මේ දවස් වල හොදටෝම බිසී නෙව.අටරාසියක් කරුණු අරවා මේවා හින්දා හරියකට කෑමක් බීමක් නැ එක එක වැඩ. එහෙමෙයි කියල මේ කඩමාල්ල හිතින් අහක් කරගන්න ඇහැකියැ. පිස්සුවක් ඇතෑ.
2014.01.24
උදේ පාන්දර කෑම උයන්න ලැහැස්ති වෙලා දේශිකා හාල් හෝදල කරල බත් මුට්ටිය ලිපේ තියල අනිත් වැඩ ටික කරන කං මම පොල් ගෑවා. පොල් ටික ගාන කොටම මම දැක්කා ගෑස් කුකර් එකේ දැල්ල නිවෙනවා. හබක් තමා ගෑස් ඉවරයි. පයි කේජි පයි කේජි කියාගෙන සින්දු කිව්ව හින්දා මාත් ගත්තා පයිකේජි එකක්. මදෑ කොළා. ඒක දවස් විසි තුනක් පත්තු කරන්න පුළුවන් ය කිව්වට මොන.. හරියටම දවස් 14 යි.
දැං මොකක්ද කරන්නේ කියල බැලුවේ. කෑම උයන එක නවත්නන්න. එහෙම බෑ මොකද කොල්ලට ඉස්කෝලේට අනිවා බත් ගෙනියන්න ඕන. ඒක නිසා උයන්න එපායැ. පාන්දර කියල බැලුවේ නෑ ගත්තා ටෝච් එක වටේ පිටේ ටිකක් රවුමක් ගහල පොල් පිති ටිකකුයි පොල් කොළ ටිකකුයි එකතු කරන් ඇවිල්ල ඉතිරි වෙලා තිබුන කළුගල් තුනකින් ලිපක් බැදල මදි පාඩුවට පොල්කටු දෙකකුත් දාලා ඉස්ම යන්නම ලිපක් හැදුවා පිටිපස්සේ. ඒකට පිං සිද්ධ වෙන්න පරිප්පුවයි මාළු එකයි හදාගෙන යන්තං ගොඩ ගියා.
දවල් කෑමට බත්පත ඇරල පළවෙනි කට කනකොටම තේරුනා අම්මා උයපු බත් එකේ රහ. ඒක මතක් වෙලා මාව අතීතෙට අරන් ගියා. අපේ අම්මල දුං කාගෙන ගිණි පිඹගෙන මුළු දවසෙම කොයි තරං කට්ටක් කන්න ඇත්ද අපිට කෑම ටික දෙන්න. අපි ඉතිං මේසෙට ආපු කෑම ටික දිහා බලනවා මිසක් වෙන මොනවත් හොයනවැයි. අපේ ජීවිතත් වෙලාවකට බත් කන පිඟාන වගේ. බත් ටික කනකං විතරයි ඒකේ වටිනාකම. ඊට පස්සේ ඇහැක් ඇරල බලන්නෑ ඒක තියේද කියලවත්.
වැඩේ හරියන්නෑ පයි කේජී එක වගේම තර්ටීන් කේජී එකත් පුරවගන්න ඕන සල්ලි කීයක් හරි කෙටාබාගෙන.
2014.01.25
ඉස්ඉස්සෙල්ලම කොල්ලව දැම්මා ටියුෂන් ක්ලාස් එකකට. ඒකේ විෂයන් හතරක් උගන්නනවා. අවුරුදු දෙකක්ම ඉස්කෝලේ ගියාට මිනිහා දන්නෑ ටියුෂන් ක්ලාස් එකක් පාටක් වත්. ඒත් තුන වසරේ සිලබස් එක වැඩි නිසා වර්ක් ලෝඩ් එක ඉහටත් උඩින්. තියෙන වැඩත් එක්ක මටත් දේශිකාටවත් ඒකට හෙල්ප් එකක් දෙන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. ඒ හින්දමයි ටියුෂන් එක සැට්ල් කරේ. අඩු ගානේ ඒකෙන් වත් තව පාරක් මතක් කරගන්න ලැබේවි කියල හිතල.
ක්ලාස් එක ගැන ඇහුවට මං හිතුවේ ක්ලාස් ෆීස් දෙවැනි දවසේ දුන්නම ඇතිය කියලා. ඒත් එහෙම බෑලු. දුන්නා පිටු දෙකක ජාතකයක් වගේ ඇප්ලිකේෂන් එකක්. ඒක පුරවල ඒ වෙලාවෙම දෙන්න කිව්වා රු. පන්සීයක් එක්ක ඇඩ්මිෂන් ෆී. ඊට පස්සේ ක්ලාස් ෆීස් දාහයි. පර්ස් එක ඇරලවත් බලන්න ඕන නෑ මං දන්නවා අතේ තියෙන්නේ රුපියල් දෙසීයක් හෝ අඩුවෙන් කියලා. ඒත් ඉතිං ඇඹරෙන්න ඇහැකියැ.. යන්තං බොක්කේ එහෙකුට කෝල් එකක් දීලා වැඩේ කරගත්තා. අනේ අනිච්චං ටීචර් ලත් හරියට ඒටීඑම් මැෂින් වගේනේ.
2014.01.26
රජයේ ආයතනයක වැඩ කරපු අසල්වැසි අයියා කෙනෙකු චකබලාස් වී ගොස්ය. වැඩි වයසක් නැති උනත් අරක්කු සිගරට් වලින්ම ජීවිතය ගෙවපු ඒ මිනිහගේ පවුලේ උන්න දරුවන් තුන් දෙනෙයි. තවම එකෙක්වත් බැදලවත් නෑ. ඒත් හදිස්සියේම හාට් ඇටෑක් එකක් ඇවිත් තමා වැඩේ සිද්ධවෙලා තියෙන්නේ. හොද කලාකිරිඤඤයක්. හිටිවන කවි එහෙම ඕසෙට පුළුවන්. මොනවා කරන්නද පන්සලේ පිංඅතේ වැඩ කරත් යන ගමන නතර කරන්න බෑනේ.
ඔයි කතන්දරේ හින්දා අද දවසම මට විසුමක් නෑ. “ඔන්න දැක්කා නේ.. තව බොනවා අරක්කුයි සිගරටුයි. පව් අර පොඩි ඈයෝ දැං ඉතිං ඔක්කෝම ඉවරයිනේ. ඔහෙලටත් ඕවා හොද පාඩං.“
පළුලු වෙච්චි සීඩී එකක් වගේ නිතරම ඕක වාදනය උනා අද දවසෙම. මොනා කරන්නද ඉතිං කාලක් ගෙනැත් හොරෙන්ම ඇරල දැම්මා. අනික නිවාඩු දවස නේ.
2014.01.27
ආපෝ වැඩට ආවට වඩා හොදයි නාවනං. මගේ ජීවිතේට එච්චර වැඩ කරේ අද තමා. අම්මප මේකේ තියෙන වැඩ නං විශ්‍රාම යනකම්ම ඉවර කරන්න ලැබෙන එකක් නෑ. කොච්චර කරත් ඉවර කරන්න ඇහැකියැ. මං ගියාම ඒ වැඩ කරන්න තව එකෙක් ගන්න වෙනවා සිකුරුයි. ඌ ගියාම තව එකෙක්. හැබෑට මේ ඔපීසි වල තියෙන් වැඩ ඔක්කෝම ඉවර කරල නිවි හැනහිල්ලේ බ්ලොග් එකක් කොටාගෙන ඉන්න විදියක් ඇත්තෙම නැද්ද?
මේකයි ඉතිං ගිය අවුරුද්දේ ඉවර කරල තියෙන්න ඕන වැඩ ටිකකුත් මං හංගන් හිටිය නං තමා. තවත් කොහේ හංගන් ඉන්නද?
2014.01.28
අදත් එහෙම තමා. ඒත් අනේ මෙච්චර දුක් විදින්න පුළුවනෑ. විසි කරා ඔක්කෝම මොලෙත් ගලවල හෝදල ආයි හයි කරගත්තා. දැං ටිකක් ෂේප්. පොඩි බර ගතියක් තිබ්බා ඔළුවේ. ඒවාත් විසි කරල දැම්ම. ඉන්න ටිකේ ඉම්මු සුදෝ ආතල් එකේ කියල හිතාගෙන යන්තං වචන දෙක තුනක් කොටා බෑවා. උත්තර දෙන්නත් ඕන පහුගිය පෝස්ට්කටුවට. ඒත් ඒකට යන්න එපා වෙනවා අප්පා රාජ් කිව්වා වගේ රිප්ලයි එක කෙටුවම කර්සර් එක නලලෙම ගිහිල්ල නතර වෙනවා නෙව. ඉතිං ආයි රෝල් කරං එනකොට හොද පන ගිහිල්ල ඒ මදිවට අයිඩියාර් එකත් ඔතෑනි වෙනවා. ඊට හොදා ඒවට පස්සේ උත්තර දෙන එක. තරහබෝයි අවසර.
මං යන්නෙයි එහෙනං..