Thursday, August 17, 2017

බරවා!!

මම හිච්චි පුතා කාලේ, ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ, ඒ කියන්නේ පාසැලේ හතර, පහ වසර වල ඉන්න කාලේ, ඒ කියන්නේ.. ඔව් ඔච්චර කියන්න ඕනිකමක් නෑ ඉස්කෝලේ යන පොඩි කාලේ කිව්ව නං මදෑ.

අපේ පවුලේ තුන්දෙනෙක් ඉන්නවා. මල්ලිලා දෙන්නයි මමයි. මම පන්තියේ පහේ විතර ඉද්දි, ලොකු මල්ලි තුනේ. බාලයා එකේ. හිටි ගමන් එක පාරට උදේ පාන්දර ලව්ස්පීකරයක් පරණ කාර් එකක බැඳගෙන බක බක ගාලා මොනාද කියනවා මෙලොව දෙයක් තේරෙන්නේ නෑ. රෑට එනවා. සියළු දෙනා ඉන්න. සහයෝගය දෙන්න. තව බර වචන වගයකුත් කියනවා ඒවනං ඒ කාලෙත් තේරෙන්නෑ. ඉස්කෝලේ ගිහිල්ල ආවම හොදට කාලා සෙල්ලං කරල ආයි හවස තේ බීල, පොතක් පතකුත් අම්මගේ වදේටම බලල ආයි රෑටත් කෑම කාලා නිදාගන්න කියල සුදානං වෙනවා. ඒත් වෙනද වගේ අම්මට කිසිම උවමනාවක් නෑ අපිව නිදි කරවන්න. පාරෙත් වෙනද නැති එක එක සද්ද ඇහෙනවා. අහල පහල ගෙවල් වල හයි හයියෙන් කතා වෙනවා. ඒ වගේ දේවල් ටිකක් අමුතුයි නෙව. 

“අම්මේ.. නිදි මතයි“

“පොඩ්ඩක් හිටිං දරුවෝ. දැං පීඑච්අයි මහත්තයා එනවා“

“කව්ද අම්මේ ඒ“

“ඒ මහත්තයා එන්නේ ඉස්පිරිතාලෙන්“

“ඒ මොකටද අම්මේ“

“මොකටද ඉතිං අපේ ආරක්ෂාවටම තමා. ඒ ගොල්ල එන්නේ ලේ පරික්ෂා කරන්න“

“ලේ පරික්ෂා කරනවා කියන්නේ මොකක්ද අම්මේ“

“ඔය එන්නේ බරවා වලට. ඇවිල්ල කටුවකින් ඇගිල්ල විඳල ඒ ලේ අරගෙන පරි්ෂණයට අරන් යනවා. ඊට පස්සේ බලල තමයි කියන්නේ බරව තියේද නැද්ද කියලා“

“කොහාටෙයි අම්මේ විදින්නේ“

“උඹගේ ඔය මැද ඇඟිල්ලට“

“අනේ මට බෑ අම්මේ එතකොට රිදෙයි නේ“

“පැහෙන්නැතිව ඉඳිං. ඕක වැඩිය රිදෙන එකක් නෙමෙයි“

ෆයිල් එකක් අතින් ගත්ත අපි හැමදාම දකින ග්‍රාම සේවක මහත්තයයි, හං බෑග් එකකුයි පොඩි පෙට්ටියකුත් අතින් ගත්ත කවදාවත් දැකල නැති පීඑච්අයි මහත්තයයි, තව නොදන්න දෙන්නෙකුයි අපේ ගේ දොරකඩට එනකොටත් අපේ අම්ම නං පුල පුලා බලා හිටියේ.

“ආ එන්න මහත්තයා. වාඩි වෙන්න“

“හ්ම්.. මේ ගෙදර කී දෙනෙක්ද?“

“පොඩි ළමයිනුත් එක්ක පහයි“

“හරි ළමයි ටික ඉස්සෙල්ල විඳිමු“

“ලොකු පුතේ“

විදිනවා කියල ඇහෙන කොටත් ඒ කාලේ සර්වාංගේ හීතල වෙලා යන්නේ. මොකද ඉස්පිරිතාලෙදි ඔය ලේ ගන්න විදින කොට අපි වගේ පොඩි ළමයි කෑ ගහන සද්දේ අහල තියෙන නිසා මට නං හිතුනෙම මැරෙන්න කලින් තියෙන අන්තිම වේදනාව ඕක තමා කියලයි. සමාර ළමයි දුවන කොට අම්මල, තාත්තල ඉස්පිරිතාලේ වටේ දුවල ළමයා අල්ලගන්න කොට නර්ස් නෝනා ඒ අම්මලට බර වචන වලින් ඉන්ජෙක්ෂන් විදිනවා. ඉන්ජෙක්ෂන් එකක් විදිනවා කිව්ව ගමන් අපි නං ඒ දවස් වල සුවච කීකරු ළමයි. හැක්.

අම්මා මට කතා කරන කොට මම අම්මගේ පිටි පස්සට වෙලා බයේ හැංගි හැංගි හිටියේ. මේ වෙන කාරනේ හරියටම දන්නෙ නැති උනත් මොකක් හරි විදීමක්, රිදිල්ලක් තමා ආයේ දෙකක් නෑ කියල තව තවත් අම්මගේ පිටිපස්සට වෙලා ඉන්න කොට, අම්මා මාව අතින් ඇදල තල්ලු කරා පීඑච්අයි මහත්තයා ගාවට. මරන්න එක්ක යන හරකෙක් වගේ මාත් කකුල් දෙක තද කරන් හිටියා. ඒත් මොන, මේ යෝධ මිනිස්සු එක්ක හැරෙන්න පුලුවනෑ. 

අම්මා දැං මාව ඉස්සරහට කරල අල්ලගෙන ඉන්නවා. ලී පුටුවක වාඩි වෙච්චි ඒ මහත්තයා ඉස්සරහා පොඩි මේසයක් තියෙනවා. ඒ මේසේ උඩ වීදුරු පටි දාපු පෙට්ටියක් ඇරල තියෙනවා. ඒ වීදුරු කෑලි වල කොන් දෙකේ පොඩි රතු පාට රවුම් දෙකකුත් තියෙනවා. ඒ දැක්කත් මට හිතුනේ නෑ ඒ නං ලේ කියල. ඒ මදිවට නිල් පාට සුදු පාට ඉරි තියෙන පොඩි කඩදාසි පැකට් වගයකුත් තිබුනා. මහත්තයගේ අත ගාවම පුලුන් රෝලයි, තවත් මොකක්ද කළු පාට බෝතලයක්. අම්මා මාව එතනට ඇදගෙන ගියපු ගමන්, කිසිම කතාවක් බතාවක් නැති, ළමයි ගැන කිසිම අනුකම්පාවක් නැති ඒ තට්ට මහත්තයගේ මරුමුස් පෙනුමයි, කන්න වගේ බලන බෝල ඇස් දෙකයි දැක්කම නිකම්ම බය හිතෙනවා. ඒ බයටම මම අම්මා මේසේ දිහාට දික් කරපු අත පොඩ්ඩක් පස්සට ගත්තා. ඒ වෙනකොට ඒ බකුසා, කළු බෝතලේ අනිත් පැත්ත හරවල පුලුන් කෑල්ලක මොනාද ගාගෙන මගේ අත අල්ලගන්න ඔන්න මෙන්න. මිනිහා අත දැම්මට මගේ අත අහු උනේ නැති නිසා ඔරවල වගේ මගේ දිහා බලල තව පොඩ්ඩක් බකුසු අත දික් කරා. දැන්නං අහුවෙන නොවෙන ගාන. ඒ මදිවට අපේ අම්මා මගේ අත මේසේ දිහාවට තල්ලු කරනවා. අර බකුසා අල්ලගත්ත මගේ අත. යකෙක් වගේ අල්ල උඩට හිටින්න අත තද කරල අල්ලගෙන, අම්මට කිව්වා තදින් අල්ල ගන්න කියලා. අතේ මැඳගිල්ල අල්ලගෙන, ඒක වටේ අර පුළුං කෑල්ල ගාන කොට සූස් ගාලා ඇඟිල්ල හීතල වෙලා ගියා.

ඊට පස්සේ පුලුන් කෑල්ල එතනම තියල, අර නිල් සුදු ඉරි තියෙන පැකට් එකක් අරන් ඒකේ කොළේ ගැලෙව්වා. බුදු අම්මෝ දිලිසෙනම දිලිසෙන හෙල්ලයක්. මම දැක්කේ ඒ වගේමයි. මේකෙන්ද අනින්න යන්නේ කියල අර ඇඟිල්ල කූල් උනාට වැඩිය බොක්ක කූල් වෙලා ගියා. ඒක අතට අරගෙන බකුසා මගේ අත දිහාට ඒක අරන් එනවා. ලයිට් එළිය වැදිලා රිදී වගේ ඒක දිලිසෙන කොට ඒකේ උල, අනේ අම්මෝ මිනිහෙක් දෙකට කපන්න පුලුවන් කියල හිතිලා මට නිකම්ම ඇඩෙන්න ගත්තා.

“අනේ එපා එපා.. අම්මේ එපෝ“

“කෑ නොගහ හිටිං ළමයෝ. ඕක රිදෙන්නෑ“

“රිදෙන්නෑ. අම්මා බොරු කියනවා. ඒ උලේ ලොකූ.. මගේ ඇගිල්ල හිල් වේවි“

“හොහ් හොහ්.. විකාර නොකර හිටිං ළමයෝ“

“ඔය අම්මා තද කරල අත අල්ලගන්න. මට පරක්කු වෙනවා“

ඒ අවසරෙන් අර බකුසා රකුසා, අර මහා හෙල්ලය අරන් මගේ මැඳගිල්ල තද කරල ඒක පිබ්බෙන තැනටම හරියටම එල්ලය බලා විද්දා. ඇඟපත සේරම හිරි වැටිලා ගියා. ඇගිල්ල කඩන් වැටුනා කියල හිතුනේ. මහා ලේ බිංදුවක් අර විදපු තැනින් එනකොට මට අර ඉස්පිරිතාලේ ළමයි කෑ ගහන විදියටම කෑ ගැහුනා. ඇගිල්ල තදේට හිරි වැටිලා. හිරි වැටිච්ච ඇඟිල්ල කිසිම කරැණාවක් තෙතමනයක් නැතිව තද කරල අල්ලගෙනම ඒ මහත්තයා වීදුරු කැල්ලක රවුමට කරකවනවා. එතකොට ඒ ලේ ටික අර වීදුරු කෑල්ලේ රවුමට ගෑවෙනවා. ඒ වගේම අනිත් පැත්තත් ගහල ඒකම කරල, ඒ වීදුරු කැල්ල අර පෙට්ටියට දාන කොටත් මම ගේ දෙක වෙන්න කෑ ගහනවා. ඇඟිල්ල ඇදුං කන වේදනාව නං ඒ දවස් වල දැනුනු මහ විශාලම වේදනාව තමා. මේ සිද්ධිය බලං ඉදපු අපේ මල්ලිලා දෙන්න දුවල. අන්තිමට එකෙක් හොයාගෙන ආවේ ටොයිලට් එකේ දොර ලොක් එක කඩලා ඔලුවටත් එකක් ගහලයි. අනිත් එකා ගේ පිටිපස්සේ කෙහෙල් ගාලේ. ඊට පස්සේ පැයක් විතරම තුන් දෙනා එක්ක හොදටම ඇඩුවා. හැක්.

ඔන්න ඔහොමයි අපි බරවා වලට මුලින්ම පරික්ෂා කරගත්තේ. දෙවැනි පාර වගේ එනකොට අපි ඔව්ව දන්න නිසා, රෑට කලින්ම නින්ද යනවා. ආයි නැගිට්ටවනවා බොරු. බඩේ අමාරු හැදෙනවා. කලින්ම ගිහිලල කොහේ හරි හැංගෙනවා. මේසේ ළගටම ඇවිල්ල පස්සවත් නොබල පාර පුරා දුවනවා. එක එක දේවල් කෝටියක් කරත් අර බකුසු මාමගෙන් නං කවදාවත් ගැලවිල්ලක් නෑ.

ලංකාව බරවා සම්පුර්ණයෙන්ම තුරන් කරල කියල ලෝක සෞඛ්‍ය සංවිධානෙන් සහතිකේ දීලා දැං අවුරුද්දකටත් වැඩියි. එහෙම සම්පුර්ණයෙන් තුරන් කරා කිව්වට මේක හුඟ දෙනෙක් නොහිතන දෙයක්. සම්පුර්ණයෙන්ම කිව්වට ඒක සම්පුර්ණයෙන්ම නෙමෙයි. බරවා රෝගී තත්වය ජනගහනයෙන් 1% කට වඩා අඩු කරාමයි ඔය තත්වය ලැබෙන්නේ. ලංකාවේ දැනට බරවා රෝගී තත්වය 0.4% විතර මට්ටමේ තමා තියෙන්නේ. ගිය අවුරුද්දෙත් බරවා රෝගින් 32 ක් වාර්තා වෙලා තියෙනවා. එයින් 24 ක්ම ගාල්ලෙන්. අපෝ ගාල්ලේ උන් බරවා කාරයෝ.

මිනිස්සුන්ගේ කකුල්, අලි කකුල් වගේ මහත් වෙලා තියෙන කීප දෙනෙක් මං අදටත් මහ පාරෙදි දකිනවා. මේක මාරාන්තික රෝගයක් නොවුනත්, මැරෙණ එක හොදයි කියල හිතෙන රෝගයක්. ඕක බෝවෙන්නේ මදුරුවෙක්ගෙන් උනාට, මදුරුවා අහිංසකයෙක්. මිනිස් සිරුරේ වසා පද්ධතියේ සිටින පරපෝෂිත පණුවෙකු මඟින් බරවා රෝගී තත්වය ඇති කරනවා. මේ රෝගී තත්වය ඇති රෝගියෙකුට විදින අහිංසක මදුරුවා ඊට පස්සේ බයානක බරවා මදුරුවෙක් වෙනවා. මදුරුවාගේ නම අපොයි ඒත් ගෑනු මදුරුවෙක් කියුලේක්සි ක්වින්කිපසියේටස් කියන වර්ගයට අයිති.

ඕහ්. නොහ්. ගෑනුයි ගාල්ලයි. ඕනවට වැඩියි.

46 comments:

  1. Replies
    1. Praසන්ன හායි !

      අනේ ඔයාට හුඟක් වැඩද අද දවසට දැක්කමයි ,මට හරියට වැඩ මේ සමලුන්ගෙන් බේරෙන්න බෑ එයාලා යනවා එනවා මට හරි ජොලි !!!!!!!1 නිවාඩුව හමුවෙමු .ටෙක් කෙයාර් ලව් ....සියු සුඋන් පපි......

      Delete
    2. මේ තංගල්ලේ යාලුවා නේද??

      Delete
    3. @ චම්පික අයියා

      මගේ බුකි එකවුන්ට් එක ඩිඇක්ටිවේට් කරගත්තා ටික දවසකට.. ආයිත් රිපෝට් කරල නිසා.. ඒක නිසා ඔය අයියා උදව්වක් විදියට මගේ මේ පෝස්ට් එක බුකියේ ලදරං ගෘප් වලට ෂෙයා කරනවද?? එතකොට අපේ පරණ ප්‍රශ්නය ආයි ඇති වෙනවත් එක්ක නේ.... හැක්

      Delete
    4. ඔයා කොමද දන්නේ ....ගෙස්කරාද නැතිනම් එයා කිව්වාද ......අනේ කියන්නකෝ මව කෝචෝක් නොකර මට ලැජ්ජයි

      Delete
    5. ප්‍රසන්ය බායි සුපිරි වැඩ්ඩෙක් වගේ පේන්නේ.. හැක්

      Delete
    6. මල්ලි.. ටිකක් සුදු වෙලා ආවොත් ප්‍රොෆයිල් කාරයොත් අනී අනී ගාගෙන එයි.. හැක්

      Delete
    7. එයාට අපහස කරන්න එපා ඔන්න , එයා වෙන්න සමනල්, සල්මල් පොරක් හොඳේ
      ,ඕවට එහෙම එන්න එපා අපි තංගල්ලේ , මන් මංගලට කියලා හොඳ වැඩක් කරනවා

      Delete
  2. මිනිස්සු ගැන දන්නෙ නෑ මේක නම් ලංකාවෙ තියනවා තාම.

    https://www.dogalize.com/2017/02/dog-disease-filariasis-dogs/

    හරි අමාරුයි ඉවර කරන්න. මයික්‍රෝඩොක්ස් අහන්නෙ නැතිවුනාම තව ඒවා දෙනවා, ඩ්‍රොප් ටෙස්ට් කරනවා,
    1 ml ටෙස්ට් කරනවා ....

    ReplyDelete
    Replies
    1. බල්ලොන්ටත් තියෙනවා නං තමා...

      Delete
  3. පවුරු බැඳගෙන ගෑණු ළමයි ආරක්ෂා කරපු ගෙදරක ගෑණු ළමයෙකුට ලියුමක් දෙන්න ග්‍රාමසේවකව අල්ලගෙන බරව පරීක්ෂකයෙක් එක්ක ගේකට ගිය කෙනෙක් ගැන මම දන්නවා.

    ReplyDelete
    Replies
    1. මොන වගේ කෙනෙක්ද?

      Delete
    2. සමහර පරපීඩකයන් ත්‍රිල් එක ගන්නේ ප්‍රති උත්තර නොදෙන ප්‍රති උත්තර දිය නොහැකි හෝ දුර්වලයන් අල්ලාගෙනයි. ඔවුන් කීබෝඩ් වීරයන් වුනාට බොහෝ විට පියවි සමාජයේ බයගුල්ලන්. ජීවතුන් අතර නැති කෙනෙක් අල්ලාගෙන බැට දීම ඒකෙත් අන්තිම කොණ වෙන්න ඇති.
      ඒ ගැන ඔබට පුළුවන් ජීවතුන් අතර නැති කෙනෙක් අල්ලාගෙන එයට ටෞකන්න සල්ලි ඇඩ්වාන්ස් 30000.00 ගත්තා කියලා කොමන්ට් දාන්න පරපීඩකයන් කවුද කියලා ගිය කෙනෙක් ගැන මම දන්නවා.

      වම කනින් පෙන්වන්න පුළුවන් එයා දැන් හරි මානසික උපදෙස් දෙන්නේ තමන්ට තියන ලෙඩේ මොකක්ද කියලා හොයාගන්නේ නැතිව

      Delete
    3. ඇනෝස්...

      මේක පරණ කමෙන්ට් එකක් නේද බං..

      Delete
    4. පරණ උණත් වැඩේ ඇත්තද ඉයන් අර ස්ක්‍රීන් ශෝට්වල තියෙන්න . ඔයා ද ඇඩ්වාන්ස් සල්ලි ගත්තා කියලා ලිවීවේ නැතිනම් වෙන කෙනෙක්ද ඔන්න ඔය සල්ලි ටික දීලා දාන්න උන්ට එතකොට ණයකාරයෝ වගේ පස්සෙන් එන එකක් නැ
      සල්ලි නිසා ඔයාට කෙලෙලා ඇරියොත් එහෙම ...අනික ඕකුන් පෙන්න ඉන්න එවුන් නෙවයි කියලා ඔයා කීවට උන්න් ඔයාව දන්නවනේ

      Delete
    5. මේ කතාව නවත්තන්න.. පීස් අයියා

      Delete
    6. පීස් අයියා.... හරි හරි සබ්මැරීන් වගේ යට යන්නම් වෙලාව අපු විට උඩ එන්නම් ඔය කවුරුකවුරුත් එක එක යායවල්වල වසරකට සැරයක් ශිල්ප දාන්න කල එලිබහිනේ එදාට ඕනේ නියම පින්තුරේ විතරයි ඊටපස්සේ නම ගම වතගොත එක්ක සොරි ඩොට් කොම් තමයි

      Delete
    7. ස්තුතීයි අයියා..

      Delete
  4. අපොයි.. නොමැරුනාට මැරෙනවානං හොඳයි කියල හිතෙනවා තමයි .. අර අලි කකුල් අද්ද අද්ද යනවට වඩා.. හම්මො ගෑල්ලමයි .. සොරි.. හම්මෝ ගාල්ල.. ඇඟ හිරිවැටෙන කතානේ බං උඹත් ලියන්නේ

    ReplyDelete
    Replies
    1. උඹගේ කද නං බරවා.. හැක්

      Delete
  5. මෙය google keyboard සාර්ථක දැයි බැලීමට දැමූ කොමෙන්ට් 1කි

    ReplyDelete
    Replies
    1. අති සාර්ථකයි ප්‍රිය සෑමය...

      Delete
    2. මෙය ගූ ගල් මගුල් දාගන්න කඩවසං දුරකථන නැති නිසා හැමදාම වගේ ඩෙක්ස්ටොප් කී ‍බෝඩ් එකෙන් දැමූ කොමෙන්ටුවකි.

      Delete
    3. ඒකත් වින්ඩෝස් නයින්ටි පයි??

      Delete
    4. ඔය එක එක හාදයෝ රාවණා කාලේ හාඩ් ඩිස්ක් තිබුනය කියන එකේ බොරුවකුත් නෑ බලාන ගියාම.. හැක්

      Delete
  6. දේශකයගෙ ගන්න එකටයි injection වලටයි බය කතාව කියෙව්වහම මට එක පාරට මතක් වුනේ අර මෞර්ය රාජ ඇඟිල්ලක තිබුන ඉන්නෙත් කපපු ෆොටෝ එකක් ෆේස්බුක් එකේ දාල තියෙන එක

    ReplyDelete
    Replies
    1. තනිකරම ගූගල් කටාට අහුවෙලා වගේ.. මං මේ දවස් වල දුකින් ඉන්නේ. බුකිගත වෙන්න බැරිව..

      Delete
  7. උඹලට ඒ වෙනකොටත් නාහෙ විදල නාස්ලන්න දාල තිබ්බ එකේ මොකටද බං ඔය ඇඟිල්ලක් විදිනවට ඔච්චර බය උනේ.
    අපිනං ගාලු යන්නෑනෙ. යන්න‍මොතර විතරයි.

    ReplyDelete
    Replies
    1. අපි පහ වසරෙදි ගැල්ලලමයි එක්ක යාලු වෙලා නෑ. හරි අහිංසකයි.
      ගාලු තියා මාතරවත් පැත්ත පලාතක යන්න එපා තංගල්ල පහු කරං එනවනං.. හැක්

      Delete
  8. හපොයි ඔය බෙහෙත් විදිල්ල ගැන කියනකොටත් මාව ගැහෙනවා... මං ඔය වෙලාවට කල්පනා කරන්නේ මෙච්චර තාක්ෂණය දියුණු වෙන එකේ මේ බෙහෙත් විදිලි, ලේ ගැනිලිවලටත් වෙන ක්‍රමයක් හොයා ගන්න බැරි ඇයි කියලා...

    මේ අන්තිමට කියල තියන කරුණු ටික නම් හරි වැදගත්... බරවා තුරන් වුණු රෝගයක් කියලයි හිතුවේ...

    ReplyDelete
    Replies
    1. වරදවා වටහාගන්න එපා. ලංකාව බරවා තුරන් කරපු රටක්. ජනගහනයෙන් සියයට එකකට වඩා ඒ ප්‍රමානය අඩුනං බරවා තුරන් කරපු හැටියට WHO එක සලකනවා...

      Delete
  9. මට ඉන්ජෙක්ෂන් ගහන එක, අතේ නහරෙන් ලේ ගන්න එක අවුලක් නෑ.. හැබැයි ඔය ඇඟිල්ලට අනින වැඩේට නම් මාත් බයයි බන්.. හෙහ් හෙහ් එකේ තියෙන්නේ අමුතුම රිදිල්ලක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම බං.. විනාඩියක් විතර ඇදුං කන වේදනවාවක්.. ඉන්ජෙක්සන් එකක් නහරේ හොයාගන්න බැරිව ගහන වෑසක නර්ස් නෝනා කෙනෙක් ගාවට ගිහිල්ල ගහගනිං. හරිම සනීපයි

      Delete
  10. ඔය කියන ඉන්ජෙක්ෂන් කට්ටේ සැර බලන්නට මටද සිදුවී තිබේ.අපේ පැත්තේද බරවා වාහකයන් සිටින බැවින් වසරකට වරක් ලේ පරීක්ෂා කර අපට බෙහෙත් පෙතිද ලබා දේ . එය කෙතරම් කරදයක් උනත් බරවා රෝගයේ ඇති විපාක දුටුවිට එය අමතක වී යයි . මා ගමන් කරනා දුම්රියේ බරවා රෝගියෙකු පැමිණ හිඟාකයි. ඔහු ඉතා අසරණය
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. උඩ ප්‍රා කී සේම අපේ පැත්තේ ඒ වගේ ඇවිදින මිනිසුන් සේම බල්ලන් දෙදෙනෙකුද සිටී.. ඇවිදින අමාරුව දැක්කම නං එපා වෙනවා..

      Delete
  11. මම හිච්චි පුතා කාලේ, ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ, ඒ කියන්නේ පාසැලේ හතර, පහ වසර වල ඉන්න කාලේ, ඒ කියන්නේ.. ඔව් ඔච්චර කියන්න ඕනිකමක් නෑ ඉස්කෝලේ යන පොඩි කාලේ කිව්ව නං මදෑ.

    අපේ පවුලේ තුන්දෙනෙක් ඉන්නවා.

    DAN NEDDA?

    DAMITH

    ReplyDelete
    Replies
    1. මේ කව්ද මේ දමිත් කියන්නේ.. මං අදුරන්නනෑ.. අර ගාල්ලේ තඩි දමිත්ද?? හැක්..

      වෙල්කම් බෑක් ගුණේ..

      Delete
  12. ඔය "බරවා" මහත්තොරු රෑටම එන්නේ මොකෑ

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව තමා පුතී ඔය කසඩ පරපෝසකයා සක්‍රිය වෙන්නෙ හැන්දෑවේ හයෙන් වගේ පස්සේ නිසා. උෟත් මාර ටයිම් කීපර් කෙනෙක් තමා. හැක්

      Delete
  13. අපූරු මතකයන්...අම්මෝ බරවා හෙල්ල මතක් වෙනකොටත් ඇඩෙනවා. මට අදටත් තියෙන ප්‍රශ්නයක් මොකද ඔය ලේ බිංදුවක් ගන්න සාමාන්‍ය තුඩක් නැතුව ඔය තරම් සැර තලයක් භාවිතා කරන්නේ කියන එක. මගේ එක නන්දා කෙනෙක් අදටත් බරවා රෝගයෙන් පීඩා විඳිනවා.

    ReplyDelete
    Replies
    1. නැන්දා ගැන කනගාටුයි. ඒ කටුවෙන් අඟලෙන් අටෙන් එකක් වත් හම ඇතුලට විඳිනවා මට හිතෙන්නේ.. ඒකනේ ඇඟ ඇතුලෙන්ම ඇදුං කන්නේ.. ස්තුතියි උදය..

      Delete
  14. ඇගිල්ල වීදුරුවේ ගානකොට තමයි මටනම් වැඩිපුරම රිදෙන්නේ. මම මේ කල්පනා කරේ හුගක්ම පොඩි කාලේ ඇරෙන්න ඊට පස්සේ ඔහොම එවුන් අපේ ගෙදර ආව කියල මතකයක් නෑ නේ.

    ReplyDelete
    Replies
    1. මේ මෑතක ඒ කියන්නෙ අවුරුදු පහකට විතර උඩදි නං ආවා අපේ ගෙචල් පැත්තේ.. පොඩි උන් මර හඩ දුන්නා විදින කොට.. හැක්. වීදුරුවේ ගාන්නේ කිසිම හිතක් පපුවක් තියෙන ගානට නෙමෙයි නේද?

      Delete