අපේ ඔපීසියේ ඉන්න සමාර උන්ට පට්ට සැකයි මං හෙඩ් ඔෆිස් එකට කේලං කියනවද කියලා. ඉතිං උං එක එක ජාතියේ සුත්තර දම දම මාව චෙක් කරන්න හදනවා. එහෙම උණා කියල මං අහුවෙනවද නෑනේ. ඇයි ඒ. මං එහෙම කේලං කියන කෙනෙක් නෙමෙයි දරුවනේ. හැබෑටම ඔය සමහර උන් අහනවා “දේශා තෝ නේද එම්ඩී කාරයට අර වැඩේ අවුල් වෙච්චි එක කිව්වේ“ කියලා. මං මොන විදියෙන් කිව්වත් උංට ඇති වෙන සැකේ නං නැති කරන්න බෑ. සීයට අනුනමයක් මාව ෂුවර් උණත් සීයට එකක් අන්සුවර්. මටත් ඕන මෙන්න මේ සීයට එක අයින් කරල, සුදනෙක් වගේ පාඩුවේ ජීවත් වෙන්න. ඒත් මොන.. ටික දවසක් යනකොට මායි තව එකෙකුයි විතරක් දන්න කේස් එකකුත් එම්ඩී ගේ කනට ගියා කියල අනිත් එකාට විස්තරේ ලැබිච්චි දවසට විශ්වාසයේ ප්‍රතිසතයන් හුවමාරු වෙනවා. එතකොට ඌට මං ගැන තියන විශ්වාසය සීයට එකක් වත් නැති වෙන්නත් ඉඩ තියෙනවා. සමහර විට මං ඒක නොකිව්වට කව්ද දන්නේ කොන්ත්රාත්කාරයේ චීත්තයක් ඒක ලොක්කගේ කනේ තිබ්බද කියලා. ඒකත් සැකයක් විතරයි. කෝම උණත් දන්න එකම දේ වැඩේ පත්තු වෙලා කියන එක නේ.
මේක අපේ සමාජයේ, ගමේ, දිස්ත්‍රික්කේ, පළාතේ, රටේ, ඉන්දියාවේ, ඇමරිකාවේ හපොයි මුළු විශ්වයේම තියෙන දෙයක්. සැකය කියන බීජය. ඕක මහා භයානක දෙයක්. බුදු හාමුදුරුවො දේශනා කළේ සැකය කියන්නෙ බය නිසා ඇති වෙන දෙයක් කියායි. බය කියන්නෙත් විවිධාකාරයි. හරි හරි ධර්මදේශනාවක් කරන්න කාලේ නෙමෙයි මේක.
අපට යම් සැකයක් ඇති උණාම අපි මොකද කරන්නේ. ඒ සැකය ප්රත්යක්ෂ කරගන්න අපි සාක්ෂි හොයනවා. කොහෙන් හරි කමක් නෑ ගැටගහන්න පුළුවන් සාක්ෂියක් ලැබෙනව නං ඒක අරකට අමුණල තද වෙන්න ගැට ගහගන්නවා. ඔය වගේ පොඩි පොඩි ඇල්පෙන්ති කටු හරි ගහල සැකේ කියන බීජය ලොකු කරගන්න එක තමා සැකය ඇති කෙනාගේ අභිප්‍රාය.
බ්ලොග් වල මොනාද සැක.. අප්පචිචියේ කොච්චර සැක තියෙනවද?
අර යකා මොකක්ද කිව්වේ.
මිනිහා පෝස්ට් එක කියෙව්වද
අර ප්‍රොෆයිල් එකේ ඉන්න එකා කව්ද
මූ මොකටද මේ බ්ලොග් එකේම නටන්නේ
ඒ අතරේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමා කව්ද යකෝ ඇනෝ කමෙන්ට් දාන්නේ කියන එක. ඕක හරිම වාත ප්‍රශ්නයක්. බ්ලොග් වලි බොහොමයක් ඇති වෙන්නත් හේතුව මේ ඇනෝ කමෙන්ට්. ඇනෝ දාන එක දානවා හොස්ස ලගින් මැස්සා යන්න බැරි උන්ගේ ඇස් වලට ගම්මිරිස් කුඩු ඉහින ගානට. ඉතිං ඇඹරෙනවා. පටන් ගන්නවා වලිය. එකායි දෙකායි තුනායි. එක එක ජාතියේ උණ්ඩ හතර අතේ වදිනවා. නිකමට එබිල බලන උන්ට සෙල් වෙඩි පත්තු වෙන වෙලා හිටං තියෙනවා. බලන්න සැකය නිසා අපි කරගන්න දේ. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ටික දවසකින් මතක් වෙනවා. අඩේ මං බැන්නෙ එක දේකට අන්තිමට බැන්නෙත් වෙන එකෙකුට. තරහ උණෙත් වෙන එකෙක් එක්ක කියලා. ඔය වගේ පජාත සීන් දෙක තුනක්ම මං දැකල තියෙනවා. මෙව්ව මේ තනිකර සැකය නිසා ඇති වෙන්නේ. අර ඇනෝ දාල බැනපු එකා ලියපු විධිය, උගේ අකුරු ටයිප් කරපු විධිය අනුව හිතනවා හරි මෙන්න මේ යකා තමා ඇනෝ ඇවිල්ල අපිට කෙළවන්න හදන්නේ කියලා. ඉතිං ඉවරායි. අපේ ඔය බෝම සත්ගුණවත් ජනප්‍රිය බ්ලොග් කරුවන් උණත් කව්රු හරි එක්ක මරා ගන්න ගියාම අම්මොහ්.. කුණු වෙන්න ගහල පාරේ පිස්සු කෙළින ගානටම කුණුහරුප වපුරෝගෙන තමා වලියට එන්ටර් වෙන්නේ.
මම ඒ දවස් වල ඉදලම දන්න දෙයක් තමා. ලංකාවේ මිනිස්සු වාද කරන්න දන්නෑ කියන එක. උන්ට වාදය කියන්නෙ වලියක් ටික වෙලාවක් යන කොට. තමන්ගේ මතය අභියෝගයට ලක් වෙන කොට බියෙන් වියරු වැටෙන මේ පෘථග්ජනයින් අනිත් මිනිහගේ අම්මගේ උප්පැන්නේ ඉදල හොයල නෙලන්න ගන්නවා. ඇත්තටම වාදයක් යන්නේ යම් කාරණාවක් සම්බන්ධව නම්, ඒකෙදි වාදයට සම්බන්ධ පුද්ගලයාගේ පෞද්ගලිකත්වය ඈදා ගැනීම කොයි තරං සදාචාර සම්පන්නද කියල හිතන්න වෙනවා.
සාමාන්‍යෙයන් මං වාද වලට යන මිනිහෙක් නෙවි. අපි ණයත් නෑ බයත් නෑ හරි. ඒ උණාට මට ඔව්ව කරන්න බෑ. එක පාරක් නං අයිලාස් අයියත් එක්ක වාදයක් ගියා භික්ෂුන්ට අවලාද කීම සම්බන්ධව. මම අන්තිමට ගෙදරට ගිහිල්ලා අයිලාස්ගේ කැමරාව කුඩු කරල ආවේ. ඇයි වදේ. මං ඒ වාදෙදි පරද්දන්නමයි මිනිහා හැදුවේ. හැක්
බ්ලොග් වල ඇනෝ එන අය ටක්කෙටම හොයාගන්න පුළුවන් ක්‍රම වේදයක් තියේය කියල පොළවේ පස් කකා අපේ අයියා කෙනෙක් කිව්ව මට මතකයි. ඒකට සහයෝගය දීපු සුදු අයිය කෙනෙකුත් හිටියා. ඒත් තාම හරියටම මං ඇනෝ දාපු කමෙන්ටුවක් හොයාගන්න මුන්ට බැරි වෙලා තියෙනවා. ඒක වෙනම කතාවක්.
බොහොමයක් බ්ලොග් වල තියෙනවා අයිපී ට්‍රැකර් විජට්. ඔය විජට් එකෙන් පුළුවන් කමෙන්ට් දාන එකා, විසිටරයා ලොග් වෙන ලොකේෂන් එක ආසන්න වශයෙන් හොයාගන්න. සමහර විට අයි පී ඇඩ්රස්එක අනුව එන්නේ මොන කම්පැනියෙන්ද කියල උණත් හොයන්න පුළුවන්. එහෙම හොයාගන්න එක හරි වැදගත් සැකයෙන් ඉන්න අයට. ඉතිං ඒ සැකයෙන් ඉන්න අය අරවා මේවා දාගෙන එක එක සොෆ්ටවෙයා කෑලි ට්‍රේස් කර ගෙන සෑහෙන්න මහන්සි වෙලා හොයනවා ඇනෝ දාපු එකා මොකාද කියලා. ඒ අයට හොදනං අපිට මොකද නෙහ්.
අනේ ඉතිං මම ඔය කිසිම දෙයක් නොදන්න මනුස්සයා වෙච්චි, මගේ එකේ ඇනෝ කමෙන්ට් දාන පිංවතුන් කව්ද, කොහෙන්ද එන්නේ කියල හොයාගන්නවත් මං දන්නෑ. අයිපී ට්‍රැකර් ඒවා මේවා මගේ පාවිච්චියකුත් නැති නිසා සමහර පිංවත්තු නං ඇවිත් බැණලත් යනවා. මට බැන්නට කමක් නෑ. අනිත් අයට බැනල වගේ මට හිතෙනවා නං මං ඒවා මකල දානවා. එන්නෙත් ටික දෙනයි. ඒ එන ටික දෙනාගේ සුමුදු හිත් රිදෙව්වම ආයි ඒවිය මගේ බ්ලොග් එක පැත්තේ. අන්න ඒ උදාර සිතුවිල්ල නිසා මං ඒ වගේ කමෙන්ට් නං මකල දානවා. නැතිනං එව්ව මකන්න යන්න තරං මට උවමනාවක් නෑ. අනිත් කාරණේ තමා බ්ලොග් එකක මොන මානසිකත්වයක් යටතේ උණත් කමෙන්ට් කරන හැම කෙනාම මිනිසුන් විදියටයි මම සලකන්නේ. ඉකොනොමැට්ටා කිව්ව විදියට තාම සිංහලෙන් කමෙන්ට් දාන බොට්ල ඇවිල්ල නැතිව ඇතෙයි කියල සාධාරණ සැකයක් මට තියෙන නිසා මගේ බ්ලොගයට වැටෙන සියලු කමෙන්ටු මිනිස් අත් දෙකකින් යොදපු (අළුත් විදියට නං මිිනිස් කටකින්) කුඩා හෝ මහන්සියක් ගෙන යොදපු කමෙන්ටුවක් බවට මම සලකනවා. ඒ හේතුව මත බ්ලොගයට වැටෙන හැම කමෙන්ටුවකට ගෞරවයක් මගේ හිතේ තියෙනවා. ඒක නිසා ප්‍රමාද උණත් සියලු කමෙන්ටු වලට උත්තර දෙන්නත් මං වගකීමකින් කටයුතු කරනවා. කමෙන්ටු ලැබුණා කියා නොදැන බොහෝ කල් ගත වී දැක්ක කමෙන්ටු වලට උත්තර දෙනවා අඩුයි උණත් සෑම කෙනෙක්ම යොමු කරන කමෙන්ටුවක වටිනාකමක් තියෙන නිසා ඒ වටිනාකමට මගේ ගෞරවයත් ලබා දෙනවා.
ඒ මොනව උණත් වෙන කෙනෙකුගේ ගෞරවය නැති කරන කමෙන්ටුවක් අපහසුවෙන් උණත් එක පාරින්ම ආයි කොනක්වත් හොයාගන්නම බැරි වෙන්න මකල දාන එක මගේ සිරිතක්. ඒක නිසා හොද පුතාලා, දුවල, (ඒකත් සැකයි) ඇනෝ කමෙන්ට් දාන කොට අපි ගැන පොඩ්ඩක් හිතල කමෙන්ට් කරන්න. අපිත් මේ බ්ලොග් ලියල මහ ලොකු ගාණක් හොයන්නෑ නේ. ඔයාලත් එහෙමයි කමෙන්ට් දැම්ම කියල මහ ලොකු ගාණක් අතට එන්නතේ නෑනේ. ඒක නිසා අපි සහයෝගයෙන් ෆිට් එකේ ඉමු බබෝ.
පළි - අටෝරාශියක් වූ මගේ ඊමේල් වලට ඊයේ දින පැමිණ තිබූ එකම ඊමේලය දැක මෙම පෝස්කටුව ලියා තැබුවෙමි. කෝකටත් කියා කඩවසමය ෆුල් චාර්ජ් කොට අතේම තියාගෙන සිටිමි.. හැක්