පහුගිය දවස් වල තමන්ගේ පාඩුවේ බොහොම රහසිගතව සමාජ සේවය කරමින් උන්න දෙන්නෙක්ගේ කල්කිරියාව සමාජ මාධ්‍ය වලට අහු උනා. පේනවා නේ සමාජ ජාල වලට හොර බොරු කරන්න කොහෙත්ම බෑ. හොරෙන් හොද වැඩක් කරත් බේරෙන්න බෑ. ඉතිං මේ සමාජ සේවකයන් දෙන්නට වෙච්චි අසාධාරණේ නිසා මම තීරණය කලා ඒ වගේ රහසිගතව තම සමාජ සේවා කටයුතු කරන අයගේ අනාගතය සුරක්ෂිත කරන්න යම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. නැත්නං කාටවත් කරදරයක් නැතිව තමන් ධාර්මිකව හොයාගත්ත මුදලින් දුප්පත් මිනිස්සුන්ට, පන්සල් වලට උපකාර කරන අයව සමාජ ජාල වල සීඅයිඩී ශාඛාවට අහු වෙන්න පුලුවන්. මෙන්න මේ පහත තියෙන කරුණු අනුගමනය කර තමන් හා තමන්ගේ පිං අතේ වැඩ සමාජ මාධයයට නිරාවරණය වීම වළක්වා ගන්න.
අංක 01
කිසිම විටෙක ඡායාරූප ශිල්පීන් රැගෙන නොයන්න. මොකද මේ අය සල්ලි වලට සමාජ මාධ්‍ය වලට පින්තූර විකුණන බැවිනි. එවිට ඔබ විසින් රහසිගතව සිදු කරන ලද කාර්යය කුමන මොහොතක හෝ නිරාවරණය විය හැක.
අංක 02
කිසිම විටෙක තමන් විසින් කරනු ලබන කාර්යයට අදාළව තමන්ගේ කැමරාවෙන් ජංගමයෙන් ඡායාරූප නොගන්න. ඔබ නොදැනුවත්වම ඒවා බ්ලූටූත් හරහා සමාජ මාධ්‍ය පරික්ෂකයන්ට යොමු වීමට හැකිය. එමෙන්ම කැමරා, දුරකතන අලුත්වැඩියා ස්ථාන වලද එවැනි සෝ කෝල්ට් සමාජ මාධ්‍ය පරීක්ෂකයන් සිටිය හැකි බැවින් ඔවුන් එවැනි ඡායාරූප, වීඩියෝ සමාජ ජාලා වලට යොමු කරනු ඇත. එම නිසා තමන් පරීක්ෂාකාරී වීම වැදගත්ය. අලුත්වැඩියාවට බාර දෙන විට එහි මෙමරි චිපය ගලවා සුරක්ෂිතව තමා සතු සේප්පුවක බහාලන්න. නිවසේ තම කාමරයේ තිබුනද ඒවාට ළගා වීම මෙවැනි පරීක්ෂකයන්ට අපහසු දෙයක් නොවේ.
අංක 03
කිසිම යහළුවෙකුට, නෑයෙකුට පාරේදි මුණ ගැහෙන අයකුට ඔබගේ පිං අතේ වැඩ කටයුතු ගැන නොපවසන්න. මක් නිසාද යත් උප්පත්තියෙන්ම අනුන්ගේ දේවල් අවුස්සා බැලීමේ පුරුද්ද ඇති මොවුන් ඔබ ගැන විමසිලිමත්ව ඔබ කොහේ ගියද ඔබ පසු පසින් ගොස් ඔබ නොදැනුවත්වම ඔබ කරන පිං අතේ වැඩ වල පින්තූර, වීඩියෝ පැපරාසීන් මෙන් ගෙන පසුව මුදලට ඒවා සමාජ ජාල වලට විකිණිය හැක. මෙය අතිශයින්ම භයානකය. ඔබ යම් නිවසකට උපකාර කිරීමට යන විට ඔබ කාර් රථයෙන් බසින මොහොතේ පටන් සියලු දේ කැමරාවට හසු කර ගැනීමට ඔවුන් සමත්ය. ඒවා ඔබට කිසි ලෙසකින්වත් පෙනෙන්නේ නැත. මේ නිසා ඔබ විසින් රහසිගතව සිදු කරන පිං අතේ වැඩ නිකම්ම ලීක් වීමට ඉඩ ඇත.
අංක 04
පසුගිය දිනෙක ගොසිප් සයිට් වලට ලීක් වූ වෛද්‍යවරයාගේ පිං අතේ වැඩ වලට අදාළ පින්තුර පරික්ෂා කිරීමේදි නිරීක්ෂණය වූයේ ඒවා ඔහු විසින්ම ලබා ගත් පින්තුර වුවත් කිසිවෙකු විසින් ඒවා සොරෙන් ලබා ගෙන ඊට සරිලන ලෙස කතාවක්ද ගොතා ගොසිප් සයිට් එක වෙත ලබා දී ඇති බවය. මේ නිසා එවැනි ප්‍රසිද්ධියක් ලැබී ඇති විට වහාම අදාළ සයිට් ඇඩ්මින්ලා හට කතා කොට එම පෝස්ට් ඉවත් කර ගැනීමට කටයුතු කළ යුතුය. නැතිනම් මේවා ෂෙයාර් වෙමින් ලයික් වෙමින් රට අතේ යන අතර එයින් ඔබගේ කාර්යයන් රහසිගතව සිදු කර ගැනීමට නොහැකි වේ.
හොරෙන් කරපු හොද වැඩ ලීක් වීම නිසා දුකට පත් සියළු සමාජ සේවකයන් ආරක්ෂා කිරීම අපගේ යුතුකමකි.
This is only fun facts and not discouraging such great ppl whatsoever.
විශේෂ කාරණාවක්!
ඔබගේ බ්ලොගයට ආදා ඇති ඊමේලයට කමෙන්ට් ආ විට නොටිෆිකේෂන් එනවාද? මට එන්නැතෝ
මහා දානපති දේශබන්දු දේශක මැතිතුමා ගැන අපි කිහිප දෙනෙක් හැර බොහෝ දෙනා නොදන්නේ එතුමා මේ උපදෙස් ඒ විදියටම පිළිපදිනා බැවින්ය.
ReplyDeleteදේශශක්ති කෑල්ල අඩුයි. විශාරද කෑල්ල අඩුයි. කෝ ඒවා. හොරනේ ආයි දාහං. හැක්
Deleteමොකද කියන්නෙ. ඔහේවත් ලීක් කරන්නද? හැක්..
ReplyDeleteඅයියාට ඕන නං මං ලීක් කරන්නං මොකද කියන්නේ කැමතිය?
Delete//පසුගිය දිනෙක ගොසිප් සයිට් වලට ලීක් වූ වෛද්‍යවරයාගේ පිං අතේ වැඩ වලට අදාළ පින්තුර//
ReplyDeleteමේ මොකද්ද ? අපි දන්නෙත් නෑනෙ....
මේ එකක්.
Deletehttp://gossipclanka.com/post.php?ps=28509
මේ අනිත් එක
ඒක හොයාගන්න නෑනේ. මේක බලල මකලද මන්ද ඉදහං සුටික්කා. එන්සයිකොප්රසන්නයාට වත් කියන්නං හොයාල දෙන්න කියලා ඒක
ඉස්සර කාටුන් චරිතයක් හිටියා මතකයි, හැමවෙලේම උගේ ඔළුව උඩ මැස්සෙක් කැරකෙනවා.. ඒවගේ මේ ප්‍රියන්ත බුවාගේ වටේත් හැම වෙලේම කැරකෙන ඩ්‍රෝන් එකක් තියනවා වගේ....
Deleteදැක්කනේ. ගෙවල් වල දොර ගාවත් පැපරාසි ඉන්නවා පොර එන කොට. හැක්
Delete5.. තමංට බ්ලොග් එකක් තියනවනම් ඒකේ උඩින් තමංගෙ ෆොටෝ එක නොදා ප්‍රසන්න, දැකුම්කලු, ප්‍රීතිමත්, දීප්තිමත් මහත්තයෙක්ගේ කලාබර, රසවත් පින්තූරයක් දාන්න.
ReplyDeleteමහා දාන පති ප්‍රසන්ன මහත්තය මූව ලීක් වෙන එක වලක්වන්න තමයි ඔය පින්තූර කෑල්ල මූට පිනට දීල තියෙන්නෙ. හැක්..
Deleteඅනුන්ගේ බ්ලොග් වල තමන්ගේ පින්තූර දමන්න. ප්රසන්නොලොජි.
DeleteIs that Dhesha?
ReplyDeleteI didn't know Desha is a gem businessman.
A gem of a businessman.
Deleteගොඩකවෙල මහා දානපති දේශශක්ති දේශබන්දු විශාරද ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික ප්‍රසන්න මහතා ගැනද මේ අහන්නේ?
Deleteමූ හොඳ ගල් බිස්නස් කාරයෙක් තමයි.
Deleteඑකම වෙලාවේ එක්කෙනා කෝමද ප්‍රොෆයිල් දෙකකින් කමෙන්ට් දාන්නේ. එව්වයි ප්‍රශ්න
Deleteඒකට තමයි බං මැසිං දෙකක් තියෙන්නෙ.
Deleteඋඹටත් මැෂින් දෙකයි මටත් මැෂින් දෙකයි. කෝමද වැඩ? හැක්
Delete"ඔබගේ බ්ලොගයට ආදා ඇති ඊමේලයට කමෙන්ට් ආ විට නොටිෆිකේෂන් එනවාද?"
ReplyDeleteමටනම් එනවා..
හැබැයි අනිත් බ්ලොග් වල දාන කමෙන්ට් වලට රිප්ලයි වැටුනට මට නෝ නෝටිෆිකේෂන්... දුක තමා...
ඒවට සබ්ස්ක්‍රයිබ් කල යුතුය.
Deleteෂෝශියල් ටැබ් එකේ බලහං.
ReplyDeleteඑිම වැබ් එකක් නං නෑ
Delete:D:d
ReplyDeleteහායි නිර්මාණි කාලෙකින් දැක්කේ
Deleteමටත් මගේ බ්ලොග් එකේ නොටිෆිකේෂන් එන්නැතෝ... අනුංගෙ එව්වට සබ්ස්ක්‍රයිබ් කරපුවා එනවා
ReplyDeleteලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ වැඩක් නේ බං..
Deleteඋඹලා කවුරුහරි ආරංචියක් දන්නවද අර කළු,සුදු,උස,මිටි උම්බලකඩ වෙලෙන්දා ගැන.. උගෙ බ්ලොග් එකත් දැන් උම්බලකඩයක් වගේ වේලිලා ගිහින්...
ReplyDeleteමාලදිවැසි ඉසිවර මහතා බුකියේ සැරි සරනු දුටු අතර මා හා දැන් අමනාපයෙන් පසුවේ. මක් නිසාද යත් මට බුකි එකවුන්ට් එකක් නැති බැවිනි. මේල් එකක් ගහන්න. Will send the address
Deleteමම නම් හිතන්නේ බං දැන් ඔය පිං පව් කටයුතු සඳහන් වෙන සිස්ටම් එහෙමත් අප්ග්‍රේඩ් කරලා ඇති නේද? ඉස්සර වගේ සද්ද නොකර පිං කලාට සිස්ටම් එක අප්ඩේට් වෙන්නේ නැතුව ඇති...
ReplyDeleteඊමේල් එන්නේ නැති අවුල මටත් තිබේ.. එක බ්ලොගර් එකේ ප්‍රශ්නයක් කියල මම දැක්ක..
මොඩර්න් පිංකං.
Deleteබ්ලොගර් වල විටින් විට ලෙඩ එනවා මතකනේ කමෙන්ට් ටික නලලේ තියන කේස් එක.