Saturday, June 8, 2013

සිරිපා වන්දනාව අංක 2

බලපු නැති අයට සිරිපා වන්දනාව අංක 1 

තීරණය ගත්ත විදියට බදුල්ල තැපැල් දුම්රියේ නැගල, හිගන්නො ටික වගේ ටික වෙලාවක් එකාට එකා මුණ බලගෙන ඔන්න අපි යන්න පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට ඉස්සෙල්ලම මුණු මුණු ගාලා එකා එකා හෙමීට කතා කරන්න ගත්තා. හෙමින් සැරේ එකා දෙන්නා ඒ කතාවට එකතු උනාම දුක යටකරගෙන පොඩි හිනාවක් හෙම කට්ටියට ආවා. ඒත් සැන්ඩට ලොකු දුකක් තියෙනවා.

“බලහං බං අර කැ** ටික අපේ බෝතල් ටික දුන්නේ නෑ නේ බං. උං ඒකට දැං හිනා වෙවි වැඩේ දෙනවා ඇති“

“ඉතිං බං උඹට තිබ්බ නේ ඒ ටික ඉල්ලගන්න. මට නං ඒක මතකම නැතිව තිබ්බේ“ ලසා කිව්වා.

“යකෝ ඒක ඉල්ලන්න ගියානං උං අපිව අද එවන්නේ නෑ. ඒ තරං ගස් බල්ලෝ උං“

එහෙම කිව්වම සෙට් එකටම හෙන හිනාවක් ගියා. ආයේ ඔන්න සාමාන්‍ය තත්වෙට ඇවිල්ලා. ඒ වතාවේ කොම්බුවා පැන්නා මැද්දට.

“හික් හික් ඒයි දේශා.. උඹ නිකං පොඩි එකෙක් වගේ නේ ඇඩුවේ. උඹට මොකක්ද උනේ බං“

අනාතයි. මුං අහන ඒවට උත්තර දෙන්න තරං මගේ ඔළුව නිදහස් වෙලා තිබුනේ නෑ. මුං දැං මට වටවෙලා මඩ තල්ලි එවනවා.

“පලයල්ල යන්න කරදර නොකර. එහෙනං ට්‍රම්පටයා ඌත් ඇඩුවේ. දසයෝ“

“හැක් හැක්.. ඒ උනාට උඹ නේ පොඩි එකා වගේ අඩන්න ගත්තේ.. අපේ කැඩේට් සර් කාරයා හිටියනං තෝව එතනම කෝඩ්රෝල් ගස්සනවා.. හැක් හැකැ“

මේ වෙලාවේ ටොට්ටා හෙන දුකෙන් කතාව පටන් ගත්තා.

“බලහං බං මං හිතුවේ අරුන් බෑග් ටික චෙක් කරාවි කියලා . එහෙම උනානං මගේ රම්බෝ පිහිය මාට්ටු වෙන හින්දා මම හෙමින් සැරේ ඒක කෝච්චියෙන් එළියට දැම්මා. අපරාදේ ඕයි රු. 150 ක් උනා ඒක“

“ඉතිං උඹ මොකටද ඒක ගෙනාවේ.. අපිට අනින්නද.. හැක්“

“නෑ යකෝ දන්නෑ නේ ඕන උනොත් කියල හිතල ගෙනාවේ“ 

කොහොමත් ටොට්ටා ඔය මොනා හරි කපන්න පිහියක් අරන් ට්‍රිප් යන එක පුරුද්දක් විදියට කරන දෙයක්, නැතිව කාටවත් බස්සන්න ගේනවා නෙමෙයි.

ඔය විදියට කස්ටිය හෙමින් සීරුවේ සාමාන්‍ය තත්වෙට පත් උනාටබඩ ගින්න දැනෙනවා රෑ වෙන කොට. අපිට කන්න කියල මෙලෝ හසරක් නෑ. ඒත් සමහර උන් ගෙදරින් හදන් ආපු වැලිතලප, දෝසි, ටිකක් තිබ්බ විත්තිය මතක් වෙලා ඒ ටික අරගෙන එක පොදියට කාලා යන්තං රෑ ගින්න නිවාගත්තා. ඒත් හිතේ ගින්දර නිවාගන්න නං ඕන වෙන ගල් ටිකක් නං බේතකට ගන්නවත් විදියක් නැති තරං අපි හන්ටර් වෙලා හිටියේ. ඒක නිසා කොච්චර උවමනාව තිබ්බත් එකෙක්වත් ඒ ගැන කට හෙල්ලුවේ නෑ. ස්ටේසමක නැවැත්තුවම සෙට් එකම දුවල ගිහිල්ල ඔය වතුර ටිකක් කරාමෙන්ම කට අල්ලල බීල දුවල ඇවිත් ආයේ කෝච්චියට නගිනවා. වතුර බලෙන් කොල්ලෝ ටික ගමන යනවා.

උදේ වෙද්දි නිදිමත ඇරගත්තු හාදයෝ ටික එළීය වැටෙන කොට ආයේ පරණ පුරුදු කොළු රැල වගේම, කොලු වැඩ කරන්න හැදි පැහැදී හිටියා. සමහර උන් ඇඩ්ඩරස් ලියනවා කොළ කෑලි වල. අනෙත් අය ඇස් කරකවගෙන සෙවල හලන්න කෑලි හොයනවා. ඔය අතරේ මොකක් හරි හේතුවකට කෝචිචිය වටවල ස්ටේසමේ හුගක් වෙලා තියාගෙන හිටියා. හැම එකාම වගේ ස්ටේසමට බැහැල බලන් හිටියම තමා දන්නේ තවත් කෝච්චියක් එනකං නවත්තං ඉන්නේ කියල. කියන්න අමතක උනා අපේ ඔය සැන්ඩයි, කොම්බුවයි, ලොකු කුමාරයයි (උගේ නම සුරේශ් කුමාර. උගේ මල්ලිත් කුමාර හින්දා ඌට කියන්නේ එහෙමයි) ඒ ලෙවල් කරන උන්. අපිට වැඩිය වැඩිමල්. මුන් තුන්දෙනා හුගක් වෙලාවට එකටමයි ඉන්නේ. එහෙම ඉන්නකොට ඇස් අහකට ගන්න බැරි ඇස් දෙකක් ටිකට් කවුන්ටරේ ගාව ඉන්නව දැක්කම, ලොකු කුමාරයා පෙරේතයා වගේ ඒ පැත්තෙම නටන්න ගත්තා. ටික වෙලාවකින් ඌ හරියටම ඇස් දෙක අදුරගෙන තිබුනා. “යකෝ ගොනෙක්.. මොකද කරන්නේ.. මට නං මීටර් වැඩ කරනවා“

“අනේ පිස්සුද බං ඕවා කරන්න වෙලාවක් නෑ“ අරුන් දෙන්න කියලා. 

ඒත් ලොකු කුමාරය වැඩේ අතෑරලා නෑ. 

හෙමින්ම ඒකිට ටෝක් එක දාලා. දැං මූ බුදු ෆිට් එකේ ඒකිත් එක්ක කතා කර කර ඉන්න විත්තිය අපි දැක්කා. මම නං ඒ වෙනකං හරියට වැඩේ දැනගෙන නොහිටියට මූට කෑල්ලක් සෙට් වෙලයි කියල හොද හැටියෙන්ම හිතාගෙන හිටියා. කොහොම හරි අර තුන් කට්ටුව වැඩිපුර අර කෑල්ලත් එක්ක කතා වෙන විත්තිය පොඩි ඈයෝ හැටියට අපි දැක්කා ඒත් මඩ ප්‍රහාර සදහා ඔක්කෝම සුදානං කරං හිටියේ කෝචිචිය අද්දනකං. නළාව පිම්බම අපි දුවල ගිහිල්ල කෝච්චියට එල්ලුනා. අපි හරි බරි ගැහෙන කොට මෙන්න බොලේ අරුන් තුන්දෙනා අර කෑල්ලත් අරන් කෝච්චියට නැගල. ලොකු කුමාරය නං ඒකිගේ අතිනුත් අල්ලගෙන. මලා ජෝන්. අපිට මේක දැකල හෙන ඌරු ජුවල්. එහෙම කිව්වොත් වැරදියි. ඉරිසියයි. මූ කෙල්ලෙක් සෙට් කරගෙන ඒක අරගෙනත් ඇවිල්ල. අපිට තමා එහෙම එකක් වත් බැරි කියලා.

ලොකු කුමාරය අපි ගාවට ආවා. ඇවිල්ල කතාව පටන් ගත්තා.

“මචංලා.. ඔන්න අපිට හරි යන එකක් සෙට් උනා හරිය. බොලා මෙතන බයිල ගහන්න ලෑස්ති වෙන්න එපා. මමයිසැන්ඩයි, කොම්බුවයි ඒකි ගැන බලාගන්නං. තොපිටත් ආතල් එකක් ඕන නං කියාපිය. හැබැයි අපි මේකිව සිරිපාදෙත් නංගනවා හරිය.“

“ඒයි බං එතකොට ඔය ගොනෙක්ද??‘ එකෙක් අහනවා

“ඔව් නැතිව ඉතිං සුකිරි කෙල්ලෝ එනවයි අපිත් එක්ක යන්න“ ලොකු කුමාරය කියනවා.

“යකෝ එතකොට ගොනාට සල්ලි දෙන්නේ කව්ද.. තොපි අපෙන් සල්ලි ඉල්ලන්න එපා.. හරිය. අමාරුවෙන් හිගාකාලා හොයාගත්ත සල්ලි ටික“

“හරි හරි උඹලගෙන් සල්ලි ඉල්ලුවේ නෑනේ.. අපි ඒක බලාගන්නං“

කොහොම උනත් අපිට දැං වැඩේ ඇලජික් වේගෙන එන්නේ. කොල්ලෝ ගොඩක් අස්සට එක කෙල්ලෙක්. අනික අපිට ඕවට මුහු වෙන්නත් හරියට බෑ. අරුන්ට පුළුවන්. උන් ඉතිං ලෝකේ කාලා වමාරල ඉන්න ඈයෝ හින්දා. මේකෙන් වැඩියෙන්ම අවුල් උනේ මඩයා. ඌ හෙන අහිංසකයා. මිනිහට හිතාගන්නවත් බෑ මේ වගේ සීන්එකක්. ඔය විදියට කස්ටිය හැටන් වලින් බහින්න ලක ලැහැස්ති වෙනවා. ඒත් අපි හොදට මීටරේ දාගෙන ඉන්නේ. තාම ලොකු කුමාරය තමා කෑල්ල හුරතල් කරන්නේ. අපරාදේ කියන්න වරදක් නෑ.. ටිකක් කළු උනත් කෑල්ලක්ම තමා කියල කියන්න පුළුවන්. කොණ්ඩේ බෙල්ල ගාවටකොටට කපලා අළු පාටම ස්කර්ට් එකයි බ්ලවුස් එකයි ඇදල හිටියේ. අතේ තිබුනේ පර්ස් එක විතරයි. ඒකත් මං හිතන්නේ අල්ලගෙන ඉන්න බැරි හින්දා අර යකෙක් අරගන්න ඇති සාක්කුවේ දාගෙන තියාගන්නං කියලා.

අපි කට්ටියම හැටන් වලින් බැස්සා. ටිකට් පරික්ෂා කරාට පස්සේ එළියට ඇවිල්ල එතනම වම් පැත්තේ තියෙන ස්ටේසමේම හදපු හම්පඩ විශ්‍රාම ශාලාවට ගිහිල්ල බෑග් ටික තියල දත් බුරුසු අරන් එක එකා මුණ හෝදන්න ගත්තා. ඒ අතරේ සැන්ඩා අරකිට සෙට් වෙලා. ඒකි බිම වාඩි වෙලා කකුල් දිග ඇරන් ඉන්නොකට ඒකියේ උකුල උඩ ඔළුව තියාගෙන මේකා ඒකිත් එක්ක චැට් එක දානවා. මිරිකනවා. එක මගුලයි. මේවා බලං ඉන්න අපෙත් මල්ලිල නටනවා හැබෑටම.

යන්තං ෂේප් වෙන විදියට තෝසේ ටිකක් ගෙනැල්ලා එතනම තියාගෙන කාලා, හැරෙද්දි උදේ දහයවත් වෙන්න ඇති. ඒ වෙනකොට අපි හැම එකාටම වගේ දුමක් අදින්න උවමනායි. ඒත් භාණ්ඩාගාරක ගිනි පොලියා මොන විදියෙන්වත් ඒකට මුදල් අනුමත කරේ නෑ. ඇයි ඌ දුම දාන්නෙත් නෑ නොවැ. ඔය විදියට ඉවසගෙන හිටියට කොම්බුව නං මට පැත්තකට අඩගහල බස් එකක් අයිනට ගිහිල්ල මාට්ටු නොවෙන්න බොමු කියල, එක දුමක් දෙන්න එක්ක ඇදල ආවා. කොම්බුව ඒ වෙලාවේ කියනව “මචෝ අපි ටිකක් හවස් වෙන්න ගිහිල්ල රෑට නගිමු සිරිපාදේ“ කියලා. ඔව් කියන්න දෙයක් නෑ මුන්ගේ ප්ලෑන් මට හොදට තේරෙනවා. මටත් මොකෝ කියල මාත් ඒකට කැමති වෙලා අනිත් උන් ටික ෂේප් කරගත්තා. සෙට් එකම අර නිකං දිපු ශාලාවේ ඇලට් දානවා, ඇවිදිනවා. දෙකේ බස් එකේ නල්ලතන්නි යන්න කියල හිතාගෙන. දවල්ටත් අනුමත කරපු ගානෙන් තෝසෙම කාලා බඩ ගින්න නිවාගත්තට, ගිනි පොලියා කියනව රෑට කන්න සල්ලි දෙන්නේ නෑ කියලා. අපි ඌත් එක්ක හෙන වලියයි එතනම ශාලාවේ ඉදගෙන. කොහොම හරි ඒ වෙලාවේ කොම්බුවා බාර ගත්ත රෑට කෑම මොනා හරි කරන්නං කියලා. ඌ මොනා කරයිද නැත්නං ඌ තනියම කෑම එක කාවිද කියල මොකාවත් දන්නේ නෑ.. 

අපි හැටන් වලින් නල්ලතන්නි යන්න සීටිබි බස් එකට නැග්ගා. හැබැයි දෙකේ බස් එක නෙමෙයි හතරේ බස් එක.. හැක්..

ඉතිරි කොටස ඉදිරියට

22 comments:

  1. තොපි මහා ජරා කොල්ලෝ ටිකක් බන්...:D ... දැන් එතකොට අර එකතු කරපු සල්ලි වලින් බොන්න බෝතලයක් ගත්තේ නැද්ද...බඩුවක් හොයාගෙන ඔක්කොටම කලින් ...

    ReplyDelete
    Replies
    1. අනේ බං ඉතිං මොනා කරන්නද ජරා කොල්ලොත් එක්ක යන කොට නිකම්ම එහෙම වෙනවා.. එනකම්ම බිව්වේ නෑ සහතිකයි..

      Delete
  2. අපෝ මුන් වගේ නැහැදිච්ච උන් ටිකක්...
    මුන් කොල්ලෝ නෙමේ බාල අපරධකාරයෝ වගයක්නේ...

    ජඩ දේශාටාන ...මරු ලේබල් එක...:P

    ReplyDelete
    Replies
    1. ලේබල් එක හොදයිද// එළ.. කොල්ලෝ තමා බං ඔය වැඩ කරන්නේ. නැත්ද මං අහන්නේ. ඕව කරන්නේ ආසාවටයි, ලොකු උන්ය කියල පෙන්නන්නයි නෙව..

      Delete
  3. හයියෝ. අතීත මතක වල අපිව බෙල්ලෙන් අල්ලලා ඔබනවා උඹ.

    ඈ බං, උඹ දවසකට පෝස්ට් කීයක් දානවද හරියට අර අලුත් කුමාරිහාමි වගේ.

    ReplyDelete
    Replies
    1. ඈ බං මේක බලෙන් කියවීමක් වගේ වෙනවද.. එහෙනං ඉතිං ආයේ පාරක් හිතන්න වෙනවා.. මට

      දවසට දෙකක් දාන්න පුළුවන් ඒත් උත්තර දෙන්න නේ බං බැරි. අද දාපු එකට වග කියන්න ඕන සෙන්නා. ඌ මාව ගෙම්බෙක් වගේ උස්සල පොළවේ ගහනව කිව් එකට බයේ තමා මේක දැම්මේ.. හැක්..

      Delete
    2. උබට තාමත් වෙරි වාගේ ...
      යකෝ සෙන්න කියලා තිබුනේ කමන්ට් වලට රිප්ලයි කලේ නැත්නම් ගහනවා කියලයිනේ...

      Delete
    3. උඔට වෙන වැඩක් ඇත්තෙම නැද්ද? දවසට පෝසට් දෙකක් දාන්නෙ? :)

      Delete
    4. @ මනෝජ්
      ඇත්ත සෙන්න කිව්වේ උත්තර දෙන්න කියල තමා බං. ඒ උනාට උත්තර දීල අහවර වෙලා අත කස කස ඉන්න මට බෑ. ඒක නිසා පෝස්ට්කටුවක් දාන්න කිට්ටුව තමා උත්තර දෙන්නේ.. හරිය

      Delete
    5. @ එදිරි
      මොකක්ද බං එකයි දැම්මේ දවස් දෙකට නං දෙකයි. හැක්

      Delete
  4. පජාතයි, පජාතයි.. උඹ මේ වගේ අවලමෙක් කියලා දන්නවනම් මම බොගෙ බ්ලොග් එක කියවන්නෙත් නෑ..චිහ් චිහ්... :D :D

    තොපි සිරිපාදෙ කිහින් කන්දක් උසට පවු පුරවගෙන වගේ...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ගණන් ගන්න එපා බං ඇත්ත කියන්න බය වෙන්න ඕනිද?? නෑනේ. වරෙං වරෙං ඉතුරු කොටසත් බලන්න ඒකේ තියෙනවා කෙම් ක්‍රම එහෙම. හැක්..

      Delete
  5. චික් විතරක්... වෙන ගමනක් මේ විදිහට ගියා නම් හිත හදාගන්න තිබුනා.. මුං සිරිපාදේ ගිහින් තියෙන්නෙ කරන්න තියන සේරම ජරා වැඩ කර කරනේ..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඒකනේ මේක ජඩ දේශාටාන වෙන්නේ.. කියෙව්ව කියල මක්කවත් වෙන එකක්යැ නදිනියෝ.. හැක්..

      Delete
  6. අඩේ සිරීපාදෙ නගින්නෙ තව ඉස්සරහට එහෙනං

    ඔය සැට් එක ඉස්කෝලෙ බෑන්ඩ් ගහපු සැට් එකක්ද...මොකද මමත් ට්‍රම්පට් තමා ඒ දවස් වල ගැහුවෙ...

    මේ කියන දවස් වල දේශිකා මුලිච්චි වෙලා තියෙන්න නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. එහෙනං තව ඉස්සරහට තමා බං. හැක්...

      අපොයි ඔව්.. කොම්බුවා කියන්නේ ලංකා බෙර සංගමයේ කොම්බුව ගෙනියන එකා. ට්‍රම්පටා කියන්නෙත් උඹ වගේම එකෙක් තමා. හෝව් හෝව් උඹ වගේ ට්‍රම්පට් ගහපු එක විතරයි මම කිවවේත

      දේශිකා.. මට මතක නෑ බං..(ඒ දවස් වල ඇහුවොත් දෙන උත්තරේ මම කීවේ) හැක්

      Delete
  7. අඩේ අපිත් අන්තිම පාර මහ පජාත සිරීපාද ගමණක් ගියා. නුවරඑළිය හරහා සිරීපාදෙ. එදානං අපේ බෝතලේ ගත්තට චෙක් පොයින්ට් එකෙන් නල්ලතන්නියට ගියාට පස්සෙ නාන්න බෝතල් හම්බඋනා. දෙකක්ම නොමිලේ.

    ඒ වගේම තමයි කලින් දවසෙ රෑ නුවරඑළියෙදි ගොං බඩු හොයන්න ගිය උංට ඒ බඩුත් නෑ බොන බඩුත් නැතිවෙන්න කාමරේ හිටිය අපි තුන්දෙනෙක් වැඩේ ඉවර කෙරුව.

    ReplyDelete
    Replies
    1. ඔහොම තමා ප්‍රසා. යන ඈයොන්ගේ හැටියට තමා අපිට සෙට් වෙන්න සිද්ද වෙන්නේ.. බොට ඉතිං කිව්වට වැඩක් තියේයැ ඕවා ලියන එකක්යැ..

      Delete
  8. අංක එක දාලා උත්තර නැතුව මං බලං ඉන්නවා මෙන්න වෙන එක්ක් එයිට මැද්දේ මේක දාලා. දේශකයා එදා අවුරුදු උත්සවයට ඇවිත් තියනවා නේ. අලුත් පෝස්ට් එකෙන් එක් පේනවා. ප්‍රසා ගැන දාපු ජංතුර වලින්

    ReplyDelete
    Replies
    1. හැක්. උත්තර දුන්නා.. මං ඔය නඩුවට උත්තර බැන්ද නිසා දැං අවුලක් නෑ නේ..

      Delete
  9. හා අපායෙ පොතේ ලියගත්තා. දැනට දිමිගො‍ටු අමුඩයක් අන්දලා ක‍ටු ඉඹුලේ යැවුවාම ඇති ...ඉතිරි ටිකත් කියමුකො

    ReplyDelete
    Replies
    1. අයියෝ ලියාගත්තද? ඊළග එක දැම්මම කපන්න වෙයිද මන්දා.. මං කිව්වේ නම

      Delete