එකම ස්ටාට් එකක් හම්බ වෙලා දුවන්න ගත්ත ජීවිතේට දැං අවුරුදු 15 ක් විතර වෙනවා. ඒ කියන්නේ එකම ජොබ් එකකට අනුගත වෙලා දැං පහුවෙන්නේ මගේ 16 වෙනි අවුරුද්ද. ඊට කලින් එක එක ජාතියේ පොඩි පොඩි ජොබ් තුනක් විතර කෙටි කාලිනව කරල මේක හම්බ වෙච්චි ගමන් එදා ඉදලම ආයේ මොකක් වත් නෑ මේකෙම එල්ලිල ඉන්නේ, යන්තං නොමැරි.
හැමදෙයක්ම ගොඩනගාගන්න කලින් ලොකුවට හිත ඇතුලේ මාරම හීන ගොඩක් තිබුනා. පොඩ්ඩක් ආපස්ස හැරිල බලද්දි ඒ හීන වලින් මං ගොඩ වෙලා නැතිවා වගේම හීන දකින එකත් දැං නතර කරල දැම්මා. මොන තරං කරුමයක්ද කියල හිතෙනවා ජීවිතේ ගෙවන එක. පොඩි කාලේ මේ වගේ ජීවිතය ගැට ගහගෙන යන එක අපි හිතුවේ හරිම සිම්පල් දෙයක් කියලා. ටීනේජ්ර් කාලේ මොන ලෝකෙන් හරි කෙල්ලෙන් හොයාගෙන බැදල කරල, අර කව්රුත් කියනව වගේ කන්දක් මුදුනේ පොඩි ගෙයක් අටවගෙන ඒකෙම පොඩි කඩයකුත් දාගෙන කඩේ පිහිටෙන් ජීවත් වෙන්න පුළුවන් කියන ආසක්ත හීනයකුත් තිබුනා. හැබැයි කන්ද මුදුනේ තියෙන කඩේට අඩුගානේ යකෙක් වත් එනැනැතෙයි කියල ෆැන්ටසි හිතට නොතේරෙන්නේ බොළද කම නිසාද නැත්නං අත්දැකීම් නැති හින්දද, හරියට ඉගෙන ගෙන නැති හින්දද කියල නිච්චියටම කියන්න අමාරුයි.
ඒක පැත්තකින් තියමුකෝ. ඉස්කෝලේ වැඩ හමාර කරල තව ඔය තියෙන අධයාපන කටයුතු අවුරදු තුන හතරක් වෙන තැනකත් කොරල කියල, ඊට පස්සේ රස්සාවකට සෙට් උනාම අළුතින් බලාපොරොත්තු ලැබනා. අම්මට තාත්තට සලකන්න. හීනියට අඩියක් ගහන්න. තනි කොලේ හින්දා ඇති වෙනකං රට පුරා සවාරි යන්න. හැන්දාවට බොක්කවල් එක්ක සැට් වෙලා ෆන් එකක් ගන්න. මිත්තරයන්ගේ ගෙවල් වල රස්තිය ගහන්න. (ඒ අස්සේ මෙන්න මුණුපොතේ එකෙක් ස්පෑම් වෙච්චි කොමෙන්කටුවක් අදින විදිය අහනවා.) ඒත් හරිම කනගාටුයි කියන්න. අතට සල්ලි එන්න ගත්තම වෙනද නැති තරං අවශ්‍යතා, උවමනා ඇති වෙන්න ගත්තා. ජීවත් උන පරිසරයට. තවත් ටැබ් එකක් එකතු උනා. වැඩපොලේ සමාජය. ඔය විදියට සපුරගන්න කියල හිතපු එකම දෙයක්වත් හරියට කර ගන්න වෙන්නේ නෑ. හැමදෙයකින්ම පරාද වෙන්න තමා උනේ. එහෙම කියන එකත් හරි නෑ. එක්කෝ අපි ජීවත් වෙන්න දන්නේ නෑ, නැත්නං අපිට ජීවත් වෙන්න උවමනාවක් නෑ.
ටික කාලයක් යද්දි ඔන්න උවමනා උනා කසාදේ නැමැති කටු ඉඹුලට බඩගාන්න ආසාවක්. ඒකත් දෙයියනේ කියල ලස්ස ගානක් වියදං කරල උර චක්‍රමාලයක් වගේ එකක්ම දාගත්තා. ටික දවසක් යන කොට අච්චාරුවක් උනා. හැබෑට මොකක්ද උනේ කියල හිතාගන්න බෑනේ. මං කසාද බදින කොට දැනගෙන හිටියේ නෑ මං හිතන්නේ කසාදේ කියන්නේ මේකයි කියල. මට ඕන උනා කසාද බැන්දට පස්සෙත් තනි අශ්වයෙක් වගේ දුවන්න. හැමදේම තනි පංගලමේ කරන කොට දේශිකාව අමතක වෙනවා සමහර වෙලාවට ගියපු තැං වලින් ආපහු ගැලවිල එන්නේ පහුවෙන්ද පාන්දර. එක පාරක් නොනගතේ වෙලාවේ මේ අපේ යකෙක් ගේ ගෙදර ගිහිල්ල මහ රෑ එන්න විදියක් නැතිව, දෙයියනේ කියල අවුරුද්ද ඉවර උනාම ගෙදර ආවා. එදා නං ඉතිං අවුරුද්දක් නෙමෙයි ගෙදර එකම මරණයක්. වටෙන්ම බැනුං. මොකක් හින්දද වගකීම් විරහිත ක්‍රියාකලාපය හින්දා. ඔය මොන තරං බැනුං ඇහුවත් ඒවා අඩු උනේ නෑ නෙව.
ලැජ්ජා නැතිව ආයේ කරනවා. ටවුමට ටිකකට යනවයි කියපු මිනිහා පැය තුන හතරක් ගිහිල්ලත් නැති කොට ඔන්න මහ රෑ ජාමේට ගෙදරට කෝල් කරල කියනවා “දේශිකා, මම දැං පිළිමතලාවේ ඉන්නේ..හෙට එනවා“ කියල. ඔය වචන දෙක තුන කියපු ගමන් කෝල් එක කට් කරල ගියාම කතන්රදයක් නෑනේ. හැබැයි ගෙදර ගියාමු ගුටි පුජාවයි (?????). හැක් හැක්. මොන විදියෙන්වත් සාවදානව කරුණු කාරණා ඇහුන්කන් දෙන්නේ නැත්තේ ගෙදර උන්දැ කියන ඒවට විතරයි. වෙන මොකෙක් හරි දෙයක් කිව්වොත් “ ඇයි බං යාපනේද යන්න ඕන“ කියල ඒ සැනින්ම යාපනේ උනත් යාවි. මේක මං හිතන්නේ පොදු දුර්වලතාවයක්. පිරිමියෙක් කවදාවත් තමන්ගේ වගකීම් සහතිකේ ගැන හරියට කියන්න දන්නේ නෑ. හුගක් පිරිමි කොයි තරං කයි ගැහුවත්, වැඩ කප්පරක් කරත්, අන්තිමට කරල තියෙන්නේ ගැහැණියගේ ෂෙඩුල් වලට. ඒවා වැරදිය කියනවා නෙමෙයි. මොන විදියෙන් හරි පිරිමියා හරි ට්‍රැක් එකට ගන්න නං ගෑනියෙක්ට මිනිහෙක්ව ආම්බාං කරන පස්ට අමාරු සීන් කෝන් එකක්. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා නෙව. මොන දහිරිය දැම්මත් මගේ කොළු කාලේ කරපු වගකීම් විරහිත ක්‍රියාකලාපය තාමත් අඩුවෙන් හරි තියෙනවා. ඒත් හැදෙන්න බෑ. මොන තරං නං අමාරුවේ වැටිච්චි අවස්තා (ආ.. නලින්) තියෙනවද ඒ මොන මොහොතෙත් මට හිතිච්චි දේ තමයි වගකීමෙන් වැඩ කරානං මේ දේ නොවෙනවයි කියන එක. හැබෑටම ඒක නෙමෙයි අනේ.. “ගෑණි කිව්ව දේ ඇහැව්වන ඉවරයි“ නේ කියන එක. කොහේද ඒක කියන්න තරං පිරිමියෙක් වෙලත් කොන්දක් නැති කොට කුමන කතාද??
මුදල් භාවිතයත් එහෙමම තමා. ආණ්ඩුවෙන් දෙන හින්දා ගන්නවා. වැඩිත් එක්කම ආයේ ආණ්ඩුවටම ගෙවනවා. නැත්නං හරි නෑනේ. අපි ඔය කව්රු ඇඩුවත් විප්ලව කරන්නෙවත්, උපවාස කරන්නෙවත්, පෙළපාලි යන්නෙවත්, විරෝධතා ව්‍යාපාර කරන්නේවත් නෑ නෙව.. ගාන වැඩි කළාය කියල. ඔන්න ඔහේ සල්ලි දීලා කට වහගෙන අරන් එනවා. නියම සීන් එක කියන්නේ හැමදේම ගානට මිම්මට කරන්න දන්නැති එක ඒකටත් බලපානවා. ධනපාල පර්ස් එකේ ඉන්නකං පොර සේ ඉන්නවා. නැති දවසට වැටෙනවා. ඔව් දනින් වැටෙන වෙලාවලුත් තියෙනවා. මේකත් ඒ වගේ වෙලාවක්.. හැක්..
ඔය අපේ මහලොකු සල්ලි කාරය කියන්නේ “ළමයෝ වියදං කොරල කොරල ඉතිරි වෙන පිච්චිය පොතේ දාන එක නෙමෙයි කොරන්න ඕන.. ඔහේට ඕන ගාන ඉතුරු කරල අන්න ඊට පස්සේ ඕන මගුලකට වියදං කරගන්නව හොදයි“ කියල නේ. කව්ද මේ පොර.. මම කිව්වේ වොරන් බෆට් සීයා ගැන. එයා කියන ඒවා අපි අහනවනං ඉතිං අපිත් වොරන් පැටවු වෙන්න එපායැ. මොන දේශන තිබ්බත්... ලෝකේ පුරාම මොන තරං දේශන තියෙනවද?? සල්ලි ඉතුරු කරන්න,. සල්ලි හම්බ කරන්න,. සල්ලි ආකර්ශනය කරගන්න, කෝටිපතියෙක් වෙන්න කියල දෙන. ඒත් අන්තිමට ඒ උගන්නන ඒකා අපේ පොකට් එකට ම ඇනල ඌ සල්ලි කාරයෙක් වෙන එක විතරයි වෙන්නේ. අර පෙන්සුයි කෑදරයා ආසිරියා ඒ යකත් එහෙම නේ. දුප්පති මිනිහගේ පර්ස් එකට ඇනල මිනිහා කෝටිපතියෙක් වෙන එක විතරනේ උගේ පෙන්සුයි ලබ්බේ තියෙන්නේ. ඒ පෙන්සුයි එක මං හිතන්නේ ලංකාවෙන්ම හරිගියේ ඔය ආසිරියට විතරද කොහේද. අනිත් උන් සේරම මස්තබාල්දු වෙලා ගියා. අහන්නත් දෙයක්යැ. ඌ පෙන්සුයි කරන්නේ මිනිස්සුන්ට නෙමෙයි නේ. ඒ යකාටම නේ..
දැං මොකක්ද ඇත්තට කියන්නේ.. මේක කතාවක්ද,. පශ්චත්තාපයක්ද, වෙන මොකක් හරිද???? මොකක් උනත් කමක් නෑ. මගේ ඔළුවට හෙන හත වැදිල ඉන්න වෙලාවේ, පොඩි හරි සහනයක් ලැබුනා මේක හින්දා. ඒක නිසා මොක නැති උනත් ඕං හිතේ සතුට ටිකක් අරගෙන මම ගියා. ඔහේලටත් ටිකක් ලැබුනද,, නැත්ද මන්ද..