Showing posts with label ගීත දේශන. Show all posts
Showing posts with label ගීත දේශන. Show all posts

Monday, November 21, 2016

Adios Maestro!!

මං අමරදේව මාස්ටර්ගේ සිංදු අහන්න පටන් ගත්ත හැටි, ඒකේ ආරම්භය කොහොමද කියල කල්පනා කරන්න ගත්තා. ඔය කාලේ ඒ කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ අපේ සමාජයේ තිබුනෙ ටෝප් තව්සන්ඩ්, බ්‍රේක් ඩාන්ස්, රොක් ඇන්ඩ් රෝල් ඔව්වා මෙව්වා නිසා අමරදේව මාස්ටර් සිංදු කියනව අහන එකත් නිකම්ම හිටගෙන නින්ද යන කාරණයක්.. මට මතකයි “අපෝ ඔය නිදිමතයන්ගේ සිංදු අහන්න බෑ නිකම්ම නින්ද යනවා“ කියල කියපු අවස්ථා හිටං තිබුනා. කොහොම උනත් ද්විතියික පුර්ෂ ලක්ෂණ (පුර්ව ළමා විය පහු කරාට පස්සේ (??)) පහල වෙන්ට වෙන්ට කොල්ලා සංවේදි වෙන්ට ගත්තා. බොහොම සද්දෙට අහපු ජැක්සන්ලගේ, ටිෆනිලගේ සිංදු වලින් ගොඩ යන්න බැරි තරමට ජීවිතේ අමාරු වෙන්න ගත්තා. එහෙම කියල අපි අතෑරියේ නැහැ. අපි ජේසන් ඩොනවන් අයියගේ Sealed with a Kiss එක්ක හරි ගොඩ යන්න හැදුවා. ඒත් බැරි නං ජෝජි මයිකල් අයියගේ කෙයාලස් විස්පර්, ලාස්ට් ක්‍රිස්මස් ඒ වගේ තව ඕන තරං සිංදු තිබුන ඔය නිදිමතයන්ගේ සිංදු අතාරැල අපේ ගමන යන්න නං.

ඒත් මොකක් හරි හේතුවකට කරුමෙකටද මන්දා සේකරගේ සක්වාලිහිණි කවි පොත ඉස්කෝලේ පුස්තකාලෙන් අරගෙන ඈනුං ඇරල කියවන්න ගත්තට පස්සේ නිකම්ම නින්ද යන්න ගත්තා. ඇත්තටම ඔය කවි දාන හරිම මලදාන.. කවදාවත් හරියට කියවන්නත් බෑ. කියවල ඒ හාදයා කියන දේ තේරුං ගන්නත් බෑ. අන්තිමට අපි තේරුං ගත්ත එක මේකයි කිව්වම ඒකට ලකුණූ බිංදුවයි. ඔන්න ඔහොමයි කවි. ඒත් මේ සක්වාලිහිණි පොත කියවං යද්දි හරි අමුතු විදියට එක එක කවි එක එක විදියට පයට ගැට ගහල වගේ හැගීමක් ආවා. අන්න ඒකත් එක්ක කවි යුරේකා.. විරේකා නෙමෙයි වෙන්න ගත්තා. ඒකෙන් මේකෙන් මහගම සේකර කියන හාදයා තවත් කවි පොත් ලියල තියෙයි කියල ඒකෙන්ම හොයාගෙන් ඒවත් හොයාගන්න මහන්සි උනා. ඔය විදියට මහගම සේකර ලියපු කවි පොත් කිහිපය උඩින් පල්ලෙන් කියවද්දි තමා “ප්‍රබුද්ධ“ හමු උනේ. ඒ කවි පොත හරියට පාර පෙන්නන යාළුවෙක් වගේ ළගින්ම ඉන්න කොට මේ කවි මිහිර හිතට දැනුනා. ඔහේලට කියන්න මාත් ඔය සේකරගේ කවි එහෙම කියවල ඒ කාලේ කවි පොත් ලිව්ව කියල මතක ඇති නේද? ඔව් ඉතිං දුකයි තමා සමාර කවි පොත් අනං මනං පුච්චල දාන්නත් උනා. ඒකට වග කියන්න ඕන අර ඩුඩ්.. මොකද මිනිහත් ඒවා පුච්චපු විත්තියක් මට ලාවට වගේ මතකයි.  ඉතිං ඔය කවි ලියපු පොත් වල අන්තිමම අන්තිම පොත, ඒක පිටු අසුවක කොටුරූල් පොතක් විතරක් යන්තං ඉතිරි වෙලා තාමත් ඔපිසියේ ලාච්චුවක වැඩ ඉන්නවා. මං අරගෙන බැලුවා ඒකේ මුලින්ම මොකක්ද ලියල තියෙන්නේ කියලා.. අහන්නත් දෙයක්යැ.. ඔන්න බලන්න පින්තුරේ.


ඔය විදියට සේකරගෙන් මගේ ජීවිතේට ලොකු බලපැමක් ඇති උනා. ජීවිතේට ඇහැ අැරල නොබලන සමහර දේවල් දිහා ආයාසයකින් තොරව ඇස් ඇරල බලන්න පුලුවන් කම ලැබුනා. ඔන්න ඔය විදියට තමා සේකර නින්ද යන සිංදු හෙමත් ලියල තියෙනවා කියල දැනගත්තේ.. අනේ මන්දා ඊට පස්සේ නං ඔව්වට නින්ද යන සිංදු කියල කියන්නේ නෑමයි කියල හිතාගත්තා. අන්න එදා ඉදල මාත් අමරදේව මාස්ටර්ගේ නින්ද නොයන සිංදු අහන්න ගත්තා.

එකිනෙකට වෙනස් වූ අමරදේවගේ මෙලඩි නිසාත් ඒ කටහඩ නිසාත්, ඒ කටහඩ විරහවට අපුරුවට ගැලපෙන විරහී හඩක් කියල කියන්න පුළුවන්. අර මාගල් රවි උන්නැහැ කිව්ව වගේ මින්දද හී සර සිංදුවට මාත් බෝම මනාපයි. බීපු දවසට එක පාරට දෙපාරක් කියන සිංදුවක් ඒක... මං හිතන්නේ ඒක විතරයි මට කියන්න පුළුවන් එකම සිංදුව. ඒ උනාට විරහ දුක විදින කොට අමරදේව මාස්ටර්ගේ සිංදු වලින් හිතට කටු අනින්න ගන්න සිංදුව මෙන්න මේක. 

පෙම් රළ පතරින්.. 
නිබඳව නැහැවෙන.. 
මිනිස් හඩින් තොර පාලු දිවයිනේ... 
මා තනිකරදා පාවෙන ඔබගේ 
ජීවන නෞකා නොබිදේවා

“මා තනිකරදා පාවෙන ඔබගේ ජීවන නෞකා නොබිදේවා“ ඕකේ තේරුම හරියට ආවද දන්නෑ උනත් ට්‍රයි කරපු ක්‍රෂ් වෙන කොල්ලන් එක්ක යාළු වෙලා ඉන්නව දකින කොට ගෙදරට වෙලා හූල්ල හූල්ල ඔය කෑල්ල ඇහුවත් හිතට සැපයි.. නැද්ද මං අහන්නේ.

ඒ වගේම තව ලස්සන සිංදුවක් තමා පිපුන කුසුම පරවූවා.. බබර කිකිණි ගොළු උනා

ඔය අතරේ මට ඒ දවස් වල සංගීත පිස්සුවකුත් තිබුනා. මාස්ටර් මැන්ඩලින් ගහනවා වගේ ගෙදර වයලීන් ගහල ඒක පුරුදු උනා වගේ මාත් වයලීන් ගහන්න පුරුදු උනා. ඒත් මට ඒක හරියන්නෑ. මං දක්ෂ නෑනේ. ඉතිං මම ඕර්ගන් එකට මාරු උනා. ඒක කියල පහසුවක්යැ. ඒ්ත් මාස්ටර්ගේ සඳ හොරෙන් හොරෙන් බලා වළාකුලක සැගවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා සිංදුවේ ටට ටට ටා ටට ටට ටා කියල ඉන්ටෝ කෑල්ලක් තියෙනවා. අන්න ඒකනං මරුවට මට ඔර්ගන් එකෙන් ගහන්න පුලුවන්.  CC DD C CC DD C.. බැරි අය මගෙන් ඉගෙන ගන ඕක ගහල බලන්න.. පර්ෆෙක්ට් ආ..

මං කටුබැද්දේ අවුරුදු ගානක් තෙපර බාන වෙලාවේ ඔය පැත්තෙ කම්පීටර් සර් කෙනෙක් අල්ලගෙන කම්පීතර කරුණු ටිකක් ඉගෙන කියාගත්තා. එයා ඉතිං ටික කාලයක් යද්දි මගේ හොද ප්‍රෙන්ඩ් කෙනෙකුත් උනා. මිනිහගේ ගෙවලුත් කොරළවැල්ලේ.. නෑ ඇල්බට් නෙමෙයි වෙන නමක් තිබුනේ. කොහොම හරි මේ හාදයා මාව ගෝල්පේස් කෝට් වල තිබුන කම්පීතර ක්ලාස් එකක සී+ කරන්න ක්ලාස් එකකට දැම්මා. පොරත් යනවා මාත් එක්ක. අපි යන්නෙත් කෝචිචියේ. ගිහිල්ලා එන ගමන් ගල්කිස්සට වෙලා ටික වෙලාවක් ඉන්නවා කෝචිචිය මාරු වෙන්න. අන්න ඒ අතරෙදි මිනිහා අනිවා කියන සිංදුවක් තියේ. ඒක තමා

කරදර පොදි බැද
ගැලපිට පටවා
කරුමයේ කරගොනු
පෙරටුව අරගෙන
මේ ජිවන මග අපි යනවා

ඔය සින්දුවත් ජාතික ගීය තරමටම හිතට වැදුන එකක්. 

කොාහොම උනත් මාස්ටර් මේ කාලේ ඇතුලත අපිට හිතට කරදර ආපු වෙලාවට ඒ කරදර වැඩි කරන්න දීපු සහයෝගය අමතක කරන්න පුළුවන්ද? ඔය ඔකකෝමටත් හරි යන්න. මෙන්න අමරදේවගේ මං වැඩියෙන්ම අහපු සිංදුව.. ජනප්‍රිය නැති උනත්.. ඔබේ දැසයි ඔබේ දැසයි පැටලිලි සහගතයි මට.

සුභ ගමන් මාස්ටර්.. තැන්ක්ස් ෆෝ බීයින් විත් අස්..


Saturday, June 28, 2014

පුන්ප්‍රියා!!

පොඩි කාලේ ඉදලම ඉතිං මට එක එක ලව් සින්කෝන් කිහිපයක්ම තිබුනා නෙව. ඔය වයසට එහෙම නොකර ඇහැක.. 

එක වතාවක් අපේ ගෙවල් අහල පහලම හිටිය බෝම සුරූපි කෙල්ලෙක්.. මට වැඩිය අවුරුද්දක් බාල උනාට මේ දැරිවි මට වඩා උසට මහතට හිටියේ. අපේ ඉස්කෝලේට අල්ලපු ඉස්කෝලේ තමා එයා හිටියේ. කොහොම හරි මේකිගේ උස, මහත, පුෂ්ටිමත් (ඔව් අනේ ඔක්කෝම පුෂ්ටිමත්) සරීර කුඩුව හින්දම වෙන්ටැ අපරදිග සංගීත කණ්ඩායටම තෝරගෙන තිබුනේ. එක දවසක් බෑන්ඩ් එක ෆුල් කලර්ස් වලින් හිටිය වෙලාවක මම දැක්කා මේකි ඉස්සරහින්ම අර “කොම්බුව“ උස්සගෙන යනවා. ඇස් වහක් කටවහක් නෑ.. ලස්සනේ බැරුවා. ඇස්අග පාට කරල, කම්මුල් දෙකේ රෝසපාට ගොඩාක් තවරල, දිගට තිබුන කොණ්ඩේ උඩට බෝලයක් වගේ ගැට ගහගෙන තැල්ලකුත් දාලා, ඒ මදිවට කන්දෙකේ එල්ලෙන තෝඩු දාගෙන, ලස්සන ඇඳුමයි බුරිය පේන සුදු බඩයි දැක්කම මට ඉවසුම් නැති උනා. ඒ පාර ඉතිං ෆුල් ට්‍රයි කරා මේකිව අල්ලගන්න. කියන්න අමතක උනා ඔය බෑන්ඩ් එකේ කොම්බුව ගෙනියන නිසා ඒකි නිකම්ම කොම්බුව උනා.

කොයි තරං ට්‍රයි කරත්, බෑන්ඩ් එකේ හිටිය උණටද මන්දා මට සුහද ප්‍රතිචාරයක් ලැබුනෙම නැහැ. තවත් බෑ ඉවසන්න කියල මම පාරෙදි මේකි එනකොට අල්ලගෙන කතා කළා. ඒක ඉතිං එකම තැටියේ කතාව තමා.

“සුරේකා.. චුට්ටක් ඉන්න“

“ඇයි“

“මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕන“

“හරි. කියන්න මොකක්ද ඉතිං“

“එහෙම බෑ සුරේකා.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා“

“මොකද බැරි.. දැං කිව්වනං හරිනේ“

“එහෙම නෙමෙයි මට ඔයාව තනියම හම්බු වෙන්නයි ඕන“

“මොන වදයක්ද.. මම මේ තනියම තමා ඉන්නේ“

“අයියෝ.. ඔයාට තේරෙන්නෑ නේ“

“මේ අයියේ.. නිකං බබා නොවී කියනවා.. මට ලව් නේද?? සොරි තමා.. ඔයාට මං කැමති නෑ.. දැං හරිනේ“

“හෑ....“

ඔච්චර තමා.. මගේ කට බලිකට වගේ ඇරුනා මේකිගේ කටේ සද්දෙට. මොනා කරන්නද, මං හිතාන උන්නේ කල්ප ගානක් පෙරුම් පුරලා තමා මට මෙයැයිව හමු උනේ කියල. වැඩේ හරිගියානං බෝධි පුජාවක් තියන්නත් මං කල්පනා කරලයි තිබුනේ. දැං ඉතිං මොනවා කරන්නද?

ඒ දවස් වල අපිට තිබුනේ JVC කැසට් ප්ලේයර් එකක්. ඒකේ තනි ස්පීකර් එකයි තිබුනේ. මම රෙකෝඩ් බාර් එකෙන් රෙකෝඩ් කරගෙන ආපු පීස් කෑල්ලක් දාලා බෝම දුකින් සුසුම් හෙලමින් ඉන්න කොට... මෙන්න ඇහෙනවා සින්දුවක්.. පපුව පැලිල මං මැරෙන්නම ගියා එදානං..

සෙව්වන්දියකට පෙම් බැන්දා
ආසා දහසක් රස වින්දා


ඔය වගේම තවත් ලව් සිද්ධියකදී බූට් එක කාලා ගෙදර ඇවිත් දාපු කැසට් එකේ තිබුනේ..

අඳුර අඳුර මගේ..
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා 
තනිකර එළියේ

මට මේ සිංදු මතක් උනේ. ක්ලැරන්ස්, මිල්ටන් පරම්පරාවේ අපේ කාලයේ බෝම ලස්සන සරල ගීත ගායනා කරපු දෙන්නෙක් මතක් වෙව්ව නිසයි.

එක්කෙනෙක් ප්‍රියා සූරියසේන
අනෙකා පුන්සිරි සොයිසා

ඒකාකාරි ගීත රචනා, තනු හරහා හැමෝම මේ කාලේ පුදුම විදියට ඒකාකාරි වෙලා ඉද්දි, අහම්බෙන් හරි ඇහෙන මේ වගේ ගීත හරහා මම නං අතීතයටම යනවා. නිතර නිතර නොඇසුනත් කොතනදි පුන්සිරි හෝ ප්‍රියා ගයන ගීතයක් ඇහුනම මගේ ඇගේ මවිල් කෙලින් වෙනවා. අපි ඒ දවස් ඒ ගීත වල වචන රසයෙන් කොයි තරං මත් වෙලා හිටියද, ඒ ගීත කොයි තරං අපේ ජීවිත වලට සමීප උනාද කියල දැනෙන කොට. හුගක් වෙලාවට ඒ කාලේ මම නං මගේ ජීවිතේ එක එක සිද්ධි වලදි යම් යම් ගීත වලට කැමති උනා. ඒවා එක දිගට අහන්නේ. ඒක නිසා ජීවිත සංසිද්ධි මතක් කරගන්න දැන් උනත් ඔය ගීතයක් ඇහුනම ඇති.

කොහොම හරි පුන්සිරිලා, ප්‍රියාලා මහන්සි වෙලා කරපු ගීත දැං මාධ්‍යෙයන් වාරණය කරල නෙව තියෙන්නේ. සිංදුවක් දාන්න නං ඉතිං ඒ යක්කුන්ට දොළ පිදේනි දෙන්න එපායැ. වර්තමාන තරුණ පරපුරට තමා ලොකුම පාඩුව මේ වගේ දේවල් වලින් වෙන්නේ. අපිට සරල ගීතයේ හා නව සංගීත සංයෝජනයේ පුමුඛ අය විදියට ක්ලැරන්ස්, මිල්ටන්, ප්‍රියා වගේම පුන්සිරිත් සලකන්න පුළුවන්. පුන්සිරි නං මම හිතන්නේ 70 දශකයේ ඉදලම ගීත ගායනා කරනවා. 

නිකං ඉන්න එකේ පරණ සිංදු දෙක තුනක් අහලම බලමු නේද?

යු ටියුබ් සිංදු


Monday, January 6, 2014

තට්ට සිංදු!!

ළමායි මේක සින්දු කියන්න හොද වෙලාවක් නෙමෙයි. මොකද අපේ හිතවත් හැලපයියගේ මෑණියන් ටික දිනක සිට අසනීපයෙන් පසුවීමෙන් අනතුරුව ඊයේ දිනයේදි අභාවප්‍රාප්ත වෙලා තියෙන හින්දා. අපි එතුමියට සුභ ගමන් කියා පතමු.. ඒ වගේම හැලප ඇතුළු පවුලේ සැමටම අපගේ ශොකයත් මේ අවස්ථාවේදීම පල කරනවා.

හරි. දැං කතාව.. ලංකාවේ ගීතයක් පටිගත කරපු දවසේ ඉදල... නෑ  ඊටත් කලින් ඉදල ඒ කියන්නේ නුර්ති ගී වලටත් කලින් ජන ගායනා කාලේ ඉදලම කොයි තරං ගායක ගායිකාවෝ ලංකාවේ හිටියද? ඒ අතරින් අප කවදත් ආදරයෙන් මතක් කරන, ලබැදි කලාකරුවන් බොහොමයක් හිටිය උනාට, එළියට ආපු ගායකයන්ගෙන් වැඩිම පිරිසක් ගැන අපි ඇත්තටම දන්නේ නැහැ. අඩුගානේ මොකක් උනාද කියලවත්. ඒකට නමක් මතක තියෙන්නවත් එපායැ.

ඒ වගේම දයානන්ද රත්නායකයන්, ගීපැදුර වගේ තැන් වලදී අප නොදන්නා කලාකරුවන් රාශියක් ගැන තොරතුරු දැනගන්න ලැබිල තියෙනවා. ඒක ලොකු සේවයක්. ජයතිලක බණ්ඩාර නම් ගායන ශිල්පියා ගැන මට මතක හැටියට හොද අනාවරණයක් කලා යසනාත් ධම්මික බණ්ඩාරයන්.

මේ විදියට කතා කරාට ගායන ලෝකයට ඇවිත් පොප්කෝන් එකක් වගේ පිම්බිල එක පාරටම ආයේ පිපිරිල යන අය කොයි තරංද? එහෙම බැලුවොත් මේ කාලේ දි ලංකාවේ ජනගහනයෙන් තුනෙක් එකක් විතරම ගායකයෝ. ඇයි අනේ අපේ හොදම ගායකයෝ 226 ක් ම ඉන්නේ.. (225 ක් දියවන්නාවේ. එකෙක් අරලිය ගහේ) හැක්

කොහොම උනත් දක්ෂ ගායක/ගායිකාවන් ලංකාවේ බිහිවෙනවා. ඒ අය තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරනවා. ඒ වගේම කොයි තරං දක්ෂ උනත් තමන්ගේ නිර්මාණ හරි හැටි මාර්කට් කර නොගත්ත පිරිසකුත් ඉන්නවා. තවත් කොට්ඨාශයක් ඉන්නවා තමන්ගේ දක්ෂතාවය නිසි පරිදි හදුනානොගෙන වල් බිහි වෙලා ඉන්න අය. ඒ අය කරන නිර්මාණ අටුකොස් ගානට වැටෙනවා. උණු වතුර වැටුනම හරියට ඇඹරිල යනවා වගේ. කොහොම උනත් තමන් දක්ෂයෙක් බව ඔවුන් දන්නවා ඇති. නමුත් ඒ දක්ෂකම කුමන ආකාරයෙන් එළියට අරගෙන නිර්මාණ කාර්යයේ යොදවනවද කියල නොදැන ඉන්න එක කොයි තරං මෝඩ කමක්ද? සමහර විට මම කියන දේ මෝඩ වෙන්නත් පුළුවන් සාපේක්ෂව.

ඒ විදියට තමන්ගේ දක්ෂතාවය නිකම්ම වේදිකා වල දියකොට හරින ගායකයන් දෙන්නෙක් මම දන්නවා. එක්කෙනෙක් මම කාලයක් තිස්සෙම ඇහැ ගහගෙන ඉන්න, ඇත්තටම මම ආසාවෙන් රස විදින ගීත කිහිපයකම හිමිකරුවෙක්. 

ඔහු සංගීත් විජේසුරිය. 

ලා පවුලකින් පැවත එන ඔහු හැබෑ දක්ෂයෙක්. ඕනැම ගීතයක් ඒ අයුරින්ම හෝ නවතාවයෙන් යුතුව හෝ ඒ ඒ සියුම් තැන අති ප්‍රභල ලෙස උකහාගෙන ඒ අයුරින්ම ඉදිරිපත් කළ හැකි කෙනෙක්. ඒ තරම්ම දක්ෂයෙක්. මට මතකයි එක් වරක් ඔහු වෙසක් බැති ගීයක් ගැයුවා. ඒ ගීතය ඇහුවම මට හිතුනේ සංගීත් මොන තරං දක්ෂද කියලයි. ඒත් මොනව උනත් සංගීත් තමන්ගේ දක්ෂතාවය හරියට තක්සේරු කරගෙන නැහැ. ඔහුගේ බොහොමයක් නිර්මාණ වල ගායනය ඉතා විශිෂ්ටයි. ගායනය මිහිරි කල හැකි විවිධ වූ සාධනීය ලක්ෂණ ඒ කියන්නේ ගීතයේ ස්වර නැවීම් (හුගක් අය ඒකට කියන්නේ ගීතයේ ස්පර්ශිත තැන් කියලයි) බොහොම සුමට විදියට හසුරුවන්න ලොකු හැකියාවක් තියෙනවා. ඒ වගේ හැකියාවන් මම දැක තියෙනවා විශිෂ්ට ගායකයන්ගේ.

මුලින්ම බ්ලුෂැඩෝස් එක්ක ඔහු එළියට ආවේ මට මතක හැටියට සිරියලතා එක්කයි. ඉන් පසුව අගේ ඇති නිර්මාණ එකතුවක් වූ සැවැන්දරි ඔහු එළිදැක්වුවා. මම තවමත් ඒක ගීත ගොන්න හැබෑටම රස විදිනවා. මල් පෙරහර, ලස්සන ලස්සන, අම්මා, මගේ සුසුමේ මං කැමතිම ගීත කිහිපයක්. ඒවගේම අර බඹරා වගේ විසේ කාරයා ඒකත් ලස්සන සුමට නැවීම් සහිත ගායනයක්. මල් පෙරහැර ඒ අතරින් මං කැමතිම එක.


මම සඳහන් කරපු අනිත් ගායකයා කවීෂ කවිරාජ්. 

ඔහු කෙලින්ම ප්‍රසංග වේදිකාවෙන් එළියට ආපු කෙනෙක්. විශේෂයෙන්ම සදහන් කරන්න ඕන ඔහු මට මතක විදියට ඒ කියන්නේ පර්පල් රේන්ජ් අය කියන විදියට ඒ කණ්ඩායමෙන් එළීයට ආපු ගායකයෙක්. පසුව ඔහු ඕල්රයිට් කණ්ඩායමෙත් හිටියා. හැබැයි දැං ආයිත් පර්පල් රේන්ජ් එකේම ඉන්න බව තමයි මට දැනගන්න ලැබුනේ. ඔහුත් හරියට සංගීත් වගේම තට්ට මදයෙක්. මේ තට්ට මදයත් ඕනම සින්දුවක් විශිෂ්ට ලෙසම ගායනා කල හැකි අයෙක්. තව දුරටත් සතත අභ්‍යාසයේ යෙදේ නම් ලංකාවට පෑයු හොදම ගායන තරුවක් වීමේ ගති ලක්ෂණ ඔහුට තියෙනවා. වැදගත්ම දේ ඕනම ගායකයෙකුගේ ගීතයක් ඔහුට ප්‍රසංග වේදිකාවේදි ඒ අයුරින්ම (මම කිව්වේ එ හඩම නොවේ. ඒ ගති ලක්ෂණ) ගායනා කල හැකි විස්මිත හැකියාවක් තියෙනවා. ඔය සංගීත්ගේ ගීත පවා අගේට ඔහු ගායනා කරනවා. ඒ වගේම ජෝති වගේ අයගේ ගීත පවා මනරම්ව ගායනා කරන ආකාරය මම දැක තියෙනවා. ඔහුත් මට හිතෙන විදියට තමන්ගේ දක්ෂතාවය නිසි පරිදි හදුනානොගත් හා තමන් යායුතු ඉදිරි ගමන ප්‍රසංග වේදිකාවම පමණයි කියා හිතා ඉන්න විදියේ කෙනෙක්. හොද මග පෙන්වීමක් ඇත්නම් කාලාන්තරයක් පුරාම තම නම පවත්වාගෙන යා හැකි මට්ටමේ හොද ගායකයෙක්.

අපට, මේ රටට වෙලා තියෙන එකම හෙනේ ඕක තමා. තමන් කරන්න ඕන දේ හරියට නොදැන තමන්ට නොගැලපෙන දෙයක් අල්ලන් ඒක තමා හරියන්නේ කියල හිතාගෙන වැඩ කරන එක. හරියට මං වගේ.. බ්ලොග් ලියනවා.. හැබැයි ඒක මම කරන්න නොදන්න දෙයක් කියල තේරුං නොගෙන.. හැක් හැක්.

අපි මේ ගායකයන් දෙදෙනාට හොද නිර්මාණ (සරල රස විදන්දය සදහා කඨෝර ශබ්ද වලින් තොර) කිහිපයක් හෝ රටට තිළිණ කරන්නට හැකි වේවායි පතමු. කවීෂත් ගීත ඇල්බම් එකක් කරල තිබුනා.. ඒක පෙම්බරි වගේ මට මතක. මම මිනිහගේ අහල තියෙන සිංදුව ඇස් ආදරෙන් පුරෝනා. අනිත් ඒවත් අහල ඇති. ඒත් ඉතිං ගායකයා මොකාද කියල ඔය චැනල් වල කියන එකක්යැ.



ප.ලි.. අර අපේ අහිංසක අසරණ නාකි විචාරක උන්දැ දැං අකුරු තදෙන් (වර්ඩ්ප්‍රෙස්) අයින් වෙලා නෙව. ඔන්න අපිට කරදර කරන්න බ්ලොගර් එකවුන්ට් එකක් හදාන ඇවිත්.. පොඩ්ඩක් ගිහිල්ල ෆලෝ කරල ආවානං හෙම නාකි විසේට සන්තෝස හිතේවි..

ප.ප.ලි - සංගීත්ගේ අගටන්නා ගීතයේ ගේය පද රචකයා අපේ දයානන්ද රත්නායකයන් කියල මම අදයි දැන ගත්තේ.. ඒත් තිසර කොතන හරි දාපු ප්‍රතිචාරයක් නිසා.. ස්තුතියි තිසර.. මෙන්න ලින්කටුව

Friday, July 19, 2013

ජාතික ගීය ගණිකාවක්ද??

ඊයේ රාත්තිරියේ දේශකයා ගෙදර එන කොට මහ රෑ උනා නෙව. එහෙම ඇවිල්ල පැටව් දෙන්න නිදි නිසා, ටීවී එක දාගත්ත විතරයි, විනාඩි දෙක තුනක් වත් යන්න නෑ, මීයෙක් කෙදිරිගාගෙන වගේ ටීවී එකෙන් සද්දයක් ඇවිත්, “ශ්‍රී ලංකා“ කියල ඇහුන විතරයි තුක් නොදොමකින් කියල මම ටීවි එක වහල දාලා ඇදට පැන්නා. අනේ අම්මප ජාතික ගීයට ගිය කලක්.

ඒ දවස් වල සංගීත සංදර්ශන තිබුන නෙව නහුතෙට අපි ඉස්කෝලේ යන කාලේ. පාර පුරා ලයිට් දාලා, සද්දෙට සිංදු ඇහෙන පිට්ටනියට අපි යන්නේ අන්තිම සින්දුවත් අහල එනවයි කියල හිතාගෙනමයි. දවල්ට ඉස්කෝලේ ගියාට අපි රෑට ඉස්කෝලේ යන එකක්යැ. ඒක නිසා රෑට බාර් එකට ගිහිල්ල පොඩ්ඩක් සප්පායං වෙලා කුඹුර හානවා එළිවෙනකම්ම. ඔය සන්දර්ශනේ ඉවර වෙනවයි කියල පළවෙනි මැසේජ් එක එනකොටම අපි රෂ් එක මගඅරින්න බාගයක් දුරට ඇවිල්ලත් ඉවරයි. ඒත් අන්තිම සින්දුවේ “ශ්‍රී ලංකා“ කියන කොටම ගාල කඩාගත් කුළු හරක් රොත්තක් වගේ හැමෝම කඩි මුඩියේ පිට්ටනියෙන් එළියට එනවා. පාළු පිට්ටිනියේ තනකොළ ටිකටවත් සීරුවෙන් හිටගෙන ඉන්න විදියක් නෑ අඩුම ගානේ. ඇයි මේ කාඩයෝ තණකොළ ටිකත් පාගල පාගල චප්ප කරල නෙව තියෙන්නේ. ඔන්න ඕකයි ජාතික ගීයට ගිය කල. 

ඉස්කෝලෙත් උදේ පාන්දරම තියෙන රැස්වීමෙදි ජාතික ගීය ගායනා කරනවා. මාත් ඒ දවස් වල සංගීත කණ්ඩායමේ මී කතුර (වයලීන්) වාදනය කරා. ජාතික ගීය කියල කියලම දහය එකොළම වසර වෙන කොට කටවත් ඇරෙන්නේ නෑ.. ඒ තරම්ම කට හොර වෙලා. මොන සීරුවෙන් ඉදිල්ලක්ද? මේ මලදානේ මොන වෙලාවේ ඉවර වෙනවද කියල හිතින් බැන බැන ඉන්නේ. අපි ජාතික ගීයට ගරු කරන්නේ එහෙම තමා.

නිකං ඉන්න වෙලාවට “ශ්‍රී ලංකා මාතා. උගේ අම්මට මම ඇරියා“ වගේ සම්භාව්‍ය ගීත එහෙමත් කියල අපි ඒකට තියෙන ගෞරවේ වැඩි කරා. ඉස්කෝලේ සාහිත්‍ය සංගමේ රැස්වීම් වලදියි, ශිෂ්‍ය නායක රැස්වීම් වලදියි ඔය ගැන නිතරම කතා උනා. ළමයි ජාතික ගීයට ගරු කරන්නේ නැතෙයි කියලා. කොහේ ගරු කරන්නද? අපේ හිටියා ජිමා කියල සර් කෙනෙක්. මිනිහා හැම වෙලේම තඩි වේවැලක් අතේ තියන් යන්න පුරුදු උනා. මිනිහා ඕක උරුක් කරල ළමයි බය කරාට කාටවත් ගැහුවේ නෑ. ඒක නිසා අපි තේරුං ගත්තා, ඔය වේවැල තනිකං දෝසෙට අරං යන එකක්ය කියලා. ඒකෙන් මේකෙන් අහිංසක වේවැල තිබ්බ ගෞරවෙත් නැති උනා, බයත් නැති උනා. වේවැල ජිමාගේ අතේ කොච්චර වේව්ල වේව්ල හිටියත් එක කොල්ලෙක් වත් ඒකට බය උනේ නෑ. අන්තිමට ජාතික ගීයයි, වේවැලයි එක සමානයි.

ජාතික ගීය කියන්නේ යම් කිසි ජාතියක් තමන්ගේ ශ්‍රෙෂ්ඨත්වය විදහා දක්වන්නට, ජාත්‍යාලය හදවතේ පුරවගන්න තියෙන බොහොම බලගතු ගීතයක්. එහෙම ජාතික ගීය ගණිකාවක්ගේ තරමටම දැං වැටිල තියෙන්නේ. පහලම දේශපාලන කක්කුට්ටගේ ඉදල, ඉහලම තල්මහ දක්වාම පුක තියාගන්න ටකරං මඩු වල, මිනිස්සු වටවෙන රැස්වීම් කියල අපි කියන ඒවගේ, මොන විදියෙන් හරි ජාතික ගීය කියනවමනේ මහ සද්දෙන්. ඒ වෙලාවට බීපු ඈයෝ කොහේ සීරුවෙන් ඉන්නද? බොරුවට දගලනවා උනාට ජාතික ගීයේ තියෙන වටිනාකමක්වත් මේ යක්කු දන්න එකක්යැ.

අපිටය කියල ජාතික ගීයක් ඉස්සෙල්ලම කිව්වේ ඔය 1949 තිබ්බ ජාතික නිදහස් උත්සවේදි තමා. එතකං අපිත් “රැජින රැකේවා“ (‍God Save the Queen) කියන එංගලන්තේ ජාතික ගීය තෙපර බබා හිටිය ජාතියක් නෙව අපි. සමරකෝන් මහත්තයා ඉස්කෝලේ උගන්නද්දි ඒ ළමයින්ගේ ජාතිමාමකත්වය ඉහල නංවන්නෙයි කියල ලිව්ව කවියක් තමා අන්තිමට අපි ජාතික ගීය විදියට බාර ගත්තේ. 1978 සීයගේ ව්‍යවස්ථාවෙන් ජාතික ගීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ඇතුලත් උනා. හැබැයි ඒකට තියෙන නෛතික අයිතියක් පමණක් ඉතුරු වෙද්දි ජාතික ගීය, එකම බයිලාවක් වී හමාරයි ලංකාවටම. දැං මොන එකාද ජාතික ගීය හැගීමෙන් ගායනා කරන්නේ. ජාතික ගීයේ අවශ්‍යතාවය තියෙන්නේ ඔන්න ඔලිම්පික් මෙඩැල් එක දිනපු සුසන්තිකා හින්දයි, වර්ලඩ් කප් ගත්ත අර්ජුන ගොයියගේ කට්ටියයි හින්දා තමා. ඒකත් මොලෝ රහක් නැති සින්දුවක්ම විතරක් වෙන්නේ බැරි වෙලා හරි ඔය දෙකම ලංකාවේදි ගත්ත නං. ඇත්තටම ලංකාවේ ඉන්න උන්ට ජාතික ගීය ගැන කිසිම හැගිමක් නෑ. ඒක වැදගැම්මකට නැති සිම්බෝල් එකක් ගානටයි දාලා තියෙන්නේ. හැබැයි පිටරටකට වෙලා ඉන්න කොට නං ඔන්න “ශ්‍රී ලංකා මාතා“ කියල ඇහුනත් ඇගේ මවිල් කෙලින් වෙනවා. ඒත් ලංකාවට ආවම ඒ තත්වේ වෙනස් වෙනවා.

මොකක්ද හේතුව.. වෙන මොකක්ද ඉතිං බල්ලටයි කොල්ලටයි, නරියටයි හැම එකාටමයි කිසිම බාධාවකින් තොරව ජාතික ගීය ඉබින්න දීල තියෙන එක තමා. මුන් දන්සැල දෙන්න කලිනුත් ජාතික ගීය දානවා, දහම් පාසල පටන් ගන්න කොටත් ජාතික ගීය දානවා. දැන්නං ඉස්කෝලේ ජාතික ගීය සතියට දවසයි කියන්නේ. ටීවි එක ඉවර උනාමත් ජාතික ගීය දානවා. රේඩියෝ එකත් එහෙමයි. මොකෙක් හරි ආවත් ජාතික ගීය. හැම එකාටම රමණය කරන්න දීපු මේ ජාතික ගීය දැං විකාරයක් වෙලා හමාරයි. අපි ජාතික ගීයේ දෙමළ ප්‍රකාශනය කරන්න ඉඩ දෙන්නෙත් නෑ, ව්‍යවස්ථාවෙන්ම අවශ්‍ය ප්‍රතිපාදන සලසලා තියෙන එකේ. මුං අහන්නේ මොන රටේද ජාතික ගීය බාසා දෙකකින් ගායනා කරන්නේ කියලයි. මෝඩ යක්කුනේ.. බාසා දෙකකින් නෙමෙයි දුසින් ගානකින් කියන ජාතින් පවා ඉන්නවා. ඉන්දියාව ඒකට උදාහරණයක්. බෙල්ජියමේ, කෙන්යාවේ, දකුණූ අප්‍රිකාවෙත් එහෙමයි. බාසා කිහිපයකින් ම ගායනා කරනවා.

මොන හේතුවකට හරි මට නං ජාතික ගීය මගේ ජාතිකාභිමානය නංවන්නේ නෑ. මම දන්න තරමින් ටීවි එකේ ජාතික ගීය යන කොට අපේ පොඩි එකෙක් වත් බලෙන් හිටවන්න බෑ. උන්ටත් ඒක සිංදුවක් විතරයි. පාරේ යන එකෙක් ජාතික ගීය ඇහුනයි කියල පාරේ හිටගන්නවද නෑනේ. එහෙනං මොන මගුලකට, ලංකාවේ තියෙන හැම උත්සවේටම ජාතික ගීය දාන්නේ. ඒකෙන් ජාතික ගීය ගණිකාවක් වෙන එක විතරයි වෙන්නේ. ව්‍යවස්ථා අරව මේවා මොකක් හරි මෙව්ව එකක් කරලා, ජාතික ගීය අත්‍යාවශ්‍යම ජාතික අවශයතා පමණක් වාදනය කරා නං අහවරනේ..නේද??

Saturday, June 1, 2013

එපා අහන්න!!!

මට එක කාලයක් තිබුනා සිංදු කියන්නේ ජීවිතේ වෙච්චි. ඒ කාලේ මොන වැඩේ කරත් සින්දුවක් අහන ගමන් ඉන්නේ. පාරේ ගියත්, නිදාගන්න ගියත්, කන්න ගියත් අඩුම ගානේ ටොයිලට් එකට ගියත් ඔන්න පුංචි පහේ අයිපොඩ් (චයිනීස් එකක්) කනේ තියාගෙන ඕසෙට සින්දු අහනවා. ඊටත් වඩා ආසාව තිබුනේ ක්ලැසිකල් ඉංගිරිසි සින්දු අහන්න. ඒකට වෙං වෙච්චි ගෝල්ඩ් එෆ් එම් එක මගේ කනේ පැළපදියං වෙලයි කිබුනේ.

ඔහොම සින්දු ගැන මගේ තිබ්බ ආසාව ලෙසටම තිබිල, ලෙසටම නැති වෙලා ගියා නෙව. දුකේ බෑ. ලොකු දේශක පැටියා ලැබුනට පස්සේ ඒ හාදයා බෑගිරියෙන් කෑ ගහනවා නිදා ගන්නේ නැතිව. ඉතිං මට මතකයි ඔය හාදය බඩේ ඉදිද්දි මම දානව ප්‍රියාගේ සිඩී දෙක තුනක්ම එක දිගටම. හත්වලාමේ කියන්නේ මිනිහා ෂපාන් එකේ නිදාගන්නවා. ඒක දන්න හින්දා ගිරහෙනියෙක් වගේ අඩන මේකා නලවන්න මං කරන්නේ ප්‍රියාගේ සිඩී එකක් දාන එක. වැඩේ සාර්ථකයි. මිනිහා නිදාගන්නවා.. සීඩී එක නැවතුනාම අයේ අඩනවා.. 

හරි අවුලක් නෑ.. අපි දැං මොන තරං සින්දු අහනවද, බලනවද, මේ දාස් ගානක් වන සින්දු අතරින් චින්තනී මේඛලා ගමගේ කියන දෘෂ්‍යාබාධික උපාධිදාරි තරුණිය ගායනා කරන අහන් ඉන්න ගීතය හරිම සංවේදි වගේම ජයග්‍රාහී ගීතයක්. එහි ගේය පද රචනය අක්ෂි විශේෂඥවරියක් විසින්ම සිදු කර තිබීමත් විශේෂයි. ජයග්‍රාහි කියන්නේ ඇයි ඔප්පු කරල පෙන්නුවා ඇය කාගෙවත් අනුකම්පාව ලබන්න ඕන ආබාධිතයෙක් නොවන බවත්, ඇයත් සාමාන්‍ය අයෙකු බවත්. ඇත්ත අපහසුකම් තියෙනවා. ඒත් හම්බන්තොට වගේ දුෂ්කර ග්‍රාමයක (හරි හරි තව ටික දවසකින් ඔය දුෂ්කර කියන එකට අති සුඛෝපභෝගි කියන එක දාන්න හැකියි) උපතින්ම දෙනෙත් අන්ධව ඉපදී, ඉගෙන ගෙන තමන්ට ඇති හැකියාවෙනුත් උපරිම දෙයක් කරපු ඇය ගැන ඇත්තටම ආඩම්බර වෙන්න හැකියි.

අනික මේ ගීතයේ විෂුවල් එක, එහි කළු සුදු රූප රචනය එක් වරම අප වෙනස් ලොවකට ගෙනයන්න සමත් වෙනවා. ඒ වගේම ගීතය පුරාම එහි රූප රචනය ඉතා ප්‍රභලයි. එයින් ජනිත් වෙනවා ආබාධිතයන් වෙනස් අයෙක් හෝ විශේෂයෙන් සැළකිය යුතු කණ්ඩායමක් නොවන බව. මා මෙතෙක් කල් දැක්ක ඉතාම සාර්ථක ගීතයක් හා රෑප රචනයක් තමා මෙහි තියෙන්නේ. රස විදිමට කිසිදු බාධාවක් නැතිවා වගේම, ගායිකාවගේ ආබාධිත ඇස් දෙක හා ඇගේ හැගීම් දනවන මුහුණ මතුකිරීමෙන්ම ඇය හදවතින් යමක් මුමුණන බව සැක නැතිවම බලාගන්න හැකියි.

චින්තනී ඉතා අමාරුවෙන් ඉගෙන ගෙන උසස් පෙළ සමත් වෙලා, සංගීතය උසස් අධ්‍යාපනය විදියට කරන්න උත්සාහ කරත් ඇයට ඒ කියන්නේ දෘෂ්‍යාබාධීක අයට බටහිර සංගීතය ඉගෙනගැනීමට ලංකාව තුල ක්‍රමයක් නොතීබීම හේතුවෙන් ඇයට සිද්ධ උනා ජපුර වෙතින් බෞද්ධ දර්ශනය පිළීබද උපාධීයක් ලබා ගන්න.

ඇයගේ මේ ගීතය ජනප්‍රිය වීම ඉතා වටිනව වෙන්නේ එහි අදහස ඉතාමත් ළගන්නා සුළු හා තණුවද ඉතා සාර්ථක එකක් වීම මතයි. එතැනදී අපට ලැබෙන හොදම අදහස මං හිතන්නේ රෑප රචනයේදි පෙන්නුම් කරනවා වගේ THEY ARE NOT DISABLED, DIFFERENTLY ABLE" කියන කාරණාව මතු වෙනවා කියන එකයි. අනික මම හිතන්නේ අප ඔවුනට අනවශ්‍ය ලෙස අනුකම්පා කිරීමක් නොව මිත්‍රත්වයෙන් උදව් කිරීමක් කළ යුතු බවයි. ඔබ රස විද  ඇති ගීතය. ඒත් ඒක ඇත්තටම රස විදිය යුතුම ගීතයක්. (ගීතය ආරම්භයේදි එන පියානෝ සොලෝ එක මොන තරං හැගීමක් දෙනවද..)



Wednesday, December 12, 2012

අනේ හැන්රි ඔය හිල වහන්නකෝ..

හා හා දැං ඉතිං ඔය උන්දැල කලබල වෙලා ඇරල තියෙන හිල්, අරව මේවා වහන්න හිල් හොයන්න පටන් ගන්න එපා. මොකද පොඩි කාලේ ඉදලම කොල්ලන්ට හිල් හොයන්නයි, කෙල්ලන්ට හිල් හදන්නයි නෙව අපේ මේ සංස්කෘත්‍යෙයන් පුරුදු පුහුණු කරල තියෙන්නේ.. හැක්.. 

හැම තැනම හිල් කියල අපි හැමෝම දන්නවනේ.. පෘතිවියේ ඕසොන් වියනේ හිල්, පොළවේ පට්ට ආවාට සයිස් හිල්, හරි හරි ඔන්න අධිකරණ ක්‍රියාවලියේ ඉන්න ලොකු නෝනගේ හිල් වහන්ට තවත් ඊට වැඩිය ලොකු හිල් තියෙන දියවන්නා බොරු හිලෙන් තේරිම් කාරක සභාවක් පත් කරා නෙව.. හිල් හොයන්න... එතකොට තමා ඔය හිල් හිල් ඩබල් හිල් වෙලා දැං අපිටත් හිල් පේන්නේ.. ආ.. මාතලං ගොයියා ඒ හිල පේන්න සිංදුවකුත් හැදුව නෙව..

ඒකෙන් කාරි නෑ.. මේක හරි සුන්දර හිලක්.. පනිට්ටුවේ හිලක්.. පොඩි කාලේ අපි අහපු සිංදුවක්.. මේ ඒ සින්දුව තමා.

 "A hole in the bucket". මතකද?? ඔන්න දැම්මා lyrics ටික..


There's a hole in my bucket, dear Liza, dear Liza

There's a hole in my bucket, dear Liza, a hole

Then mend it, dear Henry, dear Henry, dear Henry

Then mend it, dear Henry, dear Henry, then mend it

With what shall I mend it, dear Liza, dear Liza?

With what shall I mend it, dear Liza, with what?

With some straw, dear Henry, dear Henry, dear Henry

With some straw, dear Henry, dear Henry, some straw

The straw is too long, dear Liza, dear Liza

The straw is too long, dear Liza, too long

Then cut it, dear Henry, dear Henry, dear Henry

Then cut it, dear Henry, dear Henry, then cut it

With what shall I cut it, dear Liza, dear Liza?

With what shall I cut it, dear Liza, with what?

With a knife, dear Henry, dear Henry, dear Henry

With a knife, dear Henry, dear Henry, with a knife

The knife is too dull, dear Liza, dear Liza

The knife is too dull, dear Liza, too dull

Then sharpen it, dear Henry, dear Henry, dear Henry

Then sharpen it, dear Henry, dear Henry, sharpen it

With what shall I sharpen it, dear Liza, dear Liza?

With what shall I sharpen it, dear Liza, with what?

With a stone, dear Henry, dear Henry, dear Henry

With a stone, dear Henry, dear Henry, with a stone

The stone is too dry, dear Liza, dear Liza

The stone is too dry, dear Liza, too dry

Then wet it, dear Henry, dear Henry, dear Henry

Then wet it, dear Henry, dear Henry, then wet it

With what shall I wet it, dear Liza, dear Liza?

With what shall I wet it, dear Liza, with what?

With water, dear Henry, dear Henry, dear Henry

With water, dear Henry, dear Henry, with water

In what shall I get it, dear Liza, dear Liza?

In what shall I get it, dear Liza, in what?

In a bucket dear Henry, dear Henry, dear Henry

In a bucket dear Henry, dear Henry, in a bucket

There's a hole in my bucket, dear Liza, dear Liza

There's a hole in my bucket, dear Liza, a hole



මම නං ඒ දවස් වල ඔය සින්දුව යනකං ඉංග්‍රිසි වෙළද සේවයෙන් කන අහකට ගන්නෙම නෑ.. මොකද අනිවාර්යෙයන් දවසට තුන් පාරක් වත් ඕක වාදනය කරනවා.. පොඩි ළමයෙක් උන දේශකයාට ඒ සිංදුවේ තියෙන වචන ටික හොදට තේරෙන හින්ද බඩට ගගහා හිනහ වෙවි අහන්න පුළුවන් උනා.. ඒ තරම්ම සරලයි පැහැදිලියි. ඒ සිංදුව කියන ගායකයා හා ගායිකාව මොන විදියකින් වත් ඒක තවත් එක් ඉංග්‍රිසි ගීතයක් කරන්න උත්සාහ දරල තිබුනේ නෑ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ළමා ගීයක් කියල කියන ගතිය ඒකේ තිබුනා.. 

තව එකක් කියන්න ඕන මේ සිංදුවේ, පොඩි දේශකයා දන්න වචන තියෙන හින්දා නොදන්න වචන කිහිපයකුත් තියෙන බව කනට ඇහුනම දිගින් දිගටම අහල අහල ඒවා මොනවද කියල හොයාගෙන මුළු සිංදුවම කට පාඩං කර ගන්න උත්සාහ කරා. ඒ අතිං බැලුවම මට ඉංගිරිසි වලට ආසාව වැඩෙන්න පොඩි ප්‍රමුද්දීපන (inspire හිරුවෝ වචනේ හරිනේ බං) පාරකුත් ලැබුන විත්තිය සහසුද්දෙන්ම කියන්න ඕන වගේම ඔය ජර්මන් මාමාලයි පෙන්සිල්වේනියා මාමලටයි ස්තුති පාරකුත් දාන්න ඕන.

සරි... දැං කොහොමද ජර්මන් කතාවක් ආවේ. මෙහෙමයි මේ ගීතය ක්‍රි. ව. 1700 කාලයේදි මුලින්ම ජර්මානු ජන ගීයක් විදියට මූලාරම්භ වෙලා පසුව 1858 දී නැවත ගී නිර්මාණ එකතුවකට ජර්මානු බසින් ගායනා කරන ලද ගීතයක්. මුලින්ම බකට් කියන වචනෙට තිබිල තියෙන්නේ ජග් කියන වචනය.. ඊටත් පස්සේ නැවත ගායනා කරල මේක ජර්මනිය තුල ජනප්‍රිය උනාම 1949 දී මෙම ගීතය ඉංගීසි බසින් ගායනා වෙනවා පෙන්සිල්වේනියාවේදි Pennsylvania Songs and Legends කියන ගී නිර්මාණ එකතුවට, පසුව හෙබෘ වැනි භාෂා වලිනුත් ගීතය ගායනා වෙලා තියෙනවා. ඒ වගේම මේ ගීතය පදනම් වූ ළමා කතාවක් 2010 දී ඇමරිකාවේ නැවත පළ වී තියෙනවා. හරියටම කියනවනං මේ ගීතයේ කඩඉම වන්නේ Harry Belafonte සහ Odetta විසින් නැවත ගායනා කර පටිගත කරන ලද ගීතයයි. එය 1961 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ගීත දර්ශකයින් හි 32 වන ස්ථානය කරා ලගා වී තිබෙනවා.. දැනට අපි අහන ගීතය තමා මේ.

ඉතිං මේක මගේ පුංචි කාලේ අහන්න ලැබුන වටිනාම ගීතයක්. තාමත් ඒ රසය සක්මන් කරනවා.. ගීතය අවසන් වෙන අවසන් වැකියෙදි එන හිනාව නවත්තගන්න සෑහෙන්න වෙලාවක් ගියා ඒ දවස් වල...

හෙහ්.. අන්තිමට බැලුවම මේ බකට් එකේ හිල නෙව.. 

ඔන්න තියෙනවා සිංදුව



මේ විස්තර හොයාගත්තේ විකිපිටුවෙන් බව කියන්න ඕනද???