අඟහරු ග්‍රහයා කියන්නේ මාර ග්‍රහයෙක් තමා. ඒකේ තියෙන සමාර රහස් හරිම අමාරුවෙන් එළියට එන්නේ. කව්රුත් නොදන්නවා උනාට ලංකාවේ විශිෂ්ඨ මාධ්‍යෙව්දියෙක් වගේම ජාතිමාමක යුධ විශ්ලේෂක වරයෙක් වන අතිගරු කීර්ති වර්ණකුලසූරිය මැතිතුමා නං නාසා එකටවත් හොයාගන්න බැරි වෙච්චි ජීවය පිළිබඳ සාක්ෂි හොයාගෙන. ලංකාවට ඉමහත් ගෞරවරයක් මේ සොයා ගැනීම. නාසා එක කියන්නේ පිස්සු වලාමක්. ඒ හාදයෝ කියුරෝසිටි කියල රෝවර් හදල ඩොලර් බිලියන ගනං වැය කරල රොකට් හදලා ඒවා අඟහරුට යවලා පින්තූර කෝටි ගානක් අරගෙනත් වැදගත් තොරතුරක් හොයාගන්න බැරි වෙච්චි නාසා එක ගැන කුමන කතාද? ඒ මදිවට ගිය මාසේ තවත් රෝවර් එකක් යැව්වා නාසා එක. මට ඒකේ නම මතක නැති උනත් ඒක මාස හයකින් අඟහරු මත ගොඩ බැහැල පස් පරීක්ෂා කරනවලු. පිස්සු යක්කු. ඔව්වා කරන්න බැරි නං දීපං යකෝ කීර්ති වර්ණකුලසූරියට. තොපිට බැරි ඔක්කෝම එයා හොයල දේවි.
පහුගිය සතියේ දිවයින පත්තරෙන් තමා මේ විශ්මිත හොයගැනීම ගැන අතිගරු කීර්ති ලොක්කා අනාවරණය කරල තිබ්බේ. මේ පුවතින් සලිත වෙලා ගියපු ලෝකයට කිම් -ට්‍රම්ප් හමුව ගැනවත් හොයන්න වෙලාවක් තිබ්බේ නෑ. කියුරෝසිටියටවත් ගන්න බැරි පින්තූරයක් එක්ක කීර්ති ලොක්කා තමන්ගේ සොයාගැනීම පත්තරේට දැම්මා.
මීට කලිනුත් කීර්ති ලොක්කා පත්තරෙන් විශ්මිත සොයාගැනීම් වගයක් ඉදිරිපත් කරා යුද්ධ සම්බන්ධව. මේ වගේ අති විශිෂ්ඨ පුවත්පත් කලාවේදීන් ලංකාවේ ඉන්න එක ගැන අපි ආඩම්බර වෙන්න ඕන.
මේ ආටිකල් එක බලල බීබීසී එකත් වැරදියට පරිවර්තනය කරල දාලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.
Nasa: Building blocks of life on Mars found
Nasa says organic matter found at the bottom of a crater on the Red Planet suggests there might have been life there once. Samples of the matter were analysed by a team of scientists, including Prof Sanjeev Gupta from Imperial College London. He told Today how significant the discovery is.
-
08 Jun 2018
Nasa says organic matter found at the bottom of a crater on the Red Planet suggests there might have been life there once. Samples of the matter were analysed by a team of scientists, including Prof Sanjeev Gupta from Imperial College London. He told Today how significant the discovery is.
08 Jun 2018
ඔය බීබීසි කාරයෝ Building Blocks of Life කියන ඒවා ගඩොල් නෙමෙයි. මම බීබීසි එකටත් මේල් එකක් දැම්මා වහාම කීර්ති මැතිතුමාගේ පත්තර ආටිකල් එක හරියට කියවල වැරැද්ද හරි ගස්සන්න කියලා.
කීර්ති වර්ණකුලසූරිය සුධීමතාන්ට ජය වේවා!!