Monday, March 5, 2018

වේගය මක්කටද? Speed matters

ඔහේල කොහේ හරි ගමනක් කල්ලි ගැහිල යන කොට වේගෙන් යන අය අල්ලන්න හති හලාගෙන දුවල තියේ නේද? නෑ කියන්න එපා මොකද මාත් කඳු නගින්න ගියපු වෙලාවන් වල සුපර්මෑන්ල වගේ වේගෙන් යන අය අල්ලන්න කැස්බ වගේ හති හලාගෙන දුවල තියෙනවා. ඇත්තටම මේ ජීවිතේ හැමදේම වගේ තීරණය වෙන්නේ වේගය මතද? ඉගෙනගන්න ඉස්කෝලෙ ගියත් වේගෙන් ඉගෙනගන්න එකාට හැමෝම කැමතියි. වේගෙන් ලියන එකාට හෙනට වෙලාව ඉතුරුයි. වේගෙන් කන එකාට අනිත් එකාගේ බත් එකෙනුත් කටවල් තුන හතරක් ගිලගන්න පුළුවන්. වේගෙන් ගියොත් කලින් බස්එක අල්ලගත්ත එකා දිනුම්. තරගෙට දිව්වත් හයියෙන්ම දුවපු බෝල්ටයියා දිනුං වාර්තා බර ගානක් කුඩුකරගෙනම. හැබෑට හෙමින් යන උන් පරාදද එතකොට. හෙහ් හෙහ්. එහෙමත් නෑ අපේ ඉබි අයියා හාවා පරද්දලා හාවාගේ රෙදි ගලවල දැම්මෙ.. මතකනේ. කාර් ෆිල්ම් එකේ ටර්බො ගොළුබෙල්ලා අනිත් අය පස්සට දාලා රේස් එක දිනුවේ. තේරෙනවනෙ කෝම කරත් දිනන්නෙ හයියෙන් යන එකාම තමා.

ලෝකෙ තියෙන ස්පෝට්ස් කාර් වලින් වැඩිම වේගය වාර්තා කරල තිබුනෙ පැයට කිලෝමීටර් 479 ක වගේ වේගයක්. එතකොට චීනගෙ බුලට් ට්‍රේන් එක පැයට තුන්සිය පනහක විතර වේගෙන් යන්නෙ. ඒ මදිව⁣ට කොන්කෝර්ඩ් ජෙටි එක ශබිදයේ වේගය ඒ කියන්නෙ පැයට කිලෝමීටර් 1200 ඉක්මවලා පියාඹල යනවා.

ඔය විදියට බැලුවම වේගෙන්ම යන ඒවා සේරම බලන්න වෙනවා. වේගෙන්ම යන බයික් එක ඩොජ් ටොමාහෝක්. තාමත් බයික් නමයයිලු වික්කෙ. වේගෙනං පැයට කිලෝමීටර් හයසිය හැත්තෑ පහක් විතර. හුහ්. පාරෙ යනකොට වහල තියෙන දොරවල් ඉබේ ඇරෙන සයිස්. වේගෙන්ම යන නැව නොට් 58 ක්  නැත්නං පැ.කි.මී. 100 ඉක්මවලා යනකොට වේගෙන්ම යන ජෙට්, ශබිදයේ වේගය වගේ දෙගුණයක් ඉක්මවල යනවා. එතකොට සත්තු.. ඔව් චීටා පැයට සීයක විතර වේගෙන් යනකොට මෙක්සිකෝවේ සතෙක් ඊටත් ටිකක් වේගෙන් දුවල රෙකෝඩ් එක තියනවා.

බලං ගියාම වේගය කියන එක බිංදුවේ ඉදල කොච්චර දුරට ඇදෙනව ඇත්ද? අපි මේ ලෝකෙ රහක් නැතිව වේගෙන් දුවන්න ලැහැස්ති වෙද්දි අපි කකුල් තියං ඉන්න පෘථිවිය තමන්ගේ වටේ කැරකෙන්නට එහෙම නැත්නං භ්‍රමණය වෙන්නෙ පැයට කිලෝමීටර් 1600 ක විතර වේගෙන්. ඒත් අපිට දැනෙන්නෙවත් නැහැ නෙව. ඒ මදිවට පෘථිවිය සූර්යයා වටේ පැදකුණු කරන වේගය එහෙම නැත්නං පරිභ්‍රමණ වේගය කොච්චර ඇත්ද. ඔව් එ්ක පැයට කිලෝමීටර් 110,000 ක විතර වේගෙන්. හුහ්. සෙල්ලලංද. අපි දන්නවා නේ සෞරග්‍රහ මණ්ඩලය ගැන. ඉරයි අපියි තව හත් දෙනෙකුයි එකතු වෙලා සමාදානෙං යන ගමනක් මේක. අපේ ලොක්කා වෙන සූර්යයා තමන්ගේ වටේ කැරකෙන්නෙ පැයට කිලෝමීටර් 7190 ක්. එතකොට ඉරයි අපියි චක්‍රාවාටයෙ පරිභ්‍රමණය වෙන වේගය පැයට කිලෝමීටර් 720,000 ක් විතර. කජු ඇ⁣ටද කොස් ඇටද? කව්ද හැබෑට මෙච්චර වේගෙන් යන්නෙ. මක්කට යනවද? මේ චක්‍රය ඉවර වෙන්නෙ නෑ. අපි ඉන්න මන්දාකිණිය ඊටත් වේගෙන් යනවා. එතකොට එක එක මන්දාකිණි එකිනෙකට නෙදෙවෙනි අසාමාන්‍ය වේගයන් ගෙන් ගමන් කරනවා. දැනට අපට දැකිය හැකි මන්දාකිණි ප්‍රමාණය බිලියන ගානක් වෙද්දි මේ සියලු මන්දාකිණි වල තාරුකා, ග්‍රහලෝක එකිනෙකට සාපේක්ෂව අති විශාල වේගයන් ගෙන් ගමන් කරනවා. එහෙම බලන කොට මෙව්වට යන්න තැනක් තියෙන්න එපායැ. ඒ කියන්නෙ මුලු විශ්වයම තත්පරයක් ගානෙ ප්‍රසාරණය වෙනවා. ගණන් බලා ඇති විදියට විශ්වයේ ප්‍රසාරණය තත්පරය කිලෝමීටර් 67 ක් විතර. ඉතිං මේ අවුරුදු බිලියන ගානක් තිස්සෙ විශ්වය කොච්චර ලොකු වෙලා ඇද්ද නේද?

මේක පුදුම වැඩක් තමා. හැම තැනම එකිනෙකා පරද්දන වේගෙ. අපි ඔය අභ්‍යාවකාශයේ වෙන සන්තෑනි බලන්න එක එක රොකට් පෘථිවිය පන්නල එළියට යවන්නෙ. රොකට් එකක් උඩ යැව්වට ඒක පෘථිවිය දාලා යන්න බෑම කියල නාහෙන් අඩනවා. ඒ මොකද පෘථිවියේ වායුගෝලය මෙව්වට යන්න බැරි වෙන්න අසාමාන්‍ය ප්‍රතිරෝධයක් දක්වනවා. ඔය වායුගෝල කරදරේ මැඩගෙන පැනගෙන යන්න නං රොකට් එකක් අඩුම ගානෙ පැයට කිලෝමීටර් 28000 ක වත් වේගෙන් යන්න ඕන. අන්න එහෙම උනොත් වායුගෝල ප්‍රතිරෝධයට පිටුපාල පෘථිවියෙන් එළියට යන්න ඇහැකි. මේ ළගදි එලෝන් මස්ක් තමන්ගේ  රොකට් එකකින් කාර් එකක් අභ්‍යාවකාශයට යවපු සිද්ධිය රන්සිරිමල් මලයා ලියල තිබුනා. ඊට පස්සෙත් ස්පේස්එක්ස් (මස්ක්ගේ ⁣රොකට් කම්පැණිය) චන්ද්‍රිකා තුනක් ගුවන් ගත කරා. ඊට පස්සෙ ගිය සතියෙ ඇට්ලස් කියල යෝදයෙක්. නෙමෙයි රොකට් එකක් තවත් සැටලයිට් එකක් යැව්වා කැරකි කැරකි හිටපිය  කියල. මේ වෙනකොට පෘථිවි කක්ෂය මත චන්ද්‍රිකා හත්දාහක් විතර භ්‍රමණය වෙනව කියල ගණන් හදල තියෙන්නෙ. හැබැයි දන්නවද වැඩේ ඔය චන්ද්‍රිකා වලින් සීයෙට තිස් පහක් විතර තමා ඇහැ දාගෙන ඉන්නෙ. අනිත් උන් නිදි. මෙව්වර කිව්ව එකේ චන්ද්‍රිකාවක් පෘථිවිය වටේ කරකෙන වේගය නොකිව්වොත් හරි නෑනෙ.  සාමාන්‍යයෙන් පෘථිවි පහල කක්ෂයක භ්‍රමණය වන චන්ද්‍රිකාවක් තමන්ගෙ වේගය ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 28000 ක විතර තියාගන්න ඕන ආයිත් පොළවට කඩා නොවැටෙන්න නං. මේ වේගය පෘථිවියෙන් තවත් ඉහලට යද්දී අඩු වෙනවා. අභ්‍යාවකාශයේ ස්ථානගත කර ඇති ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ,ISS එක පොළව වටේ භ්‍රමණය වන වේගය පැයට කිලෝමීටර් 28000 ට ආසන්නයි. කලින් කිව්ව පෘථිවි වායුගෝලය පරදවල අභ්‍යාවකාශයට  රෙ ාකට්ටුව විදින වේගයට ආසන්න වෙනවා නැවත පෙ ාළවට කඩා නෙ ාවැටී ඉන්න උවමනා නම්. හැබැයි වෙනත් කක්ෂයන් හි ඒ කියන්නෙ පෙ ාළවට තවත් දුරින් තියෙන චන්ද්‍රිකා වල ස්පීඩ් එක මෙයට වඩා අඩුයි. ඔය හැම සංහදියකටම බලපාන එකම දෙය පෘථිවි චුම්බක ක්ෂෙත්‍රයෙ බලපෑම තමා. (මුල ඉදලම මෙතන වැරදි වචනයක් තිබිලා. මටත් දැං ක්ලික් උනෙ. 2018.03.07 :16:24. චුම්බක කියන එක ගුරුත්ව කියල වෙනස් වෙන්ටෝන. සමාවන්න වැරද්දට)

ඔය සේරම කරුණු අරගෙන බැලවම වේගය කියන්නෙ විශ්වය ඉපදුන දා ඉදලම පවතින අත්‍යාවශ්‍ය වූ සාධකයක්. දැං හැබැයි මෙහම අහන්න එපා. ඔච්චර හයි ස්පීඩ් විශ්වයක් දෙයියන්නාන්සේ කොච්චර වේගෙන් මැව්වද කියල හිටං. අපට හිටිය ශ්‍රෙෂ්ඨ භෞතික විද්‍යාඥයකු වන අයින්ස්ටයින් මහත්තයා තමන්ගෙ නියමයක සදහන් කලා මේ විශ්වයේ පවතින කිසිම දේකට ආලෝකයේ වේගය ඉක්මවලා යන්ට බෑමය කියල. ආලෝකය තමා අපි දන්න දේවල් අතරින් වේගයෙන්ම ගමන් කරන්නෙ. ආලෝකය දළ වශයෙන් තත්පරයට කිලෝමීටර් ලක්ෂ තුනක් විතර වේගෙන් යනවා. මෙන්න මේ වේගය ඉක්මවලා යන්න බැිරිය කීව අයින්ස්ටයින් ගේ නියමය බොරුවක් කියල ඔප්පු කලා 2015 දි විතර. හැබැයි ඒක අකුලගන්න උනා ගණනය කිරීම් වල වැරැද්දක් නිසා වැඩිපුර වේගයක් ඇවිත් නිසා. විශ්වයෙ ආලෝකයේ වේගයට ඉතා සමාන ඒ කියන්නෙ 99.9% ක්ම ආසන්න වේගයකින් ගමන් කරන වායුමය තාරකා හඳුනාගෙන තිබුනත් මේ කිසිම දෙයකින් අයින්ස්ටයින් ගේ නියමය වැරදියි කියල ඔප්පු කරන පුලුවන් වෙලා නෑ. 

ඔන්න පුතේ කාර් එක අරන් පැයට සීයට පාගල බුකියේ අප්ඩේට් දානන එපා දැන්නං හරිය.  

58 comments:

  1. පුහ්! මුන්ට මාර හදිස්සියක් නෙව තියෙන්නෙ.

    පුද්ගලයෙක්ට ආලෝකයෙ වේගයෙන් ගමන් කරන්න පුළුවන් නම් සෛද්ධාන්තිකව ඔහුගෙ වයසත් වෙනස් වෙනවය වගේ කියල කතන්දරයක් මම කොහේදි හරි කියෙව්වා මතකයි. ඒත් මම හිතන්නෙ මනුස්‍ය ශරීර කූඩුවකට ඒ තරම් අධික වේගයක් කොහෙත්ම දරාගන්න බැරිවෙයි සමහරවිට. ඔව්ව ගැන කල්පනා කරන්න තරම් සුපිරි භෞතික විද්‍යා දැනුමක් මට නෑ අෆ්ෆා.

    ReplyDelete
    Replies
    1. යටින් ඉවාන් කියල තියෙනව වේ මනුස්සයෙකුට ස්කන්ධයක් නැති ⁣අංශුවක් ගානට ඉන්න බැරි නිසා ඔය සංසිද්දිය වෙන්නෙ නෑ. අනික කාලය හා අවකාශය තුල කාලය නවත්වල ගමන් කරන්නත් අමාරුයි. කොහොම උනත් අපිත් දන්නෙ තාම ඩිංගයි. තැන්ක්ස් නාසකයා

      Delete
  2. මන් හිතන්නෙ Praසන්ன මහත්තය ඔයතරම් තරුණව ඉන්නෙ ආලෝකයේ වේගයෙන් කතා කරන නිසා


    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතිං ඒ වේගෙන් කතා කරනකොට කට්ටියට ඇහෙන්නෑ කියල ආඩපාලි කියනවනෙ.

      Delete
    2. ශබ්දයෙ වේගයෙන් ප්‍රසන්න මහතා බොනව කියල ප්‍රා දන්නව නේද... හැක් හැක්

      Delete
  3. Replies
    1. තැන්ක්ස් චුට්ටා

      Delete
  4. සෛද්ධාන්තිකව ආලෝකයේ වේගයෙන් යන්න නම් ස්කන්ධය ශුන්‍ය වෙන්න ඕන කියලා කියමනක් පුරාණ පුස්කොල පොත්වල තියෙනව කියල මහාචාර්ය පත්තර මල්ලි කිව්වා . ඒ නිසා ඕක සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ අඩුයි කියල තමා එතුමා කියන්නේ

    ReplyDelete
    Replies
    1. සූන්ය ද බෙටර් කියලා පත්තරමල්ලි අය්යා කිව්වා.
      එතුමා සූන්යේ සූන්ය වෙන්න ලඟයි. සිද්දාන්තෙ ලව්පූස්ට ලිව්වලු

      Delete
    2. හැබෑටම ඔය පත්තර මල්ලි කියන ඉඨෑලියන් බුවාට මොකෑ උනේ

      Delete
    3. හැබැයි මෙහෙම එකක් තියෙ. ආලෝකයෙ වේගයෙන් යන්න නං ස්කන්ධය ශූන්‍ය නොවුනත් අපරිමිත බලයක් යොදනවනං කර ගන්න පුලුවන් වේවි. ඒත් අපි තාම මොන්ටිසෝරි මට්ටමෙ නිසා දැම්ම බෑ කියල පත්තරමල්ලි අයියා තුමා මහත්තයා සයිලන්ට් එකේ කිව්වා. හැක්

      Delete
    4. E=mc(2) නිසා ඒ බලය අපිරිමිත වෙන්නේ ස්කන්ධයට සාපේක්ෂවලු , එතකොට ශුන්‍ය ස්කන්ධය කියන උපකල්පනයේම ඉන්න වෙනවලු කියල ඔය පත්තර මල්ලි අයියා අද උදේ කිව්වේ

      Delete
  5. “Light thinks it travels faster than anything but it is wrong. No matter how fast light travels, it finds the darkness has always got there first, and is waiting for it.”
    ― Terry Pratchett

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මේක එල.. +++++

      Delete
    2. But darkness knows its a kind of light too.

      Delete
  6. ඉක්මන් කොටයි , වේගය මරුවා කැදවයි කිවුවලු

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි මකබාසා.. ඉක්මන් කොටයි. සතුට ඩිංගයි

      Delete
  7. එතකොට වේගෙන් බොල එකා අහල පහල මේසවල ඉන්න උංගෙ බෝතල් වලටත් වැඩේ දෙනවද බං.

    ReplyDelete
    Replies
    1. බෝතල් කොට වේගයෙන් ඉවර වෙන නිසා මාරයට කැඳ තමා කියල කම්මල්තුමා කියල තියෙන්නෙ
      ලව්පූස්ට තියනවා හයි ස්පීඩ් බයිට් සිද්දාන්තයක්

      Delete
    2. //"ලව්පූස්ට තියනවා හයි ස්පීඩ් බයිට් සිද්දාන්තයක්"// මේවා චරිත ඝාතන

      Delete
    3. ස්පීඩ් බොන සංසිද්දිය නිසා ස්පීඩ් එකේම මගෙ ප්‍රකෘත්යත් යන සංසිද්දියක් තමා දැන්නං තියෙන්නෙ. ලව්පූස් තුමා බයිටි වැනිෂ් කල්ලියෙ සාමාජිකයෙක්. ඔබතුමා ඒක දන්නව නෙහ්. හැක්

      Delete
  8. පැයට සීය? බබා උක්කුන්ද? මම අනිවා ආලෝකයේ වේගෙට වැඩියෙන් ගිහිං සෙල්ෆියක් ගහලා දානවා හයි වේ එකේ.. මෝරන්න බැරි මේ මඟුල් කැමරා හයි කොල්ලනේ හැම තැනම.. දඩ ගෙවන්න කා ගාව තියෙන සල්ලිද බං?

    අම්මප කියපං.. ඔය විසි තිස් දාස් ගණන් ලස්ස ගණන් වේගෙන් ලෝකේ කැරකෙනවා කියන ගණන් හිලව් බොරු නේද? එහෙම කැරකෙනවා නම් කොහොමද බෝල අපි මේ කැරකිල්ල නොහැදී ඉන්නේ? මට නම් සතේක විස්වාසයක් නෑ ඔව්ව ගැන.. :)))

    ReplyDelete
    Replies
    1. උඹ ඔව්වා හිතන්න එපා. හයි වේ එකෙ එක තැනක් තියෙ සීය පන්නල යන්න ඇහැක්.. හැක්

      Delete
  9. //2015 දි විතර. හැබැයි ඒක අකුලගන්න උනා ගණනය කිරීම් වල වැරැද්දක් නිසා වැඩිපුර වේගයක් ඇවිත් නිසා. විශ්වයෙ ආලෝකයේ වේගයට ඉතා සමාන ඒ කියන්නෙ 99.9% //
    මේගැන සදහනක් හොයා දිය හැකිද ඉංදියන්කාරයෙක් මා එක්ක මරාගන්නව උන් හරි කියල

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් කාරයො මොකද කියන්නෙ. ලින්ක් එකක් හොයල දෙන්නං

      Delete
    2. උෟ විකිපීඩියා එකක් අල්ලන් ඉන්නව ගුගුල් දෙයිය දෙන ගොඩක් ඒවගෙත් ඒකම තමා එන්නෙ.
      උෟ මට කියනව ප්රූව් කරන්නලු.
      උන්ගෙ සයන්ටිස් කෙනෙක් ඉන්නව නේද? ඔය තියරිය දුන්න සෙට් එකේ.?

      Delete
    3. ප්රෑව් කරන්න ඕන ආලෝකයෙ වේගය ඉක්මවල යන්න බෑ කියලද?

      Delete
    4. https://www.scientificamerican.com/article/particles-found-to-travel/

      මෙතන තියේන්නෙ ඔය කියන නිට්‍රිනො ටෙස්ට් එක. ඒත් කියන්නෙ ආලොකයෙ වේගයට ආසන්නයි කියල නමුත් ඉක්මවල යනව කියල නෑ. සමාර විට අහඹු නියුට්‍රිනො අංශුවක් ඒ වේගය ඉක්මවල යන්න පුලුවන් උනත් ස්වාධීනව සහ නිවරුදිව තවම හරිය කියල ඔපුපු කරල නෑ. පර්යේෂණය කල අයම පසුව කියල තිබුන ඒ අයගෙ ගණනය කිරීම් වල වැරැද්දක් තිබුන කියල. මං ඒක බුක්මාක් කරල තිබ්බෙ. හොයාගත්ත ගමන් ඒ ලින්ක් එක දෙන්නං.

      Delete
    5. This is the article
      https://www.telegraph.co.uk/news/science/science-news/9100273/Breaking-the-speed-of-light-CERNs-neutrino-experiment.html

      Delete
    6. ස්කෝතුයි අරූට මේක යවලදාල ඉක්ඉන්ටම බේරෙන්ට ඕනෑ.

      Delete
    7. විකිපීඩියාව වෙනස් කරපන්කො බන්.... :D

      Delete
    8. හැබැයි මෙහෙම එකක් තියේ. Cherenkov radiation කියල. ඒ අය ආරෝපනය කරපු electron එකක් විද්‍යුත් මාධ්‍යයක් තුලින් ආලෝකයෙ වේගයට වැඩි වේගයකින් යැව්ව කියල නං කියනවා. අයින්ස්ටයින් කිව්වේ රික්තයක චලිතය නිසාත් විශ්වය රික්තයක් නිසාත් වෙනත් මාධ්‍ය තුලින් ගමන් කරන අංශු වල වේගය ගැන මම එච්චර හිතතන්නෑ. But they are great researches. චියර්ස්

      Delete
    9. මොනා උනත් ඉංදියන් කාරයාට පිංසිද්ද වෙන්න දැනුම පොතට යමක් ඒක්කොරගත්තා
      උත්තර දෙන්ට වෙන්නෙ සමාජ මාධ්‍්‍ය ඇරපු දාට තමා

      Delete
    10. @සෙන්නා

      අමාරුවෙන් කඩ්ඩෙන් කෙටුවට ලියන්ට බෑ බං හරියකට

      Delete
  10. උඹටත් හිතෙන දේවල්... ආලෝකේ වේගෙට වැඩිය වේගෙන් යන සීන් ගැන ඉඳල හිටලා ලිපි යනවා නේද? හැබැයි එහෙමම යට යනවා...

    ReplyDelete
    Replies
    1. ඒවා අතාත්වික පරීක්ෂණ. ස්වාධීන පරීක්ෂණ සහ නැවත ඇගයීමකින් තොරව ඒවා විද්‍යාඥයයින් පිලින්නෙ නෑ

      Delete
  11. මාරයි නේහ් ! හිතලා පුදුම වෙන්න දේවල් ගොඩයි....

    ලබන අවුරුද්දේ ලෝකේ විනාඩි 5කට කැරකැවෙන එක නතර වෙනවලු නේද?

    ReplyDelete
    Replies
    1. Just try googling "what if earth stops spin". U will get answers. Sorry for the language

      Delete
    2. හපොයි කැරකෙන එක නවතුනොත්නම් හෙනම කෙලියක් වෙනවා මට තේරෙන විදියට. අවස්ථිතිය ගැන හිතුවම.

      Delete
  12. කොච්චර වේගෙන් ගියත් නතර වෙන්න ඕනේ තැනක් තියෙනවා අයියාහ්

    ReplyDelete
    Replies
    1. විශ්ව අයියා නැවතුනොත් අපි සේරම ඉවරයි මලයාහ්!

      Delete
  13. මේකා බාගේට බොරු දේසනාවක් තියලානේ. පෘථිවියෙන් එළියට යන්න බැරි මෝලෝ, වායු ප්‍රතිරෝධය නෙමේ . මම දන්න විදිහට නම් පෘථිවියො ගුරුත්වාකර්ෂණ බලයයි. ඒක ඉක්මවා යන්න තරම් අවශ්‍ය බලයක් නිපදවිමට තමයි අධික වේගයක් අවශ්‍ය කරන්නේ. අනික් පෘථිවි කක්ෂයේ චන්ද්‍රික රැඳ විමට අවශ්‍ය කරන්නේ කේන්‍ද්‍ර අභිසරණය අපසරණය කියන සිද්ඡාක්ත මිස මේ කියන කිසි දෙයක් නොම්. ග්‍රෙගරි සර් හිටියා නම් උඹට ඔක අහගන්න තිබ්බා. පුළුවන් නම් ලක්ෂ්මන් දිසා නායකගේ යාන්ත්‍ර විද්‍යාව පොත හොයාගෙන් කියවපන්. තෝ නම් දේශයකයා නොමේ.

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වයි කියන්නේ ඒකට තමා උදාර. ස්තුතියි. මං මේක පෝන් එකෙන් කෙටුවේ ඒකෙදි ඔය රොකට් එකක් පෘථිවි වායුගෝලයේ ප්‍රතිරෝධය මැඩ ගෙන එන හැටිත් ලියල තිබුනා. එතනදි මට වැරදීමකින් මේ වගේ අප්‍රබංසයක් ලියවිල තියෙනවා. ඒ ගැන සමාව ඉල්ලනවා. ඇත්ත අපිට බලය ඕන ගුරුත්වය මැඩගෙන යන්න තමා. මොකද බර වැඩි වෙන්න වෙන්න ඒ වෙනුවෙන් යොදන්න ඕන බලයත් වැඩිය කියල ඇල්බට් අයියා කියල දුන්න නේ. ඔය කේන්දුඅපසාරි බලය කියන එක වේගය මත පදනම් වෙච්චි දෙයක් ඒකයි ඒ වගේ වේගයක් අවශ්‍ය වෙනවා කියල කියන්නේ ඒ භ්‍රමණය ඒ විදියටම තියාගන්න. ස්තුතියි උදාර

      Delete
  14. වේගය මරු කැඳවයි . ඉක්මන් කොටයි . ඉක්මණින් විවාහ වන්නා හෙමින් පසුතැවේ. මේ වාක්‍ය තමයි වේගය ගැන මගේ අදහස
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔබ පියා හිටියා නං ඔය වැනිම කතා දෙකක් මෙතැන කියන්න ඉඩ තිබුනා බොහෝ දුරට..

      Delete
  15. වේගය මරු කැඳවයි අනික උදේ ට්‍රැෆික් සෙට් වුණාම මොන බලේ තිබ්බත් ස්කන්දය කීය වුන්ටත් පොලිසියේ මහත්තයා විසිල් එක පිබිනකන් යන්න බෑ සත්තයි :D .. කාලෙකින් ගොඩ වැදුනේ ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ෂැගියා දැක්කෙත් නෑ තමා කාලෙකින්.. ජය

      Delete
  16. னයා ඇවිල්ල ගියා හිටං.

    ReplyDelete
  17. ඔය අවුරුදු උත්සව වල එහෙම තියනවා නේද හිමින් ඇවිදින තරග?

    ReplyDelete
    Replies
    1. ඒ වයේ අන්තිමට ගිය කෙනා නේද දින්නේ. හැක්

      Delete
  18. තෝ මේක ලියන්නැත්තං එසේම වේවා ! හැක්..

    ReplyDelete
  19. ලෝකෙ වේගවත්ම මොනවාද කියල දවසක් ගුරුතුමී ඇහැව්වලු. එක් එක කොලු ගැටව් එක එක වාහන වල නම් කීවලු. ඇම්ඩ අත උස්සන් යිටියත් ඌට නෙමේ ගුරුතුමී අවස්ථාව දුන්නෙ උත්තරය කියන්න. ඇම්ඩගේ අසික්කිත කතා අහල තිවුන නිසා වෙන්ටැ. ගුරුතුමී කීවලු අන්තිමට ළමයිනේ හිත තමා මේ ලෝකෙ වේගවත් ම කියල. හිතට පුළුවන් ලෝකෙ ඕනෑම තැනකට ක්ෂනයකින් යන්න. ඇම්ඩ තාම අත උස්සන් ඉන්නවලු. බැරිම තැන ගුරුතුමී ඇහැව්වලු ඇම්ඩ මොකද තාම අත උස්සන් කියල. මේක කීවලු ටීචර් හිතට වඩා වේගවත් දෙයක් තියෙනවා... මං ලැට් එකට ගිහින් හෝදන් ඇවිත්ම කියන්නං කියල.. ටීචර් කීවලු ඉතින් ළමයෝ හිත හිත ඉන්නැතිව කලින්ම කියල ලැට් එකට යන්ට එපැයි කියල. ඇම්ඩ දුවන ගමන් කීවලු ටීචර්ට කියන්න හිතනකොටම ඊට කලින් කලිසමේ ගියා කියල....
    සිහිනපුරේ පැත්තෙත් අැවිදින් යන්න ඒන්න.

    ReplyDelete
    Replies
    1. මං ඇවිත් ගියා එහේ.. ස්තුතියි මේ පැත්තේ ආවට

      Delete