හෙට අපේ වෙලාවෙන් උදේ 9.30 ට පමණ ඇරඹෙන පැයක පමණ වූ ලෝන්ච් වින්ඩෝ එක තුල චීනය තම Long March 5 ප්‍රභල රොකට්ට්වුක් ආධාරයෙන් තම ප්‍රථම අඟහරු යානාව ගුවන්ගත කිරීමට සුදානම් බවට තහවුරු වෙනවා වෙන්චෑන්ග් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්. ඒ ප්‍රථම අරාබි අඟහරු යානාව ගුවන් ගත කර දින 4 කට පසුයි.
චීනය හා රුසියාව එකතුව 2011 දී අඟහරු වෙත යානා දෙකක් රුසියානු සෙනිත් රොකට්ටුවක් ආධාරයෙන් ගුවන් ගත කිරීමට කටයුතු කරත් රොකට්ටුවේ දෝෂයක් හේතුවෙන් මෙහෙයුම අසාර්ථක උනා. ඉන් අනතුරුව එකතු වී වැඩ කිරිම පසෙකින් තැබූ චීනය තනියම තම ගමන යාමට සුදානම් උනා. ඒ අනුව ඕර්බිටර් එකක්, ලෑන්ඩරයක් සහ රෝවරයකින් සමන්විත සංකීර්ණ අඟහරු මෙහෙයුමක් වෙනුවෙන් සුදානම් වන චීනය පසුගිය අප්‍රේල් මාසයේදී මෙම යානාවේ නම ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එය TianWen - 1 ලෙසයි හඳන්වා දී තිබෙන්නේ. චීන ප්‍රකට කවියෙකු ක්‍රිස්තු පූර්ව 350 ආසන්න කාලයේදී රචනා කල කවියක පදයකින් තෝරා ගෙන ඇති මේ නම “ස්වර්ගයට ගැටළු‘ එහෙමත් නැත්නං "Questions to heaven" ලෙස දළ වශයෙන් තේරුම් ගත හැකියි. ඉදිරියේදී සිදු කරනු ලබන සියළු චීන අන්තර් ග්‍රහ ලෝක තරණ ව්‍යාපෘති වල නම් TianWen ලෙසින් හදුන්වන බවටත් වාර්තා වෙනවා.
ලෝන්ච් එකට දිනකටත් අඩු කාලයක් ඉතිිරිව තිබියදීත් ටියෙන්වෙන් 1 යානාවට අයත් වන යානා තුනෙහි අඩංගු වන්නේ කුමන ආකාරයේ පර්යේෂණ උපකරණයන්ද යන්න පැහැදිලිව සඳහන් නොවුනත් ඔර්බිටරය, ලෑන්ඩරය සහ රෝවරය තුල අඩුම වශයෙන් විවිධ පර්යේෂ ණ උපකරණ හා කැමරා 12 ක් පමණ අඩංගු වේයැයි අනුමාන කෙරෙනවා. චීනය පවා මේ වනතුරු ලෝන්ච් එක හෙට සිදු වන බව ප්‍රකාශ කර නැති උනත් නිකුත් කර ඇති NOTAM අනුව ගුවන්ගත කිරිමට හෙට පෙරවරු 9.30 න් පසුව බොහෝ දුරට සිදු වීමට නියමිතයි.
අරාබි HOPE මෙහෙයුමට අනුව එය පෙබරවාරි 12 වැනිදා අඟහරු කක්ෂයට ඇතුලත් කිරීමට සැලසුම් කර ඇති බව අප සඳහන් කලා. ඒ වගේම චීන යානාවත් දිනයක් සඳහන් නොවුනද පෙබරවාරි මාසයේදී අඟහරු කක්ෂයට ඇතුල් වීමට නියමිතයි. එහෙත් ලෑන්ඩරය අඟහරු මතට ගොඩ බැසීමට ප්‍රථම එය ඕර්බිටරයත් සමඟ මාසයක් හෝ දෙකක් අඟහරු වටා භුමනය වීමට නියමිත බව සඳහන්. ඒ අනුව නියම අඟහරු ගොඩබෑම බොහෝ දුරට අප්‍රේල් මාසයේදී සිදු වේවි. චීනය චැන්ගේ 4 සඳ තරණ මෙහෙයුමත් සමඟ ලබා ගත් සාර්ථකත්වය අඟහරු මෙහෙයුමේ සාර්ථකත්වයට විශාල වශයෙන් සහයෝගයක් වේවි.
ලැබෙන දත්ත අනුව චීන ඕර්බියරය අඟහරු වසරක කාලයක් (අපේ දින 687) සේවයේ නිරත වන අතර, ලෑන්ඩරය සහ රෝවරය අඟහරු දින 90 ක කාලයක් සේවය ලබා දෙනු ඇතැයි අපේක්ෂිතයි.
චීන ලෝන්මාච් 5 මාදිලියේ බ්‍රභල රොකට්ටුව මේ වන විට හතරවතාවක් ගුවන් ගත වී ඇති අතර ඒ වතාවකදි රොකට් මෝටරයක දෝෂයක් හේතුවෙන් අසාර්ථක උනා. එමෙන්ම මතක තබා ගත යුතු තවත් කරුණක් තමා චීනය මේ වසරේ තෙවතාවක් අසාර්ථක වී ඇති බව. එමෙන්ම නිකුත් කර ඇති NOTA අනුව චීන රොකට්ටුවේ මූලික අදියර බූස්ටරය සහිතව රෙකට්ටුව පිලිපීනයේ මැනිලා අගනුවරට ඉහලින් ගමන් කරනු ඇති. ඒ අනුව වැඩි විශ්වාසයක් තැබිය නොහැකි අති විශාල රොකට්ටුවක් මැනිලා අගනුවරට ඉහලින් ගමන් කිරීම ඉතා භයානක කරුණක් මට පේන් විදියට. නමුත් අපි සාර්ථකත්වයම ප්‍රර්ථනා කරමු.
තවත් එක් කරුණක් කිව යුතුයි. චීන අඟහරු මෙහෙයුම් ප්‍රධාන විද්‍යාඥයා වූ වෑන් වෙයිෂින් (Wan Weixing) මහතා පසුගිය මැයි 20 වැනිදා පිළිකාවක් හේතුවෙන් අවුරුදු 62 දී මිය ගියේ ටියෙන්වෙන් යානාව වෙන්චැන්ග් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැගෙන ඒමෙනුත් පසුවයි. එහෙත් අවාසනාවන්ත ලෙස ඔහු ලෝන්ච් එකට කෙටි කලක් තිබියදී ජීවිතයෙන් සමුගත්තා.
චීනයට ජය... අපි චීනයට සැමදා...
රොකට් අප්ඩේට් සඳහා බුකියේ මේ ගෘපයට එකතුවන්න.
මේ යන හැටියට අපිටත් කවද හරි රොකට් එකක් යවන්න පුළුවන්. සමහරවිට ඉස්සරහට හම්බන්තොට පැත්තේ ඉඳල ඉන්දියන් සාගරේ උඩින් යවන්න ඉඩ තියෙනවා. අදහස දාල බලමුද ඔය කොළඹ ඉන්න චීන අප්පුහාමි කෙනෙකුට ?
ReplyDeleteතනමල්විල ඉඳල යවන එක ලේසියි.
Deleteඅපිත් කවද හරි යවමු පැතුම් ඉදගෙන හරි.
Delete@පසන්න
තවුසෙ යවන රොකට්
අපිටත් ජාත්‍යන්තරය දිනා දුන් 'රෝ' පුතා මේ ප්‍රොජෙක්ට් එකට නැතිද ප්‍රසන්න?
ReplyDeleteමේක මගේ බ්ලොග් එකක් නෙමෙයි නිමල් අයියා. ඔය ද්(වේ)ශකයගෙන් තමයි ඕක අහන්න ඕන. හැක්..
Deleteඅයිතිකාරයා උත්තර දීල තියෙද්දි තව මොනාද?
Delete++++++++
ReplyDeleteස්තුතියි
Deleteසුපුං අයියෙ ඇවිල්ල මේවට උත්තර දෙනවකො.
ReplyDeleteමොකාද සුපුං අයියා කියන්නෙ ?
Deleteසුපුං අයිය ආවා සුපුං අයිය ආවා
Delete@සෙන්නා
බුකියෙ නැති උන්ට කියන්නෑ
බුකියෙ ඉන්න අඑඅයො තමා කොරෝනා බෝ කොරන්නෙ...
Delete@සෙන්නා,
Deleteසකරය මූව චමින්දයෙක් කරල තියෙන්නෙ දැං
හැක්.. හොඳ වැඩේ...
Deleteනිකං චමිංද නෙමෙයි සුපුං චමින්ද කරල විජයබන්ඩාර කෑල්ලකුත් දුන්නා
Deleteඅපි කවදා අගහරුට යන්න ද ? ලිපියට ස්තූතියි්
ReplyDeleteවිචාරක දියණිය
ස්තුතියි. හුග දවසකින් දැක්කේ
Deleteදැන් චීන්නු අගහරු ගිහින් උන්ට ණය දෙනවා.. ඊට පස්සෙ අගහරු උනුත් චීන්නුන්ගෙ ණය උගුලට අහුවෙනවා. ඊට පස්සේ අගහරුවල තියන අභ්‍යවකාශ මධ්‍යස්තානයක් චීන්නුන්ට 199 අවුරුදු බද්දකට දෙනවා. ඊට පස්සෙ ඇමරිකාව අගහරු එක්ක MCC (Mars communication contract) ගිවිසුමක් අතසන් කරන්න ට්‍රයි කරණවා. අගහරුවො මේ කැමතියි වගේ ඉඳලා පස්සෙ බෑ කියනවා. ඇමරිකාව ඊට පස්සෙ හරි හිතේ අමාරුවෙන් ඉන්නෙ. කොච්චර හිතේ අමාරුවෙන්ද කිව්වොත් Mask කියන එක Mars කියන එක ළඟින් යනවා කියලා උන් mask දාන එකත් නවත්තලා දානවා...
ReplyDeleteහෙ හෙ. හොඳ කතා අනුභූතියක් නේද?
Deleteලියහං...
ReplyDeleteමොනාද ඕයි ලියන්න තියෙන්නෙ.
Deleteතවුසෙත් ඒකෙ එල්ලිලා අඟේ ගියාද?
ReplyDeleteරොකට් එක බෑව කියලත් එකක් ලියපන්. නැත්නම් අපි දන්නේ නැහැනේ...
ReplyDeleteදේශකයා හරියටම දස වසරකට පෙර ඉතා සුහද බ්ලොග් කරුවෙකු ලෙස හමුවිය (සැබැවින්ම මා වැඩිපුර ලියා නැත)
ReplyDeleteඅහම්බෙන් මේ පොස්ටුව හම්බවුනේ
ඔබ තාම ලියන ඒක ගැන ඉතා සතුටුයි
ගොඩක් අය දැන් ලියන්නේ නෑ
ඒ් කාලය ආයේ ඒයි කියා ප්‍රාර්ථනාවක් පමනක් ඇත
අපිත් හෙටානිද්දම බඩු මිලේ එල්ලිලා අඟහරු වෙත යන්න ලෑස්ති වෙන ගමං ඉන්නෙ.
ReplyDeleteඅයිසේ අපි ආයේ ලියමු
ReplyDeleteසුං අයියෙ මොකද බ්ලොග් එක පුං වෙලාද?
ReplyDelete