Tuesday, September 1, 2015

අම්මා!!

හුණ්ඩු තුන හතරක
පුසුඹ හමන සම්බා බත් හට්ටියද
කුරුඳු පොතු විසිරුවා
කට තෙත් වන අල බැදුමද
හැමදාම කා ඇතත්
තෙල් දැමු පරිප්පුද
ඊට සරිලන ලෙසින්
පොඩි කීරමින් බැදුමද
මතක් විය මහ දවල්

අව් රැල්ල හරියටම
ඔලුව උඩ ලගින කොට
බඩ පනුවෝ කෑගසා
ගෙදරටම ගෑටුවා

හොදට බත් පිණි එක්ක
දෙතුන් දෙන කඳු ගසා
බත් මුට්ටි හිස් කළා
මාළු පිණි මදි උනා
කාපු බඩ උස්සගෙන
රාම තෙල් අරින කොට
හිත ඇතුලේ සන්තෝසේ
ඔඩු දුවන්නම උනා..

පිපුන බඩ ගෙඩියකට
දිරවන්න ඕන විට
උණු වතුර ඩිංගකට
කුස්සියට ඇදුන දින
මිරිස් ගල පාමුලම
කළු ගැහුණු හිරමනේ
අඩලෙටම තියාගෙන
දංකොඩේ බත් එක්ක..
ඉතුරු හොදි ඩිංගකින්
අල බැදුම් භාජනේ
අම්මා බත් වළදද්දි
කාපු ටික වමාරා
බඩ හිස් කරන්නට

සිත් උනා මට එදා

ප. ලි.. - මේවා කවිද කියා ඇසීම තහනං. හැක්

148 comments:

  1. Replies
    1. මේවා කවි නෙමෙයි.. හැක්

      Delete
    2. කවිවලට වඩා වැඩියි

      Delete
    3. ගල් ගැහුනා...??? එතකොට බයිට් එකට කැවුනෙ මොනාද ඉඳගෙන ?

      Delete
    4. ඇයි මේ හැම එකාම මේව කවි තමා කියන්නෙ.

      Delete
    5. බයිටි නැතිවම.. හැක්..

      මේ ප්‍රසා නං අපේ කොන්ක්‍රිට් බාස් නෙමෙයි.. හිටං.

      Delete
    6. ඌම තමයි බොල. තෝ මගේ මූන කෑව ඉඳගෙන. හැක්..

      Delete
    7. මේ ප්‍රසා නං අපේ කොන්ක්‍රිට් බාස් නෙමෙයි.. හිටං.//
      මමත් දැක්කා තැන් දෙක තුනකම මෙහෙම දාලා තිබුනා ...

      Delete
    8. //තෝ මගේ මූන කෑව ඉඳගෙන//

      කාගෙ වුනත් හරි සීදේවී, උපාසක ලුක් එකක් තියන මූණක්.
      බ්ලොග්වල තියන හොඳම එක.
      හැලපෙටත් වඩා කියුට්

      Delete
    9. හැක්.. මං ගාව තියෙන මුණු කැල්වත් ගනිං ඉතිං..

      හැලපෙට වඩා කියුට් පින්තුරයක් තිබ්බා හිටහං දෙන්න ප්‍රා..

      https://scontent.xx.fbcdn.net/hphotos-xta1/v/t1.0-9/11947479_10153648587978793_2677363422441520007_n.jpg?oh=1b203f8b40c16dd553346ccb1fd9ad57&oe=5675B0EC

      Delete
    10. ඉහත කොමෙන්ටුව දැමුවේ මා වන මා බව සලකන්න.

      @ ප්‍රා, කාගෙද බොල උපාසක මූන. :D

      Delete
    11. අන්න නියම කෙනා ආවා.. මගේ ලව් හිලව් එක. හැක්..

      හැබෑට ඒ කව්ද කියල කියන්න බැරිද??? ආ

      Delete
    12. //මගේ ලව් හිලව් එක// ඈක්ක.

      Delete
    13. හැක්.. දේදුන්නක් පායලා පායලා..

      Delete
    14. මෙව්ව කවිද - කවි හරි මොනව හරි - හදවත පොළොවට පස් වුනා බොල කියවලා...

      Delete
    15. ගජබින්නයා.. හැක්

      Delete
  2. මේවා කවි නොකියන්නෙ කව්ද දේශ්? මුල් ටිකේනම් කටට කෙලත් ආවා. අපේ අම්මලාගෙ හැටි ඔහොමයි.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. තැන්කුයි

      Delete
  3. Lassanai. Duka hithuna. Kathawa aththa. Hama amma kenekma e wage.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා හේමමාලියෝ... ස්තුතියි අදහසට...

      Delete
    2. බඩ පණුවො නලියනවෝ
      මුවින් ඛේටය බේරෙනවෝ

      Delete
  4. මේවා කවි නෙමෙයි ඡිවිතය..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මේවා කවි නෙමෙයි ජීවිතය 2 :)

      Delete
    2. මේවා කවි නෙමෙයි ජීවිතය 2 x 3

      Delete
    3. මේවා කවි නෙමෙයි බ්‍රා හාදයන්ට.. හැක්

      Delete
    4. මේවා කවි නෙමෙයි ජීවිතය (2 x 3^2)/2

      Delete
    5. මගුලක් කතා කරනවා විදානයා. කෝ උඹ අර මකසියට අර කොලේ දීල නෑ නෙව තාම. ඌ හූල්ලනවා.. හැක්

      Delete
  5. අම්මාවරුනේ…
    අම්මාවරුනේ…
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කඳුළු දකින දා
    සුර ලොව සිට අත පා……
    ඒ කඳුළැලි පිසිනා

    අම්මාවරු නැති දරුවන්නේ
    සංකා දුක් කවුදෝ දන්නේ
    ඒ දුක දන්නා අම්මාවරුමයි
    යම් මතු දිනයක බුදු වන්නේ
    සංසාරේ මතු බුදු වන්නේ

    අම්මාවරුනේ… අම්මාවරුනේ…
    සෙනෙහස වැඩි දා
    සිතද බොළද වේ
    ලොවම ආදරේ කියා සිතී
    මායාවක්වී එහි තනිවූ දා
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මා පමණයි ළඟ ඉන්නේ

    කවි ටික මොක උනත් මොකෝ
    සන්වේදී හදවත නෙවැ ඔය අවදිවෙලා තියෙන්නෙ.

    ජය වේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න සින්දුවෝ මේ තෙ.වා. උඹේ වැඩේ කරනවෝ....

      Delete
    2. රස මසවුලු උයලා ආදරයෙන් කවලා - තව මදිදැයි තවත් දුන්න අම්මා
      අපෙ කුසගිනි නිවලා දන්කුඩ ටික සූරා - කුස්සියෙ මුල්ලේ වලඳන අම්මා

      Delete
    3. හිතට ආපු සින්දුවක් කොමෙන්ටුවේ දැම්ම විතරයි බන්
      ඕන් බලාන් "සින්දුව" ඔයිට හොඳ එකක් දාවි

      Delete
    4. සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවේ සිහිවේ අම්මා
      කරුණා ගුණයේ සාරය සොයලා නිමකට පිළිරුව අම්මා

      ආදරයේ බලමහිමේ රතු ලේ සුදු වූවා
      මෑණිය ගේ සෙනෙහසිනේ රට ජාතිය හැදුවා
      නිල්මිණි රන්කැට මේවා ඕනේද ඕනෑ නෑ ළග අම්මා
      නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා

      පාවෙන සුළගේ සිසිලස මවමින් පෙන්වයි සාමය අම්මා
      ජීවනයේ පුජාවෙන් පිදුවත් මදි අම්මා
      නිල්මිණි රන්කැට මේවා ඕනේද ඕනෑ නෑ ළග අම්මා
      නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා

      ගායනය / සංගීතය -සුසිල් පේ‍්‍රමරත්න
      ගී පද - සරත් විමලවීර

      Delete
    5. තැන්කුයි තෙවා සහ සින්දුවාට..

      Delete
    6. පැතුවත් ලෝකයෙ මොන මොන තනතුරු එක එක උදවිය
      මොනවත් නෑ පැතුවෙ අම්ම ලැබීම හැර මව් පදවිය

      දරු දුක ලියැවුනු පොත
      අපෙ අම්මගෙ හදවත

      ලැමට තුරුලු කරගෙන මා නැග්ගත් මහගිරි දඹේ
      මහන්සියක් පෙනුනේ නෑ අම්මේ මූනෙන් නුඹේ

      වැලේ හැදෙන ගෙඩි කිසිදා වැලට බරක් නොවෙන්නේ
      මොලේ තියෙන අයටයි මේ උදාහරණ කියන්නේ

      උදාහරණ නැත වෙන
      සදා පණයි ඔබෙ පණ

      මටත් වැඩිය පාසල් ගියෙ අම්මෙ නුඹයි පුංචි කාලෙ
      හෙටක් ගැනම සිතුවා ඔබ ගතවී යන සෑම වේලෙ

      කටක් ඇරල කියන්නැතුව වේදනාව ඔබෙ පපුවේ
      රටක් වටින පුතෙක් තනන්නයි නිතරම වෙර දැරුවේ

      සංසාරේ සැනසුම
      අම්මාගේ උණුසුම

      ගතේ රුසිරු මැකෙයි කියා කිරි ටික හංගා ගන්නා
      පුතේ කියන වදනෙ අරුත නොදත් මවුන් ලොව ඉන්නා

      එහෙව් ලොවේ අපෙ අම්මා සම කළ හැකි කවුරුත් නැත
      මිලක් ගෙවන්නට හැකිවෙද ලඟ තිබුනත් රුපියල් සත

      රන් මසුරන් පරදනා
      සෙනෙහස ඔබ මට ගෙනා

      විරිඳු පද: අමිල රුවන් නන්දසේන
      ගායනය: විරිඳු සහන්

      Delete
    7. නියමයි තෙවා.. තැන්කුයි..

      Delete
  6. අයියා... අපි ගෙයින් පිට තට්ට තනියම බෝඩින් කාමර වල ඉන්න කොල්ලො හරිය.. ඔව්වට එන්න එපා..
    ගිය මාසෙ මම ගෙදර ගිය වෙලාවෙ අම්ම හදලා දුන්නා බතුයි,පැශන් කොළ මැල්ලුමකුයි,නයි මිරිස් දාපු කරවල හොද්දකුයි,කිරි අල ඝනට හොදි හිටින්නයි..
    මට මතක් වෙන්නෙ මම කලබලේට බත් කටවල් ගිලිනකොට ලාවට තෙත් උන ඇස් වලින් මගෙ දිහා බලන් උන්නු මගෙ අම්මා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපේ අම්ම හදනව බං ඉස්සර පොලොස් ගැට මැල්ලුමකුයි . ලංකා අල දාල කීරමිං හොද්දකුයි . මං කනව බුරිය උල් වෙන්ඩ . හාල් මචං තම්බපු හාල්.                         අනේ මං දන්නැ බං දැං හාල් හොද නැද්ද. කීරමිං නරකද . තියන අර්තාපල් නරකද . බට් ගස්වල පොලොස් අවුල්ද , එහෙමත් නැත්තං දැන් ඉන්න ඇයොන්ට උයන්ඩ දන්නැද්ද කියල .                                      අම්මගේ මස් හොද්දේ රසට මස් උයන හැටි නං මං අහගන ඉගන ගත්තා ෂෙපාකි සර් ගෙන්  . වැඩේ කියන්නේ දැං අම්මට මතක නැද්ද කොහෙද එහෙම උයන හැටි

      Delete
    2. //මට මතක් වෙන්නෙ මම කලබලේට බත් කටවල් ගිලිනකොට ලාවට තෙත් උන ඇස් වලින් මගෙ දිහා බලන් උන්නු මගෙ අම්මා..// කියන්න ආව දේ ලියා ගන්න බැ මචෝ ..

      ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
      ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා
      ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
      කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

      රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ
      රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් සිත නෑ නිදි විඳ ගන්නේ
      හෙට අරුණට සැරසෙන තව දවසක් ගැනනින්දේ හීන දකින්නේ
      මහ මායාවනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ

      ගමට කලින් හිරු....

      වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා
      බෝ මළුවට ඇවිලෙන පහන් වැටක් වී තුන් සිත නිවී සැදේවා
      මතු උපදින සසරේ විශාකාව වී මෙත් මග නෙත් හමුවේවා
      ඇත් රැජිණියනේ ඔබෙ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා

      ගමට කලින් හිරු....

      ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
      ගී පද /සංගීතය - සුනිල් දයානන්ද කෝනාර

      Delete
    3. ඕං කස්ටියගෙම මතක අලුත් වෙලා.. ජය වේවා..

      Delete
    4. එළදබ්‍රා ගස් ලබ්බා.. හැක්

      Delete
    5. ඉහි.. ඉහි.. ඉහි...
      මට ගමට යන්න ගමට යන්න
      කුරුළු පිහාටුවක් එවන්න..
      පොඩි මල්ලි අතෙ අනේ අම්මෙ
      කුරුළු පිහාටුවක් එවන්න..

      තාමත් බොලා කියනවාද මේවා කවි නෙමෙයි කියලා...??? බලහං බොක්ක රත් වෙන තරම.. නියමයි දේශෝ...!
      ජයවේවා..!!

      Delete
    6. නියමයි ගස් ලබ්බෝ.. තැන්කුයි..

      Delete
  7. මෙවැනි අත්දැකීමක් මටත් වුනා ගොඩක් කාලයකට ඉස්සර. එදාට පසුව මම ගෙදර ගියවිට අම්මාත් මම කන විට නොකනවානම් මම කන්නේ නැහැ. ගස් ලබ්බ ගේ අත්දැකීමත් සංවේදීයි.

    ReplyDelete
    Replies
    1. නොහිතන තාක් අසංවේදි නොදකින දසුන්.. නේද ඉයන්..

      Delete
  8. මාත් යනවා අම්මාව බලන්න මේ වසර අගදීවත්!

    ReplyDelete
    Replies
    1. හැබැයි යන්න කලින් උඩින්ම දාන්න මව්බිම පළමුව කියලා.. හැක්.. ජය

      Delete
  9. අම්මලව පුනරුත්ථාපනය කරන්න මොකක් හරි වැඩ පිළිවෙලක් පටං ගන්න කියලා ආණ්ඩුවට බල කරන්න වීදි බහිමුද?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඉතිං අල බහින වැඩක් තමා හෙන්රියෝ..

      Delete
    2. අඩේ අද උඹ මගෙ නම හරියට ලියලා. විලිලැජ්ජා සං‍තෝසෙ බෑ. වෙනදට ‍තෝ ලියන්නේ එක්කෝ හෙන් රි නැතිනං අර චිත්‍ර ශිල්පියා බෙම්මුල්ල ලියපු විදියට හැන්රි කියල.

      උඹට අසනීපයක්වද්ද?

      Delete
    3. නෑ නෑ.. මොලේ වයර් එකක් බල්ලෝ කාලා බං.. හැක්..

      Delete
  10. අපේ අම්ම උයන ඒවා දැං ඉස්සර වගේ රහ නැ බං . පරන රෙසපි ටච් කරන්ඩ බැරුවද කොහෙද අසනීප හන්ද . අනික දැං එයාට කුස්සිය තහනං කොරල චුටි අක්කා

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම හිතිලා තියනවා මචෝ ...ඉස්සර වගේ රහට උයන්නේ නැ ...

      Delete
    2. උවමනාව තිබුනත් බැරිව ඇති බං. අපේ ලොකු අම්මටත් හොදටම උවමනායි අපි ගියාම රහට කෑම ඩිංග උයල දෙන්න. ඒත් දැං එයාට බෑ. දගල දගල කෝම හරි උයනවා. අපිත් ඉතිං ඉස්සර වගේම රහයි කියන කොට, කුස්සියේ දොර රෙද්දට මෙපිටින් දැලි ගෑවුන ඇදුමේ අත තියාගෙන බලාගෙන ඉන්නවා.. හැක්..

      Delete
  11. අපේ අම්මා තෙල් බිංදුවක්වත් නොදා හාල් මැස්සො තෙල් පෑදෙංට උයන හැටි මතක් වුණා. දුකයි බං.

    ReplyDelete
    Replies
    1. මොකට දුක් වෙනවද බං.. ජීවිතේ එමයි..

      Delete
  12. ඔක්කොම පිරිමි ලමයින්ට අම්මා උයලා දීපුවා මතක් වෙලා. හොඳට උයන්ට පුලුවන් හන්දා ගෑනු ලමයි තාම කමෙන්ට් කරලා නෑ. :P

    ReplyDelete
    Replies
    1. ගැනු ලමයි හරි නරකයි.. හැක්..

      Delete
    2. අනේ  ඉතින් මොකටද මගේ කට . හිතට එන මුමුනන එව්වා කොටන්ඩ බැ මෙතන , වලදක් ලිපේ තියාගන්ඩ බැ කියල හොර කොටන ගෑනිටම බත් රස්සාව පටවන  පිරිමි මේලෝකේ රහක් නැති ඌරු කෑම කැවට අපිනං කයි....කරුමේ කියන්නේ ..මේ ලලනාවොම මෙව්වට උල්පංදං දෙන එකනෙ

      Delete
    3. හම්මෝ මම වනිතා ඇන්ටිට එන්න කියන්නං.. හැක්..

      Delete
  13. කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
    සුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා
    වෙල් දෙණි වල ඇවිද ගොසින්
    වෙරළු ගෙනැත් අම්මා
    ඉණි වැට ළඟ බලා හිදී අපි එන තුරු අම්මා

    මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
    පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
    සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
    අම්මාවරුන් දුක් වින්ඳා හඬාලා

    දරුවන් අනේ රජ වෙන තුරු මග බැලුවා
    දුක සැපබලන්නට නාවත් සෙත් පැතුවා
    දරු සෙනෙහසින් මුහුඳත් කඳුලක් කරවා
    බුදුවන පුතුන් හට ඇය ඉණිමං තැනුවා

    පද රචනය: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
    තනු රචනය: බන්ධුල විජේවීර
    ගායනය : දීපිකා ප්‍රියදර්ශනී

    https://www.youtube.com/watch?v=Qqqt0F5_mq0

    ReplyDelete
    Replies
    1. මාත් ආසම තනුවක් බං ඒක.. ජය වේවා ගෙම්බෝ..පවුලිසෝ..

      Delete
  14. [කට තෙත් වන අල බැදුමද
    හැමදාම කා ඇතත්
    තෙල් දැමු පරිප්පුද
    ඊට සරිලන ලෙසින්
    පොඩි කීරමින් බැදුමද]

    මේ තුන මේ විදියටම ඉස්කෝලේ යද්දී බත්මුලට බැඳලා දෙනවා. ඔන්න නිවාඩු කාලේදී අම්මයි තාත්තයි වැඩට යද්දිත් දවල්ට කන්න බත්මුලක් බැඳලා තමයි යන්නේ. කෙසෙල් කොලේ බත් මුල බැන්දම තියෙන රස ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ..



    ReplyDelete
    Replies
    1. මටත් එමෙහයි බං.. හැමදාම ඒ ලෙවල් කාලෙදි දවල්ට කන්න කියල අම්මා බැදල දෙන බත් මුලේ තියෙන්නෙම ඔය ටික. ඉදල හිටල දවසක බිත්තරයක් හෙමත් තියෙනවා. කවදාවත් එපා වෙලා නං නෑ.

      Delete
  15. "මිරිස් ගල පාමුලම
    කළු ගැහුණු හිරමනේ
    අඩලෙටම තියාගෙන
    දංකොඩේ බත් එක්ක..
    ඉතුරු හොදි ඩිංගකින්
    අල බැදුම් භාජනේ
    අම්මා බත් වළදද්දි"// මට මේ සිද්ධිය මැවිලා පේනවා .අපේ අත්තම්මා මෙහෙම කරනවා මම මගේ ඇස් දෙකින්ම දැකලා තියනවා .ඒ ඇයි කියලා මට එදවස් වල වැඩිය තේරුමක් තිබුනේ නැ .පස්සේ තමයි තේරුනේ බඩවල් දොළහක් පුරවලා තමයි එයා බද පුරවා ගන්නේ කියලා ..එත් ඒ මුනේ කවමදාවකවත් කලකිරීමක් දැකලා තිබුනේ නැ .දැන් ඒ විඳපු දුකට හරියන්න පොලියත් එක්ක අපේ අත්තම්මා සැප විදිනවා .. නියමයි දේශෝ ..මේක තමයි ජීවිතය .අම්මා කියන්නේ අම්මාම තමයි ..

    වෙහෙරක් වගේ පිංදුන් කෙනෙක්
    දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්
    කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
    වේ නම් ලොවේ නුඹයි අපේ අම්මා....

    සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
    වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
    ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
    වේ නම් ලොවේ නුඹයි අපේ අම්මා....

    කදුළක් වෙලා දුක් වූ කෙනෙක්
    දියඹක් වෙලා තුටු වූ කෙනෙක්
    ගගුලක් වෙලා පැන් දුන් කෙනෙක්
    වේ නම් ලොවේ නුඹයි අපේ අම්මා....

    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
    ගී පද -පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි

    ReplyDelete
    Replies
    1. සතුටුයි බං මේ වගේ අදහස් දකින කොට..

      Delete
  16. අම්මගෙ බත් මුලේ රස මතක් උනා බං.කියවල නිකංම යන්නයි හැදුවෙ.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ ටිකකට හරි නැවතුනා නේ හැලපයෝ.. ජය.

      Delete
  17. සංවේදී කවි පෙලක්.හැමෝටම තමන්ගේ අම්මාව මතක් වෙලා නෙතට කදුලක් නැගෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මේ අදහස අපේ බස්සි හරි චෙපාකි හරි (මාතලං ඕන නෑ.හැක්) ලිව්ව නං මීට වඩා සංවේදි වේවි කියල හිතෙනවා.. ස්තුතියි ගිම්..

      Delete
  18. මැටිමුට්ටියේ ඉදිච්චි දංකුඩ හිරමනය අම්මා අරං යනවා හැමදාමත් අප අතීතතයට. අගෙයි දේශෝ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලියා. මොක උනත් උඹ මුණුපොතේ නැති එක පාලුවක්....

      Delete
  19. මේවත් කයිද හෑ..? නෑබං ගින්දර නිසැඳැස්....

    උඹ මේ මගුලක් කතා කොරනව.. හොදි හට්ටියේ දංකුඩ අම්ම අනල කවනකොට කොච්චර රහද යකූ.... සැක්.. ඉස්සර අම්මට කන්න වෙන්නෙ ඩිංගිත්තයි... වැඩි හරිය මං කවෝ ගන්නව බං...මම ඉස්සර අම්මට බනිනව රසම හරිය ඔයා කුස්සියට වෙලා හොරෙං කනව කියල..

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙනවා හැමෝටම එකම අත්දැකීම..

      මාතලං ගොයියා ආවනං කියාවි මේ බ්ලොග් කාරයෝ ඔක්කෝම හිගන්නයෝය කියලා.. හැක්.. ස්තුතියි ඩුබායි වට්ටක්කේ..

      Delete
    2. හෑ...??? ඇත්තට කෝ මේ මාතලං කාරය.. මේ යකා රොකට් රෝහිනීව හම්බුවෙන්නවත් ගිහිංද මන්දා.......

      Delete
    3. අනිවා සුද්දෙක්ගේ බෝතලයක් ගහනවා ඇති කොහේ හරි වෙලා කැලේක.. හැක්

      Delete
    4. මාතලන් අල්ලලා කූඩු කරලා කියලයි ආරංචි , කුරුවිට පැත්තේ ..හැක්

      Delete
    5. එහෙනං ඉතිං ජුස් එක්ක ගල් ගහනවා ඇති.. හැක්..

      Delete
  20. නියමයි බං. මේව කවි වලට වඩා ඉහලයි.
    ඔය අල බැදුං, පරිප්පු තෙල් දාල මාත් අනන්තවත් කාල තියෙනව.

    සක්වල එතෙරට ඇසෙනා
    අනන්ත ඈතට දැනෙනා
    මුළු මිහි තලයම කම්පා කරවන
    එකම හඬයි අම්මා...
    මෙතේ බුදුන් දැක නිවන් දකීවා
    ගෙදර බුදුන් අම්මා...

    කල්ප කාල දිගු ගමන් තලාවේ...
    ගිමන් නිවාලන දිය කඳුලයි ඔබ
    කරපිට හිඳුවා එගොඩට පීනා
    සමුදුර තරණය කරලා
    මවකගෙ මුවඟින් විවරණ ලැබුවා
    බුදුහිමි බුදු බව පතලා...

    සුරංඟනාවන් පැල් බැඳ අහසේ
    දොහොත් මුදුන් දී වැඳ වැටෙනා සඳ
    රතු ලේ කිරි කල පිං මහිමයටයි
    අම්මාවරු දුක් ගන්නේ...
    ඒ කිරි සුවඳට පරිභව කල පුතු
    නිරයේමයි උපදින්නේ...

    ඇයි අපි කියල සිංදු දැම්මම නරකයිද හිටං.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ හිටං.. ඔය තියෙන්නෙ නියමෙට.. සින්දු ඇනෝ කාරයා බොට කොචොක් දැම්මොත් මට කියහං.. හැක්

      Delete
    2. ගායනය - එඩ්වඩ් ජයකොඩි / නන්දා මාලනී
      පද රචනය - උපාලි ධනවලවිතාන.
      සංගීතය - සරත් දසනායක.

      Delete
    3. කොන්ක්‍රිර්ට් බාස්ට අමතක උන ටික.. නියමයි සිංදුවා.. හැක්

      Delete
    4. ඇතුල් හිතේ හිත පතුලේ පරිස්සමින් හන්ගා
      තුරුල් සුවේ සියුමැල්ලේ පිරි මැද නිදි කරවා
      පතුල් පවා සිබ සිබ නිදුකින් මා කර පින්නා
      නැලවිල්ලේ ආත්මයම උනුහුම් කල අම්මා
      මගේ… අම්මා…

      වචන රහිත දිගම තේම ගීය කවිය අම්මා
      දුකින් තොරව දිවි ගෙවන්න පාර කිව්වෙ අම්මා
      නැති බැරු කම් හංගා ඇති දේ පිරි මහලා
      කවා පොවා හැදුවේ අම්මා
      ආත්මයම පැතුවේ අම්මා…

      හරිම තැනින් පටන් ගන්න කියා දුන්නු හින්දා
      හොදම දෙයක් කරන්න යද්දි සතුටු වෙන්නෙ අම්මා
      සැප විදිනවා දැකලා හිස සිබ සුව පතලා
      හිනා වෙවී හැඩුවේ අම්මා
      ආත්මයම හැදුවේ අම්මා…

      ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්

      Delete
    5. තව පොඩ්ඩකිං අර හාමුදුරුවන්ගෙ කවි බණ එකත් ගියොත් තමයි කෙලවෙන්නෙ.

      Delete
    6. හැක් හැක්.. අර වික්ටර්ගේ අම්මා මතක් වෙලා නැහැ නෙව තාම..

      Delete
    7. ප්‍රසා කවි බණත් එපා උනා බන් ඒක අහලා ....පුදුම වදයක් උනා .බස් එකක යන්න බැ ත්‍රිවිල් එකක යන්න බැ ...හැමතැනම මේ මගුල දානවා ....

      Delete
    8. සිංදු ඇනෝවිට කියල සිංදුවක් ලියාගමු එහෙනං..

      Delete
    9. ඒකනං මළ අඬවැඩියාවක් තමයි.

      Delete
    10. ආදරයේ උල්පත වූ අම්මා
      මා ඔබගේ පුතු වූ
      ඔබ මතු බුදු වන දවසේ
      මා රාහුල කුමරුන් සේ
      සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
      සුලගිල්ලේ එල්ලී

      සඳ දිය කොට කිරි වතුරෙන්
      ඒ දියරෙන් මුව දොවා
      දිව මතුරක්වන් නැළවිලි ගියෙන්
      මතකයි මා නැලවුවා
      ජිවිතයෙන් ජිවිතයක් ගෙනදී
      ඒ ජිවිතයට කිරී දී පණ දී
      මා දැඩි කල අම්මා

      තුරුලට ගෙන අත්පා හැඩ ගස්වා
      නිදිගන්වා යහන් ගැබේ
      සිහිනෙන් ගෑ සුවඳක් සේ
      සිහිවෙයි ඒ සුවඳ ඔබේ
      දවසින් දවසට සෙනෙහස ලබැදි
      ගෙනදී දිවියට නව පණ ලබැඳි
      මා දැඩි කල අම්මා

      ඔන්න වික්ටර් ගේ "අම්මා"

      Delete
    11. තැන්කුස්.. මනෝ..

      Delete
    12. ඉර මුවාවෙන්න අත ලඟක වුනත්
      හිත හදාගන්න මග බලනා
      නෙතු පුරා ඉදින් දැක බලාගන්න අම්මා
      තවමත් මග රකිනා අම්මා...

      තරු පොකුරු මැදට සුදු සඳක සිනා//
      ඇස ලඟට නුඹයි ගෙන දුන්නේ
      රලු පරලු ලොවක මට සිනිටු කමට
      හිත නිමනවදන නුඹ දුන්නා
      අම්මා......

      ඉර මුවා වෙන්න//

      කිරි කර බුලයට නිල් සිහින දෙමින්//
      දරු සුවය නිබඳ විඳ ගත්තා
      ලොව මවපු පිනට ලොව මවෙත කරන්
      නුඹ නමට ලොව ම හිස නැමුවා
      අම්මා//

      ගායනය: සෙව්මිනී සන්ජනා

      සින්දුවා ඕකේ නම් අපිත් දෙන්නම් සින්දුනම් ඇති වෙන්න. හැක්

      Delete
    13. සින්දුවාගෙන් අහන්න දෙයක් නෑ.. නියමයි. මං මේක අහල නෑ..

      Delete
  21. මෙන්න මචං හිතට දැනෙන කවි...

    ReplyDelete
    Replies
    1. මෙන්න ඉන්නවා හොලවන ග්‍රැම් එකෙක්.. හැක්. තැන්කුයි නාඩියා

      Delete
  22. මෙවුවා කවි වලටත් එහා ගිය ඒවා බං අයියේ..

    අම්මලා ඉතින් ඔහොමම තමයි..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි බං.. මට නං නිකං සංවේදි බව තවරපු වචන ගොඩක් වගේ පේන්නේ..

      Delete
  23. අම්මා උයනවා වගේ උයන්න කාටවත් බැහැලුනේ හිටං.

    ReplyDelete
    Replies
    1. ඒක තේරෙන්නේ ගෑනු ගත්ත දාටලු නේ හිටං.. හැක්

      Delete
  24. Replies
    1. කවි නෙමෙයි නේහ්.. කොහේද බං තෝ හැංගෙන්නේ..

      Delete
  25. සංවේදී නිර්මාණයක්, මේ ගොඩක් අම්මලාගේ ජීවිතය බව මට හිතනවා...

    පුතාලට අම්මලාගේ කෑම වල රස සහ එයාලගේ දුක පේනවා වැඩිද මන්දා දුවලට වැඩිය.
    අපේ මහ ගෙදර හදන කෑම වල පුදුම රහක් තියෙන්නේ, විශේෂයෙන් හින්දල හදන හාල් මැස්සෝ හොද්ද, කරවල හොදි, බැදුම් මේ කොයික එක්කත් බත් මරන්න පුළුවන්.
    අපේ අම්ම උයන කෑම වලට මගේ හාමිනා විතරක් නෙමෙයි උන්දලාගේ පවුලේ අනිත් අයත් වහ වැටිලා ඉන්නේ.
    මටත් ඉතින් ඔය හේතුව නිසා ගෙදර ගියාම හුස්ම ගන්න බැරි වෙන වතාවල් ගාන සෑහෙන වැඩියි.

    හැබැයි ඉතින් මම දන්න කියන කාලේ අපේ අම්මට වළන් අඩියක්නම් හුරගෙන කන්න වෙලා නැහැ කවදාවත්.
    ඒකට හේතුව අපේ ගෙදර අයට උණු උණුවේ කෑම කන්න ඕනේ කියන ලෙඩේ නැති නිසා කොයි වේලටත් වැඩිපුර බත් හොදි හදනවා.
    ඊළඟ වේලට අලුතෙන් බත් හොදි හැදුවට අර පරණ ඒවත් ඉවරයක් කරගෙනම තමයි අනුභව කිරීමේ කටයුතු ඉෂ්ඨ සිද්ධ වෙන්නේ.
    ඒ නිසා ලේසියෙන් කෑම මදි වීමක් වෙන්නේ නැහැ...

    නමුත් අපේ අම්මට කොහෙත්ම දුක් අනුභව කරන්න ලැබෙන්නේ නැහැ කියන එක නෙමෙයි මම කියපු වචන ටිකෙන් කියවෙන්නේ...
    අම්මලට දුක් ලැබෙන මොන තරම් දේවල් දරුවෝ වශයෙන් අපි අතින් සිද්ධ වෙනවද...

    ReplyDelete
    Replies
    1. වටිනා ජීවන අත්දැකීමක්.. ලොකු පුතා උඹට ලස්සනට අකුරු කරන්න පුලුවන්.. ජයවේවා..

      Delete
  26. මෙව්වා තමයි කවි දේශකයෝ..

    හිතට කතා කරන කවි!

    ReplyDelete
    Replies
    1. කාලෙකින් හංචියෝ.. ජය වේවා.

      Delete
  27. නිමි නැති නුඹ අනන්ත ගුණ කවි කෙරැවෙමි අමිමා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝ.. ඇන්ඩ් වෙල්කම් ටු මයි දේශනාස්..

      Delete
  28. කල්දේරම් බත් කන අපිව අඬවන්නෙපා බොල.

    ReplyDelete
    Replies
    1. හැබෑට මචං විදානයෝ. මේකා ගුරු පුහුණු කිය කිය වැලිකඩවත්ද ඉන්නේ.

      Delete
    2. ඔව් ඔව්... ඒහේ විදුහල්පතිලා දෙක තුනක් ඉන්නවානේ... ඉතින් මූ හිතාගෙන ඉන්නේ ගුරු පුහුනුවක් කියලා.... අපි ඉතින් මොකුත් කියන්න ගියේ නෑ.. අහිංසකයානේ.....

      උගේ හීනය උට දකින්න ඉඩ හරින්න......

      Delete
  29. ඇහැට කඳුළු එන නිර්මාණයක් දේශා. (මේවා කවි තමයි යකෝ!) අපි කාගෙ කාගෙත් අම්මලා ඔහොම තමයි.
    (කීරමින් නම් කාපු කාලයක් මතක නෑ. :/ )

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ ඔච්චර සැරෙන් කියන්නේ.. මට බය හිතනෙවා. හැක්.. නැත්කුයි තරු මලයා..

      Delete
  30. සුපිරියි දේශකයෝ... නියම කවියක්
    මීට සමානම සිද්ධියක් මාත් අත්දැකලා තියෙනවා
    ජයවේවා දේශක!

    ReplyDelete
    Replies
    1. සුපිරි නං නැතිව ඇති බං ඔය කිව්වට. ස්තුතියි උඹටත් කලර් කුලකයෝ..

      Delete
  31. හිත් හිරිවට්ටන කවි...
    නියමයි දේශා..
    ඉක්මනට ගෙදර ගිහින් එන්න හිතුනා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. උඹ ඉතිං නිට්ටඹුවට වෙලා හිටියම හරියනවයි බොලේ... බෆර් එකක් වැඩි පුර අරගෙන ගමේ ගිහිල්ල වරෙන්..

      Delete
    2. හිරිවැටෙනවනං මොකක් හරි ලෙඩක් ඇති.
      ඉක්මනට ළඟම රජයේ රෝහලට පල.

      Delete
    3. දන්න දවසේ ඉදලම ඕකගේ හිරි වැටිල බං.. හැක්

      Delete
  32. සංවේදී කවි පෙඅලක් දේශකයා .
    http://nelumyaya.com/?p=4096

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජියා.. මේ දවස් වල බිසීද??

      Delete
    2. නිවාඩු ගිහින් හිටියා.

      Delete
    3. ඒක හොදයි. එන්ජීඕ සල්ලි වලට කරන්න දේකුත් තියෙන්න එපායැ.. හැක්...

      Delete
  33. ලස්සනයි දේශක ..... ඉස්සර කැම්පස් එකේ වේලිලා ගිහින් අම්මගේ බත් කැවම මගේ බඩත් රිදෙනව... එතකොට නම් අම්ම කියන්නේ ඔය හීන් වෙච්ච බඩවැල දිගඇරෙනවද කොහෙද කියලා...

    ඇයි සින්දු.... කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්.....

    අම්මලා විතරයි මෙහෙම

    ReplyDelete
    Replies
    1. හැක්.. අපේ අම්මත් නිතරම කිව්ව බඩ වැල් හීන් වෙලාය කියලා..

      ජය වේවා. සබරෙ..

      Delete
  34. කදුලු හෙළා නෑඹිලියට සහල් ගරන අම්මා.................

    ReplyDelete
    Replies
    1. තැන්කුයි කුර්ට්ටෝ...

      Delete
  35. ඔය කොහෙන් කෑවත් අම්ම හදන කෑම වගේ රහ නෑ .කඩෙන් කෑවත් අන්තිමට හිතෙනව සම්බෝලෙයි බතුයි කෑව නම් මීට වඩා රහයි කියල .අපේ අම්ම හදන බත්මුල කැම්පස් එකේ යාළුවො වටවෙලා රහයි රහයි කියල බත් ඇටයක් වත් ඉතිරි කරන්නැතිව කනකොටත් දැනෙන්නෙ ලොකු සතුටක් :)

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමයි නිදි හංසියෝ..

      Delete
  36. සන්නස්ගලට උනා වගේ මට මේ 'අම්මා' මිස් උනානේ.. :/

    අරුමෝසම් කෑම හිතමිතුරන් ලබලා
    උන්නත් හිනාවෙන් රස මුසු බස් තෙපලා
    පොල්සම්බලයි කරවල බැදුමයි හදලා
    ආවම කවන්නම් ළඟ ඉඳගෙන අනලා..

    මේ අපේ අම්ම 97දි මට ලියල එවපු කවි ලියුමක එක කවියක්..

    ReplyDelete
    Replies
    1. අම්මගේ ආදරේ දෝරේ ගලා යනවා බං.. .තැන්කුයි කමියා..

      Delete
  37. කීරමින් බැදුම : බොහෝ කාලයකින් කාලා නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ මතකය වුනත් රසයි නේ

      Delete
  38. කියන්න වචන නෑ......... සුපිරි, පට්ට, නියමයි, අපූරුයි.......... ඔය ඔක්කොම............

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ආර්යන්.. තැන්කුයි

      Delete
  39. අඩේ අප්පා දැන් තමයි දැක්කේ. බඩගින්න මෝරගෙන එන වෙලාව ! වින්ද රසය කියාගන්න බැරිතරම් !

    ReplyDelete
    Replies
    1. සාරිකාව දැක්ක කල්.. දැං කොහේද ලමයෝ ඉන්නේ.. කන්න කන්න ඇති තරං.. හැක්

      Delete
  40. ඔන්න දැං ඉතින් දිගටම ඉන්නවා පහුගිය දවස්වල ආත ලෙඩ වෙලා එයාට සාත්තු සප්පායං කරන්න වුනා. දැන් ටිකක් හොඳයි බණින්න ඒහෙම පටන් අරන්.

    ReplyDelete
  41. දේශා මරැ බං... අම්මා මතක් උනා...තව මාසයයි අම්මා බලන්න යනවා... :)

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ශානු.. ජය

      Delete
  42. මේක නමි බොක්කටම වැදුන දේශකයා .......!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් විරාජ්.. ස්තුතියි අදහසට..

      Delete