Showing posts with label දේශක කවි. Show all posts
Showing posts with label දේශක කවි. Show all posts

Saturday, September 15, 2018

නිකං බන්දුජීව!! (Ruwan Bandujeewa poetry)

අපේ කාලයේ ගුරුකුල නොමැති කවියෙක් තමා රුවන් බන්දුජීව කියන්නේ. සමහර විචාරකයන් මේවා කවි නොවේ යැයි කියන විට මට මතක් වෙන්නේ කඳ බඩ පිරෙන්න කාලා රාම තෙල් ඇර ඇර කෑමට බැන බැන ඉන්න තඩි මනුස්සයෙක්ව. මිනිහා පිඟානේ තියෙන සේරම කෑම කනවා උනත් ඒ සේරම කෑවේ පොඩි පොඩි එළවලු එක්ක කියල රාමතෙල් අරින වෙලාවට අමතක කරල දානවා. ෂිහ්. මං මෙච්චර බත් කෑවේ මොකටද කියලා. අන්න මේ විචාරකයොත් ඒ වගේ බත් කාපු අය කියලයි මට කියන්න තියෙනනේ. කවිය බත් පිඟානක් නම් ඒකේ විවිධාකාරයේ කවි වර්ග තියෙන්න පුලුවන්. සමහර විට රසය වැඩිය දැනෙන්නේ කට්ට සම්බෝලෙක වෙන්නත් පුලුවන්. හරියට කන කෙනා ඩිංග ඩිංග රස කර කර පිඟානම කන්න පුලුවන් වගේම කන්න බැරි එකා තක්කාලි කෑලී, මිරිස් කෑලි පිඟානේ ඉතිරි කරන්නත් පුලුවන්. ඒත් පොඩි කාලේ ඉදලම තඩි බත් කටවල් හනිකට ගිලල පිඟාන හෝදල දාන උන්ට නං පිඟානේ තියෙන විවිද දේවල් වල නොයෙකුත් රසයන් විදින්න බැරි වෙනවා. අවසානෙදි බත් කාපු ඒ පත මෝල්ලු තමන් කෑවේ මොනාද ඒකේ රස මොන වගේද කියලවත් නොදනී.

කවි ගැන විචාරයත් ඒ වගේ. තමන්ට ගැලපෙන ආකාරයටත් බත් ටික කන්නේ. ඒක නිසා කවි විචාරය තමන්ටම පක්ෂග්රාහි වේච්චි දෙයක්. දෘෂ්ඨියට හසු වූවාට රසයට හසු නොවන කවි ඕනෑ තරම් තියෙනවා. සමාර විට ජනප්රිය කවි වල ඇති චිත්ත රූප මැවීමේ හැකියාවක් ඒවාට නැති වෙන්න පුලුවන්. ඒත් කවියක් විඳිනවා කියන්නේ ඇත්තෙන්ම ඒ දිහා ස්වාධීනව බැලීමක්. මම සාමාන්යෙයන් එළිසමයක් තියෙන කවි වලට කැමතියි. එක දිගට ගලාගෙන යන කවි කොළ වලට කැමතියි. හයිකු එකක් දෙකක් කියල මොලේ ටිකක් මොරොන්දම් වෙනවට කැමතියි. ඒ කෙසේ වෙතත් කවියෙකු තමන්ගේ නිර්මාණයෙන් කියන්න හදන දේ තේරුම් ගන්නටස්වාභාවික ඥාණයට අවස්ථාව නොදෙන කෙනෙකුට කවි වල විවිධ වර්ග, ගුරුකුල, බ්රාහ්මණ කුළ, පදිරි කුල තියෙන්න පුලුවන්. අපි ඒ අයට සුභ පතමු.

රුවන් බන්දුජීව මට හිතෙන විදියට ස්වභාව ධර්මයේ ඉතා කුඩා කිසිවෙකුට නොපෙණන තැන් තමන්ට රිසි අයුරින් උකහාගෙන ඒවාට සම්බන්ධකම් හදා දෙන්න දක්ෂ කෙනෙක්. ඔහුගේ අනෙකුත් කවි ආදරය ගැන, සමාජ අසාධාරනකම්, අධම කම් ගැන කතා කරත් මට විශේෂයෙන් කැමැත්තක් තියෙන්නෙ රුවන් අප අවට පරිසරයේ ඇති විවිධ අංශුන් එක මිටට ගන්නා ආකාරයට.

මේක මීළග මීවිකේ 27 පිටුවේ කවියක්

රම්ය ජලකර පුෂ්ප ගලවා
මතස්ය දියකා පිරිස පලවා
ඉර මෙවර තව වැවක් හිසකර
පාර අයිනක තිබුනි රදවා

මේ වගේ කවි දැක්කම ඔය බහු චින්තකයෝ කියන්නේ මේව්වා මේ නිකං වාග් ප්රලාප නේ කියලයි. ඒත් ඒ අයට තමන් බස් එකේ යනකොට දකින පොළව පැලිච්චි වේලුණු වැව දැක්කට වතුර නැති විත්තිය විතරයි පේන්නේ. එහෙම නැත්නං කියාවි මාර පෑවිල්ල නේද ගිය පාර මං එනකොට හොදට වතුර තිබුනා කියලා. ඒත් මේ කවියේ මුඛ්ය පරමාර්ථය සිඳුන වැවක ශෝකාලාපය කියාපාන්නටයි. රුවන්, පේන්න නැති කාටවත් දකින්න නැති ගොඩාක් දේවල් එකට අමුණල හිඳිච්ව වැව පාර අද්දරට ගෙනැත් තියෙන ආකාරය දැක්කම මට කියන්න තියෙන්නේ අපූර්වයි කියල විතරයි.

මේ කවිය මම බොහොම කැමති කවියක්. මේකත් නිකං වාග්ප්රලාපයක් තමා. හැක්

සහෝදර තුරුවැල් මුදුන් මත
මතුව එන ලෙස මියුරු වූ පල
පසෙහි මුසුවී තිබුණු වස විස
උරා බොන්නැති නියඟලා වැල

(මීළග මීවිත පිටුව 25)

කැලේ ඇතුලක එහෙම නැත්නං දඩු වැල් තියෙන වැටක උඩින් පේන රතු කහ මල් ටික දැකල අනිත් ගස් වැල්, ගෙඩි දිහා බලන මේ අපූර්ව කවියාගේ මනස කොයි තරම් සියුම්ද කියල අපට පේනවා. මේ ලෝකේ තියෙන සේරම ගහකොළ, මල්, ගෙඩි තියෙන්නෙ නියඟලා වැල නිසාද කියල හිතෙන අන්දමට මේ කවිය නිර්මාණය වෙලා තියෙනවා. සමහර විට මේකේ අනුභූතිය කහ රතු නියඟලා මලක් විතරක් වෙන්න ඇති. ඒත් ඒ මල නිසා පරිසරයේ තියෙන සියලු ගහ කොළ එක මිටට ගන්න රුවන්ට ඇති හැකියාව උපරිමයි. මම බොහෝ පොත් පත් කියවා ඇති අයෙකු නොවුනන් මා කියැවු ලේඛකයන් අතුරින් එවැනි හපන්කමක්, සියුම් දැකීමක් ඇති අයෙකු තමා හා්න්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන්. ඔහු ලියන්නේ සුරංගනා කතා උනාට ඒ සුරංගනා කතා අස්සේ කුරුල්ලෝ, පුංචි පුංචි මල්, වීථි ලාම්පු, යකඩ පෙට්ටි ආදී එකී නොකි දේවල් හැසිරෙන ආකාරය දැක්කම පුදුම හිතනෙවා. මතක ඇති නේද අයිඩාගේ පුංචි මල කතාව. ඒකේ තියෙන්නෙ එක එක ජාතියේ මල් රාශියක් එකතු කරගෙන ඒ චර්යාවන්, පෙනුම ආදිය මිනිස්සුන්ගේ පෙනුමහැසිරීම චර්යාව එක්ක එකට එකතු කරල සිත්තම් කරපු අපූරු කතාවක්. ටියුලිප් මල් අනිත් මල් වලට වඩා උඩින් තමන්ගෙ බෙල්ල හරව හරව ආඩම්බරෙන් ඉන්න හැටි කියන කොට මට හරි ලස්සනට පරිසරය මැවිල පේනවා. අන්න ඒ වගේ හාන්ස්ටත් පුදුම හැකියාවක්, තියුණු ඇහැක් තිබුනා කියල කියනවා. ඒ කියන්නෙ දුරක තියෙන ගහක පොත්තක කුඩා කැපුමකුත් එ් අසල ඉන්නා පුංචි කුහුඹුවෙකුත් හරියටම අදුරගන්න හැකි ආකාරයේ. රුවනුත් ඒ වගේ අපි දකින් කිසිම වැදගැම්මකට නැති දේවල් සිතුවිලි ආධාරයෙන් එකට එකතු කරල ඔහු අපිට දෙනවා ඉමිහිරි නිර්මාණයක්. අදටත් නියඟලා මලක් දැක්කම රුවන් කියපු දේ මට මතක් වෙලා නියඟලා වැල ගැන පුංචි හැගීමක් ඇති වෙනවා.

මීළග මීවිත 14 පිටුවේ තියෙන මේ කවියත් ඒ වගේ.

ඇළ

ඇළ හොඳින් ඇඳ පැළඳ
ඇවිද යයි කුඹුරු මැද

වැව අරෙහෙ නිදි නැතිව
මේ ඇඳුම් මහපු බව
කිසිම වී කරලකට
ඇළ කියා නැත තවම


මේකත් නිකම්ම නිකම් වාග ප්රලාපයක් තමා. ඒත් නිලට නිලේ දිලෙන හුළගට එක පෙලට ගමන් යන කුඹුරු යායක් දැක්කට මට නං එහෙම හිතෙන්නේ නෑ. ඒක තමා තියුණු දැකීම කියන්නේ. ඉතාම සරල කුඩා දෙයක් උනත් කව්රුවත් නොදැකපු ආකාරයෙන් දකින එක තමා නිර්මාණකරණය කියන්නේ. මම නෙමෙයි කිව්වේ කොන්ස්තන්තීන් පව්ස්තව්ස්කි කිව්වේ. ඒ කියමන අපට සනාථ වෙනවා රුවන්ගේ කවි (වාග් ප්රලාප) කියෙව්වාම. පුලුවන් නං තවත් විදියටකට ඇළ දිහා බලන්න ඔන්න අවස්ථාව. අප දන්න අකුරු, අපි දන්න වචන හැබැයි හැඟිම් අකුරුවචන වලින් මනින්න බෑ. ඒක අකුරු, වචන වලින් වියුත්පන්න වෙච්චි දෙයක්. සමාර විට දැං හිතන්න බලන්න අපි යමක් දිහා හිතන්නේ වචන වලින්ද සංකේත වලින්ද කියන එක. ටිකක් පැටලිලි සහගතයි නේද? ඔව් ඒ උනත් තමන් දකින දේ අකුරු, වචන වලට පෙරලගන්න එක අමාරුවක් නැතිව කරන රුවන් බන්දුජීව වැනි කවියන් ගැන සමාජ මාධ්යයයෙන් එපිටදී මීට වඩා කතා වෙන්න ඕන. ඒ නිර්මාණාත්මක වේශය හදුනාගන්න ඕන. බත් පිඟානේ තියෙන තක්කාලි කෑල්ල කාලා බලන්න ඕන. මිරිස් කෑල්ල ගොටු කොළයත් එක්ක හැපෙන රස විදින්න ඕන. නැත්නම් අඩු ගානේ බත් ගුලියට පරිප්පු ඇටයක් දාගෙන බඩ පිරෙනකල් ගිලල පුටුවක් උඩ පත බැවිලා රාම තෙල් ඇර ඇර කාපු බතටම කුණුහරුපෙන් බැන බැන ඉන්න බඩ තඩියෙක් වගේ නොවී ඉන්ටෝනි.


Wednesday, August 23, 2017

කවිද අහනවා බොරු!!

එන විට යන විට
කණූකුණු ගාන

“එනකොට පිටි පැකට් එකක් ගෙන්න“

කොහෙන් තියෙද සල්ලිද?
හිතා හිතා තැවෙමින්
කන්තෝරු යනකොට
මතක් වෙයි ලබන මස
ගෙවිය යුතු ණය බර

ඒ අස්සේ,
මඟදී
ආතර් අයියා

“මහත්තයා. කොල්ලගේ මඟුල් ගේ ළගයි්
මහත්තයට තමා ඉස්ඉස්සෙල්ලම කියන්නේ“

කියනකොට

හන්දිපත් වෙව්ලුවා
සුසුම්නා ඉරාගෙන
හිරි වැටෙන රිදිල්ලෙන්
හිනාවකි පැන්නේ

හවස මං එනකොට
තුන්සීයක් හොයන එක
කොච්චර බරක්ද

දාහකට වැඩිය ලැජ්ජයි
කියල හිතෙන කොට
ආතර්ගේ මඟුල
නාහෙටම කටු අනිනවා

ලබන මාසේ ණය
එක්ස්ටෙන්ෂන් එකක් ගනිවී
අතට එන රුපියලෙන් 
ඇඳුමක් කුඩුමක් හදාගෙන
යන්න වෙනවාමය මඟුලට


ඊටත් කලින්...

බුලත් දෙන්නට ආවම

ඒකට තෑග්ගක් 
සොයා ණය කන්දක්
එළි පත්තු කරද්දී

කිරි පැකට් කීයක්ම ඒකෙන්
ගන්න හැකි දැයි කියා

මං ගණං හදනවා

සංසාර චක්කරේ
යන කොට රවුමට
කවදාකවත් යළි
රජයේ රැකියා භවයක් නම්
නොපතමි..


ආධුනික කිවියර - දේශක

Friday, August 18, 2017

කෙටි කවි!! (Oh. No. Again??)

වැස්ස

සුදට හොදැහැටි ඉන්න
කිරි පාට වලාකුළු
මහා හයියෙන් හැඩුවේ
කරදියේ පෙඟුනාම

කාටද අයිති?

වැටේ ඉන්නක පිපෙන
පුංචි ලස්සන මලක් වුව
සැලෙයි වේවලයි නිතර
කාට අයිති වේදැයි බියෙන්

ඉරිසියා කඳු

හිම වලින් කබායක්
කවදා මහගන්නද කියා
සමක ඉර අසළ කඳු
සදා වැලපෙයි හඩා

වළා අතරින් හොරෙන්

කොපර කොපර පිපිඤ්ඤා
වළා බිඳලා දුවන්නා
එහෙම කිව් කෙනෙක් නෑ
විදිලි එළි, හෙණ සද්ද.. ඩාං


දුෂ්ටකම්
රත්තරං වළල්ලක්
රසදියේ පොඟවමු
ආඩම්බර කම් පාන
සිලි සිළිය පරද්දමු


විකාල භෝජනං

රෑ බඩගින්න ආවම
සාමණේර පොඩි හිමිට
බණ පදත් පෙරලගෙන
යන්න හිතෙනවා ගෙදර


සැබෑව

ගතින් එකයි
සිතින්..
දෙකයි - තුනයි
කව්රු නම්
දනීද?


කලින් එව්වා. මේවත් බලන්න.




Thursday, September 1, 2016

හබරළ කවි 2

ගං වතුර

කැළණි ගඟ වුවත්
දරා ගත නොහැකි විට
නොවැලපේද
හදවත පුපුරවා හැලෙමින්

පුපුරවා වැරෙන්
හ‍ෙළු කඳුළු ගලා
අතොරක් නැති
හැම තැනම සොයා

එහෙත් මිනිසුන්
අසරණව වැලපෙන විටත්
ආණ්ඩුව කුමද කළේ
විමසයි සුපින්වත්

එහෙත් ෂෙයා කෙරෙයි
ත්‍රිවිධ හමුදා කළ අපරිමිත
කැපකිරුමන්, උත්සුකයන්
අහෝ සමිඳේ
කොහිද අප හට එළියක්



හිත අවුල්

නොයෙක් වර
නොයෙක් දෙස
දුටු විට
අති රමණිය ළඳුන්
කීරි ගැසුනු හිත
යදියි
එක් දෙයක්
නොලැබුනද
සතුටයි
දුටු විට
ඒ රමණියයන්


බීම

වතුරද
පැණි බීමද
බෙහෙත්ද 
සිරප්ද 
නැත
මේවාය
බීම


මට පිස්සු

නිතර පැමිණෙන
විටෙක නවතින
හැමදේම උතුරණ
ප්‍රේමයම අයැදින
නොවක් හදවතම
නොසැලී විටක
අයැදියි
මොහොතක සුවයම


පලි - සෝදුපත් බලංඤ්ඤං අවශ්‍ය කර තිබේ!!

Thursday, May 5, 2016

අල වගේද හබරල???

පිදුම
ඉයං අඩවියං උපද්දානං
මාතලං හේ ප්‍රචාරකං
හබරල කාව්‍යං ජාතං
යාන්තං මාත් ගැටගහං

හැක් හැක්..


ගුණ කතන
මැරිච්ච දවසට
මතක එයි
මිනිසුන්ට
ඉපදුනාට
ජිවත් උනාට වැඩිය



ප්‍රති ගුරුත්වය
වැහැපන් වැහැපං කිව්වම
වහින්නෙම පොළවට
වැහැපංකෝ අභ්‍යවකාසෙටම


නොපෙනෙන ලස්සන
තණකොළ මල් පාගගෙන
දරුවා ගියා දුවගෙන
ලස්සන රෝස මලක්
අල්ලලා බලන්නට


ඇඩුම්
ඊයම් බරු......
ගිල්ලලා හදවතේ
කවදාද සැනසීම
කියාපං මට


කුහකයෝ
රොඩී ගමක්.. ආං.. ඇවිත් අලුතෙන්
උදේ පාන්දරම
ඒ ගමේ උන්
ඩෙනිම් ඇදං එනවා පාරට
යන්න බස් එකේ..
ඇයි එතකොට අවුල්ද ඔහෙලට?


නෝ ලයිප්
කන් දෙකේ ගුම් ගුම්
පයිප්පෙන් පොහ් පොහ්
පංකාව නෑ හුම්..
විදවපං ඇති තරං..


සමනලයාගේ කසාදය
මල්වත්ත වටේටම
එක මලක් වත් නෑර
උඹ අහපු පුරස්නෙට
නෑ නේද උත්තර
පුංචි සමනලයෝ
හෙහ් හෙහ්..
“මාව බදිනවද?“
දිපංකෝ උත්තර


අපි හිටං දන්නවා
අන්න ඔබාමා යනවලු
මයික් කඩනවලු
“Obama Out" කිව්වලු
මාර සතුටෙන්ලු..
අපිටත් සතුටුයි
පොඩ්ඩක් හෝව්..
ඊයේ ලේ හලාගත්තලු
පාර්ලිමන්ටුවේ
මං දැක්කේ පත්තරෙන් හිටං


සාපේක්ෂතාවය
හිස් කොළයක්ද හොඳ??
අකුරක් ලියපු එකක්ද??

නිමි..

Friday, November 6, 2015

කෙටි කවි!! (කම්මැලි කමට)

1
ප්‍රමාද ද වූ කාර්යාල සේවකයා

නගර ගානේ
වෙලාව බෙදන
කෝච්චිය
මට දුන්නේ
එපාම කරපු
වෙලාවක්


2
සුද්දය

හැඩට ගෙනා
අලුත් කොස්ස
කිලුටු වෙලා
හොද හැටියට

කිලුටු වෙලා
තිබුන ගෙදර
හැඩට හිදී 
හොද හැටියට


3
පැණි තිබ්බම කරදරේ

ලස්සන
මල් මත
සමනලයා
බමරා
පැණි කුරුල්ලා
ඉවරයක් නෑ 
කරදරේ


4
මිනිස්සු

හීන් හඩ
පුදුම ඔබරිය
හරිම කරුණාව
ඔපිසියට...
ගෙදරට..??? 


5
ඇම ගිලීම

කවිකමට ආලය කරන්න
කවියාට ආලය නොකරන්න

Tuesday, September 1, 2015

අම්මා!!

හුණ්ඩු තුන හතරක
පුසුඹ හමන සම්බා බත් හට්ටියද
කුරුඳු පොතු විසිරුවා
කට තෙත් වන අල බැදුමද
හැමදාම කා ඇතත්
තෙල් දැමු පරිප්පුද
ඊට සරිලන ලෙසින්
පොඩි කීරමින් බැදුමද
මතක් විය මහ දවල්

අව් රැල්ල හරියටම
ඔලුව උඩ ලගින කොට
බඩ පනුවෝ කෑගසා
ගෙදරටම ගෑටුවා

හොදට බත් පිණි එක්ක
දෙතුන් දෙන කඳු ගසා
බත් මුට්ටි හිස් කළා
මාළු පිණි මදි උනා
කාපු බඩ උස්සගෙන
රාම තෙල් අරින කොට
හිත ඇතුලේ සන්තෝසේ
ඔඩු දුවන්නම උනා..

පිපුන බඩ ගෙඩියකට
දිරවන්න ඕන විට
උණු වතුර ඩිංගකට
කුස්සියට ඇදුන දින
මිරිස් ගල පාමුලම
කළු ගැහුණු හිරමනේ
අඩලෙටම තියාගෙන
දංකොඩේ බත් එක්ක..
ඉතුරු හොදි ඩිංගකින්
අල බැදුම් භාජනේ
අම්මා බත් වළදද්දි
කාපු ටික වමාරා
බඩ හිස් කරන්නට

සිත් උනා මට එදා

ප. ලි.. - මේවා කවිද කියා ඇසීම තහනං. හැක්

Friday, February 20, 2015

පෝලිමද? පාලමද?

ගඟ දියෙන් පිපී විත්
ඇග දවන සීතලක
හිමිදිරිය බව දැනම
පෝලිමේ කෙළවරක

අත් තටු ගසා විත්
විහග කැල එබෙනවා
සීරුවේ එක දිගට
සුදු පීත්ත පේනවා
ඒ මැදින් හරි ලකට
කඩ ඉරක් දුවනවා
පාලමේ දිලිසීම
ඉර නැතත් තියෙනවා

කළු පාට සුදු පාට
සැප කාර් එක දෙකක්
සුදු පාට එළි දමා
සැරවැරෙන් ඉගිලුනා

ඇස් දෙකට වාරු නැති
අත පයට හයිය නැති
කඩමාලු අත් දෙකට
වෙව්ලුමක් දැනෙනවා

නිදි නොමැති රෑ යමෙක
බඩගින්න ඉවසගෙන
පෝලිමේ කෙළවරක
පරඩැලක් වැනෙනවා

හව් හරණ උදව්වක්
නැතිම වී ගිය විටදී
තව ටිකෙන් වැටෙන්නට
ඉඩ උනත් තියෙනවා

ඇස් දෙකින් ගිනියම්ව
ඇග පුරා සීතලව
කුසගින්න බලවත්ව
නිදි යහන පෙනෙනවා

පරඩැල්ද සුලග සේ
බිම කරා දුවද්දි
තවත් එක් පරඩැලක්
වැටෙන පරඩැල් අගට
යහනාව තනනවා

තිබුනනං මට ඉඩක්
පාලමේ සුදු යකඩ
ගලවගෙන මෙහි ඇවිත්
අත් වාරු හදනවා

නිමිත්ත - පාන්දර යාමයේ ආණ්ඩුවේ ඉස්පිරිතාල පෝලිමක මහ පාර වෙන්නටම කෙළවරේ ගත වාරු නැතිව වැටෙන්න ගිය ලෙඩෙක් අල්ලාගත් තවත් එවැනිම ලෙඩෙක් දැකීම... පෝලිමට අඩි කිහිපයක් එහායින් කෝටි ගානක් වැය කොට සකස් කළ කිරිම කිරි පාටින් බැබලෙන සුදු යකඩ පාලමකි....

Monday, November 24, 2014

මාළුකාරයාගේ දේශපාලනය!!

රේන්ද පොළ ළග හැන්දෑවේ
මහ සද්දෙන් ලේ මස් විකිනේ
අත තියන්ටෙපා එක බල්ලෙක්වත්
එ් ගොඩ ගත්තේ මම සද්දෙන්

සීතල වතුරට අතැගිලි ඇඹරේ
ලේ බොර වැදිලා සීතල නොසැලේ
ගල් උන හිත මගේ අද සන්තෝසේ
අහුලයි සීතල ගල් උන මස් ලේ

විධායකේ මොන යකෙක්ද අපිලට
ස්වාධිපත්ත්තයක් කුමටද මෙරටට
ගත්තොත් සද්දෙන් ගල් උන මස් ටික
කන්නට හැකි වෙයි අද දින අප හට

පාර දෙපැත්තේ සුදු ඉරි ගානේ
ලේ පැල්ලම් එක දෙක මතු වන්නේ
සීතල සියල්ල නැති උන මොහොතක
හදවත උණුහුම් වී ගෙන එන්නේ

පොඩි කොල්ලට පොත් දෙක තුනකුයි
ලොකු කෙලීට උණු බනිසයි, කැවුමයි
හාමිනේට කොළ, තුණපහ ඩිංගයි
හැන්දෑවට මට සිකැරට් දෙකකුයි

ඔක්කොම කරන්නේ මේ ටික ගන්නයි
නින්දට යද්දිම ඔක්කොම ඉවරයි
උදේට තෙමිලා පින්නට නිරතුරු
මොළ ඩිංගක් මට පිහිටල නැතිවා

මොන බහුබූතද මේ ලොකු කරදර
අපිට නොවෙයිදෝ සියලුම ජරමර
හෙට උදේට මට යන්නට හැකි නං
කුමකට පතනුද මෛත්‍රී පරපුර

Monday, November 3, 2014

සෝර්බා නම් ග්‍රීකයා!!

සෝර්බා..
උඹ දන්නවං
මැරෙන්න ඉස්සර..
මම එනවා 
උඹ හොයාගෙන...

මොකටවත් නෙමෙයි..
පවිත්‍ර සමාජය ඔද්දල් කරාට..
අශීලාචාර කතාවෙන්
පල් හෑලි අදහස් වලින්

ගෑනියෙක් එක්ක නිදාගෙන
බඩ පිරෙන කං වයින් බී
හොදින් කා හෑල්ලූ වී
ජීවිතේ ඒකමයි කිව් නිසා

පල්ලියේ දොරකඩම
ගෑනියෙක් මරණ කොට
ස්වර්ගයේ දොරටු ළග
සාතන්ලා කපන හැඩ

උඹම විතරයි හිටියේ
ගෑනි බේරගන්න
හැම පර බල්ලෙක්ම
දේව අණ උඩ නැගං
කපනවා..කොටනවා

උඹ කිව්ව එක දෙයක්
දැනෙනවා මට තවම
ජෝසප් වගේ එකෙක්
ඉන්නවා මං තුලත්

ඒ යකා හරි කැමතියි
වනචර වැඩ කරන්න
වමනේ යනකං බොන්න
පුළුටු මස් ගිලින්න

ඒත් ඒ මං නෙමෙයි..
මට ගොඩ එන්න බැරි වෙන්න
හංගගෙන ඉන්න ඌ
ජෝසප් කෙනෙක්මයි

සෝර්බා..
අන්තිමේ උඹත්
හැමෝගෙම පාරේ
දරුමල්ලෝ හදාගෙන
ගියා නෙව සංසාරේ..

අන්තිමේ මොකුත් නෑ
උඹත් නිකම්ම පුස් වෙඩිල්ලක්
උඹට වඩා වටිනවා
උඹගේ සන්තුරිය මට..


ස්තුතිය - තටු නැති පිටු

Saturday, October 11, 2014

දෙක!!

කෑම කඩේ හතර වටේ
දුවපු මගේ දෙක
නැති උනාම මල වදේය
අහපු මගේ දෙක

හුවමාරුව කරගත්තම
නැති උන මගෙ දෙක
හැක්ස් එකට මයිලේඩිට
මාරු කරපු දෙක

අතේ සතේ නැති වෙන කොට
එකතු කරපු දෙක
ඒක අරන් ස්ලාං ගාලා
වීසි කරපු දෙක

එක බල්ලට එකක් ගානේ
හොයල බලපු දෙක
මට කවදත් අතට නාපු
මගේම වූ දෙක

හිත ඇත්නම් මොන කතාද
සාක්කුවෙයි දෙක
රණ්ඩු කරල, යෂ්ඨි දමල
ඉල්ලගත්ත දෙක

අඩල අඩල ඇති් උනාම
නිකං දුන්න දෙක
නැතිය කියල වැලපුනොතින්
දෙවියෝ දීපු දෙක

ගෙදර වටේ කැටේ පුරා
පිරිල තිබ්බ දෙක
මල මගුලක් එකක් නෑනේ
දැං ඒකේ දෙක

ඉදල හිටල ලැබුනා උනත් 
මගේ තමයි දෙක
මුලලාලියා පෝසත් උනේ
අරන් මගේ දෙක

ආයේ ඉතිං ඕන නෑනේ
මගේ පුංචි දෙක
රවුං කරල වැටයුවාම
ඉවරයි නෙව දෙක

Thursday, September 25, 2014

කළල වර්ධනය නවතී!!

මඳ මඳ දුරස් වූ,
සියළු දේ මිටි කොට...
හිත තුරුල්ලට ගතිමි.

එහෙත්...

ටික දවසක සිට..

හිත ව්‍යාජයි..
නොසන්සුන්..
දුටු හැමදේම ව්‍යාජයි.

කවදාක දකීද යළි
වැහි බිංදු වල ඇලය මං
තණපතට බර වූ මැහි සතුන්
යුවතියකගේ ඇස් යට දිවෙන
සන්තෝසයේ මහා වේදනාව

හැමදේම ව්‍යාජයි
හැමදේම සාමාන්‍යයි
මගේ හිතත් සාමාන්‍යයි
සිතුවිලි...??

ඒවා ටිකක් වල්..


Saturday, May 10, 2014

කයි කතන්දරයක්!!

මං පහුගිය අවුරුදු දෙකේම දරුවා ඉස්කෝලේ එක්කන් ගියේ විටින් විට මොටෝ සයිකලේ නෙව. ඉතිං ඒ හැමදාම එකම වෙලාවට ගෙදරින් පිටත් උනාම මහ පාර දිගේ මේ යන ගමන් කෙළවර වෙන්නෙත් එකම වෙලාවක. මං විතරක් නෙමෙයි හැමාදාම ඒ වෙලාවට එළියට බහින හුගාක් අය හිටියා.

බයිසිකලේ ගෙදරින් එළියට දාන කොටම වංගුවෙන් මතු වෙන්නේ බෑග් එක කරේ දාගෙන කෑම බෑග් එක අතින් අරගෙන ඉස්කෝලේ යන ඉස්කොලේ හාමිනේ කෙනෙක්. එයා පහු කරන් පන්සල ගාවට යනකොට ස්කූල් වෑන් එක එනකං නැවතිල ඉන්න ළමයි කිහිප දෙනෙක්. තව ටික දුරක් යනකොට එකම කිලිටි හඩු ගැහිච්ච නයිටිය පිටින් ඇවිත් චූන් පාන් වාහනෙන් පාන් ගන්න අක්කා කෙනෙක්. ඔය වගේ හැම දේම එකම විදියයි. පාරේ දුවන බස් එකම වෙලාවට නියමෙට හරියට නැකතට වගේ දුවන්නේ. ඒ වගේම වතුර කරත්තයකුත් තාමත් යනවා පාරේ එ්ක හමු වෙන්නෙත් පාරේ එකම තැනකදී. හැමදාම දුවන අපේ බාප්පගේ ලොරි පහක් විතර එකම පෝලිමට එකම තැනකදි හැමදාම හමු වෙනවා. බාප්පගේ කිව්වට ඒවා අපේ හැරී බාප්පගේ ඩීසීඑස්එල් කොම්පැනියේ ඒවා.

ඔය වගේ හැම දෙයක්ම ඒකාකාරි විදියට සිදු වෙන්නේ. ඒ අතරේ ප්‍රධාන පාරේ ප්‍රධාන බස් නැවතුමක ඉන්න ලස්සනට ඔසරිය ඇදගත්ත හුරුබුහුටි ගෑනු ළමයෙකුත් හැමදාම මං දකින්න ගත්තා. ටික දවසක් යන කං එච්චර ගානක් තොතිබුනත් හැමදාම යන විත්තිය දන්න නිසා මේ කෙල්ලත් මගේ දිහා හොදට බලනව එතනින් පාස් වෙලා යනකොට. පොඩි එකාත් ඉස්සරහ තියාගෙන යන නිසා වෙන්ටැති.

පස්සේ පස්සේ මට ඔය කෙල්ල නොදැකම බැරි උනා. ගෙදරට වලි දාලා හරි කෝම හරි රියල් ටයිම් එකට ගෙදරින් පනිනවා. ඊට පස්සේ වෙලාව බල බල රියල් ටයිම් අල්ලන්න මං බයිසිකල් පදිනවා හැමදාම වගේ. ඒ ළමයා ඊට පස්සේ පොඩිම පොඩි හිනාවක් දාන්න ගත්තා බයිසිකලේ පහු වෙන කොට. ඔන්න ඔය වෙනුවෙන් මං අර පොඩි එකත් ඇදං අවුරුදු දෙකක් විතරම බයිසිකල් පැද්ද නෙව. අනේ ඒත් මේ අවුරුද්ද පටන් ගත්තා විතරයි අර ළමයා නෑ. බැලුවා බැලුවා ඒත් නෑ. වෙලාව වෙනස් කරා. පරක්කු වෙලා ගියා. කලින් ගියා. ඒත් නැහැ. මොනා කරන්නද කොයි තරං දුකද කියනවනං ඒක කියල වැඩක් නෑ. ඒ සිරියාවන්ත මුණ දැක්කම මට දවසම මල් වගේ. මාර ලස්සනයි අප්පා ඔසරිය ගහල හැඩට හැඩේ ඉන්න කොට. 

මොනා කරන්නද දුකට ලිව්ව කවියක්...

කලට සිටන් නුඹ දුටුවෙමි යනෙන
මගේ
දසුන නුඹේ සිත සනසයි බොහො
මාගේ
ඝණට තිබෙන රතු දෙතොලේ රස
වෑහේ
දිවිය මගේ නුඹ දකිනා විටදී
සැලේ


එකම විටෙක නුඹ හිනැහෙයි මහ
පාරේ
එකම පැතුම නුඹ දැකුමයි ඒ
වාරේ
නුදුටුවහොත් සතුට නැතේ එදින
මගේ
මතක ඇතිව හෙට ඉදපන් නියම
වෙලේ


කලෙක පටන් නුඹ හිටියේ නැහැ
වාගේ
හිත නොතකයි කිව්ව විටද දුක
මාගේ
දිනපතාම මං බැලුවේ දුකින්
වගේ
කවදා කොතැන හමුවේවිද සං
සාරේ


ගෙයක් දොරක් කොහි වේදැයි
සොයන්නද
යනෙන තැනක් කාගෙන් මං
අහන්නද
සතුට ගෙනෙන නුඹ කවදා
දකින්නද
කවදා වෙන තුරා මං දින
ගනින්නද

Saturday, May 3, 2014

කවිකාරකම්!!

කවියක් ලියනව කියන්නේ ලේස් වැඩක් නෙමෙයි. මොකද ඒකට හොද ශබ්ද කෝෂයක්, කරුණා කාරණා පිළිබඳ දැනීමක් තියෙන්නම ඕන. කතාවක් ලියනවට වඩා සෑහෙන්න අමාරුයි එක කවියක් ලියන එක.මාත් ඒ දවස් වල කවි ලියන එකම තමා කරේ. මං ඒකට කැමතියි. ඒත් ඉස්කෝලේ යන කාලේ, අවුරුදු දෙක තුනක් තිස්සේ ලිව්ව විරහ කවි මොන තරං තුප්පහි මට්ටමේ ඒවද කියල මට තේරුනේ ඊටත් අවුරුදු දෙකකට විතර පස්සෙයි.

ඇත්තටම ඒ දවස් වල අර බෑගිරි ගහ ගහ අඩනවා වගේ තමා මම ලියපු කවි සේරම. ඒවයේ වචන දැක්කම දැන්නං පොළව පලාගෙන යන්න හිතෙනවා. සමහර කවි අර විරහ කියන එකම අච්චුවේ වෙනස් විදියට පුච්චපු පාං වගේ තමා. මෙලෝ රහක් නැහැ. 

සිංහල බ්ලොග් අවකාශයෙත් හොද කවිකාරයෝ ටිකක් ඉන්නවා. ඒ අතරින් දැනට කවිකම කුදගහගෙන ඉන්න එකෙක් තමා මාරයා. මිනිහා මුල් දවස් වල හොද කවි නිර්මාණ ඉදිරිපත් කරල තිබුනා. වල් කවි කීමෙන් ඉතිං මාතලංට ගහන්න කව්රුවත් නෑ. හැක්..

කවි කියන්නේ සිතට නැගෙන සංකල්පනාවක්, පරිකල්පනයක්. ඒක නිතරම පෝෂණය විය යුතු දෙයක්. කවිකාරකම පෝෂණය වන්නේ කියවීමෙන් දැකීමෙන් හා සිතීමෙන්. කවියක් කියන්නේ ලඝු කරපු විශාල ප්‍රකාශනයක්. සමහර විට කවියේ අර්ථය වචන වලින් ඉදිරිපත් නොවෙන්න පුළුවන්. සමහර විට වචනාර්ථයෙන් පමණක් නවතින්නත් පුළුවන්. ඒ වගේම සංඥා එළි දැල්වෙන කවි උනත් තියෙනවා නෙව. දේශානුරාගය අවුස්සන්න ඇස් මහින්ද හාමුරුදුවෝ ලිව්ව කවි දන්නවනේ. උන්නාන්සෙ ලියපු සමහර කවි කියෙව්වම ඇගේ මවිල් කෙලින් වෙනවා.

ඔය විදියට මං දන්න විදියට නං කවිකාරයෙක් වෙන්න ලොකු හැකියාවක් තියෙන්න ඕන එහෙම නැත්නං හැකියාව වර්ධනය කරගන්න ඕන. කවි ලියද්දී ඒ තුලට ගොනු වෙන අදහස් නවමු අදහස් විය යුතුයි. නැත්නං එකම ආකෘතියක් එකම ශෛලියක් මතු වෙන්නටත් ඉඩ තියෙනවා. මම කැමතියි කවි කියවන්න. ඒක නිසයි මේ කියන්නේ, කවි ලියන අය පුළුවන් තරං කියවන්න. අපේ පැරණි කවි ගැන වැඩි අවධානයක් යොමු කරනව නං වඩා හොදයි.

කවි ඇලජික් අයත් ඉන්නවා නේ. ඒකට නං කරන්න දෙයක් නෑ. කවද හරි කවිය ඕන වෙයි. ඒකනං මම දන්නවා.

අපි හිතන්නේ කවි බැරි උන් ඉන්නවා කියල නේ. මං හිතාන හිටියේ අපේ කෙන්ජට කවි ලියන්න බෑ කියලායි. ඒත් මේකා මේ ළගදී මුණුපොතේ මේ දාපු කවිය බලන්නකෝ. එළට තියෙනවා ඈ..



නොරිකො සාන්ල මට මුණ ගැහුනා ,,, එහෙදි .....
ස්නැක් වලදී බොද්දි සකේ....
බලද්දී එයාල පිලිපින් ....
සිංදු කිව්වට ජපං .....



කවි ගැන අදහස් කියන්නත්, කවි ලියන අය පිළිබදව දැනුවත් කරන්නත් මේක අවස්ථාවක් කරගන්න...