මේක නං මාර සීන් එකක්.. අන්තිමට හරිම මාන්දමික කේස් එකක්.
එක දවසක් දරුවා ඉස්කෝලේට ගියා, නමුත් එදා දවල්ට ස්කූල් වෑන් එක නෑ කියලා වෑන් අංකල් කාරයා කෝල් කරපු නිසා, මට සිද්ධ උනා කොල්ලව ගෙදර අරන් යන වැඩේ කරන්න. අවුල කියන්නේ මගේ ඔපීසිය ලගම මේ හාදයගේ ස්කෝලේ තිබ්බට, ඔපිසියට ගෙනැල්ල තියාගන්න අමාරුයි. මොකද එක තැනක ඉන්න එකෙක් නෙමෙයි නේ.. මට හැම වෙලේම ඒකා පස්සේ ඇහැගහගෙන ඉන්න වෙලාවක් නැහැ. එහෙම උනාම අනිත් සැට් එකත් එක්ක මේකා සෙට් වෙලා රට වටේම දුවනවා. පැය බාගයක කේක් මීටිමකට ගිහිල්ල එනකොට මූව අල්ලන්න දැලක් දාන්න ඕන..
“අනුපම්.. කෝ පුතා“ මම ගෝලයගෙන් ඇහුවම “ආ එයා සරීනා මිස් එක්ක අල්ලපු බ්‍රාන්ච් එකට ගියානේ“ කියල කියනවා. ඊට පස්සේ මම අනිත් බ්‍රාන්ච් එකට කෝල් එකක් අරන් සරීනට කතා කරනවා.
“සරීනා.. මම දේශා.. කෝ පුතා“
“ආහ්.. අන්න දැං ටිකකට කලින් කැන්ටිමට ගියා පබෝදත් එක්ක“
“හරි මම තව ටිකකින් කෝල් එකක් දෙන්නං එහෙනං“ කියල ෆෝන් එක තියල ආයේ විනාඩි 10 කින් විතර කෝල් එක දුන්නා.
“මාර වැඩේ නේ... පුතා අන්න කැන්ටිමට ආපු ඩීඩී සර්ගේ අතේ එල්ලිල එයාගේ කැබින් එකට ගියා.. සර් කිව්වා පියල් අත එහාට එවන්නං කියලා“
මේක පුදුම කරදරයක් නේ කියල හිතාගෙන මම ඩීඩීගේ කැබින් එකට කෝල් එකක් දුන්නා ටික වෙලාවක් බලල. මමත් වැඩ අස්සේ රත් වෙලා ඉන්න කොට මේ හාදයා මාව පුච්චන්න හදනව නෙවද කියල මට තරහකුත් ආවා.
“මිස්ට අරූන්.. මම දේශා.. පුතා ඔතනට ආවා කියල පබෝදා කිව්වා“
“ආ ඔව්. ඔව් මිස්ට දේශා. ෂෝක් කොලු පැටියා.. ඔන්න මගේ බෑග් එක අවුස්සලා චොකලට් එකකුත් හොයාගෙන කකා හිටියා. හක් හක්.. කියුට් බෝයි“
“දැන් කෝ ඔතන ඉන්නවද?“
“මොන මේකා එක තැන තියාගන්න පුළුවන් එකෙක් නෙමෙයි වගේ. අර සුමනසිරි.. ඉලෙක්ට්‍රිෂියන් ආවා බල්බ් එකක් දාන්න. අන්න ඒ පාර මිනිහගේ අතේ එල්ලිල දැං මේන්ටෙනන්ස් එක පැත්තට ගියා“
“හරි හරි තැන්ක්ස් මිස්ටර් අරූන්“
මට දැං හොද එකෙන්ම මල. මේකා ගියේ කොහේද අන්තිමට ඉන්නේ කොහේද? තවත් බලං ඉදල හරියන්නෑ. අනික කව්රුවත් යවල හරියන්නෙත් නෑ. මොකද ඒ එන අතරමග තව කව්රු හරි අතින් අල්ලන් මේකා කොහේ එක්කන් යාවිද කියල මට සැකයි. ඒ පාර මම ගියා එතනට. යනකොට මිනිහා මේන්ටෙනන්ස් ඉලෙක්ට්‍රිකල් ස්ටාෆ් එකම වට කරගෙන පැණි බෙදනවා. මිනිහගේ අත පිරෙන්න ටෙස්ටර්, වයර් කෑලි අරව මේවා. ඒ අස්සේ වටේම ගිහින් කාපු ටොපි, චොකලට් නාවර කට පුරාම, අත පුරාම. සුදු ෂර්ට් එක පිරෙන්න චොකලට් පැල්ලං. මේකාගෙන් ගන්න දෙයක් නැහැ. අන්තිමට බලෙන් වගේ එක්කන් ආවේ. “තාත්තේ ඉන්නකෝ පොඩ්ඩක් මේ ලයිට් එක චෙක් කරන කං කියලා“ නාහෙන අඩද්දි. ඊට පස්සේ ඇවිල්ල ඇග පත හෝදවල අර නාවර ඇදුම්ම ආයිත් අන්දවල ගෙදරට දක්කන් යන්න උනා. ඒකෙන් මගේ පැයක විතර වැඩ කටයුතු හබක්. ඉතිං මෙහෙම පුත්තරයෝ ඔපීසි වල තියාගන්න පුළුවන්ද? බෑනේ අන්න ඒකයි මම කැමති නැත්තේ මේකා මං ඉන්න තැනක තියාගන්න. (මං ඉන්න තැනක ඉන්න එකක්යැ මේකා)
රායිට් ආයි මාතෘකාවට.....
කොල්ලව එක්කන් ගෙදර ගිහිල්ල ආයේ එනකොට එස්ටිමේට් එක අනුව නං පැය දෙකහමාරක් වත් යනවා. එතකොට මම එනකොට අඩුම තරමේ 3.00 ට කිට්ටු වේවි. හප්පොච්චියේ දෙකහමාරට තියෙන කේක් මීටිම. මට කේක් කන්න බැරි වෙනවා නේ එතකොට. දැං මම කල්පනා කරනවා මේකට මොකක්ද කරන්නේ කියලා. දේශිකා කොට්ටාවේ ඉදල මෙතනට ආවොත් වැඩේ හරි කියල හිතාගෙන මම එයාට කෝල් එකක් දුන්නා.
“මාර කේස් එක. අද වෑන් එක නෑ.. මොකද කරන්නේ“
“ඉතිං ඔයා එයත් එක්ක එන්න ගෙදර“
“පිස්සුද හලෝ අද බැහැ.. මට හවස මිටින් එකක් අද“
“දැං ඉතිං මොකද කරන්නේ“
“මම කියන්නද ඔයා එන්න දැං.. ඇවිත් කොල්ලව ගන්න“
“පිස්සුද අනේ අද නං කොහොමත් බෑ. මම මේ ෂෙඩුල්ස් හදනවා.. අද පේමන්ට්ස් වලට. හෙල්ලෙන්නවත් බෑ. ඔයා මොකක් හරි හිතල මට කෝල් එකක් දෙන්න. බායි“
ෆෝන් එක දෙකට කැඩෙන්න දෙන්න හිතෙනවා මුන්ගේ අහංකාර කමට. දැං ඉතිං දානේ මටම වළදන්න වෙනවා නෙව. තව පැයක් වත් නෑ ස්කෝලේ ඇරෙන්න.. එතකොටම මට කල්පනාවට ආවා අද උදේ නුගේගොඩ එනවයි කිව්ව මගේ අතිජාත මිත්‍ර පැට්‍රල් කාරයව. හැබැයි මූ යන්නේ මහරගමට විතරයි නේ.. ඒත් කමක් නෑ සමහර විට මූ කොල්ලව ගෙදරට එක්කන් යයි කියල මම කෝල් එකක් දුන්නා.
“අඩේ පැට්.. උඹ කොහේද??“
“මම බං ජුබිලි කනුව ගාව. ඇයි?“
“උඹ කීයටද ෂොප් එකට යන්නේ“
“මචං තව පැයකින් විතර යනවා.. “
“වාහනේද??“
“නෑ ඕයි ඒක කැඩිලා.. බස් එකේ ආවේ“
“මළ මගුලයි... මේ වැඩක් කරගන්න බං කතා කරේ“
“මොකක්ද?“
“අඩේ අද කොල්ලගේ වෑන් එක නෑ බොට බැරිද ඌව ගෙදරට දාන්න මම නුගේට ගේන්නං ඒකව“
“අද නං බැහැ බං මම ෂොප් එකට එනවා කියල කස්ටමර් කෙනෙකුට දැං ප්‍රොමිස් උනා විතරයි. අපොයි අපොයි ඕකව එහේ තියාගන්න නං මට බෑ. උඹට හපන් ඌ. වෙන ඕන දෙයක් කියපං.“
“එහෙමද? එහෙනං තොට බැරිද කොල්ලව මහරගමට ගෙනිහිල්ල දේශිකාට දෙන්න.. දේශිකා එතනට ඒවි“
“රායිටෝ සිම්පල් මචං.. මට කියහං එහෙනං වෙලාවට... මම ටක් ගාලා එන්නං“
ටිකක් කූල් ඩවුන්. ඒකෙන් යන්තං වැඩෙන් බාගයක් ගොඩ. ඉතුරු බාගේ ගොඩ දාන්න තමා දැං තියෙන්නේ. ගත්තා කෝල් එකක් දේශිකාට ආයෙත්.
“මේ හලෝ ලක්මාල් කොල්ලව මහරගමට ගෙනේවි. ඔයා මහරගමින් කොල්ලව අරන් යන්නකෝ ප්ලීස්“
“මට බෑ අනේ.. මම ෆුල් බිසී නේ“
“මොකක්ද කිව්වේ. බෑ.. ඒවා හරියන්නෑ. මට එන්න විදියක් නෑ. ඌව තියාගන්නත් බෑ. ඕන මලදානයක් තමුසේ කරගන්නවා එහෙනං. මම තියනවා“ මලපැනපු රගපෑමෙන් මම ෆෝන් එක තිබ්බම අනේ මෙන්න අනිත් පැත්තට කෝල් එක එනවා.
“හරි මම ගන්නං මහරගමින් එහෙනං“ හරිම සාන්ත දාන්ත තීන්ත කුප්පිය විලාසෙන් දේශිකා කතා කරා. හැක් හැක්..
“හරි. මෙහෙම කරන්න. මහරගමට ඇවිල්ල පැට් ට... නෑ නෑ ලක්මාල් ට රින්ග් කට් එකක් ගහන්න. ඔයා ස්ටැන්ඩ් එක ගාවම ඉන්න. මිනිහා එතනට කිට්ටු වෙන කොට ඔයාට රින්ග් කට් එකක් දාවි. ඔළුවත් එළියට දාවි. බලල ඒකටම නගින්න. හරිනේ එහෙනං.“
“හරි හරි..“ අම්මේ දැං වැඩේ ගොඩ වගේ කියල හිතාගෙන මම පැට් ට කෝල් කරා.
“පැට්.. මචං මම නුගේ කිට්ටු කරල උඹට රින්ග් කට් එකක් දෙන්නං උඹ හෝල්ට් එකට වරෙන්. උඹ ආවාම මට රින්ග් කට් එකක් දාපං. මම මූන දාන්නං එලියට. උඹ ඒකට නැගහං හරිනේ.. දේශිකා මහරගමට ඇවිත් බොට රින්ග් කට් එක දේවි. මහරගම කිට්ටු වෙලා උඹ දේශිට රින්ග් කට් එක දියං. වෙලාවට වැඩේ කරපං මතක ඇතිව. උඹට බස් එකට නැග්ගම මංඤ්ඤං වෙන හින්දයි කියන්නේ. දේශි ඒ බස් එකටම නගීවි උඹ ඔළුව දාලා සිග්නල් එක දීපං හරිනේ. එහෙනං ෆිට් තමා“
යන්තං හුස්ම ටිකක් ගත්න ඇහැකි දැං. මනමාලයා වගේ මම නැකතට එළියට බැහැල කොල්ලව ඉස්කෝලෙන් ගත්තා. අරගෙන නන්ද මෝටර්ස් එක ගාවින් 138 කොට්ටාවක නැග්ගා. ටිකට් ගන්න ආවම
“කොට්ටාව එකයි බාගයක්“ කියල ටිකට් ගත්තා. මතක තියගනිල්ලා කොට්ටාව..
නුගේ කිට්ටු වෙලා පැට්ට රින්ග් කට් එක දුන්නා. තව ටිකකින් පැට් සිග්නල් එක දුන්නා.. මම හන්දියෙදි ඔළුව එළියට දාලා පැට්ව ගත්තා බස් එකට. කොල්ලා ගාවින් වාඩි කරවල මම බැස්සා. හැබැයි බහින්න කලින් මෙහෙම කරා.
“මචං මෙන්න ටිකට් එක. උඹ ආයි ටිකට් ගන්න ඕන නෑ. දේශි නැග්ගම ඒකිට දීපන් මේ ටිකට් එකම.. මම ගියා“
දේශිකා කොල්ලව ගෙදරට දාලා කෝල් එකක් දුන්නා. මිෂන් ඇකොම්ප්ලිෂ්ඩ් කියලා. ඒත් තව වැල්වටාරං වගයක් කිව්වා.
“මොනවද දේශා මේ කරන වැඩ. කොට්ටාවට එනකං කොන්දෝස්තර මට ඔරවනවා. ළගින් යනකොට අනං මනං කියනවා. එක ටිකට් එකෙන් තුන් දෙනෙක්ම බස් ඒකේ ආවයි කියලා. මහ විකාරයක්. ඇත්තටම ඔයාට ලැජ්ජාවක් නැද්ද? මට මහරගමින් ටිකට් එක ගන්න තිබුනනේ. ඕක මොකක්ද? ඒක නං මාර පිස්සුවක්. ලක්මාල් ටිකට් එක මට දුන්න නිසා කොන්දා ළගට ආවම මම කිව්වා ටිකට් ගත්තා කියලා. ඇත්තනේ මිනිහට මතකයි නේ මම මහරගමින් නැග්ගා. ෂික් මාර ලැජ්ජාව අදනං“
“අයියෝ ගනං ගන්න එපා.. ඔයාට ලේසියක් නේ මං කරේ.. හැක් හැක්“ කියලා ෆෝන් එක තිබ්බා. ඒ සැනින්ම පැට් ගේ කෝල් එක එනවා.
“මොකද්ද යකෝ අර කරපු කුප්ප වැඩේ. කොන්දා ටිකට් ගන්නලු ගන්නලු.. මම ටිකට් එක පෙන්නුවම ඌ හොදට බලල ඔරවල ගියේ. මං අහගෙන ඉස්සරහ ටිකට් දෙන කොට මිනිහා කියනවා ස්පෙෂල් ටිකට් නෑ. නෝර්මල් ටිකට් කිය කිය. වස ලැජ්ජාව බං.. උඹට ඇත්තට පිස්සුද?? මොකෝ මට ඔය ටිකට් එක ගන්න බැරුවද?? උඹට මෝංගල්ද? .. හැබෑට බීපු තරමට උඹේ මොලේ කුරවල් වෙලාද?“
“හැක් හැක්.. බලහං බොට ලේසියක් නේ මං කරේ. ඔය කතන්දරේ දැං දේශිත් කිව්වා. ඉතිං යකෝ කොට්ටාවට තියෙන ටිකට් එකේ කව්රු ගියාම මොකද? කොහොම කරත් ඒ ටිකට් එකෙන් එක වෙලාවට එකයි නේ යන්නේ. මොකෝ අර කෝච්චි ටිකට් එකේ වගේ අන්සතු කළ නොහැක කියල තියෙන එකක්යැ. හැක් හැක්“
“රෙද්ද.. තෝ සෙට් වෙයන්කෝ හවසට... පෙරේත පැටියා.. හාක හාක හා“
ප.ලි. - පහුගිය පෝස්ට්කටුවට උත්තර නැවත පැමිණි විට දෙන්නෙමි.. පාළුව යන්න ස්වයංක්‍රිය අප්ඩේට් වීමකි මෙය....
ප.ලි. - පහුගිය පෝස්ට්කටුවට උත්තර නැවත පැමිණි විට දෙන්නෙමි.. පාළුව යන්න ස්වයංක්‍රිය අප්ඩේට් වීමකි මෙය....