Tuesday, May 2, 2017

විචා බැලීම (My trip report to Wicha's Funeral)

මා පසුගිය අප්‍රේල් මස 29 දින බ්ලොග් වසන්තයේ ලියා තැබූ පහත පණිවිඩය මතකද?
දේශක යා April 29 at 12:02pm දවසින් පැය දහ අටක් බ්ලොග් වෙනුවෙන් කැප කර, අවශ්‍ය අවස්ථාවේ සොයා ගැනීමට නොමසුරු දැනුමක් ගබඩා කර තැබූ විචාට ගෞරව දැක්වීමට මගේ ජීවිතයෙන් පැය දහ අටක් ගත කිරීමට කැමැත්තෙමි.. තවත් කැමති අය සිටීද?
එම ඇමතුමට පිළිතුරු ලෙස කිහිප දෙනෙකු විචා බලන්නට යන්නට කැමැත්ත පල කළද, මා සමඟ යෑමට අකමැත්තෙන්දෝ කිසිවෙකුත් සම්බන්ධ කර ගැනීමට නොහැකි බව වැටහෙන්නට වූ අතර, එය මාගේ වැරැද්දක් වන්නට පුලුවන. කෙසේ වෙතත්, සඳහන් කල පරිදි මාගේ ජීවිතයෙන් පැය 18 ක කාලයක් විචා වෙනුවෙන් වෙන් කිරීමට මා ගත් තීරණයේ වෙනසක් වූයේ නැත.
එම කරුණ සිතෙහි තබාගෙන විසි නමය දින රාත්‍රියේ නිවසට වී තට්ට තනියම බ්ලැක් ඕපල් බාගයක් රස විදින අතරේ, වෙනත් ස්ථානයක එවැනිම කාර්යයක සිටි Sathyajith Kannangara මහතා හා සිදු කරන ලද ඔන්ලයින් කතාවකදී ඔබ යන්නේ නම් මා එන්නේ යැයි එඩිතරව ප්‍රකාශ කිරීම හේතුවෙන් තනියම යාමට බියෙන් පසුවූ මාගේ බිය දුුරු විය. ඒ අනුව අප කතා කරගත්තේ තිස් වන දින සවස් වරුවේ ගමන පිටත් විය යුතු බවයි. තවද, අවුරුදු කාලයේදී තමාට නුහුරු බයිටක් අනුබව කිරීම නිසා යම් රෝගි තත්වයකින් පෙලෙන Naleen Dilruksha මිතුරාගේ බණ්ඩිය පරික්ෂා කිරීමේ උවමනාවක්ද තිබු හෙයින්, එතුමා බැලීමට මීරිගම යාමටද අදහස් කරගෙන විචාගේ අවමඟුල් ගෙදරට යාමට තීරණයකට එළැඹුනි.
මෙම තීරණය පිළිබඳව අප හිතවත් ගස් ලබ්බා මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව, අප පැමිණෙන ඕනෑම මොහොතක මළ ගෙදරට පැමිණෙන බව සහතික කිරීමට තරම් ඔහු කාරුණික විය.
මා ගමන ආරම්භ කලේ පස්වරු 4.00 ටය. එහිදී මගේ ගමන් සඟයා ලෙස පළපුරුදු රියදුරෙකු වන හිතවතෙක් පත් කර ගැනීම අනාගතය බලා ගත් පැහැදිලි වැදගත් තීරණයක් විය. පස්වරු හතට පමණ කොට්ටාවට පැමිණීමෙන් අනතුරු කන්නාට දන්වා සිටි පරිදි ඔහුව ගැනීමට කළුබෝවිලට පැමිණෙන ලෙස දන්වා සිටි නිසා, මේ මොන මගුලක් දැයි සිතින් බැන වදිමින් සිටින්නට සිදු විය. එනම් කොට්ටාවේ සිට කළුබෝවිල ගොස් ඒ හාදයාද ගෙන ට්‍රැෆික් අස්සේ යාම කාලය අපතේ හැරීමක් වන බැවිනි. තවද අධිවේගී මාර්ගයේ කඩවතට ගොස් ඉතා පහසුවෙන් මීරිගමට ලගා වීමට හැකියාව තිබියදී මිතුරෙකු ලෙස කන්නා කරන ලද යෝජනාව ඉවත දැමීමට මා හට සිදු විය. මිනිහා බැන්නත් කමක් නැත කියා කොට්ටාවට පැමිණෙන්නයැයි ඉල්ලා සිටි විට “ඕක කලින් කිව්වනං ඉවරයි නේ *ට්ටෝ“ ලෙස පවසා කොට්ටාව කාර්ගිල්ස් එක අසලට පැමිණීමට පොරොන්දු විය. අවසානේ ඔහු එතැනට එන විට මැයි දිනයට වසන කොට්ටාව බාර් එක ඉදිරිපිට ඇති ගාලගෝට්ටිය බලමින් සිටීමට සිදු වීම සිත පාරන සිදු වීමක් විය. මක් නිසාද යත් අපටද තව මොහොතකින් එහි කොටස් කරුවන් වීමට සිදු වන නිසාය.
කන්නා පැමිණියේය. ඔහු මා නොහඳුනතත්, මා ඔහුව හොදින්ම හදුනාගත්තෙමි. කාලවර්ණ කෙට්ටු කුඳු ගැසුනු මහලු කන්නංගර මහතා අපහසුවෙන් අැවිදගෙන අයුරු බලා සිටීමට නොහැකි හෙයිනුත්, මා සොයමින් ඔහු කන කට්ට පිළිබඳ ඇති වූ කනගාටුවත් නිසා වහාම ඉදිරියට ගොස් ඔහුව පිළිගත්තෙමි. ආගිය කතා තත්පර තිහකට පමණ සීමා වද්දී වැදගත්ම ප්‍රශ්නය ඔහු ඇසුවේය.
“මුක්ත් ගත්තේ නැද්ද?“ “නෑ.. මම ඉතිං ඔයා එනකං හිටියේ (මගේ අතේ සල්ලි තියනවයි යකෝ ඔය තරං“) “ආ එහෙනං අපි මොනවද ගන්නේ“ “ගන්න එක අවුලක් නෑ. බලහංකෝ අතට පොරේ. එපා වෙනවනේ“ “පිස්සුද බං කා්ර්ගිල්ස් එකේ තියෙනවා“ “හප්පට ඇත්තද? යමං එහෙනං“
අප කාර්ගිල්ස් කඩය ඇතුලට යන විට එහි මධ්‍යසාර අංශය මැස්සන් වේලෙමින් පැවතිනි. වට පිට බලා සුදුසු භාණ්ඩයක් තීරණය කිරීමෙන් අනතුරුව මිදි වගයක් මිලදී ගැනීමට ඇති බව පවසමින් මා ඉක්මනින් එතැනින් ඉවත් උනෙමි. (නැත්නං යකෝ ඒකට ගෙවන්න වෙන්නෙත් මට නේ බම්බුව.. ) මා මිදි මිලදී ගෙන පැමිණෙන්දී සුදු ලේබල් බෝතල් දෙකක තුරුල් කරගත් කන්නා මා ඉදිරියට පැමිණි අතර ඉන්පසුව සතුට දෙගුණ තෙගුණ විය. සොරි දුක.
වාහනයට නැගි අප, මීරිගම බලා පිටත් වූයෙමු. ඒ අතරවාරයේද ගස් ලබ්බා ඇමතුමක් ලබා දෙමින් පැමිණීම විමසා සිටින ලදි. නලියා ගේ නිවස සොයාගැනීමට නොදන්නා හෙයින් නලියාගේ ප්‍රෙද්ශයේ ජීවත් වන සුදීමතකු වන Pubudu Alahakoon නම් සුරුබුහුටි තරුණයා සම්බන්ධ කර ගැනීමට කන්නා කලින්ම කටයුතු කර තිබුණි. ඔහුද රැගෙන අප නලියාගේ නිවසට යන විට එ කලාපයම අඳුරු ගුහාවකි. විදුලි බිල්පත් වල සැර කමටදෝ නිවස ඇතුලේවත් පිටතවත් අවම වශයෙන් කුඩා එල්ඊඩී බල්බයක් වත් දල්වා නොතීබීමෙන් මේ යකා නිවසේ නැතුව ඇතැයි යන අනියත බිය ඇති විය. එහෙත් නලියාගේ නිල වාහනය නිවසේ තබා මිනිහා කොහේවත් යන එකක් නැතැයි පුබ්බා සපථ කර සිටිම අස්වැසිල්ලක් විය. දොරට තට්ටු කර සුළු මොහොතකින් කෙඳිරිගාමින් පැමිණෙමින් නලියා දොර ඇර අපව පිළිගන්නා ලදි. පසුව කතා කරමින් සිටිනා තුර මේ කොහේ යන්නේදැයි නලියා විමසා සිටියේය.
“අපි විචාගේ මල ගෙදර යනවා“ “මොකා. විචා මලාද?“
විස්මයට පත් වූ නලියාගේ ඒ වදන් මේ පුද්ගලයා පසු ගිය දවස් වල කොපමණ අපහසුවකින් සිටින්නට ඇත්දැයි කියාපෑමට වැදගත් සාක්ෂියක් විය. අප නලියාගේ නිවස පැමිණීමේදී කතා කරගත්තේ පාර පෙන්නීමට පැමිණි පුබ්බාද මළගෙදර යන බව නලියාට සදහන් කළ යුතු බවයි. සිතු දේම විය. දැන් මේ රෝගියාටද මළ ගෙදරට යාමේ දැඩි අවශ්‍යතාවක් මතුව විටින් විට ඉල්ලීම් කරන්නට විය. එහෙත් පුබ්බාද යන හෙයින්, රෝගියාට යාමට කුඩා වාහනයේ ඉඩක් නැති බව තේරුම් ගැනීමෙන් අනතුරුව රෝගියා පසු බැස්සේය. (ඔය බඩේ අමාරු කාරයෝ ළගකවත් ඉන්න හොද නෑ සෙද්ද)
නලියාට සමුදී අප මීරිගමින් පිටත් වූ අතර, අතරමඟදී සපයාගත යුතු කළමණා කිහිපයක් ගැනීමට කඩ කිහිපයකට බඩ ගාන්නට කන්නාට සිදු වුයේ මිනිහා යන කිසිම කඩයක උවමනා දේ මිලදී ගැනීමට නොමැති වූ බැවිනි. පසුව මෙයට හේතුව තමාගේ පසුපස කැරකෙන අවාසනාව බව තේරුම් ගෙන කඩය අසලදී වාහනයෙන් බැසීමද ප්‍රතික්ෂේප කළ හෙයින් මටම කඩයට යාමට සිදුවිය. මගේ වාසනාව ඉතා හොදින්ම ක්‍රියාත්මක වූ හෙයින් උවමනා දේ මිලදී ගැනීම ගැටළුවක් නොවීය. ඒ අතරවාරයේදි කාල පරික්ෂා කිරීම් වල නිරත වූ ගස් ලබ්බා ඇමතුම් ලබා දෙමින් ස්ථානීය පරික්ෂාවන් සිදු කරන ලදි. විනාඩි දහයකින් පැමිණීමට හැකි බව ඔහුට සැල කර, පොතුහැරට විනාඩි 10 ක පමණ දුරක් තිබියදී වාහනය නවතා එහිම සිට පළමු වඩිය බඩට හලා ගත් අප ටික මොහොතක් සිටියදී මුලින් කිව් විනාඩි 10 ගෙවී අවසන් වනවාත් සමඟම ගස්ලබ්බාගේ කරදරකාරී පරික්ෂාවට යටත් වීමට සිදු විය. මාර්ග සලකුණු කිව් ආකාරයට පොතුහැර ස්ටේසම ලඟින් හැරී අප ටික දුරක් යනවිට එය නිවරැදි මාර්ගය නොවන බව තේරුම් ගෙන ගස්ලබ්බාට නැවත ඇමතුමක් දී මාර්ගය නිවරැදිව අසාගෙන පොතුහැර ස්ටේසම අසල සිට දෙවන වඩියද බඩට හලාගෙන ගමනට පිටත් වීමු. විචාගේ මළ ගෙදරට ආසන්නයේදී සුදු කොඩියක් දැක අපගේ ගමන් සඟයා මැණිකේ කෙනෙකුගේ මළගෙදරකට යාමට වාහනය හැරවුවද, විචා මැණිකේ නොවන නිසා නැවත හරවාගෙන මළ ගෙදරට පැමිනියෙමු.
වාහන ගාල අසලදී බස්තමක් රැගෙන පැමිණෙන කොළු ගැටයා මා හදුනාගත්තේ ඔහුගේ මුහුණුපොතේ පින්තුර සියල්ලම මා බලා තිබු හෙයිනි. සැලැස්ම කන්නාටද පුබ්බාටද දන්වා දොර ඇර බහින විටම ගස් ලබ්බා කතා කරන්නට විය. ඉන්පසුව දෙබස මා හා ගස් ලබ්බා අතර සිදු විය.
“මගේ යාලුවෙකුත් එනවා කිව්වා.. ඒගොල්ලද මන්ද?“ “කව්ද යාලුවා“ “ඒක තමයි. මං අදුරන්නෑ. ඒක නිසා ඒගෝල්ලද කියලයි බැලුවේ.. වෙලාව බැලුවම මේ වේලාවට ඒ ගොල්ල එන්න ඕන“ “මේ පුතා.. මම දන්නෑ ඔයා කව්ද කියලා. ඒත් මල ගෙදරකට එන මිනිස්සුන්ට මගට ඇවිල්ල කරදර කරන එක හරිද?“
ගස් ලබ්බාගෙන් පිළිතුරැ නැත. “එහෙම නෙමෙයි නේ. කව්රු හරි මල ගෙදරකට එනකොට ඉස්සරහට ඇව්ල්ල ඒ මිනිස්සුන්ට බහින්නවත් නොදී ඔහොම කතා කරන එක හරි නෑනේද? ඒවා ඕගෝල්ල දැනගන්න ඕන“
ගස් ලබ්බාගෙන් පිළීතුරු නැත. “හරි බහින්ඩ. මේක මේජර්ගේ මල ගෙදර තමා.. බලපං මේ කව්ද කියල. වාහනෙන් බහින්නවත් දෙන්නෑ. කතා කරනවා.. මගුල“
ගස් ලබ්බාගෙන් පිළිතුරු නැත.

මිනිහා දැඩි පීඩනයකටත් ලැජ්ජාවකටත් පත්ව ඇති බවට ලක්ෂණ මුහුණින් පෙනේ. .හැක් හැක්. ලබ්බාගේ බඩට තට්ටුවක් දමා “ඉතිං කොහොමද කකුල තාම හොද නැද්ද“ කියා අසන විට ගස් ලබ්බාට හීන් හිනාවක් ගියේය. ඉන් අනතුරුව හඳන්වාදීම් සිදු කරන ලද අතර, පුබ්බා මා ලෙසත්, කන්නා පුබ්බා ලෙසත් මා කන්නා ලෙසත් වරදවා හදුන්වා දීම සිදු කළ අතර, පුබ්බා තරමක් ඇතට වී සිටිම නිසා ඔහුට බැනවදින්නට සිදු විය.
“මොකක්ද බ දේසකයා. තෝ එනකං යනකං මෙයත් එක්ක කතා කර ඇවිත් දැං දැක්කම පැත්තකට වෙලා ඉන්නවා. ඔහොමද බං යාලුවෝ“
වැඩේ පත්තු උනද ගස්ට සැක සිතින. ඉතිං ඒ සැනෙකින්ම නිසි හඳුන්වදීම සිදු කරන ලදි. එහිදි ගස් පවසා සිටියේ දුරකනයෙන් ඇසුනු වයසක කටහඬට අර ප්‍රාණවත් තරුණ කටහඩ හා සමකල නෙැහැකි හෙයින් තමාද සැකයකින් පසු වූ බවය. ඇරත් පුද්ගලයාගේ හැටි දන්නා ගස් ලබ්බා ඒ ගැන සැකහිතීම අරුමයක් වන්නටද බැරිය.
ගස් ලබ්බා එළීයේ තබා අප විචාගේ දේහය අසලට යන විට විචාගේ වැඩිමහල් දියණිය තවත් කිසිවෙකු හා දොඩමලු වෙමින් එතැන සිටියාය. දේහයට වම් පසින් විචාගේ හමුදා නිල ඇඳුමත් නිලලත් කඩුවත් තිබු අතර, එම මේසයේම වම් පසින් 2016 බ්ලොග් සම්මාන උළෙලේදි ලබා දුන් සම්මානයද, දකුණු පසින් 2015 දී දිනාගත් සම්මානය තබා තිබීමෙන්ම ඔහුගේ ජිවිතයට හමුදාව හා බ්ලොග් කෙතරම් වටනේදැයි විචාගේ පවුලේ උදවිය දැන සිට ඇත. මා 2016 දී විචා ලබාගත් සම්මානය ඔසවා බලද්දි එතැනට පැමිණි විචාගේ දියණිය මේ බ්ලොග් ලියන අයදැයි විමසා සිිටි අතර, ඉන්පසුව ඇය සියළු කාර්යයන් නවතා අප හා දොඩමළු වන්නට විය. බොහෝ කරුණු පවසමින් විචාගේ ජීවිතයේ තොරතුරුත් බෙදා හදාගනිමින් සහ විචා භාවිතා කළ කාමරයට අපව රැගෙන ගොස් ඔහු විසින් භාවිතා කරන ලද පරිගණකය, පොත් රාක්කය ඇතුලු සියලු දේ එකින් එක පෙන්වන්නටද විය. විචා බ්ලොග් පෝස්ටුවක් ලිවීමේදි කෙතරම් මහන්සියක් ගන්නේදැයි වටහාගන්නට ඒ දැකීමත්, දියණියගේ තොරතුරු දැක්වීමත් ප්‍රමාණවත් විය.
හබරල කවි යනුවෙන් මා පෝස්ටුවක් බ්ලොගයේ දැමු අවස්තාවේ “තෝ මේකේ අක්ෂර වින්‍යාස හදන කං මං කමෙන්ට් නොකරමි“ කියු විචා, සරමක් හැඳ නොපියවූ උඩ බොත්තම සහිත අත් කොට කමීසයකින් සැරසී තම ස්ථ්‍ුල ශරීරය පරිගණකය ඉදිරියේ වන කුෂන් පුටුව මත තබාගෙන, බෙල්ල මදක් උස් කොට තම මුහුණ මත රඳවා ඇති කණ්ඩාඩි කුට්ටම අතරින් කීබෝඩය බලමින් නැවත පරිගණක තිරයද බලමින් බැරෑරුම් ඉරියව්වකින් ඉහත කොමෙන්ටුව මගේ බ්ලොගයේ තබන අයුරු මැවී පෙනෙන්නට විය. යම් තොරතුරක් සියයට සියයක් නිවරැදි දැයි තහවුරු කර ගැනීමට විචා මුලාශ්‍ර කිහිපයක් විමසන අයුරුත් ඒ හා සම්බන්ධ දැනුමක් ඇති අයට දුරකතන ඇමතුම් දී එම තොරතුර සම්පුර්ණයෙන්ම නිවරැදි කරගන්නා බවත්, සමහර පැරණි කරුණු දැනගැනීමට විචාට වඩා වැඩිමල් අය වෙත ගොස් විමසා සිටින බවද වශයෙන් බොහෝ කරුණු විචාගේ දියණිය අප වෙත පවසා සිටියාය. යම් කාර්යයක් ආරම්භ කර පසු එනම් බ්ලොග් පෝස්ටුවක් ලිවීමට පටන් ගත් විට කිසිම හේතුවක් මත එතැනින් ඉවත් නොවන ඔහු හදිසි කරුණක් පවසා සිටියද “මං බරපතල වැඩක්.. කරදර කරන්න එපා“ යනුවෙන් පවසා එහිම නිරත වන බවද, විචාගේ බිරිඳ ඔහුට අවශ්‍ය තේ, ආහාර ළගටම ගෙනැවිත් දෙන බවත දැන ගන්නට ලැබිණි. මීට අමතරව දැනගැනීමට හැකි වූ කරුණ වනුයේ විචා මත්පැන් සඳහා අසීමිත ආසාවක් දැක්වූ බවත් මත්පැන් අධිකව භාවිතා කරන බවත්ය. ඇය පවසා සිටි විචාගේ එකම වැරුද්ද එය විය. ඔවුන් එය අතිශයෝකිතියකින් තොරව පවසා සිටි නිසා විචාගේ එම වැරුද්ද පිළිබඳව අප තරමක් හෝ දැනගෙන සිටි බව සදහන් කළ හැකිය.
අප විචාගේ දියණිය හා නිවස ඇතුලට වී කතා කරමින් සිටි කාලය පැයක් පමණ වන නිසා අප කොහේදැයි ගස් ලබ්බා දුරකතන ඇමතුමක් දී විමසා සිටියෙන් ඔහුවද විචාගේ කාමරයට ගෙන්වා ගති. එහිදි විචාගේ දියණිය පවසා සිටියේ ගස් ලබ්බා හිතවතකු වශයෙන් විචාට තමන්ට උපරිම අයුරින් සහයෝගය දී උදව් කළ බවයි. ගස් ලබ්බා පාදයේ යම් ආබාධ තත්වයකින් පෙලුනද එම අපහසුතා උපකාර නොකිරීමට හේතුවක් කර නොගැනීමට තරම් කාරුණික වී තිබීම බ්ලොග්කරුවන් ලෙස අපටද යම් ගෞරවයක් ලබා දීමට කටයුතු කිරීමකි. ඒ සම්බන්ධව ගස් ලබ්බාට සිංහල බ්ලොග් රචකයන් හා පාඨකයන් ස්තුතිවන්ත විය යුතුමය.
පැයකට අධික කාලයක් නිවස ඇතුලේ සිට කතා කිරීමෙන් අනතුරුව අප නිවසින් පිටතට පැමිණි අතර, තවත් විනාඩි කිහිපයක් ඇතුලත අප වෙත සමීප වූ විචාගේ දියණිය අවශ්‍ය ආගන්තුක සත්කාර කරමින් නැවතත් දීර්ඝ කාලයක් එනම් පැයක පමණ කාලයක් නැවත අප හා දොඩමළු විය. ඒ අනුව විචා බ්ලොග් ලොවට සිදු කරන ලද සේවයක් පොදුවේ සිංහල පාඨකයන් හට ඔහු විසින් බෙදා දී ඇති නොමසුරු දැනුම සම්බන්ධවත් ඇයව දැනුවත් කිරීමෙන් අනතුරුව, තම පියාගේ බ්ලොගය මුල සිට කියවීම කළ යුතු බැව් ඇය හට පසක් විය.
අප විචාගේ ගෙදරට යන විට රාත්‍රි 11 පමණ වූ අතර, ගෙදර පොලීසියේ නොනවතින ආයාචනා මධ්‍යයේ වුවද ගස් ලබ්බා පැය කිහිපයක්ම අප හා රැදුනේය. අවසානයේ පෙරවරු තුනට පමණ අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව ගස් ලබ්බා තම නිවෙස බලා පිටත් වූ අතර, කම්කරු දින පෙරවරු 4.30 ට පමණ අපගේ ඉන්ධන අවසන් වීමෙන්ද අනතුරුව අප පිටත් වීමු.
එතැනින් පිටත් වූ ආකාරය මතක නමුත් නලියලගේ නිවස ආසන්නයේ ඇති රක්ෂිතයක් අසල නවතා මා නැගිට්ටවන තුරු සිදු වූ ක්‍රියාදාමය මා කෙසේවත් නොදන්නේ ඒ මුළු කාලය තිස්සේම මා ගැඹුරු නින්දකට වැටී සිටිම නිසාය. මිතුරන් මට බාධා නොකල අතර, ගමන් සඟයා සුරක්ෂිතව අපව රැගෙන එන්නට කටයුතු කර තිබිනි. එවැනි ගමන් සඟයෙකු මාගේ තනියට රැගෙන යාමේ බලවත් උවමනාව නිසාම ඔහුව රැගෙන ගිය අතර, ඔහු නින්දක් නොලැබ අපව රැගෙන අපට අවශ්‍ය ස්ථාන කරා රැගෙන ගියේය.
ඉතිං අර මා නොදන්නා කාලය තුල සිදුව තිබේයැයි මට දැනගන්නට ලැබුණු එකම දේ, මැයි දිනයදා පෙරවරු 6.00 වන විට කොහෙන් හෝ මුන් කිං එඩ්වඩ් බෝතලයක් සොයා ගැනීමය. ඊට අවශ්‍ය බයිට් ලෙස නලියාගේ ඉඩමේ තිබූ ජම්බු ගසක ජම්බු ගෙඩි හත අටක් කඩා ගැනීමට කන්නා සමත් වී තිබුණි. රක්ෂිතයේ සිට නලියාද එකතු කර ගනිමින් උදේ 6.00 ට එම කාර්යයද කළ අප, අසල තිබු කඩයකින් උදෑසන ආහාර ගෙන පිටත්වීමු. පුබ්බාද නිවස අසලින් දමා අප ගමන පිටත් වූ අතර, උදෑසන ඇති වු ප්‍රබෝධය හේතුවෙන් සියළු දුක් අමතක් වී කන්නාද මමද මාරුවෙන් මාරුවට ගීත ගායනය කරමින් පැමිණියද මට නිදිමත ඇති වී එම කාර්යය ලොප් විය. කන්නාගේ නිවස අසල ට පැමිණෙන විටත් මා නිදිමතේ පසු වූ අතර, කන්නාගේ බිරිඳ විසින් සාදා දුන් රසවත් දොඩම් වීදුරුව නිසා නිදි මත පහව යන්නට විය. කළුබෝවිල පිහිටි කන්නාගේ නිවස ඒ වනවිටත් කඩිගුලක් මෙන් ඇවිස්සී තිබුණි. ඒ හේතුව බොහෝ අපහසුවෙන් දැන ගන්නා විට මෙතරම් කාලයක් ආශ්‍රය කලේ මෙවැනි අයෙකුදැයි සිතී “හයියෝ“ වචනය නිකම්ම පිට විය. හැක් බීආර්සී පිටියේ පැවැත්වෙන් ජවිපෙ රැළියට සහභාගී වන අනුර කුමාර, බිමල් ඇතුලු නායකයන් පෙළපාලියේ පැමිණෙද්දී ඔවුන්ට ජලය වීදුරුවක් බොන්නට දීම වසර ගණනාවක් තිස්සේ කන්නා විසින් සිදු කරනු ලබන බව එ් හේතුවයි. ඔහුට වතුර බෙදන්නට දී අප නිවස බලා පිටත් වූ අතර, නිවසට පැමිණෙන විට පෙරවරු 11.30 පමණ විය.
පෙරදින පස්වරු පහට පිටත් වූ මා, ආසන්න වශයෙන් මගේ ජීවිතයෙන් පැය 19 ක් විචා වෙනුවෙන් ගත කර තිබුනි. බලාපොරොත්තුව පැය දහ අටක් වුවද කන්නා, පුබ්බා, නලියා වැනි මිතුරන් නිසා එම කාලය ඉක්මවා ගත කිරීමට තරම් මට හැකියාවක් ලැබිණි.
බ්ලොග් ලොවට අමිල සේවයක් කළ විචාරක හෙවත් අසමි දකිම් සොයමි හෙවත් මේජර් ගුණරත්න මහතා හට අවසන් ගෞරවය දැක්වීමට හැකිවීම මට නම් සතුටකි. පිදිය යුත්තා කෙසේ හෝ පිදිය යුතුය. අපේ විචාට සුබ ගමන් කියමින් මාගේ සංචාරක වාර්තාවට තිත තබමි.
කිසිදා දැක නැතත්, මා මුහුණුපොතේ කන්නාට කියන දේවල් (බරපතල විහිළු) තඹයටට මායිම් නොකරමින් මම එනවා කියු වචන සැබෑ ලෙසම පිළිගන්නට තරම් කන්නා මාගේ වචනය විශ්වාස කිරීම, පාර පෙන්නීමට පැමිණි පුබ්බා අවසානයේ අපත් සමග මලගෙදර යාම, නලින් රෝගියා හමුවීම ඇත්තෙන්ම මිහිරි මතකයකි. සුහද මිතුරු ඇසුර කවදත් මා ප්‍රිය කරමි. එසේ හෙයින් සියළු දෙනා මා නොයන බවට කැට තබමින් සිටියදී වුවද යනවා යැයි කිව් සැනින් මාත් උඹ සමග එනවායැයි කියා විශ්වාසය පළ කර සිටි හිතවත් කන්නාටද, තරූණ පුබ්බාටද, රෝගි නලියාටද, අප එනතුරු එහි රැදී සිටිමින්ම පැය ගණනක් අප සමඟ ගත කළ ගස් ලබ්බාටත් අප ගමන් සඟයා වූ බේබ්ටත් ස්තුතිය පල කරමි.
තවද අප මළ ගෙදර සිටියදී පුරා විනාඩි විසි දෙකක තරම් කාලයක දුරකතන ඇමතුමක් ලබාදෙමින් මුළු ගමන පුරාවටම අප පිණවූ ඒ අසහාය සෙල්ෆ් ඇපෝයින්ටඩ් බ්ලොග් පොලිස් කාරයන් දෙදෙනාටද ස්තුති කළ යුතුමය. හැක්.
(මෙය මාගේ සංචාරක සටහනක් විනා විචාගේ ගුණ වැයීමක් නොවන බව කාරුණිකව සලකන්න)
සුභ ගමන් විචා!!
මේකත් වසන්තම්ට..

55 comments:

  1. Replies
    1. උඹල ගිය එක ලොකු දෙයක්.
      සුබ ගමන් විචා.

      (ආපෝ උඹලත් එක්ක කොහෙවත් යන අදහස මම වහාම ඉවත්කරගත්ත. හැක්..)

      Delete
    2. ප්‍රසා.. තිතත් වත් නොතිය කමන්ට් කරන විදිය කියහං..

      මං ඉතිං දන්නවනේ.. යනවා කිව්ව නං යනවම තමා.. හැක්. (මේ ගියාමයි ඉතිං)

      වෙසක් එකට උඹට ලොකු නඩේකට දවල් කෑම දෙන්න වෙනවා සිකුරුයි..

      Delete
    3. ඒව ගුරු මුට්ටි බං.

      උඹල කිඹුල්ලුත් අරං එනවද වෙසක් එකට.

      Delete
  2. විචාරක මහතාගේ අභාවය පිළිබඳව කනගාටුව. කවදාවත් ඔහු හමුවී නම් නෑ.. දේශකයා බුකියේ දාපු එකෙන් තමා මම මරණය ගැන දැන ගත්තේ. උඹ ගිය එක වටිනවා.

    ReplyDelete
    Replies
    1. මාත් එදා තමා මුල්ම වරට හමු උනේ බං..

      Delete
  3. විචා මාමාට සුබ ගමන්... කළින් අවුරුද්දෙ නෙළුම් යායෙදි මම විචාරක මහත්තයා කියද්දි අන්කල් කියන්න කිව්වෙ උන්දැමයි... අවසන් ගෞරව දක්වන්න යන්න බැරිවීම දුකක්. මගුලක් නිසා අවමගුලට එන්න බැරිවුණා.

    ReplyDelete
    Replies
    1. මම නං තීන සේරම නවත්තලයි ඕං ගියේ.. හැක්

      Delete
  4. මමනං දැනං උන්නා බෝ යන බව.. මට යන්න පනක් නොතිබ්බ නිසා ඒ ගැන හංගිස්සුවේ නෑ.. ගස්ලබ්බා ටත් උඹටත් ගිය අනික් උන්ටත් ස්තුතියි.. මළ ගෙදරකට කෙනෙක් සහභාගී වෙන එක ඒ ගෙදර ජීවත් වෙලා ඉන්න උන්ට ලොකු හයියක්..

    ReplyDelete
    Replies
    1. //මමනං දැනං උන්නා බෝ යන බව// - දකුණේ අන්ඩයෙක් නේ ඒකයි.. හැක්

      ඔව් බං විචාගේ ලොකු දූ සැහෙන්න අපි එක්ක කතා කරා.. ඒ මදැයි උන්දැ කිසිම කෑමක් කාලත් නෑ. ඒ පාර අපි කිව්වම බිස්කට් එකක් කාලා නෙස්කැෆේ එකක් බීවා..

      Delete
  5. දේශකයා ගිය එක ලොකු දෙයක්. කවුරුත්ම යන්නේ නැති වෙයි කියල මම හිතන් හිටියේ. බොහොම ස්තූතියි ලිපියට.

    ReplyDelete
    Replies
    1. මාත් බය උනේ ඒකයි. ගස් ලබ්බ තනි වෙයි කියලා..

      Delete
  6. //ඉන් අනතුරුව හඳන්වාදීම් සිදු කරන ලද අතර, පුබ්බා මා ලෙසත්, කන්නා පුබ්බා ලෙසත් මා කන්නා ලෙසත් වරදවා හදුන්වා දීම සිදු කළ අතර...//

    No white gekos?

    ReplyDelete
    Replies
    1. පුබ්බා, කන්නා, ලබ්බා ඈ බං මේ ලංකාවේ කට්ටියක්ද බංගලි දේශේ කට්ටියක්ද?

      Delete
    2. නම් බංගලියෝ වගේ උනාට ලස්සන නම් තියෙන අයට වඩා උන් හොදයි..

      Delete
  7. විචාරකත් ගියා එහෙනම්....

    ReplyDelete
    Replies
    1. යන්න වෙනවා නේ බං..

      Delete
  8. මදි මදි ගොයියො හොඳටෝම. උඹල විචා මාමගෙ ගෙදර එතුමා වෙනුවෙන් ඉඳල තියෙන්නෙ පැය බොහොම පොඩි ගානක්. වැඩිපුරම පාරෙ බිබී ඉඳලනෙ.

    ReplyDelete
    Replies
    1. ගමන පටන් අරං ගෙදර යනකම්ම ඒක විචා වෙනුවෙන් තමා කසුනෝ..

      Delete
  9. ඔව් වොව්...මෙව්ව ඉතින් කියලත් බෑ... නොකියත් බෑ...
    දැඩි පීඩනේකටත් ලැජ්ජාවකටත් පත්තුනා තමා.. මොටෝ අපි අහල දැකල තිබ්බෙ කාර් වල පිටිපස්සෙන් දුම්බටේ හයි කොරනවා කියලා.ඒත් යකෝ ජනෙල් හතරෙන්ම දුම දාගෙන හෙඩ් ලයිට් ගගහ එන වාහන දැක්කම ඇස් උඩ යනව තමා.. ඒ අස්සෙ ටීශර්ට් එකක් විතරක් බැස්සා.. දත් සෙට් එකක් පාවෙනවා.ඒ පාර නම් බය උනා. ලැජ්ජාවට පත් උනේ නම් සිගරට් ෆිල්ටරයක් මෙලෝ සිහියක් නැතුව අදින කෙනෙක් දැක්කාම..

    යන්තන් තත්වෙ පැහැදිලි වෙනකොට වයස් පිලිවෙලින් කස්ටිය කවුද කියල දැනුනා.නැහ්නං ඉතින් බස්තම් පාර තමා.. හෙහ් හෙහ්..

    විචාගෙ දුවට නම් ඒ කතා කර කර හිටපු පැය කීපය ලොකු සහනයක් වෙන්න ඇති.තමුන්ගෙ අවසාන කටයුතු වෙන්න ඕන හැටි පවා විචා කතා කරල තිබුනෙ ඒ දුවත් එක්ක.
    ආයෙ හමුවෙමු.. සතුටු මොහොතක..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිවා ගස්.. සතියේ දවස් පහක්ම අපිට තියෙනවා නේ.. දිවාරෑ නැතිව.. හමුවෙමු.. (ඔය කිව්වට නෛ්ද?? ) හැක්

      Delete
  10. හොඳ විස්තරයක්! කියෙවුවවම මළ ගෙදර ගියා වගේ දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ලියන්න තියෙන ඔක්කෝම ලිව්වා..

      Delete
  11. යන්න එන්න නොහැකි නිසා තමයි මමත් විස්තර ඇහුවේ නැත්තේ.ගෙදර පොලිසියෙන් කෆිව් දාලාත් තිබ්බා ඊට කලින් දවසක වෙච්චි කතන්දරයක් නිසා.

    ReplyDelete
    Replies
    1. ඔය කරදර වෙනවා කියල අපි කිව්වා. කෝ ඇහැව්වයැ. හැක්..

      Delete
  12. ගල්හබු තෙමේ සහ තමුන්නැහැ කරපු සේවය අති නිර්මලයි.

    ReplyDelete
    Replies
    1. මම නං කරපු දෙයක් නෑ බං ගියා විතරයි ශ්‍රංගයෝ.. ගස්ලබ්ස්තුමා තමා අපගේ නියෝජිතයා..

      Delete
    2. යකෝ මම මේ ගෙදරට වෙලා වේලි වේලි ඉන්න එකා වෙච්චි... ඉතින් යාගන්න වෙලාව ලැබුනා.කාට උනත් කාල වේලාව තියනවා නම් ඔහොම තමයි මචෝ.. ඉබේම නියෝජනේ වෙනෝ

      Delete
    3. කාල වේලාව උඹටනං අනන්ත තියෙ.. හැක්

      Delete
  13. ඉතා සිත්ගන්නාසුලු ලියවිල්ලක්!!!!! විචා තමන් ලියූ, සහ කියු දේ පිලිබඳ උපරිම වගකීමක් ගත් බ්ලොග්කරුවෙක්. කෙරූ දේවල් මම නොදත්තත් ඌ හොඳ මිනිහෙක් බව මම හිතනවා. දරුවෝ සහ බිරිය ඔහු පිලිබඳ දක්වන ආදරය තුල ජීවිතයේ බොහෝ දේ පසක් කරනවා.

    විචා....ඉන්න තැනක අඩියක් පුඩියක් ගහලා ආතල් එකේ හිටපන්!! අපි කාට කාටත් උඹ දැන් ඉන්න ඒරියා එකේ ඉඩ විවෘත බව මම නිතර හිතනවා. උඹ ඉස්සර වුනා. එච්චරයි වෙනස.

    ReplyDelete
    Replies
    1. අපිත් ඒකනෙ.. හරෙ මෙහෙ නෙමෙයි විචා ඉන්න තැනම කරටි කැඩෙන්න ගැහුවා

      Delete
  14. ඔබලා ගිය එක හොඳයි

    ReplyDelete
    Replies
    1. තව කස්ටිය ගියාලු.. මම කව්ද කිව්වා

      Delete
  15. මට දුක එක සැරයක්වත් යන්න බැරිවෙච්ච එක , අපිට කොහෙද ඉතිං එහෙම යන්න වෙලාවක් , හොඳ වෙලාවට උඹ ගියේ, නැත්තං උඹ කිව්වා වගේ ගස්ලබ්බා විතරයි හැමදාම .

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. හැක්..ප්‍රා වත් දෙතුන්පාර ගියපු එක මදැයි... සිදිල.. සිදිල...

      Delete
  16. මේ මනුස්සයා ගැන කොපමණ සටහන් තිව්වත් එවැනි සටහන් කියෙවුවත් කියාගන්න බැරි හිස් බව තුරන් වෙන්නෙ නෑ.ඒ අප වැන්නන්ට කෙසේවත් යාගන්න නොහැකි වුන නිසා වෙන්න ඇති. එහි ගිය දේශක යා වැනි අයගේ සටහන් කියවීම තැවිල්ල නිවාගන්ට පුංචි සිසිලක්

    ReplyDelete
    Replies
    1. මම මෙව්වා ලියන්න කැමති නෑ.. ඒත් ලියන්න උනා..

      Delete
  17. හරිම වටිනවා ගිය එක. ඒ ගැන මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. සුබ ගමන් විචාට..

      Delete
  18. මිතොටමුල්ලේ පැත්තේ කොලොන්නාව කනත්ත පැත්තේ යන්න බැරිවුනේ ඇයිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑව.. මට සිරියාවේ රසායනික අවි ප්‍රහාරයට ලක් වෙච්චි දරුවෝ බලන්න, පැරිසියේ ත්‍රස්ත ප්‍රහාරය, කිඹුලා කාපු දරුවා, දවස ගානේ ඇක්සිඩනට් වලින් ලංකාවේ මැරන මිනිස්සු බලන්න යන්න උනේ නෑ.. ඒකට සමා වෙන්ටෝනේ..

      Delete
  19. බේබද්දන්ට ඉලව් ගෙයක් කියන්නේ මගුල් ගෙයක් වගේ

    ReplyDelete
    Replies
    1. ආයිත් අහල.. මළ ගෙවල් ඉතරයැ. දාන ගෙවල්.. බණ ගෙවල්.. පිරිත් ගෙවල්. කඨිණ. ඔක්කෝම අපේ තමයි..

      Delete
  20. විචා මක්කැයි කීයෙ?

    ReplyDelete
    Replies
    1. කණ පැලෙන්න අඩියක් ගහගෙන ඒ කිට්ටුවෙන් ඉදපං කිව්වා..

      Delete
  21. විචාරක අයියාගේ අවමගුලට එක් වෙන්න නොහැකි වීම දුකකි. එහෙත් මියෙන්නට සති කීපයකට පෙර දිනක මමත් තිලකසිරි ඒකනායකත් අහම්බෙන් මෙන් එකට එක් වී ඔහු බලන්නට ගිය එක ගැන හිතට සතුටක් දැනේ. නික්ම යාම අප කාටත් පොදු ය.
    විචා ට සමුදෙන්නට යන ගමන් මගේ දුක සැප ද විමසා යන්නට අපේ නිවසට ගොඩ වැදුණු දේශක යා ටත් කන්නාටත් තුති පුදමි.

    ReplyDelete
    Replies
    1. ස්ධූදී. නැවත හමුවෙමු

      Delete
  22. විචාරක තුමා මෙතරම් ඉක්මනින් අපෙන් වෙන්වෙයි කියා මා කිසිදා සිතුවේ නැහැ බොක්කා...නලින්ලා ගිය වෙලේ උන්ව අදුර ගත්තේ නැහැ කිව්වම පුදුම දුකක් ඇති උනා...ලොකු දෙයක් උඹල සෙට් එක ගිය එකත්....ගෙදර උදවියත් සිතන්න ඇති බ්ලොග් ලියන්න විචා තුමා කාලය ගත කලේ මේ වගේ පිරිසක් ඉන්න නිසා නේද කියල...නලියත් සුවෙන් හිටිය නම් උඹල එක්කම එල්ලිලා එයි...

    ReplyDelete
    Replies
    1. හායි කෙන්ජි සාන්.. අපි විතරක් නෙමෙයි තම කීප දෙනෙක්ම ගිහිල්ල තිබුනා.. නලියා ඉඩ තිබුන නං ලෙඩ පැත්තක තියල යන්නේ.. චියර්ස්

      Delete
  23. අවමගුල දා (මැයි 1) කවුරුත් ගියේ නැද්ද? බ්ලොගර්ස්ලා වෙනුවෙන් කතා කරන්න අයෙකුව හෙව්වා නේද?

    ReplyDelete
    Replies
    1. මැයි 1 තිලකේ කෝචිචියේ විචා බලන්නට යනවා කියල දාලා තිබුනා. එතැනින් මතු විස්තර නොදනිමි. ඒත් උත්සවයේ කාලය ඉතුරු කරගන්න කියලා ගස් ලබ්බා ඒ කතාව ඉවත් කරගෙන තිබුනා..

      Delete