Friday, October 23, 2015

ලේඛකයා!!

සම්පුර්ණයෙන් අඳුරෙන් පිරී ඇති කුඩා කාමරය තුල අලුත් පොත් හා පැරණි පොත් පුසුඹ මුසු වීමෙන් එහි වාතාශ්‍රය අමුතුම ආකාරයේ විඳිමක් බවට පත් කර ඇත. කාමරය පුරා බිත්ති දිගේ තබා ඇති පොත් රාක්ක තුනක එකතුවක් ලෙස බිම් මට්ටමේ සිට අඩි පහක් පමණ උසක් වැසෙන සේ අසුරා ඇති පොත් ප්‍රමාණය අඩුම වශයෙන් දෙදහසක් පමණවත් වනු ඇතැයි අනුමාන කළ හැක. කාමරය මැද්දට ආසන්නයෙන් කුඩා ලී මේසයක් ඇත. එම මේසයේ හතර කොනම සුමට අයුරින් තබා ඇත්තේ කාමරය භාවිතා කරන්නාගේ නොසැලිකිලිමත් ගමණකදී ජනනේද්‍රිය ප්‍රෙද්ශයට දැඩි බලපෑමක් ඇති නොවන අයුරින්ය. මේසය එක් පසෙකින් ඇති සාමාන්‍ය ලී ඇදි පුටුවෙහි වර්ණය බොහෝ සේ දුර්වර්ණ වී ඇත. අලුත ගෙනෙන විට එහි තිබු දිස්නය හෝ පොලිෂ් සුවඳ දැන් කිසිදු අයුරකින් විරාජමාන නොවේ. පුටුව ඉදිරිපස ඇති මේසයේ යට දාරය පුරා කාලයක් තිස්සේ තැන්පත් වූ ඉටි වැනි යමක් නිසා දැඩි ලෙස කළු ගැහී ඇති අතර, ඒ අපගේ කතා නායකයා දවස මුලුල්ලේ තම නහයෙන්, ඔළුවෙන්, ඇගිල්ලෙන් ගෙන ඉවත් කරන නොවැදගත් දේ නිසාය. වැල් පුටුවේ මුදුනත ඔහුගේ ඔළුව ගැටෙනා තැන තනි කළු පාටින් අඳුරු වී ඇත. පුටුවේ අත් වාරු මතද තැනින් තැන කළු පැහැ ගැන්වී ඇති අතර, මේස යට දාරයේ තිබෙන අයුරින්ම තවත් ඉටි තට්ටු පුටුවේ අත් රදවනය කොනින් යට දෙපැත්තේද එකී ආකාරයටම ඇත. කිසිදා වෙනස් නොවනා, කිසිවෙකු අත පත නොගාන ඔහුගේ එකම සන්තකය මේ කාමරය තුල සිර වී ඇති සේය.

දවසින් වැඩිම කාලයක් මේ කාමරය තුල ගත කරන අපගේ කතා නායකයා ලේඛකයෙකි. විචාරකයන් විසින් හදුන්වා දෙන පරිදි කෘතහස්ත ලේඛකයෙකි. නමුදු අපගේ ලේඛකයා එම විචාරයන්ගෙන් නොසැලී තව තවත් ඔප් නැංවූ පොත් පත් ලිවීමෙ කාර්යයෙහි නිදි වරා යෙදෙමින් සිටියි. විචාරක ප්‍රේමය කෙසේ වෙතත්, පාඨක ප්‍රේමය නම් ඔහුට ලැබෙන්නේ ඉතා අඩුවෙන් බව ඔහු කිසිවෙකුටත් කියා නොමැත. මුග්ධ විචාරකයන් පවා නයිටින්ගේල් කුරුල්ලන් මෙන් ඔහුට ප්‍රශස්ති ගී ගයා ඇත. එහෙත් පොතක් ප්‍රකාශයට පත් කරවා ගැනීම සදහා තමාගේ ප්‍රකාශකයා වෙත යන හැමදාකම ලේඛකයා අගුටුමිටිටෙකු වී ප්‍රකාශකයා යෝධයෙකු මෙන් ඔහුට හිරිහැර කරනා බව දන්නේ ඔහුම පමණි.

“වීරතුංග මහත්තයා. මේ පොත නං ගහන්න බෑ.. පාඩුයි අප්පා. ගිය පාර පොතෙන් ගහපු කොපි දාහෙන් අඩුගාන පන්සියක් වත් තාම විකිණිලා නෑ.“

“මං මොනවා කරන්නද ඉතිං.. මට පුලුවනෑ අඩල දොඩල පොත් විකුණන්න“

“දැං ගිය පාර කොපි සීයක් මහත්තයා ගත්තා. පුස්තකාල වලටය කියල තව තිහක් දුන්නා. පොත පිට කරපු දවසේ යන්තං පොත් අසූ පහක් ද කොහේද නේ ගියේ. දාපු පොත් වලින් පවා තාම ඇවිල්ල තියෙන්නේ සුළු ගාණයි.“

“හරි.. මං ඔහේගෙන් සල්ලි ඉල්ලුවේ නෑනේ.“

“ඒක වෙනම කාරණයක් නේ මහත්තයෝ... මේකයි.. බොරුවට සල්ලි යට කරල අවුරුදු ගානක් බලං ඉන්න මට බෑ.. මං මහත්තයට මේ උදව් කරන්නෙත් මහත්තයා මොන දේ උනත් මං ගාවට එන නිසා. අනික ඔය පත්තර වල මහත්තයගේ පොත් ගැන වර්ණනා ගියාට මට මතක ඇති කාලෙකින් කව්රුවත් ඇවිත් නෑ මහත්තයගේ පොතක් හොයාගෙන.. අම්මපා“

නෑසු කන්ව සිටිය යුතුදැයි, නැතහොත් යමක් කිව යුතුදැයි නිනව්වක් නොමැතිව ලේඛකයා ඔහු දිහාම ඇස් නොසෙල්වා බලා සිටියේය. තත්පර තිහක හතලිහක මෙම නාඩගම දුටුවේ නම් ශෂිකා නිසංසලා ගයන අලුත්ම ගීතයේ එකම පදය “මා ඇසි පිහි නොහෙලා බැලුවා ඔබ දෑස දිහා“ ලෙස වෙනස් කරන්නට පවා එහි රචකයා කටයුතු කරනු ඇත. මේසය මත තිබු අත් පිටපත තමා වෙතට ඇදගත් ලේඛකයා මහා බරක් මෙන් එය කිහිල්ලට ගෙන නැවත යාමට හැරුණි.

“වීරතුංග මහත්තයා.. අමනාප වෙන්න එපා.. අපි තව ටික දවසකින් බලමු“

“නෑ කිසි අමනාපයක් නෑ. මං ගොහින් එන්නං“

“මහත්තයා. රුපියල් දාහක් විතර දෙන්නද? පස්සේ කපා ගන්න“

“නෑ ඕනි නෑ... මං යන්නං“


වීරතුංග මහතාගේ මනසෙහි ගොර ගොරය දැඩි වන්නට ගත්තෙ පොත් සාප්පුවෙන් එළියට බට කල්හිය. සීතල වී තිබු කුටියෙන් එපිට අව් රස්මිය එක වරම ගතට දැනීමෙන් ඔහුගේ රෝම කූපයන් වේදනාවට පත් විය. රෝම කූප පරායා යමින් සමෙහි ක්ෂුද්‍ර සිදුරු හරහා හෝස් ගා එක් වරම සිරුරට ඇතුල් වූ රස්නයෙන් විපරිත වී ගිය සිරුර පරදා ඔහුගේ සිතද උණුසුමකට ලක්ව ඇති සේය. ප්‍රශ්නය පටන් ගන්නේ මේ මොහොතේ බව ඔහුට හැගෙන්නට විය. වසර ගණකාවක් නොඒසේ නම් දශකයක් පමණ කාලයක් තිස්සේ තමාගේ පොත් ප්‍රකාශයට පත් කළ ඒ තක්කඩියා මෙපමණ කලක් තමන් රවටා ඇති බව ඔහු දැන සිටියට, අලුත් පොත භාර ගැනීමට නොහැකි යැයි කිසිදු දිනෙක පවසනු ඇතැයි ඔහුගේ සිතෙහි අබමල් රේණුවක පමණින් වන් කුකුසක් නොතිබුණි. එක් වරම කඩා පාත් වූ මේ හෙණය කුමක්දැයිඑයින් ගොඩ වන්නේ කෙසේ දැයි ඔහුට නිනව් නැති විය. අවට පරිසරය උණුසුම් කරමින් හිරු රශ්මිය කාපට් කරන ලද මහා මාර්ගයේ වැදි තමා දෙසටම පරාවර්තනය වී එහි ගිණි පුපුරු වලින් ඔහුගේ ඇස් රිදුම් දෙන්නට පටන් ගත්තේය. එයින් මිදීමට යම්තම් ඇස් මිරිකාගත් ඔහු ආ මාර්ගය දිගේම නැවත නිවසට යාමට පිටත් විය.

ප.ලි. - මේක පතරංග ජාතකයක් තරං දික් වෙන්න තිබුන කතාවක්.. ලියන්න කම්මැලියි .අදහස් නෑ. නිදහස් නෑ.. ලියපු ටික අතෑරියා..

යෝජිත අවසානය.. (01)

කොන්දොස්තර ළමයාගේ කෑ ගැසීම එක වරම දැඩි වුයෙන් වීරතුංග මහත්තයා දෑස් විවර කර බැලුවේ හිරු රැසින් කරනා අනේකවිධ බාධා අතරිනි . කුඩා කරගත් දෑස විසල් නොකරම කන්නාඩිකුට්ටම නාසයේ ඉහල දාරය මත රැඳවූ ඔහු වටපිට බැලුවේ මේ කොතනදැයි හරියටම දැනගනු පිණිසය.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ... පාර දෙපස යෝධ ධජ පතක වලින් අලංකාර වූ සැණකෙළි සිරිය දෙස ඔහු බැලුවේ උදාසීන මනස සහ මසැස ඒකාත්මික කරමිනි ...

අත් අල්ලාගත් පෙම්වතුන් , කිචි බිචි ගාමින් රංචු ගැහුණු කුඩා දැරිවියන් ..මව් පියන්ගේ අතේ එල්ලුණු කුඩා දරුවන් ... උනන්දුවෙන් මෙන් ඇදෙමින් තිබුනේ ඒ ප්‍රතාපවත් යෝධ ශාලාව දෙසටය .

" සාහිත්‍යයේ වසත් සමය " , කියවීම මිනිසා සම්පූර්ණ කරයි ..නොයෙක් වැකි රැගත් නානාප්‍රකාර අනුග්‍රාහක භවතුන්ගේ දැන්වීම පුවරු වලින් පරාවර්තනය වෙන හිරු කිරණ නැවත වරක් වීරතුංග මහතාගේ දෙනෙත් නිලංකාර කලේ හිත්පිත් නැති පරිද්දෙනි . 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නම් පුවරුව යටින් කුහුඹු රැලක් මෙන් දෙපසටම ඇදෙන ජන ගංගාව දෙස වීරතුංග මහතා හිස් බැල්මෙන් බලා සිටියේය. 

"“වීරතුංග මහත්තයා. මේ පොත නං ගහන්න බෑ.. පාඩුයි අප්පා.,මට මතක ඇති කාලෙකින් කව්රුවත් ඇවිත් නෑ මහත්තයගේ පොතක් හොයාගෙන.. අම්මපා“" පොත් ප්‍රකාශකයාගේ වදන් නැවත සවනතර රැව් පිළිරැව් දෙයි ..

ඔය බී එම් අයිසී එච් නැග්ග අය සල්ලි ගන්න .. හරි යං හරී......ගලන ජන ගගඟට ප්‍රති විරුද්ධ දෙසට බසය සෙමෙන් සෙමනේ නැවත ධාවනය වන්නට විය .. 


(ඉවාන් පව්ලුෂා - උඹේ තත්පර ගානක මහන්සියක ප්‍රතිභාව ගැන මට කඳුළු අතරින් හිනාවක් ආවා බං අම්මපයි)


යෝජිත අවසානය (02)

ගෙදරට ගොඩ වූ සැනින් වෙනදා මෙන් සිය අඳුරු කාමරයට ගොඩ නොවූ ලේඛකයා ඉස්තෝප්පුවේ ඉඳගෙනම පාලු වී ගිය ඇනෙක්සිය දෙස මද වෙලාවක් බලා සිටියේය. නීතා ජීවත්ව සිටි කාලයේ මේ අනෙක්සියෙන් ලැබුණ කුලියෙනුත් මැහුම් ගෙතුම් වැඩ වලිනුත් ගෙදර වියදමත් තම ගමන් බිමන් ලියකියවිලි ගාස්තුත් සියල්ල පිරිමසා ගත් හැටි සිහිපත්ව ඔහුට හීල්ලුනේය. ඒ කාලේ පොත් ප්‍රකාශකයෙක් ලඟට වුනත් තමන් ගොඩ වුනේ මීට වඩා ආත්ම විශ්වාසයකින් හා පෞරුෂයකින් බව ඔහුට නිශ්චිත විය . එකෙනෙහිම ඔහුට සිහිපත් වුයේ කන්කරච්චලය වැඩි යැයි කියා මාස ගණනකට පෙර එළවාගත් දරුපවුලේ මෙන්ම අද පොත් ප්‍රදර්ශනය බලන්නට පැමිණ සිටි දරුපවුල්වලත් ජීවිත තමන්ට මග හැරී ඇති බවකි. නරුම අසුබවාදී ලේඛනවල දැවටී දැවටී අර මූසල කාමරයට වී සිටීම මොන තරම් මුග්ධ කමක්දැයි වීරතුංග නම් මහා ලේඛකයා මුල්වරට හිතන්නට පටන් ගත්තේය. ඊට සමාන්තරව පාරේ යනෙන වාහනවල නලා හඬ පරදා අසල්වැසි ගෙවල මිදුලෙන් ඇසුණු පොඩි වුන්ගේ සිනා හඬ මෙන්ම සයානාගාරවලින් ඇසුණු අඹු සැමියන්ගේ මුණු මුනුව පවා ඔහුට ඇසෙන්නටත් දැනෙන්නටත් පටන් ගත්තේය.

ප්‍රතික්ෂේප වූ අත් පිටපතට ප්‍රාණවත් ජීවිතය ඔබ්බවා අලුතින් ලියන්නටත් වඩා හොඳ ප්‍රකාශකයෙකු හොයාගෙන යන්නටත් තරම් ඔහුගේ හිතට දිරියක් ඇති වී තිබිණි. කල්පනාව අස්සේම කැබිනට් ලාච්චුව අත ගෑ ඔහුට ඇනෙක්සිය කුලියට දෙන දැන්වීම පත්තරේට දමන්නට තරම් මුදලක්ද තවත් අමතර සිල්ලර ගණනක්ද හොයාගන්නට පුළුවන් විය. එසේ ඉතිරි මුදල් හා කාසි ටික ගනිද්දී බීර බෝතලයක අලුත් මිල ගැන අදහසක් නැති වීම ගැන ඔහු අවන්කවම කණගාටු වුනේය .


තිලක සිත (ඒකේ අන්තම වාක්‍යය නං ඉස්තරම්මයි)


යෝජිත අවසානය (03)
වීරතුංග තීරණයකට එලැබිනි...

හැමදාම එක එකාට නෝන්ඩි වෙන්න බෑ... ජනතාවට ලිය ලිය ඉඳලා හරියන්නෙත් නෑ...

වීරතුංගට මීට ටික කළෙකට පෙර අහම්බෙන් හමු වූ ඇමතිවරයා කී දෙය මතකයට නැඟුනි....

වීරතුංග මහත්තයා... ඔබ තුමා කැමති නම් මට පුළුවන් මගේ ජනමාධ්‍ය ඒකකයේ රැකියාවක් දෙන්න.. එහෙම නැත්නම් අමාත්‍යංශයේ මොකක් හරි සෙට් කරලා දෙන්නම්....

බොහෝම ස්තූතියි ඇමතිතුමා.... ඒ උනාට ඇමති තුමා ඔබ තූමාටත් හොඬටම කැපිලි කෙටිලි නේද...? මේවා ඔබ තුමත් අමාරුවේ වැටෙන වැඩ..

කමක් නෑ මහත්තයා කල්පනා කරලා බලන්නකෝ... ඕන වෙලාවක ඇවිත් මාව හම්බ වෙන්න...

මේ සැරේ සාහිත්‍ය උළෙලට ජනාධිපති තුමත් එනවා කියන්නේ වීරේ..

ඒකත් එහෙමද... මම එතුමව ඇමති කාළේ නම් හම්බ වෙලා තියෙනවා... බොහොම නිහතමානී මනුස්සයා...

එහෙනම් ඉතින් නොවරදවාම උත්සවේට යමු... වීරෙත් බොහෝම අමාරුවෙන් නේ මේ දවස්වල ඉන්නේ..

ඒක තමයි.. එතුමට කතා කරන්න හම්බ උනොත් උපකාරයක් ගන්න බැරි වෙන එකක් නෑ..


මාතලං (වීරතුංග එන පොට හරි නෑ. .හැක්. ස්තුතියි මාතේ)


යෝජිත අවසානය (04)

වීරතුංගට එක් වරම තද බඩගින්නක් දැණුනි. උදේ සිට කිසිවක් කා නොතිබුණු බව ඔහුට මතක් වූයේ එවිටය. කැරකැවිල්ලක් සේ දැණුනු බැවින් අසල තිබූ විදුලි කුළුනක බරදී මොහොතක් කල්පනා කරන්නට විය. "මොකද සර් සනීප නැහැ වගේ නේද?" යයි කවුදෝ අසන හඬක් ඔහු යළිත් පියවි ලොවට ගෙනාවේය. හැරී බලනවිට එහි සිටියේ පියකරු සිනහවකින් පිරි කඩල විකුණන්නෙකි."ඔව් පොඩි කැරකිල්ලක් ආවා" යැයි පිළිතුරක් දී කීයද ඔය කඩල ගොට්ටක් යැයි ඇසුවේ බඩගින්නට කඩල ටිකක් කෑමත් හොඳ බැවිනි. වෙනදා වීරතුංග කඩල කරුවන් දැක තිබුණේ හවස් යාමයේය. මොහෝවිට වීරතුංග කඩල ගන්නේ හවසට මදු විතට හොඳම බයිට් එකක් බැව් අත්දැකීමේන් දන්න නිසාය. මෙ මහ දවල් කඩල ගන්නා මිනිසුන් ඉන්නවාදැයි අසන්නට සිතුනත් ඔහු මුවින් නොබැන සිටියේ කවුරුත් ගන් නැතිනම් මොහු කඩල කරත්තයක් තල්ලු කරගෙන නොයන බව වටහා ගැනීමෙනි.

ඉක්මනිනම ගිල දැමූ කඩල ටික ඔහුට දැණුනේ දිව්‍යභෝජනයකින් සප්පායම් වූවාක් මෙනි. අසල වූ බංකුවක හිඳගත් ඔහු කඩල ඔතා තිබූ කොළය දිහා බැලුවේ එහි ලියා තිබූ මුතු කැට වැනි අකුරු නිසාය. වෙලඳ කළමනාකරණය කරන අයකුගේ සටහන් කොලයක් යැයි සිතුනේ එහි ලියා තිබූ පාරිභෝගික නැඹුරුවීම හෙවත් Customer Orientation ගැන ලියා තිබූ දෙයකි. කොලය අසල ඇති කානුවකට විසිකර දැමූ වීරතුංග ඔහු ලියනා දෙය ඔහුගේ පාරිභෝගිකයන් වන පාඨකයන් නොකියවන්නේ මන්දැයි සිතන්නට විය.

පෝටිකෝවේ නැවතුනු නවීනතම මර්සිඩීස් බෙන්ස් E300 රථයෙන් බැස ඔහු වෙත දිව ආවේ දැන් ජාත්‍යන්තර පාසැලක ඉගෙනගන්නා වීරතුංගගේ දහතුන් වියැති දියණියයි. ඔහු ලියනා දේ දුව දකීවි යන බියෙන් ලැප්ටොප් එක වසා දැමූ ඔහු ඇයට හාද්දක් දුන්නේය. වසර තුනකට හතරකට පෙර ඔහුගේ අසාව වූයේ දියණියත් ඔහුගේ අඩිපාරේ විත් සම්මානනීය ලේඛකයෙකු වෙනු ඇත කියාය. එදා කඩල කොළයෙන් පාරිභෝගික නැඹුරුව ගැන සිතා මල් පත්තර වලට කථා ලිවූ වීරතුංග එවැනි පත්තර දෙකකම හිමිකරුවෙකි. අද ඔහුගේ හිතට දිවා රෑ වදදෙන ප්‍රශ්ණයනම් දියණිය ඔහුගේ අලුත් ලියවීම් ගැන දැනගත්දාට ඇය තම පියා ගැන කුමක් සිතනු ඇත්ද යන්නයි. ලාච්චුව හැර ලොව වටා මාසයක සංචාරයට ගත් ටිකට් පත් දෙක අතට ගත් වීරතුංග දුව සොයා ගියේ ඒවා දියණියට පෙන්නා ඇය සතුටෙන් ඉපිලයනු දැකීමට ඇතිවුන ආසාව නිසාය. 


ඉයන් (අන්න වීරතුංගට මොලේ ඇවිත්.. හැක්)

යෝජිත අවසානය (05)

අච්චු කන්තෝරුවේදී තමන් විසින්ම ව්‍යාජයෙන් කල් දමන ලද පසුතැවිල්ල හා අහිමිවීම ඔහු හඹා පැමිණ මුහුණට මුණ ගැසුනේ පාර අයිනේ වූ මාර ගස් සෙවනේදීය. මෙතැන් සිට දවසේ ඉතිරි පැය කීපය, මාසයේ ඉතිරි දින කීපය සේම අවුරුද්දේ ඉතිරි මාස කීපයද ඔහුගේ වම් පස මාර්ගයේ වේගයෙන් තමා වෙත ඇදෙනු ඔහු බලා සිටියේ භීතියෙනි. පසුතැවිල්ල හා අහිමිවීම තම දෙකොපුල් දෙපසින් නැගී දෙලවන් දවමින් හිස කරා නැගෙනු ඔහුට හොඳ හැටි දැනුනේය. ඒ දුර්මුඛ භාවය මග යනෙන්නන්ගෙන් වසන් කලද, තමා එන තෙක් මග බලා හිඳින දීපිකාගෙන් වසන් කරනා මගක් සොයමින් හේ සිය දෑස් අවට සිසාරා යොමු කලේය. ඉදිරි පැය, දින, මාස නොකඩවා දෙපසින්ම ඔහු කරා එළඹෙනු දුටු ඔහුට කළාතුරකින් කිසිවෙකුත් අපේක්ෂා නොකල මොහොතක අධි වේගයෙන් පැමිණෙන විනාඩියක්, තත්පරයක් ඉදිරිපිටට පැන සිය දිවි නහගන්නට පවා සිත්විය.

ඒ සෑම කාල මානයක්ම අතරින් පාරේ අනෙක් පස සිය මවගේ සුරතේ එල්ලී ඇයගේ පියවර මෙන් දෙගුණයක් පියවර තබමින් විටෙක උඩ පනිමින් ගමන් ගන්නා සිඟිත්තියකගේ කෙළිලොල් හැසිරීම ඔහු සිත් පැහැර ගත්තේය. දැරිය විටෙක සිය මවගේ ගමනට බාධා කරමින් ඇයගේ අැඟේ එල්ලී වැළඳ ගන්නීය. යලි මවගේ අත අතැර පාර අයිනේ වැටී තිබූ වර්ණවත් යමක් අහුලන්නට යත්න දරන්නීය. එවිට ඇගේ එක් අතකින් අල්ලා පරඬැලක් මෙන් ඇදගන්නා මව මොනවාදෝ වදන් වැලක් හඬ නගා පවසන්නීය. දැරිය නෝක්කාඩු මුහුණක් මවාගෙන තරමක් දුරට ඇදි ඇදී අවුදින් යළිත් සිය මව වැළඳ ගන්නීය.
දින ගණනක් පුරා ‘කින්ඩර් ජෝයි‘ ඉල්ලනා ආමන්දිගේ අපේක්ෂාවෙන් සලිත දෑස ඔහු ඈ කෙරෙන් දුටුවේය. පොත් මේසයටත් වඩා දශක කීපයක් පැරණි එකම අල්මාරියේ ඇති එකම ලාච්චුව තුල කොනට වෙන්නට ගුලි ගැසී සැඟවුණු මදටිය පාට, නිල්පාට කොළ කැබලි ඇයගේ සිහිනය සැබෑ කරන්නට කිසිසේත් මදි බව ඔහුත් දීපිකාත් මැනවින් පසක් කර සිටියෝය. 
“දවාලට උයන්න විතරයි හාල් තියෙන්නෙ. ආතගෙ කඩෙන් හාල් පොඩ්ඩක් ගේන්නද මං ණයටවත්?“ 
උදෑසන තමන් නගරයට යන්නට සැරසෙද්දී, කාමරයේ පඬු පැහැ ගැහුණු දොර රෙද්ද මෑත් කර උළුවස්සට හේත්තු වූ දීපිකා එසේ අසද්දී,
“ආනෙ අම්මෙ කින්ඩජෝයි එකකුත්....“ කියමින් ඇයගේ බඳ වටා දැවටුණු ආමන්දිගේ අපේක්ෂාවෙන් සලිත දෑස ඔහු මේ සිඟිත්තියගෙන් මනාව දුටුවේය. 

තුන් රෝද රියකට අඬගසා එයට නැගුණු ඔහු තමන් යා යුතු තැන මේ යැයි කෙඳිරි ගෑවේ රියදුරුට පමණක් ඇසෙන්නටය. අඩ හෝරාවක් හෝ එවැනි කාලයකට පසු හෙතෙම රියදුරුට මදක් රැඳෙන ලෙස පවසා පොත් ප්‍රකාශකයා ඉදිරිපිට පෙන්වූ ආත්මාභිමානය රිය තුලම තබා අසල වූ පොත් කඩයකට රිංගුවේ ගැරඬියෙක් සේ හිස මදක් ඔසවා නාම පුවරුව දෙස දෙවරක් බලමිනි. 
“අම්මට උඩු! වීරතුංග මහත්තයා...ඉතිං ඉතිං... කොයිබෙයි මේ?“
“මුදලාලි, පොඩි හදිසියකට අවේ. උදව්වක් ඉල්ලගන්න.“
“මහත්තයෝ, සල්ලි ඇර ඕනි උදව්වක්...මේ දවස්වල බිස්නස් අන්තිමයිනේ...“
“නෑ...මේකයි. අපේ දුවට මේ ටිකේම උණ. කන්න බෑ කිසිම දෙයක්. වමනෙත් යනවා. ළමයා හොඳටම දුර්වල වෙලා. පාමසියෙන් ගන්න බේත් වගයක් තියෙනවා ටිකක් ගණන්. මුදලාලි මට තරහා නැතිව රුපියල් දෙදාහක් දෙන්න. මගේ අළුත් පොත .......... බාරගත්තනෙ. ඇඩ්වාන්ස් ගන්න අනිද්දට එන්න කිව්වා. ඒක ගත්තු ගමන් ගෙනත් දෙන්නං. ඕනිනං පොලියකුත් ගත්තට කමක් නෑ.“
“ළමයෙක්ගෙ අසනීපෙකට බේත් ගන්න පොළියට සල්ලි දෙන්නෙ මොකාද මහත්තයො. ම්... එහෙනං නොවැරදීම අනිද්දට ගෙනත් දෙන්න. ආ..... පුළුවන් කමකට නෙමේ. මේ දවස්වල බිස්නස් අන්තිමයි“.
“අනේ....පිං සිද්ද වෙනවා! ලොකු දෙයක්! මම අනිද්දට නොවැරදීම... නොවැරදීම ගෙනත් දෙන්නං“
අනේක වාරයක් පින් දුන් වීරතුංග නැවත රියට නැගී තම නිවස පිහිටි ඉසව්ව කෙඳිරීය. 

නිවසට හැරෙන හන්දිය පෙනි පෙනී වම් පසට පහලට විහිදුනු පාරට හරවන ලෙස අණකල හෙතෙම එම කෙටි පාර අගිස්සේ වූ අවන්හල අසලින් බැස රියදුරු තැනට කොළපාට මුදල් නෝට්ටුවක් දිගු කලේ තමා අසල අසුන්ගෙන සිටි ආත්මාභිමානය අනෙක් අතින් ගනිමිනි.


(මදාවියා - මට හිතෙන්නේ වීරතුංග පශ්චත්තාපයෙන් විඳවන්න හදනවා කියලයි.. උඹටත් හොද හැටියට මාගල් අතාරින්න ඇහැකි නේ බං.. හැක්.. ස්තුතියි මධු)


යෝජිත අවසානය (06)

ගිණි පුපුරු වලින් ඔහුගේ ඇස් රිදුම් දෙන්නට පටන් ගත්තේය. එයින් මිදීමට යම්තම් ඇස් මිරිකාගත් ඔහු ආ මාර්ගය දිගේම නැවත නිවසට යාමට පිටත් විය.

* * * 

ප්‍රවීන ලේඛක වීරතුංග ඉදිරිපස දොරෙන් පිටත්ව පදික වේදිකාවේ නොපෙනී යනතුරුම සීසීටීටී තිරයෙන් බලා සිටි සම්මානනීය පොත් ප්‍රකාශක කලාමාන්‍ය ධනියගෝපාල තම මේසය අසල තිබූ දුරකතනයෙන් අභ්‍යන්තර අංකයක් ඇමතුවේය.

සුජී, අර වීරතුංග මාස්ටර් ගේ පොත්වල සේල් කොහොමද?

හොඳට යනවා සර්්, අර අලුත්ම පොතේ අපි ගහපු දෙවෙනි මුද්‍රණයත් මේ පාර පොත් ප්‍රදර්ශණයේ දී ඉවර වෙන්නම විකුණුුනා. 

එහෙනං ප්‍රෙස් එකට කියන්න තව දෙදාහක් ගහන්ණ කියලා. හැබැයි ප්ලේට් වෙනස් කරන්න එපා. පළමු මුද්‍රණයේ ප්ලේට්ම පාවිච්චි කරන්න කියන්න.

හොඳයි සර්.

සුජී ඔය ෆොන් එක දෙන්න චංචලාට.

හොඳයි සර්.

* * * 

සර්?

චංචලා මට හොඳ උණු තේ කෝපපයක් ගෙන්න. මේ ඒ.සී. එක හරිම සීතල වැඩියි.


රසිකොලොජිස්ට් (ෂිහ්.. චාමරත් ආව නං හරි.. හැක්.. බෙහෙවින්ම ස්තුතියි රසික)


යෝජිත අවසානය (07)

ලේඛකයාගේ ඔළුව සම්පූර්ණයෙන්ම අවුල් ජාලයකි. විකුණන්න බෑ..... ඉල්ලන්නෙ නෑ..... ඉල්ලුම.... සැපයුම.... ආර්ථිය..... කලාව..... සාහිත්‍ය..... කිරිපිටි....... හාල්...... කොපි පොත්...... ටියුෂන්......

මිලි තත්පරයකට තලයන් එක බැගින් වූ විවිධ දර්ශනයන් ඔහුගේ දෑසට දර්ශනය වී අන්තර්ධානය වන්නට විය......

"කොහේද %$$^3% යන්නෙ! අපිටත් පවු දෙන්න" 

තුන්සක රියකින් මතුවූ හිසක් තුලින් ඇසෙන්නට විය. පාරේ මධ්‍යයට ආසන්න වී සිටි ලේඛකයා පියවි ලොවට එලඹිනි.

 
හොරෙන්ම නිවසට ඇතුළු වූ ඔහු කාමරයට වැදී සෙමෙන් දොර වසාගත්තේය. වසර හතලිස් ගණනක් ලේඛණයෙන් උපයාගත් ආර්ථික වටිනාකමක් නැති, සම්මාන-කුසලතා-සහතික ඔහුට විරිත්තන්නාක් සේය. යාන්ත්‍රිකව මෙන් පුටුවට වැටුනු ඔහුගේ මුහුණ දෙස කෙලින්ම බලා සිටින්නේ මහල්ලා සහ මුහුද පොත් කවරයේ සිටින අර්නස්ට් හෙමිංවේය.

"ඉඳල වැඩක් නෑ..... වෙඩි තියාගනිං.... ඔලුවටම! ඔලුවටම තියාගනිං.... විඳවන්න ඕන නෑ! හරියට මං කලා වගේම....."

"ඔව්! වෙන කරන්න දෙයක් නෑ..... පුච්චලදානව මේ ඔක්කොම..... ඊට පස්සෙ මම නිදහස්..... නිදහස්..... නෑ නෑ පුච්චන්න ඕන නෑ.... ඊට කලින්....." 

ලේඛකයාගේ ඇස ගැටුනේ බිත්තියේ කෙලවරට වන්නට පිහිටි රාක්ක දෙක එක්කොට බැඳ තිබූ තංගුස් ලණුවයි. සෙමෙන් එය ලිහාගත් ඔහු අසල තිබූ බාල්කයේ ගැටගසන්නට විය. ගෙතුලින් අපැහැදිලි හඬ කිහිපයක් නැගිනි.... 

"හරි හෙට දෙන්නං.... තාත්ත ඇඩ්වාන්ස් එකක් අරං එයිනෙ....."

ලේඛකයාගේ උගුර සිරවනු දැනිනි. බාල්කයේ ගැටගැසූ ලණුව අල්ලාගත් ඔහු කල්පනාවට වැටිනි. 

"වීරතුංග මහත්තයල අපිට කිසි සපෝට් එකක් නෑනේ..... එන්නකො අපිත් එක්ක වැඩ කරන්න..... ඔය පොතක් දෙකක් පාසල් විශය නිර්දේශයටත් දාගත්ත නං ඒකම ඇතිනේ..... ඕන නං පොතක් ගහන්න ඕනවුනාම මෙහෙං ගහගන්න බැරිය......" 

අමාත්‍යාංශයේ පැවති උත්සවයේදී සංස්කෘතික ඇමතිවරයා හා කල අල්ලාප සල්ලාපය ඔහුට සිහි වන්නට විය.

"වීරතුංග මහත්තයා උදව්වක් ඕන නං කතා කරන්න කරදර වෙන්න එපා, මෙන්න කාඩ් එක.....කෙලිංම මට කතා කරන්න....."

ලණුව ලිහා දැමූ ඔහු මේස මත තිබූ නාම පත් ගොඩ අවුස්සන්නට විය.



නවාතැනේ රාජ් (උඹත් මාතලං වගේ අවසානය දේශපාලන දෘෂ්ඨියකට ගෙනාවා.. ස්තුතියි රාජ් මහන්සියට හා කාලය වෙනුවෙන්)



යෝජිත අවසානය (08)


හදිසියේම නිවසට යාමේ සිතුවිල්ල වෙනස් කල ඔහු නව ජවයක් ලැබුවාක් මෙන් නගරයේ රික්ෂෝ ගාල වෙත පිය මැන්නේය..

"ආ .. වීරතුංග මහත්තයනේ.. එන්න එන්න"

ඔහුව දුටුවනම ටැක්සි රියදුරන් හඳුනා ගත්තේ ඔහු රටේ ජනප්‍රිය ලේඛකයෙකු වූ නිසාවෙනි.. මුවින් නොබිණු වීරතුංග මහතා ටැක්සියකට ගොඩ විය.

"කොහෙටද මහත්තයා ?"

- "බේකර් විදියට"

ටක්සිකරුගේ දෙනෙත් විසල් වුයේ යමෙකු බේකර් විදියට යන්නේ නම් අනිවාර්යයෙන්ම ඒ එහි වෙසෙන විශේෂිත පුද්ගලයා හමු වීමට බව සක් සුදක් සේ දන්නා නිසාවෙනි..

ඔව් සත්‍ය වශයෙන්ම වීරතුංග මහතාට අවශ්‍ය වුවේද බේකර් විදියේ වෙසෙන ඒ විශේෂිත පුද්ගලයා, ෂර්ලොක් හෝම්ස් මහතා මුණ ගැසී තමන්ගේ උසස් කෘති නොවිකිනිමේ අභිරහස විසඳා ගැනීමටයි..

-----
වීරතුංග මහතාට ශරලොක් හෝම්ස් මුණ ගැසේවිද ?
ඔහුගේ අභිරහස කෙසේ විසදේවිද ?

ඉක්මනින් තවත් කොටසක් බලාපොරොත්තු වන්න...

Yasith.Net (හේ හේ. කාලෙකින් ආව උනත් බොටත් අවසානයක් දෙන්න හිතුන එකම මදෑ.. හැක්.. ස්තුතියි යසියා)


යෝජිත අවසානය (09)

වීරතුංග යන තුරු බලාසිට ප්‍රකාශකයා වහා දුරකතන ඇමතුමක් ගත්තේය.

****
ලංකාද්වීපයේ සිරි බුදුරැස් අසපුවේ විචිත්‍රවූද නන් වැදෑරුම් කුසුමින්ද පලතුරු පිරි තුරුවදුලෙන්ද මලින් මලට පියඹන මී මැසි හා සමනල යින්ගෙන්ද පිරි මහා අංගනයට අභිමුඛව නැගි මහ මන්දිරයේ ඇතුලු මහා ධර්මශාලාවේ මධ්‍යයේ තබා ඇති රනින් කල බඳු සීලිමේ එල්ලෙන දැවැන්ත පොකුරු පහනේ එළිය වැටී දිලිසෙන සිංහාසයනක් බඳු මහා ආසනයේ වැඩ සිටි කල්ප රහතන් වහන්සේගේ පශ්චාත්භාගය උණුසුම් වනු සංවේදීව සිය දිව්‍ය චක්ෂූෂය වහා මෙහෙයවා කුමන තැනක කිනම් මනුස ප්‍රාණියෙකුට විපතක්දැයි ව්පරම් කරන්නේ වීරතුංග නැමති මහා ප්‍රාඥයා රුපියල් කොල කීපයක් නිසා පීචංප්‍රාප්ත වීමට ඇති ඉඩ කඩ වහා ග්‍රහනය කොට වීරතුන්ගයානෝ ඉදිරිපිට පෙනී සිටියහ. 

හිමියනි ඔබ මෙහි වැඩියේ..?

වීරතුංගයානනි මට ඔබට කාරනාවක් කීමට ඇත, ඔබ නිසාම පැමිණියෙමි.
කල්ප හිමියෝ සිය මර්සිඩිස් රතය ගැන සිතුවා පමණි.
එය රථාචාර්යා සමගම ඉදිරියේ දක්නට ලැබුනි.

වීරතුංගයානනි, කරුණාකර නගින්න.

දෙදෙනාම පිටුපස අසුනට ගොඩ වූහ

වීරතුංගයානනි ඔබට මට කාරණාවක් කියන්නට තිබේ
මීට වසර බොහෝමයකට පෙර මාද ඔබ මෙන් ලේඛකයෙකි. එමෙන්ම මාද දන්නේ අනෙක් හැම දන්න බුද්ධාගමය. මා රහත් වෙන්නත් මාලිගාවල ජීවත් වෙන්නත් අනෙක් අය හිටිය විදියට ඉන්නත් හේතුව ඔබ සොයා බැලුවාද? මං දෙසන්නේ උපාසික උපාසිකාවන්ට ඕනෑ බණ මිස මට ඕනෑ බණ නොවේ.. 
මා ආ අනෙක් විශේෂ කාරනය මේකයි. 
ජනපති තුමා එවල තියෙනව ලැප් ටොප් එකකුයි, 
අලුත්ම ෆෝන් එකකුයි ඔබට දෙන්න කියල.
ඕනෑ වේලාවක එතුමාට කෙලින්ම කතාකරන්න පුලුවන් 
මේ හෑන්ඩ් ෆෝන් එකෙන්. බිල් ඔක්කොම ගෙවන්නේ එහෙන්. 

ඔබගේ එකවුන්ට් නොම්මරේ මට දෙන්න!



දයල් බතී (හැබෑටම මේක ඉන්ද්‍රජාලික යථාර්ථයක් ද බං.. ස්තුතියි දයාල්)

180 comments:

  1. අර හොටු ගුලි කරල මේසෙ යට දාරෙ අලවන එකනම් මාත් කරනවා.
    එක දවසක් බැලින්න්නම් අඟල් බාගෙක විතර තට්ටුවක්

    ReplyDelete
    Replies
    1. ඇනෝ හොටු පැට්ටරියක්ද අඩේ ඕක

      Delete
    2. අපේ මාමන්ඩිගෙන් මං ඒක අල්ලගත්තේ.. හැක්

      Delete
    3. ඒ අැනෝ....

      ගෙහුං කණ්ණාඩියෙන් බලහං නහය ගෙවිලා ද කියලා.... යකෝ මෙහෙමත් හොටු..........

      Delete
    4. හැක්.. හොටු හිරවෙලාද කොහේද යාලුවා ඇවිල්ලත් නෑ වගේ..

      Delete
  2. මේක පතරංග ජාතකයක් තරං දික් වෙන්න තිබුන කතාවක්.. ලියන්න කම්මැලියි .අදහස් නෑ. නිදහස් නෑ.. ලියපු ටික අතෑරියා..///
    කුනු හබ්බ කතා කරනව කෝ මේකෙ අවසානයක්.. ලියන්න ඉතුරු ටික...
    ඉදල ඉදල දේශ ලියන්නෙත් හොදම කතා ඒත් මේ වගේ විකාරයක් කරල නෑ කවදාවත්
    තරහ ගන්ට එපා බොක්කෙන්ම කීවෙ
    කතාව ගලාගෙන ආව විදියට අවසානය දැනුනෙම නෑ.. ඊටත් අති අසම්පූර්ණයි...
    මංද මේ අන්තිමට ලියල තියෙන වාක්‍ය හින්ද කීව නෙවී... ඒත් කී දෙනෙක් මෙහෙම කියයිද බලන්ටකො

    ReplyDelete
    Replies
    1. කතාව හොද විස්තර වර්ණනාවක් එක්ක පටං ඇරං තියෙනව.. කොටිංම කියනව නං කාමරේ ඇතුල කෝමද ලේඛකය ගෙ මානසික තත්වෙ කෝමද කොටිංම ඒ අහල පහළ ඉන්නව වගේ දැනුන කියවන් යද්දි.. මං කීවෙ ආරම්භය සාර්ථකයි.. අවසානය විතරයි ගැටළුව.. කතාවෙ අවසානය නිකං ජිල්බෝල හොද්දක් වුණා එක පාරටම

      Delete
    2. ස්තුතියි මහේෂ්.. ඉවාන්ගේ කෑල්ල දානකං හිතුනේ නැහැ මට මේ විදියේ අවසානයක් ගන්න තිබුනා කියලා. මොකද මං තව සිද්ධි තුනක් ඔලුවේ තියාගෙනයි මේක ලියන්න පටන් ගත්තේ. වචන අඹරන්න තිබ්බ කම්මැලි කමටම මෙහෙම දැම්මා.. ඉවාන් මං නොහිතපු අවසානයක් අරන් දුන්නා..

      Delete
    3. දේශා.............

      ඉවාන් කොහොමත් ඒහෙම තමා.. ගෙදර උන්දැගෙන් අහන්නකෝ බොරු ද කියලා.....????

      Delete
    4. අපේ උන්දැගෙන්ද බං.. එයා නං කියයි ඉවාන් කුමාරයා බාබයිගා යකින්න පැරැද්දුවා කියලා.. හැක්

      Delete
  3. මොනවද බං මේ. ලියනවනං ලියහං නැත්තං නොලිය ඉඳහං.
    ඊයෙ රෑ ගෙදරිං එළියට දාපු පාර මොළේ පෙඟිලද කොහෙද.

    ReplyDelete
    Replies
    1. මේ අපි වාගෙ..නැද්ද බං :D

      Delete
    2. ලියනවද නැද්ද කියල හිතල තමා මේක දැම්මේ.. හැක්..

      @ පාද්රෛ්

      ගල් මුෂලයා.. කල වැද්දා.. උඹගේ හැන්පොං නම්මරේ වෙනස් උනාද? අලුත් එකෙන් මට මික්ස්ඩ් කොල් එකක් දීහං.. හැක්

      Delete
    3. අඩෝ මේ හොර වැඩ බෑ දෙන්නත් එක්ක හරිය.

      Delete
    4. චැහ්.. හෑන්පෝං නම්බරේ අරකමයි. ඒක වෙනස් කරල බෑ නෙවැ.මාත් කාල ඇඳල ඉන්ඩෙපැයි .හැක් :D :D

      Delete
    5. හැක්.. මං කෝල් කරා වැඩ කරේ නැහැනේ..බං

      Delete
    6. දැන් කවුද ඒළියට දැම්මේ.................. යකොේ අපිත් මේවා දැනගන්න ඒපැයි....

      Delete
    7. @කුරුටු,
      ඒක මේ දවස් ගානකට කලිං කේස් එකක්. මූ බුකියෙ ෆොටෝ එකක් දාල තිබුණ මොකක්ද ග්‍රහලෝකෙක. ඒ රෑ දේශිකා එළියට දාපු පාර තමයි.

      Delete
    8. පල යන්න ප්‍රසා. උඹ දැක්කෙත් නෑ නේ හදේ රැස් වලල්ල එදා.. හැක්

      Delete
  4. ඔය කෘතු භාග කිව්වාට ලැබෙන්නේ සීයට පහක්ලු නේද ?
    පොත විකුණාගන්න ක්‍රමයක් තියේනම් කෘතු ප්‍රකාශනයක් විදියටම ඉදිරිපත් කරන එක තමයි හොඳම දේ.

    ReplyDelete
    Replies
    1. ඔව් 5% යි ලැබෙන්නේ.. ඒක ඇත්ත. ඒකත් යටි මඩි ගහන කලාවක් තමා ලංකාවේ නං තියෙන්නේ.. කතා ප්‍රකාශන විකුණාගැනීම ගැටලුවක් බං

      Delete
  5. ඔව්වගේ ඒවා ඩ්‍රාෆ්ට් කරල තියල මාසෙකින් විතර ඇදල ගන්න. එතකොට එලටම ලියවෙනවලු.

    හැබැයි මම මගේ ක්‍රමේට මේ කතාවට ආසයි. තව එක ඡේදයක් ආවත් ඇති. ඒත් උඹත් ඇතුලුව ගොඩක් අය අකමැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. මට එහෙම ලියන්න බෑනේ බං.. එක ගැම්මට නොලිව්වොත් ඒ ආවේසයද මොකාද නැති වෙලාම යනවා.. හැක්.. ඉවාන් දීපු අවසානේ සුපිරියි නේද??

      Delete
  6. මූට හදිස්සියේම මේසේ හොටු ටිකක් අලවන්න යද්දී මේක ලියන්න හිතිලා තියෙන්නේ... හෙහ් විස්තර වර්ණනාව නම් නියමයි... මේ විදියේ සිද්දීත් ඉතින් කතාවක් විදියට කියවන්න පුළුවන් අවුලක් නෑ... මාත් එකක් ලියන්න ඕනේ බලන්න..

    ReplyDelete
    Replies
    1. කිව්වට ලියන එකක් යැ.. හැක්.. පැතුම් දැක්කෙත් කාලෙකින්..

      Delete
  7. Replies
    1. කම්මල ආශ්‍රෙ කරන්න එපාය කියන්නෙ ඕක තමයි හිටං.

      Delete
    2. නෝ ත්‍රිබල් හැක්...

      Delete
    3. ත්‍රිබල් , අප්පේ දැනෙන සතුට. තවත් කොහෙ හරි දැක්ක ,ඩබල් වෙලා .

      Delete
    4. උඹල නං කොමෙන්ට් මරුවෝ.. හැක් බ්ලොගර් ටත් පිස්සු හදවන්නේ මේ කම්බලයා තමා..

      Delete
  8. මේකත් නොලියා හිටියානම්

    ReplyDelete
    Replies
    1. ඔහේ ලියනවා වගේ නෙමෙයි නේ.. හැක්.. සරා.. මේ දවස් වල ලංකාවට ඇවිත් ගියාද??

      Delete
  9. කොන්දොස්තර ළමයාගේ කෑ ගැසීම එක වරම දැඩි වුයෙන් වීරතුංග මහත්තයා දෑස් විවර කර බැලුවේ හිරු රැසින් කරනා අනේකවිධ බාධා අතරිනි . කුඩා කරගත් දෑස විසල් නොකරම කන්නාඩිකුට්ටම නාසයේ ඉහල දාරය මත රැඳවූ ඔහු වටපිට බැලුවේ මේ කොතනදැයි හරියටම දැනගනු පිණිසය.

    බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ... පාර දෙපස යෝධ ධජ පතක වලින් අලංකාර වූ සැණකෙළි සිරිය දෙස ඔහු බැලුවේ උදාසීන මනස සහ මසැස ඒකාත්මික කරමිනි ...

    අත් අල්ලාගත් පෙම්වතුන් , කිචි බිචි ගාමින් රංචු ගැහුණු කුඩා දැරිවියන් ..මව් පියන්ගේ අතේ එල්ලුණු කුඩා දරුවන් ... උනන්දුවෙන් මෙන් ඇදෙමින් තිබුනේ ඒ ප්‍රතාපවත් යෝධ ශාලාව දෙසටය .

    " සාහිත්‍යයේ වසත් සමය " , කියවීම මිනිසා සම්පූර්ණ කරයි ..නොයෙක් වැකි රැගත් නානාප්‍රකාර අනුග්‍රාහක භවතුන්ගේ දැන්වීම පුවරු වලින් පරාවර්තනය වෙන හිරු කිරණ නැවත වරක් වීරතුංග මහතාගේ දෙනෙත් නිලංකාර කලේ හිත්පිත් නැති පරිද්දෙනි .

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නම් පුවරුව යටින් කුහුඹු රැලක් මෙන් දෙපසටම ඇදෙන ජන ගංගාව දෙස වීරතුංග මහතා හිස් බැල්මෙන් බලා සිටියේය.

    "“වීරතුංග මහත්තයා. මේ පොත නං ගහන්න බෑ.. පාඩුයි අප්පා.,මට මතක ඇති කාලෙකින් කව්රුවත් ඇවිත් නෑ මහත්තයගේ පොතක් හොයාගෙන.. අම්මපා“" පොත් ප්‍රකාශකයාගේ වදන් නැවත සවනතර රැව් පිළිරැව් දෙයි ..

    ඔය බී එම් අයිසී එච් නැග්ග අය සල්ලි ගන්න .. හරි යං හරී......ගලන ජන ගගඟට ප්‍රති විරුද්ධ දෙසට බසය සෙමෙන් සෙමනේ නැවත ධාවනය වන්නට විය ..

    ReplyDelete
    Replies
    1. මං ඇස් පිහ දාල බැලුවා.. දෙපාරක්ම.. කදුලුත් පැන්න බං.. පට්ටයි.. මට අල්ලන්න බැරි තරං දුරකට උම මේක අරගෙන.. මරු

      Delete
    2. සංහිඳියාව … රෙෂ්පට් බොස් !!!!

      Delete
    3. ෙද්ෙශා අපිට බැන බැන ඉන්නැතුව කතාව කම්ප්ලීට් කරන්ට

      Delete
    4. අනේ පලයං බං යන්න. පොත් බලන්න මොකාද BMICH යන්නෙ. ඒකට ගිය උං වැඩි හරියක් කරල තිබුනෙ මැගී කන එකනෙ.

      Delete
    5. ඇක්සොලන්ට්.... කියන්නේ...

      ඒකෙත් හොඳම එක..

      ඕන් මමත් දන්න විදියට එකක් ලිව්වා...

      Delete
    6. ඇක්සලන්ට්ම තමා මාතේ.. මට අවුල් උනා ඒක දැක්කම. කෝම උනත් ඉවානයා මං ලියපු ගොබ්බ කතාවට ආලෝකයක් ගෙනාවා.. ස්තුතියි ගෙබිලුසෝ.. ලව්පූසෝ... හැක්

      Delete
    7. නියම ආරම්භයක් ඉවාන්!

      Delete

    8. දේශා මේ කරපු දෙයින් මම හිතන්නේ අලුත් පැත්තක් දැක්කා හැමෝම . කතාවේ මාතලන් , තිලකේ , ඉයන් සහ මධුවා කියන හැමෝම විවිධ පති වලින් කතාව දැකපු හැටි අපුරු අත්දැකීමක් . දේශාකලේ අපූරු නිර්මාණයක්

      Delete
    9. ඇත්තටම ඉවාන්.. මටත් මේක රසවත් දෙයක් උනා.. උඹ තමා අඩිතාලම දැම්මේ. මේ වගේ දෙයක් ගැන මං ඇත්තටම හිතුවේ නැහැ. මම මේ කතාව ලියන්න උත්සාහ ගත්තේ ලේඛකයා තමන්ගේ ප්‍රකාශකයා, තම බිරිද හා තම හෘද සාක්ෂිය සමග ගැටෙන අවස්ථා තුනක් නිරුපණය කරන්නයි. ඒත් පළමු ගැටීම විතරක් ලියද්දි මට ලියන එක එපා උනා.. ඊට පස්ස් ලියපු කොටසට අවසානයක් දෙන්න තරං වත් මට මොලයක් තිබ්බේ නැහැ... ඒකයි උනේ. ආයිත් ස්තුතිියි ඉවාන්..

      Delete
    10. ඉවාන් කිව්වා වගේ මෑත කාලයේ බ්ලොග් අතරේ සිදු වූ අපූරු සුසංයෝගයක් මේක. ඒකට මුල් පදනම දැම්ම දේශා ඉවාන් දෙන්නම කලේ මරු වැඩක් . .අත්තටම මේකේ මුල් කතාවට වැඩිම ආලෝකයක් දෙන්නේ ඉවාන්ගේ එකතු කිරීමෙන් බව එක හෙලා කියනවා

      Delete
    11. ...//ගලන ජන ගඟට ප්‍රති විරුද්ධ දෙසට බසය සෙමෙන් සෙමනේ නැවත ධාවනය වන්නට විය //....

      ...//හිරු රැසින් කරනා අනේකවිධ බාධා අතරිනි//..

      ඉවානයා උඹටනම් සුපිරි හැකියාවක් මචං තියෙන්නේ.උඹටම ආවේනිකයි..කොපි කරනු බැ...උඹ ඉපදෙනකොටම මොළේ මේ වෙනුවෙන්ම වෙනම සයිඩ් එකක් නිර්මානය වෙලා තිබිලද කෙහෙදෝ..වරෙන් බදාගෙන උම්මා එකක් දෙන්න

      Delete
    12. ඔව් තිලකයියේ... ඉවාන් ව ලිස්ට් ඒකෙන් පාර්ලිමේන්තු ගේන්න හිතෙනවා...

      Delete
    13. ඇත්තමයි තිලකේ... ඉවාන් ලියපු කොටසයි මගේ කොටසයි බැලුවොත් රිදම් එක නොබිදෙන්න ඒක ලියල තියෙනවා. හැබැයි මගේ කොටසට වඩා ඉවාන්ගේ අවසානය ඉතාම රසවත්...

      Delete
  10. වැඩ අස්සෙ නිකන් ඔළුව ඔබල යන්න ආවා බං, පැස්බරා වගේ. හවසට කියවන්න එන්නම්.

    ඔය දකුණු පැත්තෙ උඩ මූණට කොටනකම් විරිත්තගෙන ඉන්න පොර නිතරම හැව අරිනවද බං, මතක හැටියට කලින් මේ පැත්තෙ එද්දි පොර හිටියෙ ඔයිට වඩා ගොරහැඬි විදියට ද කොහෙද. තිරිහන් වෙලාද මන්දා.

    ReplyDelete
    Replies
    1. පොර උදේට කිරිත් එක්ක සමහන් බොනවා. ඕ යේස් !!

      Delete
    2. හැම ෙවෙල්ම විරිත්ත්ං ඉන්න හිංද තිරිහං ෙවනාලු...

      Delete
    3. උෟ කාලෙන් කාලෙට පරිනාමය වෙනවනෙ බං.

      Delete
    4. මෙච්චර කලක් ඔය පින්තුරේ කෙටුවට කොන්ක්‍රිට් වැටුනේ නෑ. අද තමා ඒක හැදුවේ. වැඩ අස්සේ හරි උඹ ආපු එක සතුටක් නෙව.. මේල් ඇඩ්‍රස් එකක් හෙම නැද්ද?? තියේනං මේකට එකක් එවාපං මදුරුවෝ.. atw.cmb@gmail.com

      Delete
    5. ඕන් පොරොන්දුප්‍රකාරව නැවත ඇවිත් කියෙව්වා, කමෙන්ට්ස් මාගලත් එක්කම. පෙරහැර ගිහින් අලිබෙටි විතරයි පාර පුරා, දැන් ඉතිං කතාව ගැන අදහසක් දෙන එකින් වැඩක් නෑ. එක හොද්දට කුකාල රොත්තක්ම ඉන්නෙ ඔය. හැක්...

      ඉවානයගෙ අවසානය අපූරුයි. සමහර පොත් කියවල ඉවර උනාම ඇතිවෙනව වගේ තිලකසිතගෙ අවසානය කියෙව්වම මට ඇති වුනේ කාලකණ්නි හැඟීමක්. :) පොතක් කියෙව්වත් ෆිලුමක් බැලුවත් මම වඩා කැමති ‘ඉක්බිති සියල්ලෝම සතුටින් විසිර ගියහ‘ කියන ඉයන්ගෙ ජාතියෙ අවසානයකට.

      //මෙච්චර කලක් ඔය පින්තුරේ කෙටුවට කොන්ක්‍රිට් වැටුනේ නෑ. අද තමා ඒක හැදුවේ//

      හ්ම් .. හරිනේ. අර ජේ ආර් පප්පගෙ වගෙ හුරුබුහුටි නාහෙ පොඩ්ඩ උඩටම මමත් ඔන්න කොටල බැලුවා. බඩු හෑව්.

      හිටහං, හිටහං බොට දෙකක් කියල එවන්න. :)

      Delete
    6. හැක් හැක්.. ස්තුතියි ඩීඩීටි.. තිලකෙගේ අවසානය ඇත්තටම හිස් බවක් ගෙනාවා මටත්.. ඉවාන්ගේ අවසානය නං උඹ කිව්වත් වගේ අපුරුයි කියන්නේ අපුර්වයි.. ඒක විස්තර කරන්න අමාරු ලස්සන සිතුවමක් වගේ බං.. ඉයන් කාරයා නං ඉතිං ඔය සිංදු කියන එකානේ ඉති ඒකාට සුඛදායක අවසානයක් ඕන ඇති.. හැක්.. ජය වේවා පුතා

      Delete
    7. හෙහ් හේ DDT හා දේශා අවංකව දැනිච්ච දේ කිව්ව එකට ස්තුතියි. අඩේ අප්පා මම හිතාගෙන හිටියේ මම දුන්නේ ශුබවාදී අවසානයක් කියලනේ. වීරතුංග උන්නැහැ අඩියක් එහෙම ගහල පොත ආපහු ලියයි කියල. අනීවා මමත් කැමතිම එන්ඩ් එක ඉවාන් ලියපු එකම තමයි

      Delete
    8. ඒක හිතාගන්න බැරි අවස්ථාවක් නෙමෙයිද තිලකේ.. සමහර විට බීර එක බොනනත් පුලුවන් නොබොන්නත් පුලුවන්.. සමහර විට ලගට ගිහිල්ල හැරිල එන්නත් පුලුවන්.. හැක්.

      Delete
  11. අදහස් නැත්තං . ලියල ඉවරකරන්නත් බැරිනං මොකටද මේක පබ්ලිෂ් කරේ..?

    ReplyDelete
    Replies
    1. ජාන විකෘතියක් අයියා. හැක්

      Delete
  12. අයියෝ දෙශා මොකෝ මේ, මේක හරියට ඉවර කලා නම් නෙ හොඳ. මේ වාගෙ ලේඛක ගොඩට තමා ඉතින් කවදාහරිම බ්ලොග් සටහන් ලියන්නන්නුත් අයිති වෙන්නෙ දේශා. "" සාහිත්‍යයේ වසත් සමය " , කියවීම මිනිසා සම්පූර්ණ කරයි ..නොයෙක් වැකි රැගත් නානාප්‍රකාර අනුග්‍රාහක භවතුන්ගේ දැන්වීම පුවරු වලින් පරාවර්තනය වෙන හිරු කිරණ නැවත වරක් වීරතුංග මහතාගේ දෙනෙත් නිලංකාර කලේ හිත්පිත් නැති පරිද්දෙනි . "

    ReplyDelete
    Replies
    1. ඉවාන් දීපු අවසානය ටක්කෙටම ගැලපෙනවා නේද චන්දි...

      Delete
    2. ඉවාන් වෙනුවෙන් ස්තුතියි...

      Delete
  13. ලස්සන ආරම්භයකට ඉවානයා ගලපපු ඇඩ්‍රස් නැති වෙන අවසානයක්....
    එක වචනෙකින් කියනව නම් මරු.....

    ReplyDelete
    Replies
    1. ඉවානය දුන්නේ හිතාගන්න බැරි අවසානයක්.. අඳුරු ලොවක් එකලු කලා ඒකා..

      Delete
  14. මෙන්න අන්තිම ෆයිනල් කොටස :

    ගෙදරට ගොඩ වූ සැනින් වෙනදා මෙන් සිය අඳුරු කාමරයට ගොඩ නොවූ ලේඛකයා ඉස්තෝප්පුවේ ඉඳගෙනම පාලු වී ගිය ඇනෙක්සිය දෙස මද වෙලාවක් බලා සිටියේය. නීතා ජීවත්ව සිටි කාලයේ මේ අනෙක්සියෙන් ලැබුණ කුලියෙනුත් මැහුම් ගෙතුම් වැඩ වලිනුත් ගෙදර වියදමත් තම ගමන් බිමන් ලියකියවිලි ගාස්තුත් සියල්ල පිරිමසා ගත් හැටි සිහිපත්ව ඔහුට හීල්ලුනේය. ඒ කාලේ පොත් ප්‍රකාශකයෙක් ලඟට වුනත් තමන් ගොඩ වුනේ මීට වඩා ආත්ම විශ්වාසයකින් හා පෞරුෂයකින් බව ඔහුට නිශ්චිත විය . එකෙනෙහිම ඔහුට සිහිපත් වුයේ කන්කරච්චලය වැඩි යැයි කියා මාස ගණනකට පෙර එළවාගත් දරුපවුලේ මෙන්ම අද පොත් ප්‍රදර්ශනය බලන්නට පැමිණ සිටි දරුපවුල්වලත් ජීවිත තමන්ට මග හැරී ඇති බවකි. නරුම අසුබවාදී ලේඛනවල දැවටී දැවටී අර මූසල කාමරයට වී සිටීම මොන තරම් මුග්ධ කමක්දැයි වීරතුංග නම් මහා ලේඛකයා මුල්වරට හිතන්නට පටන් ගත්තේය. ඊට සමාන්තරව පාරේ යනෙන වාහනවල නලා හඬ පරදා අසල්වැසි ගෙවල මිදුලෙන් ඇසුණු පොඩි වුන්ගේ සිනා හඬ මෙන්ම සයානාගාරවලින් ඇසුණු අඹු සැමියන්ගේ මුණු මුනුව පවා ඔහුට ඇසෙන්නටත් දැනෙන්නටත් පටන් ගත්තේය.

    ප්‍රතික්ෂේප වූ අත් පිටපතට ප්‍රාණවත් ජීවිතය ඔබ්බවා අලුතින් ලියන්නටත් වඩා හොඳ ප්‍රකාශකයෙකු හොයාගෙන යන්නටත් තරම් ඔහුගේ හිතට දිරියක් ඇති වී තිබිණි. කල්පනාව අස්සේම කැබිනට් ලාච්චුව අත ගෑ ඔහුට ඇනෙක්සිය කුලියට දෙන දැන්වීම පත්තරේට දමන්නට තරම් මුදලක්ද තවත් අමතර සිල්ලර ගණනක්ද හොයාගන්නට පුළුවන් විය. එසේ ඉතිරි මුදල් හා කාසි ටික ගනිද්දී බීර බෝතලයක අලුත් මිල ගැන අදහසක් නැති වීම ගැන ඔහු අවන්කවම කණගාටු වුනේය .

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ වගේ ඉවර වුනාම තමා මගේ හිතට නම් හරි යන්නේ.. හෙහ් හෙහ්

      Delete
    2. සයානාගාරද, සයනාගරද, සායනාගාරද?
      සයනාගාරවලින්නං ඉතිං හොඳ හොඳ ඒව ඇහෙනව තමයි.

      Delete
    3. සයනාගාර වෙන්ටැති.. උඹ මක්කටද ඕවා බලන්නේ.. හැක්.. o|o..

      ස්තුතියි තිලකේ කාලය අරගෙන අවසානයක් අරන් දුන්නට..

      Delete
    4. තිලකයියගෙ අන්තිම ෆයිනල් වාක්‍යය දැක්කම තමා මටත් යමක් ලියන්න හිතුනෙ.

      Delete
    5. අන්තිම ෆයිනල් අවසාන වාක්‍යය හරියට චිත්‍ර සීයක් වගේ. ඇයි එක විත්‍රයකින් වචන දාහක් කියවෙනවලු නෙව.. මධුවො

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. වීරතුංග තීරණයකට එලැබිනි...

    හැමදාම එක එකාට නෝන්ඩි වෙන්න බෑ... ජනතාවට ලිය ලිය ඉඳලා හරියන්නෙත් නෑ...

    වීරතුංගට මීට ටික කළෙකට පෙර අහම්බෙන් හමු වූ ඇමතිවරයා කී දෙය මතකයට නැඟුනි....

    වීරතුංග මහත්තයා... ඔබ තුමා කැමති නම් මට පුළුවන් මගේ ජනමාධ්‍ය ඒකකයේ රැකියාවක් දෙන්න.. එහෙම නැත්නම් අමාත්‍යංශයේ මොකක් හරි සෙට් කරලා දෙන්නම්....

    බොහෝම ස්තූතියි ඇමතිතුමා.... ඒ උනාට ඇමති තුමා ඔබ තූමාටත් හොඬටම කැපිලි කෙටිලි නේද...? මේවා ඔබ තුමත් අමාරුවේ වැටෙන වැඩ..

    කමක් නෑ මහත්තයා කල්පනා කරලා බලන්නකෝ... ඕන වෙලාවක ඇවිත් මාව හම්බ වෙන්න...

    මේ සැරේ සාහිත්‍ය උළෙලට ජනාධිපති තුමත් එනවා කියන්නේ වීරේ..

    ඒකත් එහෙමද... මම එතුමව ඇමති කාළේ නම් හම්බ වෙලා තියෙනවා... බොහොම නිහතමානී මනුස්සයා...

    එහෙනම් ඉතින් නොවරදවාම උත්සවේට යමු... වීරෙත් බොහෝම අමාරුවෙන් නේ මේ දවස්වල ඉන්නේ..

    ඒක තමයි.. එතුමට කතා කරන්න හම්බ උනොත් උපකාරයක් ගන්න බැරි වෙන එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. යා යා.. උපකාරයක් ගම්මු...
      නරකම නෑ ෙනව....

      Delete
    2. වීරෙ කඩේ යයි වගේ.

      Delete
    3. මාතා සම්පුර්ණයෙන්ම අවසානය භෞතික වාදිව වෙනස් කරා.. ස්තුතියි උඹටත් ගත කරපු කාලය වෙනුවෙන් හා මහන්සිය වෙනුවෙන්..

      Delete
    4. හැක්..හැක්...උඹ ඉතිං දේශපාලන සත්ත්වයානෙ මාතෙ. එළකිරි තමා.

      Delete
    5. ඊට පස්සේ ඇනොලා වීරතුංග මහත්තයාට කියයි 1600 ට ලියනවා කියලා , නේද මාතේ හැක

      Delete
    6. මොකක්ද බං 1600 කතාව.. හැක්..

      Delete
  17. දේශකයා බේරා ගැනීමට ලව් පූසා දැමූ පලිය සමත් විය.

    ReplyDelete
    Replies
    1. ඒව වැදගත් තැන්වල විතරයි.

      Delete
    2. උමට දෙක වදින්නෙ මොකක් හරි ක්‍රමයකටද?? හැක්.. ලව් පුසා නෙමෙයි ඌ මා බේරාගත් සිංහයා.. හැක්

      Delete
  18. මම දන්නා කෙටිකතාකරණයක් නෑ. ඒ වුනාට වීරතුංගට මෙහෙම වුණානම් හොඳයි කියා සිතුණා.
    --
    වීරතුංගට එක් වරම තද බඩගින්නක් දැණුනි. උදේ සිට කිසිවක් කා නොතිබුණු බව ඔහුට මතක් වූයේ එවිටය. කැරකැවිල්ලක් සේ දැණුනු බැවින් අසල තිබූ විදුලි කුළුනක බරදී මොහොතක් කල්පනා කරන්නට විය. "මොකද සර් සනීප නැහැ වගේ නේද?" යයි කවුදෝ අසන හඬක් ඔහු යළිත් පියවි ලොවට ගෙනාවේය. හැරී බලනවිට එහි සිටියේ පියකරු සිනහවකින් පිරි කඩල විකුණන්නෙකි."ඔව් පොඩි කැරකිල්ලක් ආවා" යැයි පිළිතුරක් දී කීයද ඔය කඩල ගොට්ටක් යැයි ඇසුවේ බඩගින්නට කඩල ටිකක් කෑමත් හොඳ බැවිනි. වෙනදා වීරතුංග කඩල කරුවන් දැක තිබුණේ හවස් යාමයේය. මොහෝවිට වීරතුංග කඩල ගන්නේ හවසට මදු විතට හොඳම බයිට් එකක් බැව් අත්දැකීමේන් දන්න නිසාය. මෙ මහ දවල් කඩල ගන්නා මිනිසුන් ඉන්නවාදැයි අසන්නට සිතුනත් ඔහු මුවින් නොබැන සිටියේ කවුරුත් ගන් නැතිනම් මොහු කඩල කරත්තයක් තල්ලු කරගෙන නොයන බව වටහා ගැනීමෙනි.

    ඉක්මනිනම ගිල දැමූ කඩල ටික ඔහුට දැණුනේ දිව්‍යභෝජනයකින් සප්පායම් වූවාක් මෙනි. අසල වූ බංකුවක හිඳගත් ඔහු කඩල ඔතා තිබූ කොළය දිහා බැලුවේ එහි ලියා තිබූ මුතු කැට වැනි අකුරු නිසාය. වෙලඳ කළමනාකරණය කරන අයකුගේ සටහන් කොලයක් යැයි සිතුනේ එහි ලියා තිබූ පාරිභෝගික නැඹුරුවීම හෙවත් Customer Orientation ගැන ලියා තිබූ දෙයකි. කොලය අසල ඇති කානුවකට විසිකර දැමූ වීරතුංග ඔහු ලියනා දෙය ඔහුගේ පාරිභෝගිකයන් වන පාඨකයන් නොකියවන්නේ මන්දැයි සිතන්නට විය.

    පෝටිකෝවේ නැවතුනු නවීනතම මර්සිඩීස් බෙන්ස් E300 රථයෙන් බැස ඔහු වෙත දිව ආවේ දැන් ජාත්‍යන්තර පාසැලක ඉගෙනගන්නා වීරතුංගගේ දහතුන් වියැති දියණියයි. ඔහු ලියනා දේ දුව දකීවි යන බියෙන් ලැප්ටොප් එක වසා දැමූ ඔහු ඇයට හාද්දක් දුන්නේය. වසර තුනකට හතරකට පෙර ඔහුගේ අසාව වූයේ දියණියත් ඔහුගේ අඩිපාරේ විත් සම්මානනීය ලේඛකයෙකු වෙනු ඇත කියාය. එදා කඩල කොළයෙන් පාරිභෝගික නැඹුරුව ගැන සිතා මල් පත්තර වලට කථා ලිවූ වීරතුංග එවැනි පත්තර දෙකකම හිමිකරුවෙකි. අද ඔහුගේ හිතට දිවා රෑ වදදෙන ප්‍රශ්ණයනම් දියණිය ඔහුගේ අලුත් ලියවීම් ගැන දැනගත්දාට ඇය තම පියා ගැන කුමක් සිතනු ඇත්ද යන්නයි. ලාච්චුව හැර ලොව වටා මාසයක සංචාරයට ගත් ටිකට් පත් දෙක අතට ගත් වීරතුංග දුව සොයා ගියේ ඒවා දියණියට පෙන්නා ඇය සතුටෙන් ඉපිලයනු දැකීමට ඇතිවුන ආසාව නිසාය.

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹගේ අවසානයත් ඔප්ෂන් එකක් විදියට දැම්මා ඉයන්.. බොටත් තැන්කුයි මහන්සියට.. උඹල මාව ගොඩ දැම්මා කෝම හරි.. හැක්...

      Delete
    2. චැක්.. දැං මල් පත්තර නැද්ද කොහෙදනෙ. නැත්තං මගේ හැකියාව භාවිතා කරල E300 එකක් ගන්න තිබුණ හැක්....

      Delete
    3. දේශෝ ඉයන් උඹව විතරක් නෙමේ වීරතුංගවත් ගොඩදාලා. හෙහ්!

      Delete
    4. මේ යකාට මල් පත්තර කතාව කොහෙන් ආවද මන්දා..

      Delete
    5. ඔන්න ඔහොමයි මේක ලියපු එකයි වීරතුන්ගයි දෙන්නම ගොඩ දාන්නේ

      Delete
    6. ...//මම දන්නා කෙටිකතාකරණයක් නෑ//....

      මීටත්වඩා මොනවද බං ?
      උඹ නොදන්න ඉහලම දක්ෂකමක් උඹට තියනවා...
      අපිට නම් බුදුදහමයි,මනෝවිද්‍යවයි ගැන ලියනවා හැරුනම මේ වගේ එකක් ලියන්න ගියොත් සතියක නිවාඩුවක් දාගන්න වෙනවා ලියන විදිය කල්පනා කරන්නම...

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. ඈ බං.. මොකෝ අපි දැනගෙන ලියනවයැ.. අපි ප්‍රවිණයෝයැ.. උඹල වගේම තමා.. අන්ඩර්එස්ටමෛ්සන් තියාගන්න එපා මොන දේකටවත්

      Delete
  19. අවසානය 4

    වීරතුංග බ්ලොග් ලිවීමට තීරණය කලේය.

    ReplyDelete
    Replies
    1. මේක භාරගන්න එපා කියලා වීරතුංග මහත්තයා කිව්වා.. හැක්..

      Delete
    2. No one wants pragmatic reality ! Sigh...
      pra jay

      Delete
    3. ඊටපස්සෙ තමයි වීරතුංග සියදිවි නසාගන්නෙ.

      Delete
    4. බ්ලොග් ලියන්න ගත්තට පස්සෙ වීරතුංග E300 දීලා C 90 ක් ගෙනාවලු :D

      Delete
    5. Blogging won't close to pragmatic reality...Prajay

      Delete
    6. C 90 ත් මහින්දරත්න මුදලාලිට උකස් කරාලු..

      Delete
    7. වීරතුංග FB එකටත් එයිද ?

      Delete
    8. වීරතුංග බ්ලොග් ලිව්වා කියන්නේ උන්දැගේ ජීවිතේම කපෝතියි.. හැක්

      Delete
  20. ඔය පොත විකුණන්න බැරි හේතුව හො‍ටු ගුලියමද කියලා අපි කොහොමද ටක්කෙටම කියන්නේ!

    ආහ්! උඹ එහෙම කියලා නැද්ද.

    සොරි වෙන්ඩෝනෙ.

    ඉතිං උඹලා වෙලාවකට මේ අහිංසක මටත් යෝජනා කරනමා පොතක් ගහමු කියලා.

    ReplyDelete
    Replies
    1. අපි උඹ ගහන පොත විකුණල දෙනවා කඩවල් ගානෙ කරගහගෙන ගිහිල්ල හරි.. හැක්..

      Delete
    2. චැක්... මේ හැන්රි ද ඩූඩ් වගේ ඔය හොටු ගුලිය ගැන හිතල පොතක් ලිව්වනං උණු කැවුම් (බටර්) වගේ විකුණගන්න තිබුණ.

      Delete
    3. මිනිහා බටර් ගැන කිව්ව එක මට දැනුයි බං මතක් උනේ. හැක්

      Delete
  21. මමත් අවසානයක් ලිව්වා.හැබැයි මෙතන දාන්නෙ නෑ.ඒකට මුල හරියක් ලියල පස්සෙ වෙලාවක කාටත් අමතක උනාම හිමිහිට දානවා.

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නැහැ.. දවසක අනිවාර්යෙන් දාහං හොදේ..

      Delete
  22. අපි එනකොට පෙරහැරේ අලි ඔක්කොම ගිහින්නේ.මම දාන්න හිටපු අදහස් ටිකමයි මේ උඩින් දාලා තියෙන්නේ.ඒ හින්දා මේ ඇති නේද ?

    අර හොටු ගුලියේ තරමට හිතාගන්න පලුවන් එතැන ඉදගෙන ලියලා තියෙන තරම...

    ReplyDelete
    Replies
    1. හැක්.. අපසාදේ උඹටත් එකක් ලියන්න තිබුනේ බං..

      Delete
    2. මම ලිව්වනම් අනාගෙන අනාථ වෙනවා.....
      ඔය උඩ ඉදලා පහලටම ඉන්නේ බං හොදම වැඩ්ඩෝ ටිකක්නේ....
      මම මේ ඒ කොමන්ට් වල කතා කියවන ගමන්...

      Delete
    3. මරු අත් දැකීමක් බං ඒක.. හැමෝටම ස්තුතියි

      Delete
  23. හ්ම්ම්ම්...
    ඇත්තටම වුනත් වෙන්න පුළුවන් දෙයක්...

    ReplyDelete
    Replies
    1. බුද්ධික මේ ආවමයි නේද?? වෙල්කම් කිව්වා. සහතිකේටම වෙන්න බැරි කමක් නැහැ තමා.. ස්තුතියි

      Delete
  24. ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
    අච්චු කන්තෝරුවේදී තමන් විසින්ම ව්‍යාජයෙන් කල් දමන ලද පසුතැවිල්ල හා අහිමිවීම ඔහු හඹා පැමිණ මුහුණට මුණ ගැසුනේ පාර අයිනේ වූ මාර ගස් සෙවනේදීය. මෙතැන් සිට දවසේ ඉතිරි පැය කීපය, මාසයේ ඉතිරි දින කීපය සේම අවුරුද්දේ ඉතිරි මාස කීපයද ඔහුගේ වම් පස මාර්ගයේ වේගයෙන් තමා වෙත ඇදෙනු ඔහු බලා සිටියේ භීතියෙනි. පසුතැවිල්ල හා අහිමිවීම තම දෙකොපුල් දෙපසින් නැගී දෙලවන් දවමින් හිස කරා නැගෙනු ඔහුට හොඳ හැටි දැනුනේය. ඒ දුර්මුඛ භාවය මග යනෙන්නන්ගෙන් වසන් කලද, තමා එන තෙක් මග බලා හිඳින දීපිකාගෙන් වසන් කරනා මගක් සොයමින් හේ සිය දෑස් අවට සිසාරා යොමු කලේය. ඉදිරි පැය, දින, මාස නොකඩවා දෙපසින්ම ඔහු කරා එළඹෙනු දුටු ඔහුට කළාතුරකින් කිසිවෙකුත් අපේක්ෂා නොකල මොහොතක අධි වේගයෙන් පැමිණෙන විනාඩියක්, තත්පරයක් ඉදිරිපිටට පැන සිය දිවි නහගන්නට පවා සිත්විය.

    ඒ සෑම කාල මානයක්ම අතරින් පාරේ අනෙක් පස සිය මවගේ සුරතේ එල්ලී ඇයගේ පියවර මෙන් දෙගුණයක් පියවර තබමින් විටෙක උඩ පනිමින් ගමන් ගන්නා සිඟිත්තියකගේ කෙළිලොල් හැසිරීම ඔහු සිත් පැහැර ගත්තේය. දැරිය විටෙක සිය මවගේ ගමනට බාධා කරමින් ඇයගේ අැඟේ එල්ලී වැළඳ ගන්නීය. යලි මවගේ අත අතැර පාර අයිනේ වැටී තිබූ වර්ණවත් යමක් අහුලන්නට යත්න දරන්නීය. එවිට ඇගේ එක් අතකින් අල්ලා පරඬැලක් මෙන් ඇදගන්නා මව මොනවාදෝ වදන් වැලක් හඬ නගා පවසන්නීය. දැරිය නෝක්කාඩු මුහුණක් මවාගෙන තරමක් දුරට ඇදි ඇදී අවුදින් යළිත් සිය මව වැළඳ ගන්නීය.
    දින ගණනක් පුරා ‘කින්ඩර් ජෝයි‘ ඉල්ලනා ආමන්දිගේ අපේක්ෂාවෙන් සලිත දෑස ඔහු ඈ කෙරෙන් දුටුවේය. පොත් මේසයටත් වඩා දශක කීපයක් පැරණි එකම අල්මාරියේ ඇති එකම ලාච්චුව තුල කොනට වෙන්නට ගුලි ගැසී සැඟවුණු මදටිය පාට, නිල්පාට කොළ කැබලි ඇයගේ සිහිනය සැබෑ කරන්නට කිසිසේත් මදි බව ඔහුත් දීපිකාත් මැනවින් පසක් කර සිටියෝය.
    “දවාලට උයන්න විතරයි හාල් තියෙන්නෙ. ආතගෙ කඩෙන් හාල් පොඩ්ඩක් ගේන්නද මං ණයටවත්?“
    උදෑසන තමන් නගරයට යන්නට සැරසෙද්දී, කාමරයේ පඬු පැහැ ගැහුණු දොර රෙද්ද මෑත් කර උළුවස්සට හේත්තු වූ දීපිකා එසේ අසද්දී,
    “ආනෙ අම්මෙ කින්ඩජෝයි එකකුත්....“ කියමින් ඇයගේ බඳ වටා දැවටුණු ආමන්දිගේ අපේක්ෂාවෙන් සලිත දෑස ඔහු මේ සිඟිත්තියගෙන් මනාව දුටුවේය.

    තුන් රෝද රියකට අඬගසා එයට නැගුණු ඔහු තමන් යා යුතු තැන මේ යැයි කෙඳිරි ගෑවේ රියදුරුට පමණක් ඇසෙන්නටය. අඩ හෝරාවක් හෝ එවැනි කාලයකට පසු හෙතෙම රියදුරුට මදක් රැඳෙන ලෙස පවසා පොත් ප්‍රකාශකයා ඉදිරිපිට පෙන්වූ ආත්මාභිමානය රිය තුලම තබා අසල වූ පොත් කඩයකට රිංගුවේ ගැරඬියෙක් සේ හිස මදක් ඔසවා නාම පුවරුව දෙස දෙවරක් බලමිනි.
    “අම්මට උඩු! වීරතුංග මහත්තයා...ඉතිං ඉතිං... කොයිබෙයි මේ?“
    “මුදලාලි, පොඩි හදිසියකට අවේ. උදව්වක් ඉල්ලගන්න.“
    “මහත්තයෝ, සල්ලි ඇර ඕනි උදව්වක්...මේ දවස්වල බිස්නස් අන්තිමයිනේ...“
    “නෑ...මේකයි. අපේ දුවට මේ ටිකේම උණ. කන්න බෑ කිසිම දෙයක්. වමනෙත් යනවා. ළමයා හොඳටම දුර්වල වෙලා. පාමසියෙන් ගන්න බේත් වගයක් තියෙනවා ටිකක් ගණන්. මුදලාලි මට තරහා නැතිව රුපියල් දෙදාහක් දෙන්න. මගේ අළුත් පොත .......... බාරගත්තනෙ. ඇඩ්වාන්ස් ගන්න අනිද්දට එන්න කිව්වා. ඒක ගත්තු ගමන් ගෙනත් දෙන්නං. ඕනිනං පොලියකුත් ගත්තට කමක් නෑ.“
    “ළමයෙක්ගෙ අසනීපෙකට බේත් ගන්න පොළියට සල්ලි දෙන්නෙ මොකාද මහත්තයො. ම්... එහෙනං නොවැරදීම අනිද්දට ගෙනත් දෙන්න. ආ..... පුළුවන් කමකට නෙමේ. මේ දවස්වල බිස්නස් අන්තිමයි“.
    “අනේ....පිං සිද්ද වෙනවා! ලොකු දෙයක්! මම අනිද්දට නොවැරදීම... නොවැරදීම ගෙනත් දෙන්නං“
    අනේක වාරයක් පින් දුන් වීරතුංග නැවත රියට නැගී තම නිවස පිහිටි ඉසව්ව කෙඳිරීය.

    නිවසට හැරෙන හන්දිය පෙනි පෙනී වම් පසට පහලට විහිදුනු පාරට හරවන ලෙස අණකල හෙතෙම එම කෙටි පාර අගිස්සේ වූ අවන්හල අසලින් බැස රියදුරු තැනට කොළපාට මුදල් නෝට්ටුවක් දිගු කලේ තමා අසල අසුන්ගෙන සිටි ආත්මාභිමානය අනෙක් අතින් ගනිමිනි.
    ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

    ReplyDelete
    Replies
    1. මේකත් මරු ඈ.
      ඔය අවන්හල අර චෙෆාකිගෙ එක නෙමෙයි නේද?

      Delete
    2. හැක්... ඒ අවන්හලේ ගල් සමග ඔරෙන්ජන් ජුස් නේද ලැබෙන්නේ..

      මධුවා..

      උඹත් අවසානය ලස්සනට රවුං කරල තියෙනවා. ඒත් අවසානයේ ෆයිනල් වාක්‍යය හැමෝමව අතරමං කරනවා.. හැක්.. ස්තුතියි බොටත්..

      Delete
    3. //ඒ සෑම කාල මානයක්ම අතරින් පාරේ අනෙක් පස සිය මවගේ සුරතේ එල්ලී ඇයගේ පියවර මෙන් දෙගුණයක් පියවර තබමින් විටෙක උඩ පනිමින් ගමන් ගන්නා සිඟිත්තියකගේ කෙළිලොල් හැසිරීම ඔහු සිත් පැහැර ගත්තේය. දැරිය විටෙක සිය මවගේ ගමනට බාධා කරමින් ඇයගේ අැඟේ එල්ලී වැළඳ ගන්නීය.//+++

      Delete
    4. මධුවා
      නම්බර් වන් මචෝ...නම්බර් වන්

      Delete
  25. යෝජිත අවසානය

    ................ගිණි පුපුරු වලින් ඔහුගේ ඇස් රිදුම් දෙන්නට පටන් ගත්තේය. එයින් මිදීමට යම්තම් ඇස් මිරිකාගත් ඔහු ආ මාර්ගය දිගේම නැවත නිවසට යාමට පිටත් විය.

    * * *

    ප්‍රවීන ලේඛක වීරතුංග ඉදිරිපස දොරෙන් පිටත්ව පදික වේදිකාවේ නොපෙනී යනතුරුම සීසීටීටී තිරයෙන් බලා සිටි සම්මානනීය පොත් ප්‍රකාශක කලාමාන්‍ය ධනියගෝපාල තම මේසය අසල තිබූ දුරකතනයෙන් අභ්‍යන්තර අංකයක් ඇමතුවේය.

    සුජී, අර වීරතුංග මාස්ටර් ගේ පොත්වල සේල් කොහොමද?

    හොඳට යනවා සර්්, අර අලුත්ම පොතේ අපි ගහපු දෙවෙනි මුද්‍රණයත් මේ පාර පොත් ප්‍රදර්ශණයේ දී ඉවර වෙන්නම විකුණුුනා.

    එහෙනං ප්‍රෙස් එකට කියන්න තව දෙදාහක් ගහන්ණ කියලා. හැබැයි ප්ලේට් වෙනස් කරන්න එපා. පළමු මුද්‍රණයේ ප්ලේට්ම පාවිච්චි කරන්න කියන්න.

    හොඳයි සර්.

    සුජී ඔය ෆොන් එක දෙන්න චංචලාට.

    හොඳයි සර්.

    * * *

    සර්?

    චංචලා මට හොඳ උණු තේ කෝපපයක් ගෙන්න. මේ ඒ.සී. එක හරිම සීතල වැඩියි.

    නිමි.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය ඒසී එකත් අර කොහෙද තිබුණ වගේ ස්වයංක්‍රීය එකක්ද?

      Delete
    2. දැම්මා මෙන්ඩෝ. රසිකටත් ස්තුතියි මේ වගේ කටයුත්තකදි කාලය වැය කරමින් වෙච්චි මහන්සියට...

      Delete
    3. මේක නම් වඩාත් යතාර්ථවාදීයි

      Delete
    4. ඉතා කෙටියෙන් සාර්ථක අවසානයක්...

      Delete
    5. යථාර්තයට ඉතා කිට්ටුයි..

      Delete
  26. ලේඛකයාගේ ඔළුව සම්පූර්ණයෙන්ම අවුල් ජාලයකි. විකුණන්න බෑ..... ඉල්ලන්නෙ නෑ..... ඉල්ලුම.... සැපයුම.... ආර්ථිය..... කලාව..... සාහිත්‍ය..... කිරිපිටි....... හාල්...... කොපි පොත්...... ටියුෂන්......

    මිලි තත්පරයකට තලයන් එක බැගින් වූ විවිධ දර්ශනයන් ඔහුගේ දෑසට දර්ශනය වී අන්තර්ධානය වන්නට විය......

    "කොහේද %$$^3% යන්නෙ! අපිටත් පවු දෙන්න"

    තුන්සක රියකින් මතුවූ හිසක් තුලින් ඇසෙන්නට විය. පාරේ මධ්‍යයට ආසන්න වී සිටි ලේඛකයා පියවි ලොවට එලඹිනි.
    හොරෙන්ම නිවසට ඇතුළු වූ ඔහු කාමරයට වැදී සෙමෙන් දොර වසාගත්තේය. වසර හතලිස් ගණනක් ලේඛණයෙන් උපයාගත් ආර්ථික වටිනාකමක් නැති, සම්මාන-කුසලතා-සහතික ඔහුට විරිත්තන්නාක් සේය. යාන්ත්‍රිකව මෙන් පුටුවට වැටුනු ඔහුගේ මුහුණ දෙස කෙලින්ම බලා සිටින්නේ මහල්ලා සහ මුහුද පොත් කවරයේ සිටින අර්නස්ට් හෙමිංවේය.

    "ඉඳල වැඩක් නෑ..... වෙඩි තියාගනිං.... ඔලුවටම! ඔලුවටම තියාගනිං.... විඳවන්න ඕන නෑ! හරියට මං කලා වගේම....."

    "ඔව්! වෙන කරන්න දෙයක් නෑ..... පුච්චලදානව මේ ඔක්කොම..... ඊට පස්සෙ මම නිදහස්..... නිදහස්..... නෑ නෑ පුච්චන්න ඕන නෑ.... ඊට කලින්....."

    ලේඛකයාගේ ඇස ගැටුනේ බිත්තියේ කෙලවරට වන්නට පිහිටි රාක්ක දෙක එක්කොට බැඳ තිබූ තංගුස් ලණුවයි. සෙමෙන් එය ලිහාගත් ඔහු අසල තිබූ බාල්කයේ ගැටගසන්නට විය. ගෙතුලින් අපැහැදිලි හඬ කිහිපයක් නැගිනි....

    "හරි හෙට දෙන්නං.... තාත්ත ඇඩ්වාන්ස් එකක් අරං එයිනෙ....."

    ලේඛකයාගේ උගුර සිරවනු දැනිනි. බාල්කයේ ගැටගැසූ ලණුව අල්ලාගත් ඔහු කල්පනාවට වැටිනි.

    "වීරතුංග මහත්තයල අපිට කිසි සපෝට් එකක් නෑනේ..... එන්නකො අපිත් එක්ක වැඩ කරන්න..... ඔය පොතක් දෙකක් පාසල් විශය නිර්දේශයටත් දාගත්ත නං ඒකම ඇතිනේ..... ඕන නං පොතක් ගහන්න ඕනවුනාම මෙහෙං ගහගන්න බැරිය......"

    අමාත්‍යාංශයේ පැවති උත්සවයේදී සංස්කෘතික ඇමතිවරයා හා කල අල්ලාප සල්ලාපය ඔහුට සිහි වන්නට විය.

    "මනතුංග මහත්තයා උදව්වක් ඕන නං කතා කරන්න කරදර වෙන්න එපා, මෙන්න කාඩ් එක.....කෙලිංම මට කතා කරන්න....."

    ලණුව ලිහා දැමූ ඔහු මේස මත තිබූ නාම පත් ගොඩ අවුස්සන්නට විය.

    ReplyDelete
    Replies
    1. මොකටද අප්ප පොත් ටිකට ගිනි තියන්නෙ. පොත් දෙදහක්ම තියෙන එකේ කඩල කාරයෙකුට දුන්නනං හොඳ ගානක් හොයාගන්න තිබ්බ.

      Delete
    2. කවුද මනතුංග.

      Delete
    3. සොරි වීරතුංග

      Delete
    4. රාජ් බොටත් ගොඩක් ස්තුතියි කාලය වැය කරලා මහන්සි වෙලා අවසානයක් ගෙනාවට.. මනතුංග වීරතුංග කරා මං... ජය වේවා.

      Delete
  27. ශා.... මේක මරු ලියවිල්ලක් නේ ... හරියටම අර the vantage point ෆිල්ම් එක බැලුවා වගේ. හැබැයි ඒක නම් ඉවර වෙන්නේ එකම විදිහට. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. මරු වැඩක් තමා බං උනේ.. ඉවානයා කරපු දෙයින්.. ස්තුතියි බන්ඩෝ..

      Delete
  28. එල ද බ්‍රා මචං..
    මේක තමයි බ්ලොග් කලාවේ අලුත්ම විප්ලවය...
    යෝඡිත අවසානය එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. බැයිද වීරතුංග මහත්තයට බ්‍රා ෆැක්ටරියෙ ජොබක් සෙට් කරල දෙන්න.

      Delete
    2. වීරතුංග එසේ මෙසේ බුවෙක් නෙමෙයි ඕකේ පැලපදියං වෙලා ඉන්න බ්‍රා කප්පිත්තල එලවල දාවි බං ප්‍ර සෝ.. හැක්

      Delete
    3. මට බත්කටක් කන්න තියන අවස්තාවත් නැති කරලා දාන්න හදන මිත්‍රා දෝහියෝ.

      Delete
    4. හැක්.. ප්‍රසා කියන්නේ මිත්‍ර වේශයෙන් ඉන්න මිත්‍ර දෝහියෙක් තමා හිටං

      Delete
  29. අඩේ මෙහෙම කතාවක් ලියන බව දැනගෙන හිටිය නම් මමත් අවසානයක් දෙනවා. ශික්.. කලින් දන්නේ නෑ නේ. මෙතන දැම්මොත් අවුල්ද දන්නේ නෑ..

    මෙන්න මගේ අවසානය-

    දශක ගණනාවක මහන්සියක ප්‍රතිපලය මෙතරම් කටුක වනු ඇතැයි ඔහු නොසිතුවේය.. පොත් ප්‍රකාශනය කිරීමෙන් ලබන සතුට හැර වෙන යමක් බලාපොරොත්තු නොවූවත්, ප්‍රකාශකයාගේ වදන් ඔහුගේ හදවතේ නැවත නැවතත් රැවු දුන්නේය.. කල්පනාව අතහැර ඔහු ගෙදර යාමට බස් රියකට ගොඩ විය.

    "මේ කට්ට කපටි කාලකන්නි ප්‍රකාශකයෝ ඕනේ නෑ. මම මිලකට දෙන පොත ඌ විකුනන්නේ ඒ වගේ තුනකට. ඉතිං යකෝ මොන විචාරේ හම්බුනත් වැඩක් තියේද බල්ලෝද ගන්නේ..."
    යයි ඔහුට හිතෙන් කියැවුනි.

    ගෙදර යන අතරවාරයේදී ඔහුට අලුතෙන් ගත් පරිගණකය සිහි විය. එය වැඩි ප්‍රයෝජනයක් නොගෙන පැත්තක දමා තිබුණි.

    "මෙච්චර පොත් වලට ඉල්ලුම අඩු නම්, දාල බලන්න ඕනේ නෙට් එකට පොතක්.."

    මෙසේ සිතමින් බසයෙන් බැස ගෙදර ගිය ඔහු, පරිගණකය පණ ගන්වා සිය අත් පිටපත හෙමි හෙමින් එහි යතුරු ලියනය කරන්නට විය...

    ReplyDelete
    Replies
    1. //ඔහු ගෙදර යාමට බස් රියකට ගොඩ විය.//
      ශුවර්ද කෝච්චියකට නෙමෙයි කියල.

      Delete
    2. හැමදාම කෝච්චියේ යන එක ඔන්නොහෙ වෙනසකට කියල බස් ඒකෙ යැව්වා..

      Delete
    3. හහ් හහ් හා.. කෝච්චිය අමතක උනාමද මන්දා මේකට.. උඹටත් ස්තුතියි අගහරුවෝ...

      Delete
  30. දේශකයට ඉවර කොරන්න බැරි ලෙඩක් ඇවිත් කියල අද දන්නෙ. කොහොම වුනත් වෙනසකටත් එක්ක වෙනස් අදහස් කිහිපයකින්ම අවසානය දැක්කා. ස්තුතියි හැමෝටම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනිතියෝ බොටත්

      Delete
  31. කලබලෙන් වගේ ඔක්කොම කියෙව්වා.. රහ ගොඩක් එකට හැපුනා ඔන්න..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉඟුරුයි මඤ්ඤොක්කයි එකට කන්න හොඳ නෑ.

      Delete
    2. ජය වේවා ලබ්බො. නිකං ලබු ඇට හැපනා වගේ නැද්ද?

      Delete
  32. සැක් පරක්කු උනත් අවුලක් නෑ....... මේකනං පට්ට......... අවසාන ගොඩක්......... එක එක විදිහෙ.......... අමුතුයි, පට්ටයි, සුපිරියි..............

    ReplyDelete
    Replies
    1. කියවල රසයක් වින්ද නං හොදටෝම ඇති ආර්යන්... ස්තුතියි

      Delete
  33. අාය නං උඹ ලියපු ගමන් ම කමෙන්ටුවක් දාන්න ඒනවා.. නැත්තං දවසක් දෙකක් පරක්කු වුණොත් පල්ලෙහාට ඒන්න ත්‍රීවිල් ඒකක් ගන්න ඒපැයි බං... ඊට හොදයි උඩහින් ම කාට හරි සෙට් වෙලා කමෙන්ටුවක් කොටන ඒක.... අම්මපා

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මාත් කැමතියි එහෙම කරන්න මදාවියගේ එකේ හෙම. කවදාවත් සැට් වෙන්නෑ බං.. හැක්

      Delete
  34. කතාවක් ඉවර කරන්ට කම්මැලි වුනාම කරන්ට මරු වැඩක්. බ්ලොග් ලෝකේ අලුත් සොයා ගැනීමක්. මේකට නමකුත් දාමුනේ.

    දේශකයා ලියවිල්ල ලේඛකයාගේ ලියවිල්ලට වඩා හොඳයි.

    එකම දෙයක් කීවාම මිනිස්සු දාහක් කතා හදාගන්න හැටි පෙන්නන හොඳ කතාවක් දේශකයෝ.

    ReplyDelete
    Replies
    1. මොන නංද අනේ ඔය යන විදියට යම නේ..හැක්

      පොඩි වෙනසක් උනා කියල හිතනවා මේ කතාව නිසා...

      ඉවාන්, මාතේ, රසික, රාජ්, තිලකේ, මදාවියා, ඉයන්, අගහරුවා ඇතුලු හැමෝටම ස්තුතියි.. විසේසෙන් හැලපගේ එක එනකං බලාන ඉන්නවා.

      Delete
  35. යෝජිත අවසානය (08)

    හදිසියේම නිවසට යාමේ සිතුවිල්ල වෙනස් කල ඔහු නව ජවයක් ලැබුවාක් මෙන් නගරයේ රික්ෂෝ ගාල වෙත පිය මැන්නේය..
    "ආ .. වීරතුංග මහත්තයනේ.. එන්න එන්න"
    ඔහුව දුටුවනම ටැක්සි රියදුරන් හඳුනා ගත්තේ ඔහු රටේ ජනප්‍රිය ලේඛකයෙකු වූ නිසාවෙනි.. මුවින් නොබිණු වීරතුංග මහතා ටැක්සියකට ගොඩ විය.

    "කොහෙටද මහත්තයා ?"
    - "බේකර් විදියට"

    ටක්සිකරුගේ දෙනෙත් විසල් වුයේ යමෙකු බේකර් විදියට යන්නේ නම් අනිවාර්යයෙන්ම ඒ එහි වෙසෙන විශේෂිත පුද්ගලයා හමු වීමට බව සක් සුදක් සේ දන්නා නිසාවෙනි..

    ඔව් සත්‍ය වශයෙන්ම වීරතුංග මහතාට අවශ්‍ය වුවේද බේකර් විදියේ වෙසෙන ඒ විශේෂිත පුද්ගලයා, ෂර්ලොක් හෝම්ස් මහතා මුණ ගැසී තමන්ගේ උසස් කෘති නොවිකිනිමේ අභිරහස විසඳා ගැනීමටයි..

    -----
    වීරතුංග මහතාට ශරලොක් හෝම්ස් මුණ ගැසේවිද ?
    ඔහුගේ අභිරහස කෙසේ විසදේවිද ?

    ඉක්මනින් තවත් කොටසක් බලාපොරොත්තු වන්න...

    ReplyDelete
    Replies
    1. යසියා ගොඩක් ස්තුතියි මචං මහන්සිය වෙනුවෙන්. වීරතුංගට බේකර් විදියට හරි ගිහින ඒ ක්‍රමය හොයාගන්න එක තමා හොද..ජය වේවා

      Delete
  36. යකෝ පතරංග ජාතක 18 ක් විතර දිග නිසා මේක කියෙව්වේ දවස් තුනක් තිස්සේ. කොමෙන්ට් ටිකත් බලන්න ඕනෙනේ. අම්මපා නව නිර්මාණයක් කියලා ඒකාංගික ටෙලි නාට්ටියක් ගහලා, ඔය අන්තිම ජවනිකා ටික තව කොටස් සීයක් විතර ලියලා, මෙගා ටෙලියක් වගේ දිගට අදින්න පුළුවන් අවුරුදු ගණනක්.

    ReplyDelete
    Replies
    1. මාමේ එකක් ලියමුකෝ නිකං වැල බලන වෙලාවේ.. හැක්.. ඒකත් හොද අයිඩියා එක.. චෙපාකිගේ හෝටලේ විකුණලවත් නාට්ටිය ගහමු බං.

      Delete
  37. දේශා ඊලඟ පාර මෙහෙම 'භාගයක් ගහන්න' හිතුනම මුල භාගෙයි උඹට ඕන අවසාන ඡේදෙයි දාපන්, කැමති අයට මැද්දට ගැපෙන කෑලි ලියන්න කියල. ඒක මීට වඩා චැලෙන්ජින් වෙයි.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි.. ඉල්ලීම අනුව මොකක් හරි කරමු.. අනික බං ඉයන් මේ හිතල ඇදපු කොලයක් නෙමෙයි නේ.. ඉවානයා පාර පෙන්නුවා.. අපි ගියා.. තැන්කුයි ඉයන්

      Delete
  38. එක අතකට කියවන්න එන්න පරක්කු වෙච්ච එක හොඳයි කියලා හිතෙනවා කට්ටියගේම යෝජිත අවසාන දැක්කහම.... එක එක්කෙනා එක එක කෝණ වලින් කතාව අවසාන කරලා තියෙනවා

    හරිම අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් මේක අපුරු අත්දැකීමක් තුෂානි.. සුරංගනා කතාවක් වත් ලියමුකෝ වීරතුංග ට අවසානයක් දෙනන්..

      Delete
    2. ආසයි කොටසක් ලියන්න. ඒත් චුට්ටක් නැවතිලා හිතන්න තරමට වත් වෙලාවක් නෑ මේ ටිකේ දේශ්... ඊලඟ සැරේ බලමුකෝ... :)

      Delete
    3. ඒකට කාරි නෑ තුශානි.. ස්තුතියි..

      Delete
  39. මේකත් නියම ක්‍රමයක් නේ. බාගෙට ලියල අනිත් අයට දෙනවා ඉවර කරන්න., 5, 6, 7, ඔක්කොම් හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. සියලුම කෝණ වලින් බැලුවම ඒක ගතියක් ඇති දෙයක් බං.. ස්තුතියි.. ඈ..

      Delete
  40. වීරතුංග යන තුරු බලාසිට ප්‍රකාශකයා වහා දුරකතන ඇමතුමක් ගත්තේය.

    ****
    ලංකාද්වීපයේ සිරි බුදුරැස් අසපුවේ විචිත්‍රවූද නන් වැදෑරුම් කුසුමින්ද පලතුරු පිරි තුරුවදුලෙන්ද මලින් මලට පියඹන මී මැසි හා සමනල යින්ගෙන්ද පිරි මහා අංගනයට අභිමුඛව නැගි මහ මන්දිරයේ ඇතුලු මහා ධර්මශාලාවේ මධ්‍යයේ තබා ඇති රනින් කල බඳු සීලිමේ එල්ලෙන දැවැන්ත පොකුරු පහනේ එළිය වැටී දිලිසෙන සිංහාසයනක් බඳු මහා ආසනයේ වැඩ සිටි කල්ප රහතන් වහන්සේගේ පශ්චාත්භාගය උණුසුම් වනු සංවේදීව සිය දිව්‍ය චක්ෂූෂය වහා මෙහෙයවා කුමන තැනක කිනම් මනුස ප්‍රාණියෙකුට විපතක්දැයි ව්පරම් කරන්නේ වීරතුංග නැමති මහා ප්‍රාඥයා රුපියල් කොල කීපයක් නිසා පීචංප්‍රාප්ත වීමට ඇති ඉඩ කඩ වහා ග්‍රහනය කොට වීරතුන්ගයානෝ ඉදිරිපිට පෙනී සිටියහ.

    හිමියනි ඔබ මෙහි වැඩියේ..?

    වීරතුංගයානනි මට ඔබට කාරනාවක් කීමට ඇත, ඔබ නිසාම පැමිණියෙමි.
    කල්ප හිමියෝ සිය මර්සිඩිස් රතය ගැන සිතුවා පමණි.
    එය රථාචාර්යා සමගම ඉදිරියේ දක්නට ලැබුනි.

    වීරතුංගයානනි, කරුණාකර නගින්න.

    දෙදෙනාම පිටුපස අසුනට ගොඩ වූහ

    වීරතුංගයානනි ඔබට මට කාරණාවක් කියන්නට තිබේ
    මීට වසර බොහෝමයකට පෙර මාද ඔබ මෙන් ලේඛකයෙකි. එමෙන්ම මාද දන්නේ අනෙක් හැම දන්න බුද්ධාගමය. මා රහත් වෙන්නත් මාලිගාවල ජීවත් වෙන්නත් අනෙක් අය හිටිය විදියට ඉන්නත් හේතුව ඔබ සොයා බැලුවාද? මං දෙසන්නේ උපාසික උපාසිකාවන්ට ඕනෑ බණ මිස මට ඕනෑ බණ නොවේ..
    මා ආ අනෙක් විශේෂ කාරනය මේකයි.
    ජනපති තුමා එවල තියෙනව ලැප් ටොප් එකකුයි,
    අලුත්ම ෆෝන් එකකුයි ඔබට දෙන්න කියල.
    ඕනෑ වේලාවක එතුමාට කෙලින්ම කතාකරන්න පුලුවන්
    මේ හෑන්ඩ් ෆෝන් එකෙන්. බිල් ඔක්කොම ගෙවන්නේ එහෙන්.

    ඔබගේ එකවුන්ට් නොම්මරේ මට දෙන්න!

    ReplyDelete
    Replies
    1. මරු ඈ... හාමුරුවෝ උණුසුම් වෙන තැනට එනකම්ම නිකං දැනුනේ උම්මග්ගය කියවනව වගෙයි බං. ස්තුතියි දයල්... උඹගේ කොටසත් යථාර්ථවාදී අවසානයක්.

      Delete
  41. (ලංකාවේ) ලේඛකයෙකුගේ ඉරණම

    ReplyDelete
    Replies
    1. පිටරටක ඉරණම ගැන දොස්තර මහත්තයට බැරිද කියන්න.. අපි ආසයි දැනගනන්

      Delete
    2. පොත් ලිවීමෙන් ධනවත් වූ ලේඛකයන් පිටරට සිටිති. ඒ ඔවුගේ ශ්‍රමය ප්‍රකාශකයාට කොල්ල කෑමට ඉඩක් නොමැති නිසාය

      Delete
    3. මම ඒක ගැන කියව තියෙනවා ට්‍රාන්ස්.. ඔබට බැරිද රෝලින්ස් හරි කාගේ හරි කතාවක් අපිට දෙන්න.

      Delete
  42. එක දිගට කියවුවා රහයි... !
    මමත් කැමතියි මේ වගේ කතා ලියන්න..

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි කුරුල්ලා. බෝම සන්තෝසයි බං උඹ දැක්කම.. ජය..

      Delete