
හරි... ඔන්න මම ඒ කාලේ ඉස්කෝලේ ගියා නෙව. අපිටත් තිබුනා බොහොම අපූරු ඉස්කෝලයක්. ඔය ඉස්කෝලේ කණිෂ්ඨ විවාද කණ්ඩායම තෝරන්නේ 10 - 11 පන්ති වල ළමයිගෙන් තමා. එහෙම කරන්න අපි ඉස්සෙල්ලා විවාද සංගමයේ සාමාජිකත්වය අරගෙන සතියකට එක් දවසක් තියෙන විවාද තරග වලට සහභාගී වෙන්න ඕන. අපිව අධික්ෂණය කරන්න ගුරුතුමෙක් ඉන්නව වගේම, තත්වය පාලනය කරන්නේ එයා තමයි.. ඔය ළමයා බොරුවට අත පය දික්කරනවා වැඩියි.. මොකද ඔය ළමයි මේ මේ ආ ආ ගගා ඉන්නේ. ඔය ළමයා මොකෝ මගදි ලොප් වෙන්නේ ආදී වශයෙන් උපදෙස් එහෙම දෙනවා. එහෙම මාස තුනක් විතර ගියාම තමා පන්ති දෙකේ හාදයෝ ටික කණ්ඩායම් වලට බෙදන්නේ සර්ට ඕන විදියට. එක කණ්ඩායමකට පහක් ගානේ කණ්ඩායම් දහයක් විතර ඉන්නවා.
ඔහොම හැදුවට පස්සේ තුණ්ඩු දාලා විවාද කරන කණ්ඩායම් දෙක බැගින් තෝරගෙන ඉවර වෙලා කතා කරන්න ඕන මාතෘකාව සර්ම දීල කියනවා හෙට සුදානං වෙන්න හවසට විවාදේ තියන්න ඕන කියලා. ඔය විදියට ඉතිං විවාද කොරන්න ගියාම මට හම්බ උන විරුද්ධ වාදියෝ විදියට ඉන්න කණ්ඩායමේ මගේ බොක්කේ උන් දෙන්නෙක් උන්නා. ඒක නිසා අපි එකතු වෙලා විරුද්ධ උනත් තොරතුරු හෙම කතා කරගෙන වැඩේට සුදානං උනා. තව එකක් කියන්න ඕන ඔය අතරේ අපි ඉතිං අපේ බාලාපරාද ගැනත් කතා කරන නිසා කන්ඩායම් දෙකේම අපි හරියට නොදන්න උනුත් ඒවා අහගෙන ඉන්නවා කියන එක අමතක උනා.
විවාදේ පටන් ගන්නයි සුදානම. අපේ මාතෘකාව.. කාන්තාවන්ට සැලකීම.. අපි පක්ෂව අරුන් විරුද්ධව.
ඕක පටන් අරගෙන බොහෝම හර බර දේශන තියාගෙන ඕං මාත් මගේ දේශනේ පටන් ගත්තා අනිත් පැත්තේ ඉන්න මගේ යාළුවට සැර උත්තරයක් දීගෙනම. ඒත් එක්කම මම අදහස් කරේ වැඩිපුරම කාන්තාවන් දිහා අපි මානුෂික විදියට බලන්න ඕන, අපේ නංගිල වගේ කියල හිතන්න ඕන, ඒ අයට නිදහසේ පාරේ බැහැල යන්න පුළුවන් වෙන්න ඕන කියලා. මේ අදහස් ටිකත් එක්කම අරුන්ගේ කන පැලෙන තර්ක වලටත් පොඩි කින්ඩි දෙක තුනක් දාලා ඕං මම නිහඩ උනා. එතකොට මගේ අතින් යෂ්ඨිය ගත්තේ අර පැත්තේ ඉන්න මම එච්චර හරියට නොදන්න බුවෙක්. මිනිහා බොහෝම අගේට විවාදෙට එන්ටර් වෙලා සිරාවටම නෙලන්න ගත්තා. ඒ මදිවට මේකා කියනවා.
“දැං බලන්න මිත්‍රවරුනි, මෙතන මට කලින් අදහස් දක්වපු දේශක සහෝදරයා අපිට පෙන්න්න උත්සාහ කරේ කාන්තාවකට නිදහසේ පාරේ බැහැල යන්න ඕන වටපිටාවක් හදන්න ඕන කියල නේද? ඒක එහෙම නේද දේශක සහෝදරයා. අපිත් හිතනවා ඒක එහෙම උනා නං හොදයි කියලා“
මම බැලුවා මේකා මගේ තර්කෙට අන්දොස් වෙලාද යකෝ මගේ ඒවා පිළිගන්නේ කියල... හෙහ්.. මාත් යස අගේට ඔළුව වනල ඒක සනාථ කරේ හොදට ටිංකිරි හිනාවකුත් දාගෙන. ඕං ඌ ආයේ පටන් ගන්නවා.
“ඉතිං මිත්‍රවරුනි, මට මේ වෙලාවේ මතක් වෙන්නේ මේ කියමන.. ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට කියන එක. මොකද මෙතන උපාසක මහත්තුරු වගේ බොහොම හරබර විදියට තර්ක ඉදිරිපත් කරන අපේ සමහර සහෝදරයන් තමන් කරපු කියපු දේවල් අමතක කරල බොරු තර්ක ඉදිරිපත් කරන කොට වෙන කිසිවක් කියන්න උවමනා නෑ. මොකද අපේ තර්කය නිකංම ඔප්පු වෙනවා. ඔය උපාසක කියන අය හින්දා තමා කාන්තාවන්ට හිරිහැර වෙන්නේ කියලා...“
හුටා නේද? මගේ ඔළුව අනිවාර්තේ ඇතුලෙන් කැරකෙනවා වගේ දැනෙනවා. යකෝ මු වගේ පාහරයෙක්.. අරුන් ඊයේ කිව්ව මගේ සීන් එක නේද මූ ඇදල අරන් මට ගහන්නේ කියල දත් මිටි විකාගෙන මර විකාරෙන් ඌ දිහා බලන් ඉන්න එක විතරයි ඒ වෙලාවේ කරන්න පුළුවන් උනේ. කොහොම හරි දෙවෙනි වටේ මට හරියට කතා කරගන්න බැරි වෙච්චි හින්දා තෝරාගත් පස් දෙනා අතරට යන්න බැරි උනා.
මේකයි අර යකා නොකියා කිව්ව කතාව
මමයි මගේ බොක්කේ දෙන්නයි ඉස්කෝලේ ටයිම් එකේ තාප්පෙන් පැනල පිටිපස්සෙන් තියෙන රේල් පාර දිගේ ඒ ළගම තියෙන අපේ ටීචර් කෙනෙක්ගේ ගෙදර යනවා වතුර බොන්ට. වතුර බොන්ටෙයි කිව්වට එහෙමත් නෙමෙයි ලොවි කඩාගෙන එන්න තමා. ඔය රාජකාරිය සදහා එක දවසක් යන කොට වතුර බොන ටීචර්ගේ ගෙදරට යන අතුරු පාර කිට්ටු වෙද්දී අපි දැක්කා, කලින්ම ඉස්කෝලේ ඉවර වෙලා හෝ මොකක් හරි සන්තෑසියක් වෙලා හරි, වේලපහ ගෙදර බලා බඩගාන ගැල්ලමයෙක්. එයා රේල් පාරෙම අපේ ඉස්සරහට එනවා. තුන්දෙනාම දැක්කා ඒකිව. අපි ඉතිං දැක්ක ගමන් තේරුං ගත්තා කෑල්ල හොදා තමා කියලා.
“අඩෝ දේශා බොට පුළුවන් නං ඒකිට වචන දෙකක් කියපං“ පොලියා කියනවා.
“අඩෝ එහෙම නෙමෙයි උඹ අහපං නංගි කොහේද යන්නේ කියල“ ටොට්ටා කියනවා.
“හරි මම දැං ටෝක දැම්මොත් බොලා මොකද කරන්නේ“ මම ඇහුවා
“ඒක තමා යකෝ කියන්නේ තෝ වචනයක් හරි කතා කරොත් අපි තොට බීම එකක් අරන් දෙනවා“ මුන් දෙන්න මට කියනවා
“හරි මම ඔට්ටුයි“ මම කිව්වා
“අනේ පල යන්න උඹට බෑ යකෝ එහෙම දෙයක් වත් කරන්න තෝ මහ පොන්නයා“ ටොට්ටා ආවේස වෙලා කියනවා.
මටත් පට්ට මල... රේල් කොට එක එක අපි අතර පරතරය අඩු කරනවා. කෙල්ල බිම බලාගෙනම සීරුවට අඩිය තියනවා. පොඩි කෙල්ල උනාට අඩේ තිසර කෑල්ල හොදට තියෙනවා. මුං දෙන්න මාව කන්න හදනවා. හිටපිය තොපිට හොද වැඩක් කරන්න කියල මම හිතාගෙන උන්ට ඇහෙන් කිව්වා උඹල ටිකක් පස්සෙන් වරෙල්ලා කියලා. අනේ කියන්නේ මූන් ඒක අහල රේල් කොටන් දෙකකින් විතර මගේ පස්සට සෙට් උනා. දැං කෙල්ලයි මායි අතර පරතරය කොටං පහ හයක් ඇති. වටපිට බැලුවා... පරිසරය කාලගුණය යහපත්.. හරි.. දුවන්න ඕන විදිය.. ඒකත් හරි අඩි දෙකයි වමට පැන්නා හරස් පාරෙන් උඩට දිව්වා. හෙහ්. තොපිට දෙන්නං ජම්බු කියල මාත් ඩිග් ඩිග් ගගා කෙල්ලට කිට්ටු වෙච්චි හැටියෙම පට් ගාලා එක තිසරයෙක් අතගාගෙන පැන්නා ඩෝං කියල වමට.. ඒත් එක්කම මම දැක්ක ඒකිගේ ඇස් උඩ යන හැටි. තව මොනා බලන්නද හැරුනා පාරට දිව්වා උඩටම. ලෙසටම දුවලා අනිත් පැත්තෙන් ඉස්කෝලේ ගාවට පැනගෙන ඇවිල්ල ටාර් ගාලා තාප්පෙත් පැනලා පන්තියට ඇවිල්ල වාඩි උනා හති හලාගෙනම. මම දැං හිනා වෙවි අනිත් උන්ට කතාව කිව්වා. පැය භාගයක් විතර ගියත් මුං දෙන්න ආවේ නැති හින්දා මටත් බයයි. කෑවද දන්නෑ මුං දෙන්න කියලා.. ඔහොම ටික වෙලාවක් යන කොට මුන් දෙන්නත් එනවා.. හැබැයි දාඩිය දාපු ගතියක් නෑ.. ගුටි කාපු විදියකුත් නෑ.
මම දැක්ක විතරයි මුන් දෙන්න ආවේස වෙලා එක වැලට රතිඤ්ඤ කරල් පත්තු කරනව වගේ වැලට ලෙසටම කුණුහරුප කියවනවා. අනිත් උන් මාත් එක්ක උන්ට හූ තිය තිය හිනා වෙනවා. මේ අලකලංචිය අස්සේ මුන් දෙන්න අනිත් උන්ට වැද වැද කියනවා උන්ට වෙච්චි සන්තෑසිය.
“බලපං බං මූ කරන කැත වැඩ. රේල් පාරේ ආපු කෙල්ලගේ තනේ මිරිකනවනං යකෝ කියන්න එපායැ.. මූ මිරිකුවා දිව්වා. කෙල්ල උඩ ගිහිල්ල වගේ හිටියා. යකෝ සිරාවට අපිත් ගල් උනා. කරන් ඕන දේ හිතාගන්න බෑ. කෙල්ල ඉස්සරහින් දුවන්නත් බෑ. මම දකුණට පැන්නා පොලියා වමට පැන්නා. කෙල්ල කෑ ගැහුවේ නෑ බං. හැබැයි අපි දෙන්නව හොදට බලා ගත්තා. මොනාද කියන්නේ යකෝ අර මන්තර ආච්චිගේ ඉඩමේ කම්බි වැටෙන් කොහොම පැන්නද කියල හිතා ගන්න බෑ බං. කටු අකුල් තිබ්බද කියලවත් මතක නෑ.. දුවල ගිහිල්ල හැංගිල හිටියා. පස්සේ ටික වෙලාවක් බලන් ඉදලා හෙමීන් රේල් පාර ගාවට වෙලා බැලුවේ අපිව හොයනවද කියලා. මූ කොහේ හිටියද මන්ද? මම නං පන ගැහැ ගැහි යකෝ පාරේ ආවේ. අනිවා.. අපිට බඩු හම්බ වෙනවා මූ කොරන වැඩ වලට. මහ ගෙරි දේශා..තෝ මැරියං“
මේ කේස් එක එළිපිට පත්තු කරපු එකාට දීපු පෝරියල් එක ඊළග එකෙන් බලාගන්ට හොදේ..