Wednesday, June 10, 2015

අපේ කාලයේ මිනිසෙක්!! (Grigori Yakovlevich Perelman)


මොකක් හරි ගණිත ගැටලුවක් විසදීම හේතුවෙන් කාට හරි ඇමරිකන් ඩොලර් මිලියනයක් ලැබුනොත් ඒක එපා කියල කියන්නේ කව්ද?? සමහර විට එහෙම කරන කෙනෙක් ඇති.. ඒ තමා ග්‍රිගොරි පෙරෙල්මාන්.

මීට අවුරුදු පහකට ටිකක් වැඩි කලකදී, අති දක්ෂ රුසියානු ගණිතඥයෙකු වූ ග්‍රිගෝරිට සහශ්‍රකයේ ගැටලුව ලෙසින් සැලකූ ත්‍රිමාණ ජ්‍යාමිතික ගණිත ගැටලුවක් විශිෂ්ඨ අන්දමින් විසදීම හේතු කොට ගෙන Clay Mathematics Institute නම් ආයතනයක් විසින් මේ ඩොලර් මිලියනකට මුදල ප්‍රදානය කරන්නට යෙදුනා. ඔහු විසදූ මේ ගැටලුව 1904 වර්ෂයේ සිටම විවිධ ගණිතඥයන් විසින් විසදිමට ප්‍රයත්න දරා තිබුනා.

කොහොම උනත් අවසානයේ ග්‍රිගෝරි එම ගැටලුව විසදා ඇති බව ඔහුට දැනුම් දී අදාළ තෑගි මුදල පිළිබදව මතක් කිරීමෙන් අනතුරුව, ඔහු විසින් ඉතාම නිහතමානීවත්, තර්කානුකූල ලෙසත්, නිල මට්ටමින් එම ත්‍යාගය භාර ගත නොහැකි බව දැනුම් දුන් බව ඉහත ආයතනය ප්‍රකාශ කර සිටියා. ග්‍රිගොරි මෙම ත්‍යාගය තමාට අයත් නොවන දෙයක් ලෙසත්, තමා මෙම ගැටලුව විසදීම සදහා භාවිතා කරනු ලැබුයේ වෙනත් අයෙකු විසින් අනුගමනය කළ ක්‍රමයක් බවත් ඉතා අවධාරනයෙන් පවසා සිටියා. මොහු අසාමාන්‍ය බලයක් හා අසීමිත නිර්මාණ්‍ශිලිත්වයක් සහිත පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි බවයි Clay ආයතනයේ සභාපතිවරයා සදහන් කර සිටියේ.. (ඩොලර් මිලියනේ නොගත්ත නිසා නං වෙන්න බෑ.. හැක්)

ඔහු විසින් මෙසේ විසදා තිබෙන්නේ කිසිදාක විසදිය නොහැකියි කියා සිතූ ත්‍රිමාණ ජ්‍යාමිතික ගැටලුවක් වූ Poincare Conjecture (පොන්කාරේ ඌහනය)නමින් හදුන්වන ගණිත ගැටලුවයි. “හැම කෙනෙක්ම තව කාගේ හෝ මාර්ගයක්/ක්‍රමයක් භාවිතා කළත්, එය භාවිතා කොට විශ්ෂ්ඨත්වය කරා යා හැක්කේ අති දක්ෂයෙකුටම පම්‍ණක් බවයි ඉහත කියූ සභාපතිවරයා සදහන් කර සිටියේ.

කුමන හෝ මොහොතක පෙරල්මාන් විසින් අදාළ ත්‍යාගය ලබා ගැනීමට ඇති කැමැත්ත ප්‍රකාශ කරනු ඇතැයි ඔවුන් බලා සිටියත්, මීට පෙරත් ඔහු විසින් මෙවැනි අන්තර්ජාතික ත්‍යාගයන් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්ම පෙරල්මාන් විසින් මෙම ත්‍යාගයද ලබා නොගන්නා බව ඔවුන්ට පැහැදිලි උනා. මෙම ගැටලුව විසදීමෙන් අනතරුව ඊට අදාළ විද්‍යාත්මක සමාලෝචනයක් කිරීම ප්‍රතික්ෂේප කරමින්, ඔහු මෙය විසදූ පියවර තුන කිසිම කොන්දේසියකින් තොරව අන්තර්ජාලයට එක් කිරිමට පියවර ගෙන තිබුනා. ඒ 2003 දී.



කොහොම හරි අනෙකුත් සියලුම ගණිතඥයන්ට ඔහු විසින් එය නිවරැදිව විසදා ඇතැයි ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් ගත වී තිබුනා. පෙරල්මාන් සුලුවෙන් තැකිය හැකි පුදුගලයෙක් නොවන වගට සමාජයේ පිළිගැනීමක් තිබු හෙයින්, පෙරල්මාන්ගේ ක්‍රියා කිසි ලෙසකින්වත් සුලු කොට තකන්නට ඔවුන් කටයුතු කලේ නැහැ. ඇත්තටම ඔහු යම් දෙයක් කරනවා නම්, එය බහුතරයක් දෙනා කරන ක්‍රමයට හාත්පසින්ම වෙනස් ආකාරයකට කරන්නයි කටයුතු කර තිබුනේ.

පෙරල්මාන්ගේ මෙම පියවරයන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට ඇමරිකාවේ පිළිගත් ආයතන වල දේශන සදහා ආරාධනා ලැබුනා. එහිදි ඔහු ඉතා චතුර ලෙස ඉංග්‍රිසියෙන් එම දේශන පවත්වා තිබුනා. මේ අවස්තා වලදී, ඊමේල් මගින්, ඔහුගේ සගයන් හා තොරතුරු හුවමාරු කරගැනීමටත්, ඔහුගේ කටයුතු පිළිබදව දැනුම් දීමටත් පෙරල්මාන් එකග වී සිටියත්, අවුරුදු කිහිපයකින් ඒ සියල්ල නතර කර දමා ශාස්ත්‍රිය ලෝකයෙන් පලා ගොස් තිබුනා. 

මේ ගැන සොයා බලන්නට පීටර්ස්බුගයට ගියපු අයෙකුට, ඔහුව දුරකතනයෙන් සම්බන්ධ කර ගන්න හැකි උනා. ඉතිං මේ යහලුවා හමුවන්නට උවමනා බව ප්‍රකාශ කර සිටි අවස්ථා)වේදී, පෙරල්මාන් දන්වා ඇත්තේ “මේ අවස්ථාවේ ඔබව මුණ ගැසීම අනවශ්‍ය දෙයක්“ බවයි.


පෙරල්මාන් තමන්ගේ මහළු මව සමග පීටර්බර්ග් වල අඩක් නිම කරන ලද තට්ටු නිවාසයක ඉතා දුකසේ ජීවත් වෙනවා. කැරලි ගැහුන දිග කොණ්ඩයකින් යුත්  තනිකමටම හුරු වූ මිනිසා ඔහුගේ ඡායාරූප වලදි ඉතා දැඩි ගාම්භීර පෙනුමක් සහිතව සිටින අයුරු දැකගන්න පුලුවන්. කොහොම උනත් ඒ වෙන කොට පෙරල්මාන් තමන්ගේ පර්යේෂණ කටයුතු වලින් සහ රුසියාවේ පිහිටි ඉහළම ආයතනයක රැකියාවෙන් පවා ඉවත්ව ගොස් තිබුනා. ඒ වගේම වෙනත් රැකියාවක් සදහාවත් ඔහු ගේ උවමනාවක් නොතිබුන බවයි සදහන් වන්නේ.

ගණියයේ එවරස්ට් කන්ද ලෙස හැදින්වුන මේ “පොන්කාරේ ඌහනය“ ප්‍රංශ ගණිතඥයෙකු වූ හෙන්රි පොන්කාරේ නමින් නම් කෙරුනේ පොන්කාරේ ජ්‍යාමිතික වස්තූන් හා ඒවායේ ක්ෂේත්‍රයන් විවරණය කිරීමේලා දැඩි උනන්දුවෙන් කටයුතු කිරීම හේතුවෙන්.

මෙම ඩොලර් මිලියනයේ ත්‍යාගය හදුන්වා දුන්නේ කේම්බ්‍රිජ් සරසවිය කේන්දු කරගත් Clay Mathematics Institute ආයතනය විසිනුයි. සහශ්‍රකයේ ගණිත ගැටලු ලෙස ඔවුන් විසින් හදුනාගත් දීර්ඝ කාලයක් මුලුල්ලේ නොවිසදුනු ගැටලු හතක් මේ සදහා ඉදිරිපත් කර තිබු අතර, ඒ අතරින් මුලින්ම විසදනු ලැබුවේ මෙම ගැටලුවයි. 

43 හැවිරිදි පෙරල්මාන් 2010 ජුනි මාසයේ පැරිසීයේදි පැවැත්වුනු මෙම ත්‍යාග ප්‍රදානොත්සවය සදහා සහභාගී වුනේ නැහැ. ඔහුගේ චරිතාපදානය ලියු ලේඛිකා මාෂා ගසන්, ත්‍යාග ප්‍රදානෝත්සව කමිටුව වෙත කලින්ම දැනුම් දි තිබිල තියෙනවා පෙරල්මාන් මෙයට සහභාගී නොවන බව.

ඉන් අනතුරුවත් පෙරල්මාන්ට ලැබුන ත්‍යාගයක් ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබුන අතර, එහිදීත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් විසින් තව කව්රුන් විසින් හෝ අනුගමනය කරන ලද ක්‍රමයක් භාවිතා කළ හෙයින් එහි අයිතියක් ඔහුට නොමැති බවයි. මෙම ගණිත ගැටලුව විසදීම සදහා මාර්ගයක් ඇති බව සදහන් කළ ඇමරිකානු ගණිතඥයා හා තමා අතර කිසිම වෙනසක් නැති බවයි ඔහු සදහන් කර සිටියේ.

ඇත්තටම පෙරල්මාන් කියන ගණිතඥයාගේ පර්යේෂණ වලින් ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ගණිතඥයන් ගණිතය ඉගෙන ගත් බවත් ඔහුගේ හිතේ ශක්තියත්, අධ්‍යාත්මික භක්තියත්, පැවැත්මත් බොහො දෙනෙකුට ජීවිතය දිහා නැවත හැරී බැලිමට ඉඩ සලසන කැඩපතක් වන බවත් සදහන් කළ හැකියි.

Washington Post ආශ්‍රයෙනි.