Thursday, May 10, 2018

බංග බංග බන්දු!! (Bangabandhu -1 Satellite)

සන්නිවේදන චන්ද්‍රිකාවක් හිමි දකුණූ ආසියාවේ තුන් වැනි රට වන්නට බංගලාදේශයට අද රාත්‍රිෙය්දි හැකි වේවි. සියල්ල යහපත් අතට තිබුණොත් ලංකාවේ වේලාවෙන් 11 වැනිදා පාන්දර 1.30 ට විතර චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව තම ගමන ආරම්භ කරාවි.


 එතකොට කව්ද දකුණු ආසියාවේ අනිත් ලොක්කෝ දෙන්නා. එක්කෙනෙක් නිතරඟයෙන්ම ඉන්දියාව. අනිත් කෙනා ඔව්. ශ්‍රී ලංකාව තමා. ඔහේලට මතකද දන්නෑ අපේ අප්පච්චි රජකම් කරන කාලේ සුප්‍රිම්සැට් කියන කම්පැනියක් ලංකාවටම කියල චන්ද්‍රිකාවක් ගුවන් ගත කරාය ඒක රෝහිත කියල නම් කරාය කියලා. හැක් හැක්. ඔය චන්ද්‍රිකාව යවන වෙලාවේ අපි සිංදු හිටං හැදුවා මතක නෙ.

කොහොම උනත් ලංකාවේ නමින් තිබෙන චන්ද්‍රිකාව අයිති වන්නේ පුද්ගලික සමාගමකට. මනිවාදන් කියන ව්‍යාපාරිකයා හට අයිති SupremeSat කියන කම්පැනිය විසින් චීනය කක්ෂගත කරන ලද ChinaSat-1 කියන චන්ද්‍රිකාවේ බහුතර බලය .. නෑ නෑ.ඒ චන්ද්‍රිකාවේ බහුතර සන්නිවේදන පහසුකම් මිලදී ගත්ත නිසා ඒ සැටලයිට් එක සුප්‍රිම්සැට් -1 කියල නම් කරාය කියල තමා කියන්නේ. අපි ඔව්ව ගැන එච්චර කතා කරන එක තේරුමක් නෑ මොකද රජය මුදල් යොදවල කරපු ක්‍රියාන්විතයක් නොවෙන හින්දා. කෝම හරි කමක් නෑ අපිටත් චන්ද්‍රිකාවක් තියෙනවා හරිය.

බංගලිදේශයේ TRC එක විසින් දියත් කරන ලද ව්‍යාපෘතියක් මඟින් ඩොලර් මිලියන 250 ක් විතර වියදම් කරලා ලෝකේ නම ගිය චන්ද්‍රිකා නිෂ්පාදන ආයතනයක් වන Theles Alania සමාගම වෙතින් මෙම චන්ද්‍රිකාව මිලදී අරගෙන ටෙස්ලා කාර් කම්පැනියේ අයිතිකාර ගරු ඉලොන් මස්ක් මහත්තයා හට අයිති SpaceX කම්පැනියේ Falcon 9 රොකට්ටුවකින් තමා මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කරන්නේ.


ටොන් තුනහමාරක් විතර බර මෙම චන්ද්‍රිකාව පෘථිවියේ ඉදල කිලෝමීටර් 32000 ක් විතර දුරින් පිහිටන ස්ථාවර කක්ෂයක රදවනු ලබන අතර කෙලින්ම පෘථිවි තලයේ බංගලාදේශයට ඉහලින් රදවන නිසා චන්ද්‍රිකාවේ චලනය පෘථිව භ්‍රමණ වේගයට සමානව ගමන් කිරීමෙන් මුළු කාලය පුරාම බංගලිදේශයට ඉහලින් පිහිටුවීමට කටයුතු කරනවා. ඒක නිසා කිසිදු බාධාවකින් තොරව පැය විසි හතරෙම සන්නිවේදන පහසුකම් සපයන්නට හැකි වෙනවා. ඔය කක්ෂයට කියන්නේ geostationary Transfer Orbit කියලා.

හප්පා කියන්න අමතක උනා නේ මේ චන්ද්‍රිකාවේ නම බංගබන්දු -1. බංගබන්දු කියන්නේ බංගලිදේශය ස්ථාපිත කිරීමට මූලික වෙච්චි ෂෙයික් මුජිබර් රහමන් මැතිතුමාගේ සුරතල් නාමය. (බංගලියන්ගේ මිතුරා කියන එක තමා බංගබන්දු කියන්නේ) බංගබන්දු මුස්පිකර් රහිම් හැක්

ඉතිං මේ චන්ද්‍රිකාව යවන රොකට්ටුවත් විශේෂිත එකක්. ස්පේස්එක්ස් ආයතනය මේ අවුරුද්දේ යවන අටවැනි රොක්ට් එක තමා මේක. අද යවන රොකට්ටුවේ මූලික කොටස (බූස්ටරය) නව මාදිලියක ප්‍රථම රොකට්ටුව. ඔය කිව්ව බූස්ටරේ චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව නිසි වේගයකින් තල්ලු කරාට පස්සේ නිකම්ම වැටිල චුත වෙලා නොයා ආයි මූද මැද්දෑවට බාගන්න තමා මස්ක් උන්නැහේ වෙහෙස මහන්සි ගන්නේ. මේ වෙනකොට ඔය රොකට් ආපහු බාන එක සම්බන්ධව ස්පේස් එක්ස් කම්පැනියට හොද පලපුරුද්දක් තියෙනවා. මේ පෙබරවාරි වලදි යවපු තඩි රොකට් එකක් බූස්ටර් දෙකක් එකම තැනකට බාන්න පුලුවං වෙච්චි විත්තිය දන්නවා ඇති නේ. 


ඉතිං චන්ද්‍රිකාවක් හිමි 57 වන රට බවට පත් වන බංගලාදේශයට අපි සුභ පතමු.

මෙන්න රොකට් දෙක බාන හැටි.


පලි - රොකට්ටුව යවන හැටි ලයිව් බලන්න කැමති අය ඩේටා කපාගන්නත් කැමති නං මේ ලින්ක් එකේ තියෙන ලයිව්ස්ට්‍රිම් එකට රිමයින්ඩර් එකක් දාගන්න. (මෙන්න ලින්කුව (තදට ඔබන්න)) හැක්

Update - රොකට්ටුවේ ස්වයංක්‍රීය පද්ධතියේ අවුලක් නිසා බන්දුව උඩ යවන්න බැරි වෙලා. ලංකා වෙලාවෙන් 12 පාන්දර යවන්නයි දැං ලැහැස්තිය.

28 comments:

  1. උඩ ඉඳන් නයි පෙන්නන්නයි එහෙනම් සූජානම..

    අපි හැමෝටම කෝචොක් කර කර ඉන්නකොට උන් ඔක්කොමල්ල අපිව ටික ටික පහු කරන් යනවා නේද?

    ReplyDelete
    Replies
    1. අපි උන් හැමෝවම පාස් කරන් යනවා අංජනම් වලින්,කොඩිවින,බන්ධන වගේ එව්වයෙන් ඉදිරියටම.කොහොමද අංජනම් දේවි යවලා කාලගුණ වාර්තා එහෙම අරන් දුන්නාම නාසා එකත් කොර කරන්න ඇහැකි වේවි නෙහ්.

      Delete
    2. ඇත්ත ඇත්ත පට්ට ඇත්ත. එ්වයින් අපිට ගහන්න ජාතියක් නෑ...

      Delete
    3. චුට්ටක් ඉන්න, රාවණා නැගිටලලුනෙ. බ්‍රේක්ෆස්ට් වලින් පස්සෙ ඔය ඔක්කොම කරයි. ඒ කාලෙ ලෝකෙ විතරක් නෙමෙයි විශ්වයේම ඔක්කොම හොයාගෙන, පටන් ගෙන, කලා නෙ. අනිත් එක ලංකාව ගුරුත්වාකර්ශණය වැඩිම / අඩුම, මැග්නටික් වැඩිම/.අඩුම, විශ්ව සක්තිය හොඳම තැන කියනව නෙ. හදිස්සිම නම් නාත දෙයියන්ට කියලා හීනෙන් කරන්න පුලුවන්. අඩු ගාණකට ඕනෙ නම් වාලම්පූරියෙනුත් පුලුවන්.


      අපි හිතලු වලට විද්‍යාව ආරෝපණය කිරීමටත් හපන්නු. Pseudo-science ඉහලින්ම තියනව.

      Delete
    4. සෙන්නා

      බංගලියෝ ටීම් එකක් හදලා ඒ වෙනුවෙන් වැඩ කටයුතු අවුරුදු දහයක් විතර තිස්සේ කරගෙන ගිහිල්ලා තමා මේ චන්ද්‍රිකාව යවන්න සෙට් වෙන්නේ. මේක රජයේ වැඩක්. හැබැයි චන්ද්‍රිකාව ගුවන් ගත කරන එක බලන්න, අධීක්ෂණය කරන්න පනහක විතර සේනාවක් නං එහාට ගිහිල්ලා මෙහෙ වගේම තමා. ඒ වගේම බංගලි ටීවී එකේ ඒක ලයිව් පෙන්නන්ත් හදනවා.

      මනෝජ්
      කව්ද බං දන්නේ උනුත් මොකක් හරි වයිරමක් ඕක ඇතුලේ හැංගුවද කියලා. අපි එකක් යවන කාලෙක දෙහි ගෙඩි තුනක් මිරිස් කරල් තුනකුත් එක්ක ලයින් කරල ඕකේ එල්ලමු නේද?

      Delete
  2. කාලගුණ චන්ද්‍රිකාවක් නෙමේද මේ යවන්නේ ?එහෙම කාලගුණ දත්ත ගන්න පුළුවන් එකක් යැව්වා නම් බංගලියන්ට එක තොරතුරු තාක්ෂණ චන්ද්‍රිකාවට වඩා ප්‍රයෝජනවත් නේද ?

    අතුරු ප්‍රශ්නය

    ඔබතුමා ගරු ඉලොන් මස්ක් මැතිතුමාගේ දේශීය නියෝජිතයා ද ?

    ReplyDelete
    Replies
    1. ඉල්ලං මස්කට් නියෝජිත මං හිතන්නෙ උඩ දකුණෙ ඉන්නෙ ප්‍රීතිමත් මහත්තය

      Delete
    2. මනෝජ්
      නෑ මේක Ca, Cu බෑන්ඩ් වලින් වැඩ කරන සන්නිවේදන චන්ද්‍රිකාවක්. බංගලියන්ගෙත් තොරතුරු තාක්ෂණය දියුණු වෙමින් ඉන්නේ. අනික ඔය සැටලයිට් එකෙන් හොද ආදායමක් ගන්න පුලුවන් අහල පහල රටවල් වලට පහසුකම් සපයලා.

      අතුරු ප්‍රශ්නයට කියන්න තියෙනනේ පුලුවන් නං කියල මාව පත් කරහංකෝ. එතකොට ටෙස්ලා මොඩල් එස් එකක් අරන් රට වටේ රාජකාරි වැඩ වලට දුවන්න බැරියැ,

      ප්‍රා
      ඒ ප්‍රීතිමත් මහත්තයා නිකොලා ටෙස්ලාගේ දේශිය නියෝජිත

      Delete
    3. ප්‍රා,
      ඒ මහත්තය හින්ද තමයි මේ මහත්තය ටෙස්ල ගැන ලියන්න ගිහිල්ල ඇන ගත්තෙ. හැක්..

      Delete
    4. බුද්ධි ළගදි ප්‍රසාගේ පින්තුරයක් ඇදල තිබුන නේද?

      Delete
    5. මොකක් කිව්වා !!! නිකෝලා ටෙස්ලගේ දියණියගේ නියෝජිත ? හෙහ්...

      බුද්ධි කොහෙද බන් ඉන්නෙ? උගෙ බ්ලොග් එකේ නම් නැව් කඹ වලින් මකුළුවෝ දැල් බැඳලා....

      Delete
    6. බුද්ධි ඉන්නේ බුකියේ.

      https://www.facebook.com/BuddhiCyberyaya

      ටෙස්ලා මහත්තයා දන්නවනං මේ “ප්රා“තිමත් මහත්තුරු කියන ඒවා.. හුහ්...

      Delete
    7. බුද්ධිගෙ ඇගිල්ල කැපිලා කියලා සකර්බර්ග් උන්නැහේ කිව්වා...

      "බුද්ධි ඉන්නේ බුකියේ. "
      මේවා මහ කැත වැඩ.. බුකියට වෙලා මක්කා කරවද මුන්...?

      Delete
    8. මුං ඔක්කොම බුකියට වෙලා අස්සයගෙ පස්සපැත්තෙන් මොනව හරි වැටෙකල් බලාගෙන ඉන්නව.

      Delete
    9. ඔය ගොඩකවලා මොකක්ද එතකොට බුකියේ කරන්නේ..?

      Delete
  3. තොගේ මේ පෝස්ට් එකෙන් ඇස්වහ වැදිල තමයි බංගලියන්ට ඔය අටමගලෙ වෙලාවට යවාගන්න බැරි උනේ. අන්න ඇස්වහ පුච්චන්න මේ වෙලාවෙ මහා දේව යාගයක් තියනවලු.

    අපිට ඔය මස්තකයගෙ බූස්ටර් ඕන නෑ රොකට් යවන්න. කෙලින්ම ලාම්පුතෙල් බැරල් එකක් ඇමිණුවනං ඇති.

    ReplyDelete
    Replies
    1. බංග බංග කිව්වම එහෙම වෙයිද බං.

      Delete
  4. උන්ට ඒක යවාගන්න බැරිවෙලාලු , අපි එතනට ගිහිං නයි නැටුම දාමු

    ReplyDelete
    Replies
    1. ඒක යැව්වම උන් නටනවලු නයි නැටුම.. අපි මක්කටෙයි යන්නේ. හැක්

      Delete
  5. දේශා, ටෞකන්ඩ
    කොහෙද හු.. ගිහින් හිටියෙ.

    ReplyDelete
    Replies
    1. කොහෙවත් ගියේ නෑ බං. මම හිටියා ඒත් ඉස්සර වගේ සද්දේ නං නෑ.. හැක්. ස්තුතියි

      Delete
  6. ඔක්කොමත් හරි. අර රොකට් බුස්ටර් දෙක ආපහු බාන එකත් හරි.. පිස්සු හැදෙනවා නේද..

    ReplyDelete
    Replies
    1. ඒක ගැන ට්‍රම්පච්චිත් කතා කරල තිබුනේ. හරිම ලක්ෂණ වැඩක්ය කියලා.

      Delete
  7. දේශක අම්බානට බොරු අතාරින්න අරගෙන, වැඩේ බොහොම වැරදියි.

    රොකට් රෝයියගෙ (AKA චිචී) චන්ද්‍රිකාවට කලිනුත් ලංකාවට අයත් චන්ද්‍රිකා තුනක් තියනවා මම දැනුවත්ව

    මේ පළමුවෙනි එක,

    චන්ද්‍රිකා 1

    චන්ද්‍රිකා 2

    චන්ද්‍රිකා 3

    තුන් වෙනි එකේ හිමිකාරය අපේ තාත්ත (මොකද අපේ අම්මත් චන්ද්‍රිකා !)

    ReplyDelete
    Replies
    1. අපිටත් ඔය වගේ චන්ද්‍රිකා බර ගානක් තියෙනවා නං තමා කණ්ඩෝ.

      Delete