Monday, November 4, 2013

බුරූ පුතා!!! (බුරු බබා නෙමෙයි)

සාමාන්‍යෙයන් හැමදාම උදේට මාලක්කු පාලම පහුකරන් එන කොට, පාලමේ බාගයක් පහු කරද්දිම මට හැදෙනවා සන්සිදුවාගත නොහැකි සාපිපාසාව. කොයි තරං උත්සාහ කරත් අනේ මන්දා, ඒක නං සන්සිදුවන්න බැරි තරං මම දුර්වලයි. අවුලක් නැහැ මොනා කරන්නද කියල හැමදාම උදේට මාලක්කු පාලමෙන් එගොඩ තියෙන පොඩි කඩේට බැහැල ප්ලේන්ටි බාගයක් ගහනවා. ඒත් ඒක බොන්න වෙන්නේ අගුවට ඇවිත් හිටගෙනම තමා, මොකද එතැන ප්ලේන්ටියක් බොන්න වාඩි වෙනවා කියන එක කඩේ අයිතිකාර ජෝති අයියට කරන පාඩුවක්.

අද උදේ මම තේ එක රස විද විද ඉන්න කොට, පාරේ දකුණූ අත පැත්තේ ඉදලා ටිකක් වයසක ජෝඩුවක් ආවා.. මම හිතන්නේ මොකක් හරි ටෙස්ට් එකක් කරගන්න ඉස්පිරිතාලෙට යනවා වෙන්න ඇති. සාරියක් ඇදල හිටිය ගැහැණු මනුස්සයගේ අතේ හැන්ඩ් බැග් එකක තිබ්බා. එ වගේම පිළිවෙලට ඇදල හිටිය එයාගේ මහත්තයත් පොඩි බෑග් එකක් කරේ දාගෙන හිටියා. කඩේ ගාවට ඇවිත් පාරේ නතර උන මේ දෙන්නා තත්පර ගානක කතාවකින් අනතුරුව ප්‍රියම්බිකාව තනිකොට කඩේ පැත්තට එන්න අඩි දෙක තුනක් ඉදිරියට ආවා. ඒ එක්කම “මේ“ කියපු ප්‍රියම්බිකාව, මනුස්සයට හැන්ඩ් බෑග් එකෙන් ගත්ත රුපියල් පනහක් දුන්නා. ඒකත් අරන් ගිහින් ටිකකින් කඩදාසි බෑග් එකක දාගෙන මොකක් හරි කෑමක් අරන් ආවා.. මම දැක්කේ ඒක මාළු පාං ගෙඩියක් වගේ. දැන් මාව පහුකරගෙන යන ගමන් අර මනුස්සයා දීපු කඩදාසි බෑග් එක ප්‍රියම්බිකාව හැන්ඩ්බෑග් එකට දාගත්තා. ඉස්සරහින් යන එයාගේ මනුස්සයා පිටිපස්සවත් නොබල අත දිගු කරල ඉතුරු රුපියල් විස්ස නෝනට දුන්නා. 

*****************************************************

බස් එකට නැග්ග තරුණ යුවල ආසන නැති නිසා මා අසලම ආසනයේ පොළු බදාගෙන හිටගෙන යනවා. ඒ අතරේ කොන්දොස්තර උන්නැහේ දැං බස් එකට නැගපු තක්කඩි ටික හොයමින් ඉස්සරහ ඉදල උකුසු ඇස් කර කව කව එනවා. ඒ එන අතරේ මම දැක්කා ඒ උකුසු ඇසට අහු නොවේච්ච ගැටව් දෙන්නෙක්ම. ඒක දැක්කම මට හිනා ගියා. මොකද උන් දෙන්න තැන් දෙකකට වෙලා කිසිම දෙයක් නොදන්න ගානට එළිය බලං ඉන්න කොට, කොන්දා උන්නැහේ රබර් ඇහැ දාලා වටේ කැරකුනත් අර හාදයෝ කිසිම ප්‍රතිචාරයක් නැති කොට, තේරුං ගන්නේ ටිකට් ගත්ත අය කියල නේ. මොකද ටිකට් ගත්ත අයට කොන්දගේ තට්ටු වලට බය වෙන්න දෙයක් නැහැ. ටිකට් නොගත්ත අය කොන්දගේ තට්ටුව එනකං ඩග් ඩග් ගාමින් පපුව ගැහි ගැහි ඉන්නවා. ඒ අතරේ තට්ටුව ලැබුනත් ගණන් නොගෙන ඉන්න තරං ගටක් තියෙන ඈයෝ නොමිලේම ගමනාත්තය දක්වා අරන් යන්න කොන්දා කටයුතු කරනවා.

ඒ අතරේ මම ඉන්න තැන ජෝඩුව ගාවට ආපු කොන්දා උන්නැහේ ටිකට් නිකුත් කරන්නයි කල්පනාව. සාමාන්‍යෙයන් දෙන්නෙක් ඉන්නවනං එතන පිරිමියගෙන් ටිකට් ගන්න කියන ඉල්ලීම කරන එක නේ සාමාන්‍ය දේ. ඒ විදියටම ඒ දේ වෙන බව දන්න කොල්ලා, කෙල්ලගෙන් ටිකට් ගන්න විදිය ගැන ඇහුවම ඔළුව හොල්ලල කෙල්ල හැන්ඩ් බෑග් එක ඇරල ටිකට් ගන්න අවශ්‍ය වෙන මුදල කොල්ලා අත තිබ්බා. ඒකත් අරන් උගේ වගේ සාක්කුවේ දාගෙන ඉදල, ළගට ආපු කොන්දට සල්ලි දීලා ටිකට් ගත්තා. ඉතුරු වෙච්චි රුපියල් දහය දඩස් ගාලා සාක්කුවට දාගත්ත කොල්ලා, කොහේන්දෝ ආපු විධානයක ඇස් බැල්මට යටත් වෙලා ඒ රුපියල් දහය ආයිත් කෙල්ල අතට දුන්නා. කෙල්ලා දඩස් ගාලා ඒක හැන්ඩ් බෑග් එකේ දාගත්තා. හැබැයි එකක් ෂුවර් මේ කපල් එක හොර එකක් වත් ලව් එකක් වත් නෙමෙයි. රියලි මැරිඩ් කපල් එකක්ම තමා.. මන් දන්නැත්ද ඕවා.

******************************************************

ගිය සතියේ බඩු වගයක් ගන්න මට සිද්ධ උනා දේශිකාත් එක්ක සුපර් මාර්කැට්ටුවකට යන්න. ඒක මේ මාළු මාර්කැට්ටුව වගේ නෙමෙයි නේ. ඒසී කරලා, නිළ ඇදුම් ඇදගත්ත කොල්ලෝ කෙල්ලෝ රාජකාරි කරන බොහොම සුකුරුත්තං වැඩ කෑලි තියෙන තැනක් නේ.. ඉතිං මමත් බඩු ටික අරගෙන දේශිකාත් එක්ක කවුන්ටරේ දිහාට කිට්ටු කරන කොට සබන් දාලා තියෙන රාක්ක ගාව නවතින්න සිද්ධ උනා. මොකද සබන් කැට තුනක් ගන්න කං පොඩ්ඩක් ඉන්න කියල මට නියෝග කරපු නිසා. ඉතිං මටත්, අර සබන් කැට දෙතුන්සීය පීරල බොහොම අමාරුවෙන් දෙතුන් පාරක් ගණං කරල දේශිකා සබන් කැට තුන අර ගන්නකං විනාඩි ගානක්, පුත්තලං බුරුවෙක් වගේ එතනට වෙලා බෑග් එක උස්සගෙන ඉන්න උනා. පුත්තලං බූරුවෙක්ය කියන්නේ, බෑග් එක බිම තියාගෙන ඉදල, දේශිකා හැරෙන කොටම බෑග් එක උස්සල සීරුවෙන් ඉන්න තිබුන නෙව. මොනව කරන්නද හමුදාවේ නීතියට අපි යටයි නේ.

සබන් තියෙන රාක්කේ තමා කවුන්ටරේට කලින් තියෙන අවසාන තේරුම් ස්ථානය. කිහිප දෙනෙක්ම එතැන පහු කරන් කවුන්ටරේට ගියත් සමහර අය එතැන නතර වෙනවා ටික වෙලාවකට. සබන් ගන්නද?? නෑ.. එතනදි ඔක්කෝම බෑග් ටික හබියට හරි පුත්තලං බූරුවට හරි දීලා, බිරින්දෑවරු තමන්ගේ හැන්ඩ් බෑග් එකෙන් පර්ස් එක අරගෙන ඒ බඩු වලට අවශ්‍ය මුදල ප්‍රමාණය බූරුවගේ අතට දෙනවා. අන්න ඊට පස්සේ තමා බූරුවා කඳ කරගහගෙන කවුන්ටර් එක ළගට යන්නේ. නෝනා ආතල් එකේ ඔළුව කර කව කව ඉස්සරහට වෙලා ඉන්නවා. මේ විදියට බුරු පොරවල් තුනක්ම ඒ විනාඩි ගානට මම දැක්කා. ඒ කියන්නේ එතැනදීත් අපි වගේ කෙලින් වැඩ කරන අය අඩුයි කියල පෙන්නුම් කරා. 

අමාරුවෙන් තෝරගත්ත සබන් කැට ටිකත් ඔබාගෙන බෑග් එක උස්සන් මමත් ගියා කවුන්ටර් එක ළගට. මගේ වාරේ ආවම එතැන හිටි කොල්ලා බෑග් එක කකුල් දෙකෙන් උස්සල පොලවේ ගහනවා වගේ මේසේ උඩ බඩු ටික ඔක්කෝම හැළුවා. ඊට පස්සේ රීඩර් එක අරන් ඒ හැම එකටම අල්ලල කීක් ගැවට පස්සේ මේසේ අනිත් පැත්තට දැම්මා.  මේ හැම දේම මගේ පිටුපස්සට වෙලා තමන්ගේ කම්ප්ලීට් ස්කෑනර් දෙනෙතින් දේශිකා බලන් හිටියා. ඒ වගේම ඒ වෙන කොටත් හිතින් ඒ ඒ ගණන් හදන කැල්කියුලේටර් එකත් ක්‍රියාත්මක වන බව මට පුරුද්දෙන්ම කියන්න පුළුවන්. දොරෙන් එළියට යද්දී භුත වෙලා කීං කීං ගාන සමහර බඩු වල හයි කරපු කළු ගුලි ටිකත් මේසේ හිලෙන් ඇතුලට දාලා අවසාන බිල්පත නිකුත් කරන්න ගෙවිය යුතු ගාන කැෂීයර් මට කිව්වා. එතකොට මම ගෙවන්න ඕන ගාන 1765 යි. 

මම ටක් ගාලා පර්ස් එක ඇදල පර්ස් එක පුරෝලා තිබ්බ දාහේ දෙදාහේ පන්දාහේ කොළ අතරින් දෙදාහේ කොළයක් ඇදල අරන් බිල් එක ගෙවලා ඉතිරි සල්ලි ටිකත් පර්ස් එකට දාගෙන ගාම්බීර විදියට එතැනින් පිටත් උනා.

ඒක ඉතිං හීනෙං තමා... මොන.. දේශිකා පර්ස් එක ඇරල 1800 ක් ගණං කරල මගේ අතට සල්ලි දුන්නම මම බයෙන් බයෙන් ඒක අරන් සල්ලි ගෙවල, දොරෙන් එළියට යන්නත් කලින් බිල් එකත් එක්ක ඉතුරු සල්ලි එයාගේ අතට දීලා ඇඩ්වාන්ස් එක සැටල් කරා. නැත්නං ඔය අපේ රාජ් බයියල වැඩ කරන තැන් වල වගේ හැරෙන තැපෑලෙන් ඔඩිඩ් ක්වේරීස් එන්න පුළුවන්නේ. එහෙම උනොත් උත්තර නොදී ඉදල අන්තිමට ෆයිනල් ඔඩිට් රිපෝට් එක ආවම ඔළුම ගලේ හප්පගන්න තමා වෙන්නේ..

ප.ලි - අර සල්ලි ගෙවපු අනිත් බුරු පුත්තු පවා එළියෙදි ඇඩ්වාන්ස් සැටල් කරන හැටි මම දැක්කා.

ප.ප.ලි - අද උදේ දැක්ක සිද්ධිය ඇත්තටම අද උදේ වෙච්ච දෙයක්. ඒ වෙලාවේ ඒක හිතට වැදිල මම සියළු රිවයින්ඩ් වැඩ ටික කරගෙන ඇවිත් කම්පීතර් තඩිය ළග වාඩි උනා නේ.. මෙන්න මේ යකත් මම ලියන්න හිටිය වගේ එකක්ම ලියලා.. හිතගිය තැන මාළිගාව

116 comments:

  1. හුරේ මන් එක ,, කතාව කියෝලා ඉවර නැහැ ,, නම ලකුණු කරලා කොමෙන්ට් එකක් දාන්නම් ඉදගෙන ඈ

    ReplyDelete
    Replies
    1. නම ලකුණු කරන්න රෙජිස්ටරේ නම දාලද ඔය ළමයගේ..

      Delete
    2. සොරි වැරදි පංතියට ඇවිත් වගේ ,, සොරි ආයේ එන්නේ නැහැ

      Delete
    3. ඔය ළමයා සමාව ගත්ත නිසා හොද ළමයෙක් බව පේනවා. ඒක නිසා මං ඔන්න රෙජිස්ටරේට නම දානවා. හැබැයි ඒහෙම උනා කියල පරක්කු වෙන්න බෑ උදෙන්ම එන්න ඕන.. හොද ළමයා..

      Delete
  2. හුකෑස්! බලාගෙන ගිහාම උඹත් තැනකට ගිහාම හෙන මිටරෙන් අනිත් උන් දිහා බලාගෙන ඉන්නවා වගේ! :D

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. උඹ වගේ තමා අපිත්.. උවමනාවෙන් ඇස් උඩ තියාගෙන බලන්නෑ බං. ඒත් පේන් දේ හරියට ඔළුවට යනවා...

      Delete
    2. පෝස්ට් එක මුලදිම මට මතක් වුණෙ නාඩියගේ මාලිගාව !

      Delete
    3. හරියට හරි බං මම පලියේ ලින්කටුවකුත් දාලා තියෙන්නේ.. ඒකනේ..

      Delete
  3. හ්ම්ම් ,,, මේ කතාවේ ඔයා කියපු හැමදේම ඇත්ත ,, ඒ වගේම පහුගිය ටිකේ කියවන්න ලැබුණ ගොඩක් දේවල් ඇත්ත , ඒ හැමෙකෙම තිබ්බේ මේ වගේ ස්වාමිපුරුෂයා පව් කියලා හිතෙන දේවල්මයි ,,මං හිතන්නේ ඔහොම දේවල් වෙන්නේ ඔයාගේ බිරිද කරපු වගේ කරන්නේ ගොඩක් හොද බිරිදක් වෙන්න ඕනේ ,, ඒ වගේම ඔයත් එයාට ආදරේ නිසා වෙන්න ඕනේ ,,

    අර බස් එකේ සීන් එකනම් කසාද බැදපු කපල් නෙමේ සමහර කෙල්ලෝ දෙන්නටම එක්ක සල්ලි දෙනවා , යම් යම් හේතු නිසා ,,, මාත් ඔයා වගේ සුවච කීකරු හබියෙක් හොයාගන්නවා කවදාහරි හි හි ,,හොද ලිපියක් උතුමාණනි

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මේ හැම තැනම උතුමාණනි කියන්නේ.. මට පේන්නේ නිං උකුණෙනි කියනව වගේ.. හැක්..

      බොටත් මං වගේ හොද හබියෙක් හම්බ වේවි. (මම වගේ එකෙක් උනොත් ඉතිං උඹේ ජීවිතෙත් විනාසයි ඔව් . ඉදගෙන )

      Delete
  4. අනේ පව් පුත්තලම් බූරුවෝ ටික...:D

    මටත් හිත ගිය තැන මාලිගාව මතක් උණා. ඒත් මේක ඉතින් බැඳපු අයගේ හිත ගිය තැනක්නේ.

    ReplyDelete
    Replies
    1. මොකා..... බැදපු අයද බැඳපු අයද පොඩ්ඩියේ.. හැක්..

      Delete
  5. ටිකක් අවධානයෙන් බස් එකේ ගියහම මේ වගේ සීන් අනන්තවත් දකින්න ලැබෙනවා. කොහෙද ඉතින් අපි එහෙම යන එකක් යෑ..

    ReplyDelete
    Replies
    1. ඇස් කැරකෙන්නේම එක පැත්තකට විතරනේ නේ මධූ...:D:D

      Delete
    2. පිරිමි අපිට හපන්නේ අප්පා අනුන්ගේ එවුවනේ හොයන්නේ කොහේ ගියත් ,,

      Delete
    3. @ මධු

      අනන්තවත් දේ තියෙනවා බං.. ඇත්තටම එහෙම උවමනාවෙන් බලන්න දෙයක් නැහැ ටිකක් හුරු උනාම ඒවා පේනවා. අන්න එතකොට හොද හොද සීන් බලාගන්න පුළුවන්..

      Delete
    4. @ පොඩ්ඩි

      මධුගේ ඇස් වල ආබාධයක් ඇති එක පැත්තකට විතරක් කැරකෙන්න.. ෆීමේල් සෙන්සිටිව් අයිස්ද මධුට තියෙන්නේ.. අයියෝ...

      Delete
    5. @ ඔමා

      දැං ඉන්න පිරිමි නිකං ගෑනු වගේ තමා බං...ලවක් දෙවක් නෑ...

      Delete
    6. යකෝ මුන් උපකල්පන කරලා ඒවයින් නිගමන වලටත් එලෙබිලා.
      මම කිව්වේ මම ඕවා දිහා බලන් යන්නේ නෑ කියලා. මං නං කරන්නේ ජනේලයකින් පාර බලාගෙන යනවා !

      Delete
    7. එතකොට මේ උපකල්පන වැරදිද බොල... එහෙනං පොඩ්ඩි කිව්වා හරි උඹේ ඇස් එක පැත්තටම විතරක් කරකැවෙනවා කියලා...

      Delete
    8. අඩෝ දේශා,
      >>දැං ඉන්න පිරිමි නිකං ගෑනු වගේ තමා බං...ලවක් දෙවක් නෑ...<<
      ඕව කියල මම වගේ එවුන්ගේ නාමය බුදින්න එපා බං...

      Delete
    9. ඔව් උඹ ඊයේ පෙරේදා අර ඔමා දැරිවිගේ පිහිටෙන් පිරිමියෙක් උනයි කියල ආරංචියි. ඇයි තමන්ගේම කියල දරුවෙක් හැදුව නේ.. හැක්..

      Delete
  6. උඹයි නාඩියයි දෙන්න කතාවෙලාද අද පෝස්ට් දැම්මෙ දෙකම පැණිවළලු.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මම නාඩියට කිව්වා.. මේ වගේ එකක් දාන්න හිතාගෙන මම ආවේ.. තෝ මාව කෑවා කියලා.. හැක්..

      Delete
  7. nɥʇɐɹ ɐʇɐd ɐllɐʞ ɐɯɐʞʞɐp uɐɯ lnʞɐʞ ɐʍnʇnd ɐʇɐpn ɐuuɐƃ ǝʍnpɐɥ. ɐɹɐɐp ʞǝʎɐu ɐlıpɐ ɐʎıƃ

    ReplyDelete
    Replies
    1. අංඥකොරොස් උනාද.. ඒ උනාට බං අදත් කෑල්ලක් අඩුවෙන් නේ ගහල තියෙන්නේ.. හැක්

      Delete
    2. ɐpɐ ɐɯoʞʞo ılɐʞ ɐʍɐuǝʎıɥʇ . uǝʌnpɐ ɐlɐʌɐʎıʞ ǝuuǝʎıɥʇ

      Delete
    3. ආපොයි බං මේවා කියවන එකත් ඔළුව කැක්කුම හැදෙන වැඩ...

      Delete
  8. බොල බූරු පුතේ දුක සෝකා ඉතින් ඉවසන්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. දුකා සෝකා ඉතිං ඉවසන් තමා....

      Delete
  9. හයියො මට මතක් වෙන්නෙ කතරගම ගිය නොනගෙ ගෙදර අයත් එක්ක.මමයි නොනයි දුවයි.නොනගෙ අම්මයි තාත්තයි නන්ගියි.එ දවස්වල තිබුනෙ මනුවල් කාරෙකක්.ඩ්‍රියිව් කරගෙන ගිහිල්ල.පොලිමෙ ගෙඩි පුජ වට්ටියක් උස්සගෙන ඉදල.ඉට පස්සෙ දුව වඩාගෙන ගිහිල්ල.ආපහු ඩ්‍රියිව් කරගෙන එනකොට මමම් බ්ගාගෙට මැරිල හිටියෙ.
    අඩො උබ හැදුවෙ උබ වැටිච්චවලෙ මාව දාන්න නෙ.+ එකක් ගැන කියල

    ReplyDelete
    Replies
    1. උඹ බබ්බ්බබයයි නේහ්.. හැක්..

      අඩේ ඒක හොදයි බං උඹට නං මොකද මගේ නම ගැන විතරයි අවුල තියෙන්නේ අනිත් සේරම සුපිරියි. පෝස්ට් එකක් වැඩි ගාණකට ෂෙයා කරන්න ඒක නියමයි බං ජී + එක.. උඹව අමාරුවේ දානවද මයේ අම්මා ගාල්ලේ ඉන්න පුක ලැල්ලේ කොල්ලෙක්ව

      Delete
  10. මල් 7 යි කතාව නම් ඇත්ත......එත් ඉතින් අපේ ගෙදර නම් සුපර් මාකොට් ගියාම බඩු තොරන්නෙත්,උස්සන් යන්නෙත්,බිල ගෙවන්නෙත් එයා.....ගොඩක් වෙලාවට මන් සුපර් මාකොට් යන්නෙත් නෑ... අනේ වාසනාවන්! මේ ඒක නෙමේ දේශිකා මේ ලිපිය කියෙව්වද ඉදගෙන :B

    ReplyDelete
    Replies
    1. දේශිකා මේවා කියවන්නෑ බං ඒකනේ චන්ඩියා වගේ ලියන්නේ... උඹ හරි වාසනාවන්තයි එච්චරයි කියනන් තියෙන්නේ...

      Delete
  11. පුදුමයි දේශකයා යනු ඇන්ඩෙකි.

    ReplyDelete
    Replies
    1. මොකක්ද මේ ඇන්ඩ කතාව ගයනි.. මට ඒක තේරෙන්නේ නැහැ...

      Delete
  12. මගේ ක්‍රමේ පාවිච්චි කරහන්,,, ගැනිව කඩේ යවල ළමයි බලාගෙන ඉන්දහන්. . . හීනියට ෂොට් එහෙකුත් දාගෙන ළමයට මැක් කින් කාර් කතාව දාල දුන්නම හරි.ඇවිත් ටිකක් අරක මේක කියයි.. නෑහුනා ගානට ඉන්දහන් /////

    ReplyDelete
    Replies
    1. උඹ විකාර කියනවා. ගස් බදීවි... උඹ නං කියාවි..

      Delete
  13. මේක තමා භියකරු සත්‍ය බොල .... අප්‍රිකාවේ වහල් සේවය මීට හොඳයි මගේ හිතේ... මාත් වැඩේට අත ගහන්න ඉන්නේ ... :(

    ReplyDelete
    Replies
    1. උඹ අත ගැහුවට කමක් නෑ බොල.. අපිට වැඩිය දුර යන්න එපා හරිය...

      Delete
  14. දේශිකා මේවා නොකියවන ඉන්දම හොදා නැත්නම් බොලාගෙ අවසානෙ තමා. ඔහොම පීචන් වුනත් ඒවා මෙ අපි වගෙ හංගන් ඉන්න ඕන. ;-)
    මෙ ඇත්තටම දේශකයො බොලා පාරෙ තොටේ යත්දි ඇස් දෙක කොහෙ තියන්ද යන්නෙ??

    ReplyDelete
    Replies
    1. හිත කීරි ගැහෙන කතා කියන්න එපා බොල.. මවිල් කෙලින් වෙනවා කන්න වෙන කෑම මතක් උනාම හැක්...

      ඇස් ඇරන් යන එක කොයි තරං හොද දෙයක්ද බං

      Delete
  15. මම නම් බඩු මලු උස්සන්න තියා කඩේ ඇතුලටවත් යන්නේ නැ. උන්දැ ගොහින් ආවට පස්සේ පටවාගෙන ගෙදර ගිහින් දානවා. දෙයියනේ කියලා තේ එක ඇඳ ළඟටම එනවා. මට ලනුව දාන්න කලින් මම නැන්දම්මයි දුවයි දෙන්නගෙම නහ විද්දා.

    එකටත් එක්ක අපේ ගමට අල්ලපු පොඩි ගමක් තියනවා.මිනිස්සුනම් කියන්නේ ඒ ගමේ පිරිමි වැසිකිලි යන්නත් අවසර ගන්න ඇත උස්සගෙන ඉන්න ඕන කියලා.


    itnishantha

    ReplyDelete
    Replies
    1. සැප්තැම්බර් 25 න් පස්සේ මොන මලදානයක් වත් කරල නෑ උඹ. අඩේ ඒ ගමේ කොල්ලෙක්ද මං එතකොට...

      Delete
  16. අපේ අප්පුච්ච කඩේ යන්න කලින් ගෙදරදිම ගාන ඉල්ලන් පර්ස් එකට දාගන්නවා. බඩු අරන් ගෙදර ආපු ගමන් අම්ම පර්ස් එක උදුරන් ඉතුරු සල්ලි ගන්නවා.. ඒ ක්‍රමේ හොඳා... කාටවත් පේන්නෙත් නෑනේ ;)

    ReplyDelete
    Replies
    1. සික්කරට් එකක්.. එතකොට පාරේ යන මේ වගේ අපතයොන්ගේ කරදර නැහැ නේ බං. නේද??

      Delete
  17. අනේ මන්ද බං.. මට නම් මේ අත්දැකීම නෑ... අපි දෙන්නම බඩු ගන්න යනවා අඩුයි, එයා නම් එයා, මම නම් මම. එතකොට මණ්ඩලේ කචල් නෑ. අනික ඉතිං අපේ ජොයින්ට් එකවුන්ට්... කොහෙන් ගියත් එකයි....

    මචං ඔය කඩේ තේ බාග දෙනවද, නැත්නම් උඹ කවුරුහරි බීල ඉතුරු කරපු බාගයක් බොනවද?

    ReplyDelete
    Replies
    1. ඇයි බං ප්ලේන්ටි බාග දෙන කඩ තියෙනවා සමහර තැන් වල 10 යි සමහර තැන් වල අටයි..

      අපි නං කවදාවත් ජොයින්ට් ගහන්නෑ බං..

      Delete
  18. ඔහොම කියන්ඩ එපා බන් බදින්ඩ බය හිතෙනව අපිට :D

    ReplyDelete
    Replies
    1. බය වෙලා බැන්දම තමා හරියන්නේ.. හැක්..

      Delete
  19. හයියෝ මටනම් වෙන්නේ ඔය වැඩේ අනික් පැත්ත. මාස එකහමාරකට විතර සැරයක් සුපර් මාරකැට්ටුවට ගෙහුං අර ලොකු ලොරි නෑ නෑ ට්‍රොලි දෙකක් පුරවනවා අපේ ඇත්තී. එයා ඉස්සරහින් යනවා මම බෝයියා වගේ පස්සෙන් යනවා. ගෙවන කවුන්ටරේ ලඟදි ට්‍රොලි දෙකම මට දීලා එයා අයින් වෙනවා. අනේ මම ඉතිං ඇඟේන් ඇටකටු ගලවනවා වගේ දුකෙන් පෝර්ස් එකෙන් කොස්කොල වගේ එව්වා ඇදලා ගෙවනවා. කීයද ගාන? නෑ එක්කෝ එව්වා ඕනේ නෑ.

    ReplyDelete
    Replies
    1. විචාරක බාගෙට කියල නැවැත්තුවට කිසිම ආතල් එකක් නෑ.. කලින් ඒවයේ විචාරකගේ ප්‍රතිචාර හැම එකම වගේ හරිම වැදගත් උනා.. සමහර දේවල් මතක් කර ගන්න..

      Delete
    2. //අනේ මම ඉතිං ඇඟේන් ඇටකටු ගලවනවා වගේ//
      වදකාගාරවල ගේම් දෙනකොට, 83 දෙමල මිනිස්සුන්ට වද දෙනකොට සිම්පල් නේද බොලාට.

      Delete
    3. එතකොට ඒවා හිතුන්ණැ නේ බං.. කාවෝ..

      Delete
  20. පිරිමින්ට වෙන අසාධාරණ ගැන බ්ලොග් පෝස්ට් සීරීස් එකක් ලියන්න හිතෙනවා. කෝ අත උස්සලා කැමැත්ත පෙන්නපල්ලා බලන්න.

    මේ ලඟදි මම ලිස්ට් එකක් ලියලා බැලුවා. 28items and counting
    එක්කෝ ඕනෙ නෑ බං නිකං ලෙඩ දාගන්න.

    ReplyDelete
    Replies
    1. ඒ පාර අනිත් එකා. කතාකරහල්ලකෝ බං මේ අසාධාරනය ගැන..

      Delete
    2. හෙන්රියෝ ලියහන් පුතා මමත් සපෝර්ට්

      Delete
    3. සාහසික ලෙස පහර දීලා මාව ගෙදරින් එළියට දැම්මොත් මොකද බං මගියා කරන්නේ? එක්කෝ ඕනෙ නෑ බං.

      Delete
    4. උඹට එහෙම කරදරයක් වෙන්නෑ අපි නොදන්වැයි මිසිස් හැන්රි ගැන.. ඔන්න ලියපං ලිස්ට් එක...

      Delete
  21. මටනම් ඔහොම ප්‍රශ්න නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකටත් එක්ක අපි... හැක්

      Delete
  22. මම ඔය පරිප්පු දන්න නිසා.. බොහෝම කළාතුරකින් තමයි එයැයිත් එක්ක ෂොපින් යන්නේ.. නැත්තන් ඉතින් එලියට වෙලා කෑලී දිහයි.. කෑලි එක්ක යන හරක් දිහයි බලාගෙන සංසාරේ කොච්චර දුකක්ද කියලා භාවනා කොරනවා..

    ReplyDelete
    Replies
    1. උඹට ඉරිසියයි නේද පාරේ යන කෑලි දැක්කම සෙවල හලං ඉන්නේ.. හැක් හැක්.. ලැපා ගොඩද නැත්නං ලඩියද තාම...

      Delete
    2. ලඩියෙන් වැඩ.. ඒක ගොඩ ගන්න බෑ මචෝ..

      Delete
    3. අළුතින් කිරි ටොයියෙක් ගන්න සුදු වදුරෙක් හැල්ප් කරන සේක්වායැයි පතමි.

      Delete
  23. මාත් බැලුවා අර අහිංසක බුරු බබා මොකද කලේ කියලා. බලාගෙන ගියාම එයා නෙමෙයිනේ....

    අපිට නම් ඉතින් ඔය ප්‍රශ්න නෑ. ගන්න ඕනේ බඩුව ගත්තා. සල්ලි ගෙව්වා ගෙදර ආවා. හිටි ගමන් ඔය කන්න බොන්න ගියාම නම් මහත්වරු බිල් ගෙවනවා. නැත්නම් කොයි කවර කාලෙත් ගකඩේට ගිය කෙනා බිල් එක ගෙව්වා.
    ලේසියි පහසුයි.

    ReplyDelete
    Replies
    1. මම හිතුවා බුරු බබා අහුවෙයි කියල මේකට නං..

      බුරු බබා වගේ අය බුරු පුතාලට නොලැබෙන එක නේ අවුල...

      Delete
  24. පාට්නර්ට කිට්ටු කරලා ඔන්න මමත් දැම්මා කොමෙන්ටුවක් එහෙනං...අපි ඉතිං තාම සූටි ඈයො නිසා ඔය හබියලට වෙන අකටයුතුකම් ගැන දන්නෙ නෑ බොලං...දන්න ඇත්තො අපිටත් කියවන්න ලියුවනං...

    දේශකයා දේශිකාට සෑහෙන්න භයයි වගේ...

    ReplyDelete
    Replies
    1. බයයි කියන්නේ බං.. (උඹ මේලක් දාපං මන් බය ගැන විස්තර කොරන්න)

      උඹලට මේවා හොද පාඩං බදින්න කලින්ම බය වෙලා හිරගත වෙන්න...

      Delete
  25. හරිම අපරාදයක් නේ වෙලා තියෙන්නේ.. :D පව් නේද බූරු පුත්තු.. ගෑනු එහෙම තමා. අරපරිස්සමට වියදම් කරන්න ඉගෙන ඉන්නේ.නැත්නම් පිරිමි සුපර්මාර්කට් ගිහින් ඕනේ එකයි එපා එකයි හැමදේම දාගන්නවා කරත්තෙට.. :D

    ReplyDelete
    Replies
    1. මෙන්න පුංචි කියන කතා. අපි ගියාම අවශ්‍ය දේ විතරයි අරන් එන්නේ. ගෑනු අය ගියාම එපා දෙපා නොපා හැමදේම අරගන්නවා පැය ගණන් ගිහිල්ලත්. එක කඩේක අවශය දේ විතරක් ගන්න දැක්ක පලියට මිලදී නොගන්න කියල බවලතුන්ට විශේෂ මතක් කිරීමකුත් කරල තිබ්බා. බුරු පුතුන් ගැන දුක තමා..

      Delete
  26. සිද්ධි ටික නම් ශෝක්... ගෑණු අයගෙ අරපරිස්සම ඔහොම තමයි...

    ඔන්න අපිත් මේ පැත්තට ගොඩවැදුනා ...

    ReplyDelete
    Replies
    1. වෙල්කම් තුෂානි

      අර පරිස්සම ඉතිං අපිට විරුද්ධව නේ ඒකයි දුක..

      Delete
  27. ඔය සින් එකේ අනිත් පැත්ත වෙලා තියෙන්නේ මේකා ගු බයයි දෙශිකා ට

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න ලැජ්ජ වෙන්නෙ මොකටෙයි මහත්තයෝ බොරලු.. එහෙම තමා..(උඹ හරියට කියවල නෑ වගේ පේනවා..)

      Delete
  28. හෑ? ෂික් දිනේෂ් අයියා එක්ක ගිය ගමන් දෙකතුනෙදි ඔහොම වුණේ නෑ නේ. ඔක්කම බිල් ගෙවුවේ එයා. මම බලන් හිටියා. අනික් දවසේ එයාගේ වොලට් එක ඉල්ලගෙන මගේ හැන්ඩ් බැග් එකේ දාගන්න ඔනේ ^_^ ^_^ ^_^

    ReplyDelete
    Replies
    1. ඇහ්, මොකක් කිවුවා.. අම්මපා දේශකයෝ, මං ලියන්න ආව එක අමතක වුනා බං මේක දැකලා..

      Delete
    2. @ මදාරා

      දැනට එහෙම තමා. දිනේෂ්, ඉදිරියේදි උඹට තනිකරම මදාරාගේ හැන්ඩ් බෑග් එකේ තමා ඉන්න වෙන්නේ.. පරිස්සන් වෙයන් ළමයා.. මේකි වසයි..

      Delete
    3. @ දිනේෂ්

      මෙහෙම එක තැනදිම දෙන්නටම උපදෙස් දෙන්න ලැබෙන අවස්ථා කොයි තරං අඩුයිද?? උඹ අහු වෙන්න එපා ඕකිට. උඹව දනගස්සාවි.. හැක්..

      Delete
  29. මටත් එක දා ගන්න.

    ReplyDelete
  30. දැං උඹ ඔය ඔක්කොම කරන අතරෙත් අනුං කරන්නෙ මොකක්ද කියල හොයල තියෙන එකේ බොට ඔය බඩු තෝරන්න දුන්නනං මොන බඩු තෝරගෙන යයිද කියල සාධාරණ සැකයක් ඇති දේශිකා ට. ඒකයි ඔය තරං බලපෑමක් තියෙන්නෙ.

    එතකොට ඔය සුපර්මාරකැට් එකේ බාර් එකෙන් ගන්න බෝතලේට ගෙවන්නෙත් එයාමද, ඔවු හිටගෙන....

    ReplyDelete
    Replies
    1. බඩු තෝරන විදිය නෙමෙයි බං වැඩි ගණං වල බඩු තෝරගන්න එක තමා අවුල්... ඇයි හත්දෙයියනේ රුපියල් පනහට ගන්න තියෙන එකට මම දෙසීයක් විතර වියදං කරනව නෙව..

      අපි යන ධාර්මික සුපර් මාරකැට්ටු වල ඒවා නෑ. මේ ගොඩක වෙල ඒවා නෙමෙයි සුචරිත ගම්..

      Delete
  31. මටත් ආසයි අනේ බුරු බබෙක් වෙන්න

    ReplyDelete
    Replies
    1. වැරදුනා බුරු පුතෙක්

      Delete
    2. උඹ වරද්දල හරි ඒක හදාගත්ත එක ලොකු දෙයක්.. අනික උඹත් කවදා හරි බුරු පුතෙක් ම වෙන්න කියල පතනවා ඇර වෙන සැපතක් මට තියේද.. හැක්..

      Delete
  32. බය කරන්න එපා බං අහිංසක අපිව.

    ReplyDelete
    Replies
    1. උඹ මොකටෙයි බං බය වෙන්නේ.. බය ඇති වෙලාම තියෙද්දී.. කාලෙකින්.. අඩු ගානේ වෙච්චි දේවල් සේප් එකේ කියල දාන්නවත් එපැයි බං...

      Delete
  33. වෙලාවට කවුරුවත් දන්නෑ මගෙ සීන් එක. අහන්න එපා....කියන්නේ නෑ මලාට ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹටත් පුතේ දැනටම ඒවා අපි වෙන් කරල තියෙන්නේ.. දවසක් ඒවිනේ කට ඇරෙන... හැක්..

      Delete
    2. ගේ සීන් එකක්ද ...?

      Delete
    3. අල්ලපු ගේ සීන් එකක් වෙන්න ඇති බං.. මූ හොද ගමේ කොල්කේ නේ...

      Delete
  34. මොනවා කියුවත් ගෙදර දොර මුදල් පරිහරනයෙදි කාන්තාව ඉදිරියෙන් . ඒකනෙමෙයි සුපර් මාකට් එකේ රෙදි පිලි කොයින්ද බන් ?

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව ඒක තමා බං.. අපි දන්නේ වියදං කරන්න විතරයි.. සුපර්මාර්කට් කිව්වම උඹ හිතුවේ අර කාරිගිලිස් කියලද නැහැ බං ජම්බෝ ෂෝප්ස්...

      Delete
    2. හරි හරි මට හිතුන ඒ උනාට මම හිතුවේ පොදු සුපිරි වෙළඳ සැලක් උදාහරනයට ගත්තා කියලා

      Delete
    3. නැහ් බං උඹ කිව්ව හරි. මමත් මැදහත්ව කියවල බැලුවම උඹ කිව් අදහස තමා එන්නේ.. මචං දැං තියෙන ෂෝප් වල ඔය හැම මගුලම ඔබල තියෙනවා නෙව එක එක නං වලින්. මොකටද නං කියන්නේ ඒකයි එහෙම දැම්මේ. තැන්කුයි විමර්ශනයට..

      Delete
  35. මමත් අපේ එක්කෙනා එක්ක ෂොපිං ගියාම ඔයා ගිහින් බඩු ටික ගන්න මම ටිකක් අවිදලා එන්නම් කියලා ඇටම ඒ අවස්ථාව දිලා දානවා. එව්වා එහෙම තිමයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒවා හොද පුරුදු දයා...

      Delete
  36. මගේ ඔය ඔලුවෙ කැල්කියාලේටරේ වැඩ කරන්නෙම නෑ නේ අප්ප... හි හි... මට එහෙම දඩිබිඩියෙ ගනං එකතු කරන්න බෑ... ඒක නිසා මං සල්ලි දුන්නත් ( කොහොමත් මගේ ගාව තමයි සල්ලි තියෙන්නෙ.. ආයිත් ඉතිං ඔය ඩිස්කවුන්ට් කාඩ් අනං මනං ඔක්කොමත් එයාගේ නමට තිබ්බට මගේ පර්ස් එකේ තමයි රජ කරන්නෙ... හි හි) එයා තමයි ගාන හදාගන්නෙ...

    ඔය දේශකයට තියෙන ලෙඩේම තමයි මට තියෙන්නෙ.. මං ඔය ගනං අඩු එවා හොය හොය ඇවිදින්න මහ කම්මැලියා නිසා අතට අහුවෙන එක අරං එනව... එයා එහෙම නෙවෙයි.. අප්පේ තෝරලා බේරලා, ඇනලා පුළුවන් නං හපලත් බලල අරං එයි.. අම්මගෙම පුතානෙ... හි හි

    ReplyDelete
    Replies
    1. ඒකටත් එක්ක අපේ එකී.. අයි7 ප්‍රොසෙසර් එකක් හයි කරල වගේ තමා ගනං හදන්නේ..

      මට නං කවදාවත් බැහැ බං අඩු ගානේ එකක් ගන්න අත නැමෙන්නෙම නෑ.. ඒක පුදුම ලෙඩක්..

      Delete
  37. අන්න ඒකට අපේ හාමිනේ.. බඩු හබඩු ටික කරත්තෙට දාල ඊට ඉස්සරහින් එලියටම ගිහින් මායි කොල්ලයි බඩුත් පටෝගෙන සල්ලිත් ගෙවල එනකල් ආතල් එකේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒ ඇත්තිට ඉතිං මහත්තයගේ මරුමුස් මූන දැක්කම පලාතක ඉන්න හිත දෙන්නේ නැතිව ඇති.. හෝව්. වෙන මොකක්වත් නෙමෙයි පර්ස් එකේ සල්ලි ටික හිදෙන එකට තරහ යන නිසා.. හැක්.. මොකද අනේ මුණු පොත පැත්තේ නේන්නේ... අපිට මොනා හරි හප හප ඉන්නවත්...

      Delete
  38. //පිරිමි කියන්නේ දුර්වල ජාතියක්!!!//
    ඔය එන්නෙ එලියට! ඕක හදාගන්න ඕන අවුලක් රජෝ! අපි බ්ලොග්වල මොනව කිව්වත් පුරුෂාධිපත්‍ය රැකගන්න ඕන. මම නං මේ තාක් සාර්තකයි.

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ මේ අහිංසක විදියට දෙන දෙයක් කාලා හාලා ඉන්න එක නැති කරගන්න කියලද විහිං.. මට නං බෑ හැක් හැක්

      උඹේ හැඩි මූන දැක්කම කාන්තාවෝ බිරන්තට්ටු වෙන එක අහන්න දෙයක්යැ. අපි එහෙමයැ හරියට ලාමක ටිං ටිං වගේ කොල්ලෝ නෙ...

      Delete
  39. තනිකඩ ඉන්න කාලේ වත් ඉන්න ඕනේ රජෙක් වගේ

    ReplyDelete
  40. බහුතරයක් බූරු ජනතාවද බං?

    සුපර් මාකට් / ෂොප් වගේ ඒවයෙන් එළියට එද්දි දොර අරින්න, වැස්ස වෙලාවට කුඩේ ඉහළගෙන ගිහින් වාහනේ දොර ඇරළ දෙන්න වගේ ඒවට මම මැළි වෙන්නෙ නැහැ. මොකද එයා ටැංකූ කියල හරි කියල ඒ වැඩේ අගය කරන නිසා.

    දේශකගේ මේ කතාව බොහෝ අයට සාධාරණව යෙදෙනවා. සල්ලි නැති දවස්වලට එයා මගෙ අතේ හොරෙන් සල්ලි තියල තියෙනවා ටිකට් ගන්න. හැබැයි ඉතුරු සල්ලි මම පස්සෙ දෙනවා ;)

    :))

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ මේක උඹ හොද එකෙන්ම කියවපු විත්තිය තමා... බහුතරයකට සාදාරණ කතාව මේක තමා බං උඹ හරි..

      හැබැයි මම ඒක අඩුපාඩුවක් විදියට දකින්නෑ කස්ටිය කිව්වත් වගේ ගෑනියෙක්ගේ මුදල් පරිපාලනය හා පිරිමියෙක්ගේ පාලනය අහසට පොලව වගේ..

      Delete
  41. මචෝ......හැමෝම පලවෙනියා වෙන්න හදන එකේ මම ට්‍රයි කරා අන්තිමයා වෙන්න......මචං මටනම් ඔය කඩේ යන ලෙඩේ මාට්ටු වෙන්නේ නැහැ. මම ඕවාට නැහැ. ඒවා එයාගේ වැඩ. මම ගෙදර උයන වැඩේ කරනවා. කිසි කරදරයක් නැහැ. මම ආසයි. මට ලේසීයි.

    ReplyDelete
    Replies
    1. අන්න නියම කොල්ලෝ... එළ කිරි... පළවෙනියද අන්තිමයද කියන එක වැදගත් නැහැ. මම ලියන අජරාමර දේවල් උඹල කියවන එක ගැනයි මට සතුටු බං.. මේ වගේ ප්‍රතිචාර දුන්නම ඒ සතුට දෙගුණ වෙනවා..

      Delete
  42. හෙන ගහපන් කැල් එකකින් ගණන් හදාපන් කිව්වලු

    ReplyDelete
    Replies
    1. ඕක හැම තැනම කිය කිය යන්න එපා බං... තරුවෝ... හැක්..

      Delete
  43. අපි නම් වියදම් බෙදගෙන තියෙන්නෙ. එයාට තියෙන දේවල්වලට එයා ගෙවනවා. මට ඕන දේවලට මං ගෙවනවා. හැබැයි මං හිතන්නෙ මට වියදම් වැඩියි. සුඛෝපබෝගී කෑම, සුපර්මාකට් බඩුවලට ගෙවන්නෙ මං.

    ReplyDelete
    Replies
    1. හොද ටික ඔයා තියාගෙන නේහ්...

      Delete
  44. මම හිතාගෙන හිටියේ ලංකාවේ වහල් සේවය නැහැ කියලා...

    ReplyDelete
    Replies
    1. මේක මේ උවමනාවෙන්ම කැපවීමෙන් කරගන්න සේවයක් නෙව

      Delete