Wednesday, September 12, 2012

ඉක්කෝලේ ගියා


බාලේ බැන්ද ප්‍රේමය අපේ ඉස්කො‍්ලේ
තාමත් හිතේ පිළිරැව් දේ ඒ කාලේ
අකුරු කරන කාලෙදි දුටු ඒ දසුනේ
හිත රැදුනා ආයෙත් පාසැල් කාලේ


උදේ ඇවිත් ඉස්කෝලෙට ඒ කාලේ
කරපු අකුරු කවදාවත් නෑ මැකුනේ
සතුටයි දුකයි එකතුව අප විදගත්තේ
දිවිය අපේ ඒ මතිනුයි ගොඩ නැගුනේ


කොලු කා‍ලේ කරපු දේවල් දන්නවද
මැද වයයේ විදපු කරදර මොනවටද
පැසැල් දිවි‍ය මගේ දිවියේ පිටුවක්ය
තාමත් හිතින් ඒ ගැන තුටු වෙනවාය


ගුරුවරු අපේ දීඝ‍ායු ලැබ ගත්වා
පාසැල අපේ සැමදා ‍ලොව බැබලේවා
දරුවන් සියලු හොද පුරවැසියන් වේවා
මේ රට අපේ දියුණෙන් දියුණට වේවා

ප.ලි. - කාලෙකිත් දැකපු හොදම නිර්මාණාත්මක අදහසක් නිසා ඇති වූ සිතුවිලි කවි කළෙමි. ඒක දැක්කේ ගොසිප් ලංකා නිව්ස් වලින්

4 comments:

  1. පාසල් කාලය කියන්නේ එක පාරක් විතරක් ලැබෙන දෙයක්. ඉඳ හිට හරි හිතෙන් ඒ කාලෙට යනවා අපි හැමෝම.

    ReplyDelete
  2. චන්දනට අර කව්ද කිව්වා වගේ නොයන බ්ලොගයක් නැතිව ඇති.. තැන්කුයි මේකට කමෙන්කටුවක් දැම්මට

    ReplyDelete
  3. එලටම තියෙනවා දේශකයෝ...
    සුපිරි ...

    ReplyDelete