Tuesday, November 6, 2012

ලෝ පෑන්ගේ වීර ක්‍රියා


දුරකතනය නාද වෙනවා. රාමනායක මහත්තයා බලාපොරොත්තුවෙන් ඉදපු ඇමතුමක් ආපු විදියට උනන්දුවෙන් ඒකට උත්තර දෙනවා.

“හලෝ...“

“මිස්ටර් රාමනායක.. අපි දැං ගොඩක් කිට්ටුව ඉන්නේ. කෙහොමද ගෙදරට එන විදිය කියන්න පුළුවන්ද?“

“ආ.. මම හිතුවේ මහත්තයෙක් එනවා කියල. ඇයි මට කිව්වේ එහෙම නේ.. නෑ කමක් නෑ. ඕගොල්ල ගාලු පාර ගාව ටවුන් එක පහුඋනාම හම්බවෙන පළවෙනි පාළම පහුකරල එන්න. මං එතන ඉන්නං“

“එහෙනං අපි තව විනාඩි 10 ක් යනකොට එතනට එනවා. හරිනේ“

රාමනායක මහත්තයා කියන්නේ ඉතාමත් වැදගත් නිවිච්ච පවුලක එකම දරුවා. ඒත් අවාසනාවට තාත්තා ඒගොල්ල දාලා ගිහිල්ල. නෑ. මිය ගිහිල්ලා දැනට වසර ගාණකට කලින්. අම්මා ටත් හුගක් වයසයි. රාමනායක ලංකාවේ කොම්පැනි කිහිපයකම වැඩ කරල පළපුරුද්ද තියෙන, විදුලි කාර්මික ශිල්පය සෑහෙන්ට ඉහලින් දන්න ඒ වගේම වැඩ කරපු තැන් වල නමක් දිනා ගත්ත පුද්ගලයෙක්. ඒ වගේම සමාජීය දැනුම, විප්ලවීය අදහස් නැවුම් අදහස් වලින් පිරිච්චි ඉතා නිහතමානි අනුන්ට උදව් කරන පුද්ගලයෙක්. මෑතකදි ඒ කියන්නේ වසර තුනක් විතර ලංකාවේ නෙමෙයි මාල දිවයිනේ පිහිටි පුමුඛ හෝටලයට වැඩ කරල තමා ඔය ලංකාවට ඇවිල්ල ඉන්නේ. ආයෙත් යන්න බලාගෙන නෙමෙයි. ඒත් එයාට කරන්න වැඩ හුගක් තියෙනවා කියලයි කියන්නේ.

ඉතිං මේකත් එයාට කරන්න තියෙන ලොකු වැඩක් වෙන්ට ඇති.


රාමනායක මහත්තතයා මෝටර් සයිකලයෙන් ඉදිරියෙන් එනවා. එයාගේ පිටිපස්සෙන් හෙවනැල්ල වගේ තමා අළුත්ම ටොයොටා පාං වෑන් එක එන්නේ. (පාං වෑන් කිව්වට පාං ගේනවා නෙමෙයි අර කේඩීඑච් 200 මොඩල් එකේ නිව් ෆේස් වෑන්)

පාං වෑන් එකේ රියදුරු මහත්තයා ඉන්නවා. ඒ වගේම තවත් මහත්තයෙක් ඉස්සරහ ආසනේ ඉන්නවා.ඒත් ඒ දෙන්නට කලින් පිටුපස දොර ඇරගෙන දුඹුරු පාට හැන්ඩ්බෑග් එකක් උරේ ගස්සල උඩටම දාගන්න ගමන් අඩියක විතර දිග පළල තියෙන පෙට්ටියක් අතට ගත්ත නෝනා කෙනෙක් බිමට බැස්සා. නෝනා කිව්වට ටිකක් කෙලි වයස තියෙන, වැඩිය ගෙවිලා නැති කෙලින්ම කිව්වොත් ඉතිං පොෂ් කෑල්ලක්. ඇදල ඉන්න නිල් පාට ඩෙනිම් කලිසමට රතු සුදු මිශ්‍ර වෙච්චි මොනවද අකුරු වගයක් ගහල තියෙන ටීෂර්ට් එක හෙන ගතියක් ගේනවා. රාමනායකට නෙමෙයි මට නං පොඩි ආකර්ශනයක් ඇති උනා.

“ගුඩ් මෝර්නිං මිස්. අනේ සොරි ඇත්තටම මං හිතාගෙන හිටියේ මහත්තුරු දෙන්නෙක් එනවා කියලනේ“

“ආ.. ඒකට කමක් නෑ.. අද මේක සර් භාරදුන්නේ මට කරන්න කියලා.. තනියම එන්න ටිකක් බය හින්දා හස්බන්ඩ්වත් දාගෙන ආවේ.“ (හත් ඉලව්වයි. සර්ගේ ඩ්‍රැයිවර්ට බයේද? වාහනේ එන්න බයටද? රාමනායකට බයටද කියල මට හිතාගන්න බැරි උනා වගේම ඔළුවත් ටිකක් පැද්දිල වගේ ගිහිං තමයි හස්බන්ඩ් දිහා බැලුවේ. එතකොට... එතකොට එයාගේ සර් එක්ක වත් තනියම යන්නේ නැතිව ඇති මේ දැරිවි. හොදා හොදා. අනේ අම්මප මෙහෙම දෙයක්)

“එන්න මිස් ගෙට.. මිස් මොනවත් බීල ඉන්නවද බඩගිනිත් ඇතිනේ“

“අනේ එපා. නැන්ක්යූ. අපි මගදි උදේට කෑම කෑවා. එහෙනං අපි වැඩේ පටන් ගනිමුද?“

“කමක් නෑ එහෙනං.“

“මිස්ටර් රාමනායක.. මට ඔයාගේ අවසරය ඕන වෙනවා මේ ගෙදර මට අවශ්‍ය ඕනම තැනක යන්න.“

“ආ.. ඒක ප්‍රශ්නයක් නෑ“

“තැන්ක්ස්.. “

එහෙම කිව්ව බයෙං ආපු මිසී ගෙදර දිහා ඇස් කරකවල බලල, අර අතේ තියාගෙන ආපු පෙට්ටිය අරිනවා. ඒකේ තිබිල මොකද්ද තැටියක් වගේ එකක් අතට ගත්තා. මොනව හරි මට හිතේන්නේ මැෂින් එකක් වගේ කියලා. ආ.. හරි.. මේ ලෝ පෑන් නේ.. අප්පච්චියේ මේ අර සර් නිතරම තෙපරබාන විස්මිත ලෝපෑන් ගොයියා නෙව.

ඉතිං ඒක අතට ගත්ත මිසී දැං ඒක දිහා බලාගෙන රාමනායක මහත්තයගේ ගෙදර ප්‍රධාන දොරටුවෙන් ගෙට ඇතුල් වෙන්නයි සුදානම. 

මිසීගේ පස්සෙන් රාමනායක. ඊට පස්සේ මම. ආ.. මිසී ගෙට එන දිහා බලාගෙන ගේ ඇතුලේ ඉදගෙන රාමනායකගේ අම්මා අහිංසක විදියට මිසී එක්ක හිනා උනා.

ඒ වගේ අහිංසක හිනාවක් මේ කාලේ දකින්න ඇත්තටම අමාරු දෙයක්. ඒ වගේ දෙයක් මේ කාලේ දකින්න ඕන නං ඔන්න අවුරුදු දෙකක විතර පොඩි දරුවෙක් හිනා වෙන විදිය බලන්න. 

දරුවා හිනාවෙන්නේ අවංකව නේ. ඒ වෙලාවේ දරුවගේ මනසේ සතුටක් නැත්නං එහෙම හිනාවෙන්න බෑ. ඒත් දැං කාලේ උන්දැලට නං ඒකේ අනිත් පැත්ත. හිතේ ලෝදිය අනික් අයට වක් කරකර පට්ට යන්න හිනාවෙන්න පුළුවන් නේ.


“රාමේ ඕක බං කොම්පාස් එකක්ද“

“ඔව් බං. මේක මේ නිකං කොම්පාස් එකක් නෙමෙයි සුපිරි එකක්“

දැං මිසී තැටිය අල්ලං සාලේ වටේ කරක් ගහනවා. පහත් වෙනවා. හැරෙනවා. පස්සෙන් පස්සට යනවා. ඇඹරෙනවා. බිත්තියට හේත්තු වෙනවා. කොටින්ම කිව්වොත් සාලේ නටනවා. සාලේ නටල ඉවර වෙලා මිසී ඉස්සරහම තියෙන රාමෙගේ කාමරේට යනවා. එතැනත් අර ඩාන්ස් එකම තමයි. ඒ වගේ අම්ම ඉන්න කාමරය, කුස්සිය, බාත්රූම් එක, ස්ටෝරු කාමරය, පිට තියෙන ටොයිලට් එක වගේ හැම තැනම මිසී නටනවා. ඒ මදි වෙලා මිදුලෙත්, පිළිකන්නෙත්, අගුවෙත් නටනවා. අපිත් තාලේ අල්ල අල්ල පස්සෙන් යනවා. එහෙම බැලුවම මිසීගේ හස්බන්ඩ වාසනාවන්තයි. ඒකා පොල් ගෙඩි බල බල පොල් ගස් වටේ එයාට හිතෙන හිතෙන විදියට ඇවිදිනවා. ඩ්‍රැයිවර් මහත්තයනං මහන්සියටම කඩා දාගෙන දොයි. (ආසනේ)

“මිස්ටර් රාමනායක අපි පොඩ්ඩක් වාඩි වෙමුද... අම්මටත් එන්න කියන්න“

සාලේ තියෙන පරණ සැටියේ ගේ පැත්තට වෙන්න තියෙන තනි පුටුවේ වාඩි වෙච්චි මිසී අර තැටිය ස්ටූල් එක උඩින් තියල නැමිල ඒක දිහා බලාගෙන ඉන්නවා. රාමේ මිසිට දකුණු පැත්තේ පුටුවෙත් රාමෙගේ අම්මයි මමයි ලොකු සැටි පුටුවෙත් වාඩි උනා. මිසී නැමීගෙන ඉන්ට විදියට මට තව ඉස්සිල බලන්න හිතුනත් ඒකත් වැඩක් නැතෙය කියල ඒ ගමන්ම හිතුනා. රාමෙට මගේ හිත තේරුම් ගිහිල්ලද මන්ද කටට අත තියල දගලන්නේ නැතිව ඉදපං කියල සංඥා කළා.

දැං අපිට කතා කරන්න චෙන්නේ නෑ කියල මිසී වාඩි වෙලා ඉන්න විදියට මම කියන්න ඕන නෑ නෙව.

“ඔයාගේ ගෙදර පිහිටීම, වයස, ඉතිහාසය වගේම ස්ථානගත වීම් ගැනත් වෙනත් වැදගත් දේ ගැනත් මම මේ ලෝ පෑන් මාලිමාවෙන් පරික්ෂා කරල බැලුවා. ඔයා මේ ගැන හොදින්ම දන්න, ගොඩාක් කාලයක් තිස්සේ අපේ සර් කියන දේවල් පිළිගත්ත කෙනෙක් හින්ද මම හුගක් සැලකිල්ලලෙන් තමා පරික්ෂණය කළේ.“

“ඔයා දන්නවනේ මේ මාලිමාව ඉතාම පැරණි, ඒවගේම විශ්මිත හැකියාවක් තියෙන එකක්. සාමාන්‍යෙන් මේ එකක මිල රුපියල් ලක්ෂයක් විතර වෙනවා අඩුම ගණනේ. මේ ගැන විස්තර ඇත්තටම කාගෙන්වත් දැනගන්න බෑ. ඒ වගේම කොහේවත් සදහන් කරලත් නෑ. අපි මේ ශාස්ත්‍රය කාටවත් කියල දෙන්නෙත් නෑ. මම මැලෙසියවේ මේ පුහුණාවට සර් යැව්ව. මාස තුනත් ඒකේ මාස්ටර් කරල, තව සර් පුරුදු කරල දැන් නං මේ ලෝපෑන් මාලිමාවෙන් පරික්ෂණ කරන්න ඉගෙන ගෙන තියෙන්නේ.“ (ආයෙත් හත් ඉලව්වයි කියන්ට වෙනවට සමාවෙන්න ඕන.. මම අහල තියෙන්නේ ඔය අටමගලේ චීනේ සෙල්ලං දාන්න තියෙන එකක් කියල. ඒ වගේම ඔය අදීන ශාස්ත්‍රය තියෙන්නෙත් චීනේ කියලයි මම හිතුවේ. දැං බැලුවම ඒකත් බලය බෙදීමට ලක් කරලද මන්ද මැලේසියාවේලු පුහුණු කරන්නේ.. අට්ටෝ මෙහෙමත් පිස්සෝ)

“හරි දැං අපි බලමු.. මේ ගෙදර ජීවිත කාලය 2024 වෙනකං තියෙනවා මේකට අනුව. “ (මක්කැයි... මම දන්න විදියට මේ ගේ හදල අවුරුදු 50 ක් විතර වෙනවා. රාමේ මාලේ ඉදල එවපු සල්ලි වලින් ගේ ටිකක් හැදුවට මං දන්නවනේ මේ බිත්ති ගන්න දෙයක් නැතිය කියලා.. අම්මේ එතකොට ශත වරුසයක් විතර මේ ගේ ජීවිත කාලය තියෙනවා.. හම්මේ. මගේ කට.. ඒකා නලියනවා. )

“ඔයා දන්නේ නැති උනාට මේකට මේ ගේ තියෙන් ස්පිරිට්ස් එහෙම හොදට අහු වෙනවා. එහෙම බැලුවම ඔයාට හරි යන ස්පිරිට් එක තියෙන්නේ දැං හරියටම ඔයා ඉන්න තැනට අඩි දෙකක් විතර එළිය පැත්තට වෙන්න“ (ආ.. ඒකනං හරි. මූ ගෙදර ඉන්නවට වැඩිය පිට ඉන්න එකා නිසා.. හරි. මුගේ ගෙදර ස්පිරිට් එක එළිය පැත්තටම තමා යන්න ඕන. අම්මපා මට දැං හිතෙනවා මේක ඇත්තද කියල)

“අම්මගේ ස්පිරිට් එක තියෙන්නේ අර ටී වී එක තියෙන බිත්තිය ගාව. ඒක නිසා එතනට හොද පුටුවක් තියල අම්ම ටිකක් වැඩි පුර එතන වාඩි වෙලා ඉන්නවනං සුභයි..“ (කට.. කට... සහතික ඇත්ත. ලෝ පෑන් බොරු කියන්නෑ එතකොට. මම දන්න දවසේ ඉදල අම්ම ඔතන තමා වාඩි වෙන්නේ අර කෑම කෑල්ල පැත්තේ තියන ලී පුටුව අරගෙන ඇවිල්ල දවස පුරා ටීවී බලන්න.. එතකොට ඒකත් හරි.. ටීවී බලන එක සුභයි කියල හැමෝම තේරුම් ගන්න ඕන)

“වැදගත්ම දේ. මේ ගෙදර ධන ස්ථානය තියෙන්නේ... ඇත්තටම ඒක වෙනස් කරන්න ඕන නෑ. ලිප් බොක්ක ඇතුලෙමයි. ඒක නිසා එතැන කෑම උයන එක නතර කරන්න වෙනවා. හොදට කළු වෙච්චි තැන් සුදු හුණූ ගාල පිරිසිදු කරල මම දෙන ස්ටිකර් එක එතන අලවන්න. හැබැයි එතැනට නිතරම යන්න පුළුවන් වෙන්න ඉඩ තියාගන්න“ (????????????????????????)

“ඊට පස්සේ.. ඔයාගේ වයිෆ්ගේ ස්පිරිට් එක තියෙන්නේ හරියටම ගෑස් කුකර් එක තියෙන තැන. ඒක කොහොමත් සුදුසු නෑ. වයිෆ්ගේ ස්පිරිට් එක තියෙන ස්ථානයේ ගින්දර තියන එක අසුභයි. උයන තැන පොඩ්ඩක් වෙනස් කරගන්න එතකොට අසුබගතිය ඇරිල යාවි. “

“මේ ගෙදර මට අහුඋන විශාලම අඩුපාඩුව තමා ප්‍රධාන දොර මේකට අනුව වැරදි තැනක පිහිටල තියෙන්නේ. හරියට නං ප්‍රධාන දොර එන්න ඕන බාත්රූම් එක තියෙන තැන දොර ගාවට. ඒ වගේම එළියේ තියෙන ටොයිලට් එකත් අසුභයි. ඒකනං කඩල අයින් කරල දාන්නම වෙනවා. මම දෙනවා තව පොඩි සළකුණු තියෙන බෝඩ් තුනක් මේවා එක දිගට සාලේ (අත දික්කර) අතනින් අලවන්න. එතකොට අර ස්පිරිට්ස් අල්ලගන්න පුළුවන්“

“දැං ප්‍රධාන දොර තියන්න ඕන විදියට බැලුවොත් බාත් රූම් එක ප්‍රධාන දොර ගාව තියෙන එක සුදුසු නෑ. ඒක හරි විදියට ඔයාගේ කාමරේ එළීය පැත්තට එන්න ඕන. ඒ වගේම කුස්සිය ප්‍රධාන දොරට මුහුණු දාන්න හොද නෑ. ඒක නිසා ඒක එන්න ඕන සාලේ මේ අපි ඉන්න තැනට. කාමර දෙක.. ඇ අම්මගේ ස්පිරිට් තියෙන බිත්තිය කඩන්නේ නැතිව අම්ම නිතරම ගැවසෙන විදියට හදාගන්න පුළුවන් නං හොදයි. ඇත්තටම ගෙදර හුගක් ජීවය තියෙනවා. තව මුකුත් දැන ගන්න තියෙනවද මිස්ටර් රාමනායක?“

“ආ.. නෑ මිස්.. බොහොම ස්තූතියි. හුගක් දේවල් දැනගත්තා මේකෙන් ඇත්තටම මං ගෙවපු රු. 18000 කිසිම පාඩුවක් නෑ. ඒ ගානට වඩා මේ සේවය වටිනවා“

“එහෙනං මිස්ටර් රාමනායක අපි යන්නං. අවශ්‍යතාවක් වුනොත් ඉති ඔයා ගාව අපේ සර්ගේ නම්බර් එක තියෙනවානේ. අදනං සර්ට මහරගම ලොකු සම්මන්ත්‍රණයක්. දෙදාහකට වැඩිය සීට් බුක් කරගෙන කියල මට ඊයේ කිව්වා.. අපි යන්නං එහෙනං“

සියළු සමාචාර නිමවා සර්ගේ පාං වෑන් එක ගියා.

මම, රාමේ සමග ආයිත් සාලේ, වෙනසකට තියෙන්නේ මං වාඩි උනේ මිසී වාඩි වෙච්චි තැන.

“දැංවත් උඹ පිළිගන්නද මේවා ඇත්ත කියලා“ රාමේ මගෙන් අහයි.

“ඔව් බං. පට්ට ඇත්ත නේ කිව්වේ“

“මං ලබන මාසේ ආයිත් කොහොම හරි ලොක්ක කන්ටැක්ට් කරල මාලේ ජොබ් එක හදාගන්නව බං“

“ඒක හොදයි බං. මෙහෙම නිකං ඉන්නවට වඩා“




26 comments:

  1. கரனடழயழ கெரய?

    ReplyDelete
    Replies
    1. රාජෝ නම් ගම් දාන එක අගුණයි. ඩිංගක් හිතපං

      Delete
    2. නෑ බං මම ඇහැව්වෙ "මොකද්ද බං මේ?" කියල. භාෂාව මාරුවෙලා වැදුනෙ ඔය විදියට.

      Delete
    3. ඒක නෙව අන්දොස් නේ මේවා දැක්කම. උඹට දාපු කමෙන්කටුව බලපං. උත්තර අවශ්‍යයි

      Delete
  2. පිස්සුනේ.. වැඩියෙන්ම ළණුව කන්නේ බුද්ධාගමේ උන්.

    ReplyDelete
    Replies
    1. ඒත නෙව කියන්නේ. අපේ මිත්තරයත් හොද සාමාන්‍ය දැනීමක් තියෙන කෙනෙක්. එහෙම එකෙක් මේකට අහුවෙලා කෝවේ දාලාවත් මකන්න බැරිගාණට අහුවෙලා නං අනිත් මිනිස්සු ගැන කවර කතාද? ඒතා ආයේ මාලේ යන්න හදන්නේ ලෝ පෑන් ගේ බලයෙන් ගේ වෙනස් කරගන්න සල්ලි හොයන්න. ෆක් තමයි. ස්තුතියි

      Delete
  3. හත් ඉලව්වයි ඒ මොකක්ද ඒ සාස්තරේ.............. ? එක එක ජාතියේ හොරු වැහි වැහැල ලංකාවේ

    ReplyDelete
    Replies
    1. ඔන්න බලාගන්ටකෝ කොරලේ මහත්තයෝ..
      විකිපිටුව
      සලකුණු ගැන

      Delete
  4. ඔහොම දේවල් මමත් කාලයක් විස්වාස කළා හපොයි මේක 18000 ක්..
    ඔක්කොම බොරු වැඩ තමා..

    ReplyDelete
    Replies
    1. දැංකාලේ තමයි මේක වැඩිපුර ව්‍යාප්ත වෙන්නේ. ටී වී වල වැඩසටහන් දාගෙන කරන බොරු මේකා තවත් ඔළුව කන සක්විත්තෙක් විතරයි

      Delete
  5. මොකද්ද මේ අණ්ඩර ග්‍රීක්?/@


    මාලේට මාත් ආදරෙයි
    ඒ වාගෙමයි බොබ් මාලේ ටත්

    ReplyDelete
    Replies
    1. අන්ඩරයක් නෑ... සොයා බලන්නකෝ මේ වගේ දේවල් සෑහෙන්ට තියෙනවා. නව ප්‍රවණතා. මාස්ටර්ගේ ක්‍රියාකලාපන්. ලෝ පෑන් මාලිමාවෙන් නිවසේ වැරදි කියල දෙන ශාස්ත්‍රය.. මාලේට ආදරෙයි කිව්වම මටත් මතක් වුනා හාමිනේගේ කර මාලේ. ඒක බැංකුවේ නෙව ආරක්සාවට තියල තියෙන්නේ. හැක්

      Delete
  6. හෆ්ඵට සිරි..! අලුත් කාලේ, අලුත් තාලේ!!
    අයියෝ ෂල්ලි!!!

    ReplyDelete
    Replies
    1. ෂල්ලි තමා. මාලේ ජොබ් එකෙන් අස්වෙල ගෙදරක් දොරක් ගැන හිතන්න ආපු එකා, ලෝ පෑන්ගේ මාලිමාව නිසා ආයේ මාලේ යනවය කියල දුකෙන් කිව්ව හැටි මට තාම මතක් වෙනවා..

      Delete
  7. හනේ බං දේශකයා අපේ මිනිස්සුත් කාලෙන් කාලෙට මොකක් හරි පස්සෙන් හති දාගෙන දුවන්න හරී ආසයි. ඔය වගෙ ‍රැලි ගනනාවක් ආවා මට මතකයි.
    මුං ‍රැවටෙන්න බලාගෙන ඉන්න ජාතියක්.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. රැවටෙනවා කියන එකේ සීමාවක් නෑනේ ඩුඩෙ. ඉස්සෙල්ලම සම්මන්ත්‍රණය, තක්කාලි ගෙඩියේ විශ්වාසය, බඩ ඇති රන් බුවා, රතු මාල, පළිගු, වතුර වීදුරු, මිස්ටරි ගැටය, එක එක චීන අකුරු ගෙවල් වල දාගෙන කරන විකාර දැක්කම, ඒ මදිවට ලෝඩ් ගනේෂ් කියල ගෙදර රෑ එළි වෙනකං ස්ත්‍රෝත දාගෙන. පිස්සු හැදිලා ආයේ ටිකකින් තවත් හැදෙනවා. මාතලං කිව්ව වගේ බුද්ධාගම් කාරයෝ තමා වැඩිපුර අහුවෙන්නේ. මොකද දැං බෞද්ධ දේශනාවේ ඒ සදහා හිස්තැන් උවමනාවෙන්ම හදල තියෙන්නේ.. ඩුඩෙ.. මං ඉංග්‍රීසි එක කියෙව්වා.. 17 වැනි ඩෙනිම් කෑල්ලේ. මාර වචන ගොඩක් දැනගත්තා.පට්ට තැන්කූ

      Delete
  8. හි හි..
    කොහෙන්ද බං අර ෆොටෝ කෑලි දෙක හොය ගත්තේ.. හි හි..... මරු ඈ...

    අපේ මාමණ්ඩිත් ඔයින් එකක් තියාගෙන ඉන්නවා මේසෙ උඩ... ඉස්සර සායි බබාටත් වැන්දා... දැං මහ ලොකු බුද්ධාගං කාරයා වෙලා.... යන්නෙත් එක පන්සලකට විතරයි....අම්මෝ.. ඒකට පණ දීලා... මං නං හාමුදුරුකෙනෙක්ට වත් වඳින්නෙ නෑ කියලා, අර පන්සලේ ඉන්න මෑණියන්ට නියමෙට වඳිනවා.. හැම පෝයටම සිලුත් ගන්නවා... හි හි.... මම දවස් දෙක තුනක්ම කට හදලත් අහන්න.. ඇයි මේ සිංහල අවුරුද්දට නැකත් චාරිත්‍ර ටිකවත් කරන්නේ නැති එකේ මේ බඩ තඩියෙක් මේසෙ උඩ තියාගෙන ඉන්නේ කියලා..... ආයිත් මොකටද කියලා නිකම් හිටියා...

    අපේ මහත්තයා නං කියන්නේ ඔය මල්ලි රට ඉඳලා ගෙනාපු එකක් නිසා ඔහේ තියලා තියෙනවා කියලා.. මාත් මගේ හිත නරක් කරගන්නේ මොකටද කියලා ඒක පිළිගත්තා ... හි හි....

    හැබැයි අර එල්ලන පුංචි ගැජට් වලට නං මං හරි ආසයි... හුළඟට හෙලවෙනකොට එන සද්දෙට ගේ ඇතුලේ පාළු ගතිය නැතුව යනවා....

    ReplyDelete
    Replies
    1. පොටෝ කෑලි හොද නැත්ද දෙන්නගෙම එක වගේ බඩ. මාරු කරල ගෙදර තියාගත්තයි සුභයි කියල මාස්ටර් කිව්වොත් ආයි නෑ අහනවා. එල්ලෙන ගැජට් නං ඉතිං කොහොමත් මිහිරි නාදයක් දෙනවනේ. මතකද අර සිරස පෙන්නපු “මහ ගෙදර“ බඩකඩිත්තුව හින්දා මිනිස්සු ඒ වගේ ගැජට් එකක් ගෙවල් වල එල්ලුවා.. අඩේ ඒවත් එල්ලලය කියන්නේ අපේ මහත්තයා සාක්කුවේ රතු නූලෙන් ගැට ගහපු කාසි තුන එහෙම තියාගෙන ඉන්නවයැ. මගේ මිත්තරයා නං ගෙදර ටෙලිෆෝන් එකෙත් ඒක අලවං ඉන්නේ. අනේ බං හොයා බලල කියවන කොට පුදුම සතුටක් ඇති වෙන්නේ. උඹට හුගක් ස්තුතියි.

      Delete
    2. රතු පාට කාසි.... මං ගාව තියෙනවා.... ඒක මගේ අති ජාත, ප්‍රාණ සම මිත්තරයා ගෙනත් දුන්නේ.. ඌ දැං මගේ ගාව නැති නිසා මං ඒක තියාගෙන ඉන්නවා.... සිහිවටනයක් විදියට...

      Delete
    3. අඩේ රතුපාට කාසි නෙමෙයි බං. රතු රිබන් එකක ඔතපු කාසි තුනක් නෙව..

      Delete
  9. ෆෙන්ග්ෂුයි කොරලා හරි ගියේ ඕක ලංකාවට ගෙනාව බුවාට විතරමයි. වෙන එකෙක්ට හරිගියේ නෑ. ඊට අමතරව ඉන්නවා නම් ඒ ඕවා විකුනපු තැන්වල වැඩ කරපු එවුන් විතරයි. ඒත් හරි හමන් ගෙවීමක් ලැබුනානම්.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. මටත් දැං තමයි ක්ලික් උනේ. ඇත්ත නෙව ඌට විතර නේ හරි ගියේ..

      Delete
  10. අද යාළුවෙක් එක්කත් කතා කළා මේ ගෙවල්වලට ඇවිත් ඔය වගෙ බහුබූත කියලා මිනිස්සු පිස්සු වට්ටෝලා දිවි රැකගන්න හොරු ගැන. මිනිස්සු මෙහෙම ඒවට රැවටෙනවා වගේම ඒවට සල්ලි වියදම් කරන්නත් පොඩ්ඩක්වත් ලෝබ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. සිත් ආරේ දොස්තර නෝනා මේ පැත්තට ආවට.. මට ලොකු ශක්තියක් ඒක...

      මේ බහුබූත හාදයෝ ටික මිනිස්සුන්ගේ මොළ හෝද හෝද පස් කරන්ට තමා හදන්නේ.. ඔය කොච්චර සල්ලි ගත්තත් ඒ හාදයෝ කියන්නේ මේවා මේ බොහොම අඩුවට කරන්නේ කියල... අපේ ගොං මැට්ටන්ට ඒත් තේරෙන්නේ නෑ. ඒක බිස්නස් එකක් කියලා...

      Delete
  11. මේ සාස්තර හරියටම හරි. ඒකනේ මේවයින් හරි ගියපු මිනිස්සු ඉන්නේ... අද අහම්ඹයෙන් ටිවි බලද්දි තමයි ඝනදෙවියන්ගේ වැඩමුළුව ගැන අහන්න ලැබුනේ. ඒ ඔස්සේ තමා මේ අහා ආවේ දැන් බලාන ගියාම මටත් හිතෙනව මේවයේ ඇත්තක් නැත්තෙම නැති බව.....හැක්ස්.

    මිනිස්සුන්ගේ හැසිරීම්, පුරුදු.ගති ස්වභා ගැන හොදට අධ්‍යනය කරල තියෙනම් සහ හොදට වදින්න කතා කරන්න පුලුවන් නම් අපිටත් පටන් ගතෑකි ඔය විදිහෙ සේවයක්....

    වැඩේ තියෙන්නේ මට ඉන්න ඔක්කම යාලුවෝ මං වගේම කිසි දෙයියෙක් ගැන විශ්වාසයක් නැති මහ මෝංගල් පව්කාරයෝ ටිකක්......... ඒත් මං ඒ යාලුවන්ට කැමැති...

    ReplyDelete
    Replies
    1. අවුරුද්දකට වඩා ගියා කියාංකෝ මේකට උත්තර දෙන්න.. ස්තුතියි සොසී..

      Delete