDelete
    Replies
    1. හෙහ්. ප්‍රසා කස්ටියව පෙරහරේ ගෙනිච්චා එහෙනං...

      Delete
  2. බැරි වෙලා වත් අපේ ගෙවල් පැත්තේ එහෙම ඇවිල්ලා නෑ නේ මේ ආත්මෙදි එහෙම.. හි හි....

    පොඩි සීන් එකක් මතක් උනා අප්පා මේක දැකලා... ඒත් මේ කම්පනා කොළේ ඕක ලියලා මට මොනවා අහගන්න වෙයිද කියලා... මොකද අපේ මහත්තයා ම‌ට වෝනින් දීලා තියෙන්නේ ඒ සීන් එක ගැන නම් කට හොල්ලන්න එපා කියලා.. හි හි

    ReplyDelete
    Replies
    1. එහෙනං ෂුවර් පොරත් පස්සෙං පන්සල් ඇවිත් කියනවා

      Delete
    2. @ අපෝ උඹලගේ ගෙවල් පැත්තේ එන්න විදියක් නෑ.. පට්ට දුරක් නේ. හැක්.. අනිවා අවුල් නං ලියන්න එපෝ.. උඹටත් ඉතිං කට කහනවා නේ එපා කිව්වම මොකක් හරි

      Delete
    3. @ නලින්,
      මටත් හිතෙනවා. මේකිත් ඒ වගේ හැංගුනාද නොදනී

      Delete
  3. දුකටලුනේ කවි හිතත් ඇහැරෙන්නේ

    ඇත්තටම අර චුටි නංගියා මනුස්ස පරානයක් කියලා ෂුවර් නේද?

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ... මනුස්ස පරානයක් කියල නං ෂුවර් තමා.. හෙහ්... උඹල හිතන්නේ අපිත් හොල්මං අවතාර කියලද??? හැක්...

      Delete
  4. මෝහිනිගේ බබා ලොකු වෙලා.....

    ReplyDelete
    Replies
    1. ලොකු වෙලා කිව්වෙ???????

      Delete
    2. ලොල් ලොකු වෙලා කිවුවෙ බං ලොකු වෙලා කියන එක :3

      Delete
    3. ගෙට ඇවිල්ලා... ජම්බු ගහෙන් වැටිලයි කියලත් කියනවා....

      Delete
    4. හෙහ්.. මෝහිනිගේ දරුවත් ලොකු වෙනවයි බං.. අදමයි ඇහුවේ..

      Delete
  5. අර කිව්වත් වගේ දේශා ගිහින් තියෙන්නෙ මෝහිණීගේ දුවගෙ පස්සෙන් වෙන්නැති. නැත්තම් ඔය වගේ අතුරුදහන් වෙයිද හොයා ගන්නවත් බැරි වෙන්න..හි හි හී

    ඔන්න ලමායි...දේශලාගෙ පත්තෙ හොල්මනුත් පන්සල් යනෝ.....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං කොචෝක් දානවා.. සිරාවට බං.. මනුස්ස කෙලි පැටියෙක් තමා.. හා කියහං බලන්න.. කැලේක අතරමං උනොත් මක්කෑ වෙන්නේ කියලා.

      Delete
  6. දැන් බැලුවම අපේ දේශක මහත්තයා සථ්‍ය ප්‍රෙමේ භෘංග රාජයෙක්නෙ.. ටු දු‍ටු කෙල්ලට ටෘ ලව්

    ReplyDelete
    Replies
    1. හේ හේ ඔහේට තේරුනා නේ.. දැක්කොත් ඇරියා නොදැක්කොත් හිටියා...

      Delete
  7. වහාම නම වෙනස් කොරහං දෙශඨකයා කියලා

    ReplyDelete
    Replies
    1. අර මක්කයටෙයි බං.. ???

      Delete
  8. හරි ෂෝක් කාලෙ නෙහ් දේශකයා :) මොනාවුණත් ඒ චූටි නංගියා නිසා ලියවුණු කවි ටික නම් අපූරුයි

    ReplyDelete
    Replies
    1. අවංකවම.. රසවත්ම කාලේ... ස්තුතියි සමු..

      Delete
  9. හික්ස්.....පෝය දවසකුත් නිසා හොදටම ශුවර්ද මනුස්ස පරාන දෙකක් කියලා....

    ReplyDelete
    Replies
    1. සුවර් සුවර්.. එහෙම පරානයක් තමා.. පස්සේ හම්බඋනා...

      Delete
  10. කවි ටික අපූරුයි. නංගියා ඇහි පිල්ලන් ගැහුවේ නැත් ද? හෙවනැල්ල දිගට තිබ්බේ නැද්ද? මාර ප්‍රේම කතාවක් අප්පා. ඔය කාලේ වැලක ගවුමක් වනල තිබ්බත් පෙම් හැගුම් පහළ වෙනවනේ. හෝමෝනවල බලේ.

    පව් අප්පා දේශකයා.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වෙද මහත්තයෝ. මං කිව්වේ සිග්නල් දුන්නා කියල ඇස්ටි හැලෙන්නම.. අනිවා.. ගවුමක් වැලේ තිබ්බොත් ඒකේ සයිස් එක අනුව නංගි ගැන හිතා ගන්න පුළුවන්. තව ඒ කාලේ ගල් පිළිබද විශේෂඥයෝ නෙව. ඒවා පසුවට.

      Delete
  11. මටනම් කවිය තමයි හිතට ඈල්ලුවෙ.... ලස්සන කවියක් හිතාගන්න පුලුවන් චූටි නන්ගිව කොච්චර හිතට අල්ලල තිබුනද කියල...

    ReplyDelete
    Replies
    1. නදිනි අද තමා ආවේ. ඔන්න පිළිගත්තා බොක්කෙන්ම. ස්තුතියි. නංගිව අමතක කරන්න කරපු වැඩක් නේ ඔය. නැත්නං අනිත් පෙම් පලහිලව් වලට කන කොකා අඩන්න ඔන්න මෙන්න තිබුනේ.. හැක්..

      Delete
  12. අම්මපා මුන් පන්සල් යන්නෙත් ලවු කරන්නනේ :D ඉදහන් ලොකු හමුදුරුවන්ට උබ ගැන කියන්න
    කවි ටිකනම් නියමයි මචං.......

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං. පළාතෙම ඉන්න ලොකු පොඩි ඔක්කොම හාමුදුරුවරු කැරැට්ටුව දැනගෙන හිටියේ.. හිකිස්.. තැන්කුයි. හොදේ...

      Delete
  13. පෝය දා හඳපානෙ
    දේශකය පැණි හැලුවානෙ
    නංගි ඉඟි දුන්නානෙ
    මොලේ මඤ්ඤං වූවානෙ

    මහා රෑම සතුටිං
    ෆලෝ කෙරුවා පස්සෙං
    නංගි යයි පිම්මෙං
    ඈ මිසිං විය සනිකෙං

    හොඅයල බැලු එකලා
    ඇය රෝහිනි ලමයා
    මෝහිනිගෙ නංගා
    දේශකගෙ සිත බිංදා

    පෝ දවසෙ උමතුව
    පෙම් කෙරුවාට පාඩම
    උගෙන උඹ අද දින
    වෙයං හොඳ ලමයෙක්ම හැමවිට :D

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++
      +++++++++++++++++++++++
      +++++++++++++++++++++++++++++

      Delete
    2. නියමයි සමියෝ... හි හි

      Delete
    3. අඩේ සමියෝ මගේ ලෑතර කවිය මොකක්ද උඹේ එකත් එක්ක බැලුවම.. නියමායි බාං.. ලියාපංකෝ කවියක් දෙකක්...

      Delete
  14. මටත් එක පාරට කල්පනාවට ආවේ ඒ නම් මනුස්ස දුවක් වෙන්න බෑ.... මෝහිනියි එයාගේ දුවයිද දන්නේ නෑ.... හික්...
    කොහොම වුනත් කවිය හොදයි....

    ReplyDelete
    Replies
    1. මෝහිණී ගෙ දුව රෝහිණී නේද :)

      Delete
    2. @ සමනලී,
      උඹල සේරම අමාරුවේ දාන්නේ අර උඩින්ම ඉන්න ප්‍රසා තමා.. හික්... තැන්කුයි සමනලී

      Delete
    3. @ චන්දන,
      එයාගේ දුව රෝහිනි කියල තමා රාවණාවතාරයේ තියෙන්නේ... හැක්..

      Delete
  15. බොන්න ඕනි ප්‍රශ්නයක්. ඇයි අප්පා ඒ අහල පහලක ඊට පස්සේ දැක්කෙත් නැත්නම්.. දිව්‍යාංගනාවෝ ද දන්නෙත් නෑනේ. :)
    කවි ටික එලස්. ඔය වගේ සීන් එකක් වුනාම ඉතින් නිකම්ම කවි ලියවෙනවා.

    ReplyDelete
    Replies
    1. බොන්න බෑ බං පෝය නේ... කාලෙකට පස්සේ දැක්කා එතකොට වේකන්සි නෑ.. තැන්කුයි..

      Delete
  16. ඔහොම කියද්දී මතක් උනේ..මාත් දවසක් රුවන්වැලි සෑයේ
    ඉද්දි වෙච්ච දෙයක්.පුදුම සීදේවි ගෑනු දරුවා..අනේ අප්පේ මතක්
    වෙද්දීත් මගේ පපුව කීන් ගානවා මයේ දෙයියෝ.:(

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං මම පපුව අත ගගා ඇදට වෙලා හිටියේ. හැක්..සීදේවි..

      Delete
  17. ඇත්තටම දරුනු හිත් වලත් ආදර හැගීම් කවි සිතුවිලි තියනව කියල මේකෙන් තමයි දැනගත්තෙ. :පි

    අම්ම කොහොම හරි දැරිවිව බේරගෙන යකෙක්ගෙන්. සමහරවිට බොලාල යනකල් හැංගිලා ඉන්ට ඇති.

    කවි නම් පස්ට
    අතීතයේ ආදර කතා මතක් කරල හිනා වෙන්න පුලුවන් නම් හොඳයි. ඒත් සමහර ඒව එහෙම නෑ නේද.

    ReplyDelete
    Replies
    1. අජෝව් උඹ මගේ නම කැත කොරන්න එපා හරිය... හැක්...
      හැංගිල ඉදල තමා බං... ඒව පස්සේ හොයාගත්තා විස්තර ටික... ඔව් බං සමහර මතක ගැන දැන්නං සුන්දර බවක් නෑ..

      Delete
  18. අනිවා මෝහිණී...!

    ReplyDelete
    Replies
    1. තව එකෙක්. එහෙනං යකෝ අතේ දරුවෙක් ඉන්න එපායැ... හිහි

      Delete
  19. ඇත්තටම මොකක්ද බං මේ සීන් එක?

    ReplyDelete
    Replies
    1. ඇයි බං ලියල තියෙන්නේ පෝය දවසේ කෙල්ලෙක් පස්සේ ගිහිල්ල ඇනගත්ත සීන් එකක්...

      Delete
  20. මෙයා හොල්මනක් පස්සේ තමා ගිහිං තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. උඹටත් ඉතිං හොදවයින් දෙකක් කියන්න හිතෙනවා මෙතන ස්ටොප් බෝඩ් අල්ලන්න එනවට....හැක්... හොල්මනක් නෙමෙයි බං... චුටි සුකිරි කෙල්ලෙක්.. ආසාවේ බැරි උනා දැක්කම..

      Delete
  21. හොල්මන් නංගාට පෙම් බැදි දේසකයා..

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවේ ආපහු එනකොට අරුන් තුන්දෙනා නං එහෙම කතාවක් කිව්ව මතකයි බං.. හහ්හහ්හා

      Delete
  22. පට්ට ලවක් නොවැ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං පට්ට කැලයක්...ලව හබක්

      Delete
  23. දෙෂජයට උනොත් වෙන්නේ අලකලන්චියක්මනේ. අනේ අම්මපා..........

    ReplyDelete
    Replies
    1. මේක හොදා බං.. මහ අජීර්ණ වැඩ වෙලා තියෙනවා ඔයිට වැඩිය.. පසුවට දෙන්නං.

      Delete
  24. මඤං සීන් එකක් නොවැ එල ඇ පටිට ඇ :3

    ReplyDelete
    Replies
    1. හෙහ්. තැන්කුයි දිලුම්... අයේ එන්න ඉතිං...

      Delete
  25. තව පොඩිඩෙන් දේශක උතුමාණන්ලා සෙටි එකත් අතුරුදහන් වෙනවා නංගිගේ පස්සෙන් දිගටම ගියා නමි...මැදැ ඔයින් ගියා....(හොද වැඩෙ කෙල්ලෙක්ව ෆලෝ කෙරුවට... හි හි )

    ReplyDelete
    Replies
    1. තව ටිකක් කරක් ගැහුවනං බබෝ.. ගෝනි වල ඔතාලා තමා එවන්නේ.. ඒ තරං අප්සැට් පැත්තක්... අන්න ඉතිං නෝටි කතා කියනවා. කොල්ලො එන්නේ පස්සෙන් යන්න තමා.. එතකොට කෙල්ලෝ ඉන්නේ වන වන ඉස්සරහින් යන්න..

      Delete
  26. බලාපු කස්ටියට ස්තුතියි.. ඒ නංගියා මාස ගාණකට පස්සේ යන්තං දැක්කා තාත්තත් එක්ක පුට් බයිසිකල් කටුවක නැගිල යනවා. කොහොම හරි ටවුමෙදි අල්ලගෙන යාන්තං පොඩි ටෝකක් දැම්මා.. එයාට මතක තිබුනා.. වැඩි විස්තර අහන්න උනේ නෑ.. දැං එයා ප්‍රයිවෙට් ඉස්පිරිතාලෙක නර්ස් කෙනෙක්.. එතැනදිත් මට හම්බඋනා.. අතේ මුදු දාලා හිටියේ.. ඔන්න හොල්මන් කෙල්ල ඉන්නවා හොදේ..

    ReplyDelete
  27. යකෝ දේශකයෝ,බැලුවෙ නැද්ද ඒ වෙලාවෙ මුං කොහෙටද අන්තරස්ධාන වුණේ කියල.

    ReplyDelete
    Replies
    1. මොකෝ නැත්තේ හැලපයෝ.. අපි නොදන්න පළාත් නෙව. උන් දන්නවා ඒ පැත්තේ ජිල් බෝලෙක පැත්ත මාරු උනත්... තැන්කුයි හොදේ ආවට...

      Delete
  28. මචන් ඔය මුද්දක් දෙකක් අතේ දාලා තිබ්බට ගනන් ගන්න එපා... ඔවා මේ කාලේ ඉට්ටැයිල් එකටත් දානවා...

    ReplyDelete
    Replies
    1. තිසරයෝ උඹ කියන්නේ මට හිරගෙදර බත් පතටත් පයින් ගහන්න කියලද බං??? හැක්... ඉට්ට්ටැයිල් එකත් එක්ක යනකොට දවසක් හම්බු උනා..

      Delete
  29. තව නංගියෙක් හොයා ගනින් බං

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිව්වා.. දැන්නං නංගිල හොයන්න ගියොත් ගෙදර නංගි දෙනව බැටේ.... හැක්

      Delete
  30. ඉස්සර අපිත් පන්සල් වල යනවා.අපේම ගමේ ඉන්න අපි නොදකින් ගැහැණු ළමයි ගොඩාක් එදාට එනවා. සාමාන්යෙන් අපි පාරේ දකිනවට වඩා ලස්සනටත් එදාට පේනවා.මොකද පවුඩර් මුණට හඳ එලිය වැටුණු නිසා වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. වසරකුත් ඉක්ම වූ තැන උත්තර බදිමි. මං අසරණයි අසරණයෛා්.. ඇත්ත බං මේ කෙල්ලා් පන්සල් එන්නෙම පව්ඩර් නාලා නේ..

      Delete