Sunday, September 3, 2017
වසන්තම් ලී සැණකෙලිය!!
වසන්තයේ කළු උපයයි
අරාබියේ තඩි දුමියයි
තිස්ස සමඟ කල්‍යානයි
රියාල් ගහක් දැන් සොලවයි
ලී මෝලෙ වැඩ ඇරඹෙයි//
ගලින් ගලට පැන ගෙන යන හත්පා මත්තේ
අඟල් හයක ලී දඩු ටික මේසය මුල්ලේ
ලියා තිබේ නම් කරුණක් කොටාලා ලීයේ
බලා සිටින්නෙමි තවමත් වැට් ඇයි නැත්තේ
වසන්තයේ කළු උපයයි...
දිනපු උන් දිහා බලල හිත කකියනවා
වැට් එකක් නැති මට දැන් තරහත් එනවා
ලී කැබලි මොකටද මං රත්තරන් දෙනවා
හෙට උදේ ආවොතින් නං තොපි බේබදු වෙනවා
වසන්තයේ කළු උපයයි..//
වසන්තම් ලී කුට්ටි බෙදාදීම අද සැප්තැම්බර් තුන්වන දින හිඳෙල්ලන හත්පාද මැදුරේදී.. චියර්ස්
තාලය - ඉන්ද්‍රානි පෙරේරාගේ වසන්තයේ මල් කැකුළයි
Subscribe to:
Posts (Atom)