අපේ
කාලයේ ගුරුකුල නොමැති කවියෙක් තමා රුවන් බන්දුජීව කියන්නේ. සමහර විචාරකයන් මේවා
කවි නොවේ යැයි කියන විට මට මතක් වෙන්නේ කඳ බඩ පිරෙන්න කාලා රාම තෙල් ඇර ඇර කෑමට
බැන බැන ඉන්න තඩි මනුස්සයෙක්ව. මිනිහා පිඟානේ තියෙන සේරම කෑම කනවා උනත් ඒ සේරම
කෑවේ පොඩි පොඩි එළවලු එක්ක කියල රාමතෙල් අරින වෙලාවට අමතක කරල දානවා. ෂිහ්. මං
මෙච්චර බත් කෑවේ මොකටද කියලා. අන්න මේ විචාරකයොත් ඒ වගේ බත් කාපු අය කියලයි මට
කියන්න තියෙනනේ. කවිය බත් පිඟානක් නම් ඒකේ විවිධාකාරයේ කවි වර්ග තියෙන්න පුලුවන්.
සමහර විට රසය වැඩිය දැනෙන්නේ කට්ට සම්බෝලෙක වෙන්නත් පුලුවන්. හරියට කන කෙනා ඩිංග
ඩිංග රස කර කර පිඟානම කන්න පුලුවන් වගේම කන්න බැරි එකා තක්කාලි කෑලී, මිරිස්
කෑලි පිඟානේ ඉතිරි කරන්නත් පුලුවන්. ඒත් පොඩි කාලේ ඉදලම තඩි බත් කටවල් හනිකට ගිලල
පිඟාන හෝදල දාන උන්ට නං පිඟානේ තියෙන විවිද දේවල් වල නොයෙකුත් රසයන් විදින්න බැරි
වෙනවා. අවසානෙදි බත් කාපු ඒ පත මෝල්ලු තමන් කෑවේ මොනාද ඒකේ රස මොන වගේද කියලවත්
නොදනී.
කවි ගැන
විචාරයත් ඒ වගේ. තමන්ට ගැලපෙන ආකාරයටත් බත් ටික කන්නේ. ඒක නිසා කවි විචාරය තමන්ටම
පක්ෂග්රාහි වේච්චි දෙයක්. දෘෂ්ඨියට හසු වූවාට රසයට හසු නොවන කවි
ඕනෑ තරම් තියෙනවා. සමාර විට ජනප්රිය කවි වල ඇති චිත්ත රූප මැවීමේ හැකියාවක් ඒවාට නැති වෙන්න
පුලුවන්. ඒත් කවියක් විඳිනවා කියන්නේ ඇත්තෙන්ම ඒ දිහා ස්වාධීනව බැලීමක්. මම සාමාන්යෙයන්
එළිසමයක් තියෙන කවි වලට කැමතියි. එක දිගට ගලාගෙන යන කවි කොළ වලට කැමතියි. හයිකු
එකක් දෙකක් කියල මොලේ ටිකක් මොරොන්දම් වෙනවට කැමතියි. ඒ කෙසේ වෙතත් කවියෙකු තමන්ගේ
නිර්මාණයෙන් කියන්න හදන දේ තේරුම් ගන්නට, ස්වාභාවික ඥාණයට අවස්ථාව නොදෙන
කෙනෙකුට කවි වල විවිධ වර්ග, ගුරුකුල, බ්රාහ්මණ කුළ, පදිරි කුල තියෙන්න පුලුවන්. අපි ඒ අයට සුභ පතමු.
රුවන්
බන්දුජීව මට හිතෙන විදියට ස්වභාව ධර්මයේ ඉතා කුඩා කිසිවෙකුට නොපෙණන තැන් තමන්ට
රිසි අයුරින් උකහාගෙන ඒවාට සම්බන්ධකම් හදා දෙන්න දක්ෂ කෙනෙක්. ඔහුගේ අනෙකුත් කවි
ආදරය ගැන, සමාජ අසාධාරනකම්, අධම කම් ගැන කතා කරත් මට
විශේෂයෙන් කැමැත්තක් තියෙන්නෙ රුවන් අප අවට පරිසරයේ ඇති විවිධ අංශුන් එක මිටට
ගන්නා ආකාරයට.
මේක මීළග
මීවිකේ 27 පිටුවේ කවියක්
රම්ය ජලකර
පුෂ්ප ගලවා
මතස්ය දියකා
පිරිස පලවා
ඉර මෙවර තව
වැවක් හිසකර
පාර අයිනක
තිබුනි රදවා
මේ වගේ
කවි දැක්කම ඔය බහු චින්තකයෝ කියන්නේ මේව්වා මේ නිකං වාග් ප්රලාප නේ
කියලයි. ඒත් ඒ අයට තමන් බස් එකේ යනකොට දකින පොළව පැලිච්චි වේලුණු වැව දැක්කට වතුර
නැති විත්තිය විතරයි පේන්නේ. එහෙම නැත්නං කියාවි මාර පෑවිල්ල නේද ගිය පාර මං එනකොට
හොදට වතුර තිබුනා කියලා. ඒත් මේ කවියේ මුඛ්ය පරමාර්ථය සිඳුන වැවක ශෝකාලාපය
කියාපාන්නටයි. රුවන්, පේන්න නැති කාටවත් දකින්න නැති ගොඩාක් දේවල් එකට අමුණල
හිඳිච්ව වැව පාර අද්දරට ගෙනැත් තියෙන ආකාරය දැක්කම මට කියන්න තියෙන්නේ අපූර්වයි
කියල විතරයි.
මේ කවිය
මම බොහොම කැමති කවියක්. මේකත් නිකං වාග් ප්රලාපයක්
තමා. හැක්
සහෝදර
තුරුවැල් මුදුන් මත
මතුව එන ලෙස
මියුරු වූ පල
පසෙහි
මුසුවී තිබුණු වස විස
උරා
බොන්නැති නියඟලා වැල
(මීළග
මීවිත පිටුව 25)
කැලේ
ඇතුලක එහෙම නැත්නං දඩු වැල් තියෙන වැටක උඩින් පේන රතු කහ මල් ටික දැකල අනිත් ගස්
වැල්, ගෙඩි දිහා බලන මේ අපූර්ව කවියාගේ මනස කොයි තරම් සියුම්ද කියල
අපට පේනවා. මේ ලෝකේ තියෙන සේරම ගහකොළ, මල්, ගෙඩි
තියෙන්නෙ නියඟලා වැල නිසාද කියල හිතෙන අන්දමට මේ කවිය නිර්මාණය වෙලා තියෙනවා. සමහර
විට මේකේ අනුභූතිය කහ රතු නියඟලා මලක් විතරක් වෙන්න ඇති. ඒත් ඒ මල නිසා පරිසරයේ
තියෙන සියලු ගහ කොළ එක මිටට ගන්න රුවන්ට ඇති හැකියාව උපරිමයි. මම බොහෝ පොත් පත්
කියවා ඇති අයෙකු නොවුනන් මා කියැවු ලේඛකයන් අතුරින් එවැනි හපන්කමක්, සියුම්
දැකීමක් ඇති අයෙකු තමා හා්න්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන්. ඔහු
ලියන්නේ සුරංගනා කතා උනාට ඒ සුරංගනා කතා අස්සේ කුරුල්ලෝ, පුංචි
පුංචි මල්, වීථි ලාම්පු, යකඩ පෙට්ටි ආදී එකී නොකි
දේවල් හැසිරෙන ආකාරය දැක්කම පුදුම හිතනෙවා. මතක ඇති නේද අයිඩාගේ පුංචි මල කතාව.
ඒකේ තියෙන්නෙ එක එක ජාතියේ මල් රාශියක් එකතු කරගෙන ඒ චර්යාවන්, පෙනුම
ආදිය මිනිස්සුන්ගේ පෙනුම, හැසිරීම චර්යාව එක්ක එකට එකතු කරල සිත්තම් කරපු අපූරු
කතාවක්. ටියුලිප් මල් අනිත් මල් වලට වඩා උඩින් තමන්ගෙ බෙල්ල හරව හරව ආඩම්බරෙන් ඉන්න
හැටි කියන කොට මට හරි ලස්සනට පරිසරය මැවිල පේනවා. අන්න ඒ වගේ හාන්ස්ටත් පුදුම
හැකියාවක්, තියුණු ඇහැක් තිබුනා කියල කියනවා. ඒ කියන්නෙ දුරක තියෙන ගහක
පොත්තක කුඩා කැපුමකුත් එ් අසල ඉන්නා පුංචි කුහුඹුවෙකුත් හරියටම අදුරගන්න හැකි
ආකාරයේ. රුවනුත් ඒ වගේ අපි දකින් කිසිම වැදගැම්මකට නැති දේවල් සිතුවිලි ආධාරයෙන්
එකට එකතු කරල ඔහු අපිට දෙනවා ඉමිහිරි නිර්මාණයක්. අදටත් නියඟලා මලක් දැක්කම රුවන්
කියපු දේ මට මතක් වෙලා නියඟලා වැල ගැන පුංචි හැගීමක් ඇති වෙනවා.
මීළග
මීවිත 14 පිටුවේ තියෙන මේ කවියත් ඒ වගේ.
ඇළ
ඇළ හොඳින්
ඇඳ පැළඳ
ඇවිද යයි
කුඹුරු මැද
වැව අරෙහෙ
නිදි නැතිව
මේ ඇඳුම්
මහපු බව
කිසිම වී
කරලකට
ඇළ කියා නැත
තවම
මේකත්
නිකම්ම නිකම් වාග ප්රලාපයක් තමා. ඒත් නිලට නිලේ දිලෙන හුළගට එක පෙලට ගමන් යන
කුඹුරු යායක් දැක්කට මට නං එහෙම හිතෙන්නේ නෑ. ඒක තමා තියුණු දැකීම කියන්නේ. ඉතාම
සරල කුඩා දෙයක් උනත් කව්රුවත් නොදැකපු ආකාරයෙන් දකින එක තමා නිර්මාණකරණය කියන්නේ.
මම නෙමෙයි කිව්වේ කොන්ස්තන්තීන් පව්ස්තව්ස්කි කිව්වේ. ඒ කියමන අපට සනාථ වෙනවා
රුවන්ගේ කවි (වාග් ප්රලාප) කියෙව්වාම. පුලුවන් නං තවත් විදියටකට ඇළ දිහා බලන්න
ඔන්න අවස්ථාව. අප දන්න අකුරු, අපි දන්න වචන හැබැයි හැඟිම් අකුරු, වචන
වලින් මනින්න බෑ. ඒක අකුරු, වචන වලින් වියුත්පන්න වෙච්චි දෙයක්. සමාර විට දැං හිතන්න
බලන්න අපි යමක් දිහා හිතන්නේ වචන වලින්ද සංකේත වලින්ද කියන එක. ටිකක් පැටලිලි
සහගතයි නේද? ඔව් ඒ උනත් තමන් දකින දේ අකුරු, වචන වලට
පෙරලගන්න එක අමාරුවක් නැතිව කරන රුවන් බන්දුජීව වැනි කවියන් ගැන සමාජ මාධ්යයයෙන්
එපිටදී මීට වඩා කතා වෙන්න ඕන. ඒ නිර්මාණාත්මක වේශය හදුනාගන්න ඕන. බත් පිඟානේ තියෙන
තක්කාලි කෑල්ල කාලා බලන්න ඕන. මිරිස් කෑල්ල ගොටු කොළයත් එක්ක හැපෙන රස විදින්න ඕන.
නැත්නම් අඩු ගානේ බත් ගුලියට පරිප්පු ඇටයක් දාගෙන බඩ පිරෙනකල් ගිලල පුටුවක් උඩ පත
බැවිලා රාම තෙල් ඇර ඇර කාපු බතටම කුණුහරුපෙන් බැන බැන ඉන්න බඩ තඩියෙක් වගේ නොවී
ඉන්ටෝනි.
කවි නේද. තක්කාලියි, කරපිංච කොලයි ඉතුරු කළා. හැක්..
ReplyDeleteරහත් නැති ගුණත් නැති දේ ගිලින පාපිස්ටයො.. හැක්
Deleteමේ කවි ටික මරුනෙ බං. ඒ වගේමයි උඹේ උපමා උපහැරණත්.
ReplyDeleteතව ලස්සන කවි තියේ මීළග මීවිතේ. බූන්දි අඩවියෙත් රුවන්ගේ කවි තියෙනවා. චියර්ස් හැලපේ
Deleteදේශක විචාරක
ReplyDeleteකෝමද පාර ඈ..
Deleteකවදත් මම ආසම නූතන කවියෙක්
ReplyDeleteෂහ්. වෙද මහත්තයා බ්ලොගයක දැකීමත් මනරම් දසුනක්.
Deleteමාත් මේ අවුරුදු දෙක තුනට වැඩිපුරම කියවපු කාන්සිය තියෙන වෙලාවටත් නිදිමත හැදෙන වෙලාවටත් එකි නොකී සියලු අවස්ථා වලදි රස විදපු, විදින පොතක්. ඒක මායාවක්
ස්තුතියි මේ පැත්තේ ආවට
සැබෑ දක්ෂයෙක් ගැණ සඳහන් කෙරුවට ස්තූතියි බන්.
ReplyDeleteජයවේවා!!!
සාහිත්‍ය මාසේනේ බං. ගොඩක් කලින් ලියන්න හිතං හිටි එකක් සුරුස් ගාලා උදේ ලියවුනේ..
Deleteඅැහුන්නෑ...
ReplyDeleteතක්කාලි නෙමෙයි උඹල බත් පිගානම විස්ක් කරන සැට් එකට අයිති.. හැක්
Deleteමම වැඩිය කවිපොත් කියවන්නේ නෑ...මේ කවි වල තියෙනවා උඹ කිව්වා වගේ අමුතු රහක්. නිතර දකින දේවල් වෙනද නොදකින විදියට දකින හැටි.. මමත් හැබැයි බෙදපු ගමන් බත් එක කාගෙන කාගෙන යන ජාතිය හෙහ්...
ReplyDeleteකවි ටිකක් රස වින්දම මොනා වෙනවද බං. හැක්
DeleteIf you are patriotic it has to be Rawana thel.
ReplyDeletein future patriots will wake up rawana by force
Deleteකවිනේද? නොදන්න දේමලෙට ගිහින් වරිගේ නහ ගන්නේ නැතුව මම කට වහගෙන සිටිමි
ReplyDeleteගෑනුන්ට ගොට්ට මහන්න ඇරෙන්න උබ දන්නේ අනුන්ගෙන් පිනට බොන්න විතරයි බයිට් එක කෑම වෙල කර ගන්නයි විතරනේ
Deleteඋඹ මොනවද බං දන්නේ.. හැක්. ඒක නිසා අවුලක් නෑ
Deleteවැරැදි.....බයිට් නැතුව බොන්නේ
Deleteඅමුවෙන්මද??
Deleteරුවන් බන්දුජීවගෙ කවි වලට ප්‍රලාප කියල මැසිවිලි කියපු හාදයෙක් මම නම් දැකල නෑ..සමහරවිට දේශකට මීටර් වෙන්න ඇති කියපු එකෙක්..මොනව කියන්නත් මේ කම්මැලි යෝධයා තාම එලියට දැම්මෙ එක කවි පොතයි නෙ..ඊලඟ මීවිත කවදහරි එනකම් මීලඟ මීවිතට බනිමු...
ReplyDeleteසමාර විට ස්ටේජ් වල ඒවා කියන්නේ නැතිව ඇති. හැක්..
Deleteඇල්කොහොල් නොමැති සඳ?
නූතන කවියන් අතර මමත් ප්‍රිය කරන කවියෙක් තමයි රුවන් බන්දුජීව... ස්වභාව සෞදර්ය අපූරු ඇසකින් දැකීමේ ඔහු සතු හැකියාව හරිම අපූඍයි... අපි කිසිවෙක් කිසි විටෙක නොදකින දෑ ඔහුගේ දර්ශනයට හසුවන්නේ ඔහු සතු පරිකල්පන ශක්ති මුල් කරගෙන වගේම වෙනස් ඇසකින් බැලීම නිසාම විය හැකී..
ReplyDelete“ඇල්කොහොල් නොමැති සඳ" ඔහුගේ මුල්ම කාව්‍යාවලිය... එහිත් අපූරු සංකල්පනා රැසක් හමුවෙනවා.. කියවා බලන්න...
දේශකතුමාගේ විචාරයත් අගෙයි... රුවන්ව නිර්ධය ලෙස විවේචනය කරන්නේ ඔහුට මෙන් හැකියාවක් නොමැති කුහක හැගිම් සහිත පුද්ගලයන් බවයි මගෙ අදහස.. මොකද මට හමු වි ඇති රුවන් හෙලා දකින්නන් වැඩි දෙනෙක් සිංහල වියතුන්, කවියන්... ඒකත් විශේෂයි...
ඇල්කොහොල් එකේ කවි කිහිපියක් කියවා තියෙනවා. ඒත් තාම පොත ගන්න බැරි උනා. ජය වේවා නිර්මාණි
Deleteමනුස්සයත් කවියක් වගේ තමා....ලගදි මුණ ගැහුණ දවසක තවත් කවි පොතක් කරන්න ආසාවෙන් හිටි බවත් දැන් නම් කවි පොතක් ගැන හිතන්න වෙලාවක් නැති බවත් තමා කිව්වෙ.....මේ ලගදි දාපුවයි මීවිතෙට නොගත්තු පරණ ඒවයි එකතු කලොත් තව පොත් දෙකතුනතකට විතර බඩු තියනව මම හිතන්නෙ.....
ReplyDeleteමාත් දැක්ක තුෂාරිකාගේ පොතටද කොහෙද ඇවිත් ඉන්නවා. ඔව් බූන්දියේ ගියපු හොද කවි ටිකක් තියෙනවා. ටිකක් කාලය අරගෙන හොද පොතක්ම එළිදකවපුවාවේ. මිනිහා කෝමත් ඔය වැඩි ප්‍රදර්ශන කාරයෙක් නෙමෙයි නේ
Deleteරුවන් බන්දුජීව ගේ කවි නම් කියවලාම නැහැ.හැබැයි "ඉන්දික ගුණවර්ධන,නාගොල්ලාගම ධර්මසිරි බෙනඩික්" කවි එහෙම නම් මේ ජංජාලේ දැකලා කියවලා තියෙනවා.
ReplyDeleteචිහ්. බං පුදුමයි ඇහුවමත්. උඹ ගාව කවි පොත් ඕන තරං තියෙන එකේ රුවන්ගේ පොතකුත් අරන් බලහං. නැත්නං බූන්දියේ තියෙනවා. ජය
Deleteතුන හතරක් කියන්නේ ඕන තරං ද බං.:D
Deleteවිහිලුවක්වත් දන්නෑ මෙයා දැන්.. හැක්
Deleteඅපි වගේ පල් හෑලි ලියන්නේ දෙයක් විස්තර කරන්න ගොඩක් වචන ඕනේ අය. ඒ අතින් රුවන්ලා ඉන්නේ අහස් තලයේ. ඇත්තටම කොහොමද මෙහෙම ලියන්නේ කියළා තමයි මටනම් හිතෙන්නේ. ඒ වගේ කාටවත් නොපෙනෙන දේවල් පෙනෙන මිනිසුන් තමයි මහා ප්‍රාඥ්ඥයෝ. පොඩි එවුන්ට ලෝකය ගැන කියළා දෙන්න මීට වඩා වැඩි යමක් ඕනෙද ? මේ පාර මේ පොත ගන්න ඕනේ. මම මහලොකු කවි රසිකයෙක් නෙවෙන නිසා අපි වගේ එවුන්ට මේවා වදිනවා.
ReplyDeleteමටත් තියෙන ප්‍රශ්නේ ඒක තමා කෝමද ඒ වගේ හිතන්නේ කියන එක. ඉතිං පොත ගත්තද බං?
Deleteමෑතකදී ආසාවෙන්ම කියවපු කවී පොතක්. මාත් දැකල නෑ හැබැයි එහෙමට කවුරුවත් රුවන් ගැන කතා කරනවා.. මීළඟ මිවිතත් පුරන්න ජය හා ශක්තිය! උඹේ විචාර ශෛලිය මරුනේ.. :))
ReplyDeleteඋඹල බුකියෙන් ගියාට මේ පැත්තේ පේන්නත් නෑනේ. හැක්. ස්තුතියි
Deleteඔය වගේ රූප පෙන්වන ටෙලිවිෂනයට පත්තරේට වගේ ලියන කෙනා මම. ඒත් මහාචාර්ය යෞවනයේ තේමා ගීතය ලියන්න යද්දි මට නමක් ඔළුවට එනවා රුවන් බන්දුජීව කියලා. ඔහු කවිවලින් බැහැරව ලියන මුල්ම ගීතය මෙයයි. සංගීතය හා ගායනය නවරත්න ගමගේ ඔහුට ගායනයෙන් සහාය වුණේ උදාරා කාරියප්පෙරුම.
ReplyDelete"ඔය වගේ රූප පෙන්වන ටෙලිවිෂනයට පත්තරේට වගේ ලියන කෙනා මම. ඒත් මහාචාර්ය යෞවනයේ තේමා ගීතය ලියන්න යද්දි මට නමක් ඔළුවට එනවා රුවන් බන්දුජීව කියලා. ඔහු කවිවලින් බැහැරව ලියන මුල්ම ගීතය මෙයයි. සංගීතය හා ගායනය නවරත්න ගමගේ ඔහුට ගායනයෙන් සහාය වුණේ උදාරා කාරියප්පෙරුම."
රුවන් මාර පොරක් බං. හොදි නැතුව වුනත් රොටි කන චින්තකයෙක්. මම උට හරි ආදරෙයි. මහාචාර්ය යෞවනය කියන ටීවී සීරිස් එකේ තේමා ගීත රචකයා මූ.ඒ ගැන භරති වීරසිංහ මෙහෙම කියනවා.මචං දේශා..... ඔය උඩ තියෙන්නේ භාරතීගේ විග්‍රහය.ඔය රුවනයාට එක් රුවනක් වී මේ පොලවේ ඉන්න දියන්. තුන් රුවනක් වුනොත් අපෙ හුකන්නලා වන්දනා කරන්න ගනියි. එහෙම වුනොත් මේ හුත්තත් අනිත් එවුන් වගේ අපිට ටෝක් දෙන අමුතු පකෙක් වෙයි. මූ හොඳ එකෙකුට වඩා, හොඳට හිතන එකෙක්.
Deleteරුවන් කියන්නේ හැම දේම දැක දැක පැත්තකට වෙලාම ඉන්න බුවෙක් වගේ මට පේන්නේ. හරියට ටිමා වගේ.
Deleteඔය මහාචාරය යෞවනය කියන එකේ ඉංගිරිසි හෙඩිම තියෙන්නේ Professional youth කියල..
ReplyDeleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .
වෙල්කම් අනුරුද්ධ. බොහොම ස්තුතියි බ්ලොග් එක කියෙව්වාට. ඔබ මේ වගේ කමෙන්ට් එකක් දාන කොට ඒකේ යටින් ඔබගේ බ්ලොග් එකේ ලින්ක් එක අනිවාර්යයෙන් දාන්න. ටික දවසක් යද්දි ඒ ලිනික් එකෙන් එන්න පුලුවන්. අනික දෙයක් කියෙව්වාම ඔයා මොකක් හරි ඊට අදාළ දෙයක් ලියල තියේනං ඒ පෝස්ට් එකේ ලින්ක් එකත් දාන්න. තව සින්ඩි ටිකකට දාන්න. මං එන්නං බ්ලොග් එක පැත්තේ.
Deleteතවුසෙ මේකෙ මොකුත් ලියන්නැද්ද?
ReplyDeleteනෑ.. ඇයි අවුල්ද තවුසෙට. හැක්
Deleteරුවන්ගේ කවි රත්තරන්ම තමයි. ඇත්තමයි, මාත් තවම දැක්කේ නැහැ රුවන්ව නිර්දය විදියට විචාරය කරන කෙනෙක්ව! හිටියත් මොකෝ? බල්ලෝ බිරුවට හඬ කඩා පාත් වෙන්නේ නැහැනේ! ස්තුතියි!
ReplyDeleteවෙල්කම් නිමල්. ඇත්ටටම මං බුකියේ තැනකයි තව කෙනෙකුගේ ඉන්ටර්විව් එකකදියි තමා ඔය රුවන්ගේ කවි කවි නෙවෙයියි කියන එක දැක්කේ. හුග දවසක් ලියන්න හිතා හිටියට රුවන් ගැන ලියන්න ඕන උනේ ඒක දැක්කට පස්සේ. ස්තුතියි
Deleteමං කවි කියවන්න ආසා උනාට අපේ බාල මාමගෙ කවි පොත් ඇරෙන්න, ඒවා පොත් විදියට කියවලා නෑ. ඒ වුනාට මේ කවි නම් ඇත්තටම සොයාගෙන බලන්න හිතුනා. ලින්ක් එකක් දෙන්න පුළුවන්ද දේශා, කොහේ හරි බ්ලොග් එකකටවත් ලියනවා නම්. මේ ඔයා දාලා තියෙන ටික හරිම ලස්සනයි. වචන කිහිපයකින් ලොකු කතාවක් කියනවා බොහොම ලස්සනට.
ReplyDeleteමියුරු. Boondi.lk අඩවියට ගොස් රුවන් බන්දුජීව කියා සර්ඩ් කරන්න. අයිටම් 36 ක් එනවා. ජය වේවා
Deleteස්තුතියි දේශා… ඔක්කොම කියෙව්වා… හරිම ලස්සනයි...
ReplyDeleteජය වේවා
Deleteපට්ට කවි ටික වගේ ම ඔහේ ගේ උපමාත් හැක් හැක් හැක්
ReplyDeleteස්තුතියි කලන
DeleteNodakin makatin pakaya.ruwanta nemei thota
Deleteඑළ
Deleteරුවන්
ReplyDelete++
DeleteRuwan bandujeewa kawiyata tiyenne wenakatawathma nathi thiyunu nethak.'ඇළ'kawiya kiyewwama vitharak eka therenawa neda?
ReplyDeleteගොඩක් අයට තියෙන්නෙ පරිසරය සබන්දධව ඒ තරං තියුණූ විදියට බලන්න බැරි කම. ඒ වගේ මං දන්න හොදටම පරිසරය වෙනස්ම ආකාරයට දකින්න පුලුවන් වෙච්චි කෙනා තමා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්.
DeleteI've found my answer here https://technoidhost.com
ReplyDeleteනියමයි බොලාගෙ වචන...බන්දුජීව කියන්නෙ ලංකාවෙ සිවිල් පොර කවි සෙට්ටෙකේ නැති නිදහස් පට්ට කවියෙක්.....අනික් උන් වගෙ පිට කසාගන්න සෙට්ටෙකේ එයා නෑ....මම බොක්කෙන්ම ආස පට්ට කවියෙක්...එයාගෙ මීවිතේ කවියක් 10 වසර සාහිත්‍යය පොතේ තියෙනවා........බතල වැල් කවිය......
ReplyDeleteස්තුතියි මනුස්ස කවියෙක් ගැන ලිව්වට බ්‍රෝ
ස්තුතියි. ඇත්තටම දැනං හිටියෙ නැ රුවන් ගේ කවියක් 1්0 පොතෙ තියන බව. දැං පොත ඩවුන්ලෝඩ් කරන් බලල ආවේ. මීවිතේ කවි වලින් ආසම නෑ කියන්න කවියක් නෑ. බතල කවියත් ඒ වගේ. හිතේ අදහසක් තියෙනවා ඒත් ඒක කියන්න වචන මදි
Delete