Friday, September 28, 2012

Cheerleaders

අපේ ලංකාවේ මේ දවස් තියෙන ක්‍රිකට් තරග වලට හදුන්වල දීල ‍තියෙන චියර්ලීඩර් සංකල්පය පිළිබදව බොහෝ දෙනෙක් කතා කරන්නේ අප්පිරියාවෙන්. ඒකේදි අර ස්ටේජි කෑල්ලක් උඩට වෙලා ලොවෙත් හොයාගන්න බැරි ජා‍තියේ කෙල්ල‍න් ටිකක් දාන සෙල්ලං ගැන බැලුවම ඇත්තටම දුක හිතෙනවා.


ඔය චියර්ලීඩර් සංකල්පය මුලින්ම හදුන්වල දීල තියෙන්නේ 1800 ගණන් වලදී ඇමරිකවේදියි. නමුත් දැනට තියෙන තත්ත්වයට වර්ධනය වූ සංකල්පය 1980 වගේ කාලය ඇතුලත තමයි ආරම්භ වෙන්නේ. චියර්ලීඩර් කිව්වට ඒගොල්ලන්ගේ මුලික අරමුණ වෙන්නේ යම් කිසි තරගයකදී ප්‍රේක්ෂයකයන් හා ක්‍රීඩකයන් අතර ක්‍රීඩාව පිළිබද උත්තේජනයක් ලබා දීමයි. ‍ඇමරිකාවේ සියළුම පාසල් වල වගේ මෙවැනි චියර්ලීඩර් කණ්ඩා‍යම් පුහුණු කරනවා. ඒකේදි ඔය අපි හිතන විදියට නැට්ටුවෝ ටිකක් නෙමෙයි හදන්නේ. ඇත්තටම චියර්ලීඩර් කණ්ඩායමක් පුහුණු කරනවා කියන්නේ යම් කිසි ක්‍රීඩාවක් පුහුණු කරන ආකාර‍යේ දුෂ්කර ක්‍රියාවක්. ඒකේදි එක් එක් ක්‍රීඩා පුහුණු කරනවා. ජිම්නාස්ටික් පුහුණු කරනවා. ඒ වගේම කණ්ඩායමක් වශයෙන් කටයුතු කරන ආකාරය වගේම උසස් මට්ටමේ චියර්ලීඩර් දර්ශනයක් පැවැත්වීමට අව්‍ශ්‍ය සියළු දේ ක්‍රමාණුකූලව පුහුණු කරනවා. 

මේ වන කොට චියර්ලීඩර් කියන්නේ ඇත්තටම ස්ටන්ට් කරන අය. ප්‍රේක්ෂකයා මවිත වන ආකා‍රයෙන් එකිනෙකාට නොදෙවෙනි සංදර්ශන පැවැත්වීම තමයි එකම අරමුණ. දැන් ඇමරිකවේ පාසල් මට්මමේ චියර්ලීඩර් කණ්ඩායම් පවා ශාංගාරාත්මක නර්තන විලාසයන් ඉදිරිපත් කරනවා. ඇමරිකා‍නු ජාතික පැසි පන්දු තරගාවලියෙදි තමා හොද හොද ඇස් දෙක වහන්නේ නැතිව බලන්න පුළුවන් චියර් ලීඩර්ස් ල වැඩ දාන‍්නේ. මේ වන විට ඇමරිකා‍ව ඇරුනම අනෙක් සියළුම යුරෝපීය රටවල්, ඔස්ට්‍රේලියාව, ජපානය ආදි රටවල් වලත් බෙහෝ ක්‍රීඩා තරග වලදි චියර් ලීඩර්ල වැඩ දානවා.

ලංකාවේ චියර්ලීඩර්ලට වැඩ දාන්න බැරි ඇත්තටම එහෙම සංස්කෘතියක් හෝ ක්‍රමවේදයක් අපට නැති නිසයි. ඒක නිසා තමයි මේ වගේ දෙකයි පනහේ ගොං වැඩ කරන්න හිතන්නේ. තමන්ට ගැලපෙන ක්‍රමයක් තෝරාගත්තනං ඕක වෙන්නේ නෑ. ඇත්තටම අපිට ආවේණික කොස්ටියුම් අනන්තවත් තියෙද්දි මේ වගේ ගොං වැඩ කරන එක දිහා බලං ඉන්න බෑ. අපිට ලංස්න කෙල්ලන් ඕන නෑ. පොඩි මඩුවක් හදලා ඒකේ හොද රූකඩ නැටුමක් පෙන්නුවනං අන්න අපිට අපේය ‍කියල සංකල්පයක් හදාගන්න තිබ්බ. මේ වගේ ඕන තරං ක්‍රම තියෙනවා. මොළ කට්ටක් නැති පාලකයෝ ඉන්න රටක ඕව මොනවද නේද? හැබැයි එකම දුක වෘත්තිය චියර්ලීඩර්ල දැකල තියෙන ලොව පුර ප්‍රෙක්ෂකයන් ට බලන්න විහිළුවක් අපිම සැපයීම තමයි.

විකීපීඩියා පිටුව
චියර් ලීඩර් ල ඉන්න තරම
මරු වීඩියෝ එකක්


Tuesday, September 25, 2012

මගේ පුතුන් දෙදෙනා (පියෙකුගේ විලාපය) - අවසන් කොටස


මම එදා හවස නේ පුතේ ගෙදරින් ආවේ. මට කොළඹට අඩිය තියලා එක පැයක්වත් යන්න කලින් ආපු පණිවිඩය එතරම් පැහැදිලි නොවුනත් ලොකු කරදරයක් කියලා හිතුනා. ඒත් එක්කම මං අනිත් පැත්තට බස් එකක නැග්ගා ආපහු ගෙදර එන්න.. මගේ හිත කවදාවත් කිව්වෙ නෑ පුතේ මේ තරං අපරාධයක් ඇහින් දකින්න මට සිද්ධ වෙයි කියලා. මගේ පුතාලා මගේ ලෙයින් ඉපදුනාට උඹල දෙන්නා මේ ලෝකෙට එළීය දෙන්න හිටිය රත්තරං ‍දරුවො දෙන්නෙක්. බුදු බ‍ණේ කියල තියෙනවා හැම දේම අනිත්‍යයි කියලා.ඒත් පුතේ ප්‍රතඥජන මිනිහෙක් වෙච්චි මට ඔය බණ කතා ඔරොත්තු දෙන්නේ නෑ. මග දිගටම මං හිත හිත ආවේ එක්කෝ කාට හරි අසනීපයක් එහෙම නැතිනං ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් කියලයි. ඒත් ගමට එන පාරට හැරුනට පස්සේ මහ රෑ වෙලත් මිනිස්සු පාරේ තොටේ ගැවසෙන එක, මා දිහා හරිම වේදනාකාරි ව බලන විදිය මට අමුත්තක් උනා. අඩියෙන් අඩිය ඉදිරියට යන කොට ඒකේ තියෙන බර ගතිය මට හොදටම දැනුනා. අන්තිමට මට තේරුණා ‍මම හිතනවට වඩා මහා විශාල විනාශයක් කියල. ඒත් දෙයියනේ මේ තරං අපරාධයක්. මං ගෙදරට ආවේ මාරාවේශයෙන් වගේ. ගෙදරය එන පාර දිගේ එක එක වාහන නවත්තල මං කවදාවත් දැකල නැති මිනිස්සු ඒ ඒ තැන් වල රොක් වෙලා. ගෙයි මිදුලෙත් හැරෙන්නවත් බැරි තරං සෙනග. ඒ මදිවට පොලිස් වාහන දෙක තුනකුත් තිබුනා. රෑට එළියට‍ පාට වෙන කොළ පාට ඇදුම් ඇදපු පොලිස් මහත්තුරු ඉන්නේ බරබතල කාරණයකට වග මං කොළඹදි දැකලා තේරුම් අරගෙන තිබුනේ.

අමුත්තෙක් කිව්වට ‍පුතේ මං උඹලගේ අම්මා බදින කොට මගුල් දවසෙදි තමයි මං ඒකව ඉස්සර වෙලාම දැක්කේ.. ඒත් මට කිසි අමුත්තක් දැනුනේ නෑ.. මමත් ටිකක් විතර ඒ වෙලාවේ කලබල වෙලා වගේ හිටියට අවුරුදු හයක විතර පොඩි එකෙකු ගැන මොනව හිතන්නද? උඹල හම්බඋනාට පස්සේ උඹලට අයියා කෙනෙක් වගේ හිටිය, උඹලගේ අම්මා කියපු විදියට එයාගේ පුංචි අම්මගේ පුතා උඹලගේ අම්මටත් වඩා අවුරුදු 19 ක් විතර බාල කොලු ගැටයෙක් මේ වගේ නස්පැත්තියක් උඹල දෙන්නට කරයි කියල මං කොහොමද දන්නේ.. පුතේ කාලය ගිහින් ගෙවුන කාලය ලබාගන්න බැහැ වගේම ඒ අවස්ථාවනුත් ආයේ ලබා ගන්න බෑ.

පුතේ උඹලට වෙච්චි දේ මගේ හිත සත් කඩකට පැලෙන තරම් වේදනා‍වක් දුන්නා. ඒ දේ මට හිතාගන්නවත් බෑ. මං හැමදාම හැමවෙලේම ගතවෙන තත්පරයක් ගානේ ආදරය කරපු හුරතල් කරපු උඹල දෙන්න තවත් එක් මතකයක් විතරයි කියල හිතන්නේ කොහොමද? ජීවිතේ මම ගත කරපු සුන්දරම කාලය මට නොතිබුනා නං ‍කොච්චර හොදද? ලැබී තිබුන දෙයක් නැති උනාම ඒකේ දුක දරාගන්න පුලුවන්ද? මම කරපු හැම දෙයක්ම හැම කැපකිරීමක්ම ඉවසගෙන කලේ උඹල දෙන්නට තිබුන ආදර‍ය හින්නයි. මගේ පුතා කියල කියන කොට මගේ ඇගේ හැම මාංශ ‍පේශියකම වැඩියෙන් ලේ ගලන බව මට දැනිලා තියෙනවා. මේ තරං දුකක් විදින්ට මේ ලෝකේ කිසිම පියෙකුට වෙන්න එපා කියලයි මට කියන්න කියෙන්නේ. පුතේ මං හැම වෙලාවකම වැලපෙන මනුස්‍සයෙක් කරන්න එක අමනුස්සයෙකුට පුලුවන් උනා. මං ගොඩ නගාපු ලෝකය ම‍ගේ ඉදිරියෙම සුන්නත්දූලි වෙලා යනවා බල බල මං හූල්ලනවා. ජීවිතේ ඔහොමයි අපි හිතන පතන දේ වෙන්නේ නෑ හිත හදාගන්න කියලා පන්සලේ හාමුදුරුවෝ වදාරපු වචන ටික තව ටික දවසක් යනකං මට ශක්තියක් වේවි. ආයෙත් උඹලගේ හුරතල් වැඩ මට බලන්න නැති බව දන්නවා. තවත් මට උඹලට පොත් අරන් දෙන්න වෙන්නේ නෑ. මට නිවාඩුවට ආවම උඹලව නාවල කවලා ඇදුං හෝදලා දෙන්න වෙන්නේ නෑ. මගේ ගෙදර මටම අමු සොහොනක් වෙලා. මේ ජීවිතේදි මං කරපු ලොකුම වැරැද්ද තමයි පුතේ උඹලගේ අම්මව කසාද බැන්ද එක. මං ගෙදර ආවම මෙච්චර කරුණාවක් දක්වපු ගෑනි මං ගෙදරින් පිටවෙන ගමන්ම මයේ ලොකු පුතාට වැඩිය ටිකක් වැඩිමල් අනික ලේඥාති පොඩි එකෙකුට කියලා තෘප්තිය ලබාගන්න වැඩ කරන්න මොන තරං පාපතර ගෑනියෙක්ද? දරුවෝ ගැන මොනවද හිතල තියේන්නෙ. පුතේ මගේ විලාපය හැමදාම එක විදියට තියේවි. මොකද ‍මං උඹල දෙන්නට මගේ පණටත් වැඩිය ආදරේ කරපු නිසා.


Thursday, September 20, 2012

මගේ පුතුන් දෙදෙනා (දෙවන කොටස)


එදා ඉදලා උඹට අවුරුදු දෙකක් තුනක් වෙනකංම අපිට හරියකට කෑම බීම ටිකවත් ගන්න සල්ලියබාගයක් තිබ්බෙ නෑ. එහෙමෙයි කියල උඹව බඩගින්නේ තියන්නවත්, ඇදුම් මාල්ලක් අරන් නොදෙන්නවත් මං ඉඩ තිබ්බෙ නෑ. පුලුවන් හැටියට ඒ ටික කරගත්තේ ඔය මං කරන රස්සවෙන් හම්බ වෙන‍ සොච්චං පඩියෙන් තමයි. ඒත් ම‍ගේ දරු පැටියට කරදරයක් නොවෙන්න කටයුතු කරන්න ඕනය කියල මගේ හිත හැම තත්පරයකම මුරගාන කොට ආපු හයියෙන් තමයි මොන තරං අමාරුකං තිබුනත් ගේ පොඩ්ඩ ලකේකට හදාගෙන මගේ කූඩුව ඇතුලේ උඹ රජ පැටියෙක් වගේ ඇති දැඩි උනේ.

උඹට ඉස්කෝලේ යන්න කාලේ හරියන කොට ඔය කොළඹ රටේ මහත්තැන්ලට ‍වගේ ලොකු ඉස්කෝල හොයන්න යන්න පුලුවං කමක් තිබ්බෙත් නෑ. ඒ වගේම අපේ දෙමාපියෝ කවදාවත් බොරු කරන්න වංචා කරන්න තවත් මිනිහෙකුගේ බඩට ගහන්න උගන්නලා නැති නිසාම ඒක ආයෙත් අරුමයක් උනේ නෑ. අපිට ලග තියෙන ඉස්කෝලෙට උඹට දැම්මේ හිතේ දහසකුත් එකක බලාපොරොත්තු තියාගෙන. ඒ කියන්නේ දැං මේ විපරීත සමාජයේ උන්දැලට තියෙන මුලග්ගාය වගේ දරුවව දොස්තර කෙනෙක් කරන්ටවත්, ඉංජි‍නේරුවෙක් කරන්නවත් එහෙම නැතිනං ක්‍රිකට් කාරයෙක් කරන්නවත් නෙමෙයි පුතේ. මට ඕන උනේ උඹ මොන දේ කරත් හොදට ඉගෙන ගෙන මේ සමාජයේ වැදගත් පුරවැසියෙක් ‍වගේ රටේ ජීවත් වෙනවා දකින්නයි.

අපේ ජීවිතය ආයෙත් අලුත් පාරකට වැ‍ටුනේ උඹට අවුරුදු හයක් විතර වෙනකොට. එතකො‍ට තමයි පුතේ උඹේ මල්ලියා මේ ලෝකෙට එකතු වුනේ. ඒත් උඹ වගේම ඇඹිලිපිටිය ඉස්පිරිතාලෙදිමයි. උඹ ලැබෙන්න ඉන්න වෙලාවේ අර ‍නර්ස් නෝනා කියනකං අපිට ලැබුනේ පුතෙක් කියලා නොදැන හිටියට මේ වතාවේ එහෙම නෙමෙයි.. මල්ලියා ඉපදෙන්න කලින්ම චැනල් දාලා බලපු දොස්තර මහත්තයා කොහොම හරි රු. 1800 ක් විතර අරගෙන ස්කෑන් එකක් කරලා බලලා ලැබෙන්න ඉන්නේ පුතෙක් කියල කිව්වට පස්සේ අපි පොඩි පුතා පිළිගන්න ලැහැස්ති උනා. උඹ හම්බවෙච්ච වෙලාවේ කිරිකැටියෙක් දැකලවත් නැති මට මල්ලි ඉපදුන වෙලාවේ ආපු සතුට ඒ විදියටම දැනුනේ නෑ. ඒකයි පුතේ මං කිව්වේ උඹ මේ ලෝකෙට ආපු මොහොත තමයි මගේ ජීවිතේ සතුටුම මොහොත කියලා.

උඹල දෙන්න නිසා මගේ ගෙදර කල එලි උනා. පුංචි එකා ගෙදර දෙවනත් වෙන්න අඩන කොට මං කොච්චර කලබල වෙලා තියෙනවද? හිනාවෙන්න පුලුවන් වෙනකොට පුංචි පුතාගේ හිනාව දැකල මං‍ මොනතරං සතුටු උනාද? උඹල දෙන්නම එක පාරට අත්දෙකට වඩගෙන හුරතල් කරපු දවස් ආයේ ඉතිං පුදුම සතුටක් ගෙනාව කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ.

මගේ පුංචි පුතා ඉපදිලා අවුරුද්දක් විතර යනකොට මං කොහොම හරි කා‍ටවත් අතනොපා සතුටින් ජීවත් වෙන්න පුලුවං විදියට‍ ජීවිතය ගොඩනගාගත්තා.මේ විදියට‍ ගත කරපු ජීවිතයට ආයෙත් අමුත්තෙක් එකතු වෙයි කියලා මාගේ තුං හිතකනත් තිබුනේ නෑ.

Tuesday, September 18, 2012

මගේ පුතුන් දෙදෙනා (පළමු කොටස)

“තාත්තේ අද ඉන්නකෝ..”

මං නිවාඩුවට ගෙදර ඇවිත් ආපහු යන්න ලෑස්ති වෙන කොට මගේ පුතා හුරතලේට කියන ඒ වචන මගේ ඔලුව පුරාම ඊයම් බරු වලින් පුරවන විදියේ බරක් දැනෙනවා. ඒත් පුතේ අපි ‍බොහොම අමාරුවෙන් යන මේ ජීවිත ගමනෙදි අපිට හිතෙන හිතෙන දේ කරන්න නිදහසක් හරි පුලුවංකමක් හරි නැති විත්තිය මගේ පුතාට තේරුම් කරල දෙන්න බැහැනේ. 

පුතාට තේරුනේ නැති උනාට පුතාගේ තාත්තා වැඩ කරන්නේ කොළඹ ‍තියෙන කම්පැනියක පොඩි රස්සාවක්. ඒක ‍කරන්නත් අපා දුක් විදින්ට ඕන. රු. 1000 කට ගත්ත බෝඩිං කාමරේ ඇදට වෙලා මකුණෝ කකා, බාගෙට හිල් වෙච්ච මදුරු දැල අස්සෙන් රූං ගාලා විදගෙන එන මදුරුවන්ගෙනුත් පීඩිත වෙලා මං ඉන්නේ ඔය නිදාගන්න ටිකට විතරක් නිසා ඒක ඉවසා වදාරනවා. රෑට ළග තියෙන කඩේකිං ඉදිආප්ප දහයක් විතර ඒකට නිකං හම්බවෙන පිලුං වෙචිචි සම්බෝලෙත් එක්ක ගිලල දාලා මදි පාඩුවට වතුර ටික බඩට හලා ගන්නේ ආයෙත් උදේට නැගිටල රස්සාවට යන්න ඕන නිසා. එහෙම දුක් විදලා හරි මම බලන්නේ පුතාට හොද ජීවිතයක් හදලා දෙන්න. 

පුතා දන්නවද මේ ජීවිත කාලේදි මං වැඩියෙන්ම සතුටු වෙච්චි දවස මොකක්ද කියලා. ඒක පුතේ ආයෙත් වෙනස් ‍වෙන දෙයක් නෙමෙයි. 

ඇඹිලිපිටිය ඉස්පිරිතාලෙදි නර්ස් නෝනා කෙනෙක් ඒ මොරසූරන වැස්ස තියෙන කලුවර වෙලාවේ රෙදි වලින් ඔතපු පුංචි පැටියෙක් අරගෙන එක දිගට ලයිට් පොලු පත්තුවෙන කොරිඩෝව දිගේ එනවා මං බලාගෙන හිටියා. නෝනගේ සුදු පාට ඇදුමට (ඒ දවස් වල පුතේ ඔය ඇදුම ගැන නර්ස් නෝනලටයි අටෙන්ඩන් නෝනලටයි පුරස්න මොකුත් තිබ්බේ නෑ මයේ හිතේ) ලා නිල් පාට පැනල් එක අස්සෙන් පේන පුංචි එකා අතිං තට්ටු කරනවත් මං දැක්කා. 

“කවුද ගුණපාල කියන්නේ” 

සූතිකාරය ඉස්සරහට ආපු නෝනා එතන හිටිය පිරිමි අයගෙන් අහන කොට මට කොම්පැනියේ පුරුද්දට ඉද්ද ගැහුව වගේ කෙලිං වෙලා “මම තමයි මැඩම්” කියලා කිව්වා. “

ආ. ඔන්න. ඔයාට හුරතල් කොලු පැටියෙක් ලැබිල තියනේනෙ” කියලා නෝනා කරුණාවෙන් මගේ මූන දිහා එක එල්ලේ බලාගෙන කිව්ව දේ අහල ඒ සතුට වැඩි කමට මගේ ඇස් දෙකෙන් සට සට ගාල සතුටු කදුලු කැට වැටෙන්න පටන් ගත්ත මට අද වගේ මතකයි. හෙමිං හෙමිං නර්ස් නෝනා ගාවට ආපු මං කවදාවත් මිනිත්තු ගාණක් වයස පොඩි එකෙක් අල්ලල නැති උනාට හිතට ආපු දරු කැක්කුමටද මන්දා පුංචි කුරුලු පැටියෙක් වගේ ගුලි වෙලා හිටිය උඹව හීංසීරුවේ මගේ අත්දෙකට ගත්තේ පරාණ බයකිං. ඒත් අතට ගත්තම මගේ දරුවා කියලා හිතාගෙන ආදරෙන් හෙමිහිට උඹේ නළල ඉම්ඹ ඒ මොහොත කවදාවත් මට අමතක වෙන්නේ නෑ.

Wednesday, September 12, 2012

Delhigated: (Diverted to Delhi)

At a Customer Call Center


Call Centre Executive
Good Morning Sir,. I'm Jessica, How could I help you?

Customer                    
Yeah. I wanna know my air ticket details

Call Centre Executive
Sure. Yourr name please sirr.

Customer                    
My name is Jonathan

Call Centre Executive
Could I know yourrr airrrr ticket rrreferrrence numberrrrr sirrr?

Call Centre Executive
What a fuck. Again Indians fucked our companies. Hei.  Fucking Indian. Are you going to fuck this shit all the fucking time. fucking idiot. This is how you all fucked my ass.

'

පසුගිය දවසක පැවති උත්සවයකදී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා කියලා තිබුනා ලංකාවේ සමහර ‍තොරතුරු තාක්ෂණ වැඩසටහන් ඉන්දියාව කොපි කරනවා කියලා. එහෙම කියපු කට කොහේ තිබ්බද කියලනං දේශකයා දන්නෙ නෑ.

අපි ඉන්දියාව ගැන හිතං ඉන්නේ නිකං ගෝත්‍රික ගොබ්බයන් විශාල ප්‍රමාණයක් ලංකට් එකක් ඇතුලේ බැහැල ඉන්න ගානට නේ. එහෙම වුනත් දකුණු ආසියාවේ විතරක් නෙමෙයි ‍ලෝකයේම ජනප්‍රිය වූ Electronics For You සගරාව ඔවුන් පටන් ගත්තේ 1969 තරම් ඈත දි ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආසියාව තුල වර්ධනය නොවී තිබූ අවධියකදීයි.

ඒ වගේ රට තුල තාක්ෂණික වශයෙන් සාධනීය වර්ධනයක් පෙන්වූ ඉන්දියාව ක්‍රමක්‍රමයෙන් තාක්ෂණික ලෝකය දික් විජය කරනවා. මේ වන විට ඉන්දියාව ලංකාවේ ආර්ථිකය මෙන් දහස් ගුණයක් විශාල ආර්ථිකයට උරුමකම් කියනවා. ඒ වගේම ප්‍රතිරෝධකයේ සිට අවශ්‍ය වන සෑම දෙයක්ම නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව ඔවුන්ට තියෙනවා.

මම කියන්න යන්නේ ඒ ගැන නෙමෙයි... දැනට වසර 10 ක පමණ සිට ඉන්දියාව විසින් අත්පත් කර ගෙන තිබූ කිසිවෙකුත් ‍නොසිතන ආකාරයේ ඩොලර් බිලියන ගණනක ආදායම් උපදවන ක්ෂෙත්‍රයක් පිළිබදවයි.

ඔබ දන්නවාද ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ආදී රට වල ඇති ගුවන් ගමන් සේවා, ක්‍රෙඩිට් කාඩ් සේවා, දුරකතන සේවා ‍ආදී පාරි‍භෝගික සේවා පවත්වාගත යුතු ඉහල පෙලේ සමාගම් තමන් ගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ ඉන්දියාවේ බව.

ඇමරිකාවේ පුද්ගලයෙක් තමන්ගේ ඇමෙක්ස් ක්‍රෙඩ්ට් කාඩ් එකේ තොරතුරු දැනගන්න හොට් ලයින් එකට දෙන ‍ඇමතුම ස්වයංක්‍රියව ඉන්දියාවට හරවනවා. එතකොට ඒකට උත්තර දෙන්නේ ඉන්දියානුවෙක්. ඔහුට අවශ්‍ය සියලුම සහායත් ලබාදෙනවා. (කස්ටමර් සර්විස් කතා කලාම අපි දන්නවනේ ඔක්කොම කරල ඉවර උනාට පස්සේ ඒගෝල්ලෝ ආදරෙන් අහනවා තවත් මුකුත් කර ගන්න ඕනද කියලා. ඒ වගේ ඇමරිකන් කාරයෙකුට ඉන්දියානුවෙක් පෝන් එකෙක් බටර් ගාන එක ලේසි වැඩක්ද?)

අපි දන්න ඉන්දියානුවො කතා කරන්නේ මෙහෙම නේ.

"හල්ලෝ මිස්‍ටර්ර්ර් ර්ර්රෝඩස්. හැව් ආර්ර්ර් යු"

විශ්වීයකරනය වීම හේතුකොට ගෙන අද වන විට මේ සියල්ල වෙනස් වී තිබෙනවා. අද ඉන්දියාවේ ඇමරිකන්, ඔස්ට්‍රේලියන් පාරිභාෂිකයට අනුව හොදට කඩ්ඩෙන් වනන්න පුලුවන් කස්ටිය ඇති තරං ඉන්නවා.

2000 වර්ෂය පමණ වන විට ඔය යුරෝපීය ආයතන වල පාරිභොගික සේවා මධ්‍යස්ථාන එම රටවල් වලම පවත්වාගෙන ගියා. නමුත් ඇති වු ආර්ථික අවපාත හමුවේ මෙම ආයතන වලට තමන්ගේ වියදම් දැඩි ලෙස කපා හරින්න සිදුවුනා. එහි එක් පියවරක් උනේ සමහර අංශ‍යන් විශේෂයෙන් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන වෙනත් රට වලට රැගෙන යාම. ඒක හරියට ලංකාව සුද්දන්ට ඇදුම් මහනවා වගේ. ඔවුන්ට ශ්‍රමය ඉතා ලාභදායි ලෙස ලංකවෙන් මිලදී ගන්න පුලුවන්. ඒ  වන විට ඉන්දියාවත් බටහිරකරනයට දැඩි ලෙස භාජනය වෙමින් පවතිනවා. ඉන්දියාවේ දෙවන භාෂාව වන්නේත් ඉංග්‍රිසි භාෂාව. ඉතිං මෙම නව ප්‍රවණතාවය ඒ කියන්නේ Outsource කිරීම පිළිබදව දැඩි අවධානයෙන් සිට ඉන්දීය ව්‍යාපාරිකයන් තමන් වෙත අදාළ සේවා ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය කටයුතු කරනවා. ඉන්දියාවේ උපාධිධාරීන්ගෙන් 30% කට පමණ රැකියා හිමිවන්නේ නැහැ. මෙම තත්වය මත ඔවුන් ඉන්දියානුවන් සදහා බටහිර උරුවට ඉංග්‍රිසි උගනන්වන ඇකඩමි ආරම්භ කරනවා. නොයෙකුත් ක්‍රම මගින් මෙම රැකියා විරහිත උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් අදාළ පාඨමාලා වෙත ගෙන්වා ගන්නා අතර ඒ වන විටත් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන ඉන්දියාව තුල ස්ථාපිත වෙනවා.

ඕක තමයි ඉතිහාසය

දැං ඉන්දියාවේ පාරිභෝගික සේවා සපයන ඒජන්තවරුන් ලක්ෂ ගණනක් ඉන්නවා. ඔවුන් ඒ වගේ හොදින් පුහුණු කරපු ඉන්දියානුවන් යොදවා ගෙන මෙම මධ්‍යස්ථාන පවත්වා‍ගෙන යනවා. ඒ මගින් ඉන්දියාව ඩොලර් බිලියන ගණනක ආදායමක් ලබනවා වගේම එම මධ්‍යස්ථාන වල වැඩ කරන තරුණ තරුණියනුත් හොද ආදායමක් ලබනවා.

ක්‍රමේ තමයි. ඇමරිකානුවෙක් නම් ඇමරිකාවේ විදියට‍ උත්තර දෙන එක. බ්‍රිතාන්‍යයෙක් නම් ඒ විදියට. ඔස්ට්‍රේලියානුවෙක් නම් ඒ විදියට. ඒ කියන්නේ මේ ඉන්දියානුවන් තමන්ගේ දේශිය උරුව, සංස්කෘතිය ආදි සියලු දේ වෙනස් කර ගන්නවා. ඔවුන් සිතන පතන ආකාරය පවා යුරෝපීය ආකාරයට වෙනස් වෙනවා. මේක කාලයක් තිස්සේ අදාළ ප්‍රසිද්ධ සමාගම් රහසක් විදියට තබා ගත්ත දෙයක්. අතරින් පතර පාරිභෝගික සේවයට කතා කරන අය මේක දැනගෙන උන්දලාට ෆකිං දාලා අනන්තවත් බැනල ඇති. නමුත් 2003 වර්ෂයේදි ඔස්‍ට්‍රෙලියානු චිත්‍රපට සමාගම විසින් නිපදවපු වාර්තාමය චිත්‍රපටියක් නිසා මේ ගැන සමස්ථ ලෝකයම දැනගන්නවා. මේ‍ හේතුවෙන් ඒ ඒ රටවල් තුල මෙම අවුට් සෝසින් සදහා දැඩි විරෝධයක් ඇති උනන් ලාභය සලකා අදාළ ආයතන මෙම සේවය එ‍සේම පවත්වාගෙන යනවා. ඒත් සමහර ආයතන US Airways වගේ තම පාරිභෝගික සේවා ආයතන නැවත ඇමරිකාවටම රැගෙන යන්න පියවර ගත්තා.

ඉතිං මෙම වාර්තාමය චිත්‍රපටය ඉතා රසවත් වගේම විශාල දැනුමක් ලබා දෙනවා. ඊට‍ අමතරව අප නොදන්නා මානයක් පිළිබද කෙතරම් විචක්ෂණශිලිව ඉන්දියානුවන් කටයුතු කරල තියෙනවද කියලත් බලාගන්න පුලුවන්.

කෙසේ වෙතත් ඉන්දියාව තුල කේන්ද්‍රගත වී ඇති පාරිභෝගික සේවා මධ්‍යස්ථාන දැන් දැන් පිලිපීනය දෙසට ගමන් කරන බවක් පෙනෙන්ට තියෙනවා. සමහර විට ඉන්දියාව අභිබවා යන්න තරම් පිලීපින ජාතිකයන් මේ වන විටත් සමත් වෙලා ඇති කියලා ‍හිතෙනවා. මොකද අති විශාල ආයතන සංඛ්‍යාවක් AT&T, JP Morgan Chase, Expedia වැනි ආයතන බොහෝමයක පාරිභෝගික සේවා මධ්‍යස්ථාන මේ වන විට පවතින්නේ පිලිපීනය තුලයි.



‍මම ලියුවට වඩා මෙම වාර්තාමය රූපසටහන රසවත් බව අවංකව කියන්න පුලුවන්.




තව විස්තර තියේනං කමෙන්කටුවකින් දක්වන්න.





ඉක්කෝලේ ගියා


බාලේ බැන්ද ප්‍රේමය අපේ ඉස්කො‍්ලේ
තාමත් හිතේ පිළිරැව් දේ ඒ කාලේ
අකුරු කරන කාලෙදි දුටු ඒ දසුනේ
හිත රැදුනා ආයෙත් පාසැල් කාලේ


උදේ ඇවිත් ඉස්කෝලෙට ඒ කාලේ
කරපු අකුරු කවදාවත් නෑ මැකුනේ
සතුටයි දුකයි එකතුව අප විදගත්තේ
දිවිය අපේ ඒ මතිනුයි ගොඩ නැගුනේ


කොලු කා‍ලේ කරපු දේවල් දන්නවද
මැද වයයේ විදපු කරදර මොනවටද
පැසැල් දිවි‍ය මගේ දිවියේ පිටුවක්ය
තාමත් හිතින් ඒ ගැන තුටු වෙනවාය


ගුරුවරු අපේ දීඝ‍ායු ලැබ ගත්වා
පාසැල අපේ සැමදා ‍ලොව බැබලේවා
දරුවන් සියලු හොද පුරවැසියන් වේවා
මේ රට අපේ දියුණෙන් දියුණට වේවා

ප.ලි. - කාලෙකිත් දැකපු හොදම නිර්මාණාත්මක අදහසක් නිසා ඇති වූ සිතුවිලි කවි කළෙමි. ඒක දැක්කේ ගොසිප් ලංකා නිව්ස් වලින්

Monday, September 10, 2012

කන්‍යාවකගේ බලාපොරොත්තුව

දේශකයා මේ සති අන්තයේදි විශේෂ රාජකාරි කිහිපයක යෙදී සිටියදි මිතුරන් හා හිතවතුන් බොහෝ දෙනෙකු සමග සාකච්ඡා වාර පවත්වන්නට යෙදුනි.

මෙහිදී ඉතා සුවිශේෂ වු ගැටලුවක් මතුවී ඒ පිළිබදව දේශකයා ‍අනෙක් අයගෙන් පිළිතුර බලාපොරොත්තු වුවද නියම නිවරැදි පිළිතුර ලෙස භාර ගත හැකි උත්තරය නොලැබුණි.

ඉතිං මිතුරණී, මේ ගැටලුවට පිළිතුර සපයා ඔ‍බගේ විශ්ෂ්ඨත්වය කොමෙන්කටුවක සදහන් කරන ලෙස ආරාධනා කර සිටිමි.

ප්‍රශ්නය

ඉතාමත් අනාදිමත් කාලයක සිට දියුණු ශිෂ්ඨාචාරයක් ගොඩනැගී ඇති ශ්‍රී ලංකාවේ නොඉදුල් කන්‍යාවක‍ගේ (නොඉදුල් කන්‍යාව කියන්නේ ගලේවෙල වත් නොගිය අය) අති උත්කෘෂ්ඨ වූත් අවසාන වූත් අධිෂ්ඨානය කුමක්ද?


මෙම ප්‍රශ්නයට නිවරැදි පිළිතුර ලබාදෙන පාඨකයා සදහා දේශකයා විසින් රචිත විශිෂ්ඨ ග්‍රන්තයක් කොපි රයිට් නොමැතිවම ත්‍යාගයක් වශයෙන් ලබාදීමට සුදානම්.

Friday, September 7, 2012

‍පොඩි කතාවක්

මේ දවස් වල මාරයාගේ කේන්දරේ වල් ග්‍රහයා ලබලද කොහෙද මිනිහා ලියන ලියන වචනයක් ගානේ සෙක්ස් බේරෙනවා. රාජ් ගියපු බස් එක අල්ලගන්න කොල්ලෝ බලං ඉන්නවා. ඒ අල්ලපනල්ලේ මගේ මිත්‍රයකුත් ඉන්නවා ඔය මාරයා ‍වගේ තාම කූඩුවක් හදාගෙන නැති.

ඉතිං මිනිහගෙන් හැමෝම අහනවා මොකෝ බදින්න අදහසක් නැතෙයි. දැං වයසක් 40 විතර වෙනවානේ ආයුබෝං. මේක අහල අහල ඒවට උත්තර දීලා අපේ මිත්‍රයටත් එපා වෙලා හොදටම මල පැනලා හිටිය වෙලාවක අසමජ්ජාතියෙක් ඇවිත් ඇහුව ‍නේ ඔය ප්‍රශ්නෙම. නහුතෙට නැගපු මිත්‍රයා දීපු උත්‍තරේ තමයි.

"ඕන නෑ. ඔය ඉතුරු ටිකත් අතිංම ඇදලා දානවා."

මේක මාරයා හින්දා මතක් වෙච්ච දෙයක් හින්දා ෂෝට් ඇන්ඩ් ඕගොල්ලෝ හිතනවනං ස්වීට්.



Wednesday, September 5, 2012

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය සාධාරණද?

මේ වසරේ ජුලි හතර වැනි දින සමස්ථ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ආරම්භ කර ඇති අඛණ්ඩ වෘත්තීය ක්‍රියා මාර්ගය පිළිබදව සමාජය තුල කතිකාවක් පවති. එහෙත් වචන හා සංඛ්‍යා හරබ සදහා සුදුසු පරිචයක් ලබානොමැති සාමාන්‍ය ජනතාව උපේක්ෂාවෙන් බලා සිටින්නේ මෙම ප්‍රශ්නය ඉක්මනින් නිරාකරනය විය යුතු බවයි. ඊට හේතුව ආචාර්යවරුන්ට දොළපිදේනි ලබාදීම හෝ රජය අපහසුතාවයට පත් කිරීම හෝ දිනුම පැරදුම තීරණය කිරීම හෝ නොව සාමාන්‍ය ජනතාව තමන්ගේ දරුවන් වෙනුවෙන් කර ඇති කැපවීම හේතුවෙන් දරුවන් ට ඉක්මනින් උගන්වා ඔවුන් යහමගට ගැනීමට අවශ්‍ය නිසාය.

දේශකයා විසින් සී ඒ චන්ද්‍රප්‍රේම මහතා දිවයින පුවත්පතට සපයා ඇති මාතෘකාව හා සමාන ලිපිය සී නිවුස් අඩවියෙන් පරිශීලනය කරන ලද අතර මේ ලිපිය මත ඔහුගේ ලිපිය හා ආචාර්යවරුන් අතර තදබල කතිකාවක් ඇත. දිනමිණ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දේශපාලන අතකොලුවක් බව පවසන්නේ තමන්ගේ කුණුහරුප විචාර හරහාය. චන්ද්‍රප්‍රේම මහතාට බැට දෙන ආචාර්යවරුන් දෙපලක් වන ලාල් පන්නිල හා කීඹියහෙට්ටි මහතුන් ඔවුන්ගේ ලිපියෙන් පවසන අංක විජ්ජාවන් පොදු ජනයාට උරුම දෙයක් නොවන්නේ යාන්තං කතිරයක් ගහන්ට පුලුවන් අපිට ඒකත් හරියට කරගන්න බැරිඋනා නේ කියන කතාව වගේය.

ලංකාදීපයේ වසන්තප්‍රිය රාමනායක සිතන්නේ ආචාර්යවරුන් ආණ්ඩු විරෝධි බලවේගයක පුරුකක් තනන්නට දත කව බවයි. ඇමති වරුන් වල්බූරු නිදහසක් (කට කහන කතාව කව්රු කිව්වද කියල මතක නෑ) බුක්ති විදිද්දි අසරණ ජනතාව කබලත් කුඩු කරගෙන ඉන්නා වෙලාවක මහරජ සහ පිරිවරද එවක්ම කොරයිනම් කුමන කතාද?

බුද්ධිමතුන්ගේ හා දේශපාපකයින්ගේ සෙප්පඩවිජ්ජා හේතුවෙන් බැටකන්නේ ශිෂ්‍ය ප්‍රජාවය. අනධ්‍යයන සේවක වෘත්තිය ක්‍රියා මාර්ගයන් හේතුවෙන් මාස ගණනින් කල් යන විභාග, මෙම සෙප්පඩවිජ්ජා හරහා වසර ගණනක් පස්සට යනු ඇත. ආචාර්යවරුන් දතකන්නේ රාජ්‍ය අධ්‍යාපනය සුරකින්නට හා සුරකින්නටම හෙයින් දෝ බැට කන ශිෂ්‍ය ප්‍රජාවගේ විස්සෝපය නොහැගෙයි. නොදැනෙයි.

විප්ලවීය දඹර අමිලයන් ඇතුලු පණබයේ ගැහෙන නිර්මාල් රංජිත්ලා දෘඩතර අධිෂ්ඨානයක් ගන්නේ මෙම විප්ලවය ජය ගන්නටය. ‍එහෙව් එකේ ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක ආචාර්යවරුන් අහිංසක ඉතා නිහතමානී ප්‍රතිපාදන කොමිසමේ සභාපති උන්නැහේට කරන අපහාස ඉතා අසාධාරණය.

එතුමා අන්දරේගේ මුණුපුරෙක් බව සැබැවක් විය හැක. හම්පඩ විප්ලවකාරයෙකුද විය හැක. චක්‍රලේඛ නං සේවේ හැටියට නොගහාම බැරිය. හැබැයි. අධ්‍යාපනයේ පප්පා කියා අපහාස කිරීම නුසුදුසුය. උත්තරය නිවරැදි විය යුතුය. "අධ්‍යාපනයේ ඇම්බැට්ටයෙකි,"

කරුණු කාරණා කෙසේ කීවත්, ඉලක්කං - වචන හරබ කළත් ගියදේ ගත නොහැක. කාලය ඉපයිය නොහැක. අනාගතය ආපස්සට යෑම නතර කල නොහැක. වසරක පමණ ඇවෑමෙන් විශ්විද්‍යාල සදහා ද්විත්ව කණ්ඩා‍යම් බදවා ගැනීම නතර කල නොහැක. බුද්ධිමත් සාකච්ඡා මණ්ඩප අවශ්‍ය නැත. රට ආපස්සටය. ආණ්ඩුවත් ආචාර්යවරුනුත් පියවරක් පසුපසට ගෙන සෙමින් දැහැමෙන් විසදුම් සොයා ගත යුතුය. එසේ නැතහොත් ධර්මිෂ්ඨ උතුමා කී ලෙසටම අපගේ ආරක්ෂාව අපම සලසා ගත යුතුය.

Divorce Bike

 

අපි ඉස්කෝලෙ යන ගැටව් කාලේ ගැනු ළමයෙකුට හිත ගියහම මොනවද කරන්නේ. ඒ කෙල්ල දිහා හො‍රෙන් බලනවා. කොල්ල යන තැං හොයාගෙන පස්සෙන් යනවා. කෙල්ලගේ ගෙවල් ගාව දවසට කීප සැරයක් වට ගහනවා. කොල්ලෝ එක්ක කෙල්ල එන පාරවල් බලාගෙන ඉන්නවා. අන්තිමට බොහොම අමාරුවෙන් කෙල්ල හිනාඋනාට පස්සේ පොත් සාප්පුවකට ගිහිල්ල තියෙන හොදම සුවද ගහන කොළයක් අරගෙන මුලින්ම සිංදුවක කැල්ලක් ලියලා පපුව ගලවලා දෙන තරං වචන ටිකක් ලියලා ආදර හසුන හදාගන්නවා. ඊට පස්සේ තමා අමාරුම දේ. මේක කොහොමද කෙල්ලට දෙන්නේ කියලා. කෙල්ලගේ යාලුවෙක් අල්ලගන්න හදනවා. එහෙම බැරි උනොත් කෙල්ලගේ පොතක් ඇතුලට හරි දාන්න බලනවා. ඒකත් බැරිනං කෙල්ල පාරේ එනකොට‍ කෙල්ලට පේන්න ලියුම තාප්පයක් උඩින් තියල තව එකෙක් දාලා බලනවා ඒක ගන්නවද කියලා.


දේශකයටත් සාමාන්‍ය පෙළ කරද්දි එහෙම දෙයක් උනා නොවැ. ඔය ඔක්කොම වැරදිච්ච තැන කොල්ල තෝරගත්තෙත් හිමීට ලියුම තියලා යන ක්‍රමය. ඉතිං ඒක තිබ්බයි කියමුකො.. කරුමෙට‍ ඒ කෙල්ලට ආලවන්තකං පාන්න ආපු මගේ සමකාලින කොල්ලෙක් ඒක අරගෙන ගියා නොවැ. අපි හොල්මං උනා. දවස් දෙකකට විතර පස්සේ ගණං පංතියෙදී හා ඉංගිරිසි පන්තියේදි වෙන කාඩ ‍‍කොල්ලෝ මං ලියපු සිංදු කෑල්ලයි.. අර බොහොම අමාරුවෙන් ඇරල දාපු වචන ටිකයි නෙලට කොට ලැජ්ජාවේ බෑ.

ඉතිං ‍ඔහොමයි අතීතය. දැං මං කියන්න යන්නේ අලුත්ම විස්තරයක්.




කෙල්ල ඉස්කෝලෙන් අයින් වෙච්ච ගමන් අම්මා .තාත්තට කොහොම හරි කනිපින්දං කියලා සෙල් පෝන් කට්ටක් ගන්නවා. ඕකත් අරං ටවුන් එකේ ගමේ සෝබන පාරක් දාල කොහොම හරි කොල්ලෙකුට දැල එලනවා. ඔන්න ඉතිං ලියුං කරදහි කරදර නැතිව මල් කෝල් හා මල් පණිවිඩ ක්‍රමේට ලව දිග ඇ‍රෙනවා. ටිකක් කල් යන කොට ආදරය මුහුකුරා ගිහිං දෙන්නට දෙන්න ඕනම වෙනවා. ඉතිං කොල්ල ඇවිල්ල කෙල්ලගේ ගෙදරින් අහනවා. "මට මෙයාව බදින්න ඕන" කියලා. කෙල්ලගේ දෙමාපියන්ට පිස්සුවක් ඇතෑ මේ ජොබක් නැති ‍කොලු නාම්බෙකුට දූව දෙන්න. ඉතිං කියනවා. "දරු‍වෝ හොද ආදායම් මාර්ගයක් හදාගෙන ඉන්න.. ඔය හැමදේම කරන්න කලින්" කියලා. කොල්ලත් බොක්කෙන් පිළිපදිනවා. හිතනවා මොකක්ද කරන්නේ කියලා. වාසනාවට ඩිලාන් අංකල් කොරියාව‍ට යවන්න විභාග තියෙනවා. මොළේ ඇති කොල්ලනේ. ඉතිං කොහොම හරි චෑං චූං ටික පාඩං කොරගෙන විභාගේ ලියල පාස්වෙනවා. කොරියා පුහුණුවට ලියුමත් එනවා. දැං හරිනේ. කොල්ලා ආයෙන් යනවා. දියුණුව ගැන කියලා අඹරලා දාලා කෙල්ලගේ පැත්තේ කැමැත්ත ගන්නවා. ඉතිං අවුරුදු තුන හතරක් යනකං කාවද විස්වාස කරන්න පුලුවන් කියල හිතලා කොල්ලා කියනවා කොරියා යන්න කලින් රෙජිස්ටර් කරමු කියලා. හොද පල්ලමක් නිසා වැඩේ කෙරෙනවා. 

කෙල්ල අඩද්දි කොල්ලා කොරියා යනවා. දැං පෝන් එකට කොරියාවෙන් කෝල් එනවා. හැබැං විස්තීරණ ගණං තමයි මේ මල් කඩන්න යන්නේ. ඉතිං කොල්ලා කෙල්ලට ලැප්ටොප් එකක් එවනවා. එතකොට‍ ස්කයිපි වලින් ඇති තරං කතා කරන්න පුලුවන්නේ කියලා. වැඩේ නැගල යනවා. ජීවිතේට ලෝකය නොදැක්ක කෙල්ලට අමුතුම ලෝකයක් ප්‍රාතුර්භූත උනා වගේ වෙනවා. හෙමිං හෙමිං මුනු ‍පොත හොයාගන්නවා. යාහු මැසෙන්ජරාව අල්ලගන්නවා. චැටිං කොහොමත් ග්‍රේට් නේ. 

ටික දවසක් යනකොට කෙල්ල සුරංගනා ලෝකෙක ඇවිදින්න පටන් ගන්නවා. කවදාවත් නොදැකපු දේවලින් ඔලුව නසරානි වෙනවා. ඒ අතරේ මූණුපො‍තේ යාලුවෝ හැදෙනවා. චැට් කරනවා. ඒ මදිවාට පෝන් නොම්ම‍රෙත් දෙනවා. 


දැං කෙල්ලට ඕන ස්කූටියක් ගන්න. හැරෙන තැපෑලෙන් කොල්ල ඒක ඇප්ප්‍රවු කරලා ප්‍රතිපාදන ලබාදෙනවා. දැං මොන වැඩද කියලා කෙල්ල රවුං ගහනවා. ලැපා අරං යාලුවො බලන්න යනවා. ඩොංගලේ ගහලා එයාගේ යාලුවොන්ගේ එළකිරි විස්තර පෙන්නනවා. කෙලි වය‍සේනේ. කෙල්ලො එකතුවෙලා ඉතිං හීන් ආතල් ගන්න කොල්ලෝ අන්දනවා. මූනු ‍පොත ලොකු ‍සේවයක් සපයනවා. හිමිං සැරේ යාලුවොත් දාගෙන පොඩි පොඩි හොර ගමන් යනවා. ගෙදර එනකොට රෑ වෙනවා. කොල්ලට පේනවා කෙල්ල ගේ ලොගින් හොරයි කියලා ඒත් තව බලනවා. කෙල්ලගේ ඇස් අන්ධ වෙනවා. හීං ආතල් අලි ආතල් වෙනවා. එක දෙක වෙනවා.. දෙක වර්ග වෙනවා. කෙල්ල නන්තත්තාර වෙනවා. කොල්ලා අමාරුවෙන් හොයන සල්ලි වලින් කෙල්ල ආතල් ගන්නවා. සල්ලි වලට ආසාව තිබුනට කොල්ලව එපා වෙනවා. පෝන් එක ඕෆ් වෙනවා. ඩොංගලේ මගුල් වෙනවා. බයිසිකලේ කැඩෙනවා. ඒක හදන්න දවස් ගනං එළියට යනවා. අන්තිමට වැ‍ඩේ කෙළවෙනවා.


කෙල්ල කොල්ලට ඩිවෝස් දෙන්න කියලා කනිපින්දං කියනවා.

වැඩේ හරිනේ.. බයික් එක නිසා ඩිවෝස් ලැබෙනවා. කොල්ලට මොකුත් නැති වෙනවා. කෙල්ලට නං ඕන තරං කොල්ලො ඉන්නවා. ලැපා ඉන්නවා. ඇයි දෙයියනේ ඩිවෝස් බයික් එකකුත් තියෙනවා.

Monday, September 3, 2012

කපිල වස්තු පුර සර්වඥ ධාතුන් වහන්සේ

වසර 30 කට පමණ පසුව ලංකා දේශයට නැවතත් වැඩම වූ කපිලවස්තු පුර සර්වඥ ධාතූන් වහන්සේ වැදපුදාගැනිමට දස දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත වූ බැතිමතුන් පාරවල් ගානේ රස්තියාදු වෙමින් පැය 20 , 25 පෝලිම් වල ලගිමින් වැදපුදා ගන්නේ මොකක්ද? අපේ විපක්ෂ නායකතුමා කන්තලේදි කියන්නේ මේ සැරියුත් මුගලන් අගසව් දෙපළගේ ධාතූන් බවයි. එහි සත්‍යතාවයක් ඇත්ද නැතිනම් ඒකත් බ්‍රේස්ලට් කතාව වගේ එකක්ද?

ඇත්තටම බුදු රජානන් වහන්සේ‍ගේ පරිනිර්වානයෙන් පසුව උන්වහන්සේගේ ධාතු කොටස් අටකට බෙදා එක් එක් පාර්ශව වෙත ලබාදුන් අතර එයින් බුදුන් උපන් දේශය වන කිඹුල්වත් නුවර ශාක්‍යයන් වෙත ලබාදුන් මෙම ධාතුන් කපිලවස්තු පුර (බිහාර් ප්‍රාන්තය) ශ්‍රී සර්වඥ ධාතුන් ලෙස හැදින්වේ.

ඉතින් මේ අල්ලපනල්ලේ අපේ මුන්නේෂ්වරන් කාලි කෝවිලේ ප්‍රධාන පූජකයා පවසන්නේ ධාතුන් වහන්සේ ලංකාවෙන් ගෙන ගිය විටක අදාල බිලි පුජාව කොරවන බවයි. 

ඒ මදිවාට ඊයේ මාතර ‍කොටිකාගොඩ පන්සලේ ප්‍රදර්ශනයට තබා ඇති සර්වඥ ධාතුන් වැදපුදාගැනීමට පැමිණි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් කිලෝමීටර් ගණනක් දිග පෝලිම් වල තෙරපෙමින් සිටි අතර තෙරපීමට ලක්වූ දරුවන් හා පුද්ගලයන් 50 ක පමණ ප්‍රමාණයක් ප්‍රතිකාර සදහා යොමු කර ඇත.

ඇත්ත වශයෙන්ම මේ කුමක්ද? 

බුදුන් ගේ පිරිනිවන් පෑමෙන් පසුව උන්වහන්සේ ගේ දේහය පිළිබද අවසන් කටයුතු සංවිධානය කළ ලිච්ඡවි රජදරුවන් ඇතුලු පිරිසගේ හා බුදුන්ගේ අනුගාමිකයන්ගේ මගපෙන්වීම මත මෙලෙස ධාතුන් වන්දනාව සදහා අවශ්‍ය අවකාශ ලබා‍ගෙන ඇත. 

තමන් දේශනා කළ නිසාවත් ධර්මය පිළිනොගැන්නයි දේශනා කල, පුද්ගල වන්දනාව පිලිකෙව් කල උදාර ධර්මයක් ලොවට දායාද කළ බුද්ධ පුත්‍රයකුගේ දේශනාවන් පිළිබද අවබෝධයක් නොමැතිව කටයුතු කිරීම නිසා මෙලෙස සර්වඥ ධාතුන් වන්දනාව සදහා ‍බොදුනුවන් ‍පෙළඹී ඇති වග පෙනෙයි. 

බුදුන් පිරිනිවන් පෑ දින සිට ‍අශෝක අධිරාජයා දක්වා කාලය තුල ධර්ම සංගායනා තුනක් පවත්වා ධර්මයට හානි වන ලෙස හා විකෘති වන ලෙස ඇතුලත් වී ඇති ධර්ම කාරණා ඉවත් කරන ‍ලද්දේ නම් බුද්ධත්වයේ සිට වසර 2600 ක් ගෙවී ඇති විටෙක කොතරම් අධර්ම කරුණු ධර්මයට එකතු වී ඇත්දැයි විචාර බුද්ධියෙන් විමසා බැලීමට කාලයයි මේ.

මේ පිළිබද ‍ගොසිප්9 ලිපිය http://www.gossip9.com/2012/08/blog-post_5525.html