Friday, November 6, 2015

කෙටි කවි!! (කම්මැලි කමට)

1
ප්‍රමාද ද වූ කාර්යාල සේවකයා

නගර ගානේ
වෙලාව බෙදන
කෝච්චිය
මට දුන්නේ
එපාම කරපු
වෙලාවක්


2
සුද්දය

හැඩට ගෙනා
අලුත් කොස්ස
කිලුටු වෙලා
හොද හැටියට

කිලුටු වෙලා
තිබුන ගෙදර
හැඩට හිදී 
හොද හැටියට


3
පැණි තිබ්බම කරදරේ

ලස්සන
මල් මත
සමනලයා
බමරා
පැණි කුරුල්ලා
ඉවරයක් නෑ 
කරදරේ


4
මිනිස්සු

හීන් හඩ
පුදුම ඔබරිය
හරිම කරුණාව
ඔපිසියට...
ගෙදරට..??? 


5
ඇම ගිලීම

කවිකමට ආලය කරන්න
කවියාට ආලය නොකරන්න

139 comments:

  1. පැණි තිබ්බම කරදරේ

    ලස්සන
    මල් මත
    සමනලයා
    බමරා
    පැණි කුරුල්ලා
    ඉවරයක් නෑ
    කරදරේ



    කියලා වැඩක් නෑ...........

    ReplyDelete
    Replies
    1. චැහ්... සබරේ ඇනෝ කට වහගත්ත නෙව.. හැක්

      Delete
  2. පැණි තිබ්බම කරදරේ

    ලස්සන
    මල් මත
    සමනලයා
    බමරා
    පැණි කුරුල්ලා
    ඉවරයක් නෑ
    කරදරේ



    කියලා වැඩක් නෑ...........

    ReplyDelete
    Replies
    1. චැහ්... පටංගන්නකොටම කියල වැඩක් නෑ කියල දෙපාරක්ම කියන්න කැත නැද්ද?

      Delete
    2. කැකුළු මල නිසා නොතලා
      යන්ට යමි …

      හැක හැක

      Delete
    3. පොඩ්ඩක් බීවට අනං මනං කියන්න එපා හරිද ප්‍රසා.. හැක්

      සැහ්.. පත්තරායා 6 වෙනි කවිය දැං මතක් උනා..


      6
      හිර මැදිරියේ නීතිය

      පුංචි තව්
      විද්ද උන්
      දිනපතා කති
      වීර විකුම්
      ලොකු තව්
      විද්දවුන්ගෙන්

      හැක්

      Delete
  3. 'ප්‍රමාද ද වූ' ඒ මොකක්ද බොල.

    //හැඩට ගෙනා
    අලුත් කොස්ස
    කිලුටු වෙලා
    හොද හැටියට//

    හෝදාලා
    ගනිං කොස්ස
    කම්මැලිකම
    පැත්තක කොට

    කවියාට ආලය කරන්න.... චැහ් විතරයි ඒව කියහං වෙනී අයියට

    ReplyDelete
    Replies
    1. “මම නුඹ කඩා බිඳ දමා
      අලුතින් නිර්මාණය කරමි”යි
      කවියා සමාජයට කීය.

      එබසට සමාජයට හිනා ගියේය.

      “මම නුඹ කඩා බිඳ දමා
      අලුතින් නිර්මාණය කරමි” යි
      සමාජය කවියාට කීය.

      (මහගම සේකර )

      Delete
    2. ප්‍රසා.. එතන ද අකුරක් වැඩි වෙලා නෙව

      සිංදු ඇනෝ
      ඔය කවිය විතරයි මටත් මතක තියෙව්වේ සේකරගේ කවි වලින්..

      Delete
    3. මට මතක මෙච්චරයි

      කුසලානේ
      ලූ
      මිදි යුෂ
      කුසලානේ
      හැඩය ගනී
      කුසලානේ
      ලූ
      විෂ වුව
      කුසලානේ
      හැඩය ගනී

      Delete
    4. අඳුරු අහසේ තාරකා සේ
      සිඳුරු කර මා හද සිනාසේ
      දුරක සිටියත්,ළඟක සිටියත්
      ඔබේ ඇස මට නිබද සිහිවේ...

      සේකර...

      Delete
    5. මේ අර තව කවියක් තියෙන්නේ සේකරගේ

      කලාතුරකින් ගමේ යනකොට
      සිංහල උළු සෙවිලි කල ස්කෝලය පෙනේ මට කියලා කවියක් මට මතක නැහැ බං එක.එකත් පට්ට.

      තව එකක් තියෙනවා අර "තුන් දවසක් අමනාපෙන් සිටි කළු නෝක්කාඩු බැල්මක් හෙලුවා"කියන එක.කෝ සින්දුවෝ දාපන්කෝ මේ කවි ටික.

      Delete
    6. සේකරගේ කවි සමාජයක් මුනුපොතේ තිබුනා...

      Delete
  4. කාලය මොටද හරිහැටි කලමණා නැති
    කොස්ස මොටද පිරිසිදුවට ගෙදර හැඩි
    පැණිය මොටද සමනල් බමරුන්ට නැති
    අාලය මොටද කවිඳුන් හට උරුම නැති

    ReplyDelete
    Replies
    1. නිර්මාණාත්මක විචාරයක්

      Delete
    2. තෙවා.. එක මිටින් අරන්.. ජය වේවා..

      Delete
  5. දවසේ කරදර කර උඩ
    ගෙට ඇවිදින් ගෙයි පිල උඩ
    මූදේ කර වටක් ගිලී ඉර හිනැහෙන්නේ
    සසර දුකට මේ හැටි ඇයි
    අපි ලතැවෙන්නේ..

    හෙන්දිරික්කා මල් පිපේවි
    පන්සල් ගණ්ඨා වැදේවි
    රෑන ගිරවු හිනාවෙවී ගෙදර ගියාවේ
    ඉගිලෙන්නට බැරි අපටත් ත‍ටු මැවුනාවේ..

    බණ්ඩි පැටව් මඟට ඒවි
    උන් අම්මා පිලට ඒවි
    හිස් අත් දෙක කියන කතා
    රස දැනුනාවේ
    අග හිඟකම් මුතු වැස්සේ අප තෙමුණාවේ..

    දවසේ කරදර කර උඩ
    ගෙට ඇවිදින් ගෙයි පිල උඩ
    මූදේ කර වටක් ගිලී ඉර හිනැහෙන්නේ
    සසර දුකට මේ හැටි ඇයි
    අපි ලතැවෙන්නේ..

    ගායනය : ගුණදාස කපුගේ
    සංගීතය : ගුණදාස කපුගේ
    පද රචනය : ලූෂන් බුලත්සිංහල

    ReplyDelete
    Replies
    1. දුක දන්නෙ වෙන කවුද - ඇස් දෙක තරම් …
      - ෆ්ලෑෂ්බෑක්

      හැක් :D

      Delete
    2. කන්තෝරු වේ අලුත් කොස්සක් කඩන්නට හදන
      පැණි රස කාලා තණමල් රේණු ගොඩක් ගසන ..............

      ලැක්චරයා ...

      Delete
    3. කරදර පොදි බැද...

      අමරදේව..

      හැක් හැක්

      Delete
    4. පොල් කෙන්දෙන් බැඳ
      රටා දමා වියු
      පාපිස්සයි
      රබර් වලින් සැදි
      අච්චුවෙ වක්කළ
      පාපිස්සයි

      - අපි නොදන්න ලයිව්

      Delete
    5. මාත් ඉස්සර බැලුවා ඒක.. ඩ්‍රැකියෝ.

      Delete
  6. 1. කෙටි කවි

    මොකට ලියනවද
    දිගට දිගට..
    මෙහෙම කියවෙනකොට
    ඔක්කෝම එක මිටට..

    2. කම්මැලි කවි

    උදාහරණ ඕනිද
    කම්මැලිකමට..
    බලහන් දේශකයාගේ..
    බ්ලොග් ලිවිල්ල..

    හැක්.. හැක්.. (දේශකයගෙන්ම හොරකන් කර ගන්නා ලද්දකි..)

    ReplyDelete
    Replies
    1. අන්න කෙටි කවි කමියා.. හැක්..

      Delete
  7. සඤ්ඤක අකුරු නිවැරදි කරනු. එතෙක් අදහස් දක්වනු නොලැබේ.

    ReplyDelete
    Replies
    1. සමා අවසර. ඒවා දාන්නට නොදනිමි.. හැක්

      Delete
  8. ලස්ස්නයි බං මේ කවි ටික. පේලි ගනන් ලිව්වත් ඔයිට වඩා කියන්න බෑ

    ReplyDelete
    Replies
    1. හැබෑට.. හැක්.. ඩිංගක් හරි වෙනසක් දැනුනනං ඒ මදෑ ඉයන්..

      Delete
  9. කවි ලියන්න දන්නෙ නෑ බං

    ReplyDelete
    Replies
    1. බ්‍රා එකේ පටියට
      කප් සයිස් හරියට
      තියල මහලා තිතට
      මෙන්ඩා ඇරියා ඒව පිටරට

      Delete
    2. ඊට පසු හවසට
      ගහල අඹ මූ ජොලියට
      කීව බං බල්ලට
      මචං කියලා ඇත්තට

      Delete
    3. ප්‍රසාට හා පත්තරයට
      අඹ නොදුන් තරහට
      හදමින් කවි රසකොට
      මඩ ගහයි මුන් මෙන්ඩට

      Delete
    4. කන්තෝරුවේ
      මේස උඩ
      හැම තැනම
      කෝං පිට්ටු
      අල්ලයි
      එකෙක්
      කෙට්ටු..

      Delete
    5. අනේද
      කියන්නෙ

      (කොහොමද මගෙ කෙටි කයිය?)

      Delete
    6. එල ද බ්‍රා
      බ්‍රෑන්ඩ් එක ගල්

      (කොහොමද මගෙ කෙටි කයිය?)

      Delete
    7. දාහං
      පහක්
      මෙන්ඩො

      (කොහොමද ඒක?)

      Delete
  10. කෙටි කවි ++++++++++++

    ReplyDelete
  11. අපි මේව දාල යන්නෙ නෑ. ඒත් නොදකින් මේවගේ කවි. තුඃ
    රැඩිකල් වෙන්න යනව මේ නාකි හුටං.



    ප.ලි -අම්මෝ .....ඇරියස් කවර් කරගන්න අවස්ථාවක්

    ReplyDelete
    Replies
    1. පළවෙනි එකද දෙවෛනි එකද ඩෝ ඔරිජිනැල්. හැක්

      Delete
  12. අපි මේව දාල යන්නෙ නෑ. ඒත් නොදකින් මේවගේ කවි. තුඃ
    රැඩිකල් වෙන්න යනව මේ නාකි හුටං.



    ප.ලි -අම්මෝ .....ඇරියස් කවර් කරගන්න අවස්ථාවක්

    ReplyDelete
    Replies
    1. ඩබොල් එකේම ඇරියස් කවර් කරගෙන තියෙන්නෙ.

      Delete
    2. මුගෙ ඇරියසුත් ඩබල් ද කොහෙද. :D

      Delete
    3. කොහොමද බං මෙහෙම කමෙන්ට් දෙක දෙක දාන්නේ.....

      Delete
    4. මේ පාර රසිකගේ පෝසට් එක බ්ලොග් ආචාරධර්ම ගැන..මෙන්න මම ඒකේ කරපු යෝජනවා..

      අපේ පත්තරයට ඕනම බිලොගකට ඇවිත් "ඕ යේස්" කියා කොමන්ටු දැමීමට ඉඩ දිය යුතුයි...
      ඒ වගේම කම්මල මලයගේ දෙක දෙක දැමීමේ අයිතිවාසිකම කප්පාදු නොකල යුතුයි වගේම ඒ ගැන ප්‍රශ්න නොකල යුතුයි කියලත් මම යෝජනා කරනවා..

      Delete
    5. මනෝ, අපි ප්‍රශ්න කර‍න්නෙ ඌ දෙක නොදැම්මොත් තමයි.

      Delete
    6. කම්මලයා ඇරියස් කවර කරන්නේ එහෙමයි.. හැක්..

      ඔය පක්කරයට තියෙනනේ සුක්කර කටක් කියල කව්ද මංද සුක්කරයෙක් කිව්ව දවසක්.. හැක්..

      Delete
    7. දැං කම් අලය හැම එකකටම දෙක ඔබනවද.. ????

      Delete
    8. භයානක පුරුද්දක් වෙලා බං ඒක.

      Delete
    9. කම්මලයගේ මේකේ අනන්‍යතාවයක් ගොඩ නාගාගෙන තියෙන්නෙත් ඔය දෙක දෙක දැමිල්ල හින්දනේ.
      මට හිතෙන්නේ මේක ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් කියලා....

      Delete
    10. කම්මලයා කරන්නෙ රංගනයක්. හැක්..

      Delete
  13. කම්මැලි කමට කෙටියෙන් ලියලා බෙරෙන්න නේද පුතෝ හිතුවේ...
    කම්මැලි කමට ලිව්වත් ලස්සනයි මේ ටික...

    ReplyDelete
    Replies
    1. මනෝ.. කම්මැලි කමට වඩා දැං තියෙන්නේ ආසාව අඩු වීමක්.. ස්තුතියි..

      Delete
  14. හෙක්, දේශක අයියගේ මිනි කවි පට්ටනේ,

    එක නම් මටත් පොදුයි එතකොට හිතෙනවා

    බිත්තියේ ගහපු මාරයා
    නගන ටිකි ටිකිය
    සී සී මිසිගේ හුරතලය
    පොත නෑනේ දැන් දාන්න
    අන්ගුලිමාලයෝ ඔපිස් වරෙන්
    මගේ ඇඟිලිත් කපා ගනින්

    :p

    එතකොට සී සී මිසිගේ මේකප් දැක්කම හිතෙනවා

    ළඟ පැපොල්
    දුර ඇපල් කරන
    දාඩියට දියනොවන
    කෙමිකල්
    පොටි තට්ටුව

    ReplyDelete
    Replies
    1. මරු බං සොමියා.. ඔන්න අදහස්.. මට එන්නෑනේ බං ඔය වගේ ඒවා. වල්කම් බැක් කිව්වා

      Delete
  15. කම්මැලි කවි ටිකත් නිකම් මොකද්දෝ වගේ. අර කේ වී ඒකෙ දුවන කෝච්චි වගේ.

    ReplyDelete
    Replies
    1. කෝචචි නැතිව මුකුත් කියන්න බැරි හැටි මේකට.. හැක්.. ස්තුතියි අගහරුවා

      Delete
  16. බලපුවාමනම් පේන්නෙ නෑ කම්මැලිකමට ලියවෙච්චා කියලා......... සූටි උනාට පට්ටයි..........

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ මාස ගානක් අකුර අකුර අමුණල මකල දොඩල ලියපු කවි ගොඩ.. හැක්.. ස්තුතියි අවංක..

      Delete
  17. /*
    හැඩට ගෙනා
    අලුත් කොස්ස
    කිලුටු වෙලා
    හොද හැටියට

    කිලුටු වෙලා
    තිබුන ගෙදර
    හැඩට හිදී
    හොද හැටියට
    */

    මේක නිකං රබන් පදයක් වගේ. :)

    ReplyDelete
    Replies
    1. රබානට වදිනව නං ඕන පදයක්. හැක්.. හුග දවසකින් පරිව දැක්කේ.. සතුටුයි..

      Delete
  18. කොස්ස තමයි නැගලම යන්නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා ලබ්බා.. ඔයින් ගියා මදෑ බොට එකක් හරි ඇල්ලුවා. නැත්නං අපසාදේ සල්ලි නෙව.. හැක්

      Delete
  19. දේශකයාගේ කවිය

    දේශනයක් තියාගන්න
    වෙලාවක් නැතුවුණාම
    දේශකයා ලියපු
    ----------- කවිය.........................

    හිස්තැන් පුරවාගන්න.....

    ReplyDelete
    Replies
    1. හිස් තැන් පුරවමු

      හැක්.

      Delete
  20. දිග වැකියක් ලියනවා
    කෑලි වලට කඩනවා
    එක යට එක ලියනවා
    කවියක්යයි කියනවා

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නේ මං එහෙම ලිව්ව කියලද?? හැක්

      මං එහෙම
      කරයි කියා
      කියනවද
      ඔයා..
      හැක්..

      ඔය අපේ හැන්රියාත් කවි ලියන්නේ ඉතිං.. කොච්චර සන්තෝසද ඉතිං..

      Delete
  21. දේශකයානෝ, ඔය ගමන්ම හයිකු ලියන්න ට්‍රයි එකක් දුන්නොත් නරකද?

    ReplyDelete
    Replies
    1. හයිකු ලියන්න බක්සිගෙන් ටියුසන් ගන්න ඕන බං.. ඒකටත් සල්ලි ඉල්ලනවා ඒ යක්සි.. හැක්

      Delete
  22. "කවිකමට ආලය කරන්න
    කවියාට ආලය නොකරන්න"

    උක්තයට නැති ආලයක් ආක්‍යාතයට මොකටද බොල ... හැක් ..හැක් ..

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩයා මේ පැත්තේ දැක්කමද කොහේද.. වල්කම් එහෙනං..

      උක්තය දරුණුයි කවිය වගේ සුමට නැහැ.. හැක්

      Delete
  23. දේශක
    යාට
    හොඳ
    ටම
    පිස්සු

    ReplyDelete
    Replies
    1. අයියෝ
      අජිත්
      අදද ඕක
      දැනගත්තෙ

      Delete
    2. මේ මොකක්ද දෙයියනේ
      මේක හරිම හයියනේ
      දන්නෙ නැද්ද ඇයි අනේ
      දේශකයගේ කයියනේ.

      Delete
    3. හොද වෙලාවට උඹ අන්තිම පදේ වෙනස් කොරේ..... නැත්තං දේශකයා කියලා දැම්මාම ගැලපෙන්නෑනේ බං...... ඒකයි

      Delete
    4. ඒකමයි බං වෙනස් කලේ කුරුටූස්! :D

      Delete
    5. සුද්දගේ
      රටේ
      ඉන්න
      උන්
      පිස්සන්
      බව
      අවුලා
      කියා
      ඇත.

      හැක් හැක්..

      ඩුඩ්.. අඩේ උඹ කවි කාරයෙක් වෙලා නෙව.. උඹත් ලියංකෝ පොඩි කවි ටිකක්.. ආසයි බං කියවන්න.. අනේ අනේ ප්ලීස් මාමේ..

      Delete
  24. වචන චුට්ටයි මැවෙන රසපිරි අදහස් ගොඩයි

    ReplyDelete
    Replies
    1. හප්පේ සම්මානයක් ලැබුන වගේ තමයි ඉතිං.. ජය වේවා සාරිකා..

      Delete
  25. කම්මැලි දේශකයා
    කෙටි කවි ලියා ඇති හැටි...:P

    ReplyDelete
    Replies
    1. කම්මැලියා
      පේලි දෙකින් සේප් උන හැටි..!!

      Delete
  26. දේශා ... කෙටි උනත් අපූරු අදහස් ටිකක්.. අර බස්සි කිව්ව හයිකුද මොකද්ද කියන්නෙ මෙව්වටද?

    ReplyDelete
    Replies
    1. හයිකු සරල නැහැ බං. ඒ ආකෘතිය තුල ලියන්න ඇත්තටම ඉගෙන ගන්න ඕන.. ස්තුතියි සජ්ජා

      Delete
  27. කෙටි කවි ලියති දේශකයෝ
    මේ ... කේතුමතී පුරයයි

    ReplyDelete
    Replies
    1. මදෑ සට කපට තිලකයෙකුට
      පෙනුන දේ.. හැක් හැක්..

      තැන්කුයි හොදේ..

      Delete
  28. කොටට කොටේ
    යාන්තමට
    කවර වෙන්න
    සබ්ජෙක්ට් එක
    ලැජ්ජාව පැත්තකින් තියලා
    බලන්න හිතෙනවා
    තව සැරයක්

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි
      තනියම නං
      බලහං
      ආයිත්
      අවුලක් නැහැ..

      හැක්

      Delete
  29. කවියාට ආලය
    නොකර කොහොමද
    මේ වගේ කවි
    ලියනකොට :D

    ReplyDelete
    Replies
    1. තව වෙඩිමක් …

      බීල විසේ යනවා …හැක්

      Delete
    2. ලියුවාට කවි
      හිතුවාද
      සොඳුරු යැයි
      කවියට මුවා වූ
      ජීවිතය.්‍
      ගිලින්ඩෙපා
      ඇප..

      හැක්..

      පත්තරයා..

      බීල විසේ යනවා. හැක් මරු මරු..

      Delete
  30. නරකම
    නැත
    උඹෙ
    කවිකම

    ReplyDelete
    Replies
    1. දුන්නොත්
      උඹ
      +
      එකක්
      මට
      මාර
      සතුටකි..

      හැක්

      Delete
  31. හොඳයි ...කෙටි පිළිතුරක් (කම්මැලිකමට) :D

    ReplyDelete
    Replies
    1. කම්මැලියි උත්තර දෙන්න.. කෙටියෙන්.. “ස්තුතියි“

      හැක් හැක්

      Delete
  32. ඇත්තම අර හයිකු කවි වගේ දේශක කවි

    දේශක තුමා
    ලියයි කෙටි කවි
    අලස නිසා

    ReplyDelete
    Replies
    1. උඹ ලිව්ව එක හයිකු වලට ගන්න බෑඅනිවා. අහපං බස්සිගෙන්.. හැක්..

      Delete
    2. .
      පිනි තිතක
      සැඟවි ලෝකයකි
      බිඳෙන සුළු!

      ^ හයිකුවකි

      Delete
    3. බස්සි..

      හරියට හරි. හයිකුවක් කියන්නේ එකට ගලා යන අදහසක් නෙමෙයි..

      Delete
  33. 5
    "කවිකමට ආලය කරන්න
    කවියාට ආලය නොකරන්න"

    කවියාට නොව
    කවියට
    පෙම් බඳිමි
    රහසින්
    මගේ හිතටත්

    ReplyDelete
    Replies
    1. අන්න හරි
      කවියා කරන්න අමතක..

      ලස්සනයි ඈ..

      Delete
  34. බ්ලොග්
    ______

    කිරිකෝඩුකම් නොමැති
    යුනිකෝඩ වියමන්ය
    මුකවාඩමෙන් වසනු නොහැකී
    වැහිකෝඩ විලස ඇදහැලෙතී


    බලාපොරොත්තු
    _________________

    නත්තලේ සීතල මැද
    දෙව්දාර රිකිල්ලක අග
    පිණිබිඳක පැහැයෙන්
    වසන්තය වුනත් ඉතිරිව තියෙන්නට පුළුවන


    කෙටි කවි
    _____________

    අල්පෙනෙති තුඩුය
    කඩු තුඩු තරම් තියුණුව
    හද මසෙහි ගැඹුරෙහි ඇනෙන
    සුව කෙරුම අපහසුම
    දරුණු රිදවුම් දෙන


    බුක්කවියෙක්ට
    ________________

    පින්සාර මහළු පන්හිඳ
    විශ්‍රාම සුව වින්දාවෙ අන්ධව
    සංසාර පුරුද්දට
    අවැසි නැත හසුන්ගත කවි පද
    සල්ලාප පෙට්ටියේ
    පිපෙන්නෙත් කුසුමන්ය මනනඳ


    මේක් - අප්
    ____________

    මැජික් ලිප්ස්ටික්ය
    ලගන්නා වදන් වැල් කියැවෙන
    අයි ලයිනර් අවැසිමය
    රාමු නැති ඇස් අඩුවක් ය
    ෆවුන්ඩේෂන්
    හිනාවෙන්නට - අඬන්නට නැතුවම බැරිය
    අප් වෙන්න නම්
    මේක් කර පෙන්විය යුතුමය!


    ReplyDelete
    Replies
    1. සිකේ බං.. උඹ මට ලැජ්ජා කරන්නම කවි ලියල නෙව.. හැක් හැක්. මගේ නැතිබැරියාව හොදටම ඔප්පු වෙනවා දැන්.. ස්තුතියි බස්සි.. හරිම සන්තෝසෙන් කියෙව්වේ..

      Delete
  35. මට මාර සතුටක් දැනුනෙ බං, කවි පෝස්ට් එකකට මෙහෙම කමෙන්ට් වැටිලා තියෙනව දකිනකොට.

    උඹේ කවි ටික එල!
    ඒව කියවන්න ගිහුන් මටත් කවි කෑලි ටිකක් ලියවුනා.

    ReplyDelete
    Replies
    1. උඹ ලියපු කවි ටික තමා මරු.. ඒකේ දෙකක් නෑ.. ජය වේවා.. සහ ස්තුතියි මහන්සියට..

      Delete
  36. හැක්.


    ^ මෙය කොමෙන්ටුවකි.

    ReplyDelete
    Replies
    1. මං ආපු වෙලාවට බොට අනින්නේ ^ එකකින් තමා.. හැක්

      Delete
  37. යායට
    වැටුණු
    සිහිමද
    කවියාගේ
    කෙටි කවි

    http://nelumyaya.com/?p=4558

    ReplyDelete
    Replies
    1. ස්තුතියි
      කළු කුහර
      අජියා..

      හැක්

      Delete
  38. කවි
    නොද්දන
    මට
    මේ කවියත්
    අගෙයි යසට.

    ReplyDelete
    Replies
    1. අපි
      දන්න
      කවිය
      හත්පෛාලේ
      ගෑමයි

      Delete
  39. කවි, සඳැස් හා නිසඳැස් යන තුන් ජාතියේ වෙනස හොයන්න වැඩිදුරටත් හදාරන්න හිතුනා. දන්න අය ඉන්නවනම් පහදා දෙනු මැනවි.

    ReplyDelete
    Replies
    1. මේ ගැන කතිකාවක් යනව නං මම කැමතියි.. බලමු ඉදිරියේදි උත්සාහ කරල.. ස්තුතියි තෙවා..

      Delete
  40. කවි අතරේ හිත තියා
    පැබදුවා පද මෙමා
    කමෙන්ටුව ලෙස ගොතා
    තුටින් ගෙන එමි මෙමා

    ReplyDelete
  41. ශෝක්. මට නම් ඔය වගේ කවි බෑ.

    ReplyDelete
    Replies
    1. බැරි කමක් නෑ.. පුලුවන්..

      Delete
  42. මේ වගේ කවි නම් මටත් ලියන්න පුළුවන් හෙහ් හෙහ්

    අද ලොක්කා නැත
    මට වැඩකුත් නැත
    බ්ලොගක් බලන්නට කොමෙන්ට් කරන්නට..
    මට වෙලාව ඇත..

    හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. කොච්චර ආඩම්බරද?? හැක්..

      Delete
  43. කියවනවනං
    මෙන්න මිනි කවි

    ReplyDelete
    Replies
    1. හපොයි ඇවිල්ල. මං හිතුවේ ඒ කදරරේ ඉවරය කියල.. හැක්.. වෙල්කම් බැක් මධුවා..

      Delete
  44. පරමාදයට සමාවද
    ඇගයුමට පිළිගැනිමද
    එකවරම ඉල්ලමි

    ReplyDelete
    Replies
    1. මොන සමාවක්ද මෙතු... වෙල්කම් වේවා

      Delete
  45. කම්මැලියා...ලියපිය අලුත් කතාවක්

    ReplyDelete
  46. දේශකයො
    තොගෙ ආච්චිට
    හාල් ගරන්ඩ
    ලියාපිය තව පෝස්ටුවක්...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුමාරයාණෙනි.. හැක්

      Delete
  47. ඔන්න අපිත් ආවෝ...

    ReplyDelete
  48. උඹ මේක ලියනවද නැත්තං මං ලියන්නද?

    ReplyDelete
  49. උඹ මේක ලියනවද නැත්තං මං ලියන්නද? x2

    ReplyDelete
  50. මග ඇරිච්ච හොයන යනකොට අහුඋනේ ෆට්ට

    ReplyDelete
    Replies
    1. ස්තුතිති ආචාර්යතුමා

      Delete
    2. පැණි තිබීම කරදර වුනාට.....,නිවෙන පවස?

      Delete
    3. බෙදන සහනය?? නේද?? ජය වේවා ෆෙලික්ස්

      Delete