Tuesday, January 14, 2014

සුදු සාළුව!!

මා සිටියේ තරමක් බමණ මතින්ය. ඉද හිට හෝ පානය කරන මත් වතුර ටික කිසිකළෙක ගෙන නොඑන සතුටක් මවා මා කුල්මත් කොට තබන්නේය. එහි ඇති අරුමයක් නොවන්නේ එම කුල්මත් බව මා ලබා ගත යුතු බවට සිත බල කළ නිසාය. සිහින් මිහිරි ඇයගේ ගී මිමිණුම, වැල්පුටුවේ ඇලවී අසා සිටි මා නිතැතින්ම සුවපත් කරයි.

ඉර උදාවනතෙක් නොඉවසිල්ලෙන් ඇස් යොමා සුදානම්ව සිටින විහඟෙකු මෙන් මා බලා සිටිමි. කාමරය පුරා ඇති සීතලෙන් ගැහෙන මා හදවත සේම, සිරුරද ඉස්පාසුවක් නොමැතිව බලා සිටින්නේ නාන කාමරයේ ජල බිංදු වල සිරිසිරිය කොයි වෙලේ නතර වේදෝයි යන දෙගිඩියාවෙනි. අඩවන්ව ඇති දොර තුලින් එළියට පනින සුදු පැහැති විදුලි ආලෝක තීරුව මාගේ ඉවසිල්ල මරා දමයි. විටෙක වැල් පුටුව හැරපියා යා යුතු සේ හගින මා හට, පඬුපැහැති වැල් ටීපෝව මත ඉතුරුව ඇති මත්පැන් ස්වල්පය, එයට ඉඩ නොදෙයි. එය අතට ගෙන තව සුළු මොහොතක් ඉවසන මෙන් මා හට දන්වා සිටියි.

අනාරාධිත ගැලව්ම්කරුවෙකු අත ළග සිටින්නාක් මෙන් මා එයද එක හුස්මට උගුරට හලා ගත්තේ කැලතෙන තිත්තක් කට තුල ගැවසෙද්දීය. දත් අතරින් ඇතුලට පැන එය දිව උඩින් පැන ගොස් උගුර කරා යන්නේ සුපුරුදු වුවද නුපුරුදු යැයි මා අත් දැක ඇති රසයක් හා සැරක් සමගිනි. උගුරෙන් මතුයෙන් එය යන දිසාවක් මා නොදනී. මා නොහඟී.

සුදු පැහැති ආලෝක තීරුව මගේ ඉවසීමේ සීමාව දැන ක්‍රමක්‍රමයෙන් විශාල වෙයි. දොරෙන් එපිට නාන කාමරයේ බිම පුරා රැදි ජලයට මුසු වී විදුලි ආලෝකය නොයෙක් රැගුම් පානු මට පෙනේ. පිඟන් ගඩොල් ඇල්ලු බිත්තියෙහිද රැදී ඇති ජල බිඳුවල ගැටී සෙවනැලි මවමින්, නැති වෙමින් ඒ රැගුම් පවතින බව මට පෙනේ. ඇයගේ දිගු අතැගිලි වලින් හෙම්බත් වූ දොර නිරායාසයෙන්ම සම්පුර්ණයෙන්ම විවෘත වී සුර දූතිය මා අබියස සිටී.

කාමරය පුරා බිත්ති මත පැතිරුණ සුදු පැහැය එක් වරම ඇයගේ වත පුරාද පැතිර ඇත. කිරි බැබලෙන සුදු පැහැයට අවමන් කළ කිසිදු ආකාරයේ වෙනසක් ඇය දවටා සිටි සුදු පැහැ සාළුව තුලින් දිස් නොවේ. ඊට පරිබාහිරව දිස් වන ඇයගේ අඩ නිරුවත් දෙපා සහ උර පෙදෙස සැනෙකින් මා ආහ්ලාදයට පත් කරයි.

තෙමී ඇති දිගු වරළස බිම පුරා තිත් තිත් ලෙස දිය වී විසිරෙන වතුර මල් පතුරමින් පැමිණ මා දෙපා අසල නතර වී ඇත. තවත් මොහොතකින් මා ඉදිරිපස ඇති වැල් පුටුව වටා නොනවත්වා ඒ අයුරින්ම ජල බිඳු දියවී යන අයුරු මා දුටුවෙමි. කාමරය පුරා පැතීරි ඇති ආලෝකය වසන් කිරීම උදෙසා මවිසින් වසා දැමූ ජනේල් රෙදි වල අගිසි පොලවේ ඇතිල්ලෙමින් නිදහස පතා කෑමුර දෙයි. මා සිතද එමෙන්ම නිදහස සොයා වල්මත් වීමට සුදානම්ය.

පැතලි සුමට පෘෂ්ඨයක් සේ පැවති සුවපහසු සයනය මත මුහුදු රැලි නැගී ඇත. රැළි නැගුන ඇඳ ඇතිරිල්ලෙන් නික්මුණ ඉමිහිරි සුවඳ මෙතුවක් මා හට නොදැනුන බව පසක් වූ හෙයින් සුසිනිඳු ඇතිරිල්ල සෙමින් අතගා බැලුවෙමි. එය ඒ තරම්ම සුසිනිඳු බවින් යුක්තව තවමත් සුවඳ වඩවයි. සයනයේ එක් පැත්තකට වන්නට එකට වෙලී සිටි මා සහ ඇය අතර ආශ්වාස ප්‍රාශ්වාස ඉක්මන් වී ඇත. එකිනෙකාගෙන් නික්මෙන හුස්ම පොද එකිනෙකාගේ සිරුරු මත දැවටී සැනෙන් නික්ම යද්දී, මා ඇය දෙස බැලුවෙමි. තෘප්තිමත් දීප්තිමත් දෑසින් යුක්තව ඈ මගේ පපුව මත හිස හොවා සිටින්නේ ඇයගේ කෙහෙරැලි අතර මාගේ අතැගිලි දුවද්දීය.

“කොහොමද මැරේජ් ෆන්ක්ෂන් එකේ වැඩ??“ මා ඇසුවේ හිමිහිටය.

“හ්ම්.. ඒ වැඩ ටික හරි. අවුලකට තියෙන්නේ බේජ්බෝයි ලෙඩ වෙච්චි එක තමා“

“ප්‍රශ්නයක් වෙන එකක් නෑ. සතිල් ඉක්මනට හොද වේවි. ඔයා බය වෙන්න එපා“

“ඔව් එහෙනං හොදයි“

ඉන්පසුව විනාඩි කිහිපය කිසිඳු හැලහොල්මනක් නැතිව නිකරුනේ ගලා ගිය කාලයකි. එම කාලය තුල ඇයගේ සිත මෙන්ම මාගේ සිතද නොයෙක් තැන් වල සැරි සරන්නට විය.

වසර නමයකට පමණ පෙර දී ඇය මා හට හමුවුයේ පෙම්වතියක ලෙසිනි. අප එකිනෙකා ඉතා මනරම් ප්‍රේමලෝකයක් තනා එහි ජීවත් වූයෙමු. ආදර බස්, හැඟුම්, රසවිඳීම් වල අඩුපාඩුවක් නොවීය. එහෙත් ඇය හමුවී හරියටම වසර එකහමාරකින් පමණ සිදු වූ ස්ථාන මාරුවක් බලවත් වීම කොතෙක්ද යත් ඇය මුණ ගැසීම උදෙසා රටේ ඉහලින්ම හා පහළින්ම පිහිටි තුඩු දෙකක් අතර සැරි සරන්නට මා හට සිදු විය. එය ඉමහත් අසීරුතාවයක් විය. කෙමෙන් කෙමෙන් මාගේ පැමිණීම අඩු වූයෙන් ඇය මුණ ගැසීම හෝ ආදර තෙපුල් පැවසීම අසීරු විය. 

එහෙත් සිතින් ඇය අත්මිඳීමට මා හට නොහැකි විය. දුරකතන භාවිතා නොකළ ඇය ඇමතිය හැකි වූ එකම මාර්ගය වූයේ ලිපියක් ලියා යැවීමය. ඒ තුඩුවේ සිට මේ තුඩුවට ගොස් නැවත සිතුවිලි අකුරු කොට ආදරයද කැටුව පිළීතුර පැමිණියේ ගොළුබෙල්ලෙකුගේ කර මතිනි. මේ හේතුව මත මිහිර විඳි ඇය ගැන මා තුල පැවතුන මිහිරද හෙමින් සැරේ මිලින වන්නට වූයේ වෙනත් උත්තේජනයන් හේතුවෙනි. කෙසේ වෙතත් අවසානයේ ඇය අමතක කර දමා විවාහයක් කර ගන්නට මට සිදු විය. එතෙක් මෙතෙක්, මා අත්හල ඇය, මා අමතා දෝංකාර දෙන ලෙස අඩාදොඩා නැත. යන්තමින් විවාහයේ තුන්මාසය ඉක්මවූ විට ඇයගෙන් ලැබු ලිපියේ සදහන් වූයේ “ඔයා කසාද බැන්දාද නැද්ද කියාවත් මට අවංකව ම කියල එවන්න“ යනුවෙනි.

මාගේ අවංක කම නිසාම ඇයට නියම පිළිතුර ලියා යවන්නට හැකි වූවද, සිතින් ගතින් සලිත වූ මා අමතා ඇයගේ දෝෂාරෝපණයන් කිසි කලෙක නොලැබුණි.

ඔය අතරේදී නැවත මා ස්ථාන මාරුවක් ලබා තුඩු දෙක අතර මැදට පැමිණ සිටියෙමි. එවක පළමු දරුවා ලැබෙන්නට සිටි මාගේ භාර්යාව ඇයගේ මවද සමග ඇයගේ ගමට ගොස් සිටියේය. 

නොසීතු ලෙසක මට ඇය මුණ ගැසුනි. කිසිදු අපහසුවකින් තොරව මා කරා පැමිණි ඇය ඉතා සුමිහිරි වදනින් මා අමතා සිටියේ යෙහළියක ලෙසිනි. ඒ අනුව ඇය ආසන්නම කාර්යාලයක සේවය කරන බව දැන ගැනීමට හැකි වූයෙන් අප අතර ඉන් දෙදිනකට පසුව නැවත හමුවීමක් විය. ඒ හමුවීම නොයෙකුත් දේ, අතීතය පිළිබද ස්මරණයන්, ජීවිතය දෙස ආපසු හැරී බැලීම් ආදි නොයෙකුත් විච්චූරණ දේ වලින් ගහණ වූ දීර්ඝ කාලයක් විය. පෙරේරා පුතුන්ට අයිති මේසයක් හා පුටු දෙකක් අප වෙත සපයා තිබුණි. ඒ මේසය මත ඇය වඩා කැමති වූ දොඩම් යුෂ වීදුරු දෙකක්ම හිස්ව තිබුණි.

සයනය මත දී එදින හමුවු ඇය පිළිබදව ආවර්ජනය කළ මා රාත්‍රිය එළඹෙත්ම නිවසේ නොමැති බිරිදට දුරකතන ඇමතුමක් දී සුවදුක් විචාරා ඉතා ඉක්මනින් එය අවසන් කළේ සිතෙහි නැගුනු අසීමිත වූ හැගීමක් හේතුවෙනි. වසර නවයකට පෙරදී තුබුනේ නම්, ඇය හා මා ආදරෙන් එක්කොට තබාගත හැකිව තිබූ දුරකතනයක් දැන් ඇය සතුව ඇත. එසේ හෙයින් ඒ ආදරය නැවත එක්කොට තබා ගත නොහැකි වේයැයි කාට පැවසිය හැකිද?

එක් දුරකතන ඇමතුමක් ඒ සදහා ප්‍රමාණවත් විය. එතුවක් විවාහයක් කරගෙන නොසිටි ඇය කිසිදු කොන්දේසියකින් තොරව තවම මා මට ආදරය කරන බව පසක් වීමෙන් ලැබුණ ප්‍රීතිය කියා නිම කළ නොහැකි විය. කොහොමටත් බාධාකිරීම් නොතිබූ ඇයගේ ආදරය පෙරට වඩා මට දැන් දැනෙන්නේ ඇයිදැයි මා වංක ලෙස සිතින් වසන් කළෙමි. අවසානයේ මා ඇයගේය. ඇය සැමදා මගේ බවත්, ඒ ආදරය මටම පමණක් බවත් ලියා දන්වා තිබුනේ බොහෝ කලකට පෙරදීය. ඒ වදන් එළෙසින්ම ඇයගේ සිත තුල පැවතීම නියම ආදරයැයි මා ඇයට පැවසුවෙමි. 

ඇයගේ ආදරය ඇයට ලබා දීම මා සතු වගකීමක් නොවේද? දැන් මා ඇයට පණ මෙන් ආදරය කරමි. ඒ කිසිවක් ලබා ගැනීමට නොව ඇය සැනසීමට පමණක්ම බව මා පුන පුනා ඇයට පවසා ඇත. 

අතරින් පතර වූ හමුවීම් වලදී මා දුටු ඇය දවටාගත් සුදු පැහැ සාළුව තවමත් එලෙසින්ම පැහැපත් සුදෙන් බබලයි. එය කල්පනා වූ මා ඒ සුදු සාළුව කොහිදැයි ඇයට තුරුළුව සිටම ඇස් විමසා බැලුවෙමි.

116 comments:

  1. එක අතකට අයිති කරගැනීමේ ආත්මාර්ථකාමීබවක් නැතුව, මේ වගේ ආදරයක් තියෙන එකත් හොඳයි කියලත් හිතෙනවා. ඒත් ඉතින් එක් අයෙකුට දුකක් දීලා , ඒ වගේ දෙයක් කරන එක තමා නරක.

    ReplyDelete
    Replies
    1. ආදරය කියන්නෙ කොහොමත් ආත්මාර්ථකාමී හැගීමක්...

      Delete
    2. @ පොඩ්ඩි

      මේ කතාවේ හැටියට එක්කෙනෙකුට නෙමෙයි තවත් කෙනෙකුට දුකක් දෙන්න ලග බ ව දැක්කේ නැද්ද අර ඩයලොග් එකේදී.. පරාර්ථකාමී ආදරය කියන්නේ හරියට අර “හිතහොද ගැනි හැමදාම බඩින්“ වගේ කතාවක්.. හැක්..

      Delete
    3. @ සිරා

      ආදරේ ආත්මාර්ථකාමී කරන්නේ අපි මිසක් ආදරය නෙමෙයි බං

      Delete
  2. අනේ මන්ද මෙව්ව හෙන ප්‍රස්න , මෙව්වට කොහොම කමෙන්ට් කරන්නද මන්ද...

    ReplyDelete
    Replies
    1. උඹලට පස්න පස්න, අපිට අවුලක් නෑ. හැක්..

      Delete
  3. අප්පා මෙනන යන්තම් කිසිම අබග්ග ගතියක් නැති කතාවක් දාල තියනවා.මම හිතුව තවත් පිච්ච මල් කෙස එකක් කියල . . .

    ReplyDelete
    Replies
    1. පිච්ච මල් කේස් එක පහුකර දැං ඇවිත් ඉන්නේ සමනල අවධියටයි මගියෝ. හැක්..

      Delete
  4. පිච්චමලෙන්-වෙරලුමලට

    ReplyDelete
    Replies
    1. හැක්..හැක්... වෙරළු මල්...
      මට මූට මේකටත් කතාවක් ලියන්න හිතෙනවා.

      Delete
    2. වෙරළුවා නම දැමීම සදහා සාදර අනුග්‍රහය මන්තුමා හා මගියා තුමා බව කරුණාවෙන් සලකන්න :D

      Delete
    3. @ කෙන්ජි අයියා ~ ලියන්න අයියා ලියන්න. දේශක වෙරළුව හෙල්ලිලා යන්නම ලියන්න.

      @ සසිඳු ~ අඩේ එහෙමත් අමතක වෙනවද බන් බොලා දෙන්නව. මඩ කාපර්ලා. හි… හි…

      Delete
    4. @ එදිරි.
      එහෙම හොදයි නෙහ්. නැත්ද?

      @ ප්‍රියා

      ඔය කව්රු හරි මට ඔහොම කිව්වමයි බං..

      @ සසිදු
      ඔව් ඔව් ඔය වගේ ගොං වැඩක් කලොත් බොලා දෙන්නම තමා ඉතිං.. හැක්

      Delete
    5. @ කෙන්ජි

      ලියහංකෝ බං ඉතිං..

      Delete
  5. උඹනම් දැන් විශිෂ්ට ලේඛකයෙක්.

    ReplyDelete
    Replies
    1. ඒක මං වගේ භූතයෙක්ට සැර වැඩියි බං.. තැන්කුයි අදහසට. මං එච්චර පඬියෙක් නෙමෙයි කියල මං දන්නවා අවංකවම..

      Delete
  6. කැතම කැත සිතුවිල්ලක්,
    1 වංක ආදරවන්තයෙක්
    2 තම විවාහක බිරිදට කරන ද්‍රෝහි කමක්

    ReplyDelete
    Replies
    1. වැවා.. මීට වඩා කැත සිතුවිලි සිත් තුල තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි.

      වංක ආදර වන්තයා තමාගේ පෙම්වතියගේ අනාගත සැමියාටද දෝහි කමක් කරන අයුරු නොදුටුවෙහිද?

      Delete
  7. //ඇයගේ ආදරය ඇයට ලබා දීම මා සතු වගකීමක් නොවේද? දැන් මා ඇයට පණ මෙන් ආදරය කරමි.// නමුත් ආදරයට සීමා දමා ඇති සංස්කෘතිය සහ නීතිය හමුවේ එය කිරීම වැරදි කරුවෙක් වේ. සීමා රහිතව ආදරසම්බන්දකම් පැවැත්වීම අපම බදා කරගන්නේ ඇයි.

    ReplyDelete
    Replies
    1. මකසි.. ඒවැනි සමාජියමය බාධා කොහෙත් ඇති වෙනවා. නමුත් ආදරය හෝ රාගය ඒ සියල්ල අභිබවා යන අවස්ථා පිළිබද කදිම නිදසුන් ගෙවෙන තත්පරයක් ගානේ අපිට පේනවා.

      Delete
  8. මචෝ උඹ තිර රචනා කොරන එකෙක්ද කියහන් හැබෑටම..

    ReplyDelete
    Replies
    1. මූ ඒ ගානට දාල අපහාස කොරන්න එපා බං !!

      මක් උනත් අපේ එකානෙ !! හැක්

      Delete
    2. @ මාතලං

      තිර රෙදි හදන එකෙක්ද ඇහුවා. තෝව උල තියනවා මං.. හැක්..

      Delete
    3. @ පත්තර මල්ලි

      බලපං බොට විතරයි ඒක තේරුනේ.. හැක්

      Delete
  9. අන්තිම වැරදියි වැඩේ නම්. ඔච්චර ආදරයක් තිබ්බ නම් නිතරම කතා කරන්න බැරි උන පලියට වෙන කෙනෙක්ව බඳින්නෙ නෑනෙ.
    හැබැයි මොනවා උනත් දේශකයා කතාව ලස්සනට ලියල නම් තියෙනවා (Y)

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ කියන්නේ ආදරය මොන වගේ දෙයක්ද කියලා. හැබැයි මෙතැන ආදරයට වඩා රාගික ආසාවක් තමා වංක ප්‍රේමවන්තයා තුල තියෙන්නේ. අපි කොහොමත් තහනං දේට නේ වැඩිය කැමති. ඒක තමා මේ කතාවෙන් මං කිව්වේ. ස්තුතියි චාම්ස්..

      Delete
  10. කැත කතාවක් ලස්සනට ලියලා !!!!!

    ReplyDelete
    Replies
    1. එක එක කැත කතා කොයි තරං තියේද බං.. ස්තුතියි බොට

      Delete
  11. පිච්චමල් සුවද ගැන කියා ඔබට අදටත් විහිළු කරන අය සහ මාද ඒ සදහා සක්‍රීයව දායක වෙච්ච කාලසීමාව ලිපිය කියවද්දී මටත් උනා. ////
    අතරින් පතර වූ හමුවීම් වලදී මා දුටු ඇය දවටාගත් සුදු පැහැ සාළුව තවමත් එලෙසින්ම පැහැපත් සුදෙන් බබලයි. එය කල්පනා වූ මා ඒ සුදු සාළුව කොහිදැයි ඇයට තුරුළුව සිටම ඇස් විමසා බැලුවෙමි.////මේ කොටස ඒ මේ අත හරවා සිතමින් උඩ සිට නැවත පහලට එද්දී යම් දෙයක් දැනුණා.. ඔබගේ නිර්මාණය හරිම විශිෂ්ඨයි..සමහර තැන් කියවද්දී දැනෙනවා කලින් කියවපු හොද කෙටිකතාවල සිද්දි මාත්‍ර විදියට.. දිගටම ලියන්න අයියේ,

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බොලා තාම මට අරක මේක කියනව නෙව.. හැක්..

      ස්තුතියි ඔමා. මම ලියන කතා වල හුගක් වෙලාවට නොකියවෙන දේ තියෙන්නේ කාට හරි ඒ ගැන පොඩ්ඩක් හිතන්න පුළුවන් වෙන්න ඕන නිසා. හුගක් කෙටි කතා වල එහෙමයි නේ. රචකයා කියන දේට වඩා දෙයක් ඒ වචන තුල ගැබ් වෙනවා..

      Delete
  12. මට හිතුන විදියට ඔයා එයාට අවංකව ආදරේ කරල නෑ වගේ . අර Chams කියල තියන දේ තමා මටත් හිතෙන්නෙ .
    …කොහොම උනත් දැන් දේශ්ගේ ලිපි බොහොම රසවත් .

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම්. මේක ආදරයක් නෙමෙයි රවටාගැනීමක් ගැන කතාවක්.

      අප්පේ එන්න එන්න දියුණු වෙනවද. සැහෙන්න සන්තෝසයි ඒකටනං..

      Delete
  13. දේශක ඔබ මිනිසුන්ගේ සියුම් තැන් හොඳින්ම ග්‍රහණයට ගෙන ඇත .කවුද වැරදි යන්න කියන්න බැරි වෙන්න චරිත වලට සධාරනයක් ඉටු කොට ඇත .ඒ උසස් නිර්මාණයක ලක්ෂයකි
    හැබැටම ඇත්ත කතාවක් මේ හැක් හැක් .

    ReplyDelete
    Replies
    1. මිනිස්සු අකමැති සත්‍යයට හා යථාර්තයට තමා බං. ඒකයි අවුල. සමහර විට සත්‍යය උනත් සමාජ විරෝදී ලේබලය ගැහුවම ඒක බොරුවක් ගානටම එනවා. ඒකට විවේචන ගල් මුල් ලැබෙනවා. ස්තුතියි සහෝ උඹට..

      Delete
  14. මට නම් මොනවා කියන්නද තේරෙන්නෑ. කථානායකයා වැරදියි.
    1. ටික කලක වෙන්වීමකින් පසු වෙන ගැහැණියක් බඳිනවා.
    2. කලින් එක ආයෙ සෙට් උන ගමන් බැඳපු ගෑණිට ද්‍රෝහි වෙනවා.

    ඒත් මේවා ලෝකෙ නොවෙන දේවලුත් නෙමේනෙ. සම්මත වේශයෙන් ආවත් අසම්මත ලෙසින් ආවත් ප්‍රේමය කියන්නෙ ප්‍රේමයටනෙ.

    කතාවනම් සුපිරිය.

    ReplyDelete
    Replies
    1. මමත් ඔබේ අදහසට එකග වෙමි

      Delete
    2. /// සම්මත වේශයෙන් ආවත් අසම්මත ලෙසින් ආවත් ප්‍රේමය කියන්නෙ ප්‍රේමයටනෙ.///

      @ ප්‍රියා.........ඔව්. ඒක එහෙමයි කියලා මාත් හිතනවා.

      Delete
    3. @ ප්‍රියා,
      අරූ අයියා හයිලයිට් කරපු එකත් එක්ක මමත් එකගයි.

      Delete
    4. කලින් එක ආයෙ සෙට් උන ගමන් බැඳපු ගෑණිට ද්‍රෝහි වෙනවා.///

      සම්මත වේශයෙන් ආවත් අසම්මත ලෙසින් ආවත් ප්‍රේමය කියන්නෙ ප්‍රේමයටනෙ.///
      ++++++++++++++++++++
      මෙන්න මෙවා තමා උගතෝකොටික ප්‍රශ්න .දේශක සාර්ථකයි මොකද හිතා ගන්න බැරි වෙන්න ලියලා ..පරණ පෙම්වතිය ලඟට ගිය පමණින් . කථානායකයා වැරදියි ද ?

      Delete
    5. @ ප්‍රියා

      මෙතැන අපි බැලිය යුතු පොඩි දෙයක් තියෙනවා. ආදරවන්තයාගේ බිරිද මේ දවස් වල ගෙදර නැති නිසා මිනිහට නිදහසක් වගේම ආසාවකුත් තියෙනවා. ඒකට අවශ්‍ය උද්දීපනය තමා ලැබුනේ පරන පෙම්වතියගෙන්. ඇයගේ රුකුල් දීම නැවත ඇවිස්සිමකට හේතු උනා. ඔහු ඒකෙන් සතුටු උනා. ඇයත් සතුටු උනා. හැමදාටම සතුටු වෙයි. හැබැයි ඉතිං කව්රු හරි දුක්වෙයි. ඒක ඇත්ත.. ස්තුතියි ප්‍රියා

      Delete
    6. @ මල් මල්
      එහෙනං ප්‍රියාට දීපු උත්තරේම බොටත් වලංගුයි. හැක්

      @ අරූ
      ප්‍රේමයට වේශයක් නැත. එය අඥානිකයි. එයට නොයෙක් වෙස් බදින්නේ අපය. සමාජයය. මුළු ලෝකයමය. නැද්ද මං අහන්නේ..

      @ මනෝජ්
      ඒ කතාවේ ඇත්තක් ඇත..

      Delete
  15. කෙටි කතාවකට නම් ඉතා අගනේය.ඔබේ ජීවිත කතාවක් නොවන්නේනම් තවත් අගනේය

    ReplyDelete
    Replies
    1. මේක වෙරළුගෙ ජීවිත කතාව වෙන්න බෑ මල්ලි. එහෙම උනා නම් දේශිකා මුගෙ බෙල්ල කාලා. හැක්… හැක්… :-D

      Delete
    2. @ මල් මල්

      මේක කෙටිකතාවක් තමා බං. මම සමාජ දේශන කියල දාලා තියෙන හුගක් ඒවා කෙටි කතා. මොකද අපි සමාජය ඇසුරෙන් ගන්න දේවල් වලින් තමා කෙටිකතාව පැල කරන්නේ. ඒකයි ඒ.. මගේ ජීවිතයටද නොවන්නේ නම් ඔබ සතුටු නම් මාද සතුටුය.. හැක්..

      Delete
    3. @ ප්‍රියා

      අන්න බලපං උඹ ඒක හරියටම තේරුං අරන් ඉන්න හැටි.. සිරා කතාව දාපං පහක්.. හැක්

      Delete
  16. දේශකයා මෙච්චර රහට කොහොමද බොලං තනි පැයෙන් ලියන්නෙ..ඇත්ත කියන්න බලන්න...දිගටම ලියවේගෙන යන්න සැර ජාතියක් එහෙම පාවිච්චි කරනවද ලියන්න කලියෙන්...මේ වගේ සමකෝනී ත්‍රිකෝණ තමයි මිනී වලවල් වලට පාර කපන්නෙ...

    ReplyDelete
    Replies
    1. දේශකය රස්සාවට පින්සිද්ද වෙන්න දවසම බ්ලොගෙයි බුකියෙයි කල්ගෙවනව :D

      Delete
    2. @ සිරා

      කිසිම දෙයක් භාවිතා නොකරමි.. හැක්.. මට ලියන්න ගත්තට පස්සේ ඒක නවත්තන්න බෑ. පටන් ගන්න එක තමා ටිකක් අමාරු. දැං කොටන්නම ඕන කියල හිත කියනකං මං බලෙන් කොටන්න යන්නෑ. හැක්.

      Delete
    3. @ සසිදු

      අන්න උඹ වැරුද්දුවා. මට පිං සිද්දවෙන්න ඔය තුනම හොදට කරගෙන යනවා.. හැක්..

      Delete
  17. 1. ම්හු...........................බැන්දොත් බැන්දා තමයි. ආයේ ඇවිත් දැවටෙන්න හැදුවාට පලක් නැත. මගේ හිත දැන් ගලකි.

    2. මට මගේ හිත පාලනය කරගන්න බැරිනම්, මගේ ජීවිතය වෙනුවෙන් ඇගේ ජීවිතය කැපකළ බිරිඳට අවංක වෙන්න බැරිනම්, මා වෙන්විය යුතුය.

    ReplyDelete
    Replies
    1. 1... ඇත්තය. තනි කළු ගලක් බව දනිමි.

      2. අන්න ඒක තමා වටින්නේ. නැතිව හැගීම් නැතිව නෙමෙයි නේ විචාරක. ආසාවත් එමටව තියෙනවා. නමුත් පාලනයයි වටින්නේ. ඒක තමා යහපත් මිනිසෙක් තනන්නේ. නැත්නම් අපි කාටවත් යහපත් මනසක් නැහැ. අවංකවම..

      Delete
  18. ම්ම්....රචනා ශෛලිය නම් අනර්ගයි...
    ඒත් කතාව මට එච්චර ඇල්ලුවේ නෑ.. ඒ කිව්වේ සමස්ථ සිද්ධිය. කෙටි කතාවකටත් නැති සිදුවීමකටත් නැති අතරමැදි අවස්ථාවක් වගේ...
    කුළුගැන්වෙන මධ්‍යස්ථයක් නෑ.
    අවසානය සාර්ථක නෑ..
    මට හිතුණේ එහෙමයි.....

    ReplyDelete
    Replies

    1. ඒත් කතාව මට එච්චර ඇල්ලුවේ නෑ.. ඒ කිව්වේ සමස්ථ සිද්ධිය.//////

      රන්දුනු අපි කොච්චර අකමැති වුණත් සමහර දෙවල් වෙනවා ,අනික ඔය වගේ දෙවල් නොවෙනවා කියලා කාට කියන්න පුළුවන්ද?,........විශේෂයෙන්ම දේශක හෙක් හෙක්
      අවසානය සාර්ථක නෑ./////

      මේ දෙට මම එකඟ නෑ අවසානය අපි තෙරුම් ගන්න ඕනි ,එහෙම නැතුව ලිව්වොත් එක වර්ථාවක් ,මම දන්න විදිහට ,කතාවේ කතා රසය ගැන හිතන්න ,

      Delete
    2. @ රන්දු

      ඔබගේ අදහස මා කිහිප වරක්ම කියවා තේරුම් ගත්තෙමි. ඒ වගේම හුගක් ස්තුතියි ඒ අදහසට. මට හිතෙනවා සමහර දේ මෙයිට වඩා සුමට කරන්න තිබුනා කියලා. ඔබගේ කතාව ඇහුවම. ස්තුතියි.. රන්දු. ඔබගේ අදහස අගය කරමි.

      Delete
    3. @ සහෝ

      අපි මොනව කිව්වත් එකිනෙකා දකින කෝණය වෙනස්. ඒකම තමා මේ ලෝකයේ පැවැත්ම. මං හිතන්නෙත් කතාවේ අන්තර්ගත සිද්ධිය තමා රන්දුට අල්ලන්නැත්තේ. ඒ සිද්ධිය නිසා සමහර විට ඔහුට කතාව විදින්න අපහසු ඇති.

      කතාවක් ගැන උඹ හිතන විදිය හරි.

      Delete
  19. ආදරය... අනේ මන්දන්නේ නෑ දේශකයෝ.. කතාව නම් නියමයි.. ඒ උනාට සබ්ජෙක්ට් එක මම වැඩිය කතා කරන්නේ නෑ.. අනික මේ වගේ ආදරයක්.... හමම එක්කෝ මුකුත් නොකියා ඉන්නම්..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. උඹට දැම්මම දාඩිය පොල්ල දාලා නෙව අගහරුවෝ..

      Delete
  20. බැඳීම් යනු පට්ටම මුලාවක් :/

    ReplyDelete
    Replies
    1. බැදීම් නැති බැදීම්.. මම කැමති ඒකට..

      Delete
  21. පලවෙනි චේද 3ට නම් මම පට්ට ආසයි ඊට පස්සේ කතාවනම් මට එච්චර අල්ලන්නේ නෑ මොනවා උනත් ඔයාට පට්ට හැකියාවක් තියනවා මේක ලියන්න කලින් මොනවා හරි බොනවද?

    ReplyDelete
    Replies
    1. බොලා කියන ඒවට තමා බොන්න හිතෙන්නේ.. හැක්.

      හ්ම්. බොරළුත් කතාවේ අන්තර්ගතයේ ඇති හරි වැරැද්ද තීරණය කිරීමට ගොස් කතාව රස විදීමට නොහැකි වූ අයෙකු බවයි දැනෙන්නේ.. ඒකට කමක් නෑ. බොට තැන්කුයි.

      Delete
  22. වෙන කෙනෙක් ලගට යන්න ගත්ත තීරණේ නම් පිළිගන්නේ නෑ මම.. මොකද ඉතින් ඒක වෙන්වීමකට තරම් හේතුවක් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ.. අනික ආදරේ ශක්තිමත් නම් දුරස් බව වැදගත්ද?

    ReplyDelete
    Replies
    1. අන්න උ,ඹට ඒ ගැන හොද පැහැදිලි කිරීමක් කරන්න ඇහැකි. මොකද ජීවමාන සාක්ෂියක් නෙව..

      Delete
  23. හුණ කියන්නහෙ මම මේ අත්දැකිමෙම්මයි කියන්නේ මේවා සිතිවිලි විතරක් වෙන්න බැහැ.
    අත්දැකීම් අනිවාර්යයි.
    ඒවා මට අනවශ්‍ය කරුණු.
    කොහොම වුනත් මචෝ ලිවිල්ල පස්ටය කියා පැවසිය හැකිය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජා.. කතාවක් රස විදිමේදි අමතක කරන්න ඕන හැම දේම. ලියන එකා ගැන උගේ චරිතේ ගැන වැඩ ගැන. ඒ වගේමයි ලියන දෙයෙහි ඇති සමාජීය තුලනාත්මකබව ගැන උනත් කතාව රස විදීමට බාධාවක් කරගන්න නරකයි. කතාව කියවගෙන යද්දි පුර්ව නිගමන වල නොයිද ඒක අවසානයේ නිගමනයකට පැමිණීම තමා සාර්ථක රස වින්දනයක අඩි තාලම. බොලාට මේවා ඉතිං අපිම කියල දෙන්න ඕන.. හැක්..

      Delete
  24. ආදරේට මිනිස්සු එක එක විදියෙ පාට එකතු කරනව..ඒ මොන පාට එකතු කලත් අන්තිමට තමන්ගේ ආදර කතාවෙත් ඒ පාට කොහේ හරි තැනක ගෑවිලා තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඒකේ ඇත්තක් තියෙනවා. පොඩිඩක් හරි පාට උලල හරි තියෙන්න ඉඩ තියෙනවා. හැබැයි එහෙම නොවෙන්නත් ඉඩ තියෙනවා. තැන්කුයි උමේෂ්..

      Delete
  25. පුදුම ලියවිල්ලක් මචං..

    ජයම වේවා..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි සැමා.. ජය බොටත්..

      Delete
  26. ආදරේ හරි පුදුම දෙයක් කියලා තමයි කියන්න තියෙන්නේ.. ආදරේ කියන්නේ අයිති කර ගැනීමම නෙව්වෙයි නේ..

    කොහොමවුනත් හරිම ලස්සනට ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂෘනි අදහසට. ආදරේ විදිමක් කියන එක අපි අමතක කරනවා නේද සමාජිය කරුණු මත. අවසානයේ ඒක බැදීමක්, ආත්මාර්ථකාමී හැගීමක් බවට පත්වෙනවා. ඒත් ආදරේ නිර්දෝෂයි.. සදාකාලිකවම..

      Delete
  27. ආදරය කියන්නේ මහා අමුතු කතන්දරයක් බං.

    මේ සුදු සාළුව කියන යෙදුමත් එක්ක කතාවටම ගැලපෙන මහා සාංකාවක් මට දැණුනා.

    ReplyDelete
    Replies
    1. සුදු සාළුව කියන එක කතාවේ බරට නොගැපෙන සැහැල්ලු යෙදුමක් කියල අයෙක් මට කිව්වා. ඒක වෙනස් කරන්න හිතුවත් මුලින් බලපු අයට ආසාධාරණයක් නිසයි නොකළේ. උම කියන කතාව හරි. ආදරේ කතන්දරේ හරිම අමුතුයි බං..

      Delete
  28. මේ කතාව ප්‍රබන්ධයක් නම් ඔබ ඉතා දක්ෂයෙක්. හැබැයි ඇත්ත කතාවක් නම් .....

    ReplyDelete
    Replies
    1. මට නොවුනත් මේ කතාව වෙන අයෙකුට වෙන්න ඉඩ කඩ සෑහෙන්න වැඩියි සුදීක.. මේක කතාවක්..

      Delete
  29. දවසින් දවස කතා නිර්මාණයේ විවිධ ඉසව් ඔබ සාර්ථකව තරණය කරනවා මිත්‍රයා....

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි නලියෝ...

      Delete
  30. දේශකයා ඉතින් අමුතු කතා ලස්සනට ලියන්න දක්ෂයිනෙ. මාත් අර අන්තිමට තියන සුදු සාලුව ගැන නම් සෑහෙන්න කල්පනා කළා....

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බෑක් චන්දනයා (යෙලෝ ජැකට් කාරයා) ඒකේ කල්පනා කරන්න තරං දෙයක් තියෙනවා චන්දන. ඒ සාළුව තාම සුදු පාටට බබලනවා. ඒකෙන් අදහස් වෙන්නේ ඔහු තුල දැල්වෙන ආසාව තවම ඉවරයක් නැති බව. ඔහුට එක් වරම අහිමි වීමේ දුකක් ඇති වීම නිසයි සාළුව කෝ කියල හොයන්නේ. තවත් අර්ථකතන දෙන්න නං පුළුවන්. ඔය මදෑ නේ..

      Delete
  31. හ්ම්ම්.... පුද්ගලිකව අකමැති සිද්ධියක්. හැබැයි හරි අපුරුවට ගොඩනගලා....
    ඔහුත් වැරදි, ඇයත් වැරදි ( බිරිද නෙමයි පෙම්වතිය) වයසට යද්දි කලකම් පල දෙනවා. ඒ නිසා පරිස්සම් විය යුතුයි ඔවුන් දෙදෙනාම.

    ReplyDelete
    Replies
    1. අපි එහෙම හිතුවට මධාරෝ මනුස්සයෝ හැමෝම ආශාකරනවා තමන් ආශා කරන ආදරේට උණුසුමට ලංවෙලා ඉන්න,, නීතියේ සහ සංස්කෘතියේ රාමු පසෙකදාලා හදවතට ඉඩ දීලා ජිවිතේ විදගන්න ආස කරන මිනිස්සු ඕනේ තරම්, ඉන්නවා,, ඒ දේ දැනෙන්න නම් අපිත් ඒ තත්වෙට මුණ දීලම බලන්න ඕනේ, ;)

      Delete
    2. @ මදාරා.

      ඇත්ත. පවතින වාතාවරණය මත දෙන්නම වැරදියි. ඒ වගේම නීතිය මතත්..

      ස්තුතියි අදහසට සහ ඇගයුමට. මේක කතාවක් විතරයි. හැබැයි හුගක් කතා වල රියල් වර්ෂන් තියෙනවා නේද?

      Delete
    3. @ ඔමා

      මං මේ කතාවෙන් ගෙනාපු මූලික හරයක් තමා ඔබ ඔය කියල තියෙන්නේ. හරි වැරැද්ද පස්සේ බලන්න. ආදරයේ එක් රූපකායක් ගැනයි මම කිව්වේ..

      @ සහෝ
      මාර වැටක් නේ බොල..

      Delete
  32. කසාද ගෑනිට වෙන්නේ අසාධාරණයක්

    ReplyDelete
    Replies
    1. ඇයි බං අනාගත කසාද මිනිහට වෙන්නෙත් අසාධර්ණයක් නේ එහෙනං..

      Delete
  33. ඔය ලොබකම අතැරල පැත්තකට වෙයන්.

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා.. හැක් හැක්..

      Delete
  34. මේවා අත්දැකීම් නැතුව නිකම්ම ලියන්න අමාරුයි. වෙරළුවා කියන්නේ නිකංයැ. :)

    ReplyDelete
    Replies
    1. ප්‍රිය හැන්රිය..

      වෙරළුවා ලෙස මා අමතන ඔබගේ කන කට කපා ගැනීමට ආසාවක් ඇති ව තිබෙන්නේද?? හැක්..

      ඩුඩේ මෙන්න මෙහෙම එකක් මම විශ්වාස කරනවා. අත්දැකීම් කියන්නේ පෞද්ගිලිකව මම අත් විදි දේටත් වඩා, වෙනත් අයගේ අත්දැකීම් ඇසුරෙන් මා දුටු දේයි කියල..

      Delete
  35. උඹ තරමක් වෙරි වෙන එක නවත්තහං. අපිට මේ වගේ කතා කියවන්න බෑ.
    එක්කො වැටෙන්නම ගහන්න ඕන.

    ReplyDelete
    Replies
    1. එක්කෝ වැටෙන්නම ගහනවා ගොඩකවෙල පැත්තේ ආපු දවසක.. හැක්

      Delete
  36. දේශයකා ගැන රට්ටු කියන හතා නෙහ්.
    ලස්සන ලියවිල්ලක්. මට දුක හිතුනේ අර ගෙදර උන්නු ගෑනු කෙනා ගැන. පවු.

    ReplyDelete
    Replies
    1. මං ගැන කියන කතා. ඒවා වැඩක් නෑ බං ඒවා ඔක්කෝම බොරු, කේලං.. හැක්

      උඹට දුක හිතුනෙ නැද්ද එයාගේ අනාගත ස්වාමි පුරුෂයා ගැන.. හැබෑටම..

      Delete
  37. මේක දැකලද මංද අර කවුද පොරක්
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
    කියල කිව්වෙ...
    මොනව වුණත් කතාව ලෙසටම ලියා ඇත.. මෙහි ඇති සංස්කෘතික සීසමා මායිම් නිසා අත්දැකීම ගැන කිසිත් නොකියමි..
    එකක් සිතෙන්නේය.. ඔබ දෙදෙනාගෙන් කාට හෝ ඇත්තටම ආදරය කර නැතැයි හිතේ. නැත්කනං දෙදෙනා අතැ දෝලනය වන්නේ නැත

    ReplyDelete
    Replies
    1. හැක්. නෑ ඒක මේකට කලින් ලිව්ව එකක් නෙව.

      කතා නායකයා තුල ඇති හැගීම මා විස්තර කිරීම නොහොබි. ස්තුතියි මහේෂ්...

      Delete
  38. කියවං ගියා...
    ගෙදර මනුස්සය පව් කියල හිතුනා..
    ජය වේවා!!!

    ReplyDelete
  39. අමුතු කතාවක් වුනත් අමුත්තක් නැහැ දැන් මේ වගේ කතා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේවයේ ඇති අමුත්තක් නැහැ බං. සමාජීයව වැරදි හරි බව විතරයි තේරුං ගන්න ඕන..

      Delete
  40. සුදු සාළුව,
    මාර පාලනයක් තියෙන්නෙ ඇ, අවසානය මැදදි කියල නිර්දෝෂී බව අන්තිමට ඔප්පු කරල.

    ReplyDelete
    Replies
    1. ඒක වංක පුද්ගලයාගේ හැටියක් නේ බං. කොහොම හරි තමන් හරි කියල ඔප්පු කරන එක.. උඹ කාලෙනික් මේ පැත්තේ දැක්කමත් සන්තෝසයි ඉස්ම යන්නම..

      Delete
  41. මේ වගේ එකක් ලස්සන උණු පලියට අගය කරන්න නම් අමාරුයි. බැඳලා මාස 3කින් වෙන කෙනෙක්ට හිත යනවා කියන්නේ...... පව් අර බැඳපු කෙනා

    ReplyDelete
    Replies
    1. මචං පොඩි අවුලක් තියෙනවා සමහර විට කියවන කොට ඒක අපැහැදිලි ඇති.. බැදල මාස තුනකින් ඇය ලිපියක් එවා බැන්දාද නැත්ත කියන එක තමා ඇහුවේ. මේ නැවත සම්බන්ධය ඊට කලකට පසුව ඇති වූ දෙයක් විදියටයි කතාවේ දි අදහස් කරේ.. තැන්කුයි යක්ෂයා

      Delete
  42. මම අදඑස් පළකරන්නවත් අකමැති මාතෘකාවක්...

    මේ වගේ මාතෘකාවක් ගත්තම හෙන සම්බාව්‍යයි වගේ කතාව.. ඒත් ඇත්තටම එහෙම නෑ මට හිතෙන්නෙ... අන්තිමට හිතෙන්නෙ කවුද හරි කවුද වැරදි කවුද පවු කියල විතරයි...

    ReplyDelete
    Replies
    1. මම නං සම්භාව්‍ය කියන්නේ සමාජයේ අපි දකින දෙයක් හෙන පොර විදියට ඉදිරිපත් කරන නිර්මාන වලට නෙමෙයි බං. ඒවා සාමාන්‍ය දේවල්. අපි ඒවා දකිනවා. සම්භාව්‍ය කියන්නේ අපි නොදකින නොහිතන දෙයක් ඉදිරිපත් කරන එකටෙයි කියලයි මම නං හිතන්නේ. ඔය ගමේ ගෑනියෙක් රෙද්දක් උස්සන් ඉන්න එක සම්භාව්‍ය කියල වර්ග කරන එකට මං කොහේත්ම කැමති නෑ.

      Delete
  43. අති විශිෂ්ටයි ඕයි ...මම මේකට පට්ටම ලයික්

    ReplyDelete
    Replies
    1. හැබැයි මේවගේ දෙයක් ඇත්තටම වුනොත් එදාටත් උඹ මෙහෙමම කරනවද?....(අනවශ්‍ය ප්‍රශ්නයක් වුනත් අහන්න හිතුනා )

      Delete
    2. @ පවුලිස්......ඔය වගේ දේවල් ගැන පූර්ව නිගමනවලට එන්නේ කොහොමද? ආදරය සහ බැඳුනු කාරනාවලදි ,හිත බලාඉන්නේ තත්පරයෙන් වෙනස් වෙන්න. ඒ මොහොත ඒ විනාඩිය හරිම තීරනාත්මකයි. හිමි පහසට වඩා අහිමි පහසට මිනිසුන් තන්හාවයි. ගැහැණුත් එහෙම ඇති.

      දේශාගේ උත්තරේට කලින් මගේ අදහස දුන්නා. සොරි මෙයා.

      Delete
    3. අරූ අයියා කියන්නත් වගේ හිත කියන්නෙත් අමුතුම සතෙක් නේ. එක තත්පරෙන් වෙනස් වෙන්න පුළුවන්. හිත ගැන පූර්ව නිගමන වලට එන්න පුලුවන් කාටද??

      මේ මනුස්සයට මේවට උත්තර දෙන්න වෙලාවක් නෑ. වැඩ හරියට. අපි අපි වත් උත්තර දී ගමු.
      හැක්… හැක්…… :-D

      Delete
    4. දේශකයා බිසි නැහැ. බොරු. ඌ නලියා බලන්න ගිහිල්ලා කද මළු බැඳගෙන :

      Delete
    5. අඩෙ අෆ්ෆට හි… හි…… හැබෑව නේන්නම් අද පිටුව සරසලා තිබුනේ දේශකයා නොවැ. ඒක තමා අරුමෙ.

      මම නම් හිතන් හිටියෙම අරූ අයියෙ මේ පෝස්ට් එක දේශිකා කියවලා දේශකයට දෙපිටින් යන්න නෙලලා ඇති කියලා. නැත්නම් මෙච්චරම බිසී වෙන්න පුලුවන්ද මනුස්සයන්ට.
      හැක්… හැක්……

      Delete
    6. @ ප්‍රියා.......උඹ නලීන්ට කියපන් ඌට වෙන්නේ හි.ක. වෙන්න තමයි කියලා. දේශා දිනමිණට සෙට් වෙන්න යන්නේ. මෙන්න කැට :D

      Delete
    7. දිනමිණ උප ප්‍රවෘත්ති කතෘ දේශක මහතා වෙයිද අරූ ....
      අරූ & ප්‍රියා -- එකනේ අර බන්දුල විජේවීර කිව්වේ
      "හිත හීලෑ නෑ හරිම මුරන්ඩුයි තැන තැන ඇවිදිනවා
      හිතෙන හිතෙන තැන නවතිනවා ..." කියලා

      Delete
    8. අනේ බං ඉවාන්.. බලපං උඹ දාපු පුරස්නේ.

      අන්තිමට නලිය හි.ක. වෙලා මම ව.ක. වෙලා ගියා නෙව.. මේවට මං උත්තර දෙන්නෑ. හැක්..

      අරූ කියන කතාවට මං හුගක් එකගයි. හැබැයි සමස්ථය එයම නොවෙන බව ලාවට කියන්න ඕන..

      Delete