“වයස කියන්න“
ඔය ප්‍රශ්නේ අහපු ගමන් හැමෝම ඇඹරෙනවා බෝම ටික දෙනෙක් ඇර. මම ඊයේ ගියා උපවාසාත්මක ලේ සාම්පල් පරීක්ෂාවකට. ඔහේල දන්නෙ තැනිවට මට හොදටෝම කොලෙස්ටරෝල්. දැං මාස හයකට උඩදි ඔය තත්වය මතු වෙලා මං බෝම බය වෙලා ගිඩිස් ගාලා බේත් ගන්න ගියා. ඒ බ්ලඩ් රිපෝට් බලපු පාදෙනිය මහත්තයා.. සොරි දොස්තර මහත්තයා කිව්වේ බුඩාම්මේ හොදටම වැඩියි. දැං ඉතිං ඔය අනං මනං විකාර නතර කරල හැදෙන්න බලන්නය කියලයි .එහෙම කියල welcome atorvastatin කියල බේතක් දුන්නා මිලිග්‍රෑම් 20 එකක් රාත්තිරියට කෑමෙන් පස්සේ පානය කරන්න. ඔය වෙල්කම් කෑල්ල මං දැම්ම එකක් මිසක්කා බේතේ ගහල තියෙන්නේ Atorvastatin කියල විතරයි. ඉතිං බේත් ටික දීලා ඉවර වෙලා මෙන්න මේ උපදෙස් ටික දුන්නා.
කෑම පාලනය කරන්න.
තෙල් ආහාර, මස් අනුභවය වහාම නවත්නන්න.
පොල්කිරි ඉතා අඩුවෙන් ආහාර සකසන්න.
පොල්කිරි බ්ලෙන්ඩ් නොකරන්න. (Blender භාවිත නොකරන්න)
ආහාර ගැනීමෙන් අනතුරුව තරමක රස්නය ඇති ජලය පානය කරන්න.
දිනකට විනාඩි තිහක් ඇවීදීමේ ව්‍යායාමයේ නිරත වීම
ඔය කිව්වත් වගේ දොස්තර මහත්තයට පිංසිද්ධ වෙන්න මුල් මාසේ විතර ඒ කිව්ව විදියටම කෙරුනා බයටම. දෙවැනි මාසේ වගේ වෙද්දී ව්‍යායාමයට ඇවිදින එක දවසක් ඇර දවසක් වගේ වෙන්න ගත්තා. දැං කොලෙස්ටරෝල් ටිකක් බැහැල ඇති ඒක නිසා ඔච්චරටම මහන්සි වෙන්න ඕන නෑ වගේ හිත සනහනගත්තා. තවත් ටික දවසක් යනකොට ගෙදරින් හදන කෑම එකෙත් වෙනස් කම් වෙන්න ගත්තා. ආහ්. අමතක උනා කියන්න. ඔය දවස් වල සෙට් වෙච්චි වෙඩින් වලටවත්, දානෙ ගෙවල් අර ගෙවල් මේ ගෙවල් වලදීවත් තෙල්දාපු කැමක් කන්න උත්සාහ කරේ නෑ. ඒ මදිවට මං ලෙඩා බව දැනගෙන යන යන පාටි වල තෙල් නොදාපු කඩල, එළවලු තම්බල හෙමත් මට අනුකම්පාවෙන් හදල තියන්න යාලුවෝ වගබලාගෙන තිබුනා. දැන් මාස දෙකක විතර ඉදල කිසිම රහක් නෑනේ.. අර දොස්තර මහත්තයා දීපු අවවාද, අනුශාසනා තඹේකට මායිම් නොකරපු මං පරණ පුරුදු ජීවිතයටම බැස්සා. තෙල් දාපු මස් ගාත, බටර් චීස්, කොත්තු, රයිස්, පිට්සා අරව මේවා හැමදේම කැවා. ව්‍යායාම.. පිස්සුවක් ඇතෑ. ඒකත් නවත්තලම දැම්මා.
ඉතිං දැං මට හොදයිද?
කියන්න කනගාටුයි සහෝදරවරුනි... ඊයේ කරපු පරික්ෂණයෙන් ඔප්පු උනා මං තාමත් ලෙඩෙක් කියලා. මුලින් වතාවට වඩා ටිකක් හොද උනාට, ගිලෙන්න ඉන්න මිනිහට පිඳුරු ගහෙන් ඇති සෙතක් ඇතෑ. ඉතිං මං ආයි මාස දෙකක්වත් දොස්තර මහත්තයා කියපු දේවල් මෙනෙහි කරමින් ඒ ටික කරන්න යන ගමන්.
දැං මං පටන් ගත්තේ ලැබ් එකට ගියපු තැනින් නෙව. එතනට මං ඉද්දීද්දිම ආවා මටත් වඩා වයස තරුණයෙක්.
“සර්. ෆාස්ටින් හිටියද?“
“ඔව්. පැය දොළහක්.“
“සර්. කීයටද අන්තිමට කෑම කැවේ“
“ඊයේ රාත්තිරි 7.45 ට“
“ඊට පස්සේ තේ එකක් වත් බිව්වේ නෑනේ“
“නෑ“
“සර්ගේ නම“
“චාමර“
“වයස“
ඔන්න ඔතනදි තමා මගෙත් ඇස් උඩ ගියේ. මේ හාදයා ටිකක් තටමල පොඩ්ඩක් පරක්කු කරල ඒක කියන්න කාලය ගන්න කොට මං මිනිහා දිහා බැලුවා. ඇයි දෙයියනේ නිළියෙක් මාධ්‍ය සාකච්ඡාවකට ගියා වගේ නේ.. උත්තරය නෑ. කෝම හරි බෝම අමාරුවෙන් මිනිහා කිව්වා “විසි නමයයි“ කියලා. ඒ කිව්ව ගමන් එයාගේ වයිෆ් වෙන්න ඕන පැනපු ගමන් කියපි “නෑ නෑ විසි අටයි“ කියලා. මිනිහත් ලැජ්ජාවට පත් වෙලා ආයි කියනවා “ඔව් විසි අටයි“ කියලා. මේ අලකංචියට මැදි උනා ඩර්ඩන්ස් ලැබ් එකේ නංගි කියනවා “වැරදුනා නේද.. හ හ හ“. ගහන්ඩ තිබ්බේ මූණ දෙක වෙන්න ඔහොමත් ලැජ්ජාවට පත් කරනවද තමන්නේගේ කස්ටමර්ලා.. නේද?
ඉතිං ඕගොල්ලෝ හිතනවා ඇති මං වගේ අවංක කෙනෙක් එකපාරටම වයස කියයි කියල නෙහ්. අන්න ඒකනේ.. මටත් තත්පර පහක් දහයක් ගියා කියාංකෝ මගේ වයස හරියටම හදාගන්න. ඒ්ත් මම නං පරක්කු වෙලා හරි ටක්කෙටම වයස කිව්වා.
හැබැයි ඔය ප්‍රශ්නය වැඩියෙන්ම බලපාන්නේ දරුවන්ගේ උපන්දිනය කියන්න ගියාම. එ් හාදයෝ චැනල් කරල පෙන්නන්න ගියාම හරි වෙන කොතනකට හරි ගියාම දරුවන්ගේ වයස ටක්කෙටම කියන්න නං ටික වෙලාවක් හිතන්න වෙනවා.
ආන්න දැක්කද,, අපිට ඉස්කෝලේදි උගන්නපු අයියල කියල තියෙන්නේ “සුදානම් නොවී නොසිටිනු“ කියල නෙව. ඒ උනාට එව්වා කව්ද අහන්නේ. මරු වැඩක් උනා එක දවසක්.
ඔන්න අපේ ලොකු එකා ඉස්කෝලේ දාන්න චක්‍රලේඛ ප්‍රකාරව සුදුසුකම් හදාගනිමින් ඉන්න කාලය මේක. ඒක නිසා මං ඉල්ලන ඉස්කෝලෙට ආසන්න ස්ථානයක ස්ථිර පදිංචිය තියෙන්න එපැයැ. අවුරුදු පහක් ඡන්දහිමි නාමලේඛණයේ නම තියෙන්න ඕන උනත් පහු ගිය අවුරුදු වල ළමයි ඇතුල් කරපු ලකුණූ මට්ටම බැලුවම ඡන්ද නාම ලේඛණේ අවුරුදු හතරක් නම තිබ්බත් ඇති. අනිත් ලකුණූ ටික හොර අව්‍යාජ සහතික වලින් ගොඩ දාන්න පුලුවන්. ඒක නිසා කොල්ලට අවුරුද්දක් පිරිච්චි ගමන්ම ඉස්කෝලේ කිට්ටුව ඇඩ්‍රස් එකක් හොයාගෙන ඒ චන්දනාම ලේඛණේට මගේ නම දාගන්න මැතිවරණ කාර්යාලයට දුන්නා ඇපීල් එකක්. ඔය ඇපීල් එකට අවශ්‍ය පරික්ෂණයට සහභාගී වෙන්නය.. ඒකට අවශය ලියකියවිලි අරගෙන එන්නය කියලා ස.මැ.කො. මට ලියුං කරදහියක් එවල තිබුනා. ඉතිං ඒ දිනේට හොදට සුදානං වෙලා කියන දේවල් මොනවද කියලත් දවස් ගානක් තිස්සේ වයිෆ් එක්කත් සාකච්ඡා කරල අපි ගියා පරි්ක්ෂණයට. එතැන ඉන්නවා ස.මැ.කො. යි, ග්‍රාම සේවකයි (ඒ යකාට නං මාව මතකයි.. මිනිහා ගාව අඩා වැටිච්චි නිසා) තව කව්ද දෙන්නෙකුයි හිටියා.
ස.මැ.කො. තමයි පරික්ෂණය මෙහෙයවන්නේ. මුලින්ම අහන සම්ප්‍රදායික ප්‍රශ්න ටික මම අතැරල දැම්මා.
“ඇයි ඉතිං ඇපීල් කරන්න බලන් හිටියේ?“
“මේකනේ සර්. මම මේ අවුරුද්දේ තමා ට්‍රාන්සර් ආවේ“ (රෙද්ද තමා.. මීට අවුරුදු දෙකකට කලින් ආවේ)
“ආ.. ඒක නිසා ඇප්ලිකේෂන් කෝල් කරපු වෙලාවේ දාන්න බැරි වෙලා. අපේ ග්‍රාම සේවක මහත්තයා මොකද කියන්නේ.. අපි නම් දෙක දාමුද?“
“ප්‍රශ්නයක් නං නෑ සර්. මොකද ඒ ගෙදර කට්ටිය තාවකාලික බදු ඔප්පුවක් දීල තියෙනවා“
“හොදයි මහත්මයා. එහෙනං ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඉතිං ඕගොල්ලන්ට බබාල හෙම ඉන්නවාද?“
“ඔව්. එක පුතෙක් ඉන්නවා“
“වයස කීයක්ද දැං පුතාට“
“තාම අවුරුදු එකහමා..... හත.....රයි.... රයි“
ඔහොම මං උත්තරේ දෙද්දීම, අතරින් පැන්න වයිෆ් කියාපියකෝ හතරයි කියලා. දැං ස.මැ.කො. තුමා ග්‍රාමසේවක මහත්තයගේ මූන බලනවා. අනිත් දෙන්න මුණු බලාගන්නවා. දැන්නං මට එතන පුටුව යට විශ්වයේ අනික් කෙළවරින් මතු වෙන්න සිදුරක් තිබුනත් පනින්න තරං හිතයි. ඔළුව උස්සල බලන්න හිතෙන්නෑ. ඇස් වලින් කඳුළු පනින්න ඔන්න මෙන්න. ආයි මැකෝ.
“දැං මං කාගේ උත්තරයද පිළිගන්න ඕන.. හා හා. ඕගොල්ල ලබන පාර ලිස්ට් එකට නම දාලා ඉන්ටර්විව් එන්න. ඒ එනකොට දරුවගේ වයස හරියටම දැනගෙන එන්න.. හොදයි ගිහින් එන්නකෝ හෙනං“
එළියට බැහැල පොළව පලාගෙන දුවන්නේ මොන වෙලේද කියල බලං හිටපු මිනිහට පොළව පලල දුන්නා වගේ මාත් ඒ සැනිං දුවගෙන ගියා එළීයට. ඒ අහළ පහළවත් ඉන්න ඇහැක.. මුළු ඔපීසියම මට හිනා වෙනව වගේය කියන හීන මානෙත් ඇති උනා. වයිෆුත් ඇදගෙන එළියට ගිහිල්ලා යාන්තං හුස්ම ටිකක් ගත්තේ නැත්නං කලන්නේ දාන්න තරං අවුල් වෙලා හිටියේ. දැං ඉතිං ඔය ගැන කතා කරල වැඩක් නෑනේ. කොහොම කරත් මං ඇත්ත කිව්වත් මං නේ වැරදි වෙන්නේ කියල මං කට වහගෙන උන්නා. ඒ උනත් ස.මැ.කො. තුමා අතටම දීපු චැන්ස් එක වචනයකින් විනාස කරගත්තා කියල හිතන එක අදටත් කනගාටුවක් ඇති වෙන සිතුවිල්ලක්.
කෝමින් කෝම හරි චන්ද ලේඛණේ නම, එක අවුරුද්දක් අඩුවෙන් හරි ඊළග අවුරුද්දේ කිසිම ප්‍රශ්නයක් නැතිව දාලා ඇප්‍රව් කරන්න ඒ හිතවත් ස.මැ.කො. කටයුතු කළා මොකද වටින් ගොඩින් මාත් පොඩි බෝලයක් බැස්සුව නිසා. නැත්නං ඕව්වා කරගන්න පුලුවන් වැඩය ආයිබෝං. එහෙනං මං ගියා.
හොව්. හෝව්. යන්න කලින් කියන්නේ. තමන්ගේ හරි දරුවන්ගේ හරි වයස කියන්න ඕන තැනකට යනවනං ඔය මහත්තැන්ල පොඩ්ඩක් සුදානං වෙලා යන එක කෝකටත් හොදා. නැත්නං නිරපරාදේ මං වගේ කපටියන්ට අහු වෙන්න පුලුවන්. චියර්ස්.. (අද බොන එක ගැන මුකුත් කිව්වේ නැතිව හිතට හරි නෑ නෑ වගේ)
මේකත් ලී කුට්ටියට