Wednesday, April 19, 2023

අල්තයීර් නුඹ සමු අරන්!

ජීවිතයේ බොහොම සුන්ර මතකයන් එක්කල බ්ලොග් ලෝකයේ සැරිසරයන් අතරේ ඉතාම තරණ වයසින් බ්ලොග් ලෝකයට පිවිස අල්තයීර් නමින් (ඊට පෙර කරූගේ ලෝකය දැයි කුකුසක් පවතී) අල්තයීර්ගේ ලෝකය නම් බ්ලොගය පවත්වාගෙන ගිය බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න මිත්‍රයා ඊයේ හදිසියේම අප අතරින් වෙන්ව ගොස් බව අද උදෑසන දැන ගැනීමෙන් ඇති වූ දැඩි පීඩනය මා මඟ හරවා ගත්තේ වසර දහයක පමණ සිට පවතින අපේ දුරස්ථ මිතුදමේ සැමරුම් ඩන්හිල් තුනකින් පිරවීමෙනි. තම තරුණ කාලයේ අසීමිත ජවයකින් බොහෝ දේ කල බුද්ධි අප මෙන්ම ෆෙස්බුක් ලෝකයට අවතී්ණ වීමෙන් බ්ලොග් අමතක කර දැමුවද, ඔහුගේ ජවය බුකිය පුරා පැතිරුණේ අවංක, විනෝදකාමි, රැඩිකල් තරුණයෙකු ලෙසයි.


ඔහුට මා ඊරෂ්‍යා කල කරුණු දෙකක් සඳහන් කරන්නේ නම් හිතුමනාපෙට දුවන ඔහුගේ රෝද දෙකේ ගමන් සහ ඔහුගේ මිත්‍ර සමාගමයයි. කතා බහ නොකලද ඔහුගේ මනරම් ඡායාරූප, ගමන් විස්තර සහිත බුකි පෝස්ට් කියවීම ඉතා රුචි කරුණකි.


එහෙත් නොසිතු නොපැතු ලෙස හදිසියේ අප හැර ගිය (ඒවා ගැන කියන්නට මා කිසිවක් නොදනී) අල්තයීර් මිතුර, ඔබට සුභ ගමනක්ම වේවා!


ඔහුගේ බ්ලොගයේ ආරම්භක කවිය පහතින් දැක්වේ.

ලදලු නා මල් සැලුන     අතු අග..
                                       උසුළ පිනි කැට       විසිර          ගියා..
විසිරි පිනි බිඳු ගැටුණ    මද නල
                                        එක්ව මිතුරුව        පැතිර         ගියා...
විසිරි පිනි පිරි තුහින     මෙන් සිරි
                                       හරිත තණ අග         වැතිර         ගියා..
තුහින පිණි බිව් හරිත    තණ පත
                                         මගේ නෙතගින්      ඉතිර          ගියා..

66 comments:

  1. මිනිහෙක් මැරෙන්නම ඕන උඹේ පෝස්ට් එකක් කියවන්න. ඔහුට සසර කෙටි වේවා.

    ReplyDelete
    Replies
    1. සහෘද බ්ලොග්කරුවෙකු අප හැර ගිය විට කෙසේ සිටින්නද?

      Delete
  2. අජිත් ධර්මකීර්තිApril 19, 2023 at 12:33 PM

    අරගලයට යනකොට අපි කිව්වා ඔහොම වෙයි කියලා. ඇහුවේ නැහැනේ/ මගේ කොන්ඩේ ගියේ අකලට නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඔයා නරක ලමයෙක්

      Delete
    2. මේ මම නෙමේ . නොදකින් මේ බයියන්ට මොකද වෙලා තියෙන්නේ

      Delete
    3. හෙ හෙ.. දන්නවා දන්නවා

      Delete
  3. මං හිතුවෙ නෑ ඌ හිටපු හැටියට ඔහොම තත්වෙක ඉන්න එකෙක් කියල.

    ReplyDelete
    Replies
    1. ඔහොම තත්වෙක??
      අල්තයීර්ගේ ලෝකය නෙමෙයි, අල්තයීර්ගේ අඩවිය
      http://karuugesithroo.blogspot.com

      RIP

      Delete
    2. එහෙම බලාගන්නා බෑ බං දේවල්

      @බස්සා - ඔව් ඔව්.. මතකෙන් ගහපු දෙවල් මිසක් බල බල ගහපු ඒවා නෙමෙයි ඒකයි වැරද්ද

      Delete
  4. සමහර මිනිස්සු මරණය සොයාගෙන යනවා. සමහරු සොයාගෙන මරණය පැමිණෙනවා. සමහරු මරණය අතේ තියාගෙන පැණි කනවා. සමහරු මරණය ගැන කවි ගී සින්දු ලියනවා.

    මරණය කියන එක හැමතැනම තියෙනවා. සිගරැට්ටුවක් උරනකොට බීර හුස්මක් ගන්නකොට විස්කි ටිකක් රහා කරනකොට මරණය හිනාවෙනවා වෙන්න පුලුවන්.

    සමහර ජාන තියෙන මිනිස්සු මේවා අස්සේ මරණයට ඔච්චම් කරනවා. හූහූ කියලා අසීමිතව බොනවා. බීලත් අවුරුදු එකසීය පනහක් විතර යෙහෙන් ඉන්නවා..

    සමහරු කිසිම දෙයක් නෑ කන්නෙත් නෑ බොන්නෙත් නෑ සුඛන්නෙත් නෑ එහෙම එකෙක්ට ටක් ගාලා මරණය හම්බවෙන වෙලාවල් තියෙනවා. උබ මේ ලෝකෙට වැඩක් නෑ වරෙන් මෙන්නමෙහාට කියලා ඇදන් යනවා වෙන්නත් පුලුවන්.

    අපි මරණය එක්ක එක එක විදිහට ක්‍රීඩා කරනවා. සමහරු මරණයට වෙට්ටු දානවා. සමහරු මරණයට ආතල් දෙනවා. සමහරු මරණයට හිනාවෙනවා. සමහරු මරණයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ඒ අස්සේ මරණය පරාද කරන ඈයොත් ඉන්නවා. එහෙම පරාද කරලා බෝනස් එකෙත් පැණි කන එවුන් එමටයි.

    ජැක්සන් වගේ අය මරණය ඉස්සරහා පරාද වේලා. ඒත් තවමත් සුසුම් පිටකරනවා. උරාගන්නවා.

    ඒකයි මම කියන්නේ ජීවිතේ කියන්නේ හීනයක්. එක එක මිනිස්සු එක එක විදිහට මේ හීනේ දකිනවා..!

    THE SEVENTH SEAL (Ingmar Bergman Sweden, 1957) මේ ෆිල්ම් එක නිකමට බලන්න..!

    ඒ අස්සේ මට no country for old men ෆිල්ම් එකේ Anton Chigurh කියන චරිතය කඩේට ඇවිත් කොයින් එක උඩ දාන සීන් එක මතක් වෙනවා.. මරණය කාසියක් උඩ දාලා තීරණය වෙන්නත් පුලුවන්.

    පාටි එකට යනකොට ජූඩ් ශාමන්තගේ ගෙදර යතුර ඉවෝන් තමන්ගේ පර්ස් එකේ දාගන්න තීරණය නොකළානම්
    සමහරවිට ඉවෝන්ට මරණය මඟහැරෙන්න තිබුණෙ නැද්ද?

    මරණය මෙහෙම දිගාරින්න පුලුවන් නේද?..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමෙන්ට් එකට.. හොද අදහස් දැක්වීමක්. The sevnth seal බලල නෑ. ඒක බලන්නං. ඔබගේ අදහසට කැමතියි

      Delete
  5. අල්තයීර්ට සුභ ගමනක් පතමු...

    (බොටත් ඔය වගේ තද ෂොක් එකක් ආවොත් තමයි ඉතිං බ්ලොග් මතක් වෙන්නෙ.)

    ReplyDelete
    Replies
    1. වට්. දැනං හිටියේ නැද්ද?

      Delete
  6. දේශ් අල්තයිර් මිතුරාට සුබ ගමන් පතමින් ඊට වඩා ඇඩ්වාන්ස් විදියට බලන්න අවශ්‍යයි මේක ගැන. කාලීන මාතෘකාවක් ලෙස ඔබ වුණත් පිළිගනු ඇති සිය දිවි නසාගන්නේ බියගුල්ලන් බව, ඒ නිසා මගේ දැඩි ඉල්ලීම නම් කිසිම විදිහකින් සිය දිවි නසාගන්තවුන්ව උත්කර්ෂයට නොනගන්න යන්නයි.

    හිත් පිඩාවෙන් සිටින තවත් ජීවිතයක් බේරාගන්න සවියක් වෙන්න කටයුතු කළ යුතුයි.

    සිය දිවි නසාගත් බුද්ධි හා සිය දිවි නසාගන්නට උත්සාහ කොට යන්තම් දිවි බේරාගත් චමීර ජීවන්ත දෙද්දුවගේ මට හමුවෙන්නේ එකම දිනයක දීය. එවක ඔවුහු හිරිමල් යෞවනයෝ වූහ. දෙදෙනාම අපුරුම ලේඛකයෝ වූහ. අපට වඩා පුළුල් දැනුමකින් ලෝකය දෙස බලන්නෝ වූහ.

    එහෙත් ඔවුහු තම හැකියාවන් සුන්දරත්වය, රසාස්වාදය පැත්තට නොව ආවේගශීලි අන්තයකට මෙහෙයවන්නෝ වූහ. වචනාර්තයෙන්ම අන් අය අතර රැඩිකල් පොරවල් වීමේ පිපාසාවෙන් පෙළෙන්නෝ වූහ. කෑපි පෙනිම වෙනුවෙන් හරි දේ මෙන්ම වැරදි දේ තෝරාගත්තෝ වූහ.

    ලංකාවේ ගෝටාගෝගම ජනතාවාදී නිර්පාක්ෂික අරගලය ආරම්භ කල මුලදී අප සමගත් ඔවුන් සමගත් සිටි සංවේදි සැබෑ ජනතාවාදී මිනිසුන් ක්‍රමයෙන් ඔවුන්ගෙන් ඈත් වූ අතර ඒ වෙනුවට ඔවුන් වටා රොද බැඳගත්තේ කොණ්ඩ රැවුල් වවාගත් සමාජයේ හොඳ කිසිවිට නොදකින තක්කඩි මැරවරයන් පිරිසකි. කිසිම ආකාරයක සමාජ සංවේදි බවක් නොමැති පිරිසකි. කිසිම තේරුමක් නැතිව අපරාධකරුවන් මෙන් සමාජ සම්මතය බිඳ දැමීම විරත්වයක් සේ සැලකූ පිරිසකි.

    මා මුලින් කී සංවේදි පිරිසෙන් එකෙකු හෝ ඔහුගේ අවසන් ලියැවිල්ල දකින්නට හිටියානම් බුද්ධි අදත් ජිවතුන් අතර යැයි මට හැඟේ.

    මෙවන් හැසිරිම් රටාවන් පෙන්නුම් කරන තවත් කීප දෙනකුම අප මිතුරු ලයිස්තුවල දකින්නට ලැබේ. රටේ වෙන සිද්ධියක් එහෙමත් නැතිනම් කුමක් හෝ දෙයකට තවකකු දරන අදහසක් දැමූ සැණින් එයිට හාත්පසින්ම පරිබාහිර යමක් ලියමින් මුල් ලියැවිල්ල ලියු එකා පතුරු ගසා මං පොර විමේ මානසිකත්වයක් පමණයි මං උන් තුළින් දකින්නේ.

    ඔවුන් තුළ ඇත්තේ සමාජ වෛරයකි. එය රටට ආදරයක් නොවේ. බද්ධ වු සමාජ වෛරයකි ඇත්තේ. එවන් අය අතර මිතුරු ලයිස්තුවේ මිතුරියන් දෙතුන් දෙනකුද සිටිති.

    සිය දිවි නසාගත් බුද්ධි හා මනෝ උපදේශිකාවක් වූ බුද්ධිකා එරන්දි ජයසිංහ මගේ එකල හොද මිතුරු මිතුරියන් සේ සිටි අය වූහ. එහෙත් දිවිනසාගත් බුද්ධිලාට බුද්ධිකා එරන්දිලා මතකයක වුයේ නැත. යම් හෙයකින් බුද්ධි ලියු අවසන් සටහන බුද්ධිකා එරන්දි දුටුවානම් අද අපට මේ සටහන ලියන්නට අවස්ථාවක් නොලැබෙන එක මට ස්ථිරය.

    මෙය ස්ක්‍රීන් ගසා තියාගන්න. තවත් කීප දෙනකුම මේ දිවි නසාගන්නා ගොඩේ සිටින වග පැහැදිලිව පෙනෙන්නට තිබේ. බද්ධ සමාජ වෛරයකින් තමන් විරයන් සේ මං පොර වෙන අමනයන් රැළක් දායක සභා කරගත් මේ අයගේ ඉරණමද බුද්ධිගේ ඉරණමට දෙවැනි නොවන වග කියා සිටිමි. තමන්ගේ සැබෑ ජීවිතයේ තියන දාහක් අඩුපාඩුකම් වසාගන්නට මං පොර දිවියක් ලොවට පෙන්නන අය ඔබේත් මිතුරන් නම් දැන්ම ඔවුන් ගේ ඇතුළාන්තයට මදක් හෝ සමීපව ඔවුනට අස්වැසිල්ලක් වෙන්න.

    මේ දිවි නසාගන්නා ක්‍රියාවන් කිසිම විටක උක්කර්ශයට ලක් නොකරන්න. එය වීරයන්ගේ වැඩක් නොව බියගුල්ලන්ගේ වැඩක් බව ලොවට කියන්න. එය සමාජ මෙහෙවරකි.

    මා කියනා දෙය තුළ ඇත්තක් වෙතැයි ඔබට දැනෙන්නේ නම් මේක ෂෙයා කරන්න නැතිනම් කොපි කර ඔබේ නමකින් වුව දමන්න. එය සේවාවකි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් මිතුරෙකුගේ සමුගැනිම ගැනයි ලිව්වේ. ඊට සම්බන්ධ වෙන කරුණු ගැන කිව්වේ නෑ. ඔබගේ කමෙන්ටුව බුකියේ ෂෙයා වනවා දුටිමි

      Delete
  7. එක එක අය දකිති එක එක කෝණවලින්
    එක එක අය ගනිති තීරණ රිස්ස ලෙසින්
    සංවේදී අයට රිදෙනව නෙව වැඩියෙන්
    මරණෙන් විසඳුණේ මොන ප්‍රශ්නයද ඉතිං?

    ReplyDelete
    Replies
    1. කාලෙකින් නිදිගෙ කවියක් කියෙව්වෙ

      Delete
  8. ඊයෙ ඔහු ගැන ගොඩක් කතා කියවන්න ලැබුනත්, ඔහු බ්ලොග් කරුවෙක් බව දැන සිටියේ නැත.
    ඔහුට සුබ ගමන් !
    දේශක වහන්සේව දකින්න ලැබීම බොහොම සතුටක්..

    ReplyDelete
    Replies
    1. මට නං තවමත් කම්පනය තියෙනවා ඒ ගැන. මොකද දිනපතා උගේ පිස්සු කියවනවා බලනවා නෙව බුකියේ. සෙන්න මැතිඳුන් දැකීමත් ඉමහත් ප්‍රීතියකි

      Delete
  9. Mr Ajith Dharmakeerthi,

    I've some potential questions about your actions and beliefs could be:

    1) What led Ajith to steal Soviet nuclear technology and sell it to Western countries?

    2) How did you manage to evade detection and prosecution for such a significant crime?

    3) What is the nature of Ajith Dharmakeerthi's current work with Sri Lankan President Ranil Wickramasinha?

    4) How do you support for Russia during the conflict with Ukraine align with your previous actions and allegiances?

    5) What are the potential consequences for Ajith if your actions were to be exposed or proven to be true?

    ReplyDelete
    Replies
    1. අජිත්ට ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉඩ තියන්නෙමි

      Delete
    2. මෙවැනි බූරුවන් ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමත් කාලය කා දැමීමකි. ඔබ මේවා ෆේස්බුක් දැම්මේ ඇයිද කියා නොතේරේ. මූට මේවා තමන්ගේ නමින් ඇසිය හැකිය ඉන්පසු defamation වලට මට නඩු දැමිය හැකිය. එතකොට ඕවයේ ඇත්ත බොරු ඕනෑම කෙනකුට හෙළිවනු ඇත. දේශකයා මෙයට ඉඩ දීමෙන් හා ෆේස්බුක් දැමීමෙන් මට සිතෙන්නේ ඔහුටඩ් යම් විචිකිච්චා තිබෙන බවය. මම රුසියාවට උදව් කරනවා කියා යුඇන්පී සජබ අයගේ මතයක් තිබෙන බව දනිමි. ඒත් මෙවැනි මඩ වලට යාම තවත් මඩකි

      Delete

    3. Ajith Dharma.19 April 2023 at 20:53
      To the anonymous idiot from the cloud cukoo land,
      1.The safety and security of Soviet-era nuclear technology after the collapse of the Soviet Union is a matter of debate among experts and scholars. While some argue that the transfer of knowledge and expertise to new states was generally managed effectively, others contend that there were significant risks and challenges involved in securing and managing the technology. Moreover, the assertion that Western countries played a decisive role in ensuring the safety of Soviet nuclear technology may be viewed as oversimplified or politically motivated, as the issue of nuclear non-proliferation and disarmament is complex and involves many actors and interests.
      2.If there is no crime commited there is nothing to evade, is there? Are you really serious? can pigs fly? Why don't you tell me who you are and I can sue you for defamation? Then you can prove it yourself.
      3. I have nothing do with Ranil W or his government
      4. I don't support any country. I only support the truth.
      5. Nothing. You think I did not realise what you were trying to do? You are trying to get my blog banned. You idiot.😀

      Delete
    4. හෙ හෙ. මාගේ බ්ලොගයේ ඕනෑම අයකුට ඖනෑම අදහසක් ඉදිරිපත් කල හැක. ඒ නමින් හො ්නොනමින් ආවද එකම ආකාරයට සලකමි. නමුත් කිසිවෙකු හෝ විසින් තමාට විරුද්ධ හෝ අපහසාත්මක අදහස් ඉවත් කරන්නැයියි ඉල්ලීමක් කලහොත් නොපැකිළවම එය ඉටු කරමි. ඒ සඳහා පැමිණියටද ඔබ පිළිතුුරු ලබා දී ඇති හෙයින් ඔබගේ ඉල්ලීමකින් තොරව මුල්ම කමෙන්ටුව ඉවත් නොකෙරේ.

      Delete
    5. @ Anonymous 10.51, Ajith & Deshaka

      I'm expecting different opinions on a different perspective from you all to be honest, what I'm asking is what is the end result of the so called Anti Rajapakse "aragalaya" …….. in 2022?

      To be honest emphasising my own views, RW and his henchmen retained the power with the full support of western power and their ally India. Still, Rajapaksha's are governing the country under the guidance of RW and his masters, the allies.

      I've been closely involved with the Aragalaya in the beginning and I personally know that there were so many deal people in the aragalaya and they diverted the hopes of the ordinary folks to achieve their agendas. Please do not label all as anti "aragala" people, who are criticising the unsuccess story of the aragalaya as UNP or Rajapaksha bayyos… As educated people of the community, we must understand the reality.

      Delete
    6. දැන් බලාගෙන් යනකොට මේ අජියා මහා භයානක පොරක් නොවැ...

      Delete
    7. ඒකනේ සෙන්නා. ඒකනේ සෙන්නා. කතා කරන්න බැරිවුනා ගොඩක් කාලෙකින්

      Delete
    8. @දේශකයා - සමහර දේවල් තියනවා නිදහස් අදහස් වලට ඉඩ දෙනවා කියල , බරපතල දේවල් වලට කලින් අනතුරු ඇඟවීම් එන. No worries. මාතලන්ගේ බ්ලොගයේත් දාල තියෙන නිසා අවුලක් නැහැ. මම හොයා ගන්නම් හේතුව මොකද්ද කියල. මගේ බ්ලොග් එකේ මම දාන්න දෙන්නේ නැහැ. එච්චරයි. බුද්ධි වගේ තනි අරගල කාරයන්ට වුනේ , වෙන්නේ මොකද්ද කියල දිප්තිලා හෙම කලින්ම කිව්වා. අන්තිමට තනි වුනහම එන ආධාර අඩුයි. පක්ෂවලින් ගිය අයට (ජවිපෙ, පෙරටුගාමී, සජබ) සපෝර්ට් නෙට්වර්ක් එකක් තියෙනවා. මෙහෙම අයට නැහැ. ඒක ඛේදවාචකයක්

      Delete
    9. ඇයි අප්පා ඔය තරං සීරියස් ගන්නේ දේවල්..

      Delete
    10. දැන් එතකොට දේශකයා ද ඔරිජිනල් එක දැම්මේ, ඇයි බං උඹල මෙහෙම, අර රුපියල් 1000 කතාව වගේ බ්ලොග් පටන් ගත්ත කාලේ. එක රචිකාවියක් ඇවිල්ල දේශපාලකයන්ගෙන් මුදල් අරගෙන බ්ලොග් කරුවන්ට දෙනවා කියල බැනගෙන බැනගෙන ගියා. එයාට උත්තර දුන්නම එයාගේ යාලුවෝ ඇවිල්ල කියන "සීරියස් ගන්න එපාලු". මම උත්තර දෙන එකලු වැරදි. දැන් එතකොට මේක සීරියස් නැති නිසා තමා ඔයා ඔයාගේ ෆේස්බුක් වෝල් එකේ දැම්මෙත් නේද? මේකේ සීරියස් චෝදනා වගයක් තියනවා. මේ චෝදනා වලින් එකක් තිබ්බේ මංගල සමරවීර විසින් පත් කරපු එක්තරා තානාපති කෙනෙක් සම්බන්ධව හා රාජපක්ෂ විසින් පත් කරපු තානාපති කෙනෙක් සම්බන්ධව. මේ කොමෙන්ට් ඔයා ගණන් ගන්නේ නැති වෙන්න පුළුවන්. ඒක හින්ද වෙන්න ඇතිනේ මට උත්තර දෙන්න කීවේ. මම සරෝජ් සහ තව කිහිප දෙනක් එක්ක කතා කරලා තමා පිලිතුරුත් ලීවේ. වරක් සුමිත් කලණසිරි විහිළුවට ලීවා - මට financial irregularities ගැන චෝදනා තියනවා කියල අන්තිම බ්ලොග් සම්මාන උළෙල ගැන. සරසා ට දුන්න උත්තරයක් තිබුනේ මම හිතන්නේ. ඒක කොපමණ දුරදිග කියාද කියනවනම් මගේ පවුලේ උදවිය පවා ප්‍රශ්න කරන්න ගත්ත. මේවා ඔයට විහිළු වුනාට මට විහිළු නෙමේ . මේවා සැබෑ මඩ. අනික බොට් හරහා ඩේටා කලෙක්ට් කරනකොට මේවත් කලෙක්ට් වෙන්න පුළුවන්. මිනිස්සු මුලින් වැරදියි කියල තීරණය කලොත් ඒවා හදන්න සෑහෙන මහන්සියක් ගන්න වෙනවා. රුසියාවට පක්ෂව වචනයක් ලීවොත් කට්ටියක් කුපිත වෙනවා. විරුද්ධව ලීවොත් තව කට්ටියක් කුපිත වෙනවා. ඇත්ත ලීවොත් දෙපැත්තම කුපිත වෙනවා.

      Delete
    11. මට නම් පේන්නේ මේක පටන් ගත්තේ අජිත් ධර්මකීර්තිම තමයි. ඔහු පැරකුම්ට මඩ ගහන්න ගියේ. ඒක බැක්ෆයර් උනා ධර්මකීර්තිටම.

      Delete
    12. මට ඔ්වා තේරෙන්නෙ නෑ

      Delete
    13. @AnonymousApril 25, 2023 at 1:32 PM - සිංහල හෙම කියවන්න තේරෙනවා නම් ඇවිල්ල අපහු ලිපිය කියවන්න. මිනිසුන්ට මඩ ගහන්නේ උඹලනේ. 😀 පැරා කියන්නේ කොහොමත් උඹලට වඩා යමක් තේරෙන එකෙක්. පැරා තමන් කැමති දේශපාලන මාර්ගයක යනවා. එහෙම යන එවුන් සල්ලි වලට ඒවා කරන්නේ කියල අනිත් එවුන් කියනව. ඒක මඩක් නෙමෙයිද? තමන් කැමති දේශපාලනයක යෙදෙන්න මිනිසුන්ට අවස්ථාව තියෙන්න ඕනේ. විවේචනය කරන්න අනිත් අයට අවස්ථාව තියෙන්න ඕනේ. මඩ නොගහ ඒක කරන්න පුළුවන් සංයමයක් තියෙන මිනිසුන්ට විතරයි.

      Delete
    14. මෙම මල ගෙදර සදහා සදහා නෙළුම්යාය සිංහල බ්ලොග් පදනමේ නිර්මාතෘ, ජනාධිපති මාධ්‍ය අංශයේ අන්තර්ජාතික දේශපාලනය පිලිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, න්‍යෂ්ඨික විදුලි ඉංජිනේරු(සෝවියට් සංගමය), කොළඹගමයා බ්ලොග් අඩවියේ නිර්මාතෘ, ප්‍රවීන ගත්කතු අජිත් ධර්මකීර්ති මහතා සම්බන්ධ කරගන්න තිබ්බේ.

      එහෙම තිබුනා නං මේ සදහා ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහය, ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රචාරය, ලංකා නිවුස් වෙබ් චන්දිම, සංදේශය සරෝජ් ඇතුළු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හරහා ප්‍රචාරය ලබා ගන්නත් තිබුනා. එයාර්මයිල් තියෙනවත් එක්ක.

      Delete
    15. 'පැරා තමන් කැමති දේශපාලන මාර්ගයක යනවා. එහෙම යන එවුන් සල්ලි වලට ඒවා කරන්නේ කියල අනිත් එවුන් කියනව'

      පැරකුම් නොදුටු මොක්පුර කියලා මට ගහන්ඩ පටන් ගත්තේ උබනි බං අජිත්.

      දැන් අජිත් උඹ කියනවා පැරා සල්ලි වලට ලියන්නේ කියලා අනික් අය කියනවා කියලා.

      එහෙම එකක් කොහෙද මේ බ්ලොග් එකේ කියල තියෙන්නෙ? කමෙන්ට් වල කොහෙවත් එහෙම කියලා තියෙනවද?

      උඹනෙ දැන් මේ අනිත් අය කියන කතාවක් කියලා බොරුවක් ඇදලා ඇරගෙන පැරා ගැන බොරු මතයක්‌ බ්ලොග් වල සමාජගත කරන්න යන්නේ.

      උඹේ වැඩ කෑල්ල ගැන කමෙන්ට් හැම බ්ලොග් එකේම දාල තියෙනවා. හැබැයි එක බ්ලොග්කරුවෙක් වත් ඒවා අයින් කරලා නෑ. එහෙම තියෙන්න ඇරලා. ඒකෙන්ම පේනවනේ අනිත් බ්ලොග් කාරයෝ උඹට සලකන විදිය. උඹව තුට්ටුවකටවත් ගණන් ගන්නේ නෑ. දැන් මේක තේරුම් ගනින්.

      Delete
    16. අනිත් බ්ලොග් කාරයෝ උඹල තරං බොළඳ නැහැ බන්. උඹල ඇඳගන්න ඇඳගනිල්ලට ගෝඨාභය පරාදයි 😀

      Delete
  10. Ajith Dharmakeerthi was born in Sri Lanka and attended Royal College Colombo, which was also the Sri Lankan President's school. In the early 1980s, the Sri Lankan government sent Ajith to the Soviet Union to receive a high education. At the time, the current Sri Lankan President Ranil WIchramasinha worked as a Minister. Ajith was tasked with stealing Soviet nuclear technology and selling it to western countries. Mr. WIchramasinha later sent Ajith to Israel for training from the Mossad intelligence service. Ajith is married to a German woman, and they currently reside in London, UK. In the Russia-Ukraine conflict, Ajith supports Russia, despite his country supporting Ukraine. Ajith is known to be working with Ranil WIchramasinha, who is also known to support western countries.

    ReplyDelete
    Replies
    1. කලෙනින් මෙවැනි මිතුරන් හමුවීමත් සතුටකි. සැපයකි

      Delete
    2. මම මේක පොඩ්ඩක් හෙව්වා ඊයේ පෙරේදා , මගේ පරණ යාළුවෝ දෙතුන් දෙනෙකුටත් කතා කරලා. රුසියාවට රනිල් යැව්ව කතාව ගැන හෙම. මොකද මම ගියේ UGC එක හරහා නිසා. මට දන ගන්න ලැබුන දේ සෑහෙන්න පුදුමයි. ඒ දවස් වල ජාතික තරුණ සභාව හරි මොකක් හරි තරුණ රෙද්දක් තිබිල තියනව රනිල් patron වෙච්ච. ඒකෙ හිටිය කෙනෙක් ඇවිත් තියනව. සෝවියට්. හැබැයි රුසියාවට නෙමේ ජෝර්ජියාවට. එහෙ ට්බිලිසි නගරයේ ඉගෙන ගෙන තියෙන්නේ.මිනිහට විහිළු කරලා තියනව රනිල් හරහා ආවේ කියල. හොයාගෙන යන කොට දැන ගන්න ලැබුන. ඒ ඩිලන්ත විතානගේ. ඒ කියන්නේ කවුද? බොදු බල සේනා එකේ අර මොකාද හාමුදුරුවෝ එක්ක (නම මතක නැහැ) මුස්ලිම් වරුන්ට ගේම ඉල්ලාපු පොර. නොර්වේ සල්ලි අරන්. ඔය ඩිලන්ත ගෙවිඳු කුමාරතුන්ගල එක්කත් හොඳයි. ලංකාවේ ICT කියල එහෙකටත් සම්බන්ධයිලු.

      Delete
    3. දැන් මේ ඩිලන්ත ගේ සීන් එක මට ඈඳල මොකක් කරන්නද සැරසෙන්නේ මේ බයියෝ. මේ ඉන්නේ ඩිලන්ත
      https://www.youtube.com/watch?v=I6F1JuyhZ3Q
      මට තව දෙයක් දැන ගන්න ලැබුන. ඩිලන්ත ගේ දුව රනිල් ව ඉන්ටවිව් කළා කියල රුපවාහිනි වැඩ සටහනකට. මේ සුනඛයෝ මේ වගේ කොමෙන්ට් දාන්නේ හේතුවකට. ඒකත් හොයා ගන්න ලැබෙයි.

      Delete
  11. අල්තයීර් ඔබට සුබ ගමන්,

    ReplyDelete
  12. නොදැන සිටියා වුණත් මේ මරණය මා තුළත් විශාල කම්පනයක් ඇති කළා....

    ReplyDelete
    Replies
    1. ඒ දවල් වල බ්ලොග් වල සක්‍රියව හිටි නිසා බුද්ධි ගැන දැනගෙන ගොඩක් කල්

      Delete
  13. මල්ලියා තම්බිගේ ලොවන්න ගියේ නැද්ද? ශුප්පෙක?

    ReplyDelete
    Replies
    1. දැන් නෑ ඒක.. මං කලින් කිව්ව වගෙත් මතකයි. දැං ඔය පරාටයක් එක්ක බීෆ් කරි ඩිංගක් කාලා නිකං ඉන්නවා. අපි මොනා හරි ගිල්ලොත් තමා ඔහේලට මතක... හැක් හැක්.. ජය වේවා

      Delete
  14. බෝතලයක් ගහලා හාන්සි වෙමු

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල බෝතලයක් ගහනවා කියන්නෙත් හීනයක්

      Delete
  15. ඔබ නැවත බ්ලොග් ලිවීම අරඹා ඇත . . . . . . . !
    බෙහෙවින්ම සතුට දනවන ආරංචියක් එය!

    ඔබගේ බ්ලොග් අඩවිය මේවන විට අපගේ සින්ඩියේ; මෙතෙක් පැවති "පුරා වස්තු" කොළමෙන් ඉවත් කොට බ්ලොග් සඟරා කොළමට එක් කොට ඇත.
    එසේම බොහෝ කලක් නිහඬව සිට ලියන ඔබ වැනි ලේඛකයෙකු පිළිබඳව වඩි අවදානයක් යොමුවන පිණිස "පුනරුප්පත්ත . . කාලෙකින් ලියැවුනු ලියමන්" කොළමට්ද එක් කොට ඇත.

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය තුල ප්‍රචාරණයක් ලබා දෙන්නේ නම් ඒ පිළිබඳව අප ස්තූති වන්ත වන්නෙමු!

    ReplyDelete
    Replies
    1. රංග තේනුවරMay 3, 2023 at 9:28 AM

      පල පොන්නයෝ පුක නොදී

      Delete
  16. තව එකෙක් මැරුනාමද ඊලඟ එක ලියන්නෙ?

    ReplyDelete
  17. සේම් ෆීලින්ග් හියර්.. රෑ වෙද්දි දැන ගත්තා.. රෑ නින්ද ගියෙත් නෑ මට එදා.. හරියටම අප්‍රේල් 9 ත්මයි මටත් මුලින්ම කොල්ලව මූණට මූණ හම්බ උනේ ගෝල්ෆේස් එකේදී.. ඇත්තම කියුවොත් මම එතනට ගියේම ඌ ඒක පටන් ගත්ත නිසා.. ඊට පස්සේ මාස දෙක අතරතුර කීප සැරයක්ම හම්බ උනා.. හීනෙකින්වත් හිතපු එකක් නෙවෙයි.. සුබ ගමන් මිත්‍රයා..!

    ReplyDelete
  18. Test 1 2 3
    අවුරුදු 8 කින්...

    ReplyDelete
    Replies
    1. අල්තයීර් ඔබට නිවන් සුව!
      මම අන්තිමට ලියන කාලේ නැති උනේ "ඔබා මාමා", සුන්දර මනුස්සයෙක්.

      Delete
    2. ඇත්තටම දැක්ක කල්. දැං මොකද වෙන්නේ. බුකියේ ඉන්නවද? විස්තර දැනගන්න ආසයි

      Delete
  19. මමත් කාලෙකින් ආයිත් ගොඩ වැදුනා
    කවිත් නොලිය ඉන්නටනම් බැහැ සිතුනා
    කලත් වසර තුන හතරක්නම් ගෙවුනා
    යළිත් ලියමි නවතින්නට හිත් නොවුනා..
    ( නොමැරී සිටියෙමි 😀)
    ජයවේවා දේශකයා... දුමී

    ReplyDelete