Tuesday, June 12, 2018

අඟහරු වල ගඩොල්!! (Building Blocks of Life)

අඟහරු ග්‍රහයා කියන්නේ මාර ග්‍රහයෙක් තමා. ඒකේ තියෙන සමාර රහස් හරිම අමාරුවෙන් එළියට එන්නේ. කව්රුත් නොදන්නවා උනාට ලංකාවේ විශිෂ්ඨ මාධ්‍යෙව්දියෙක් වගේම ජාතිමාමක යුධ විශ්ලේෂක වරයෙක් වන අතිගරු කීර්ති වර්ණකුලසූරිය මැතිතුමා නං නාසා එකටවත් හොයාගන්න බැරි වෙච්චි ජීවය පිළිබඳ සාක්ෂි හොයාගෙන. ලංකාවට ඉමහත් ගෞරවරයක් මේ සොයා ගැනීම. නාසා එක කියන්නේ පිස්සු වලාමක්. ඒ හාදයෝ කියුරෝසිටි කියල රෝවර් හදල ඩොලර් බිලියන ගනං වැය කරල රොකට් හදලා ඒවා අඟහරුට යවලා පින්තූර කෝටි ගානක් අරගෙනත් වැදගත් තොරතුරක් හොයාගන්න බැරි වෙච්චි නාසා එක ගැන කුමන කතාද? ඒ මදිවට ගිය මාසේ තවත් රෝවර් එකක් යැව්වා නාසා එක. මට ඒකේ නම මතක නැති උනත් ඒක මාස හයකින් අඟහරු මත ගොඩ බැහැල පස් පරීක්ෂා කරනවලු. පිස්සු යක්කු. ඔව්වා කරන්න බැරි නං දීපං යකෝ කීර්ති වර්ණකුලසූරියට. තොපිට බැරි ඔක්කෝම එයා හොයල දේවි.

පහුගිය සතියේ දිවයින පත්තරෙන් තමා මේ විශ්මිත හොයගැනීම ගැන අතිගරු කීර්ති ලොක්කා අනාවරණය කරල තිබ්බේ. මේ පුවතින් සලිත වෙලා ගියපු ලෝකයට කිම් -ට්‍රම්ප් හමුව ගැනවත් හොයන්න වෙලාවක් තිබ්බේ නෑ. කියුරෝසිටියටවත් ගන්න බැරි පින්තූරයක් එක්ක කීර්ති ලොක්කා තමන්ගේ සොයාගැනීම පත්තරේට දැම්මා.

මීට කලිනුත් කීර්ති ලොක්කා පත්තරෙන් විශ්මිත සොයාගැනීම් වගයක් ඉදිරිපත් කරා යුද්ධ සම්බන්ධව. මේ වගේ අති විශිෂ්ඨ පුවත්පත් කලාවේදීන් ලංකාවේ ඉන්න එක ගැන අපි ආඩම්බර වෙන්න ඕන.




මේ ආටිකල් එක බලල බීබීසී එකත් වැරදියට පරිවර්තනය කරල දාලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.


Nasa: Building blocks of life on Mars found

Nasa says organic matter found at the bottom of a crater on the Red Planet suggests there might have been life there once. Samples of the matter were analysed by a team of scientists, including Prof Sanjeev Gupta from Imperial College London. He told Today how significant the discovery is.
  • 08 Jun 2018



ඔය බීබීසි කාරයෝ Building Blocks of Life කියන ඒවා ගඩොල් නෙමෙයි. මම බීබීසි එකටත් මේල් එකක් දැම්මා වහාම කීර්ති මැතිතුමාගේ පත්තර ආටිකල් එක හරියට කියවල වැරැද්ද හරි ගස්සන්න කියලා.


කීර්ති වර්ණකුලසූරිය සුධීමතාන්ට ජය වේවා!!

41 comments:

  1. අපි අඟහරුවන්ටත් ග(ඩො)ල් කැපීමට උපන්නෙමු.

    ReplyDelete
    Replies
    1. පුදුම වෙන්න දෙයක් නෑ, අඟහරු වල කොංක්‍රීට් හමු වුණා කිවුවොත්.

      Delete
  2. අන්න රවියනං දැනටම ඔය ගඩොල් ටික උගේ කියල ලංකාවට ගෙන්නගන්න ට්‍රයි කරනව.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං. ඒ පෝස්ට් එක දැක්කේ උඹල මේ රවියගේ ගඩොල් ගැන කතා කරපු නිසා. ඒක කලින් දැක්ක නං මේ බඩකඩිත්තුව දාන්නෑ බං

      Delete
  3. හප්පට සිරි.. පජාතයිනෙ පුතේ.... ඒ මදිවට රවුම් කරලත් දාලා.... :D

    මේල් එකක් දාලා හරියන්නෑ කෝල් එකක්වත් ගනින්...නැත්නම් BBC එක පට්ට නෝන්ඩි වෙනවා... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. කලිනුත් ඔච්චරම පජාත නැතත් ඒ වගේ ආටිකල් ගියා පොරගේ

      Delete
  4. ගඩොල් ටික රවියගේ...

    ReplyDelete
    Replies
    1. පස්සේ බං දැක්කේ ඒක. උඹගේ කමෙන්ට් එක නිසා රවි ගොයියගේ ගෙදර ගියා

      Delete
  5. තවදුරටත් විමර්ශණයෙන් ඕවා ගඩොල්ම නොව සිකුරු ලොවෙන් අඟහරුවලට ආනයනය කරපු ගොඩකවෙල බ්‍රෑන්ඩ් කොන්ක්‍රීට් බ්ලොක් කියලා හොයාගෙන තියනවා. ගොඩකවෙල මහත්තයාගේ පින්තූරෙන්ම පේනවනේ සිකුරා එක්ක ගනුදෙනු කරන බව

    ReplyDelete
    Replies
    1. වර්ණෙට හයි රෙස් ෆොටෝ එක හම්බවෙලා නෑ තාම මම හිතන්නෙ. ටිකක් සූම් කරල බලපුවාම ඔය බ්ලොක් වල ன යන්න හොඳට පේන්න තියෙනව.

      Delete
    2. ඔව්වා කොන්ක්‍රීට් ගල් වෙන්ටැති

      Delete
  6. කීර්ති ලොක්කා හොරෙන් හොරෙන් අගහරු යනවා වගේ වාර්තාකරණයට.. නැත්නම් කවුද බන් කියුරෝසිටියේ ෆොටෝ එකක් ගහලා මෙහෙට එවපු එකා.... මෙ ගඩොල් කතාව ඇත්ත වෙන්න ඕනා...

    ReplyDelete
    Replies
    1. බිල්ඩින් බ්ලොක්ස් කිව්වම බං පොඩි ළමයි සෙල්ලං කරපු ඒවා කියල නොදාපු එක කොච්චර වාසනාවක්ද නේද?

      Delete
  7. කීර්ති ගඩොල් !

    ReplyDelete
  8. තම්බිගේ මශ් රොටි කාලා ෂුප් එක බිව්වේ නැතයි?

    ReplyDelete
    Replies
    1. දැං ඒ කඩේ වහල වෙන කඩයක් දාලා ඒකේ තියෙන්නෙ චිකන් සුප්. ඒක නිසා මං යන්නෑ එතන්ට. හැබැයි දැං වෙන තැනකට යනවා පරාටයි හරක් මස් කරියයි කන්න. හැක්

      Delete
  9. ඔය මිනිහා ලියන දේ ගෙඩි පිටින් පළ කරන ප්‍රධාන කතෘ කවුද?
    පොර දිගටම සේවයේ ඉන්නවා ද?

    ReplyDelete
    Replies
    1. මිනිහා දිවයිනේ ඉන්නේ ගොඩ් කෙනෙක් වගේ. කව්රුවත් ඔව්ව බලන්නෑ. අනික දිවයින කියන්නේ ජාතිවාදි මත පල කරන වේදිකාවට එකතු වෙච්චි එක වගේ අය නෙව

      Delete
  10. මේ යකා ඇවිල්ල ජාතික සම්පතක් ( This devil coming national treasure )

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව. එක පාරක් යාපනේ ලමයින්ට 1000සීසී බයික් එකකුත් දීල තිබ්බා.
      https://www.colombotelegraph.com/index.php/mano-tittawella-in-dual-role-opposes-reconciliation-by-promoting-lies-through-his-media-house-despite-top-reconciliation-role/

      Delete
  11. ජෝන් ඩෝ කියන්නේකවුද කියල හොයා ගත්තෙත් එතුමම තමයි!

    ReplyDelete
    Replies
    1. අම්මපා. ඇත්ත
      අපි තාම හොයනවා

      Delete
  12. පිටරටක නම් මේ වගේ පිස්සු මරගාත මේ වෙද්දි අනිවාර්ය නිවාඩු යවලා....ඒත් මැස්සො ඇහිරෙන දිවයින කන්තෝරුවෙ ඉන්න උන්වත් එලවලා කොහොමැයි...නේද මාමෙ.

    ReplyDelete
  13. නිවැරදි තොරතුරු අපට ලබාදෙන එතුමාට ජයවේවා

    ReplyDelete
  14. පුදුම කීර්තියක්‌ තියෙන්නේ එතුමාට මේ දවස්වල.. :)

    ReplyDelete
    Replies
    1. මාත් බුකියේ හිටියනං මේ අල හිටෝවන තැන් වල ඔව්වා කතා කරන්නෑ. කරුමෙට බුකිය තහනං නෙව. හැක්

      Delete
  15. අම්මපා ඔය ග්‍රහයා රතු වුණේ ගඩොල් නිසා වෙන්න බැරිද? අපිත් පරිවර්තන කරන නිසා අනිත් මිනිසුන්ට දොස් කියන බයයි. මොකද වීදුරු ගෙවල් වල ඉඳන් ග(ඩො)ල් ගහන්න නරක නිසා.

    ReplyDelete
    Replies
    1. සෑාහෙන්න කාලකෙින් සුදීකව දැක්කේ. ඒක නං ඇත්ත. අපිත් පරිවර්තනය කරනවා අපිටත් වරදිනවා. ඒත් අමුතු දෙයක් නම් විශ්මය ජනකයි නම් එන තේරුම ඒ ගැන සොයාබලන එක පරිවර්තකයාග් වගකීම

      Delete
    2. පරිවර්තන කරාට කමක් නෑ. ඒත් සබ්ජෙක්ට් එක ගැන ගඩොල් බාගයකවත් නොලෙජ් එකක් තියෙන්න එපැයි නේද.....

      Delete
    3. අරූ කාලෙකින් දැක්කේ බං.. උඹගේ බ්ලොග් එකත් රෙස්ට්‍රික්ට් වෙලා. අනිවාර්යයෙන්ම පරිවර්තකයා නිර්මාණකරුවකු වීම නොවුනොත් ඔය වගේ දේවල් වෙනවා. නැවත දැකීම සතුටක් බං

      Delete
  16. මෙහෙත් දැන් ගඩොල් හරි ගනන් බං. ඔය අවුරුදු බිලියන තුනහමාරට කලින් එහේ ගඩොලක් කීයක් විතර උනාද දන්නෑ. ඒ ගැන ලියල තිබුනෙ නැත්ද එයා.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ අඟහරු වල බිස්කස් කාරයෝ හදපු ගඩොල් ගන්න කව්රුවත් නැති නිසා බිස්නස් පාඩු වෙලා ඒවා නිකම්ම තියෙන්න ඇරල. වැඩි විස්තර නාසා එකෙන් දෑම්මට පස්සේ කීර්ති ලොක්කා කියාවි බං. උඹල තාම ඉන්න එක ගැන සන්තෝසයි මචං

      Delete
  17. ඔව් මේ අපි පොඩි ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. ඔහේ බෝම්බ ගහන හැටියට ඉස්සරහට කරන්න පොඩි බිස්නස් එකක්. අඟහරු ලෝකයේ නිෂ්පාදිත අනර්ඝ ගඩොල්.. කැටයක් 50යි..

    ReplyDelete
    Replies
    1. කීර්ති ලොක්කගේ බිසිනස් එකට ගහන්න එපා බං.. හැක්

      Delete