Friday, November 30, 2012

ඒකපාර්ශ්වික ප්‍රේමය??????

Unilateral Love

ටික දවසක් ගියා. 

ඒත් මට හිතෙන්නේ මේ දවස්  ටිකම මහ කම්මැලි විදියට ගෙවිල ගියපු බවක්. කිසිම දේකට ලොකු උනන්දුවක්වත් වැඩිම උනොත් ආසාවක් වත් නැතිව සීතල හොරෙක් වගේ හිටිය ඇතිය කියල මටම හිතුනේ ඊයේ දේශකයාගේ ඒකපාර්ශ්වික ප්‍රේමයේ උරුමකරුවෙක් හදිසියේම වගේ දකින්න ලැබුන හින්දා. 



එයත් මගේම වයසේ.. අපි ගියේ එකම ටියුෂන් වලට. ඒ වගේම අපේ ගෙවල් වලට බොහොම කිට්ටුවෙන් තමා එයත් හිටියේ. සිරාවටම කිව්වොත් ඉතිං ඒ වෙනකොටත් මුළු සමාජයේම එයා ගැන තිබුනේ “එළ කෑල්ලක්“ කියන තත්වෙ තමා. 

කොටින්ම කිව්වොත් ඉතිං හැම කොල්ලගෙම බල්ලගෙම ඇහැ දුවන්නේ ඒකි දිහාවට තමා. ඒකිගේ දගකාර වැඩ වලට, කිංකිණි නාදේ දෙන පැතිරෙන හිනාවට කොල්ලෝ සලිත වෙනවා. 

අනිවාර්යයෙන් බයිසිකල් කටු වල නැගපු කොල්ලෝ දුසිං ගානක් ඒකි ඉස්කෝලේ ඇරිල ගෙදර යනකොට එහෙන් මෙහෙන් සෙල්ලං දමමින් පොඩි හරි තල්ලුවක් හම්බ වේවි කියල හිතල පැදකුණු කරනවා.

මට නං ඒක කරන්න අවශ්‍යතාවයක් තිබුනේ නෑ.. එහෙම කිව්වොත් වැරදියි. මේ තරං කොල්ලෝ පස්සෙන් පන්නන තරමට මට ඒකිගේ පස්සෙන් යන්න කම්මැලි කමක් තිබුනේ. ඒත් දෙයියනේ කියල හැන්දාවට ඒ පැත්තේ මගේ බයිසිකල් කටුව අරගෙන පැදකුණු කරන්න මං පුරුදු උනේ ඔය එක කොල්ලෙක්වත් නොහිතන වෙලාවක තමා, ඒකිගේ අම්මා ගෙයි ඉස්සරහට වෙලා, මල් වැටුන රතු පාට චීත්ත ගව්ම් විතරක් ගෙදරට අදින මේකි ගේ ඔළුව බිමට එබෙන සයිස් එකටම පාත් කරල උකුණෝ බලන්නේ. ඔය වෙලාවට දෙතුන් පාරක් ඒකිගේ ගේ ඉස්සරහින් ගියත් ඒකි මාව නොදකින හින්දා හිතේ සතුටෙන් ඇස් දෙකට ඕන දෙයක් කරගන්න කියල මාත් යනවා. 


පස්සේ පස්සේ කොල්ලො කොච්චර වැඩ දැම්මත් මේකි නෙමෙයි කවදාවත් කොල්ලෝ මායිං කරන්නේ... ආ... මට කියන්න අමතක උනා. එයාගේ නම ජයන්තිමාලා.. නම වගේම තමා බෙල්ල ගාවට විතරක් දිග තියෙන බොකුටු කොණ්ඩෙයි කන්දෙකේ දාපු සුට්ටක් විතර එල්ලෙන කරාබු දෙකයි ඇරෙන්න අනෙක් හැම දෙයක්ම දිනපතා වෙනස් වෙනවා. ටිකක් විතර කෙට්ටු උනාට මුනේ තියෙන අමුතුම සිරියාව නං මේ වෙනකං වෙන කිසිම ගෑනියෙක් ගෙන් දැකල නෑ. ඒ වගේම ඒකිගෙ කොමල කතාවයි, ටිං ටිං හිනාවයි මට හැමදාම මැවිල පේනවා. හවසට ගෙදර ගිහිල්ල ඇදට වෙලා පපුව අත ගගා ඒකි ගැන හිත හිතා හිටියට කවදාවත් මට ඕන උනේ නෑ ඒකිට ආදරෙයි කියල කියන්න. හම්බ වෙන හැම තැනකදීම ඒකි දිහා හොරෙන් බලලා ඒකි සතුටු වෙන කතා වෙන විදිය දිහා බලල මමත් නිරාමිස සුවයක් වින්ද ඒකපාර්ශ්වික පෙම්වතෙක් විදියට. තව එකක් කියන්න ඕන ඉස්සර අපි ඔය ලව් කිය එකට අර රතු පාට හාට් එක නෙව බාවිතා කොරේ. මේකි ගැන මගේ උනන්දුව කොච්චරද කියනවනං මගේ සාක්කුවේ ඒකිගේ නම ලියාපු පොඩි කොල කෑල්ලක් නිතරම තිබුනා. ඒ වගේම මං ඒක දිහා බලාගෙන හිටියේ හරියට කෙල්ල මගේ අල්ල උඩ ඉන්න ගානට.

I ©Jayanthimala


ඔය විදියට මේකිට ආදරේ කලාට ඒ දවස් වල මගේ සිහින කුමරිය සබීතා තමයි. ඒ කාලේ දැං වගේ නෙමෙයි නේ. ඔය සනත් අයියා එක්ක ඩිංගක් විතර රවුම් ගහන කාලේ, අපි ඒවා නොදන්නවත් එක්ක නෙව. ඒකි හරිම කෙට්ටුයි. මං ගාව තිබුන 1990 විතර ඩේ කාඩ් එකක්. රැලි වැටිච්චි මල් ගවුමක් ඇදල ගවුම අත් දෙකෙන් අල්ලගෙන අර රැලි දිග ඇරල තියෙන විදියට ඉන්නේ. සුදට සුදේ හිනාව දාලා කොණ්ඩ කරල් දෙක ගැට ගහලා ඒ කරල් දෙක පපුව උඩින් දාගෙන ඉන්න වගේ පින්තුරයක් තමා තිබුනේ. මේ පින්තුරෙට මං කොයි තරං ආදරේද කිව්වොත් වෙන සබීතගේ එක පින්තූරෙකටවත් මට කිසිම ආසාවක් තිබුනේ නෑ. එහෙමයි කියල ඒකිගේ එක පින්තූරයක් වත් බලන්න ඕන උනේ නෑ. ඔය සනත් අයියා එක්ක කොමල පාන විත්තිය ඉතිං පිචෑර් හෝල් එක ඉස්සරහින් යන කොට ලොකුවට පෙනුනට ඒකේන් මගේ හිතේ පොඩි කහටක් වත් ඉතුරු කරන්න පුළුවන් උනේ නෑ. ඔය පින්තූරේ වගේ ගැටිස්සියකට ඉන්නේ සබීතම විතරෙයි කියල හිතාපු මං මුළු හිතින්ම ආදරේ කරා. එතකොට සබීතත් මගේ ඒකපාර්ශ්වික ප්‍රේමයේ උරුමකරුවෙක්. 

හැබැයි හදිස්සියෙන්ම වගේ දවසක් අර පින්තූරේ හිටිය වගේම කොණ්ඩ කරල් දෙක ගැට ගහල මල් ගවුමක් ඇදගෙන පාරේ ගියපු කෙල්ලෙක් දැකල වහ වැටුනු මං ටියුෂන් අතෑරලා ඒකි ගැන හිත හිත විතරක් ඉන්නේ නැතිව, සබ්බ ලෝකේම පයිත්තියං කොරල ඒකිගේ උප්පැන්නේ ඉදල, උදේ නැගිට්ට වෙලාවේ ඉදල කොරන කියන දේවල් සහසුද්දෙන්ම දැන කියාගෙන උදේ 6.00 ඉදලා හැන්දා වෙනකං ම ඒ ඒ නියමිත වෙලාවන් වලට මේකි මුලිච්චි වෙන්ට යනවා. ඒකි ඉස්කෝලේ යන්නේ කෝච්චියේ හින්ද හරි වෙලාවටම රේල් ගේට්ටුව ගාවදි මගේ බයිසිකල් කටුවෙන් ගිහිල්ල ගුඩ් මෝනිං කියන තත්වෙට ඇවිල්ල, පස්සේ හෙමින් හෙමින් කෝච්චියේ ගිහිල්ල, අම්මා අමාරුවෙන් මාව දාපු ටියුෂන් පන්ති වලිනුත් අයින් වෙලා ඒකි යන පන්ති ගානෙත් ගිහිල්ල කොහොම කොහොම හරි ලියුං කියුං දෙන්න වෙන ගානටම ලව ඔළුවටම බැස්සට පස්සේ ලියුම දෙන්න ගිහිං වෙච්චි කෙංගෙඩිය මගේ ඩිවෝස් බයිස් පෝස්ට්කටුවෙත් දැම්ම. හැබැයි ඉතිං මොනව උනත් ඒකි තමා මගේ ප්‍රථම ආදරවන්තිය උනේ. ඒත් වැඩි කාලයක් තිබුනේ නෑ.. 

හර්මන් මං තෝව මරන්න හිටියේ අහුඋනානං .. මගේ කෙල්ලට සීනි බෝල දීල රවට්ටල, යාළුවා වෙච්චි මාවත් ආයේ පරණ තත්වෙටම ඇදල දැම්මට. 

හැක්.. හැක්.. මම දන්නේ නෑ. අනිත් අය ගැන. ඒත් සහසුද්දෙන්ම කියන්න පුළුවන්. මම නං හිතෙනුත් ලව් කරපු එකෙක් විත්තිය.. හැක් හැක්...

72 comments:

  1. කෙල්ලෙක් ගැන හිතල කොහොමද නිරාමිස සුවයක් වින්‍දෙ?

    ReplyDelete
    Replies
    1. @ එදිරි,
      ස්තුතියි මේ පැත්තට ආවට.. ඒ සුවයත් ඉතිං ඒකපාර්ශ්වික නිසා අවුලක් නෑ...

      Delete
    2. @ සමී
      මොකෝ වැට පනින්න බැරිද බොට?/ හැක්

      Delete
    3. @ එදිරි,
      මෙන්නෝ තව මාතරයෙක් කල එළි බැහැලෝ... හැක්...

      Delete
  2. පොච්චියේ..උඹත් කරන දේවල් හැබෑට...අහවල් එකකටද මන්දා ඔය ඒකපාර්ශ්වික ප්‍රේමය ගැන කියවන්න මම හෙණම ආසයි..මගේ හිතෙත් ලාවට ඔය වගේ එකක් තිබ්බා කාලයක්..ඒක නම් නේත්‍රා ප්‍රේමයක්...හි හි හි...දවසක ලියන්න ඕනේ..

    සබීතට හිතෙන් ලව් කරපු අය අතර ඔන්න අපේ දේශකයත් උන්නලු...

    //හර්මන් මං තෝව මරන්න හිටියේ අහුඋනානං .. මගේ කෙල්ලට සීනි බෝල දීල රවට්ටල, යාළුවා වෙච්චි මාවත් ආයේ පරණ තත්වෙටම ඇදල දැම්මට //

    හි හි හී...මට පැලෙන්න හිනා අප්පා...

    ReplyDelete
    Replies
    1. මමත් ඔය සීන් එකට හරි ආසයි බං නිකං හීන ලෝකෙක ඉන්නව වගේ. නේත්‍රා ප්‍රේමයන් නං දුසින් ගානක් තිබුනා බං... ඔව් ඔව් දාපන්කෝ ලිස්ට් එකට නම.. සබීතගේ පෙම්කරුවන් කියලා

      ආ උඹලට ඒක මීටර් උනා නේ මගේ මිත්තරයා හර්මන් කාරයා ගැන. හැක්.. හැක්..

      Delete
  3. ආ: එහෙනම් දේශකයටත් එහෙම වුනා. අපේ ඉස්කොලෙ ඉදල ගෙදරට කිලෝ මීටර් 20. මම හැමදාම ගෙදර එන්නෙ කිලෝ මීරට් 45 දුර ගෙවාගෙන. පුදුම පක්ෂා අමාරුවක් තිබුනේ. දැන් නම් ඒක හොදටම හොදයි. දැක් ඉතිං පව ගෙවන්න පක්ෂ ඉරෙනකම් වැඩ.

    ReplyDelete
    Replies
    1. එහෙම උනා නේන්නං බං. මම කීපාරක් කල්පනා කොරාද මේකා කිමී 20 ක් 45 ක් කරේ කොහොමද කියල??? උත්තර දීපල්ලකෝ බලන්න

      Delete
  4. අපේ අප්පේ ඒ කාලේ තිඹුන තරමක් තිබ්බේ ඒකපාර්ශ්වික ප්‍රේම ම නේ. මොකෝ අහන්න කියල ද. හැමදාම දැක්කත් ඇති. අයියෝ එහෙම කාලයක්. පරන මතක අලුත් කලාට තුති.

    ReplyDelete
    Replies
    1. අනිවා වෙද මහත්තයෝ හිතුනා.. කරා.. එච්චරයි නෙව..

      Delete
  5. හිතෙන් ලවු නොකල එකෙක් නොහිටින්න විදිහක් නෑ....D

    ReplyDelete
    Replies
    1. ෂරි ෂරි ඔය ඉන්නේ මටම හරියන එකෙක්..

      Delete
  6. ඒක පාර්ශවීක ප්‍රේම කතා සුන්දරයි.අනිත් ඒවා පටන්ගෙන කාලයක් යද්දී හිතෙනවා මොකටද පටන්ගත්තේ කියලා. :)

    ReplyDelete
    Replies
    1. ඇයි බං එහෙම හිතන්නේ.. සුන්දර තැනකින් ඒක නවත්තල මතකය තියා ගනිංකෝ. මොකටෙයි බං උත්තර නැති පුරස්න අහන්නේ???

      Delete
  7. මගේත් පලවෙනි එක නේත්‍රා ප්‍රේමයක් තමයි... හි හි.. වැඩේ කියන්නේ මං දැනගෙන හිටියා කොල්ලා මට කැමතියි කියලා... ඒ තරමට මං ඌට අඟර දඟර දැම්මා... හි හි.. කෝචිචියේ ගිය අයියා කෙනෙක්... අමුතු ලස්සන කොල්ලෙක් නෙවෙයි.. ඒත් හරි ලස්සන හිනාවක් තිබ්බා.. ‌කොට මොඩ්ල් එකක්.. හි හි. .. මං එත‌ෙකාට අට වසරේ... එයා කැම්පස්.. ( ඒක මම පස්සේ කාලෙක දැන ගත්තේ..)

    ඌ කාලයක් අතුරුදහන් වෙලා හිටියා.. මං අවුරුදු 2ක් බලං හිටියා එයා එනකම්.. ඒත් ඒ මෝඩයා දවස් දෙකක් පරක්කු උනා... අපේ මහත්තයා මගෙන් අහලා මටත් එයා ගැන යන්තම් කැමැත්තක් ඇති වෙලා දවස් දෙකකින් මේ මෝඩයා ආවනේ... එතකොට පරක්කු වැඩියි... මං එයාව අමතක කරන්න හිත හදා ගෙන ඉවරයි...

    පස්සේ මං ගැන එයා මගේ යාලුවෙක්ගෙන් ඇහුවලු.. ඒ කතාවත් මම දන්නේ පස්සේ... දවසක් එයාමයි මට ඒක කිව්වේ.. හැබැයි එතකොට මම ජොබ් එකකුත් කරනවා... එච්චර කාලයක් එයාට මාව මතක තිබුනා කියන එකත් මට පුදුමයි..

    මං මේ ළඟදි දැක්කා.. ඉස්සර වගේම ලස්සන හිනාවක් දාලා “කොහොමද නංඟා” කියලා කතා කරලා ගියා... මට තාමත් ඒ නම කොහෙදි දැක්කත් පපුව අමුතු විදියට ගැ‌ෙහන්න ගන්නවා බං... ඇත්තමයි...

    ReplyDelete
    Replies
    1. පමා වැඩී ඔබ පමා වැඩී, මට මුණ ගැසුනේ ඔබ පසු වී.... සින්දුවක් මතක් උනා.

      Delete
    2. මුලින්ම හොරගල් අහුලන්නේ නැතිව හිටියනම් හරිනේ හිරු...

      Delete
    3. මුණ ගැසුණා.. ඒත් කතා කරන්න පමා උනා වැඩියි චන්දන... හි හි..

      මොකටද හොර ගල් අහුලන්නේ නලීන් අයියේ.. මං එච්චර ඇඹරිලත් එයා බල බල හිටියනේ... හි හි.. ඇත්තටම එයා ගොඩක් ලැජ්ජාකාරයා... මට තිබ්බ ගට්ස් එයාට තිබ්බේ නෑ ... හි හි..

      Delete
    4. 8 වසරෙදිත් බොට ආල හැගුම් හිතට ආවද.... හයියූ...

      Delete
    5. අට වසර නම් මොනවද මචං සිරා. "තිත්තත්තෙන් පැත්තේ තිලාවට කලමු" කිව්වලු 5 වසරේ එකෙක්. :)

      Delete
    6. ආල හැඟුම් නම් නෙමෙයි වෙන්නැති සිරා... ඒක මේ පොඩි ස්පෙෂල් ගතියක් මං හිතන්නේ.... එයා ෆුට් බෝඩ් එකේ ඉඳන් මං දිහා බලං ඉන්නවා.. මාත් ඉතිං අනිත් උන්ට නොපෙනෙන්න ඒ පැත්ත බලනවා. හි හි.. දවසක් හරි දැක්කේ නැත්තම් ඉතිං එදා දවසම අන්තිමයි ... හි හි..

      Delete
    7. ඇයි බන් හිරු...මේ වගේ කථා පෝස්ටුවක් නොකර සිල්ලරට මෙතන කොටන්නෙ...

      Delete
    8. සිරා හරි බං. ඔන්න ඕකත් කොටල දාපං අපිට බලන්න. අර උඹ අහන්න අකමැතිම නම නෙමෙයි නෙව... (චතුර)

      Delete
    9. හිරුස්... උඹ ඇඹරෙනකොට පොරට හිතෙන්න ඇති මේක නම් මෝලක් කියලා....

      Delete
    10. හෙහ්.. මේකිට වැඩිය ඌ අහිංසකයෙක් නේ...

      Delete
  8. ඔය වගේ ඒක පාර්ශ්වීය ප්‍රේම කතා නම් මටත් තියනවා. හිරු කිව්ව වගේ දැන් දැක්කත් මොකක්දෝ අමුතු හැගීමක් දැනෙනවා. නොලැබූ දෙයක වටිනා කම වැඩිද මන්දා

    ReplyDelete
    Replies
    1. ආ එතකොට බොටත් තියෙනවා.. හැක්...

      Delete
  9. මාත් හොඳ ප්‍රේම වන්තයෙක් තමා අයියණ්ඩි ඔක්කොම හිතෙන් :D

    ReplyDelete
    Replies
    1. ඇයි මලේ අතින්

      Delete
    2. යකෝ මේක බලකෝ.... මට කොමෙන්ට් එකක් දාල තිබ්බ මට තාම විස්සයි, මම හිතන්නෙ මම තාම පොඩි එකා කියල..

      අටම් අයියගෙ බ්ලොග් එකට කොමෙන්ට් දාන්ට බැරියෝ........

      Delete
    3. @ නිශාන්
      එහෙම තමා මලයෝ හොද ප්රේමවන්තයෝ...

      Delete
    4. @ අටමා
      චිකේ බොල අතින් විතරක් හැකිය පෙං කොරන්න ඒකට වෙන මුස්ටියකුත් ඕන නෙව..

      Delete
  10. උඹ ලව් කලාම මොකෑ වෙන්නේ... විජේ අයියත් ලව් කල එකේ.... අපි ලව් කල එක්කෙනෙක් මේ දවස්වල ඇවිත් අපිව බලලා යන්න.. සුමනා ගෝමස් අක්කි....

    ReplyDelete
    Replies
    1. ඇත්තෙයි ඒම කොරාට කමක් නැතෙයි.. ලව් කරල නෙමෙයි බොල අපි මස් වැද්දෝ කාලේ අක්කි හික්..

      Delete
  11. //හර්මන් මං තෝව මරන්න හිටියේ අහුඋනානං .. මගේ කෙල්ලට සීනි බෝල දීල රවට්ටල, යාළුවා වෙච්චි මාවත් ආයේ පරණ තත්වෙටම ඇදල දැම්මට //

    මටත් ඔහො එකෙක් ඉන්නවා බං
    අම්මපා

    ReplyDelete
    Replies
    1. අටම් අයියගෙ බ්ලොග් එකට කොමෙන්ට් දාන්ට බැරියෝ........

      Delete
    2. @ අටමා
      ඔව් බං ඕකව මරං කන්න හිතුනේ මට වෙච්චි නස්පැත්තිය හින්දා..

      Delete
    3. @ යාන්ත්‍රිකයා
      මොකද්ද බං උබේ කරුකරුව.. අටමෝ මේ මොකද්ද කියල හොයාපන් මේකට බෙහෙතක් දීපංකෝ. මෙතන බූට් කාපු එකෙක් වගේ කියෝනවා

      Delete
  12. ප්‍ර‍ථම ප්‍රේමය කිසිදා නොමියෙයි.. සිරා එය දන්නේ අත්දැකීමෙනි... වැඩි විස්තර මෙතැනින්

    ReplyDelete
    Replies
    1. ඒක නං එහෙයි තමා.. උඹේ ප්‍රථම ප්‍රේමය මං කියෙව්වා.. බලං ගියාම තෝත් මං වගේම ඇඹරිලා නෙව ලියුං කරදහිය දෙන්ට ගොහිං.. හැක්..

      Delete
  13. පරක්කු වෙලා හරි අපි ආවා... ඊයෙ ඩොංගලේ සල්ලි තිබුණේ නැත........

    ReplyDelete
    Replies
    1. ඒකට මොකෝ බං උඹ ආව නෙව. මොකද්ද මේ අටමගේ ජරමරේ..

      Delete
    2. අනේ මංදා ඒකට කොමෙන්ට් දාන්ට යනකොට මොකක්ද එකක් කඩ්ඩෙං වැටිල ‍මගේ කොමෙන්ටුව දාන්ට බෑ කියනව.... දැං හරි..

      Delete
    3. ඔය අටමගේ අටමගල වැඩ නෙව...

      Delete
  14. "හවසට ගෙදර ගිහිල්ල ඇදට වෙලා පපුව අත ගගා ඒකි ගැන හිත හිතා"

    මට එක එක ඒව හිතිල අන්තිමට හිතන එක නවත්තල දාල කමෙන්ට් කලා :D

    ReplyDelete
    Replies
    1. අන්න උඹට විතරයි බං ඒක හිතුනේ.. ඔව් බං මගේ ඇගයි මගේ අතයි මට ඕන හැටියට නෙව.. හැක්.. උඹට මීටරේ අතටම අහුඋනා එහෙනං...

      Delete
  15. මගේ ප්‍රථම ප්‍රේමය හතර වසරෙදි......දැන් ඒ කෙල්ල මොනවා කරනවද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්තෙයි බං බොලා මාර බාලාපරාධ වැඩ නෙව කරන්නේ. අහුඋනානං හෙම දානව රස්සිතයේට.. මොනා කරන්න ද කෙල්ල හොදට ඇති.. වාසනාව ඒකිගේ.. හැක්.. තැන්කු ආවට මචෝ..

      Delete
  16. අප්පේ අද එන්න පරක්කු උන වගෙයි. මට නම් ඔය වගේ අත්දැකීමක් තියෙනවාඅර මම පෙම් හසුනක් පොස්ටුවෙන් දාල තිබුනේ එක අයින් කරලා වෙනස් විදියකට දාන්න ඕනේ බලන්න

    ReplyDelete
    Replies
    1. හා හා හරි කිව්වම තමා මතක් උනේ. වැඩේ ගොඩගියාට පස්සෙ දීපු ලියුම නෙව.. මොකෝ කෝරලේ මේ දවස් වල වැයික්කියේ වැඩිය තැක් ගැහෙන්නේ නැත්තේ??

      Delete
    2. කිව්වත් වගේ දේශක තුමෝ ලියනවයි කියල ලියන්නන් වාලේ ලියල වැඩකුත් නැහැනේ මම මේ දවස් ටිකේ බ්ලොග් බලනවා විතරයි ලියන්න හැදුවත් නොයෙකුත් භාදා එනවනේ (ඔෆිස් එකේ වැඩ තමයි. අනෙක සෙමිස්ටර් එක්සෑම් එකත් ලඟින්ම එනවා. එක ගොඩගියේ නැත්නම් ඩිග්රියත් වතුරේ) නමුත් මම ආස බ්ලොග් කොයි වෙලාවකවත් මම මිස් කරන්නේ නැහැ. අනිවා ගොඩවදිනවා.

      Delete
  17. මගේ පලවෙනි ලව් එක දැනක් මාසයක් වත් නැ ඉවරවෙලා...මම ගැලපෙන් නැ කියලමයි එයා ගියේ ..වෙන හේතුවක් නම් කොහොම හරි මට බහින්න තිබ්බා ගේමට. නමුත් මෙතනදි මගෙ පැත්තටනේ ඇඟිල්ල දික් වෙලා තියෙන්නේ. ඒ නිසා මම දැන් පැත්තකට වෙලා ඉන්නවා..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ගියදේ ගියාවේ. එයාට ඒක කලින්ම හිතුන එක හොදා. නැතිනං අබ සරණ වෙනවා පසුවට බොට...

      Delete
  18. මගේ නම් පළමු පෙම 5 වසරේදී....අනේ පවු මම...දැන්නම් 50 සෙන්චරියත් ඉවර ඇති...

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං ඒ හරුපේ...?? මේ තවත් බාලාපරාධකාරයෙක් වගේ.. හැක්..

      Delete
  19. මො.පේ. කියල තිබ්බ උඹහැගෙත් ඒක පාර්සවික පේම කතාවක් යනවා කියල, ඉතින් ඔන්න ආව බලන්න. මොකක් හරි එහෙකින්, මට උඹේ බ්ලොග් කටුව හොයා ගන්න බැරුව හිටියේ... මාරයා මොනා කිව්වත්, නැට්ට වැදගත් කියල හිතෙන්නේ ඔන්න ඔය වෙලාවට තමා...

    උඹට හිටියෙ ජයන්තිමාලා ද, මගෙ එක්කෙනාගෙ නම් පුන්තූරයක් හොයලම දැම්මා මම.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒක්‍පාර්ශ්වික ප්‍රේමයේ උරුමකරුවෙක් විතරයි... පැට්රියට් මලයා මුකුත් ලිව්වේ නෑනේ බං ලගදී. මට මොකක් හරි අවුලක් උනාද????

      Delete
  20. මගේ කුලුඳුල් ප්‍රථම පෙරේමය ගැන කතාව අන්න අන්තිම පෙලියෙ බූට් කතාවක් කියල ජය්ය නමින් ලියල තියෙනවා. ඒකත් මෙකට දෙවෙනි නෑ.

    ReplyDelete
    Replies
    1. බලන්න ඕන අනිවා.. දැං තමා තේරුනේ අන්තිම පේලිය මොකක්ද කියල..

      Delete
  21. බලාගෙන පුතේ මේවා ලියන්නේ බත් පතේ මාළු පිණි
    අඩු වෙන්න බැරි නෑ ..
    ara anthima peliya therune nah..

    ReplyDelete
    Replies
    1. අනිවා බං.. දැනගත්තොත් විසුමක් නෑ තමා ඔය නලියට වගේම. හැක්. අන්තිම පේලිය කිව්වේ බෝල්ඩ් කරපු කෑල්ලද බං??

      Delete
  22. අඩේ මේක දැන් අහුවුනේ බොට කීවාම මොකෝ බං මම හුගක් කෙල්ලෝ එක්කලා යාලු වෙලා තියෙන්නේත් එකපාර්ශ්චිකව නේ බං.කොටින්ම මම දැනුත් කෙල්ලෝ දෙන්නෙකුට ලව් හැබැයි ඉතිං හිතින් තමයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ කියන්නේ පුතේ හොද ඒවා අවුස්සල බලන්න ඕන... හිතින් ලව් නොකල එකෙක් හොයාගන්න බෑ සහතිකේටම

      Delete
  23. බොලත් මාර වැඩ තමා කොරලා තියෙන්නෙ හි.. හි..
    මං හිතන විදියට අපි හැමෝම අඩුම ගානෙ එකම එක වතාවක් වත් එකම එක්කෙනෙක්ට වත් හිතෙන් ඒකපාර්ශිකව ආදරේ කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා බං ඕන කෙනෙක්ට අදාළයි ඒක..

      Delete
  24. අඩේ මටත් තියනව ඒක පාර්ශවීය ආදර 2, 3ක්ම, එව්ව එකක්වත් හරියන එව්ව නෙමේ :D

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතිං හිතේම හැදිල හිතේම පිපිලා හිතේම පරවෙලා යන හිත්මල් නෙහ්...

      Delete
  25. මගෙ ඒක පාර්ශවික ප්‍රේමය නම් මුලු පාසල් සමාජ‍ය ඉස්සරහ කෙල උනා. . .

    ReplyDelete
    Replies
    1. ඒක උඹ චා කරගෙන.. එහෙම නෙමෙයි බං උඹ නිලියන්ට හිතින් ආදරේ කරල නැද්ද අන්න ඒවා නියම තනි අන්ඩේ ලව්

      Delete